You are on page 1of 3

ගජූර්

ඩෝ එක සඳහා
පාන්පිටි හුන්ඩු 2
මාජරින් මේස හැඳි 3
වැනිලා තේ හැඳි
සීනි තේ හැඳි 1 ½
ලුණු අවශ්‍ය ප්‍රමාණයට
අවශ්‍ය ප්‍රමාණයට වතුර
තෙල් ලීටර් 1 යි (විටමින් E පෙත්තක් දාන්න)
බේකින් පවුඩර් ¼

පැණි සිරප් එක සඳහා


සීනි කෝප්ප 1 ½
වතුර කෝප්ප ½
පළමුවෙන් ගජූර් ඩෝ එක සාදා ගත යුතුය. මේ සඳහා පාන් පිටි වලට මාජරින්
කැමති නම් වැනිලා සීනි ස්වල්පයක් අවශ්‍ය ප්‍රමාණයට ලුණු දමාගෙන හොඳින් කලවම්
කරගන්න. පසුව ටික ටික වතුර දමා අනා ගන්න. මේ ආකාරයට අතේ නොඇලෙන ලෙස
හොඳින් අනා ගන්න. පසුව විනාඩි 20 ක් පමණ රෙදි කඩකින් වසා තබන්න. ඊට පසු ඩෝ
එක තමාට අවශ්‍ය ප්‍රමාණ වලින් කොටස් කර එක එක බෝල ආකාරයට ග්‍රලි කර ගන්න.
මේ ආකාරයට එක එක ගුලිය ගෙන රොටියක් ආකාරයට තුනියට අතුරා ගන්න. පසුව
කුඩා කැබලි වලට කපා ගන්න මේ ආකාරයට.
කපාගත් කැබලි ගැඹුරු තෙලේ දමා රන්වන් පාට වනතුරු බැද ගන්න. මේ සියල්ලම
බැදගත් පසු සීනි සිරප් එක සාදා ගත යුතුයි.
මේ සඳහා සීනි කෝප්ප 1 ½ පමණ භාජනයකට දමා එයට අවශ්‍ය ප්‍රමාණයට වතුර දමා
ගන්න. මෙය ලිප තබා හොඳින් හැඳි ගාන්න. පැණි රත්වී නූලක් ඇදෙන ආකාරයට වන විට
සදා ගත් ගජූර් ටික එයට දමා හොඳින් කළවම් කර ගන්න. කළවම් කරගත් පසු
භාජනයකට දමා ගන්න.
මිරිස් දැමූ ගජූර්
ඉහත සාදා ගත් ගජූර් මිශ්‍රණය ලිප මත තාච්චියක් තබා එයට තෙල් ටිකක් දමා මිරිස් කුඩු
ස්වල්පයක් දමා රත්වීගෙන එන විට සදාගත් ගජූර් ටික දමන්න.
බිස්කට් කුකීස්.
පාන් පිටි 350g
මාගරින් 100g
සීනි 350g (පිටි ප්‍රමාණයට ගන්න)
එම සීනි ප්‍රමාණයෙන් 100g බ්ලෙන්ඩර් කර ගන්න.
එනසාල් කුඩු
ලුණු අවශ්‍ය ප්‍රමාණයට
වැනිලා ස්වල්පයක්.
තෙල් මේස හැඳි 2 යි.

You might also like