You are on page 1of 3

කාච

1) නාභි දුර 75 mm තුනි කාචයක් සාහිත කමරාවකින් (movie camera) 27 mm ක් ඇතින් සිටගෙන සිටින
පුද්ගලයෙකුගේ චායා රූපයක් ගන්නා ලදී. ඔහුගේ උස 180 cm නම්, තිර පටලය මත ප්‍රතිභිම්බයේ උස
කොපමණද?

2) ආලෝකමත් කරන ලද කදාවක් (slide) තිරයක සිට 44 cm න් තබා ඇත. නාභිදුර 11 cm වන කාචයක් මගින්
කදාවේ පින්තූරයක් තිරය මත ලබා ගැනීමට කාචය, කදාවේ (කදාව හා තිරය අතර) සිට කොපමණ දුරින්
තැබිය යුතුද?

3) O නම් වස්තුවක් තුනී, සමමිතික කාචයක ප්‍රධාන අක්ෂය මත තබා ඇත. වස්තු දුර p (cm වලින්) ද, කාචයේ
වර්ගය ද (C යනු අභිසාරී සහ D යනු අපසාරී), නාභිය සහ කාචය අතර දුර ද (cm වලින්) පහත වගුවේ
දක්වා ඇත.

සම්මත ලකුණු අතුළුව, වස්තුවේ

(a) ප්‍රතිභිම්බ දුර i සහ

(b) පාර්ශ්වීය විශාලනය m සොයන්න.

තවද ප්‍රතිභිම්බය,

(c) තාත්වික (R) හෝ අතාත්වික (V) ද,

(d) යටිකුරු (I) හෝ උඩුකුරු (NI) ද,

(e) කාචයෙන් වස්තුව ඇති පැත්තේ හෝ අනෙක් පත්තේ දැයි නිර්ණය කරන්න.

4) රූපයේ දක්වා ඇති පරිදි O වස්තුවක තාත්වික, යටිකුරු ප්‍රතිභිම්බයක්


විශේෂිත කාචයකින් (පෙන්වා නැත) තැනේ; කාචයේ ප්‍රධාන
අක්ෂයේ දිගේ මනිනු ලබන වස්තුව හා ප්‍රතිභිම්බය අතර දුර d = 40.0
cm වේ.

(a) මෙම ප්‍රතිභිම්බය තැනීමට කුමන වර්ගයේ කාචයක් භාවිතා කල


යුතු ද?

(b) වස්තුවේ සිට කොපමණ දුර ප්‍රමණයක් ඇතින් කාචය තැබිය යුතු ද?

(c) කාචයේ නාභි දුර කුමක් වේද?


5) කොටු කල කලාපවල සවිකර ඇති තුනී, සමමිතික කාච දෙකක පොදු ප්‍රධාන අක්ෂය මත, O නම් වස්තුක්
තබා ඇත. 1 කාචය, O ට ආසන්න තුළ සවිකර ඇති අතර එම වස්තු දුර p1 වේ. 2 කාචය, දුරින් වූ කොටුව
තුළ d දුරකින් සවිකර ඇත.

වගුවේ ඇති සෑම ගැටලුවකටම විවිධ කාච සංයෝජන සහ විවිධ දුරවල් සදහා අගයන් (cm වලින්) දක්වා

ඇත. C හෝ D ට පසුව ඇති අංකය යනු කාචයක නාභි දුර වේ (නාභි දුරේහි සම්මත ලකුණු සදහන්

නොවේ).

2 කාචය මගින් තනන ප්‍රතිභිමබයේ (පද්ධතිය මගින් තනන අවසාන ප්‍රතිභිම්බය),

(a) ප්‍රතිභිම්බ දුර i2 සහ

(b) සමස්ත පාර්ශ්වීය විශාලනය, සම්මත ලකුණු ඇතුළුව සොයන්න.

තවද අවසාන ප්‍රතිභිම්බය,

(c) තාත්වික (R) හෝ අතාත්වික (V) ද,

(d) යටිකුරු (I) හෝ උඩුකුරු (NI) ද,

(e) 2 කාචයෙන් වස්තුව O, ඇති පැත්තේ හෝ අනෙක් පැත්තේ දැයි නිර්ණය කරන්න.

ප්‍රකාශ උපකරණ
1) නකෂත්‍ර දුරේක්ෂයක කෝණික විශාලනය 36 ක් වන අතර අවනෙතේ විශ්කම්බය 75 mm වේ නම්,
දුරේක්ෂ අක්ෂයේ හි දුරස්ථ ලක්ෂීය ආලෝක ප්‍රභවයකින් අවනෙතට ඇතුල් වන ආලෝක කිරණ් සියල්ල
ම එක්රැස් කිරීමට අවශ්‍ය උපනෙතේ අවම විෂ්කම්භය කුමක්ද?

2) රූපයේ දක්වා ඇති වර්ගයේ අන්වීක්ෂකයකට නාහිදුර 4.00 cm වන අවනෙතක් ද නාභිදුර 8.00 cm වන
උපනෙතක් ද ඇත. කාච දෙක අතර පරතරය 25.0 cm කි.

(a) නලයේ දිග s කුමක්ද?

(b) රූපයේහි I ප්‍රතිභිම්බය F1’ නාභිය ඇතුලත විය යුතු නම්, වස්තුව අවනෙතෙන් කොපමණ දුරකින්
තිබිය යුතුද?

එසේ නම්,

(c) අවනෙතේ පාර්ශ්වික විශාලනය m,

(d) උපනෙතේ කෝණික විශාලනය mθ සහ

(e) අන්වීක්ෂයේ සමස්ත විශාලනය M කුමක්ද?

3) කිසියම් සංයුක්ත අන්වීක්ෂයක, අවනෙතෙට 10.0 mm ඉදිරියෙන් වස්තුවක් තබා ඇත. කාච දෙක අතර
පරතරය 300 mm වන අතර අතරමැදි ප්‍රතිභිම්බය උපනෙතේහි සිට 50.0 mm ක දුරක් වේ. උපකරණයේ
සමස්ත විශාලනය කොපමණද?

දෘෂ්ඨි දෝශ

1)

You might also like