You are on page 1of 1

අෂ්ටාංගහෘදය සංහිතාවේ දැක්වෙන පරිදි අප ප්‍රධාන ආහාරය වූ බත ගැන විස්තරයක් දක්වමි.

විස සහිත බතේ ලක්ෂණ


බත පිසින කාලයේ පෙන නොනගී,එහි මොනර පිල් වර්ණව සමාන නා නා වර්ණ වාෂ්ප නික්මේ.වර්ණ ගන්ධ රස අඩුය.බත
ඉදීමට බොහෝ කල් ගතවේ.ඝනය.බත පිසුනු පසු පරන පිලිනු ස්වාභාවය ගනී.මෙම බත් අනුභව කල පුද්ගලයාට මුලාව මත්බව
කෙළ වැගිරීම් හට ගනී.
තවද මැනවින් සොදාගත් සහලින් ශේෂ වීමට වතුර දමා පෙන නගා එන විට එම වතුර ශේෂය පෙරා ගත් මද උණුසුම් බත
දිරවීමට පහසුය.(ලඝුපාකය) තවද විස නසන යම් කෂාය ඖෂධයකින් පිසගත් බත තවත් සැහැල්ලුය.තවද යම් දෙයකට බැදගත්
සහලින් පිසගත් බත් ඉතා සැහැල්ලුය දිරවීම පහසු කරයි.නමුත් මෙවාට අයත් නොවු හො කිරි හා මස් සමග පිසින ලද බත
ගුරුපාකය දිරවීම අපහසුය.
මෙනිසා ඈත අතීතයේ සිටම පැරන්නො බත් පිසීමේදී මෙදෙය දැන එහි වැඩි පෙන නැගී ආ ජලය පෙරා බත් පිසුනු ලැබුවේ,එහි
යම් විසක් වේද ,එය විනාශ කර බතින් පිටකීරීමටයි.නමුත් නූතන rice cooker වලින් මෙසේ නොවේ.සහලේ යම්
විසක්(පොහොර වැනි විස)වේනම් පෙරා නොගන්නා නිසා (පෙරා ගැනීම විස ඇත්නම් අහක්වේ)එය බතටම සංයොග වීම මේ
කාලයේ ඇතිවන බොහො රොගයන්ට(ආමපිත්ත,ආමවාත,පිලිකා) මාර්ගය වේ.එම නිසා rice cooker හො වේවා බත් පිසන විට
වැඩිය වතුර දමා එය පෙරා බත් සැකසීම නිරොගීබවට යාමට මාර්ගයකි.

You might also like