You are on page 1of 7

සොඳුරු මහාචාර්යවරයෙකු සමග සුහද හමුව (ජුලි 14 වැනි ඉරිදා 2019)

අපි ගිය මාසේ දුන්න farewell party එකේදී ආචාර්යවරුන් කීපදෙනෙක්ම අපි වෙනුවෙන් වටිනා අදහස්
වගේම උපදෙස් ගොඩක් දුන්නා . ඒ අතරින් එක මහාචාර්යවරයෙක් එතුමාගේ ගෙදර අවුරුද්දකට සැරයක්
PhD සදහා අනික් රටවලට යන ළමයි වෙනුවෙන් සාදයක් පවත්වන්න බවත් මේ අවුරුද්දෙත් අපි වෙනුවෙන්
ඒක සංවිධානය කරන්න කැමති බවත් කිව්වා. මේ මහාචාර්යතුමා විෂය දැනුම ලබාදීම අතින් විතරක් නෙවෙයි
මනුස්සකම අතිනුත් ඉහළින්ම ඉන්න සුන්දර, ගාම්භීර චරිතයක්. ඒ අපි කවුරුත් හොඳින් දන්නා දැරණියගල
සර්. සර් එක්ක අපි කතාකරගෙන ඒ party එක ජුලි 14 ඉරිදා හවස 6.30 ට දා ගත්ත.

අපි එදා හවස ජම්බුගස්මුල්ල මාවතේ රත්මලාන මිරිහාන පාරට අහුවෙන කෙළවරෙන් එකතුවෙලා 9 වෙනි
පටුමගේ අංක 20 වෙන සර්ගේ ගෙදරට ආව. සර් අපි එනකන් ගොඩක් උද්‍යෝගයෙන් බලන් ඉඳල තියෙනවා
කියල අපිට පෙනුන. සරුයි මැඩමුයි අපිව බොහොම හිතෛෂී විදියට පිළිගත්තා. සාලය අපි කාගේත් හිත ගිය
විසිතුරු දේවල් ගොඩකගෙන් පිරිල. වම් කෙලවරේ කෘත්‍රිම දියැල්ලක්. ඒකට යාබද එහා පැත්තෙ බිත්තියෙ
හංසයෝ දෙන්නෙක්ගේ ෆොටෝ එකක්. ඒක බලපුවම පේන්නේ ඇත්තම හංසයෝ දෙන්නෙක් ඉන්නවා
වගේ. ඒ photo එක ඒ තරමටම තාත්විකයි. මට ඒ photo එක දැක්ක වෙලාවේ හිතුනේ, හංසයො දියෙන් කිරි
වෙන්කරලා ගන්නවා වගේ, සරුත් යහපතයි අයහපතයි වෙන්කරලා තේරුම් අරන් යහපත් දේ විතරක් කරන
හින්ද ඒක සර්ගේ ගෙදරට කදිමට ගැලපෙනවයි කියල. අපිට ඉස්සරහින් තිබ්බ බිත්තියේ තිබ්බ කුරුල්ලෙක්ගේ
photo එක උමේෂ් අයියා ගෙනත් දුන්න එකක් කියල සර් කීව්ව . Settee table එක යට ලී වලින් අඹපු
අලින්ගේ රුප කීපයක්ම තිබ්බ. සර් අලින්ට කැමති හින්ද ගොඩක් අය සර්ට අලින්ගේ photos, ලී රුප ගෙනත්
දෙනවලු. ඉස්සර ඒවා මේසේ උඩ තිබිල දැන් ඒවා යටින් තියල තියෙන්නේ කියල madam කිව්ව. අපිට
පිටිපස්සෙන් තිබ්බ බිත්තියේ එල්ලලා තිබ්බ ලොකු ෆොටෝ එකක්. ඒක ඇත්තටම photos කිහිපයක
එකතුවක් වගේම ගොඩක් අයගේ signatures තිබ්බ. Dilini ඒ ෆොටෝ එක ගැන අහපුවම සර් කිව්වා ඒක
සර්ගේ මේ අවුරුද්දේ 65 වෙනි birthday එකට දුන්නු surprise gift එකක් කියල. ඒක සර්ගේ ජීවිතේ අතීතය
ආවර්ජනය කරන photos ගොඩක් තිබ්බ වටිනා souvenir එකක්. සර් පොඩිම කාලේ ගත්ත photos, සර්ගේ
අම්මයි, තාත්තයි, අයියයි එක්ක ගත්ත photos වටේට තිබ්බ. මැදින් ලොකුවට තිබ්බේ සර් medals ගොඩක්
පැළඳගෙන ඉන්න එකක්. සර්ගේ birthday function එකේ photo album එක මැඩම් ඒ වෙලාවේ අපිට
බලන්න දුන්න. එකේ ගොඩක්ම විශේෂ වුනේ birthday cake design එක. ඒකෙ molecules කීපයක
structures ලස්සනට design කරල තිබ්බ. ඒ වෙලාවේ අපිට සංග්‍රහ කරපු coffee cake එකයි, radio channel
එකේ වාදනය වෙච්ච සරල ගීතයි අපිව ප්‍රබෝධමත් කරා . අපි සර්ටයි, මැඩම්ටයි අපි ගෙනාපු gifts open
කරලා බලන්න කිව්වා. සර්ට දුන්නේ අපියි සරුයි ඉන්න photo එකක් (verse එකක් එක්ක). සර් ඒකට
ගොඩක් කැමති වුනා. ටිරෝන් තමයි ඒක මහන්සිවෙලා design කරේ. මැඩම්ට දුන්නෙ පිනි මුවෙක්ගේ
ෆොටෝ එකක්. එකේ පිනි මුවා හිටියේ දෙපැත්තෙන් ගස් වවලා තියෙන පාරක් මැද. මැඩම් ඒකට ගොඩක්
ආස වුණා. පිනි මුවයි ගසුයි සුදු පාටින්, background එක කළු පාටින් තිබ්බ හින්දා ඒ ෆොටෝ එකට අමුතු
කල එළියක් තිබ්බා. sir අපිට කියලා තියෙනවා සර්ගෙ students ල එවපු කාඩ් මිටියක් උඩ තට්ටුවෙ
තියෙනවා කියලා. සර් souvenirs එකතු කරන්න ගොඩාක් කැමතියි. sir කිව්වා දැන්නම් ගොඩක් එන්නෙ
electronic cards, කලාතුරකින් තමයි post box එකට කාඩ් එන්නෙ කියල. සර් ඊට පස්සේ හැමෝටම වයින්
වීදුරු වලට juice පුරවලා දීලා අපි සර්ගෙ පාටි එකට ආපු එක් ගැන සතුටු පළකරල toast කළා. Dining table
එක එහා පැත්තෙ ලොකු, පිළිවෙලට අහුරලා තිබ්බ liquor bottle collection එකක් තිබුණා.

සර් නිතරම අපිට අපේ ජීවිතේ හැඩගස්වා ගන්න අවශ්‍ය උපදෙස් සහ මගපෙන්වීම නොඅඩුව ලබා දුන්නා.
එදත් අපිට වටිනා ඔවදන් ලබාදෙන්න සර් අමතක කරේ නෑ. ඒ ඔවදන් වල වටිනාකමක් වගේම ලොකු
ශක්තියක් ගැබ්වෙලා තියෙනවා. sir අපිට නිතරම කියපු දෙයක් තමයි දුප්පත් අය වෙනුවෙන් කීයක් හරි
දෙන්න කියල. sir ඒ එක්කම කියන දෙයක් තමයි "අපි එනකොට කිසිම දෙයක් ගෙනාවෙත් නෑ. යනකොට
කිසිම දෙයක් ගෙනියන්නෙත් නෑ." ඒ දේට අපිව motivate කරන්න, සර් උදව් උපකාර කරන ගොඩක් ළමයි
අතරින් කීපදෙනෙක් ගැන විස්තර එදා කිව්වා. එක ළමයෙක් මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු විද්‍යාව
හදාරන ශිෂ්‍යයෙක්. තව ළමයෙක් ජපුර වෛද්‍ය ශිෂ්‍යාවක්. මේ ශිෂ්‍යන් දෙන්නාගේම A Level කාලේදී වියදම්
දරල තියෙන්නේ sir. A level වලින් පස්සේ මේ medical student, මුදල් හිඟකම් sir එක්ක කියන්නෙ නැතුව
ඉඳල තියෙනවා තවදුරටත් තමන් වෙනුවෙන් වියදම් කරන එක සර්ට කරදයක් කියල හිතල. එක්තරා
උත්සවයකදී සර්ව මුණගැහුනමත් කියල තියෙන්නෙ කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ කරගෙන යනවා කියල.
ඒත් සර් එදා රෑ හීනෙන් දැකල තියෙනවා මේ ළමය අඬ අඬ ඉන්නව. සර් ඊට පස්සේ ඒ student එක්ක
කතාකරලා උදව් කරා. sir අපිට අලව්වේ ළමයෙක් ගැන ගොඩක් සංවේදී කතාවක් කිව්වා. ඒ ළමය ඇතුළුව
පවුලේ අය 6 දෙනෙක්ම ජීවත්වෙලා තියෙන්නේ අඩි කීපයක දිග පළල තියෙන, වැලි පොළොවක් තියෙන පුංචි
කාමරේක. සර්ට ඒ ගේ දැක්කම ඉබේම ඇහැට කඳුළු ඇවිල්ල. සර්ගේ කොඳු නාරටියේ pain එකක් තියෙන
නිසා ඒ කාමරේ ඇතුලට යන්න හම්බෙලා නෑ. ඒ කාමරේ ඒ තරමටම පටුයි. ළඟපාත කොච්චර ප්‍රභූවරු,
සුවිසල් පන්සල් තිබ්බත් මේ අසරණ ළමයා වෙනුවෙන් ඒ අයගේ පුංචි අවධානයක්වත් යොමු වෙලා නෑ . මේ
ළමයා 5 වසරෙ ශිෂ්‍යත්වයෙන් 186 ක් අරගෙන දැන් කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ඉගෙන ගන්නේ. සර්
ප්‍රමුඛ වෙලා, අපේ රසායන විද්‍යා අධයනාංශයේ ආචාර්යවරු කීපදෙනෙක්ගේත් දායකත්වය ඇතුව ඒ ළමයා
සහ එයාගේ පවුලේ අය වෙනුවෙන් නිවසක් හදල දෙන්න කටයුතු කරනවා. සර් උදව් කරන තව පවුලක තාත්ත
මත්පැන් බොන්න ඇබ්බැහි වෙච්ච කෙනෙක්. ඒ තාත්ත උපයන සියලු සේසතම මත්පැන් වලට වියදම් කරනවා
විතරක් නෙවෙයි, බීමත්කම හින්ද නිතර අඩදබර ඇති කරනවලු. මුදල් නෝට්ටු විදියට දුන්නොත් තාත්ත
මත්පැන් වලට ඒවා වියදම් කරන හින්ද සර් ඒ පවුලෙ අම්මට සල්ලි දුන්නේ Cargills vouchers විදියට. එත්
සමහර Cargills වලත් මත්පැන් අලෙවි කරන හින්ද සර් කියල තියෙන්නේ " ගන්න ඒවාගෙ bills එකතුකරල
තියාගන්න, සමහර වෙලාවට ඒවා check කරනවා liquors අරන් තියෙනවද කියල." සර් අපිට කියපු තව දෙයක්
තමයි උදව් කරනකොට ඒ කෙනාගෙන් ආපහු අපිට උදව්වක් බලාපොරොත්තුවෙන් කරන්න එපා , ඒ විදියට
හිත හදාගෙන කරන උදව් වලින් අපේ ජීවිතේට හොඳ දේවල් ඉබේම ලැබෙනවා කියන එක. එක
උදාහරණයක් විදියට සර් කිව්වේ,සර් බෙහෙත් ගන්න යන ගොඩක් වෙලාවට (සර්ව doctor කලින් දැනගෙන
හිටියේ නැතත්) සර්ගෙන් බෙහෙත් වලට සල්ලි ගන්නේ නෑ කියල.

ක්‍රෝධය, වෛරය, ඉරිසියාව නැති කරගන්න කියන දේත් සර් අපිට නිතරම කියන දෙයක්. සර් ඒ දේ කියන
කොට බයිබලයේ ක්‍රෝධය දුරුකරගැනීම ගැන තියෙන සුන්දර උපමා වාක්‍යයක් (ඒක ඇත්තටම රූපකයක් -
a metaphor) කියන්න අමතක කලේ නෑ. ඒ තමයි ලුක් 6:29 සඳහන් වෙන " ඔබගේ එක කම්මුලකට
ගැසුවොත් අනිත් කම්මුලත් හරවන්න." සර්ගේ අවෛරී චේතනාවත් එක්ක බැඳිච්ච සුන්දර ගතිගුණයක් තමයි
සර්ට වෛර කරපු, සර්ට අයහපතක් කරන්න උත්සහ කරපු වගේම වැරදි කරපු අය ගැන බොහොම මානුෂීය
විදියට හිතන එක. (magnanimity) සර් ඒ අයට වෛර කරන්නේ නෑ. ඒ අය අනුකම්පා කරනවා. අසීමිත
ආසාවන් පස්සේ යන ගොඩක් මිනිස්සු ඉන්න අද කාලේ මේ වගේ රත්තරන් ගතිගුණ තියෙන මිනිස්සුන්ව
හොයන එක කළුනික හොයනවා වගේ වැඩක්. ඒ කාලේ සර්ගේ research student කෙනෙක් tape recorder
එකක් සොරකම් කරලා අහුවෙලා සිරගත වුනා. හේතුව හොයල බලනකොට ඒ student ට සල්ලි අගහිඟකම්
හින්ද. සර් ඒ වෙලාවේ ඒ student ට කියල තියෙනවා ඒ සල්ලි ප්‍රශ්නය කලින් කිව්ව නම් උදව් කරන්න තිබුන
කියල. ඉතින් ගොඩක් ආචාර්යවරු "ඕකව එලවල දාපන්" කියල මොර දෙද්දි සරුයි, Prof. W. S. Fernando
සරුයි මේ student ගෙ පැත්තෙන් හිතුවා. උසාවියේදී සර් කියල තියෙනවා මේ student ව නිදහස්කරන්න
කියල.ඒ විතරක් නෙවෙයි, මේ student ආයේ මේ වගේ වැරද්දක් කලොත් සර් ඇපවෙනවා කියලත් නිර්භීතව
කියල තියෙනවා. දැන් මේ student කුරුණෑගල අක්කර 300 ක පොල් ඉඩමක් අයිති කෝටිපතියෙක්.ඔහු
හිරගතවෙන්න කලින් ඉඳම්ම ඔහුට ධනවත් පෙම්වතියක් සිටියා. ඔහු සිරගත වුනා කියල කවදාවත් ඇය ඔහුව
අතහැරල දාල ගියේ නෑ . සර් ඔහුට කියල තියෙනවා "කවදාවත් උඹව තනි නොකරපු උඹේ wife ට දණගහල
වඳින්න ඕනේ" කියල. ප්‍රතිචාරය තරමක් හාස්‍යජනකයි: "අනේ sir මට එයාට දණගහල වඳින්න නම් බෑ.
ඒත් මම එයාව හැමදාම හොඳින් බලාගන්නම්."
මෑතකදී Ichem library එකේ වැඩ කරපු සේවකයෙක්ට පරිපාලනයේ අනිත් අයගෙන් බාධා ඇවිත් තියෙනවා.
ඒ අය සර්ට නිතරම කියල තියෙන්නේ ඒ සේවකයාව අස් කරන්න කියල. සර් එහෙම කරේ නෑ . සර් එයාව
office section එකට මාරු කරලා ඊට පස්සේ කියල තියෙනවා "ඔයාට වැඩකරගෙන යද්දී මොනමහරි
ප්‍රශ්නයක් වුනොත් මට කියන්න. ඔයා දැන් පෙන්නන්න ඕනේ අනිත් අයට ඔයා හොඳට වැඩකරනවා,
ඒගොල්ලෝ තමයි හරියට කරන්නේ නැත්තේ කියල." ඊට පස්සේ ඒ සේවකයා හොඳට වැඩකරගෙන යනව.
සිරකරුවන් ගැනත් සර්ට තිබුනේ ඉතාම කාරුණික ආකල්පයක්. සර් කිව්වා " හිරේ ඉන්නෙත් මිනිස්සු.
මොනාහරි වැරද්දක් හරි අපරාදයක් හරි කරලා සිර ගෙදරක දාල ඉන්න එක ඇත්ත. එත් ඒ මිනිස්සුන්ට හරියට
වතුර උගුරක්වත් දෙන්නේ නැහැල්ලු. වැරැද්දට දඬුවම් දුන්නට ඒ විදියට අමානුෂික වෙන්න හොඳ නෑ . අපිට ඒ
ගොල්ලෝ එක්ක කතාකරල ඒ මිනිස්සුන්ගේ මනස හොඳ අතට වෙනස් කරන්න පුළුවන්." වැලිකඩ magazine
බන්ධනාගාරයේ තාප්පෙක "සිරකරුවෝද මනුෂ්‍යයෝය " කියල ලොකු අකුරින් ගහල තිබ්බට සිරගෙවල්
ඇතුලෙ සිද්ද වෙන දේවල් එක්ක ඒක උඩු යටිකුරු වෙනවා. ඒ පාඨ තාප්පවලටම සීමා වෙච්ච ඒවා විතරක්
වුනා. සර්ගේ හිතේ ලොකු අභිලාශයක් තියෙනවා සිරකරුවන්ව බැහැ දැකල කතාකරන්න. ඒක සිරකරුවන්ගේ
ජීවිතේ සිද්ද වෙන භාග්‍යවන්තම සිදුවීම වෙයි.

මේ විදියට යහපත් ආකල්ප, ගතිපැවතුම් වලින් ජීවිතය ගතකරන සර්ට ඉබේම උදව් හම්බෙනවා. කතෝලික
දහමේ හැටියට දෙවියන්වහන්සේ සර්ට පිළිසරණක් වෙනවා. බුදු දහමේදී ඒක දක්වල තියෙන්නේ "ධර්මය
රකින්නා ධර්මය විසින්ම රකිනු ලැබේ" කියල. ඉතින් මේ උතුම් දේවල් වලින් ගොඩ නැගිච්ච ලොකු
ශක්තියෙන්, සමහර වෙලාවට සාමාන්‍ය කෙනෙක්ට අදහගන්නත් අමාරු ආශ්චර්යමත් දේවල් ගොඩක් සර්ගේ
ජීවිතේ විවිධ අවස්ථාවලදී සිද්ද වෙලා තියෙනවා. සර් මාරක අනතුරු කීපයකින්ම අසිරිමත් විදියට ජීවිතේ
ගලවගත්ත පුද්ගලයෙක්. 2006 නුගේගොඩ බෝගහ ළඟ බෝම්බ අනතුරෙන් සර් බේරුනේ තත්පර කීපයක
වෙනසකින්. ඒ අනතුර සිද්ද වෙන වෙලාවේ සර් drive කරල තියෙන්නේ පිපිරීම වුන හරියේ කිට්ටුවමයි. ඒ
වගේම මෑත අප්‍රේල් 21 සිද්ද වෙච්ච නව්හිඩ් ජමාද් ත්‍රස්ත කල්ලියේ බෝම්බ පිපිරීම් වලින් වැළකුණා . සර්
පාස්කු දින මෙහෙයට සමහර අවරුදු වලදී කොච්චිකඩේ පල්ලියට යනවා. මේ අවුරුද්දේ සර් ගියේ රාජගිරියේ
පල්ලියට. එදා දේව මෙහෙයන් පවත්වන්න කලින්, කලින් මෙහෙයන් වලදී දැකල නැති කෙනෙක් ස්ර්ලගෙන්
අහල තියෙනවා "tamil service එක කීයටද තියෙන්නේ කියල". ඊට පස්සේ රාජගිරියේ පල්ලියේත්
බෝම්බයක් තිබිල අහුවෙලා දේව මෙහෙයන් නවත්තල, මෙහෙයට ආපු අයව පල්ලියෙන් ඉවත් කරලා
බොම්බේ නිෂ්ක්‍රීය කරපු හින්ද පිපිරීමෙන් සිද්ද වෙන්න ගිය ඛේදවාචකයෙන් වැළකුණා . සර්ට එක සැරයක්
නොහිතපු මොහොතක heart failure එකක් ආපු වෙලාවේ සර්ගේ හිතවත් වෛද්‍යවරයෙක් හම්බෙලා
බලපුවම ඒක inherited cardiac condition එකක්. doctor සර්ට කිව්වලු සර් අනුනවයෙන් බේරිල
තියෙන්නේ, doctor ව consult කරන්න තව පොඩ්ඩක් හරි පරක්කු වුනානම් ජීවිතේ ගොඩගන්න බෙරිවෙනවා
කියල regular medication dose එකක් දීල. එක සැරයක් සර්ටයි, සර්ගේ දුවටයි උණ හැදුනු වෙලාවක දුවට
හදිසි වුවමනාවක් වුනොත් කියල සර් දුවගේ කාමරේ බිමින් නිදාගෙන. උදේ නැගිටින කොට සර්ගේ මූනෙ
ලොකු muscle distraction එකක් වෙලා. කරුණු හොයල බලද්දී හේතුව තමයි උණ හැදුනු වෙලාවක බිමින්
නිදාගත්තම බිම සීතල වැඩි නිසා virus එකට attack කරන්න ලේසි වෙනවා. doctor කියල තියෙන්නේ මේ
තත්වෙ හොඳ අතට හැරීම වෙන්නේ වාසනාව මත කියල. ඉතින් සර් වෙනුවෙන් ගොඩක් අය pray කරා. ඒ
අතරේ සර්ගේ හිතවත් සේවකයෙක් කතරගම කිරිවෙහෙරේ සර් වෙනුවෙන් බෝධි පූජාවක් තිබ්බ දවසේ
සර්ගේ මූනේ muscles දෙපැත්තට ඇදෙන්න පටන් අරන්. doctor ළගට ගිහාම doctor කියල "What a
miracle ! You are curing ". ඒ විදියට සර්ගේ තත්ත්වය සම්පුර්ණයෙන්ම සුව අතට හැරුන. සර් අපිට ඒ
එක්කම advice කරා කවදාවත් උණ හැදුනු වෙලාවක බිම නිදාගන්න එපා කියල. එක සැරයක් සර්ට back pain
එකක් අපු වෙලාවක වේදමහත්තයගෙ contact number එක හැමතැනම හෙව්වත් හම්බවෙලා නෑ . එදා සර්
නිදාගන්නකොට හීනෙන් කවුද කෙනෙක් නියෝග කරලා තියෙනවා රාක්කෙ යට තියෙන කළු පොත ඇරලා
බලන්න කියල. සර් නැගිටලා ඒ කියපු තැන තිබ්බ කළු පාට diary එකේ බලද්දී contact number එක තිබිල.
සර්ට ගොඩක් වෙලාවට හීනයකින් පෙරනිමිති පෙනිල තියෙනවා. සමහර වෙලාවට දෙවියන්වන්සේ සර්ට
හීනවලදී පෙනී ඉඳල තියෙනවා. සර්ගේ දුව විවාහ වුන දවසට ඉස්සෙල්ල දවසේ පොතක් දිග ඇරගෙන සාම
දේවදුතයෙක් හීනෙන් පෙනී ඉඳල තියෙනවා. සර් මේ අවුරුද්දෙ retire වෙන නිසා සර් උදව් කරන අය
වෙනුවෙන් වියදම් කරන්න මුදල් සම්පාදනය කරගන්නෙ හොහොමද කියල හිතන ගමන් දෙවියන්වන්සේට
යාඥා කරලා ඉල්ලුව ඒ දේට මගක් පෙන්නලා දෙන්න කියල. එදා රෑ දෙවියන්වන්සේ හීනෙන් පෙනී ඉඳල
සර්ට ප්‍රකාශ කරලා තියෙනවා සර්ට අවශ්‍ය මාර්ගය ලබෙයි කියල. පහුවදා විශ්‍රාමික වැටුප් දීමන වැඩි වීම
ගැන UGC එකෙන් ආපු ලියුමේ තිබුන වගේම ඒ ලැබෙන මුදල අනිත් අය වෙනුවෙන් උදව් උපකාර කරන්න
ප්‍රමාණවත් කියල සර් කිව්වා.

සර් මේ party එකට අපි වෙනුවෙන් ගොඩක් දේවල් සුදානම් කරලා තිබුන. cutlets, bites, pizza මේ හැම
දෙයින්ම පිරිලා තිබුනේ. Jeggar (සර්ගේ ගෙදර සේවකයා) අපි වෙනුවෙන් ව්‍යංජන කීපයක්ම එක්ක ඉඳි ආප්ප
පිළියෙළ කරලා තිබුන. මැඩම් strawberry caramel pudding එකක් හදල තිබුණ. මේ අවස්ථාව තවත් රසවත්
කරන්න පියානෝව වාදනය කරන්න සර්, මැඩම් සහ මගේ යාළුවො මාව පෙළඹෙව්වා. අපේ ගෙදර තිබුන
piano එක අවරුද්දකට කලින් විකුණපු හින්ද ආයෙත් piano එකක් play කරන්න හම්බුනේ එදා තමයි.
keyboard එක දකින කොට මට ලොකු ප්‍රබෝධයක් ඇති වුනේ. මම පුළුවන් විදියට උපරිමයෙන් play කරන්න
උත්සාහ කරා . play කරපු සරල ගීත වලට යාළුවො, සර් සහ මැඩම් අත්පුඩි වලින් රිද්මය එකතු කරන ගමන්
ගායනා කළා. මට ඒ මොහොත කවදාවත් අමතක නොවන මතකයක් වුනා. ඒ සින්දු වලට අමතරව මාගේ ජෑස්
සංගීතයට ඇති ලැදියාව සංකේතවත් කරන්න වගේම මම ඇමරිකාවේ යෑමට නියමිත, ජෑස් සංගීතයෙන්
හැමතැනම පිරුණු New Orleans නගරය සංකේතවත් කරන්න ජෑස් සංගීත ඛණ්ඩයක් වාදනය කළා ("Take
the A train" by Billy Strayhorn).

සර් අපෙන් අපි campus එකේ අවරුදු හතරේදී ලබපු අත්දැකීමක් විස්තර කරන්න කිව්වා. මට ඒ වෙලාවේ
මතකෙට ආවේ සර් නිතරම කියන "අනිත් අයට හැකි පමණින් උදව් කරන්න " දෙය මට කරන්න හම්බුනු
අවස්ථාවක්. මම labs වලදී ළමයින්ට theory දේවලුත් කියල දීල තියෙනවා. ඒ වගේම සමහර course units
වල past papers වලට මම ම ලියපු විස්තරාත්මක විවරණ ළමයින්ට දුන්න විභාගවලට උදව්වක් විදියට.
ඒවගෙන් ප්‍රයෝජන අරන් ළමයි ඒ විභාගවලට හොඳින් මුහුණ දුන්න කියන කොට පුදුමාකරයේ සතුටක්
ඇතිවෙන්නේ. ළමයි මගෙන් ඉල්ලීමක් කළා පුලුවන්නම් සරල සිංහල භාෂාවෙන්, කියවනකොට ආස හිතෙන,
ඔලුවටයි හදවතටයි දෙකටම දැනෙන විදියට chemistry වල බැරෑරුම් දේවල් විස්තර කරලා පොත් ලියන්න
කියලා. මම ඒ වෙලාවේ හිතාගත්ත ඒ විදියේ පොත් ලියල ලංකාවේ හැමෝම අතරේ නොමිලේ බෙදා හැරලා
රසායන විද්‍යාව ළමයින්ට වගේම සාමාන්‍ය මිනිස්සුන්ටත් රසඳුනක් කරන්න මට පුළුවන් උපරිමයෙන් උත්සාහ
කරනවයි කියල.

යුදේශ එයාගේ අත්දැකීම විදියට කිව්වේ " මට A level කාලේ සම්ප්‍රයුක්ත ව්‍යුහ පෙන්නන්න බෑ . ඒ කාලේ
ගුරුවරුත් ඒක අපිට පැහදිලිව කියල දුන්නේ නෑ . දැරණියගල සර්ගේ නම මම A level කාලේ ඉඳම්ම මම
අහල තියෙනවා. Campus එකට ආවම හැමෝම කිව්වා සර් හරිම හොඳ කෙනෙක්. සර් හොඳට subject එකත්
උගන්නනව. ඒ කතාව ඇත්ත කියල මට සර්ගේ lectures වලට ගියාම තේරුණා. සර් සම්ප්‍රයුක්ත ව්‍යුහ ගැන
උගන්නන්න වැඩිම වුනොත් විනාඩි 15 ක් ගන්න ඇති. ඒත් ඒ කියල දුන්නු නිරවුල් විදියත් එක්ක concept එක
ඔලුවටම ගියා. මට ඒ paper එකට A එකක් තියෙනව. අපේ research supervisor allocate කරේ lots
වලින්.මට හම්බුන lot එකේ තිබ්බේ SPD කියල. මම දැනන් හිටියේ නෑ SPD කියන්නේ කව්ද කියල. කාංචනා
මිස්ගෙන් ඇහුවම පිටට තට්ටුවක් දාල කිව්වා "ඔයාට higher studies වලට රට යන්න හම්බුනා කියල
හිතාගන්න. ඔයාගේ supervisor දැරණියගල සර්." අසිත සරුත් මගේ research එකට මාරම support එකක්
දුන්නා .ඕනම දෙයක් ඕන වෙලාවක ගිහින් සර්ගෙන් අහන්න පුළුවන්. " A level වලදී අපිටත් chemistry ගැන
ගොඩක් වෙලාවට තිබ්බේ නීරස අත්දැකීම්. A level ගුරුවරු ගොඩක් වෙලාවට අපිට රසායන විද්‍යාව අමාරු
දෙයක් කියල පෙන්නන්න උත්සහ කරනවා. එතකොට විෂය ගැන ආසාවක් එන්නේ නෑ අපිට. අපි A level
කාලේ මහන්සි නොවුන නෙවෙයි. අපිට සර් වගේ සුන්දර විදියට මග පෙන්නන ගුරුවරයෙක් ඒ කාලේ හිටියේ
නෑ . ඒ කාලේ ගුරුවරු අපි දිහා ගොඩක් වෙලාවට බැලුවේ උපහාසාත්මක විදියට. වැරදියට උත්තර ලියල
තියෙන ඒවා පෙන්නලා හිනා වුණා . A level tuition classes වලත් ගොඩක් වෙලාවට වෙන්නේ දැනුම
දෙනවට වැඩිය ළමයින්ගේ දෙමව්පියන් දුක් මහන්සියෙන් උපයන දේ සූරාකන, තමන්ගේ ජනප්‍රියත්වය
පතුරුවන්න කරන මාෆියාවක්. ඒ අය ගොඩක් වෙලාවට දාර්ශනිකයෝ වගේ හැසිරිලා , දාර්ශනික අදහස්
කියන්නේ ළමයින්ගේ දියුණුව බලාපොරොත්තුවෙන් නෙවෙයි, ළමයි ඉස්සරහ පුහු ශ්‍රේෂ්ඨත්වයක් මවා
පාන්න. සමහර ලොකු tuition පන්ති ඇත්තටම ළමයින්ව ගාල් කරපු සිර කඳවුරු වගේ. ළමයින්ට නිදහසක්
ලැබෙන්නෙම නැතිතරම්. හැරෙන්නවත් ඉඩක් නැතුව එකම ඉරියව්වෙන් පැය ගානක් ඉන්න වෙනවා. ඉතින්
මේ කටුක අත්දැකීම් පහු කරල campus එකට ආවම දැනුණු මානසික සහනය වචන වලට සීමා කරන්න බෑ .
campus එකේදී ආචාර්යවරු අපිට දෙයක් ගවේෂණය කරල ඉගෙන ගන්න ඕන නිදහස උපරිමයෙන්ම දුන්නා.
සතියකට ගණන්/ප්‍රශ්න 600,1000 ක් කරන්න කියල ලොකු බරක් පැටෙව්වේ නෑ. මේ නිදහසත් එක්ක අපිට
ඉබේම text books කියවන මානසිකත්වය හැදුනා . ඒවා එක්ක subject එකට තියෙන ආසාව වැඩිවුණා. A
level කාලේ කටුකම විෂය වුන රාසයන විද්‍යාව campus එකේදී මගේ ප්‍රියතම විෂය වුණා .

දිලිනිත් එයාගේ අදහස් එකතු කරා. " අපි university එකට අපු මුල් කාලේ medicine select නොවුන දුක
අපිට තිබ්බ. මම A ලෙවෙල් තුන් සැරයක් උත්සහ කළා .campus අවේ 2nd shy result එකෙන්.මුල්කාලේ
අපි මානසිකව වැටිල හිටියේ. බලාපොරොත්තුවක් තිබ්බේ නෑ . ඒත් සර්ගේ මගපෙන්වීමත් එක්ක ආයේ අපිට
බලාපොරොත්තු ඇතිවුණා. ඇත්තටම මම chemistry special කියල course එකක් කලින් දැනන් හිටියේ නෑ .
සර් කිව්වම තමයි දැනගත්තේ. ඒ වෙනුවෙන් අපි ඊට පස්සේ කැපවුණා ." සරුත් ඊට පස්සේ ඒකට කරුණු
එකතු කළා developed country එකකට ගිහින් chemistry PhD එකක් ගන්න හම්බෙන chance එකක
වටිනාකම ඉස්මතු කරලා. සර්ගේ සමහර medicine කරපු ichem students ල කීපදෙනෙක්ම සර්ට කියල
තියෙනවා ඒ අයට chemistry PhD එකක් කරන්න ඕනේ කියල.

චාමිකා , වත්සලා විස්තර කලේ සර්ගේ 2nd year course එකට highest marks තිබිල සර් ඒක පොඩි
කොලයක ලියාගෙන ඇවිත් index number එක කිව්වම ආපු motivation එක ගැන. සර්ගේ මේ ක්‍රමවේදයත්
එක්ක සර්ගේ course units වලට higher marks ගත්ත ළමයි දිගටම උනන්දු වෙලා වැඩ කරලා ඉහළම තැන්
වලට ගිහින් තියෙනවා. සර් මේ විදියට higher marks ගත්ත ළමයින්ව motivate කරනවා වගේම low marks
ගත්තහමත් ළමයින්ව අතෑරලා දාන්නේ නැතුව ඒ ළමයින්වත් ධෛර්යමත් කරනවා කියල හිතුනේ මගේම
අත්දැකීමක් එක්ක. මගේ 3rd year 1st semester chemistry special subjects (2016) වල සෑහෙන්න results
අඩුවීමක් වුන. සර්ගේ organo metallics වලටත් මට තිබ්බේ C- එකක්. සර් එක්ක මම කතාකළාම සර්
බොහොම empathetic විදියට ඒ දිහා බැලුවේ. "තව හොඳට මහන්සි වෙලා වැඩ කරන්න කසුන්.
අධෛයර්යමත් වෙන්න එපා. මම දැකපු සමහර ළමයි ඉන්නවා, සමහර වෙලාවට මේ වගේ පසුබෑම් තිබුනට
පස්සේ ඉහළටම ගිය අය." මම සර්ට ඊට පස්සේ කිව්වා "ඔව් සර් මම කොහොම හරි මහන්සි වෙලා වැඩ කරලා
ගොඩ එන්න ඕනේ. මමත් මාගේ අයිය වගේ PhD එකක් කරන්න ආසයි." අයිය ඒ වෙනකොට Kansas State
University එකේ physics PhD - 2nd year හිටියේ. සර් ඊට පස්සේ අයිය ගැනත් විස්තර අහල ඉවර වෙලා මට
කිව්වා "අයිය PhD කරන්න ගියා වගේ මල්ලිත් අනිවාරෙන් යන්න ඕනේ. අපි බලමු ඔයාගේ final class එක
කොහොම වෙයිද කියල. 2nd lower ගත්ත සමහර අයටත් PhD යන්න හම්බුනා. ඒත් 2nd upper එකක් ගන්න
try කරන්න." සර් මගෙන් අහපු තවත් සංවේදී ප්‍රශ්නයක් තමයි "කසුන් ඔයාට වෙන බාහිර ප්‍රශ්න නෑනේද ?
මුදල් ප්‍රශ්න තියෙනවද?" . මට ඒ වගේ බාහිර ප්‍රශ්න කිසිදෙයක් තිබ්බේ නෑ . මගේ තාත්ත මේ ලෝකෙන්
සමුගත්ත දවසේ ඉඳන් අම්ම අයියටයි මටයි කිසිම දෙයකින් අඩුවක් දැනෙන්න ඉඩ තිබ්බෙ නෑ . ඉතින් මේ
අමාරු කාලේදී යාළුවො කීපදෙනෙක්ම මට උදවු කළා. ටිරෝන්,චමිකා ,ෆැලන් සෑහෙන්න උදවු කළා.
ඒගොල්ලෝ කිව්වා " results අඩු වෙච්ච එකෙන් demotivate වෙන්න එපා කසුන්. ඔයා හොඳ capability
එකක් තියෙන කෙනෙක්. ඔයා papers වලට උත්තර ලියද්දි "to the point " ලියන්න. chemistry ගැන අපි
අහන සමහර ප්‍රශ්නවලට ඔයා උත්තර දෙද්දී ලොකු range එකක උත්තරයක් දෙන්නේ. එතකොට සමහර
වෙලාවට main points ඔයාට miss වෙනවා." ඉතින් මම මේ දේ ගැනත් හිතල ඒ වැරැද්ද හදාගන්න try කළා.
මේ උදවු , දිරි ගැන්වීම් ඔක්කොමත් එක්ක මට semester එකෙන් semester එකට results improve කරගෙන
අන්තිමට 1st class එකක් ගන්න පුළුවන් වුනා.

අපිට ඕන වුණා සර්ට මතක හිටින සුන්දර සිදුවීම් වල මතකයන් දෙන්න. ෆැලන් කිව්වා "සර් කසුන් තමයි
ඉස්සර research කරද්දී මුළු department එකම ගඳ ගස්සන්නේ." මම කිව්වා සර්ට "සර් මට ඕනෙ වුනේ
මොකක්මහරි හොඳ solid electrolyte එකක් synthesize කරන්න." ඒ කාලේ මතක් වෙද්දීත් විනෝදයි. මගේ
undergraduate research එක මම තනියම ගැටගහගෙන ගියේ සෑහෙන අභියෝග මැද්දේ. ලෝකේ තියෙන
හැම electrolyte material එකක් ගැනම research articles ටොන් ගණන් කියව කියව හෙව්වා මට synthesize
කරන්න පුළුවන් අලුත් materials මොනාද කියල. chemicals 100 ක විතර list එකක් පද්මිණි මිස් ළඟට අරන්
ගියාම සමහර වෙලාවට ඒ එකක්වත් available නෑ . තියෙන chemicals වලින් සමහර compounds synthesize
කරන්න ගියාම foul smell , smoke ,spills වගේ අමුතු දේවල් වලට මුහුණදෙන්න වුණා . ඒත් ඒ
හැමදේකින්ම මම අත්දැකීම් එකතු කර ගත්ත. ජෙගරාළ (Jegger ) සමහර වචන උච්චාරණය කරන හැටි සර්
කිව්වම අපිටත් බඩ පැලෙන්න හිනා: නෙස්ටමෝල්ට් වලට නෙට්ටමෝල්ට් , ස්පන්චි වලට පන්චි ,මසාජ් වලට
මුසාජ්.

සර්ගේ පවුලේ සාමාජිකයින් ගැනත් රසවත් තොරතුරු ගොඩක් අපිට කිව්වා. සමාජ සත්කාර කටයුතු වල නිතර
නියැලෙන සර්ගේ අයිය, Lyceum පාසලේ විශේෂ අවධානයක් ඕන වෙන ළමයින්ගේ mental health
promotion එක වෙනුවෙන් කටයුතු කරන සර්ගේ දුව, සමාජ මෙහෙවරක් කරන පුද්ගලයින් වෙනුවෙන්
නොමිලේ පරීක්ෂණ කරවා දෙන සහ විශාල පරිමාණයේ microbial testing lab එකක් පවත්වාගෙන යන
සර්ගේ wife සහ ඒ කාලේ රික්ෂෝ එකෙනුයි , බක්කි කරත්තෙනුයි ගමන් ගිය සුන්දර අතීතේ ගැන. සර්ගේ
පවුලේ තව විශේෂම සාමාජිකයෙක් තමයි සර්ගේ බල්ලා . ගෙදර අන්කෙත් 20, එදා එයාව ඔටාරගේ Embark
එකෙන් ගන්නකොට අංක 20 tag එකක් තිබ්බ හින්දයි, එයාට රුපියල් 20 පොඩි කෝප්ප, පිගන් අරන් දුන්න
හින්දයි එයාට හම්බුන නමත් Twenty. සර් සහ Twenty අතර තිබ්බේ ප්‍රබල බැඳීමක්. මම සර්ට visa approve
වුන දවසේ කතාකලාමත් කිව්වේ " කසුන් දැන් මේ රටට ගිහිල්ල තියෙන කල නම් කතාකරලා වැඩක් නෑ . ඒ
තරමට පිරිහිලා. රට බල්ලට ගියයි කියන්න බෑ. බල්ලන්ට මිස්සුන්ට වඩා හොඳ ගතිගුණ තියෙනවා."

සර් එදත් පිරිහුණු දේශපාලනය, අධ්‍යාපනයේ අක්‍රමිකතා එක්ක ලංකාවට උදාවෙලා තියෙන භයානක තත්වය
ගැන කතාකල. සර්ට අවුරුදු 30 ක civilian වර එකට වඩා හිතට තදින්ම දැණුනේ අප්‍රේල් 21 ප්‍රහාර මාලාව.
ළමයි අතර illegal drugs බෙදාහරින භයානක මත්ද්‍රව්‍ය ජාවාරම නවත්වන්න දැඩි නීති ගේන්න වුවමනා වෙන
එක අවධාරණය කළා. හෝමාගම central එකේ ළමයි ගැන සමීක්ෂණයක් කලාම ඒකෙ පිරිමි ළමයි
ඉගෙනගන්න තියෙන උනන්දුව සෑහෙන්න අඩු වෙලා කියල හොයාගෙන. මට හිතෙන විදියට ඒකට සමාජ
ජාලා වෙබ් අඩවි තමයි වැඩිපුරම වග කියන්න ඕනේ. ඒ වයසේදී ඒවා use කරන්න පටන් ගත්තම ඒවට
ඇබ්බැහි වෙනවා. සර් තමයි A level වලට "10 minutes reading time "එක එකතු කළේ .ඒකෙන් ළමයි exam
pressure එක අඩු කරලා careless mistakes අඩු වෙන්නත් හේතු වෙනවා. ඉදිරියේදී memorizing parts
ගොඩක් අඩු කරලා, conceptual skills මනින open book exams ක්‍රමවේදය A level වලට ගේන්නත් කටයුතු
කරනවා කිව්වා. එක සැරයක් සර්ලට PhD එකේදී තිබුණු ඉතාම අමාරු “take-home exam” එකක් ගැනත්
කිව්වා. ඒ අතරේ සර්ට කැනඩාවේදී සහ ලංකාවේ හම්බුනු අනතිමානි චරිත ගැන ගොඩක් විස්තර කිව්වා.

සර් අන්තිමට අපිට කිව්වේ ඉදිරියේදී වැඩ මහන්සි වෙලා කොහොමහරි කරන්න කියල. පවුලේ අයගෙන්
වෙන්වීම වගේ දුකක් හිතට දැනුනු වෙලාවක සමබරව මුහුණ දෙන්න කියලත් උපදෙස් දුන්න. අන්තිමට සමු
ගන්න අවස්ථාව ආවම අපෙන් කීප සැරයක්ම ඇහුව රෑ වෙලා ගෙවල් වලට යන්න විදියක් තියෙනවද, එහෙම
නැත්නම් සර්ගේ විශ්වාසවන්ත driver කෙනෙක් ඉන්නවා එයාව arrange කරලා දෙන්න පුළුවන් කියල.
අන්තිමට යන්න කලින් සර් අපිට රට ගෙනියන්න කියල වියලි ආහාර gifts විදියට දුන්න. සර්, මැඩම් ඇතුළු
හැමෝම අපි වෙනුවෙන් කාලයයි ශ්‍රමයයි වැයකරන්න අනතිමානි වීම ගැන අපේ හිත් වල පුදුම ගෞරවයක්
තියෙන්නේ. සර් විශ්‍රාම ගියාට පස්සේ අපේ campus එකට ලොකු අඩුවක් වෙයි. සර් වගේ මනුස්සකමයි,
දැනුමයි දෙකම ඉස්තරම් විදියට තියෙන පුද්ගලයෙක් හොයාගන්න එක ගොඩක් විරල දෙයක්.

මගේ තාත්ත මේ ලෝකෙන් සමු ගන්නකොට මට අවරුදු 7 යි, අයියට 14 යි. ඊට පස්සේ අම්මයි, තාත්තයි
දෙන්නම වුනේ මගේ අම්මා. අයියත් නොසෑහෙන්න උදව් කරා මට මේ තත්ත්වෙට එන්න. campus ජීවිතේදී
මගේ විතරක් නෙවෙයි, සර්ගෙන් ඉගෙන ගත්ත ළමයි හැමෝටම සර් සැලකුවේ තාත්ත කෙනෙක් දරුවන්ට
සලකන විදියට. මට මේ ලැබුණ PhD offer එක වෙනුවෙනුත් සර් ලොකු කැපකිරීමක් කළා.මට
recommendations ලියන්න සර් නිරායාසයෙන්ම ඉදිරිපත් වුණා . මම universities කීපයකටම apply කළා.
ගිය අවුරුද්දේ දෙසැම්බර් ඉඳන් මේ අවුරුද්දේ පෙබරවාරි වෙනකන් කිසිම offer එකක් අවේ නෑ . ඒ කාලේදී
දැරණියගල සර්ව දකින හැම වෙලේම මගෙන් ඇහුව "කසුන් campus එකකින් තාම ආවේ නැද්ද" කියල. සර්
අපි වෙනුවෙන් කොච්චර වදවෙනවද කියල මේ දෙයින්ම පේනවා. "තාම ආවේ නෑ සර්" කිව්වම සර්ටත් දුකයි.
ඒත් සර් අපේ හිත හදනවා"ඉවසන්න කසුන්. සුදුසු වෙලාවට සුදුසු දේ ලැබෙයි." කියල. ඒ මාස කීපයේ මම
පුදුම විදියට මානසිකව විදෙව්වා. offer එකක් ඇවිල්ල ඇති කියල බලාපොරොත්තු තියාගෙන හැමදාම දවස
ගානේ උදේට emails check කරන වෙලාවේ rejection letters දැක්කම පුදුම දුකක් වගේම බයක් දැනුනේ.
මට හම්බුන offer එක හරිම පුදුමාකාරයි. මට offer එකක් හම්බුනෙත් Tulane University එකෙන් විතරයි. ඒ
පෙබරවාරි අග. Tulane review panel එක මගේ application එක approve කෙරුවේ recommendation
letters දෙකකින් විතරයි. ඒ දැරණියගල සර්ගේ සහ නිල්වලා මැඩම්ගේ recommendation letters.
දැරණියගල සර් සහ නිල්වලා මැඩම් recommendation letters යවපු දවසෙම රෑ මට Tulane review panel
approval email එක ආව. ඊට පහුවෙන්දම (සෙනසුරාදා දවසක්) මම skype intewrview එක arrange
කරගත්ත. පස්සෙ සතියෙ සඳුදම මට offer එක හම්බුනා.

සර් අපි වෙනුවෙන් කරන හැමදේටම අපි සර්ට ණයගැතියි. ඒ හැමදේටම සර්ට ගොඩක් පිං. අපිට සර්
වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම දේ හොඳින් ඉගෙන ගන්න ගමන්ම සර්ගේ යහපත් ගතිගුණ අපේ
ජීවිතේට එකතුකරගන්න එක. ඒ දේ වෙනුවෙන් අපි පුළුවන් උපරිමයෙන් උත්සහ කරනවා. සියලුදෙනාටම
යහපතක්ම වේවා!

You might also like