You are on page 1of 1

නොතැවෙන් සූරියකාන්තා

සූරියකාන්තා
නොහඬන් සූරියකාන්තා
සූරියකාන්තා...

සූරිය නාමෙන් නම ලදිමී


සූරිය වත මෙන් රුව ලදිමී
සූරිය පැහැයෙන් සළු ලදිමී
සූරිය කුමරුනි ඔබ පතමී...

නෙලුම් විලේ නැත ඔබෙ ලන්දූ


සුවඳ කුලේ නැත ඔබෙ ලන්දූ
කොපමණ තැවුනත් මල් ලන්දූ
මා නොවෙදෝ ඔබ දිනු ලන්දූ...

අහස පොළොව කෙදිනද හමුවන්නේ


මලකට හිමිකම් කෙලෙස පුදන්නේ
ලොව මෙහෙවර මගෙ උරුමය වන්නේ
මා එන පෙරමග බලා සිටින්නේ...

නොතැවෙන් සූරියකාන්තා සූරියකාන්තා නොහඬන් සූරියකාන්තා සූරියකාන්තා... සූරිය නාමෙන් නම


ලදිමී සූරිය වත මෙන් රුව ලදිම....

You might also like