You are on page 1of 3

හිතන්නකෝ A ,B ,C, කියල ගජ යාළුවො හතරදෙනෙක් movie එකක් බලන්න යනවයි කියල.

App
එකෙන් බලද්දී ඒගොල්ලෝ කැමති වුන විදියටම ඉස්සරහ පේලියේ එක ළඟ seat 4 ක් හම්බුනා. හිතමු අපි
seat numbers 1,2,3,4 කියල. දැන් මේගොල්ලෝ online tickets අරගෙන ඒක බලන්න යන්නයි ලෑස්තිය.
දැන් මේගොල්ලෝ theater එකට ආව. වැඩේ ලේසි වෙන්න මේ විදියටත් හිතමු. මේ ළමයි 4 දෙනා
මාරම decent , seat වල වාඩි වෙන්න පොරකන්නේ නෑ. Theater එකට ආපු පිලිවෙලටමයි
මේගොල්ලෝ වාඩිවෙන්නේ. මුලින් එන එක්කෙනාට seat number 1, දෙවෙනියට එන එක්කෙනාට 2,
තුන්වෙනියට එන එක්කෙනාට 3, අන්තිමයට 4. දැන් අපි බලමු මේ කට්ටිය theater එකට එන්න පුළුවන්
ආකාර ගාන. උදාහරණයක් විදියට A මුලින් එන්න පුළුවන්. එහෙමත් නැත්තන් B,C,D තුන් දෙනාගෙන්
එක්කෙනෙක් මුලින් එන්නත් පුළුවන්. මේ විදියට ඔක්කොම ආකාර ගාන බලමු. Theater එක ඇතුලට
එන අනුපිළිවෙළයි, ආකාර ගානයි seat වල ඉඳගන්න අනුපිලිවෙලටයි ආකාර ගානටයි සමානයි.

පලවෙනි seat එකේ වාඩි වෙන එක්කෙනා මුළු 4 දෙනාගෙන් ඕනෑම එක්කෙනෙක් වෙන්න පුළුවන්.
එතකොට මේ විදියට කවුරුමහරි එක්කෙනෙක් පලවෙනි seat එකේ වාඩි වෙනවා. ඊට පස්සේ දෙවෙනි
seat එකේ වාඩි වෙන්න පුළුවන් අය කවුද? දැනටමත් පලවෙනි seat එකේ එක්කෙනෙක් වාඩි වෙලා
ඉන්නේ. එහෙනම් දෙවෙනි seat එකේ වාඩි වෙන්නේ , පලවෙනි seat එකේ වාඩි වුනේ නැති ඉතුරු
තුන්දෙනාගෙන් එක්කෙනෙක්. ඒ විදියට තුන්වෙනි seat එකේ වාඩි වෙන්න ඉතුරු වෙන්නේ කවුද?
පලේවෙනි seat එකෙයි දෙවෙනි seat එකෙයි දෙන්නෙක් වාඩි වුනයින් පස්සේ ඉතුරුවෙන
දෙන්නගෙන් එක්කෙනෙක්. හතරවෙනි seat එකේ? මේ වෙනකොට 4 දෙනාගෙන් තුන් දෙනෙක් මුල්
seat තුනේ වාඩි වෙලා ඉවරයි. ඊට පස්සේ ඉතුරුවෙන එක්කෙනා තමයි 4 වෙනි seat එකේ වාඩි
වෙන්නේ.
පැහැදිලි මදි වගේද? අපි උදාහරණයක් ගමු. හිතන්න පලවෙනි seat එකේ වැඩි වුනේ A කියල.
එතකොට දෙවෙනි seat එකේ වාඩි වෙන්නේ කවුද? B ,C ,D තුන්දෙනාගෙන් එක්කෙනෙක්. දෙවෙනි
seat එකේ B වාඩි වුනොත් තුන්වෙනි seat එකේ වැඩි වෙන්නේ කව්ද? C ,D දෙන්නගෙන්
එක්කෙනෙක්. දෙවෙනි seat එකේ C වාඩි වුනොත් තුන්වෙනි seat එකේ වාඩි වෙන්නේ B ,D
දෙන්නගෙන් එක්කෙනෙක්. දෙවෙනි seat එකේ D වාඩි වුනොත් තුන් වෙනි seat එකේ B ,C
දෙන්නගෙන් එක්කෙනෙක්. හතරවෙනි seat එකේ වාඩි වෙන්නේ කව්ද? පලවෙනි එකේ A දැනටමත්
වාඩි වෙලා ඉන්නේ. දෙවෙනි එකේ B වාඩි වෙලා තුන් වෙනි එකේ C වාඩි වුනොත් හතරවෙනි එකේ
වාඩි වෙන්නේ D . මේ විදියට හතරවෙනි එකේ වාඩි වෙන්නේ කව්ද කියල අනික් විදි වලටත්
ලේසියෙන්ම ගලපන්න පුළුවන්. මම මේ scene ඒක tree diagram එකකින් මේ විදියට අඳින්නම්. අපි
discuss කරපු මේ situation එකේ මුලින්ම hall එකට එන්නේ A , පලවෙනි seat එකත් එයාට. ඉතුරු අය
අනිත් seats වල වාඩි වෙන්න පුළුවන් ආකාර ගාන තමයි අපි බැලුවේ.

මේ විදියට B ,C ,D තුන්දෙනාගෙන් එක්කෙනෙක් වුනත් පලවෙනි seat එකේ වාඩි වෙන්න පුළුවන්. මේ
විදියට ඔක්කොම ආකාර පල්ලෙහා විදියට පෙන්නන්න පුළුවන්.

You might also like