You are on page 1of 6

ශ්‍රී ලංකාවේ ගල් කැටයම්

 ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික කලා මාධ්‍යයන් අතර ගල්කැටයම් උදෙසා


ලැබෙනුයේ අග්‍ර ගන්‍ය ස්ථානයකි. විශේෂයන් ලක්දිව ගල් කැටයම්
කලාව ,‍හෙළ ගල් වඩුවාගේ හැකියාව, නිර්මාණ ශීලිත්වය මනාව
පිළිඹිබු කිරීම නිසා පමණක් නොව තමන්ට ආවේණික වූ නිර්මාණ
ශිල්පීයත්වයක් එයින් පිළිඹිබු කරන හෙයිනි. ලක්දිව සම්ප්‍රදායික
කලා මාධ්‍යයන් අතීතයේ සිටම විකාශනයට පත් වූවකි. ප්‍රාග්
ඓතිහාසික යුගයේ කවර අන්දමේ කැටයම් කලාවක් පැවතියේද
යන්න පිළිබඳව කිසිවක් පැහැදිලිව කිව නොහැක්කේ ඒ පිළිබඳ
පුරාවිද්‍යාත්මක සාධක ලැබී නැති හෙයිනි. නමුදු ක්‍රි.පූ.6 වන
සියවසේ බුදු සමයේ හදුන්වාදීමත් සමඟම දේශීය කැටයම් කලාවේ
නව උන්නතියක් හා නව මුහුණුවරක් ඇති වූ බව නිගමනය කළ

හැකිය.ගල් කැටයම් සදහා උදාහරණ මෙසේය වාහල්කඩ , සඳකඩ


පහණ , මුරගල , ඉසුරුමුණිය , කොරවක් ගල අපි දැන් එම උදාහරණ
ගැන සොයා බලමු
වාහල්කඩ

පැරණි ලක්දිව ගල් කැටයම් කලාව අධ්‍


යයනයේදී පැරණිතම ගල්කැටයම් හමුවන්නේ අනුරාධපුරයේ ඇති
වාහල්කඩය. පැරණි යුගයේ මෙම වාහල්කඩ යන අංගය හඳුන්වා
ඇත්තේ "ආයක්" යනුවෙනි. වාහල්කඩ යනු ලක්දිව පැරණිම
දාගැබ්වල සතර දිශාව බවත්, දාගැබේ පහළ කොටසට සම්බන්දව ඉඳි
කෙරුණ ප්‍රක්ෂේපණ 4 ක් බවත්ය. ගල් පුවරුවලින් නිමවන ලද
මෙම අංගය මූලික වශයෙන්ම සෘජුකෝණස්‍රාකාර ආකෘතියක්
ගන්නා අතර එහි මධ්‍ය කොටස ඉදිරියට නෙරා ඇවිත් ඇත. මෙම
වාහල්කඩේ පහළ කොටස කැටයම්වලින් තොර වූ සරල ගල්
පුවරුවලින් සකස් වී ඇති අතර ඉහළ කොටස සකස් වී ඇත්තේ ඇතුළු
පැත්තට හා පිට පැත්තට නෙරා ගිය ගල්තීරුවලිනි. එසේම මෙම
වාහල්කඩේ දෙකෙළවර උස ගල් කණුවක් හා මිටි ගල්කණුවක් සෑම
විටම දක්නට ලැබේ. මෙම වාහල් කඩ අංගය අලංකාර කිරීම සඳහා
යොදා ගත් විවිධ කැටයම් වාහල්කඩ කැටයම් වේ. මෙම කැටයම්
වලින් සෞභාග්‍ය හා ආරක්ෂාව වැනි හැඟීම් සං‍ඛේතවත් කරන සම්ප්‍
රදායික කැටයම් මොස්තර නිරූපණය වේ. වාහල්කඩ වල ඉහළ
කොටසේ, දිග් අතට වැටී ඇති ගල් තීරුවලත් දෙකෙළවර පිහිටි
ගල්කණුවලත් කැටයම් මොස්තර දක්නට ලැබේ. ඇතා, අශ්වයා,
සිංහයා, ගවයා යන සතුන් හතරදෙනාගේ සත්ත්ව පෙරහැරත්, නාග
රූපයත්, වාමන රූපයත්, මකර රූපයත්, හංස රූපය හා නෙළුම්
මල දැක්වෙන රූපයත් කැටයම් අතර කැපී පෙනේ. එසේම විවිධ
ලියවැල් හා මල්වැල් අලංකරණය සඳහා යොදා ගෙන ඇත.

සඳකඩ පහණ

සඳකඩ පහණ පැරණි ලක්දිව කැටයම් කලාවේ බෙහෙවින්ම

කැපීපෙනෙන අංගයක් වේ. පැරණි ලක්දිව ඉදිකරන ලද ආගමික හා


ගිහි ගොඩනැගිලිවලට ඇතුළු වීම සඳහා වූ පියගැට පෙළෙහි මුලටම
තබන ලද අර්ධකවාකාර ගල්පුවරුව සඳකඩ පහණ වන අතර
වර්තමාන පාපිස්සකින් සිදුවන කාර්යය ඉටුවන්නට ඇතැයි විශ්වාස
කෙරේ.
මුරගල

සඳකඩ පහණ මෙන්ම පැරණි දේශීය කලාකරුවාගේ


නිර්මාණ කුසලතාවන් හා ශිල්පීය කුසලතාවන් පිළිඹිබු කරන කැටයම්
අංගයක් ලෙස මුරගල දැක්විය හැකිය. ලක්දිවට ආවේණික කලා
නිර්මාණයක් වන මෙය පැරණි ලක්දිව ආගමික හා ගිහි
ගොඩනැගිලිවලට පිවිසෙන පියගැටපෙළ දෙපස සිරස් අතට තබා ඇති
ගල් පුවරු වේ.සාමාන්‍යයෙන් මෙම මුරගල්වල උපරිභාවය
අර්ධකවාකාර හැඩයක් ගන්නා අතර ප්‍රමාණයෙන් උස අඩි 3 සිට 5
දක්වාත් පළල 1 සිට 3 දක්වාත් වේ. මුලින්ම ඉදිකරන ලද මුරගල්
කිසිදු කැටයමකින් තොරව ඉතා සරල චාම් ගල් පුවරුවක් විය. ක්‍රම
ක්‍රමයෙන් මෙම සරල ගල් පුවරුවල විවිධ අන්දමේ මංගල වස්තු සහ
සෞභාග්‍ය සංඛේතවත් කෙරෙන වස්තු නිරූපණය විය. විවිධ
සංකලනයන් මඟින් පැරණි කැටයම්කරුවා ඉතා අලංකාර
කලාත්මකභාවයෙන් යුත් නාග රූප මුරගලක් අනුරාධපුර යුගයේ
දෙවන භාගයේ පහළ විය.

ඉසුරුමුණිය

කලාත්මක හා ශිල්පීය වශයෙන් උසස්


තත්වයෙහිලා සැලකිය හැකි සුප්‍රසිද්ධ ගල් කැටයම් අතර
ඉසුරුමුණිය වැදගත් වේ. ඉසුරුමුණි පෙම් යුවළ ඉතා විශාල ප්
රසිද්ධියක් ලබා ඇත්තක් වන අතර අඩි 3 ක් පමණ උසින් හා අඩි 2 ක්
පමණ පළලින් යුතුය. මෙහි මූලික වශයෙන්ම නිරූපණය කර
ඇත්තේ ආසනයක වාඩි ගත් තරුණ පුරුෂයෙක් හා තරුණ
කාන්තාවක්ය. පිරිමි‍යා වාඩි වී සිටින ඉරියව්ව ලලාතාසන ඉරියව්ව
යනුවෙන් හැදින්වේ. කාන්තාව වාඩිවී සිටින්නේ තරුණයාගේ
නවිගත් වම් කකුල මතය.තරුණයාගේ දකුණු උරහිසට ඉහළින්
කඩුවක මිටක් හා පළිහක් වැනි දෙයක් දක්නට ඇත. දෙදෙනාගේම
උඩුකය නග්නව දක්වා ඇති අතර විවිධ මාල, වළලු හා කර්ණාභරණ
පැළඳ ඇති බව පැහැදිලිය. දකුණතින් දැක්වෙන මුද්‍රාව
අපැහැදිලිය. ක්‍රි.ව. 5 වන සියවසය අයත් මෙය භාරතයේ
විශිෂ්ටතම කලා සම්ප්‍රදාය වන ගුප්ත මූර්ති ගණයට අයත් විශිෂ්ට
නිර්මාණයකි.

You might also like