You are on page 1of 9

අද දින-2020.1.30 මෙතුවක් කල් කෙරුණු රාජකාරි ජීවිතයේ ඉතාමත් ඉක්මනින් නඩු කටයුතු.

උදේ
11.45 පමණ නිමවූ දවසක් ලෙස ඉතාමත් සතුටින් සටහන් කරමි. රාජකාරි ජීවිතේ හමුවූ එකම දවස
ලෙස මා සලකමි.

මෙය අද දින අධිකරණයේ අපරාධ නඩුවකට සාක්ෂි ලබා දීමට පැමිණි ඉඩම් කොමසාරිස් ජෙනරාල්
කාර්යාල නිලධාරියෙකු විසින් රජයේ බලපත්‍ර සම්බන්ධ ඉඩම්ල ලබා ගැනීමේ සිට එම ඉඩම උගසට
තියා මුදල් ලබා ගැනීම දක්වා සවිස්තරාත්මකව දුන් සාක්ෂි සටහනක් ඇසුරෙන්මෙ ය පිටපත් කරමි.
මෙම සාක්ෂි විමසනුයේ ගරු අධිකරණය විසිනි

Q1. පදිංචිය සඳහා ඉඩමක් ලබාගන්නේ කෙසේද?

පදිංචි ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ප්‍රාදේශීය ලේකම් මුන ගැසී අවශ්‍යතාවය ලිඛිතව
ඉදිරිපත් කරන්න. ඉඩම් නොමැති අය ලියාපදිංචි කරනු ලබන අවස්ථාවන්හිදී ආදර්ශ ඉල්ලුම්පතක්
ලබාදීම මඟින් ඉඩම් කච්චේරි පවත්වන අවස්ථාවන්ට ඉදිරිපත්වී සුදුසුකම් ලැබීමට අවකාශ ඇත.

Q2. අනවසරයෙන් අල්ලාගෙන දීර්ඝ කාලයක් භුක්ති විඳින ඉඩම සඳහා ස්ථිර බලපත්‍රයක් ලබාගත
හැකිද?

දැනට අනවසර නියමානුකූල කිරීමේ වැඩසටහන නතර කරලයි තියෙන්නෙ. එහෙත් ඉඩම්
නොමැත්තෙක්නම් නව ඉඩම් කච්චේරි ක්‍රමය තුල ලියාපදිංචි වී ඉඩම හෝ ඉඩමෙන් කොටසක්
නීත්‍යානුකූලව ලබාගැනීමට අවකාශ ඇත.

Q3. රජයේ ඉඩමක අයිතිය හිමිවන්නේ සින්නක්කර ඉඩම්වල අයිතියයන ආකාරයටද? නොඑසේනම් එම
ආකාරය විස්තර කරන්න.

නැහැ. රජයේ ඉඩම්වල අයිතිය පැවරෙන්නේ වෙනත් ක්‍රමයකටය. ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ
ලබාදී ඇති අවසර පත්‍රයක් හෝ ප්‍රදාන පත්‍රයක් නම් අයිතිකරු මියගියවිටක කලත්‍රයාට ජීවිත භුක්තිය
පමණක් හිමි වෙනවා. නමුත් කලත්‍රයා අනුප්‍රාප්තිය සඳහා නම්කර ඇතිවිටක සම්පූර්ණ අයිතිය
හිමිවෙනවා. කලත්‍රයාද මියගියවිටක අනුප්‍රාප්තිය නම්කල අයට අයිතිය හිමිවෙනවා. එසේ අනුප්‍රාප්තිය
නම්කර නොමැතිනම් එම පනතේ III උපලේඛනය අනුව වැඩිමල් පිරිමි දරුවාට හිමිවෙනවා.

Q4. ස්වර්ණභූමි ඔප්පුවක, ජයභූමි ඔප්පුවක, රංබිම ඔප්පුවක අනුප්‍රාප්තිය නම්කරන්නේ කෙසේද?
විස්තරකරන්න.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශයට ගොස් අවශ්‍යතාවය කියන්න. එවිට ඉ.කො. 155 ආකෘතිපත්‍ර
3 ක් ඔබට ලබාදේවි. එය සම්පූර්ණකර අවලංගු නොකරණ ලද රුපියල් 25 ක් වටිනා මුද්දර 3 ක් සමඟ
භාරදුන් පසු එය අදාල දිස්ත්‍රික්කයේ ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයේ ලියාපදිංචි කරනු ලැබේ.

Q5. ඔප්පුවක් (ප්‍රදානපත්‍රයක්) බැංකුවට තබා ණයක් ගන්න පුළුවන්ද? එසේනම් අවශ්‍ය ලියවිලි මොනවාද?

ඔව් පුළුවන්. එසේ ණයක් ලබාගැනීමට හැකිවන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති විසින් 1988 අංක
78 දරණ මුදල් පනත යටතේහා 1988 අංක 30 දරණ බැංකු පනත යටතේ ලියාපදිංචි කරන ලද
ආයතනවලින් පමණයි. මෙහිදී පහත ලියවිලි ප්‍රදේශීය ලේකම් වෙත ඉදිරිපත් කර අවසරය ලබාගන්න.

අදාල බැංකුවෙන් ලබාගත් ලිපිය


ඉඩම හිමි පුද්ගලයාගේ ඉල්ලීමේ ලිපිය

ප්‍රදාන පත්‍රයේ (ඔප්පුවේ) පිටපත්


ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් ලබාගත් පත්ඉරුව

Q6. ඔප්පුවක් (ප්‍රදානපත්‍රයක්) පිට කෙනෙකුට පවරන්න පුළුවන්ද? එය පැහැදිලි කරන්න.

ප්‍රදාන පත්‍රයක් පැවරීම කලහැක්කේ ලේ ඥාතියෙකුට පමණයි. (III උපලේඛනයඅනුව) ඒත් ප්‍රදාන පත්‍රකරු
හෝ පවුලේ අය අනාථභාවයට පත්නොවන්නේනම් ගොවි පංතියේ කෙනෙකුට පැවරීමට අවකාශ
තිබෙනවා.

Q7. රජයේ ඉඩමක් සඳහා දීර්ඝකාලීන බද්දක් ලබාගත හැක්කේ කාටද?

ටෙන්ඩර්, ඉඩම් කච්චේරි වෙන්දේසි මගින් තෝරාගත් අයෙකුට

පුණ්‍යමය, ආගමික හෝ විද්‍යාත්මක කටයුත්තකට රජයේ ඉඩමක් ඉල්ලා සිටින අයෙකුට


ප්‍රජා කටයුතු සඳහා ප්‍රජා සමිතිවලට
සමූපකාර සමිතිවලට

රජයේ අනුබද්ධ සංස්ථාපිත ආයතනවලට (බැංකු, සංස්ථා, මණ්ඩල)


වාණිජ හෝ කාර්මික හෝ කෘෂිකාර්මික ව්‍යාපෘතිවලට

Q8. දීර්ඝකාලීන බලපත්‍රයක් ලබාගැනීමට අවශ්‍යවන ලියකියවිලි මොනවාද?


පුද්ගලයෙකුනම්,

ඉල්ලීම
යම්කිසි බලපත්‍රයක් හෝ ලිඛිත අවසරයක් වේ නම් එම බලපත්‍රය හෝ අවසරපත්‍රය

දිවුරුම් ප්‍රකාශය (තමා වෙත පවතින ඉඩකඩම් අක්කර 50 ක සීමාවක පවතින බවට, ප්‍රාදේශීය ලේකම්
විසින් නිකුත් කරන ආකෘතියට අනුව)
මැණුම් පිඹුර හෝ දළ අනුරේඛනය
බදු ගෙවන බවට දිවුරුම් ප්‍රකාශය

පොදු සමිතියක් නම්,

සමිතියේ ඉල්ලීම
ලියාපදිංචි කිරීමේ සහතිකය
සමිති ව්‍යවස්ථාව
දිවුරුම් ප්‍රකාශය
මැණුම් පිඹුර හෝ දළ අනුරේඛනයක්

සීමිත සමාගමක් නම්,

ලියාපදිංචි කිරීමේ සහතිකය


අධ්‍යක්ෂවරුන්ගේ විස්තර
ව්‍යාපෘති වාර්තාව
දිවුරුම් ප්‍රකාශය
මැණුම් පිඹුර හෝ දළ අනුරේඛනය

Q9. බදු ඔප්පුවක තිබෙන කොන්දේසි මොනවාද?

බදු කාලය වසර 30 කි.

වාර්ෂිකව බදුකුලිය ගෙවිය යුතුය.

සෑම වසර 5 කට වරක්ම 5% කින් බදු ප්‍රමාණ සංශෝධනය වේ. (මෙය නේවාසික ඉඩම් සඳහා අදාළ
නොවේ.)

ඉඩම ලබාගත් කාරණයෙන් පරිබාහිර කාරණයකට යෙදවිය නොහැක.


ඉඩම මනා සංවර්ධන තත්ත්වයක් යටතේ පවත්වාගෙන යා යුතුය.

ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ පූර්ව විධිමත් අවසරයකින් තොරව අතුරු බදු, උකස් හා පැවරුම් කිරීම
සිදුකළ නොහැක.

බදු දෙනු ලබන අරමුණට අදාළව විශේෂ කොන්දේසි ඇතුලත් කළ හැකිය.

කොන්දේසි කඩකිරීමකදී බදුකරය අවලංගු කිරීමට කටයුතු කළ යුතුය.

Q10. ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ මෙතෙක් නිකුත් කර ඇති ඔප්පු මොනවාද?

ස්වර්ණභූමි
ජයභූමි
රත්නභූමි
රන්බිම

Q11. ඔප්පුවක ඇති වැදගත් කම කුමක්ද?


ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ මෙතෙක්කල් බලපත්‍රයක් මත සංවර්ධනය කළ ඉඩමක පූර්ණ
අයිතිය ලබාදෙන නීත්‍යානුකූල ලියවිල්ලකි.

Q12. ඔප්පුවක් ලබාගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම් මොනවාද?

ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ බලපත්‍රයක් මත ඉඩමක් ලැබී තිබිය යුතුය.

ඉඩම හොඳින් සංවර්ධනය කර තිබිය යුතුය.

පදිංචියට දුන් ඉඩමක් නම් නිවසක් සාදා පදිංචිව සිටිය යුතුයි.

රජයට ගෙවිය යුතු මුදල් ගෙවා අවසන් කළ යුතුයි.

Q13. ඔප්පුවක් ලබාගත හැක්කේ කෙසේද?

ඉහත සුදුසුකම් සපුරා ඇත්නම් ඉල්ලුම්පත ග්‍රාම නිලධාරී හෝ ක්ෂේත්‍ර උපදේශකට භාරදෙන්න.

ග්‍රාම නිලධාරී හෝ ක්ෂේත්‍ර උපදේශක ඉඩම පරීක්ෂා කර බලා වාර්තාවක් ප්‍රාදේශීය ලේකම් වෙත
ඉදිරිපත් කරයි.
ඉඩම් නිලධාරී / ජනපද නිලධාරීද ඉඩම පරීක්ෂාකර ඉඩම සංවර්ධනය කර ඇති බවට සහතික කළ
වාර්තාවක් ප්‍රාදේශීය ලේකම් වෙත ලබාදේ.

ප්‍රාදේශීය ලේකම් මැනුම් දෙපාර්තමේන්තුව ලවා ඉඩම මැන මායිම් ගල් යොදා පිඹුර ලබාගනී.

පිඹුර ලැබුන පසු ප්‍රාදේශීය ලේකම් ඔප්පුව පිළියෙල කර පළාත් ඉඩම් කොමසාරිස් මගින් ඉඩම්
කොමසාරිස් ජනරාල් වෙත එවයි.
ඉඩම් කොමසාරිස් ජනරාල් ඔප්පුව පරීක්ෂාකර නිවැරදි නම් ජනාධිපතිතුමාගේ අත්සන ලබාගැනීම සඳහා
ජනාධිපති ලේකම් වෙත යවයි.

ජනාධිපති ලේකම්ගෙන් අත්සන සහිත ඔප්පුව ලැබුණ පසු එය ප්‍රාදේශීය ලේකම් වෙත යවනු ලබයි.

ප්‍රාදේශීය ලේකම් විසින් ඔප්පුව සඳහා සේවා ගාස්තු ලෙස රුපියල් 100/- ක ගාස්තුවක් ගෙවන ලෙස
දන්වයි.

එම මුදල නොපමාව ගෙවීම සඳහා ක්‍රියා කළ යුතුය.

ඉන්පසු ප්‍රාදේශීය ලේකම් විසින් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ඔප්පුව ලියාපදිංචි කර එය වෙත
ලබාදේ.

Q14. ඔප්පුව හා බලපත්‍රය අතර වෙනස්කම් මොනවාද?

බලපත්‍රය යනු තාවකාලික ලියවිල්ලකි.

එය කොන්දේසි සහිතයි.

කොන්දේසි උල්ලංඝනය කළහොත් බලපත්‍රය අවලංගු කළ හැක.

එහි මැනුම් පිඹුරක් අමුණා ඇත.

බලපත්‍රය අත්සන් කරනුයේ ප්‍රාදේශීය ලේකම් විසින්ය.

ඔප්පුවට ජනාධිපතිතුමා අත්සන තබා ඇත.

ඒ නිසා ඉඩමේ අයිතිය සම්පූර්ණයෙන්ම හිමි වේවි.


Q15. ඔප්පුවකින් සාමාන්‍ය ජනතාවට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

ඉඩම සංවර්ධන කිරීමට හෝ ගේ දොර අළුත්වැඩියා කිරීම සඳහා ණය මුදලක් ලබාගැනීමට අවශ්‍යවු
විට නිරවුල් ඔප්පුව බැංකුවකට උකස් කළ හැක.

දරුවෙකුගේ ණය මුදලක් සඳහා ඇපයට තැබිය හැක.

Q16. ඔප්පුවක අයිතිය (පසුඋරුමය) ලබාදීම


පැහැදිලි කරන්න

ඔප්පුවක් ලැබුණු ඉඩමක අයිතිය දිය හැක්කේ තමන්ගේ භාර්යාවට / ස්වාමිපුරුෂයාට, දරුවන්ට හෝ ලේ
නෑයෙකුට පමණි.

කැමති නම්, ඔප්පුවේ ඇති සීමාවන් අනුව, තම දරුවන්ට කොටස්කර ලබාදිය හැක.

තමන්ගේ භාර්යාව හෝ ස්වාමිපුරුෂයාටද අවශ්‍ය නම් අයිතිය ලබාදිය හැක.

එසේ නොමැතිනම් තමන්ගේ ලේ නෑයෙකුටද අයිතිය ලබාදිය හැක.

ඉඩමේ පසු අයිතිය ලැබිය යුත්තේ කාටද

යන්න තීරණය කිරීමේ අයිතිය ඉඩම හිමි පුද්ගලයා සතුය. භාර්යාවට / ස්වාමිපුරුෂයාට දරුවෙකුට හෝ
ලේ ඥාතියෙකු වන ඕනෑම අයෙක් පසු අයිතියට නම් කිරීමට පුළුවන්.

Q17. පසු අයිතිය නම්කර නොමැතිව දීමනාපත්‍රකරු මියගියහොත්

දීමනා පත්‍රකරුට සිටි පිරිමි දරුවන්ට පළමුව අයිතිය හිමිවේ.

පිරිමි දරුවෝ කිහිප දෙනෙක් සිටියහොත්, වැඩිමහල් පිරිමි දරුවාට අයිතිය හිමිවේ.

ගැහැණු දරුවෝ පමණක් සිටී නම් වැඩිමහල් ගැහැණු දරුවාට අයිතිය හිමිවේ.

එවැනි අවස්ථාවක ඉඩම භුක්ති විදින්නා වෙනත් අයෙකු වූවද අයිතිය ලබාදීමට නීතියෙන් ඉඩ නැත.

එසේනම්, අයිතිය නම් කළොත්, දුරුවන්ට සාධාරණය ඉටුකර දියහැකියි නේද?

පුළුවන්
Q18. අයිතිය නම් කරන්නේ කෙසේද?

මේ සඳහා කිසිම ගාස්තුවක් අයකරන්නේ නැත.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් 155 ආකෘති 3 ක් ලබාගෙන, එය සම්පූර්ණ කර නැවත භාරදෙන්න.

එම ආකෘතිපත්‍රය නොතාරිස්වරයෙක්, සාමදාන විනිශ්චයකාරවරයෙක්, ඉඩම් රෙජිස්ට්‍රාර්වරයෙක් මගින්


සහතික කර ගත හැකිය.

එම සහතික කිරීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් පහසුවෙන් හා නොමිලේ කරගත හැකිය.

එම ලියවිලි ඉඩම් ලියාපදිංචි කාර්යාලයේ ලියාපදිංචි කර එක් පිටපතක් භාරදේ.


එම පිටපත සුරැකිව තබා ගත යුතුය

Q19. නම් කිරීමක් අවලංගු කළ හැකිද?

පුළුවනි.

අවශ්‍ය අය නම්කර, අලුත් ආකෘති 3 ක් ලියාපදිංචි කළවිට කළින් නම් කිරීම අවලංගුවේ.

මෙම සම්බන්ධව සාමාන්‍ය ජනතාවට වැඩි විස්තර දැනගැනීමට රජයේ සේවකයන් සිටීද?

ග්‍රාම නිලධාරී

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජනපදනිලධාරී / ඉඩම් නිලධාරී

සහකාර ප්‍රාදේශීය ලේකම් / ප්‍රාදේශීය ලේකම්

Q20. ඔප්පුවකින් ණයක් හෝ උගසක් ගන්නේ කොහොමද?

ඉල්ලීම ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුය. ඔහු ග්‍රාම නිලධාරී / ජනපද නිලධාරීන්ගේ වාර්තා
ලබාගනු ඇත.
එම ඉල්ලීම සමග මුල් ඔප්පුව, එය ලියාපදිංචි කළ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් ලබාගත් පත්ඉරුවල
පිටපත් ඉදිරිපත් කළ යුතුය.
ණය හෝ උකසගැනීමට හෝ උකස් කිරීමට බලාපොරොත්තු වන ආයතනයේ ලිපියක් සමග එම
ආයතනය සකස් කළ ගිවිසුම් ඔප්පු කෙටුම්පතේ පිටපතක් ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුය.

ප්‍රාදේශීය ලේකම් අවසර ලිපියක් අනුමත කළ ණය ගිවිසුම් ඔප්පු කෙටුම්පත සමග ලබාදේ.

එම ලිපියත්, අනුමත කළ ණය ගිවිසුම් ඔප්පුවත් ණයදෙන ආයතනය වෙත ඉදිරිපත් කළ යුතුය.

Q21. ඔප්පුවට ඇපයට තබා ණය ගතහැකි ආයතන මොනවාද?


මහජන බැංකුව
රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව
ලංකා බැංකුව
ලංකා සංවර්ධන මූල්‍ය බැංකුව‍
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය
සීමාසහිත ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව
සමූපකාර සමිති ආඥා පනත යටතේ ලියාපදිංචි සමිති සමාගම්
ඉඩම් කොමසාරිස් ජනරාල් විසින් අනුමත කරන ලද වෙනත් ආයතන

1988 අංක 30 දරණ වාණිජ බැංකු පනත යටතේ ලියාපදිංචි ආයතන

1963 අංක 11 දරණ මුදල් සමාගම් පනත යටතේ ලියාපදිංචි ආයතන

1979 අංක 27 දරණ මුදල් සමාගම් පනත යටතේ ලියාපදිංචි ආයතන

1988 අංක 78 දරණ සංශෝධිත මුදල් පනත යටතේ ලියාපදිංචි ආයතන

Q22. ගත් ණය නොගෙව්වොත්


ණය හෝ උකස බේරුවේ නැත්නම් ඉඩම එම ආයතනය සඳහා සින්න වේවි
ඒ අයට ඉඩම විකුණා ණය මුදල අයකරගැනීමට පුළුවන්

ඒ අවස්ථාවේදී ඉඩම ඕනෑම අයෙකුට මිලදී ගන්න පුළුවන්. එහිදී පංතිය, රැකියාව, ආදායම සලකන්නේ
නැහැ.
මිලදී ගන්නේ කොන්දේසිවලින් බැඳුනු ඉඩමක් නිසා ඉඩම මිලදී ගත් අය ඔප්පුවේ තිබෙන කොන්දේසි
අනුව කටයුතු කිරීම අවශ්‍යයයි.

මිලදීගත් අය එම ඉඩම නැවත පැවරීමේදී ප්‍රාදේශීය ලේකම්ගේ පූර්ව අවසර ලිපියක් ලබාගත යුතුය.
Q23. දරුවකුගේ ණය මුදලකට ඇපයක් ලෙස ඔප්පුව තියන්න පුළුවන්ද?

පුලුවනි. එහිදී අදාළ පුද්ගලයා ණය මුදලේ ඇපකරු වේවි.

You might also like