You are on page 1of 2

P&D/G/ER-A/919-VIV

2021.03.02

වාසුදේව නානායක්කාර (පා.ම.)


ජල සම්පාදන අමාත්‍ය,
අංක 35, ලක්දිය මැදුර, නව පාර්ලිමේන්තු පාර,
පැලවත්ත, බත්තරමුල්ල.

අමාත්‍යතුමනි,

පානිය ජල ව්‍යාපෘතියේ ඉතිරි වැඩ අවසන් කිරීම සම්බන්දව

උක්ත කරුණ සම්බන්දව ගරු වාසුදේව නානායක්කාර අමාත්‍යතුමාගේ 2021.02.09 දිනැති ලිපිය සහ ඉෂාක් රහුමාන්
මන්ත්‍රීතුමාගේ 2021.01.28 දිනැති ලිපිය හා බැදේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 659 ආනකටාව තුලානේ ඉබ්බන්කට්ටුව
වාන් ඇලෙන් දකුණු කොටසට අයත් ප්‍රදේශයට මේ වන විටත් නල ජල ආවරණය ජාතික ජල සම්පාදන හා ජලාපවහන
මණ්ඩලය විසින් ක්‍රියාත්මක කල විසල් දඹුල්ල ව්‍යාපෘතියේ අදියර I යටතේ ලබා දී ඇත.

නමුත් ඉබ්බන්කට්ටුව වාන් ඇලෙන් වම් කොටසට අයත් ඉල්ලීම් කර ඇති ප්‍රදේශය, අංක 658 ගිරානේගම,
අංක 661 දඹුලු හල්මිල්ලෑව, අංක 660 නාරන්ගස්වැව ඇතුළු ග්‍රාම නිලධාරි වසම් 14 ක් සදහා නල ජල ආවරණය සිදු
කිරීමට සැලසුම් කර ඇත්තේ විසල් දඹුල්ල ව්‍යාපෘතියේ අදියර II යටතේ තලකිරියාගම ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත
ජල කුලුනට අයත් නල ජල එලීම් මගිනි.

එබැවින් එම කටයුතු අවසන් වූ පසු මෙම ප්‍රදේශය සදහා නල ජල ආවරණය ලබා දීමට හැකි බව කාරුණිකව දැන්ව
සිටිමි.

ස්තූතියි.

මෙයට-විශ්වාසී,

............................................

ඉංජි. ටී. එම්. එම්. එච් තෙන්නකෝන්.

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (උමැ)

පිටපත් : 1.ඒ. ආර් ඉෂාක් රහුමාන් මන්ත්‍රීතුමා - දැ.ගැ.පි.

2. ලිපිගොනුව
P&D/G/ER-A/919-VIV

You might also like