You are on page 1of 5

ක්‍රියාකාරකම්

(1) උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතියේ කොටස් නම් කිරීම. දී ඇති නම් කරන ලද
රූප සටහන් ආධාරයෙන් පහත රූප සටහන පුරවන්න.

(නම් කරන ලද රූප සටහන් ඩබ්ලිව් එස් කරුණාතිලක සහ ජේ බී


දිසානායකගේ පොත්වලින් උපුටා ගෙන ඇත)
(2) භාෂණ ශබ්ද (speech sounds) බෙදෙන මුලික කොටස් මොනවා ද ? එක් එක්
වර්ගය සඳහා උදාහරණ 5 බැගින් සපයන්න.

(3) ස්වර සහ ව්‍යඤ්ජන වෙන් කෙරෙන ශබ්ද උච්චාරණ ලක්ෂණය කුමක් ද ?

(4) ස්වර චතුරස්‍රයක් ඇසුරෙන් ස්වර අවකාශය ඉදිරිපත් කරන්න.

(5) (අ) උච්චාරණ ස්ථානය අනුව ව්‍යඤ්ජන බෙදෙන ආකාරය දක්වන්න.


(ආ) උච්චාරණ විලාසය අනුව ව්‍යඤ්ජන බෙදෙන ආකාරය දක්වන්න.
ඉහත එක් එක් වර්ගයේ අනන්‍ය ලක්ෂණ නිරීක්ෂණය කරන්න, එක් එක්
වර්ගය සඳහා උදාහරණ සපයන්න.

(ඩබ්ලිව් එස් කරුණාතිලකගේ කෘතියේ 1.3.2 කොටස ආධාර කර


ගන්න).

(6) ස්පර්ශ ශබ්දවල උච්චාරණ ස්ථාන සහ උච්චාරණ කරණ හඳුනා ගන්න.

උදාහරණ ලෙස, කණ්ඨජ (කකුද්‍ය), අඝෝෂ, අල්ප ප්‍රාණ ව්‍යඤ්ජනය වන


'ක්' ශබ්දය උච්චාරණය කිරීමේ දී ජිහ්වාපරය (ජිහ්වා - දිව , අපර - පසු ) සහ
මෘදු තල්ල එකිනෙකට සම්පුරනයෙන්ම ස්පර්ශ වේ.
මෙලෙස සෙසු ස්පර්ශ ව්‍යඤ්ජනවල උච්චාරණ ස්ථාන සහ කරණ හඳුනා
ගන්න.

(ඩබ්ලිව් එස් කරුණාතිලකගේ කෘතියේ 1.3.2 කොටස ආධාර කර ගන්න).

(7) ඝෝෂ / අඝෝෂ භේදය යනු කුමක් ද ? (ස්වර තන්ත්‍රවල කම්පනය


ඇසුරෙන් පහදන්න). ඝෝෂ / අඝෝෂ යුගල 5 ක් දක්වන්න.

(8) අල්පප්‍රාණ / මහප්‍රාණ භේදය යනු කුමක් ද ? (උච්චාරණයේ දී මුවින්


නිකුත් වන වාත කඳෙහි ශක්තිය අසුරෙන් පහදන්න)

(9) පහත ලක්ෂණ ඇති ශබ්ද නිරූපණය කිරීමට යොදා ගන්න සිංහල අක්ෂර
මොනවා ද ?
(අ) කණ්ඨජ / අඝෝෂ / අල්ප ප්‍රාණ
(ආ) තාලුජ / අඝෝෂ / මහප්‍රාණ
(ඇ) මූර්ධජ / ඝෝෂ / අල්ප ප්‍රාණ
(ඈ) දන්තජ / අඝෝෂ / අල්ප ප්‍රාණ
(ඉ) ඔෂ්ඨජ / ඝෝෂ / මහප්‍රාණ

(10) පහත සිංහල අක්ෂරවලින් නිරූපණය වෙන ශබ්දවල උච්චාරණ ස්ථානය


උච්චාරණ විලාසය, ඝෝෂ / අඝෝෂ, මහප්‍රාණ බව / අල්පප්‍රාණ බව හඳුනා
ගන්න ?
(අ) 'ධ්'
(ආ) 'ප්'
(ඇ ) 'ජ්'
(ඈ) 'ඤ‍්'
(ඉ) 'ට්'
(ඊ) 'ග්'
(උ) 'ණ්'
(ඌ) 'ඵ'
(එ) 'ඪ'
(ඒ) 'ම්'
(ඓ) 'ඹ'
(ඔ) 'ෆ'
(ඖ) 'ත්'

(11) සිංහලයේ එන සඤ්ඤක ශබ්ද සහ ඒවාට අනුරූප අක්ෂර මොනවා ද ?

(12) සඤ්ඤක ශබ්දයක් යනු කුමක් ද ?

(රුකුල: සඤ්ඤක ශබ්දයක් උච්චාරණය කරන විට පෙනහල්ලේ සිට


පැමිණෙන වායු ධාරාව (පුප්ඵුශීය වායු ධාරාව) ගමන් කරන්නේ මුඛ රන්ද්‍
රයෙන් ද නාසා රන්ද්‍රයෙන් ද නොමැති නම් ඒ දෙකෙන්ම ද යන්න විමසා
බලන්න.)

(13) සිංහල හෝඩිය සහ සංස්කෘත හෝඩිය සසඳා බලන්න.

(14) කුමාරතුංගගේ ව්‍යාකරණ විවරණය කෘතියේ 2 වෙනි පරිච්ජේදය කියවීම


ප්‍රයෝජනවත් වෙයි.

(15) රැ තෙන්නකෝන්ගේ හොඳ සිංහල කෘතියේ 2 වෙනි පරිච්ජේදය කියවීම ප්‍


රයෝජනවත් වෙයි.

You might also like