You are on page 1of 8

මනුස්සකමට නමස්කාරය

(මිනිසුන් වෙනුවෙන් උපන් මිනිසුන්ගේ මිනිසා-ඩිලාන්)

පසුබිම් කථනය

ශ්‍රීලාංකීය දේශපාලනයේ අපට හමුවන චරිත බොහෝයි. ඉන් අපට මුණ ගැසෙන/ අප

දකින / අප ඇසුරු කරන, මිනිසුන් දෙවර්ගයකි

පළමු වැනි වර්ගයේ අය දේශපාලනය නිසා බැබලෙති.

දෙවැනි ගණයේ උදවිය දේශපාලනය බබලවති./ ඒ වෙනුවෙන් කැපෙවති. වෙහෙසෙති.

විටෙක තම ජීවිතයෙන් පවා වන්දි ගෙවති.

සිය දහඩිය" කඳුළ" ශ්‍රමය වීරිය දහිරියේ බීජ වපුරමින්"/ඊට සිය ජීවිතය පොහොර

කරමින්/ඉන් ලද රන් අස්වැන්නේ උරුමක්කාරයන් බවට සිය උපන් බිමේ ජනතාව පත්

කර"/ඔවුන්ගේ සතුටු කඳුළු දැක තුටු වෙමින් එය තම ජීවන හුස්ම පොද කරගත්/මේ

දෙවැනි වර්ගයට අයත්/

උතුම් මිනිසකුගේ/මනුස්සකමේ දේශපාලනයට/දෙතිස් වසරක් සපිරෙන පින්සාර

මොහොත දකින්න g තරම් අද අප පින්කාර වී තිබේ.

ඔහු අපේ ලෙන්ගතු මිතුරායි..ලේ නෑයායි..

ඓතිහාසික ඌව වෙල්ලස්ස පුරවරයට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවේම

දේශපාලන ගමන්මඟ බැබළ වූ අපේ කාලයේ අප දුටු" අප හඳුනාගත්/ ඇති හැකි

කුලකයේ උදවිය කෙරෙන් නොව/ නැතිබැරි පොඩි මිනිහාගේ කඳුළු පිහින්නට උපන්
බදුලු පුරවරයේ අපේ මනුස්සකමේ නායකයා ලෙසින්/ කට පුරා කිව හැකි/ ඒ/මිනිසුන්

වෙනුවෙන් උපන් මිනිසුන්ගේ මිනිසා...

අප තුළින් පෙනෙන්නේ ඔහුයි..ඔහු තුළින් දකින්නේ අපයි...එබැවින්..අප තුළ අප රකින

මනුස්සකම දකින්නට..

අපි ඔහු දකිමු..

1962 වසරේ අප්‍රේල් මස 19 වැනි දින‚ එදා ලංකා සමසමාජ පක්ෂයේ ක්‍රියාකාරී

අරටුවක් වූ දිවංගත ජනාධිපති නීතීඥ මාර්ෂල් පෙරේරා මැතිතුමා සහ සක්‍රීය වෘත්තීය

සමිති ක්‍රියාකාරිණියක මෙන්ම සමාජ සේවිකාවකද වූ දයා පෙරේරා මැතිණියගේ

කු`එඳුල් පුත්‍ර රත්නය ලෙස උපන් ඩිලාන් පෙරේරා

එදා මෙදා තුර ජනතාවාදී දේශපාලනයේ බදුල්ලේ මහගෙදර වූ ඩිලාන්ගේ නිවස ඔහුට

මනුස්සකමේ දේශපාලනයට නියත විවරණ දීමට මං පෙත් විවර කළේ ය.

සිය පියාණන්ගේ සහ තම මෑණියන්ගෙන් ලද සමාජ සාධාරණත්වය සහ

සමානාත්මතාවය පිළිබඳවූ ජනහිතකාමී දෑහිතකාමී අදහස් වලින් පෝෂිතව දිනෙන් දින

හැදී වැඩුණු ඩිලාන්ට ප්‍රාථමික අධ්‍යාපනය වෙනුවෙන් සෙවණ දුන්නේ බදුල්ල ඌව

විද්‍යාලය සහ අගනුවර ශාන්ත බෙනඩික් විද්‍යාලයයි.

උසස් අධ්‍යාපනය උදෙසා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වූ ඔහු ඇද කුද නැති

හොර බොරු නැති රාජකීය පුතකු ලෙසින් සරසවි වරම් ලැබ කැලණිය

විශ්වවිද්‍යාලයේ වාණිජවේදී උපාධියත්,ඉන් අනතුරුව 1980 වසරේදී ශ්‍රී ලංකා

නීතිවිද්‍යාලයට ඇතුළත්ව 1984 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයෙකු ලෙස දිවුරුම්

දුන්නේය.

විශ්ව විද්‍යාල ජීවිතයේදී විටෙක සටන්කාමී විටෙක රහසිගත දේශපාලන

ක්‍රියාකාරිකයෙකු වූ ඩිලාන් සිය නාඹර වියෙහිදීම එක්සත් සමාජවාදී පෙරමුණ


නියෝජනය කරමින් 1988 වසරේදී ඌව පළාත් සභා මැතිවරණයට තරඟ කළේ

නොගැලපෙන්නන් ආක්‍රමණය කර තිබු ජනතාවට අජීරණය වී තිබු මෙරට

දේශපාලනය නව මාවතකට යොමු කරලීමේ මා හැගි අදිටනින් යුතුවයි.

එදා බලය බෙදීමේ 13 වැනි සංශෝධනයට පක්ෂව ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් ඌව

පළාත් සභාවට තරඟ කිරීමම ජීවිතයත් මරණයත් අතර ද්වන්ධ සටනකි.

බලය බෙදීම යනු තනි කේන්ද්‍රීය දේශපාලන ව්‍යාපෘතියක් යැයි සිතූ දේශපාලනයේ

ආවරණය ලබමින් අවි දැරූ සද්ධන්ත කුලයේ එජාප ඇත්තන්ගේ තුවක්කු බයිනෙත්තු

විවරයන් ඩිලාන් දෙසට හැරවුණි.

එහෙත්...ඒ වන විටත් තම ජීවීතය මනුස්සකමේ දේශපාලනයට කැප කර තිබූ

නිසාවෙන්... මරණය මිනිසුන් වෙනුවෙන් නම් එයටද නිරායාසයෙන්ම පපුව දෙන්නට

අපේ ඩිලාන් සැදී පැහැදී සිටියේය.

මේ සිය`එ බාධක අභියෝගයන්ට නොබියව පෙම් බැඳි ඩිලාන් ඌව පළාත් සභාව

ඉහලින්ම ජය ගෙන 1993 වසරේදී එහි දෙවන විපක්ෂ නායකයා විය.ඒ මෙරටින් බිහි

වූ පළාත් සභා ඉතිහාසයේ ලාබාලතම දෙවන විපක්ෂ නායකයා වූ වාර්තාවටද

හිමිකම් කියමිනි.

1994 වසරේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප

හිමි කරගනිමින් ඩිලාන් පෙරේරා මැතිතුමා මැතිසබයට පිවිසියේ මෙරට

ප්‍රජාතාන්ත්‍රවාදය හා සමානාත්මතාවය උදෙසා වූ යෝධ පියවරක් තබමිනි.

පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් ඌවේ රිදී සීනු හඩ පැතිරිණි..

එතැන් පටන් ඩිලාන්ගේ දේශපාලන ජීවිතය කැපවූයේ බදුල්ල දිස්ත්‍රික්කයේ වමේ

කඳවුර බලගන්වා එහි දේශපාලන ජයග්‍රහණ සිය සහෝදර බදුලු දිස්ත්‍රික් ජනතාවට

උරුම කර දීම වෙනුවෙනි.


ශ්‍රී ලංකාවේ වමේ කදවුරට මේ නිල්පාට වාමාංශිකයා බොහෝ දේ තිළිණ කළ අතර

පක්ෂය දුර්වල වූ සෑම අවස්ථාවකම ඔහුගේ ශක්තිය හා ජවය මැනැවින් ඉස්මතු වී

පෙනුණි.

අදමිටු පාලකයන් කෙරෙන් පැහැරගත් ජනතා බලය නැවත ජනතාව වෙත ලබාදීමේ

සටනේ සෙන්පතියකු වෙමින් යල් පැනගිය ප්‍රතිපත්ති ක්‍රමවේද වලට නැවතීමේ තිත

තබමින් ඩලස්,නාලන්ද,ඩිලාන් ප්‍රාණසම මිතුරන් එක්ව හිටපු කථානායක චමල්

රාජපක්ෂ මැතිතුමාගේ පුරෝගමීත්වයෙන් මල්බෙරි කණ්ඩායම බිහි කළේ ජන

ගරුත්වයේ දේශපාලනයට ලංකාවේ හිමි ඉඩකඩ යලි අත්පත් කරදීමේ මෙහෙවර

පෙරදැරි කර ගනිමිනි.

එසමයේ ඩිලාන් පෙරේරා මැතිතුමාගේ ප්‍රතිරාව නැංවුණේ හඬක් අහිමි වූ

ඌවේජනතාව වෙනුවෙන් පමණක් නොව මුළු රටේම පීඩිත වූ ජනතාව ද වෙනුවෙනි.

යමකුගේ තරාතිරම වතගොත ඔහුට අවැසි නොවේ. මානව දයාවෙන් පිරි මනුස්සකම

ඊට ගව් ගණනක් ඉහළින් තැබු නායකයකු ලෙසඩිලාන් පෙරේරා මැතිතුමාහඳුනාගැනීම

නිවැරැදි ය.ඔහුගේ දේශපාලන භූමිකාවේ ආරම්භයේ සිට මේ දක්වා පමණක් නොව

මතුවටත් ඒ නිහතමානීත්වයේ මනුස්සකමේ ආදරණීය ලකුණ සුරැකිව රැකෙන්නේය.

බොහෝ සංකීර්ණ ප්‍රතිපත්ති ඉතාම සරල බසින් පැහැදිලි කොට ජන මනසේ තහවුරු

කිරීමේදී ඔහු තරම් දක්ෂ කථිකයෙකු බදුල්ල දිස්ත්‍රික්කයේ සෙවීමද නිෂ්ඵල කරුණකි.

ඔහුගේ සරල සුගම ජීවිතයඅපට කියා දෙන්නේ සැමදාමත් අප සමග අප අතර එකට

සිටින දුර්ලභ ජන නායකයකුගේ මනුස්සකමේ ගති ලක්ෂණයන් ය.

පොදු මහජනතාව බලවත් කරන ජනහිතකාමී පිළිවෙත වෙනස් නොවන රාජ්‍ය

ප්‍රතිපත්තියක් බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පෙරටු කොට ගත් පෙරමුණු හා

සන්ධාන ආණ්ඩුවල ප්‍රතිපත්ති ජයග්‍රහණය කරවන්නට මං පෙත් විවර වූයේ ඩිලාන්


වැනි මනුස්සකම දන්නා මිනිසුන් මිනිසුන්ගේ පැත්තේ සිටගත් නායකයන් වූ

නිසාවෙනි.

1994 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් මුළු දිවයිනම පොදුජන එක්සත් පෙරමුණ

ජයගනිද්දී බදුලු දිස්ත්‍රික්කයේ මහියංගනය ආසනය පමණක් පරාජයට පත්විය. වසර 23

ක් පුරාවට පළාත් සභාවක ජයග්‍රහනය අහිමිව තිබූ මහියංගනය 1998 වසරේ භාරගත්

ඩිලාන් 1999 වසරේ දී ඌව පළාත් සභා මැතිවරණය ඉහලින්ම ජයග්‍රහණය කරවමින්

පරාජිත මහියංගනය අපරාජිත කර අති දැවැන්ත සංවර්ධනයක් ඇති කිරීමට කටයුතු

කළේය.

මහියංගනය ආසනයේ ග්‍රාමසේවා වසම් 72 න් වසම් 55 කට එකවර විදුලිය ලබලා

දීමටත් රිදීමාලියැද්ද ග්‍රාම නිළධාරි වසම් 42 ක පවුල් 4500 ක නිවාස ප්‍රතිසංස්කරණය

කිරීම, නාගදීප වැව ඇතුලු වැව් අමුණු හැත්තෑපහක් පමණ ප්‍රතිසංස්කරණය කිරීමෙන්

පවුල් 5500 කට අධික ප්‍රමාණයකට යල මහ දෙකන්නයේ වගා කිරීමට මාවත විවර

කිරීමද ඩිලාන් පෙරේරා මැතිතුමාගේ අප්‍රතිහත ජනතා මෙහෙවරේ ප්‍රතිඵල යි.

- වොයිස් කට්

1999 වසරේ සිට අධිකරණ,ව්‍යාවස්ථාදායක කටයුතු, ජනවාර්ගික කටයුතු සහ ජාතික

ඒකාබද්ධතාවය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය‍


වරයා ලෙසත්,වරාය ගුවන් සේවා නියෝජ්‍ය

අමාත්‍යවරයා ලෙසත්,මාධ්‍ය සහ සන්නිවේදන පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ධූර‍


යේ ද, වතු

යටිතල පහසුකම් පිළිබඳ කැබිනට් අමාත්‍ය ධූර‍


යේ ද,අධිකරණ අමාත්‍ය ධූරය ද,වරාය

සහ වරාය සංවර්ධන අමාත්‍ය ධූරයද, විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන

අමාත්‍යවරයා ලෙසත්, මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ඩිලාන් පෙරේරා

මැතිතුමා කටයුතු කළේ ය.

බදුල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතීත්වය දරමින් හාලි ඇල ප්‍රාදේශීය සභාව

අලුතෙන්ම ඉදි කිරීමත්‚ මහියංගනය බණ්ඩාරවෙල බදුල්ල අධිකරණ සංකීර්ණ ඉදි


කිරීමත් ස්වයං රැකියා සහා සහන ලබා දීමත්‚ බදුල්ල අත්පන්දු ක්‍රීඩාංගණය‚ පාපන්දු

බැඩ්මින්ටන් ක්‍රිකට් ක්‍රීඩාංගණ

ඉදිකිරීමත්‚ බෝගහමඩිත්ත‚ ගොඩගම‚ ඇටම්පිටිය‚ කැටවල‚ බෝගොඩ‚ ජගුල්ල‚ ඊරිය

ගොල්ල‚ අඹවක‚ උඩුවර හැතැක්ම ආදී ග්‍රාමීය ජල විදුලිය සැපයුම් ක්‍රමවත්

කිරීමත්‚ දිස්ත්‍රික්කය පුරා ප්‍රධාන මාර්ග කාපට් කිරීම වර්ණ සංඥා සහිත අංග සම්පූර්ණ

මං මාවත් ඉදිකිරීම හා ප්‍රතිසංස්කර Kh lsrSu;a t;qudf.a fiiq ixjraOk ප්‍රයත්න යි.

ඩිලාන් පෙරේරා මැතිතුමාට කොරියානු රජයෙන් ලද තිළණයක් වූ අලුතෙන්ම ඉදිකළ කෝට්ටෙගොඩ


උඩගම විදුහල අද වන විට අංග සම්පූර්ණ ශිල්ප නිකේතනයකි.මහියංගන ආසනයේ සංවිධායක වරයා
ලෙස දඹාන ආදිවාසී ගම්මානය මෛත්‍රීගම 14 කනුව 50 කනුව ආදී ආසනයේ ගමින් ගම ප්‍රජා ශාලා ඉදි
කරමින් සංවර්ධනය කළ එතුමා දඹාන රෝහල සංවර්ධනයටද පියවර ගත්තේ ය.

මෙරට ජීවනාලිය බඳු දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ නියමුවන් ලෙස කටයුතු

කරන විදෙස් ශ්‍රමිකයින්ගේ සුභසාධනය බාර අමාත්‍යවරයා ලෙස එතුමා රටවිරුවන්

ලෙස ඔවුන් අභිශේක කරමින් දේශීය ජන සමාජය තුල ඔවුනට හිමි නිසි තැන

අත්පත් කරදීමේ නියමුවා වෙමින් තම උපන් බිම වූ බදුල්ල දිස්ත්‍රික්කයෙන් එතෙර ගිය

ශ්‍රමික ජනතාව වෙනුවෙන් හාලිඇල ඉදිකල ඌව පලාත් විදේශ සේවා නියුක්ති

කාර්යාංශ විගමනික සම්පත් මධ්‍යස්ථානය එතුමන්ගේ නොනිමි මෙහෙවරේ ප්‍රභාව ප්‍රකට

කරයි.

ඩිලාන් පෙරේරා යනු පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සැමගේ

ලෙන්ගතු මිතුරාය. ඔහු සිංහල ඉංග්‍රීසි භාෂා දෙකෙහිම තියුණු චතුර කථිකයෙකි. මැති

ඇමතිකම් දරද්දීත්,ඒවා අහිමි වෙද්දීත් ඩිලාන් ප්‍රතිපත්ති ගරුක දේශපාලනඥයෙක් වෙමින්

හැම විටම පක්ෂ පාට භේදයකින් තොරව ජනතාවගේ මනුස්සකමේ පාට වෙනුවෙන්

සිට ගත්තේ ය.

ඔහු මෙරට පාර්ලිමේන්තු ඉතිහාසය තුළ වචනයෙන් මෙන්ම ක්‍රියාවෙන්ම යුධ

විරෝධියෙකි. ජාතිවාදයට එරෙහි වූවෙකි. සියල්ලම අහිමි වුවත් ඒ බව දැන දැනම


ආගම්වාදයට ද එරෙහි වන්නෙකි. ජාතීන් අතර සමගිය සුහදත්වය එක්සත්භාවය

වෙනුවෙන් පෙනී සිටින්නෙකි.

ක්‍රීඩාවලට ඔහුගේ ඇති ඇල්ම බැල්ම සහ දුෂ්කර ඉලක්ක කරා දූරදර්ශීව ගමන් කිරීමට

ඇති ශක්තිය හඳුනාගත් ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් සංගමය,එහි සභාපති ධූරයට ඔහු

පත්කරගන්නේ 2005 වසරේදීය. ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව ‍


වන වොලිබෝල් ක්‍රීඩාවට

හිමිනිසි තැන ලබා දෙමින් එම සංගමයේ සභාපතිවරයා වූ වා සේම බදුල්ල

දිස්ත්‍රික්කයේ ක්‍රිකට් සංගමයේ ලේකම් ධූරයත්,පාපන්දු සංගම f ය් සභාපති ධූරයත්,ජාතික

ඔලිම්පික් කමිටුවේ නියෝජ්‍ය සභාපති ධූරයද දැරූ අතර එය ඌව පළාතේ

පුද්ගලයෙකු ක්‍රීඩා සංගමයක දැරූ ඉහළම තනතුර ද වීම කැපී පෙනේ.

ඔහු දේශපාලනයෙන් හරිහම්බකර ගත්තේ මුදල් නොවේ. ඔහුට ඉතුරුව ඇති එකම

ධනයද වීරියද බදුල්ල දිස්ත්‍රික්කයේ ඔහුගේ ආදරණීය ජනතාව වූ අපගේ ආදරය

සෙනෙහස සහ මනුස්සකම පමණි.

ඒ නිසාවෙන්ම ඒ ආදණීය මිනිසාගේ ජනාදරයට-කිසිදා කිසි විටෙකත් කිසි ලෙසකින්

හෝ නොමියෙන ඒ මනුස්සකමට

අපගේ නමස්කාරය- එකට 01 එක්ව සිට- කතිරයකින් දක්වමු...

එබැවින්

මේ සුවිශේෂී මොහොත.. විකසිත වන නෙලුම් පොහොට්ටුව රටම එකටදිනවන විට

ඔබත් මමත් බදුල්ලේ අප වෙනුවෙන් ඩිලාන් මැතිතුමා සමග එකටසිට ගනිමු

ඔබත් මමත් ඒ මනුස්සකමේ නායකයා වෙනුවෙන් අංක එකට (01) කතිරය සටහන්

කරමු.
අප සියලු දෙනාම එක්ව එකට (01) සිට

මනුස්සකමට හදවතේ පළමු තැන දී මනුස්සකමේ මිනිසා බදුල්ලේ පලමුවැනියා බවට

පත් කරමු.

ඊයේ මෙන්ම අදත් අද මෙන්ම හෙටත් මතුවටත් සැමදාමත් මනුස්සකම ඉහලින්ම

01 ට විජයග්‍රහණය කරවන බව බදුල්ලේ අපි පොහොට්ටුවේ (01) දෙන කතිරයෙන්

රටටම හඩගා කියමු

මේ ඒ පිළිබඳ සිහිකැඳවීමක් පමණි.

You might also like