You are on page 1of 22

සීමාන්විතයි

හැඳින්වීම
1. ශ්‍රී ලංකාව ඈත අතීතයේ දී අපරදිග විදේශිකයන් විසින් නිල වශයෙන් හෙලංකා,
ලංකා, සිංහලේ යනුවෙන් සහ අරාබිවරුන් විසින් සීලාන්, සිලෝන්, සෙරන්දිබ් සහ
තැප්‍රෝබේන් යන නම් වලින් හඳුන්වා ඇත. සිව් හෙළය, හෙළය, තම්බපන්නි, සීලදීප,
රත්නදීප, ඉන්දියන් සාගරයෙහි මුතු ඇටය හා පෙරදිග ධාන්‍යාගාරය ආදී අන්වර්ථ නාම
සහ විරුදාවලි වලින් ද ශ්‍රී ලංකාව හඳුන්වන ලදී. ශ්‍රී ලංකාවෙහි නිල නාමය ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය වන අතර දකුණු ආසියාවට අයත්, ඉන්දියාවේ අග්නිදිග
ප්‍රදේශයට සමීපව පිහිටා ඇති දූපත් රාජ්‍යයකි. ශ්‍රී ලංකාව සතුව පවතින සමුද්‍රීය සීමාව වයඹ
දෙසින් ඉන්දියාව සමගත් සහ නිරිත දෙසින් මාලදිවයින සමගත් මායිම්ව පවතී. ශ්‍රී ලංකාව
ඒකීය රාජ්‍යයක් වන අතර එහි ආණ්ඩුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය නම්
වේ. 1972 දී සිලෝන් හෙවත් ලංකා නම් වූ රාජධානිය අහෝසි කොට 1972 මැයි 22 දින
"ශ්‍රී ලංකා" සමාජවාදී ජනරජය පිහිටුවන ලදී. එමෙන්ම 1978 දී "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික
සමාජවාදී ජනරජය" පිහිටුවීමද සිදුවී ඇත.
2. ශ්‍රී ලංකාවේ ලිඛිත ඉතිහාසය වසර 3000 ක් පමණ අතීතයට විහිදෙන අතර ප්‍රාග්-
ඓතිහාසික මානව ජනාවාසයන්ගේ ඉතිහාසය අවම වශයෙන් වසර 125,000 ක් දක්වා
විහිදේ. දිවයිනෙහි භූගෝලීය පිහිටිම සහ ඒ සබැඳි වරාය පිහිටීම්, පුරාණ සේද මාවත
ක්‍රියාත්මකවූ සමයේ සිට දෙවන ලෝක යුද්ධය දක්වාද ශ්‍රී ලංකාවට උපායමාර්ගික
වැදගත්කමක් ඇතිකරවා තිබිණි. පසුකාලීනව ඇරඹුණු බ්‍රිතාත්‍ය යටත් විජිත පාලනය
සමයේ සිට වර්ෂ 1972 දක්වා කාලසීමාවේදී ශ්‍රී ලංකාව, ලංකාව ලෙස හඳුන්වනු ලැබීය.

3. බහුවිධ හා බහුසංස්කෘතික රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව, බොහෝ ආගම්, ජන වර්ග සහ


භාෂා රැසකට නිවහන වේ. දිවයිනෙහි බහුතරය වූ සිංහල ජනතාවට අමතරව, එහි
අනෙකුත් සුළු වාර්ගික කණ්ඩායම් ලෙස ශ්‍රී ලාංකික සහ ඉන්දියානු දෙමළ, මරක්කල,
බර්ගර්, මැලේ, කාපිරි සහ ස්වදේශීය වැදි ජනතාව වාසය කරනු ලබයි. ඉතා පොහොසත්
බෞද්ධ උරුමයක් සතු ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉතිහාසමය බෞද්ධ ලේඛනගත කිරීම වන පාලි
ත්‍රීපිටකය, ක්‍රි.පූ. 29 සිව්වන ධර්ම සංගායනා සමය තෙක් දිවයයි.

4. ශ්‍රී ලංකාව අර්ධ-ජනාධිපතිමය ක්‍රමය යටතේ පාලනය වන ඒකීය හා ජනරජ


රාජ්‍යයක් වේ. එහි පරිපාලන අගනගරය, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වන අතර දිවයිනේ
විශාලතම නගරය වන කොළඹ නගරය වාණිජ අගනගරය ලෙස හඳුන්වයි.

1
සීමාන්විතයි
සීමාන්විතයි

5. ශ්‍රී ලංකාව සතු විදේශ සබඳතා දිගු ඉතිහාසයකින් සමන්විත වේ. ශ්‍රී ලංකාව දකුණු
ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානයේ (SAARC) ආරම්භක සාමාජිකයෙකු වන අතර,
එක්සත් ජාතීන්, පොදු රාජ්‍ය මණ්ඩලය, ජී77 සහ නොබැඳි ජාතීන් යන සංවිධානවලද
සාමාජිකයෙකු වේ. එමෙන්ම ශ්‍රී ලංකාව වර්ථමානයේ දකුණු ආසියානු කලාපය තුල
ඉහලම මානව සංවර්ධන දර්ශකය පෙන්නුම් කරන රටක්ද වේ.

ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා පිළිබද ඉතිහාසය

6. වසර දෙදහසකටත් වැඩි කාලයක් තිස්සේ ස්වාධීනව පැවැති නූතන රාජ්‍ය කිහිපය
අතුරින් එක් රාජ්‍යයක් වීම හේතුවෙන් ශ්‍රී ලංකාව විශේෂත්වයක් උසුලයි. එම කාල
වකවානුවෙන් වැඩි කාලයක් තුළ, ජාත්‍යන්තර කටයුතු ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාව කැපී
පෙනෙන භූමිකාවක් නිරූපණය කළ බව පහත ආකාරයෙන් පෙන්වා දිය හැක.

7. ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලට ජාත්‍යන්තර ප්‍රවිෂ්ට වීම සිදු වූයේ
ඓතිහාසික වාතාවරණයක් තුළය. ඒ ක්‍රි.පූ 3 වැනි ශත වර්ෂයේදී මෞර්ය වංශික,
බලසම්පන්න අශෝක අධිරාජයා සිය පෞද්ගලික දූතයන් වූ ඔහුගේ පුත් මිහිදු හිමියන් හා
දියණිය වන සංඝමිත්තා තෙරණිය අත ශ්‍රී ලංකාවට බුදු දහම එවීම හරහා අශෝක
අධිරාජයා සහ ඔහුගේ සමකාලීන ශ්‍රී ලංකා රජු වූ අනුරාධපුරයේ දේවානම්පියතිස්ස
රජතුමා අතර වැදගත් සම්බන්ධතාවක් ස්ථාපිත වීමෙනි. ඉන්පසුව බුදු දහම ශ්‍රී ලංකාවේ
ප්‍රධාන ආගම බවට පත්විය. ශ්‍රී ලංකාව ක්‍රමයෙන් බුදු දහමෙහි දෙවැනි උපන්බිම බවට පත්
වූ අතර එහි සිට වෙනත් රටවලට බුදු සමය රැගෙන යනු ලැබිණි. එබැවින් සත්‍ය වශයෙන්ම
බුදු දහම අතීතයේ සිටම ශ්‍රී ලංකා විදේශ ප්‍රතිපත්තිවලට මගපාදා දීමක් සිදුකර ඇත.

8. ඉතා වැදගත් භූ දේශපාලනික මාන තුනකින් සමන්විත සුවිශේෂී භූගෝලීය


ස්ථානයක ශ්‍රී ලංකාව පිහිටා ඇත. එනම් ශිෂ්ටාචාර රැසක ආරම්භය සිදුවූ ඉන්දියානු
උපමහාද්වීපයට එහි ඇති සමීපත්වය නැඟෙනහිර ආසියාව හා නැඟෙනහිර අප්‍රිකාව අතර
සමදුරින් ශ්‍රී ලංකාව පිහිටා තිබීම නිසා එම කලාප දෙක අතරමැද පිහිටීමේ වාසිය
ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබීම සහ පෙරදිග හා අපරදිග යා කරන මුහුදු මාර්ග ශ්‍රී
ලංකාව හරහා වැටී තිබීම හේතුවෙන් ශ්‍රී ලංකාව සැබෑ ලෙසම නැඟෙනහිර හා බටහිර අතර
සම්බන්ධතාව ඇති කරන භූමියක් බවට පත්ව තිබීම යන කරුණු තුන වේ. මේ ආකාරයට
මෙම කලාපය තුල සිදුවන ක්‍රියාවන්හට ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවය ඇති කෙරෙන

2
සීමාන්විතයි
සීමාන්විතයි

ප්‍රදේශයක් බවට පත් වීම සිදුව ඇත. මේ තත්ත්වය ක්‍රි.ව. පළමුවැනි සහස්‍රකයේදී
විශේෂයෙන් දක්නට ලැබුණි.

9. ඉහත දක්වා ඇති හේතූන් නිසා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සම්බන්ධතා අඛණ්ඩව
වර්ධනය වීම සිදුව ඇති අතර මුලදී මෙම සබඳතා උතුරු ඉන්දියාව සමඟ පමනක්
පැවැත්වූවද දකුණු ඉන්දීය රාජධානිවල නැගීමත් සමඟම පළමු සහශ්‍රකයේ දෙවැනි
භාගයේදී ඉන්දියාව සමඟ වූ ශ්‍රී ලංකා සබඳතාවල කේන්ද්‍රය දකුණු ඉන්දියාව දෙසට විතැන්
විය. මෙම හේතුව නිසා ශ්‍රී ලංකාවට දකුණු ඉන්දියානු දේශපාලන බල අරගලවලට
පැටලීමට සිදු වූයේය. ශතවර්ෂ දෙකක කාලයක් මුළුල්ලේ විචක්ෂණශීලීව ද්විපාර්ශ්වික
සබඳතා පැවැත්වීම මඟින් අඛණ්ඩව පැමිණි තර්ජනවලට මුහුණදීමෙන් අනතුරුව
අවසානයේදී අනුරාධපුර රාජධානිය චෝල අධිරාජ්‍යයට යටත් විය. පසුව අනුරාධපුරය
චෝල පාලනයෙන් මිදුණු මුත් දකුණු ඉන්දීය රාජධානි වන පාණ්ඩ්‍ය හා විජයනගර ශ්‍රී
ලංකාවට අඛණ්ඩ තර්ජනයක් එල්ල කළේය. එය ශ්‍රී ලංකාවේ රාජධානිවල පරිහානියට
හේතු විය.

10. ශ්‍රී ලංකාව සතුව නාවික ක්ෂේත්‍රයේ පෘථුල විදේශ සබඳතා තිබිණි. අපරදිගින් රෝම
අධිරාජ්‍යය, ග්‍රීක රාජධානි, ඊසානදිග අප්‍රිකාවේ අක්සුම් රාජධානිය, පර්සියාවේ සසානිද්
රාජධානිය, හා බයිසන්තියම් අධිරාජ්‍යයද, සහ පෙරදිගින් ශ්‍රී විජය සාමුද්‍රික අධිරාජ්‍යය,
චීනය, සියම්, කාම්බෝජ හා මියන්මාර යන රාජධානි සමඟත් ශ්‍රී ලංකාව පැවැත්වු සබඳතා
ඊට අයත්‍ය. මින් ශ්‍රී ලංකාව චීනය සමඟ පැවැත්වූ සබඳතා සුවිශේෂී විය. එම සබඳතා ක්‍රි.ව.
පස්වැනි ශතවර්ෂයේ සිට දහවැනි ශතවර්ෂය දක්වා සියවස් පහක් මුළුල්ලේ පැවති අතර ඒ
කාලය තුළ චීන අධිරාජයා වෙත ශ්‍රී ලංකාවෙන් දූත පිරිස් 16 ක් පිටත්කර යවා ඇත.

11. කලාපයේ සාමුද්‍රික කටයුතුවලදී අතරමැදි වරායක් මෙන්ම ප්‍රධාන වෙළෙඳ


මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකාව එහි උපායමාර්ගික පිහිටීම භාවිතා
කළේය. ශ්‍රී ලංකාව මේ හරහා සැබැවින්ම කලාපයේ වාණිජ කේන්ද්‍රස්ථානය බවට පත්විම
සිදුවිය. දිවයිනෙන් සොයා ගනු ලැබූ විවිධ රටවලින් ගෙන ආ වාණිජමය වටිනාකමක් ඇති
වස්තු සම්භාරයෙනුත්, ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ වරායවල් රැසක් තිබූ බව පෙන්වන එම
වස්තූන් හමුවූ ස්ථානවලිනුත් ඒ බව සනාථ වෙයි. ශ්‍රී ලංකාව අතීතයේදී හඳුන්වනු ලැබූ නම්
ගණනාව එකල ලියැවුණු සංචාරක සාහිත්‍යයේ ශ්‍රී ලංකාවේ නම බහුල වශයෙන් දක්නට
ලැබීම සහ ශ්‍රී ලංකාව ආකර්ෂණය කරගත් සුප්‍රසිද්ධ සංචාරකයන් සංඛ්‍යාව යන හේතූන්
ශ්‍රී ලංකාවේ පැරණි නාවික සබඳතා පිළිබඳ වැඩිදුර සාක්ෂි වශයෙන් හැඳින්විය හැකිය.
ඉස්ලාම් දහමේ වර්ධනයත් සමඟ කලාපයේ අරාබි වෙළෙඳ කටයුතු සඳහා පදනම්
ස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්විය.
3
සීමාන්විතයි
සීමාන්විතයි

12. ආසියාවට යුරෝපීයයන් පැමිණීම, විශේෂයෙන් 15 වැනි ශතවර්ෂයේ ඇරඹි


පෘතුගීසීන්ගේ හා ලන්දේසීන්ගේ ආගමනය ශ්‍රී ලංකා ඉතිහාසයේ නවමු පරිච්ඡේදයක
ආරම්භය සනිටුහන් කළේය. දිවයිනේ දේශපාලන හා වාණිජ කටයුතුවලට මැදිහත්වීමට
ඔවුන් දැරූ ප්‍රයත්න හේතුවෙන් එම ජාතීන් සහ මෙරට රාජධානි අතර නිරන්තර ගැටුම් ඇති
විය. උඩරට රාජධානිය අල්ලා ගැනීමට කළ අරගලය මෙම සටන්වල කූටප්‍රාප්තිය විය.
පැරණි කොන්ස්තන්තිනෝපලය මෙන් උඩරට රාජධානියද දිගින් දිගටම එල්ල වූ
ආක්‍රමණවලින් නොසැලී සිටියද බ්‍රිතාත්‍ය ආධිපත්‍යයට මුළු ඉන්දියාවම නතු වීමත් සමඟම
1815 දී ශ්‍රී ලංකාව බ්‍රිතාත්‍ය පාලනයට යටත්වීමට සිදුවිය.

13. බ්‍රිතාත්‍ය පාලනය වසර 150 ක් මුළුල්ලේ පැවැති අතර එය මුළු දිවයිනම විදේශීය
ආධිපත්‍යයකට නතු වූ පළමුවැනි අවස්ථාව විය. ඔවුන් විසින් සිදුකරනු ලැබූ පරිපාලනමය
වශයෙන් රට එක්සත් කිරීම, ව්‍යවස්ථාදායක ආයතන පිහිටුවීමෙන් ලබා දුන් දේශපාලන
අත්දැකීම, නීතියේ ආධිපත්‍යය, යැපුම් ආර්ථිකයක් වුවද එය වාණිජ ආර්ථිකයක් ලෙස
වර්ධනය කිරීම, ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමෙන් බටහිර අධ්‍යාපනය සහිත ජන සමාජයක්
නිර්මාණය කිරීම යනාදිය මෙරටට විශාල බලපෑමක් ඇති කරන ලදී.

14. 1948 වසරේ නිදහස ලබාගැනීමත් සමඟම කලාපයේ එකල පැවැති අර්බුදකාරී
වාතාවරණය තුළ, දිවයිනෙහි වූ සංවේදී භූ දේශපාලන තත්ත්වයද ගැන සලකා බලන විට
එ සමය තුල විදේශ ප්‍රතිපත්තිය ඉතා වැදගත් කරුණක් බවට පත්විය. අතීත යටත් විජිත
පාලකයා වන එක්සත් රාජධානිය සමඟ ඇති කර ගත් ආරක්ෂක ගිවිසුම පසුපස වූ හේතුව
මෙමගින් පැහැදිලි වේ. විදේශ ප්‍රතිපත්තිය සතු සුවිශේෂී වැදගත්කම හුවා දැක්වුණු තවත්
සාධකයක් වූයේ විදේශ කටයුතු විෂය පථය අග්‍රාමාත්‍යවරයාගේ භාරයට පවරා ගැනීමය.
නිදහසින් පසු ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව විමසීමේදී එය අවදි කිහිපයකට
බෙදා වෙන්කර දැක්විය හැකිය.

15. ඉන් පළමුවැන්න වශයෙන් පොදු රාජ්‍ය මණ්ඩල අවධිය පෙන්වා දිය හැකිය. මෙම
අවධියේ සිදුවූ විශේෂ සිදුවීම් ලෙස පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය ලබාගැනීමට
ශ්‍රී ලංකාව තීරණය කිරීම, අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතා පොදු රාජ්‍ය මණ්ඩලයට
සම්පූර්ණ සහයෝගය ලබාදීම, එක්සත් රාජධානිය සමඟ වූ ආරක්ෂක ගිවිසුම, කොළඹ
ක්‍රමය හඳුන්වාදීම, සහ 1950 වසරේ කොළඹදී පැවති විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුවේදී
ගන්නා ලද තීරණවලට අනුකූලව, 1951 වසරේ පැවති සැන් ෆ්‍රැන්සිස්කෝ සාම සමුළුව
තුළ ශ්‍රී ලංකාව නිරූපණය කළ භූමිකාව ආදිය පෙන්වා දිය හැකිය. අග්‍රාමාත්‍ය

4
සීමාන්විතයි
සීමාන්විතයි

ඩී.එස්. සේනානායක මහතාගේ අභාවයත් සමඟම පාහේ මෙම අවදිය නිමාවට පත්වූ අතර
කලාපීය අවදිය ලෙස හඳුන්වා දිය හැකි අදියරයකට ශ්‍රී ලංකාව ප්‍රවේශ විය.

16. සතුරුබව දැක්වීමේ අරමුණෙන් නොව, සබඳතා ගොඩනඟා ගැනීමේ මං සොයා


බැලීමේ අරමුණෙන් ශ්‍රී ලංකාව බටහිර රටවල් වලින් ඉවතට හැරීමේ මූලාරම්භය දෙවැනි
අදියරේදී සනිටුහන් විය. මේ කාලයේදී ආසියානු අනත්‍යතාවක් සොයා යෑම ඇරඹී තිබූ
අතර ශ්‍රී ලංකාව චීනය සමඟ ඇති කරගත් රබර් – සහල් ගිවිසුම විප්ලවකාරී ක්‍රියාවක්
බඳුවිය. එයට හේතුව එම ගිවිසුම ඇමෙරිකා එක්සත් ජනපදයේ අප්‍රසාදය මධ්‍යය් සිදුවීමයි.
ආසියානු අනත්‍යතාවක් සොයායෑමේ ගමනෙහි වැදගත් පියවරක් වූ කොළඹ බලවතුන්ගේ
රැස්වීම අග්‍රාමාත්‍ය ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා විසින් පවත්වන ලදී. එම රැස්වීම
අදහස් හුවමාරු කරගැනීමෙන් ඔබ්බට නොගියද, 1954 වසරේ පැවැති ඉන්දු-චීනය පිළිබඳ
ජිනීවා සමුළුව කෙරෙහි එය බලපෑමක් කළේය. කොළඹ බලවතුන්ගේ රැස්වීමට පසුව
තවත් ඉතා වැදගත් රැස්වීමක් පැවැත්විණි. අප්‍රිකා ආසියානුවාදයෙහි පිබිදීමට සහ
පසුකාලීනව නොබැඳි පිළිවෙත ඇතිවීමට හේතුවූ 1955 බැන්ඩුන් සමුළුව කොළඹ
බලවතුන්ගේ රැස්වීමේ ප්‍රතිඵලයක් විය. ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතාගේ විදේශ
ප්‍රතිපත්තිය ඔහුගේ පෞරුෂය මෙන් ශක්තිමත් හා ක්‍රියාශීලී විය.

17. ශ්‍රී ලංකාව පිළිබඳව යහපත් ප්‍රතිරූපයක් පෙන්නුම් කිරීමේ අරමුණින් හා ශ්‍රී ලංකාව
පිළිබඳ වැරදි ආකල්ප දුරු කිරීමේ අරමුණින් ඔහු බොහෝ රටවල සංචාරය කිරීමෙන් එය
පැහැදිලි වේ. විදේශ ප්‍රතිපත්තියේ මීළඟ අවදිය ඔක්ස්ෆර්ඩ් සරසවියේ අධ්‍යාපනය ලැබූ
ලිබරල්වාදී අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා හා බැඳී පවතියි. මේ
අවධිය අතීතයෙන් දැඩිලෙස වෙනස් වූ අවදියක් ලෙස දැක්විය හැකිය. ඔහු එක්සත්
රාජධානිය සමඟ වූ ආරක්ෂක ගිවිසුම අවලංගු කළ අතර පොදු රාජ්‍ය මණ්ඩලයෙන්
ඉවත්වීම පිළිබඳවද අදහස් දැක්වීය.

18. මෙය බටහිර කෙරෙහි අප්‍රසාදය පළකිරීමක් නොවූ අතර සාර්වත්‍රීකත්වය ශ්‍රී
ලංකාවට ගැළපෙනම විදේශ ප්‍රතිපත්තිය ලෙස ඔහු දුටු හෙයිනි. ශ්‍රී ලංකාවට ආසියාවේ
ස්විට්සර්ලන්තය වීමට හැකි බව ඔහු විශ්වාස කළේය. විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ ශ්‍රේෂඨ

ආසියානු චින්තකයකු වන අගමැති බණ්ඩාරනායක මහතා, ශ්‍රී ලංකාව වැනි කුඩා රටවලට
පවා ජාත්‍යන්තර ගැටලුවිසඳා ලෝකයේ සාමය හා සමගිය ස්ථාපිත කිරීම උදෙසා දායක
විය හැකි ලෝක පිළිවෙතක් පිළිබඳව අදහස් පළ කළේය. මධ්‍යස්ථ ක්‍රියාකලාපයක් මඟින්
තුන්වැනි ලෝකයේ රටවලට ජාත්‍යන්තර ගැටුම් නිරාකරණය කිරීමෙහිලා එක්සත්
ජාතීන්ගේ සංවිධානය හරහා මැදිහත් භූමිකාවක් නිරූපණය කළ හැකි බවට ඔහු හා

5
සීමාන්විතයි
සීමාන්විතයි

ජවහර්ලාල් නේරූ මහතා විශ්වාස කළහ. විවෘත රාජ්‍ය තාන්ත්‍රික භාවයක් පෙන්නුම් කිරීමේ
අරමුණින් කොමියුනිස්ට් ලෝකය තුළ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල පිහිටුවීම පිළිබඳ
ඔහුගේ අදහස බණ්ඩාරනායක මහතාගේ සාර්වත්‍රීක පිළිවෙත පෙන්නුම් කරන්නකි.

19. නිදහසින් පසු ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික ඉතිහාසයේ මීළඟ අවදිය සම්පූර්ණයෙන්
මනොබැඳි පිළිවෙතින් පිරී තිබෙයි. නොබැඳි පිළිවෙත ප්‍රවර්ධනය කිරීමෙහිලා අග්‍රාමාත්‍ය
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය වැදගත් කාර්යභාරයක් ඉටුකළාය. ඇයගේ ප්‍රථම ධුර
කාලයේ සිදුවූ වැදගත් සිදුවීමක් ලෙස චීන – ඉන්දීය දේශසීමා ගැටුම විසැඳීමට උපකාරීවීම
සඳහා රාජ්‍ය නායකයන් සය දෙනකුගේ රැස්වීමක් ඇයගේ මැදිහත්වීම මත කැඳවීම
දැක්විය හැකිය.

20. මෙම රැස්වීම 1962 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී පවත්වනු ලැබිණි. මේ


සම්බන්ධයෙන් ඇය අදාළ පාර්ශ්ව සියල්ලගේම පැසසුමට ලක්වූවාය. ඇය ලද තවත්
විශිෂ්ට ජයග්‍රහණයක් ලෙස සිරිමා- ශාස්ත්‍රි ගිවිසුම දැක්විය හැකිය. මෙම ගිවිසුම හරහා, ශ්‍රී
ලංකාවේ වෙසෙන ඉන්දියානු සම්භවයක් ඇති වතු කම්කරුවන්ගේ තත්ත්වය
සම්බන්ධයෙන් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර දිගුකාලීනව පැවති අර්බුදයක් විසැඳීමට
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට හැකිවිය. අගමැති ඩඩ්ලි සේනානායක මහතාගේ පස්
අවුරුදු පාලනයෙන් පසුව එළැඹි ඇයගේ දෙවැනි ධුර කාලය තුළ නොබැඳි පිළිවෙත
සැබැවින්ම ප්‍රබෝධමත් විය. මේ කාලය තුළ සිදුවූ වැදගත් සිදුවීම් ලෙස 1971 වර්ෂයේ
ඉන්දියානු සාගර සාම කලාපීය යෝජනාව, පෝක් සමුද්‍ර සන්ධියෙහි කච්චතිව් දූපත
සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ ඇතිවූ ආරවුල විසැඳීම හා 1976 සැප්තැම්බර් මස කොළඹ
පැවැති නොබැඳි සමුළුව දැක්විය හැකිය. මෙම සමුළුවේදී ශ්‍රී ලංකාව හා ශ්‍රී ලංකා
අග්‍රාමාත්‍යවරිය ලෝකයේම ප්‍රශංසාවට ලක්විය. ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය බවට
පත්වමින් අගමැති බණ්ඩාරනායක මැතිනිය ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත්
වූවාය.ජනාධිපති ජයවර්ධන මහතාගේ පාලනය යටතේ පැවැති ඊළඟ අවදිය තනි ශීර්ෂයක්
යටතේ විස්තර කළ නොහැකිය. ඊට හේතුව එය විවිධ මානයන්ගෙන් යුක්තවීම සහ සිද්ධි
ගණනාවකින් සමන්විත වීමයි. ඒවා නම්, පොදු රාජ්‍ය මණ්ඩලය සමඟ පැවති සම්බන්ධතා,
කලාපීය සහයෝගීතාව සඳහා වූ දකුණු ආසියානු සංවිධානය ආරම්භ කිරීම, එක්සත්
ජාතීන්ගේ සංවිධානය මත තැබූ විශ්වාසය, ලෝක නිරායුධකරණය පිණිස වු ඔහුගේ
යෝජනාවේ සඳහන්ව ඇති පරිදි නිරායුධකරණය සඳහා ඔහු තුළ වූ කැපවීම ආදියයි.
ජාතියේ ඉදිරි දැක්ම හා අනාගතය වෙනස් කිරීමට හේතුවී ඇති විවෘත ආර්ථිකය
හඳුන්වාදීම ඔහුගෙන් සිදුවූ වඩාත් කැපී පෙනෙන සේවාව ලෙස හැඳින්විය හැකිය.

6
සීමාන්විතයි
සීමාන්විතයි

ආර්ථික ඉතිහාසය

21. ශ්‍රී ලංකාවේ භූගෝලිය පිහිටිම සලකා බලන විට ඊළගට සැලකීම යොමු විය යුත්තේ
ලංකාව ඉන්දියන් සාගරයේ මධ්යගතව යුරෝපය හා ඈත පෙරදිග සම්බන්ධ කෙරෙන
මුහුදු මාර්ගයේ අසලින්ම පිහිටා තිබීම කෙරෙහිය.මේ පිහිටිම හේතුවෙන් පුරාණයේ සිටම
වෙළහෙළදාම මගින් පිටස්තර ලෝකය සමග සබදතා පවත්වාගෙක යාමට ලංකාවට ඉඩ
ලැබනු බව දක්නට ඇත. මහාතිත්ථ අසලින් ලැබි ඇති පුරාණ රෝම කාසි රුසක් ඒ
කාලයේ රෝමයේ විවිධ ප්‍රදේශ හා ලංකාව අතර තිබු සබදතා පැහැදිළි කරයි. ඉතා පැරණි
ග්‍රීක ලේඛකයන් හා කවීන් ද මේ වෙළෙද සබදතා ගැන කරුණු දක්වා ඇත. වර්ථමනයේ
කන්කසන්තුරය (සම්බිලිතුරෙයි) නමින් හදුන්වන පුරාණ ජබ්බකෝලපට්ටන (දඹකොල
පටුන) වරාය උතුරු ඉන්දියාව සමග කල සබදතා වල මුලික වරාය විය. එසේම ගෝකන්න
වරාය ද ඉන්දියාව හා ඈත පෙරදිග අතර සබදතා පැවැත්වු තවත් වරායකි.(බද්ධකච්චානා
කුමරිය තම සහෝදර පිරිස සමග පැමිණි වරායයි.)
22. ශ්‍රී ලංකාව මුහුදු මාර්ගයක පිහිටා තිබිම එහි ඉතිහාසය කෙරෙහි වඩාත් බලපාන්නට
වුයේය. 16 වන සියවසෙන් පසුව පෘතුගිසි, ලන්දේසි, ඉංශ්‍රීසි ආක්‍රමණ වලින් පසුව
වෙළෙදාමේ වැදගත්කම වැටහුනු යුරෝපියෝ මුහුදු මාර්ග භාවිතා කරන්නට වුහ. (1453)
දී පෙරදිගට පැමිණි යුරෝපියෝ ලංකාව මධ්යස්ථානයක් වශයෙන් සලකන්නට වුහ. ඒ
හැර ලංකාවේදි ඔවුන්ට අවශ්ය වෙළෙද ද්රව්ය ලබාගැනිමට පහසු වුයෙන් යුරෝපියන්ට
ලංකාව ඉතාම වැදගත් ප්‍රදේශයක් බවට පත්විය. මෙහිදි ඉංශ්‍රීසින්ට ත්‍රීකුණාමලය වරාය
ඉතාම වැදගත් විය. ලංකාව මුහුදු මාර්ගයක මධ්‍යගතව පිහිටා තිබිම. ලංකා ඉතිහාසයේ
වැදගත් වන්නේ ලංකාවේ නුතන යුගය ආරම්භ වන්නේ යුරෝපියන්ගේ පැමිණිමෙන් පසු
බැවිනි.

23. ලංකාව කුඩා දිවයිනක් වීමද එහි ඉතිහාසය කෙරෙහි බලපා ඇත. ලංකාව කුඩා වීම
නිසා අතීතයේදී ප්රාදේශිය වෙනස්කමි බහුලව දක්නට නොවීය. විශාල රටක් වු
ඉන්දියාවේ ඉතිහාසයේ මෙවැනි ඒකාකාරි බවක් දක්නට නැත. ලංකාව කුඩා වීම නිසා
බොහෝ අවස්ථා වලදී රජවරුන්ට මුළු රටම එක්සත් කර ඒකිය පාලනයක් ගෙනයාමට
හැකියාව ලැබුනි. ලංකාව කුඩා රටක් වීම නිසා විදේශිකයන්ට ද ලංකාව අල්ලා ගැනිමට
පහසු විය

ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම

7
සීමාන්විතයි
සීමාන්විතයි

24. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ඉන්දියන් උපමහාද්වීපයට දකුණු දෙසින් පිහිටි වර්ග
කි.මී. 65610 ක් පුරා පැතිරිණු දිවයිනක් වන අතර උතුරු අක්‍ෂාංශ 5.8 සිට 9.9 දක්වා සහ
නැගෙනහිර දේශාංශ 79.6 සිට 81.9 අතර පිහිටා තිබේ. එහි උපරිම දිග දෙවුන්දර තුඩුවේ
සිට පේදුරුතුඩුව දක්වා කි.මී. 432 ක් වන අතර උපරිම පළල කොළඹ සිට සංගමන්කන්ද
දක්වා කි.මී. 224 කි. කඳුළු බිඳුවක හැඩය ගන්නා ශ්‍රී ලංකාව එහි ප්‍රමුඛස්ථානයක් ගන්නා,
සිත මවිත කරවන තරම් විවිධාකාරවූ භූ විෂමතා ලක්‍ෂණ නිසා ලෝකයේ ඇති වඩාත්ම
දර්ශනීය ස්ථාන වලින් එකක් වී තිබේ. එහි ඇති කැපීපෙනෙන උන්නතාංශය නිසා එය
මධ්‍යම කඳුකරය, තැනිතලා ප්‍රදේශ සහ වෙරළබඩ තීරය වශයෙන් කලාප තුනකට බෙදේ.

25. වැලි සහිත දර්ශනීය වෙරළ සහ කලපු වලින් සමන්විත වෙරළ තීරයකින් මෙම
දිවයින වටවී තිබේ. දකුණු වෙරළ තීරය, නිරිතදිග වෙරළ තීරය සහ නැගෙනහිර වෙරළ
තීරයේ ඉතාම සුන්දර වෙරළ පිහිටා තිබේ. විනිවිද පෙනෙන ජලය, ගල්පර, මුහුදු බොකු
සහ වෙරළෙන් ඈත පිහිටි දූපත් ඊසාන දිග සහ නිරිත දිග ප්‍රදේශවල වෙරළ තීර ස්ථර
හරහා විහිදී තිබෙන අතර ඊසාන දිග වෙරළේ පිහිටි ලෝකයේ හොඳම ස්වාභාවික වරාය
වලින් එකක් වන ත්‍රීකුණාමලය වරාය සහ නිරිත දිග වෙරළේ පිහිටි කුඩා ගාලූ වරාය යන
ස්වාභාවික වරායන් ද නිර්මාණය වී තිබේ. රටේ ප්‍රධාන භූමි ප්‍රදේශවලට පාලමකින්
සම්බන්ධවී ඇති වයඹ ප්‍රදේශයේ පිහිටි ආදම්ගේ පාලම නමින් හඳුන්වන වැලි ඉවුරු සහ
කුඩා දූපත් දාමයකින් ශ්‍රී ලංකාව දකුණු ඉන්දියාවට සම්බන්ධ වී ඇති ආකාරයක් පෙන්නුම්
කරයි.

ශ්‍රී ලංකා කලාපය තුල ආර්ථිකමය සහ උපායමාර්ගික වශයෙන් සැලකෙන


ස්ථාන සහ ආරම්භ කර ඇති ව්‍යාපෘති

සේතු සමුද්‍රම්

අ. ඉන්දියාව හා ශ්‍රී ලංකාව වෙන්කෙරෙන පටු සමුද්‍ර තීරය නැතහොත් පෝක් සමුද්‍ර
සන්ධිය හා මන්නාරම් බොක්ක අතර නොගැඹුරු මුහුදු තීරය ගැඹුරුකර නැව්
ගමනාගමනය සඳහා නවතම මුහුදු ඇල මාර්ග සැකසීමේ ව්‍යාපෘතියක් ඉන්දීය රජය විසින්
ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන ලදී. මෙම ව්‍යාපෘතිය 2005 ජුනි 02 දින ඉන්දියා
අගමැති මන්මෝහන් සිං මහතා විසින් ආරම්භ කරන ලදි. මෙහි මුල්ම යෝජනාව 1860 දී
බ්‍රිතාත්‍යය නාවික නිලධාරියකු වු ඒ.ඩී. ටේලර් විසින් ඉදිරිපත් කර තිබුනි.

8
සීමාන්විතයි
සීමාන්විතයි

ආ. විශේෂයෙන්ම මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉන්දීය රජයේ අවධානය


යොමුවූයේ කරුණු කීපයක්ම මූලික වූ බැවිනි. එනම් ඉන්දියාව හා වෙනත් රටවල
නැව්වලට ඉන්දියාවේ බටහිර දිග වරායවල සිට නැගෙනහිර වරායවලටත්, නැගෙනහිර
සිට බටහිර දිග වරායවලට යාත්‍රා කිරීමට සිදු වී ඇත්තේ ශ්‍රී ලංකාව වටාය. ඒ නිසා වැඩි
දුරක්, කාලයක් සහ මුදලක් වැයවේ. නමුත් සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය නිසා එම දුර, කාලය
හා මුදල් විශාල වශයෙන් ඉතිරි කර ගත හැකි බව ඉන්දීය රජය විශ්වාස කරයි. සේතු
සමුද්‍රම් මුහුදු මාර්ගයේ දුරකිලෝමීටර් 167 ක් සහ පළල මීටර් 30 ක් වන අතර එහි ගැඹුර
මීටර් 12 කි. මෙහිදී කිලෝමීටර් 780 ක් වන මුළු දුර ප්‍රමාණයේම මුහුද ගැඹුරු නොකරන
අතර ගැඹුරු කරනුයේ කොටස් 2 කි. එනම් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව වෙන්වන ආදම්ගේ
පාලම නමින් හැදින්වෙන ප්‍රදේශය හරහා එක් ඇලක් ද, පෝක් සමුද්‍ර සන්ධියේ නොගැඹුරු
මුහුදු ප්‍රදේශය හරහා තවත් ඇලක් ද තැනීමට කටයුතු යොදා ඇත. මෙම ව්‍යාපෘතිය
ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය රජය සේතු සමුද්‍රම් සංස්ථාව නමින් ආයතනයක් ද පිහිටුවා
ගෙන ඇත. එය තූත්තුකුඩි වරාය කේන්ද්‍රකරගෙන ක්‍රියාත්මක වේ.

ඇ. මෙම ව්‍යාපෘතියේ අවාසි ලෙස පරිසර හානි ඇතිවීම, පරිසරවේදීන්ට අනුව නිසා
සමුද්‍ර ජීවීන් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට අහිමිවීම, කොරල්පරවල පැවැත්ම සහ
කඩොලාන පද්ධතියේ වැඩීම ‍කෙරෙහි බලපෑම්, මුහුදු සුළං බලපෑම, මුහුදු ඛාදනය වැඩිවීම,
කයිට්ස්, ඩෙල්ෆ්, නාගදීප, පුන්කුඩුතිව් වැනි දූපත්වල පස්තට්ටු ඛාදනය වීම, ලවණතාවය
වැඩිවීම, සුනාමියක් ඇතිවුවහොත් අවසාධිත ද්‍රව්‍ය ‍බොහෝවිට යාපනය සිට කොළඹ
දක්වාම පැතිරයාම වැනි කරුනු දැක්විය හැක. වර්ථමානයේ මෙම ව්‍යාපෘතිය තාවකාලිකව
අත්හිටුවා ඇත.

නෙළුම් කුළුණ

අ. නෙළුම් කුළුණ ශ්‍රී ලංකාවේ ඉදිවෙන උසම ඉදිකිරීම වන අතරම එය දකුණු ආසියාව්
උසම ඉදිකිරීම ලෙසද වාර්තා අතරට එක්වෙයි. ඒ වගේම ලෝකයේ අන් රටවල ඉදි කර
ඇති උසම ඉදිකිරීම් අතරින් නෙළුම් කුළුණට හිමි වන්නේ 19 වැනි ස්ථානය වේ. මෙය
ඇමරිකානු ඩොලර් මිලියන 140.3 පමණ දැවැන්ත ආයෝජනයක් වන අතර මේ සඳහා
ණය සපයන්නේ චීන රජයෙනි. නෙළුම් කුළුණේ සම්පූර්ණ ඉදිකිරීමෙන් පසු අකුණු
සන්නායකයද සහිතව එහි සම්පූර්ණ උස මීටර 356 ක් පමණ වේ. මෙහි වපසරිය වර්ග
කිලෝමීටර 30,600 ක් පමණ වේ. මෙමගින් සංචාරක ව්‍යාපාරය හා සම්ප්‍රේෂණ ඇන්ටනා
බදු දීම මගින් ආදායම් ලබා ගැනීමට අදහස් කරයි.
9
සීමාන්විතයි
සීමාන්විතයි

ආ. මෙම ව්‍යාපෘතිය හරහා චීනය විසින් ආසියානු කලාපය සඳහා ඉලෙක්ට්‍රොනික


ඔත්තුසේවා පහසුකම් සැපයීමේ යටි අරමුණක් ඇති බව ඉන්දියාව අදහස් දක්වා ඇත. මෙය
පැරීසියේ අයිෆල් කුළුණට වඩා මීටර් 26 ක් උසින් වැඩිදකුණු ආසියාවේ උසම කුළුණ
ලෙසින් එක් පසෙකින් ඉන්දීය සාගරයද, අනෙක් පසින් ඉන්දියාවද ආවරණය කිරීමට හැකි
බැවින් එය ඉන්දියන් සාගරයේ මෙන්ම දකුණු ආසියාවේද ආරක්‍ෂාවට තර්ජනයක් වනු ඇති
බවට සඳහන් වේ.

ත්‍රීකුණමලය තෙල් ටැංකි

අ. ත්‍රීකුණාමලය අතිශය වැදගත් මර්මස්ථානයක් වී ඇත්තේ මූලිකවම එහි භූ


දේශපාලනික වැදගත්කම නිසා ය. ඉන්දියන් සාගරය හැසිරවීමට මධ්‍යස්ථානය ලෙස
ත්‍රීකුණාමලය අවධානයට ලක්වී ඇත.

ආ. නැ‍ඟෙනහිර පළාතේ අගනුවර සේ සැලකෙන ත්‍රීකුණාමලයට විශේෂත්වයක්


ගෙනෙන තවත් කාරණයක් වනුයේ චීන වරායෙහි පිහිටි තෙල් ගබඩා සංකීර්ණය ය.
බටහිර ආසියාව හා සිංගප්පූරුව අතර ඇති විශාලතම තෙල් ගබඩා සංකීර්ණය එයයි.

ඇ. ඓතිහාසික හා ඉහළ උපායීක වටිනාකමක් සහිත ත්‍රීකුණාමල තෙල් ගබඩා


සංකීර්ණය දෙවැනි ලෝක යුද්ධයේ දී මිත්‍ර හමුදා විසින් දකුණු හා අග්නිදිග ආසියාවේ
මෙහෙයුම් සඳහා ප්‍රයෝජනයට ගැනීමට මනා සැලැස්මක් යටතේ ඉදිකරනු ලැබූ අතර,
1924 වසරේ දී පමණ ඉදිකිරීම් වැඩ අරඹා නවසිය තිහේ දශකයේ අගභාගය වන විට තෙල්
ගබඩා සංකීර්ණයේ වැඩකටයුතු අවසන්ව ඇත. මුල් සැලැස්මට අනුව තෙල් ටැංකි 102 ක්
ඉදිකිරීමට නියමිතව පැවති මුත්, මිථ්‍යා විශ්වාස පෙරදැරිව 100 වන ටැංකිය ඉදිකර
නොමැත.

ඈ. දැවිතෙල් ඩීසල් හා භූමිතෙල් ගබඩා කළ හැකි මෙහි එක් ටැංකියක ඉන්ධන ‍ටොන්
12000 ක් පමණ ගබඩා කිරීමේ හැකියාව පවතී. ඒ අනුව එහි සමස්ත ධාරිතාව මිලියන 1.2
සීමාව ඉක්මවයි. එයඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන ගබඩා පහසුකම් අඟුටුමිට්ටෙකු
බවට පත් කර ඇත. අක්කර 850 ක වපසරියක් පුරා පැතිර ඇති ගබඩා සංකීර්ණය Lower
Tank හා‍ upper Tank යනුවෙන් කොටස් දෙකකින් සමන්විත වන අතර, ජැටියේ සිට
කිලෝමීටර් දෙකක් ඇතුළත upper Tank හී අවසන් තෙල් ටැංකිය පිහිටා ඇත.
10
සීමාන්විතයි
සීමාන්විතයි

ඉ. බ්‍රිතාත්‍ය අධිරාජ්‍යය යටතේ පැවති, අප්‍රිකානු රටවල්වල කම්කරුවන්ගේ ශ්‍රම


දායකත්වය මතින් ගොඩනැඟුණු ත්‍රීකුණාමල තෙල් ටැංකි සංකීර්ණය දෙවන ලෝක
යුද්ධයේදී බ්‍රිතාත්‍ය අධිරාජ්‍යය භාරයේ පැවති විශාලතම තෙල් ගබඩාව විය. මිත්‍ර හමුදාවන්
හා සම්බන්ධ අතිශය තීරණාත්මක සැපයුම් හා මෙහෙයුම් මධ්‍යස්ථානයක් වූ නිසාම මෙය
දෙවන ලෝක යුද්ධයේදී ප්‍රධාන සතුරු ඉලක්කයක් බවට නිතැතින්ම පත්විණි. කොළඹට
බෝම්බ හෙළා දින 04 කට පසු ත්‍රීකුණාමලය තම ඉලක්කය විය යුතු බවට ජපනුන්
තීරණය කළේ එනිසාය.

ඊ. ත්‍රීකුණාමල ප්‍රහාරය තුළ දී කෙළවරට වන්නට පිහිටා තිබූ 91 වන ටැංකියට‍ දරුණු


හානි ගෙන දෙමින් විනාශයට පත්විය. ඒ නිසා ඇතිවූ ගින්න දින 07 ක් පැවතිමුත් මේ ටැංකි
ඉදිකිරීමේදී එහි සැලැස්ම එකිනෙකට වෙනස් වූ බැවින් එක් ටැංකියක් ගිනි ගත්තද එය
අනෙක් ඒවා කරා පැතිරුණේ නැත. අඟලක් පමණ වන ඝන වානේ තහඩුවක් සහිතව
ටැංකි ඉදිකර තිබූ අතර වරාය ආසන්නයේ ඇති ටැංකි අඩියක් පමණ ඝන කොන්ක්‍රිටි
කවයකින් වැසිය හැකි ආකාරයට නිර්මාණය කර තිබිණි.

ත්‍රීකුණාමල වරාය

අ. ත්‍රීකුණාමලයේ භූ දේශපාලනික වැදගත්කම ඉහළ නංවන ප්‍රධානතම කාරණය


වනුයේ, එහි පිහිටා ඇති වරායයි. කිලෝමීටර් 56 ක් පුරා පැතිරුණු වෙරළ තීරයක් සහිත
ත්‍රීකුණාමල වරාය, ලොව හොඳම හා විශාලතම ස්වාභාවික වරායන් අතරින් එකක් ලෙස
සැලකෙයි. අතීතයේ එය ගෝකණ්‌ණ තිත්ථ, ගොණගාමක පට්‌ටන, තිරු කොණමලෙයි
යනාදී විවිධ නාමයන්ගෙන් හඳුන්වා තිබේ. මහාභාරතයේ ත්‍රීකූට හෙවත් ගිරිකන්දර
යනුවෙන්ද හඳුන්වා ඇත්තේ මෙම ස්ථානයයි.

11
සීමාන්විතයි
සීමාන්විතයි

ආ. මෙම වරායේ ඇති වැදගත්කම් ලෙස විශාල ලෙස රට තුළ කාවැදුණු බොක්‌ක
හේතුවෙන් නැව් තද කුණාටු සහ මුහුදු සුළගින් ආරක්‌ෂා කර ගැනීමට හැකිවීම, එකවර
නැව් විශාල ප්‍රමාණයකට නැංගුරම් ලෑමට ඉඩකඩ සහිත වීම, යුද්ධයක් ඇතිවුවහොත්
ඉන්දියාවේ වෙරළ ආරක්‌ෂා කර ගනිමින් සාගරයේ ගමන් ගන්නා සතුරු නැව්වලට
පහරදීමට හැකිවීම යනාදි කරුනු පෙන්වා දිය හැක.

ඇ. ඇමරිකාව විසින් ත්‍රීකුණාමලය වෙත තම අවධානය යොමු කිරීමට හේතු ලෙස


දැක්විය හැක්කේ ඉන්දු-පැසිපික් කලාපය තුල කේන්ද්‍රස්ථානය ලෙස ත්‍රීකුණාමලය භාවිතා
කල හැකි වීමත්, කලාපීය යුද මෙහෙයුම්වලදී එක්සත් ජනපද හමුදාවලට අවශ්‍ය යුදමය
නොවන සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යා හැකි වීමත්, යුධමය තත්වයක්
ආරම්භ වුවහොත් පැසිපික් කලාපය තුල කේන්ද්‍රස්ථාන ගත මිලිටරිමය මධ්‍යස්ථානයක්
පිහිටුවන්නට සුදුසුම ස්ථානයක් ලෙසින් මෙම ප්‍රදේශය භාවිතා කල හැකි වීමත් යන
කරුනු දැක්විය හැක.

වරාය නගරය

අ. කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය යනු ශ්‍රී ලංකාවේ, කොළඹ ගාලු මුවදොර පිටියට
ආසන්න මුහුදේ හෙක්ට්යාර 269 ක ප්‍රමාණයක් ගොඩකරමින් ඉදිකරන නව වරාය
නගරයකි. මුහුද ගොඩකරමින් වරාය නගරයක් ශ්‍රී ලංකාව තුල ඉදිකෙරෙන ප්‍රථම අවස්ථාව
ලෙස මෙය ඉතිහාසයට එක් වේ.

ආ. වරාය නගරයේ ගොඩ කළ හෙක්ටයාර 269 ක භුමියෙන් හෙක්ටයාර 178 ක්


ආයෝජන සඳහා වෙන්කර ඇති අතර, ඉතිරි හෙක්ටයාර 91, මාර්ග සහ මහජන උද්‍යාන
වැනි පොදු ස්ථාන සඳහා වෙන්කර තිබේ. ආයෝජන සඳහා වෙන්කර ඇති භූමියෙන්
හෙක්ටයාර 116 ක් මෙම ඉදිකිරිම කළ සමාගමට වසර 99 කට හිමිවන අතර ඉතිරි
හෙක්ටයාර 62 ශ්‍රී ලංකා රජය සතුවේ.

ඇ. විවිධ ඉදිකිරීම් සඳහා ආයෝජකයන්ට මෙම ඉඩම් මිලදී ගත හැකි අතර ලෝකයේ
ඕනෑම රටක ඕනෑම පුද්ගලයකුට එම ඉඩම් මිලදී ගෙන ඉදිකිරීම් කළ හැකි බව රජය විසින්
පවසා ඇත. මෙම නගරය කොළඹ දිස්ත්‍රික්කයේ කොටසක් නොවන අතර ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථාවේ 5 වන වගන්තියට අනුකූලව, ශ්‍රී ලාංකීය ධරණී ප්‍රදේශයක් ලෙස මෙම භූමි
භාගය නොසැලකේ. නව නීතිය යටතේ මෙම භූමිය කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයේ
12
සීමාන්විතයි
සීමාන්විතයි

කොටසක් බවට පත් කෙරෙන අතර, එය කොළඹ මහනගර සභාවෙන් බැහැරව, නව


පනතක් මගින් යෝජිත මූල්‍ය නගර සංස්ථාව යටතට පත් කෙරෙනු ඇත.

ඈ. මෙම නගරයේ ප්‍රධාන අරමුණක් ලෙස ලෝකය පුරා තිබෙන ඕනෑම මූල්‍ය
සමාගමකට ස්වකීය මූල්‍ය මධ්‍යස්ථාන මෙහි ස්ථාපිත කිරීමට හැකියාව ඇති අතර, එය
ලංකාවේ ආර්ථික ක්‍ෂේත්‍රයට සාධනීය වූ ප්‍රබල බලපෑමක් එල්ල කිරීමට සමත් වේ.

ඉ. මෙහි අතුරු ව්‍යාපෘතීන් ලෙස නව නගරයට ප්‍රවේශ වීම සඳහා කටුනායක සිට
පෑලියගොඩ හරහා අධිවේගී මාර්ගයක් ඔස්සේ නව මාර්ගයක් සකස් කිරීම, කොල්ලුපිටිය
සිට වරාය නගරය දක්වා උමං මාර්ගයක්ද සකස් කිරීම සහ ජනාධිපති කාර්යාලයට,
ෂැන්ග්‍රිලා හෝටලයට හා ගාලුමුවදොර හෝටලයට මෙම උමං මාර්ගය හරහා පිවිසුම්
මාර්ග සකස් යනාදිය දැක්විය හැක.

ඊ. වරාය නගරය ව්‍යාපෘතිය නිසා ඇතිවන අතුරු ප්‍රථිඵල ලෙස පාරිසරික වශයෙන්
වෙරළ තීරුවේ පරිසරය කෙරෙහි ඇති කළ හැකි අනර්ථකාරී බලපෑම්, වෙරළ ආශ්‍රීතව
පවත්නා ශාක හා ජීවින් පද්ධතියට හා පරිසර පද්ධතියට පමණක් නොව පෞරාණික
වශයෙන් පවත්නා වටිනා ස්වභාවික සම්පත් හානිය යනාදිය දැක්විය හැක.

උ. එමෙන්ම කලාපීය වශයෙන් චීනය විසින් ඉන්දියන් සාගරයේ නාවික බලය නතු
කර ගැනීමේ උත්සාහය හා ඉන්දියාව එයට විරුද්ධව ක්‍රියා කිරීම ඉන්දියානු සාගරයේ
නාවුක හා වෙළඳ බලය පිළිබඳ ඉදිරි ගැටළුවක් නිර්මාණය වීමද මතුකර දැක්විය හැක.

හම්බන්තොට වරාය

අ. රුහුණු මාගම්පුර වරාය ශ්‍රී ලංකාවේ හම්බන්තොට ප්‍රදේශයේ පිහිටා ඇති


ජාත්‍යන්තර වරායකි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ප්‍රදේශයේ පිහිටා ඇති
මෙහි වැඩ අරඹනු ලැබුවේ 2008 ජනවාරි මස තුළදීය. 2010 නොවැම්බර් මස 18 වන දින
විවෘත කළ මෙහි නැංගුරම්පළවල් 3 කි. චීන රජයේ මූල්‍ය අනුග්‍රහය ලබාගෙන නිමවා ඇති
මෙම වරාය ලොව ප්‍රථම අභ්‍යන්තර වරාය වේ.
13
සීමාන්විතයි
සීමාන්විතයි

ආ. ගාල්ල වරායේ ධීවර කටයුතු සිදුවීමත්, එහි ඇති හුණු ගල් වැටියත්, නාවික හමුදා
කඳවුරත්, වරාය තවදුරටත් විශාල කිරීමට ඉඩ මදි වීමත් ආදී හේතු මත ජාත්‍යන්තර
වරායක් හම්බන්තොට ඉදි කිරීමට තෝරාගෙන තිබේ.

ඇ. නව සේද මාවත ගමන් කරන්නේ ශ්‍රී ලංකාවේ දකුණු දෙසින් වන අතර මාගම්පුර
වරායේ සිට ජාත්‍යන්තර නාවික මාර්ගයට ඇති දුර මුහුදු සැතපුම් 12 කි. දිනකට ගමන්
කරන 400 කට අධික නැව් වලින් 10 කට අවශ්‍ය ඉන්ධන, ආරක්ෂාව, අලුත්වැඩියාව,
ආහාර, ප්‍රතිකාර ඇතුළු සේවා ලබාගැනීමට මාගම්පුර වරාය ඉතා වැදගත් ස්ථානයකි.
මාගම්පුර වරාය නිමවූ විට එහි ධාරිතාව කොළඹ වරාය මෙන් 20 ගුනයකටත් වැඩි වනු
ඇත.

ඉන්දියාව කෙරෙහි ශ්‍රී ලංකාව වැදගත් වන ආකාරය

31. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දිගු කාලයක පටන් පවතින්නේ මිත්‍රශීලී
සම්බන්ධතාවයකි. නමුත් ශ්‍රී ලංකාවේ ඇති වූ සිවිල් යුද්ධයේ ඇතැම් කරුණු පිළිබඳ දෙරට
අතර මතභේද පවතියි. ශ්‍රී ලංකාවේ ආසන්නතම අසල්වැසියා ඉන්දියාව වන අතර දෙරට
එකිනෙක වෙන්වන්නේ පෝක් සමුද්‍ර සන්ධිය හරහායි. දෙරටම භූ ගෝලීයව දකුණු
ආසියාව තුල උපක්‍රමශීලීව වැදගත් ස්ථාන වල පිහිටා තිබීම නිසාවෙන් ඉන්දියන් සාගරයේ
පොදු ආරක්ෂාව සඳහා එක් කොඩියක් යට යන සංකල්පය නිර්මාණය කිරීමට දෙරටේම
අවධානය යොමුව තිබෙයි. එමෙන්ම ඉතිහාසමය සහ සංස්කෘතිකමය වශයෙන්, ඉන්දියාව
හා ශ්‍රී ලංකාව අතර වැදගත් සම්බන්ධතා පවතී.

32. වෙළඳ සම්බන්ධතා අතින් ලංකාවේ වෙළඳපල ඉන්දියාවට ඉතා වැදගත්වේ. ශ්‍රී
ලංකාවේ ආනයන වලින් 14% ප්‍රමාණයක් ඉන්දියාවෙන් ගෙන්වන අතර ශ්‍රී ලංකාවේ
අපනයන වලින් 3.6% ක් පමනක් ඉන්දියාවට යැවීම සිදු කෙරේ.

33. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව නාවික සැතපුම් 12 ක පමණ දුරකින් පෝක් සමුද්‍ර සංධිය
හරහා වෙන්වී තිබෙයි. ශ්‍රී ලංකා හමුදාව විසින්, ශ්‍රී ලංකා මුහුදු තීරයේ නීති විරෝධීව මසුන්
අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් රාශියක් දිගින් දිගටම පසුගිය සමය තුලදී අත්අඩංගුවට
ගනු ලැබූ අතර, ඉන්දියානු නාවික හමුදාවද ශ්‍රී ලංකා ධීවරයින් අත්අඩංගුවට ගෙන තිබෙයි.
මෙම කරුණ ඉන්දියාවට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ගැටළුවක් නිර්මාණය කර ඇත.

14
සීමාන්විතයි
සීමාන්විතයි

ඇමරිකාව කෙරෙහි ශ්‍රී ලංකාව වැදගත් වන ආකාරය

34. ඇමරිකාව විසින් ආරම්භ කර ඇති ගෝලීයකරණ ක්‍රියාවලිය හෙවත් මුළු ලෝක
ආර්ථිකයම එකම වෙළදපල ආර්ථිකයක් බවට පත්කර ගැනීම අරමුණු කරගෙන විවිධ
ක්‍රියාවලීන් සිදුකරයි. මෙහි එකම අරමුණ ඇමරිකානු ව්‍යාප්තවාදය තුලින් ඇමරිකාවට
හිතකර වෙළදපල ආර්ථික ක්‍රමයක් බිහි කර ගැනීමයි. මේ සඳහා ජාතික ආර්ථිකයන්,
විදේශ වෙළදාම, විදේශ ආයෝජන, සන්නිවේදනය සහ තාක්ෂණය යන අංශ හරහා
ඇමරිකානු බලය පැතිරීම සිදුකල යුතුවේ.

35. මේ සඳහා සාගරය සහ භූමිය මත තම බලය පැතිරවීමේදී විවිධ උපායමාර්ගයන් මේ


සඳහා උපයෝගී කර ගනී. ආසන්නතම උදාහරණයක් ලෙස ලංකාවේ 2015 දී සිදුවූ ආණ්ඩු
පෙරළියට අමෙරිකාව සහ ඉන්දියාව මැදිහත් වීම දැක්විය හැක.

චීනය කෙරෙහි ශ්‍රී ලංකාව වැදගත් වන ආකාරය

36. චීන ශ්‍රී ලංකා සබඳතාවලට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. ක්‍රිස්තු වර්ෂ පස් වැනි සියවස
පටන් දෙරටේ සබඳතා ගොඩනැගීම පිළිබඳ ලිඛිත සාධක හමු වුවද අලිඛිත සාධක හා
ඓතිහාසික පුරාවෘත්තවලට අනුව එය තවත් වසර දහස් ගණනක පටන් පැවත එන්නක්
බව තහවුරු වෙයි. අතීතයේ සිදු වූ දූත ගමන් බොහොමයක් ආගමික අරමුණු සහිත වූ අතර
වඩාත් හොඳ දේශපාලන සහ ආර්ථික සබඳතා ගොඩනගා ගැනීම වෙත ද අවධානය යොමු
වී තිබුණි. දේශපාලනමය වශයෙන් 1957 වසරේ පෙබරවාරි 07 දින ශ්‍රී ලංකාව හා චීනය
අතර පූර්ණ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරඹුණ බව සඳහන්වේ.

37. චීනය විසින් ආසියාවේ බලවතා බවට පත්වීම සඳහා සහ කලාපයේ ආධිපත්‍යය
පතුරුවාලීම සඳහා විවිධ ක්‍රියාවලීන් සිදුකරන අතර එහි එක් අවස්ථාවක් ලෙස “එක්
මාවතක්-එක් තීරයක් (One road-One belt)” ව්‍යාපෘතිය හෙවත් නව සේද මාවත
හැඳින්විය හැක. නව සේද මාවත ඔස්සේ ආසියාවේ සිට යුරෝපයට භාණ්ඩ ප්‍රවාහනය සිදු
වනු ඇත. ඒ හරහා ආසියාවට අප්‍රිකාවද, මධ්‍යධරණී ප්‍රදේශයද විවෘත වනු ඇත.
ශ්‍රී ලංකාවේ පිහිටිම හා ක්‍රමොපායික වැදගත්කම

38. ලෝකයේ හා ඉන්දියානු සාගරයේ අධිපත්‍ය දැරීම සඳහා ශ්‍රී ලංකාව භෞතික,
ආර්ථික, යුධමය සහ භූ දේශපාලනික වශයෙන් ශක්තිමත් නොවුවද, දැනට ඉන්දියානු
15
සීමාන්විතයි
සීමාන්විතයි

සාගරයේ සිදුවන භූ දේශපාලනික දිගහැරීම් අනුව පෙනී යන්නේ ශ්‍රී ලංකාව ඉන්දියානු
සාගර බලවතුන්ගේ තීරණාත්මක කොටස්කරුවෙකු බවට පත් වෙමින් තිබෙන
බවය.එනම් ප්‍රධාන වශයෙන් ඇමෙරිකාව, චීනය සහ ඉන්දියාව යන රටවල් විසින්
ඉන්දියානු සාගරයේ නාවුක, හමුදා සහ ආර්ථික බලය ගොඩනගා ගැනීමට දරන
ප්‍රයත්නයේ දී ශ්‍රී ලංකාව ඒ සියළු රටවලට ක්‍රමෝපායික වශයෙන් වැදගත් වන
කේන්ද්රස්ථානයක් බවට පත් වෙමින් තිබේ.

39. පර්සියානු බොක්ක සහ මලක්කා සමුද්ර සන්ධිය මධ්‍යයේ නව මුහුදු සේද මාවත
අසල ශ්‍රී ලංකාව පිහිටිම ලංකාවට වාසි මෙන්ම අවාසි/ අභියෝග ද ගෙන දේ. නැගී එන
චීනය සහ නව සීතල යුද්ධයේ උණුසුමත් සමඟ ඉන්දියානු සාගරය ලෝක බලවතාගේ
නැගිටිම සදහා වැදගත්ම තොතැන්න බවට පත් වී ඇත, බොහෝ බලවත් රටවල්
ඉන්දියානු සාගර කලාපය තුළ සිය බලපෑම වැඩි කර ගැනීමට උත්සාහ කරන බැවින් ශ්‍රී
ලංකාව ඔවුන්ට තීරණාත්මක සාධකයක් බවට පත්වි ඇත.

40. ලෝකයේ තෙල් වලින් තුනෙන් දෙකක පමණ ප්‍රමාණයක් සහ ලොව පුරා ඇති
කන්ටේනර් නැව්ගත කිරීම් වලින් භාගයක් පමණ ශ්‍රීලංකාවට දකුණු මුහුදෙන් ගමන් කරන
අතර එ නිසා භූ-උපායමාර්ගික දෘෂ්ටි කෝණයෙන් හා මුහුදු මාර්ග වල ආරක්ෂාව සඳහා
ඉන්දියානු සාගරයේ ශ්‍රී ලංකාව පිහිටා ඇති ස්ථානය ඉතා වැදගත් වේ. තවද නව සීතල
යුද්ධයක් පිලිබදව විවිධ විශේෂඥයින් පුරෝකථනය කර ඇති නිසාත්, ඉන්දු-පැසිෆික්
කලාපයේ වැදගත්කම ඉහළ යාමත් නිසා ලංකාව කෙරෙහි උනන්දුවක් දක්වන එක්සත්
ජනපදය, චීනය, ඉන්දියාව සහ ජපානය වැනි බලවතුන් ගණනාවක් සිටිති. ඉන්දියන් සාගර
කලාපයේ ජගත් දේශපාලනයේ කේන්ද්‍රස්ථානය බවට අද ලංකාව පත්ව ඇත.

41. ඒ හැරුණු විට, ශ්‍රී ලංකාව සතුව කොලබ, හම්බන්තොට හා ත්‍රීකුණාමලය වැනි
උපායමාර්ගික හා වාණිජමය වටිනාකම් ඇති වරායන් ඇති අතර එමඟින් එවායේ උපරිම
හැකියාවන් වර්ධනය වුවහොත් ඉන්දියානු සාගරයේ වැදගත් මුහුදු කේන්ද්රස්ථානයක් විය
හැකිය. ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම සහ කලාපීය වෙළෙඳපොළ වෙත ඇති වේගවත්
ප්‍රවේශය එහි ආර්ථික අවශ්යතා සඳහා බෙහෙවින් ඉවහල් වන අතර කලාපය බලවතුන්ගේ
බල අරගලය සඳහා තෝතැන්නක් වන හෙයින් ලංකාවේ පිහිටීම ඉන්දියානු සාගර
කලාපයේ ආරක්ෂක හා දේශපාලනික වශයෙන් වැදගත් තැනක් ගනී.
42. සීතල යුද්ධයේදී ඇමරිකාව හා රුසියාව ලංකාවේ විශාල උපායමාර්ගික
වැදගත්කමක් දුටු අතර එ නිසා ප්‍රතිවාදී කඳවුරු දෙකම ලංකාව කෙරෙහි දැඩි ඇල්මක්
දැක්විය.ත්‍රීකුණාමලය වරාය යුධ නැව් සහ සබ්මැරීන නැවැත්විම සදහා ඉතා වැදගත්
16
සීමාන්විතයි
සීමාන්විතයි

වරායක් බවට බලවත් රටවල් හදුනාගන්නා ලදි. එසේම රුසියාවට සහ චීනයට ත්‍යෂ්ටික
ප්‍රහාරයක් එල්ල කිරිම සඳහා සබ්මැරීන ස්ථානගත කිරීමට ශ්‍රී ලංකාවේ දකුණ
මූලෝපායිකව කදිම බවට ඇමරිකාව ඇතුලු අනෙකුත් කදවුර හදුනාගත් බැවින් ඇමරිකා
එක්සත් ජනපදය, හා ඊට මිත්ර රටවල ප්‍රහාර එල්ල කිරිමටත් රුසියාව සහ චීනය යන
රටවල් තම භූමිය ආරක්ෂා කර ගැනිමට හා ප්‍රහාර එල්ල කිරිමටත් හැකි වන ලෙස භූමියේ
ආධිපත්‍යය සදහා ලංකාවට බලපෑම් කිරීමට උත්සාහ කළහ. ජාත්‍යන්තර භූ -උපායමාර්ගික
තරඟයේදී ශ්‍රී ලංකාව අතිශයින් වැදගත් වන බවට තවත් කදිම නිදසුනක් වන්නේ
කොරියානු යුද්ධයේදී එක්සත් ජනපද ෆ්ලෝටිලා ( නැව් බල ඇණි) ශ්‍රී ලංකා වරායන්හි
ස්ථානගත කිරිමයි.

මුහුදු සේද මාවත හා එහි බලපැම්


43. චීනය විසින් ගල්ෆ් කලාපයේ සිට චීනයට යන මුහුදු සේද මාර්ගය සඳහා බාධාවකින්
තොරව ඇතුළුවීමට පාකිස්තානයේ ග්වදාර්, මාලදිවයින, හම්බන්තොට, බංගලාදේශයේ
චිතගොං සහ මියන්මාරයේ කොකො දූපත් හි නාවුක සහ ගුවන් කඳවුරු ගොඩ නගා ඇත.

44. ඒ අනුව සැතපුම් දහස් ගණනක දුර ගෙවා අප්‍රිකානු කලාපයත්, ගල්ෆ් කලාපයත්
හරහා චීනය දක්වා තෙල් සහ ගෑස් ඇතුළු බලශක්තිය ප්‍රවාහනය කරන නැව් වලට මුහුදු
කොල්ලන්කරුවන්ගෙන් එල්ල වන තර්ජන ඇතුළු සියලු ආකාර තර්ජන වලින් ආරක්ෂාව
සැපයීම සහ ක්‍රමෝපායික පාවිච්චිය සඳහා ඉහත කී කඳවුරු චීනය විසින් යොදා ගෙන
තිබේ.එහි අරමුණ වන්නේ බාධාවකින් තොරව චීනයට බලශක්තිය සැපයීම සිදු කිරීමයි.
අඛණ්ඩ බලශක්ති සැපයුම චීනයේ ඉහළ ආර්ථික දියුණුව පවත්වාගෙන යාම ඇතුළු
දේශපාලනික, ආර්ථික සහ හමුදාමය අරමුණු ඉෂ්ඨ කර ගැනීම සඳහා තීරණාත්මක ලෙස
බලපායි. ඒ අනුව මුහුදු සේද මාර්ගය කේන්ද්ර කර ගෙන චීනයේ භූ දේශපාලනික අරමුණු
පදනම් වී ඇති අතර ඇමෙරිකාව සහ ඉන්දියාව ඇතුළු සෙසු උනන්දුව දක්වන රටවල් වූ
රුසියාව, පාකිස්ථානය, සහ යුරෝපය එකී සේද මාවත කේන්ද්රකරගත් චීනය කේනද්‍රකර
ගෙන සිය භූ දේශපාලනික ක්‍රමෝපායන් සකස් කරමින් පවතී.

45. ඉහත විස්තර කරන්නට යෙදුණු මුහුදු සේද මාර්ගයේ ක්‍රමෝපායික වශයෙන් ඉතා
වැදගත් තැනක් බවට ශ්‍රී ලංකාව පත්වී ඇත. එයට එක් ප්‍රධානතම හේතුවක් වන්නේ මුහුදු
සේද මාර්ගයේ සැතපුම් දහස් ගණනකට අදාළව පිහිටි එකම ආසන්නතම ගොඩබිම ශ්‍රී
ලංකාවත්, හම්බන්තොට එම සේද මාවතට ආසන්නතම ස්ථානයත් බවට ස්වාභාවික
පිහිටීම අතින් පත්වී තිබීමයි. මෙ සියල්ලේ ප්‍රතිපලය වී ඇත්තේ මුහුදු සේද මාවතේ පිහිටි

17
සීමාන්විතයි
සීමාන්විතයි

සෙසු රටවල් සහ නාවුක කඳවුරු වලට වඩා ශ්‍රී ලංකාවත්, හම්බන්තොටත් ඉන්දීය
සාගරයේ ආධිපත්‍යය සොයා යන ප්‍රධාන රටවල දැඩී අවධානයට ලක් වීමයි.

46. මෙකී අවධානය ශ්‍රී ලංකාවට ලැබීම හරහා මෙරට දේශපාලන, ආර්ථික, හමුදා සහ
විදේශ සම්බන්ධතා කටයුතු ජාත්‍යන්තර වශයෙන් ඉතා වැදගත් බවට පත්වී ඇත. පසුගිය
දශකය පුරා චීනය ප්‍රධාන වශයෙනුත්, ඉන්දියාව තීරණාත්මක වශයෙනුත් ලංකාවේ
ආරක්ෂක, දේශපාලන, වෙළඳ සහ රාජ්‍යතාන්ත්‍රික කටයුතු වලදී මැදිහත්වීම් සිදු කළද,
වර්තමානයේ එය ඇමෙරිකාව සහ රුසියාව දක්වා ව්‍යාප්ත වී ඇත.විශේෂයෙන්
හම්බන්තොට වරාය ව්‍යාපෘතිය, වරාය නගර ව්‍යාපෘතිය, ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි
ව්‍යාපෘතිය යනාදිය ඉන්දියාවේත්, ඇමෙරිකාවේත් දැඩි රාජ්‍යතාන්ත්‍රික අවධානයට ලක්වී
ඇත. එහි ප්‍රතිපලයක් ලෙස ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරය තුළ දිග හරින භූමිකාව ශ්‍රී
ලංකාවටත්, අනෙකුත් උනන්දුව දක්වන රටවලටත් තීරණාත්මක ලෙස බලපෑමට පටන්
ගෙන තිබේ.මෙහි ප්‍රතිපලය වී ඇත්තේ චීනය පමණක් නොව ඉන්දියාව, ඇමෙරිකාව,
රුසියාව, ජපානය සහ යුරෝපය ශ්‍රී ලංකාව ක්‍රමෝපාය මාර්ගික ලෙස රාජ්‍යතාන්ත්‍රික
මට්ටමින් දිනා ගැනීමට උත්සාහ දැරීමයි. විශේෂයෙන්ම වසර 30 කට පසුව ඉන්දීය
අගමැතිවරයකු 2015 වසරේ දී ලංකාවට පැමිණීමත්, ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයාට වසර
ගණනාවකට පසුව රුසියාවේ රාජ්‍ය නායකත්වයෙන් නිල ඇරයුම් ලැබීමත් සහ ඉහළ
රාජ්‍යතාන්ත්‍රික පිළිගැනීමක් එරටදී ලැබීමත් වැදගත් නිරීක්ෂණ ලෙස සටහන් කළ හැකිය.

47. එසේම ඇමෙරිකාව ඉන්දියානු සාගරය තුළ සිය යුධ ශක්තිය කේන්ද්‍රගත කර ඇති
දියාගෝ ගර්ෂියා දූපත සඳහා බ්‍රිතාත්‍ය සමග ඇති කර ගෙන තිබූ බදු ගිවිසුම අවසාන වීමත්
සමග ශ්‍රී ලංකාවේ ඩෙල්ෆ් දූපතේ එකී සේනාංක රැඳවීමට අදගස් කර ඇතැයි වාර්තා විය.

48. ඒ අනුව ආසියා-පැසිපික් සාගර කලාපයේ ඇමෙරිකානු 5 වන නෞකා සේනාංකය


ශ්‍රී ලංකාව තුළ රැඳවීමේ ඉඩකඩක් පවතී.

49. අද වන විට ලෝකයේ නිෂ්පාදන බලවතුන්ට වෙළඳාම සඳහා හොඳම අවස්තාව


ඇත්තේ අප්‍රිකානු කලාපය තුලය. යුරෝපානු ඇමෙරිකානු බලවතුන්ට මෙන්ම චීනය
ඇතුළු පෙරදිග බලවතුන්ටද අප්‍රිකාව හා සම්භන්ධවීමට , ඉන්දියන් සාගරය අතිශයෙන්
වැදගත්‍ වෙි. ඉන්දියානු සාගරයේ බලය අල්ලාගන්න සියලුදෙනාම පොරකන්නේ ඒ
හේතුව නිසාවෙනි .
18
සීමාන්විතයි
සීමාන්විතයි

50. මෙම බලපොරයේ ඉදිරියෙන්ම සිටින්නේ චීනයයි. ඉන්දියානු සාගරයේ භූගෝලීය


පිහිටීම අනුව එම කලාපයේ ප්‍රභලයා වන්නේ ඉන්දියාවයි . නමුත් ඉන්දියානු සාගරයේ
බලය ස්ථාපිත කරගෙන ඇත්තේ චීනයයි, මේ අනුව මෙම රටවල් දෙක අතර සීතල ද්වන්ද
ගැටුමක් හටගෙන ඇත.එම රටවල් දෙක පිටුපස ලෝකයත් පෙළ ගැසී ඇත. ඉන්දියාව
පිටුපස ඇමෙරිකාව , ජපානය මෙන්ම අඩුවැඩි වශයෙන් යුරෝපයද පෙළ ගැසී ඇත. චීනය
පිටුපස රුසියාව හා “බ්‍රික්ස්” සංවිධානයට අයත් බ්‍රිසීලය ,දකුණු අප්‍රිකාව , ඇතුළු රටවල්
පෙළ ගැසී සිටී. මේ අනුව ඉදිරියේදී ඉන්දියානු සාගරයේ බලය අල්ල ගැනීම සඳහා මෙම
රටවල් සියල්ල පුළුල් සීතල යුද්ධයකට එළැඹීමේ යම් අවදානමක්ද ඇත.

51. මෙම ඉන්දියානු සාගරයේ කේන්ද්‍රයේ පිහිටා තිබීම හේතුවෙන් මෙම බලරගලය
තුල ශ්‍රී ලංකාවටද විශේෂ ස්ථානයක් හිමිව ඇත්තේ නිතැතිනි. මෙම භූ දේශපාලනික
වැදගත්කම හේතුවෙන් , ඉන්දියානු සාගරයේ බලය ඇල්ලීමට වෙර දරන සියලුම රටවල්
ශ්‍රී ලංකාව වෙත ” කෙල හලමින් ” , “තලු මරමින්” සිටිති. මේ තත්වය හේතුවෙන් , උදාවී
ඇත්තේ ශ්‍රී ලංකාවට වාසි හා ප්‍රතිලාභ මෙන්ම අවාසි හා පාඩුද සිදුවිය හැකි අවදානම්
සහගත හා අතිශය සංකීර්ණ තත්වයකි. මෙම සංකීර්ණ තත්වය අප නිවැරදිව අවබෝධ
කරගත යුතුව ඇත. විශ්ලේෂණය කරගත යුතුව ඇත.

52. මෙම වාතාවරණය මත ඉහත කී බලකදවුරු දෙකම ශ්‍රී ලංකාව තම


සේවාදායකයෙක් බවට පත්කරගැනීමේ වෑයමක යෙදේ. මේම බල අරගල හේතුවෙන්
ලංකාව තුල “ප්‍රොක්සි වෝර් ” තත්වයක් මතුවීමේ අවදානමක්ද ඇත. එනම් අනුන්
වෙනුවෙන් මෙම රට තුල අරගල හටගැනීමේ තත්වයයි.

53. දැනටමත් එහි ඇතැම් ලක්ෂණ මෙරට තුල දක්නට ඇත. මහින්ද රාජපක්ෂ මහතා
ප්‍රමුඛ ඔහුගේ අනුගාමිකයින් චීනය වෙනුවෙන් පෙනීසිටිමින් ඇති අතර ,ඔහුට විරුද්ධ
පාර්ශව ඉන්දියාව වෙනුවෙන් පෙනීසිටිමින් ඇත. මෙම දෙපාර්ශවය අතර මේ වනවිට එම
කරුණ මුල් කරගනිමින් වාචික ගැටුම්ද නිර්මාණය වී ඇත. චීන ගැති හා ඉන්දීය ගැති
කණ්ඩායම් දේශපාලන ක්ෂේත්රයේ පමණක් නොව ව්‍යාපාරික ඇතුළු විවධ වෘත්තීය
ක්ෂේත්ර තුලද ගොඩනැගෙමින් ඇත. එය රටේ ඉදිරි ගමනට අහිතකරය .

19
සීමාන්විතයි
සීමාන්විතයි

ශ්‍රී ලංකාවේ ආර්ථික වැදගත්කම

54. ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජමය වරායන් දෙක වන්නේ කොළඹ වරාය සහ දකුණේ
හම්බන්තොට වරාය වන අතර ඒ දෙකම කොළඹ ගුවන් තොටුපළට ඉතා ඉක්මනින්
සම්බන්ධවිය හැකි මාර්ග පද්ධතියකින් පරිපුර්ණ අතර 2018 දී කොළඹ වරාය පමණක්
TEU containers බහාලුම් මිලියන 7 ක් හසුරුවා ඇති අතර එය 1995 දී මිලියනයකි.2018
වෙන විට එය මිලියන හයකින් වර්ධනය වී ඇත. එලෙස කලාපයේ ප්‍රධාන සමුද්‍ර
කේන්ද්රස්ථානයක් වශයෙන් ශ්‍රී ලංකාව පහත දැක්වෙන පරිදි ගෝලීය ආර්තිකය හා
සැපයුම් ජාල Logistic Supply Chain සමග සලකා බැලිමේදි පහත දැක්වෙන ආර්ථිකමය
ප්‍රතිලාභ හා අවස්ථා ලබාදේ.

අ. නැඟී එන ආර්ථිකයක් ඇති , විශාල වෙලදපොලක් පවතින චීනය සහ


ඇමරිකාවට පසුව 2030 වන විට ලොව තුන්වන විශාලතම ආර්ථිකය බවට
පත්විමේ ලකුණු පෙන්වන ඉන්දියාවට සමිප ප්‍රවේශයන් ලබා දෙන
ස්තානයක ලංකාව පිහිටා තිබිමද ලංකාවේ ආර්තිකයට ඉතාමත් වාසිදායක
තත්ත්වයකි.

ආ. කොළඹ වරායේ සහ හම්බන්තොට වරායේ පර්යන්ත හරහා චීනයේ


තීරය සහ මාර්ග ( one belt one route)ව්‍යාපෘතියට සමිප වීම, එ තුලින්
චීනය ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවෙක් වීම ලංකාවේ
ආර්තිකයකට වාසිදායක තත්ත්වයකි.( ආර්ථිකයට හොදේ)

ඇ. ශ්‍රී ලංකාවේ සිට යුරෝපයට සහ මැදපෙරදිගට වේගයෙන් ලඟා වීමේ


හැකියාව මත ගෝලිය සැපයුම් ජාල වල (Global Logistics Chain)
කෙන්ද්‍රස්තානයක් වීම නිසා ඉන් ලාංකීය ආර්තිකයට වාසිදායක තත්වයක්
ඇතිවේ.

ඈ. පොස්ට් පැන්මැක්ස් ( post panmax)හෝ ත්‍රීත්ව ‘ඊ’ පන්තියේ (


Triple E class vessels)යාත්‍රාවලට නවාතැන් ගත හැකි ගැඹුරු ජලය සහිත
වරායන් නිසා ඇති නැව් හැසිරවිමේ පහසුව ලෝකයේ නාවික සමාගම් වලට
ලාංකීය වරායන් සදහා ප්‍රවේශ වීමට මග පාදන අතර එහිදි එම නවුකා වලට
20
සීමාන්විතයි
සීමාන්විතයි

ඉන්ධන සැපයිම, සේවා . අලුත්වැඩියා පහසුකම් සැලසිම හා වෙනත් විවිධ


වක්‍ර හා සෘජු ආර්තිකමය වාසි සපයයි.

ඉ. වීදේශීය අපනයනකරුවන් ශ්‍රී ලංකාවෙන් නැව්ගත කිරීම නිසා


අපනයන කරුවන්ට ආර්තික ප්‍රතිලාභ වැඩි වශයෙන් ලබා ගත හැකි අතර
ලංකාවේ පිහිටිම හා එහි ඉහත සදහන් කර ඇති වරායන් හී ප්‍රතිලාභ නිසා
විදේශීය අපනයන කරුවන්ට ලංකාවට අමුද්‍රවය ගෙන්වා තම නිෂ්පාදන
ලංකාව තුල සිදුකොට නැවත විදෙස් වෙලදපොලට මුදාහැරිම වාසි ගෙන
දෙන මාර්ගයකී.එතුලින් ලංකාව තුල විරැකියාවට විසදුමක්ද ලබාදේ.

ඊ. විදේශීය වෙළෙඳපොළට ඇති ඉක්මන් ප්‍රවේශය - රොටර්ඩෑම්,


ඇන්ට්වර්ප්, ෆීලික්ස්ස්ටෝ, සවුත්හැම්ප්ටන් සහ හැම්බර්ග් ඇතුළු යුරෝපයේ
ප්‍රධාන වරායන් වෙත නිෂ්පාදන නැව්ගත කිරීමට කැමති අපනයනකරුවන්
සඳහා හොද වේගයක් , සංඛ්‍යාතයක් සහ ධාරිතාවක් ශ්‍රී ලංකාව සපයයි.

එ. කොළබ සිට නිව් යෝර්ක් වරායට දින 22 ක් තුළදී ළඟා විය හැකිය.
කොළඹ වරාය දෙපස පිහිටි ප්‍රධාන වරායන් දෙක වන ඩුබායි සහ සිංගප්පූරු
වරායන් වෙත බහු වාහක (multiple carriers) දින 4.5 කින් ළඟා විය හැකිය.
එවැනි කෙටි කාලයක් තුල විදේශීය වෙලදපොල වෙත ඉක්මනින්
ලගාවියහැකිවිම තුලින් ඇඟලුම් සහ ආහාර නිෂ්පාදන වැනි කාල සංවේදී
භාණ්ඩ සඳහා ලංකාව බෙහෙවින් සුදුසු ය.

ඒ. ලාංකීය වෙළෙඳපොළ ව්‍යාප්තිය - ශ්‍රී ලංකාව ඉන්දියාව, පකිස්ථානය ,


සිංගප්පූරුව සහ චීනය සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් ඇති අතර ජීඑස්පී +
යෝජනා ක්‍රමය යටතේ ලාංකීය ආනයන අපනයන වෙලදාමට යුරෝපීය
වෙලඳපොලවල් වලට ප්‍රවේශය ඇත.

ඔ. සැපයුම් සේවා සපයන්නන් සඳහා විශාල අවස්ථා ප්‍රමාණයක් ශ්‍රී


ලංකාවේ පිහිටිම තුලින් උදාවේ.එන්ට්රොපොට් සේවා, ගබඩා, එකලස් කිරීම
සහ සුළු සැකසුම්, ලේබල් කිරීම සහ නැවත ඇසුරුම් කිරීම වැනි සේවා
සැපයීමට අවස්ථා තිබේ. කිමිදුම් සේවා, නැව් අලුත්වැඩියා කිරීම, බංකර
දැමීම, නැව් චැන්ඩ්ලර්, මුහුදු මාර්ෂල්වරුන් ( රක්නා ලංකා, ඇවන්ට්ගාඩ්)
වැනි සහ කාර්ය මණ්ඩල සපයන සමාගම් වලට ද ශ්‍රී ලංකාවේ වරාය තුළ
අවස්ථා ලබා ගත හැකිය

21
සීමාන්විතයි
සීමාන්විතයි

ඕ. කොලබ ඉදිවන ෆොර්ට් සිටි නැත්නම් වරාය නගරය ලොව ප්‍රමුඛ


පෙළේ ආයෝජන නගරයක් ලෙස 2025 වන විට ලොව පුරා ජනප්‍රිය වීමට
ඇති අතර වරාය නගරය ආසියා, අප්‍රිකා, යුරෝපා පිවිසුම් මඟ ඔස්සේ පිහිටීම
හේතුවීම නිසා විශේෂයෙන් මෙයට සේද මාවතේ වාණිජ කේන්ද්රස්ථානය
ලෙසද ක්රියාත්මක වියහැකි ආර්ථිකමය වාසින් විශාල ප්‍රමාණයක් ඇති
ව්‍යාපෘතියක් වන අතර එයට ලැබෙන එකී අවස්ථාවන් සදහාද ලාංකීය
පිහිටිම වැදගත් බව නොකිවමනාය.

55. ඉහත කී කරුණු වලට අමතරව තවත් ආර්තිකයම වාසි ලංකාවේ පිහිටිම නිසා
ලැබෙන අතර එකී සියලු ආර්තික වාසින් සදහා මුලාශයන් සපයන්නේ ඉහත ප්‍රතිලාභ
මගිනි.
56. උදාහරණයක් ලෙස කොලබ වරායේ පිහිටිම, ධාරිතාවය හා අනෙකුත් වරායන්
වෙත ඉක්මනින් ලහාවීම හැකියාව මත, විදෙස් වෙලද සමාගම් ලංකාව වෙත ලගාවන
අතර එ තුලින් ඇති වන ආර්තික ප්‍රතිලාභ ගණනාවකි.

1. ලාංකීය තරුණ ප්‍රජාවට ඇති වන රැකියා අවස්තා.

2. වරාය සේවාවන් සදහා ඇති අවස්ථා

3. කොලබ අවට සංචාරක ව්‍යාපාරය සදහා සෘජුව හා වක්‍රව ඇතිවන ප්‍රතිලාභ

(කැසිනෝ, සංචාරක ප්‍රවාහනය , නයිට් ක්ලබ්, හොටෙල් , )

4. ලාංකීය වෙලදපොල හා රට පිලිබද ඇතිවන ආකල්ප පැතිර යැම වැනි තවත්


බොහෝ කරුණු ගණනාවකි.

22
සීමාන්විතයි

You might also like