You are on page 1of 8

ගුරුත්ව කේන්ද්‍රය | © CHATHURANGA WICKRAMASINGHE

ගුරුත්ව කේන්ද්‍
රය
Centre of Gravity

1) ඒකාකාර ABCD ඍජුකෝණාස්‍ර ආස්තරයේ


AB=8 a , BC=4 a ඒකාකාර BPQR හා ALMN
සමචතුරස්‍ර ආස්තර සවිකර ඇත. BP=2 a , AL=4 a වේ.
සංයුක්ත වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රයට AD , AB
සොයන්න. D වලින් එල්ලා සමතුලිත විට, AD සිරසට
ආනත කෝණය සොයන්න.

2) ABCD ඒකාකාර ඍජුකෝණාස්‍රාකාර ආස්තරයේ AB=10 m , BC=8 m වේ. පැත්තක දිග 2 m


වන BPQR ඒකාකාර සමචතුරස්‍ර ආස්තරය කපා ඉවත් කරනු ලැබේ.
ඉතිරි කොටසේ ගුරුත්ව කේන්ද්‍රය සොයන්න.
i. පද්ධතිය D වලින් එල්ලා සමතුලිත නම්, DA සිරසට ආනත
කෝණය සොයන්න.

1|P a g e
ගුරුත්ව කේන්ද්‍රය | © CHATHURANGA WICKRAMASINGHE

ii. CR තිරස් තලය ස්පර්ශව ඉතිරි කොටස සමතුලිත වේද?

3) ABCD ඍජුකෝණාස්‍ර ආස්තරයකි. AB=12 m වේ.


AB , BC හි මධ්‍ය ලක්ෂ්‍යය E , F වේ. BEF කොටස කපා
ඉවත් කරනු ලැබේ. ඉතිරි කොටසේ ගුරුත්ව කේන්ද්‍රය
සොයන්න.
i. D වලින් එල්ලා සමතුලිත නම්, DA සිරසට
ආනත කෝණයද සොයන්න.
ii. CF තිරස් තලය ස්පර්ශව ආස්තරය සිරස්ව සීමාකාරී සමතුලිතතාවයේ පැවතීමට E ට
සවිකළ යුතු අංශුවේ ස්කන්ධය සොයන්න. ඒකක ක්‍ෂේත්‍රයක ස්කන්ධය 5 kg වේ.

4) ABCD ඒකාකාර සමචතුරස්‍ර ආස්තරයකි. පැත්තක දිග 4 am වේ. BCE සමද්වීපාද ඒකාකාර
ත්‍රිකෝණාකාර ආස්තරයකි. E සිට BC ට ලම්බ දුර 12 am වේ. සංයුක්ත වස්තුවේ ගුරුත්ව
කේන්ද්‍රය සොයන්න.
i. D වලින් එල්ලා සමතුලිත නම්, DA සිරසට ආනත කෝණය සොයන්න.
ii. D වලින් එල්ලූ විට D තුළින් සිරස් රේඛාව BC හි මධ්‍ය ලක්ෂ්‍යය තුළින් යෑමට AD හි
මධ්‍ය ලක්ෂ්‍යයට සවිකළ යුතු අංශුවේ ස්කන්ධය kg වලින් සොයන්න. a=2 m හා
ඒකක ක්‍ෂේත්‍රයක ස්කන්ධය p=1 kg වේ.

5) අරය a , 3 am හා කේන්ද්‍රය A , B වන ඒකාකාර මුදු දෙකක් බාහිරව ස්පර්ශ වනසේ පරිදියේ


O ලක්ෂ්‍යයකදී සවිකර ඇත. සංයුක්ත වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රයට A සිට දුර සොයන්න. A
තුළින් AB ට ලම්බ රේඛාව පරිදිය හමුවන C වලින් එල්ලා පද්ධතිය සමතුලිත වේ.
i. AC සිරසට ආනත කෝණය සොයන්න.
ii. දික්කල AB රේඛාව පරිදිය D හිදී හමුවේ. එම D ලක්ෂ්‍යයට m අංශුව සවිකළ විට,
සිරස් රේඛාව O තුළින් යයි නම්, m සොයන්න.

6) ඒකාකාර අරය 4 a වන වෘත්තාකාර ආස්තරයක කේන්ද්‍


රය O වේ. AOB , COD විෂ්කම්භය එකිනෙකට ලම්බ වේ.
B හි අරය a වන වෘත්තය කපා ඉවත් කර ඇත. D හි අරය

2|P a g e
ගුරුත්ව කේන්ද්‍රය | © CHATHURANGA WICKRAMASINGHE

a වන වෘත්තාකාර ආස්තරය අලවා ඇත. A හි අරය 2 a වන වෘත්තාකාර ආස්තරය සවිකර


ඇත. OD , OB සිට සංයුක්ත ආස්තරයේ ගුරුත්ව කේන්ද්‍රයට දුර සොයන්න.
i. පද්ධතිය B වලින් එල්ලා සමතුලිත විට BA රේඛාව සිරසට ආනත කෝණය
සොයන්න.
ii. B වලින් ඉවත් කළ ආස්තරයේ ස්කන්ධය m නම්, B වලින් එල්ලා ඇතිවිට සිරස්
රේඛාව OC හි මධ්‍ය ලක්ෂ්‍යය තුළින් යෑමට C ට සවිකළ යුතු අංශුව M නම්,
113 m
M= බව පෙන්වන්න.
4

7) රූපයේ දැක්වෙන උපකරණය 3 a දිග ඒකාකාර මිටකින්


හා අරය a වන අර්ධ වෘත්ත චාපයකින් යුක්තවේ.
සංයුක්ත වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය සොයන්න.
i. වක්‍ර පෘෂ්ඨය තිරස් තලය ස්පර්ශව සමතුලිත
නම්, OC සිරසට ආනත කෝණය සොයන්න.
ii. AB තිරස් වීමට D හි සවිකළ යුතු අංශුවේ M
ස්කන්ධය සොයන්න. පළමු පද්ධතියේ ස්කන්ධය m වේ.

8) ඒකාකාර දිග a කම්බියක් රූපයේ ආකාරයට නමා ඇත. ACB අර්ධ


වෘත්ත චාපයකි. AD=BD ඒකාකාර දඬු වේ. ADB=60° ක් වේ.
ගුරුත්ව කේන්ද්‍රය සොයන්න.
i. පද්ධතිය A වලින් එල්ලා සමතුලිත නම්, AB සිරසට ආනත
කෝණය සොයන්න.

3|P a g e
ගුරුත්ව කේන්ද්‍රය | © CHATHURANGA WICKRAMASINGHE

9) ඒකාකාර අර්ධ වෘත්ත ACB ආස්තරයක් හා A ^


D B=2 α වන ABD සම ද්වීපාද ත්‍
රිකෝණාකාර ආස්තරයක් AB=2 a දිගේ සවිකර සාදා ඇති සංයුක්ත වස්තුවේ ගුරුත්ව
කේන්ද්‍රය සොයන්න.
i. AD තිරස් තලයක් ස්පර්ශව ආස්තරය සිරස්ව A වටා පෙරළීම සීමාකාරී නම්, α තෘප්ත
කරන සමීකරණයක් සොයන්න.
ii. වක්‍ර පෘෂ්ඨයේ ඕනෑම ලක්ෂ්‍යයක් තිරස් තලය ස්පර්ශව සමතුලිත නම්, α සොයන්න.
iii. A වලින් එල්ලා සමතුලිත නම්, අක්ෂය සිරසට ආනත කෝණය සොයන්න.

10) අරය 2 a වන ඒකාකාර ඝන අර්ධ ගෝලයක් හා අරය a වන ඝන අර්ධ ගෝලයක් කේන්ද්‍ර


සමපාත වනසේ පාදවලින් සවිකර ඇත. සංයුක්ත වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය සොයන්න.
i. විශාල ඝන අර්ධ ගෝලයේ පාදයේ පරිදියේ ලක්ෂ්‍යයකින් එල්ලා සමතුලිත නම්,
සමමිතික අරය සිරසට ආනත කෝණය සොයන්න.
ii. විශාල ඝන අර්ධ ගෝලයේ වක්‍ර පෘෂ්ඨයේ ඕනෑම ලක්ෂ්‍යයක් තිරස් තලය ස්පර්ශව
සමතුලිත වීමට සමමිතික අක්ෂ්‍යයේ කෙළවරටම ඈඳිය යුතු අංශුවේ ස්කන්ධය කුඩා
ඝන අර්ධ ගෝලයේ ස්කන්ධය වන m ඇසුරින් ලබාගන්න.

11) සමජාතීය දෘඪ වස්තුවක් අරය 2 a හා උස 2 h වන ඒකාකාර ඍජු වෘත්තාකාර සිලින්ඩරයක


පාදයේ අරය 4 a වන ඒකාකාර ඝන අර්ධ ගෝලයක තල මුහුණතට සිලින්ඩරයේ අක්ෂ්‍යය
ගෝලයේ අරයේ මධ්‍ය ලක්ෂ්‍යයේ වනසේ සවිකර ඇත.
i. ගෝලයේ වක්‍ර පෘෂ්ඨ තිරස් තලයක් ස්පර්ශව පද්ධතිය සමතුලිතව ඇත. සිලින්ඩරයේ
අක්ෂ්‍යය සිරස සමඟ සාදන කෝණය සොයන්න.
ii. අර්ධ ගෝලයේ සමමිතික අරය තුළින් රේඛාවේ කෙළවරේම ලක්ෂ්‍යය තුළින්
සිලින්ඩරයේ පාදයේ විෂ්කම්භයේ අනෙක් කෙළවරින් එල්ලා සමතුලිත නම්, අක්ෂය
සිරසට ආනත කෝණය සොයන්න.

1
12) ඒකාකාර ඍජු වෘත්තාකාර ඝන කේතුවක අක්ෂය ශීර්ෂයේ සිට දුරකදී තලයකින් කපා
3
කුඩා කේතුව ඉවත් කරනු ලැබේ. ඉතිරි ජින්නකයේ ජනකය තිරස් තලයක් ස්පර්ශ කරමින්
සමතුලිතව පවතී නම්, 13 tan 2 α <17 බව පෙන්වන්න. α කේතුවේ අර්ධ සිරස් කෝණය වේ.

4|P a g e
ගුරුත්ව කේන්ද්‍රය | © CHATHURANGA WICKRAMASINGHE

13) ඒකාකාර 3 h උස අරය a වන ඍජු වෘත්තාකාර කේතුවක ශීර්ෂයේ සිට h දුරින් කපා ඍජු
a
වෘත්තාකාර කුඩා කේතුව ඉවත් කර ඇත. කේතුව අක්ෂය හා සම්පාත වන අරය හා h උස
2
වන ඍජු සිලින්ඩරාකාර කොටස හාරා ඉවත් කර ඇත. ඉතිරි කොටසේ ගුරුත්ව කේන්ද්‍රයට
කුඩා කේතුවේ පාදයේ කේන්ද්‍රය වන O සිට දුර සොයන්න.
i. කුඩා කේතුව ඉවත් කළ, පාදයේ ගැට්ටේ ලක්ෂ්‍යයකින් එල්ලා සමතුලිත විට, අක්ෂය
සිරසට ආනත කෝණය සොයන්න.

14) අරය 5 a වන ඒකාකාර කුහර අර්ධ ගෝලයක ඇතුල් පෘෂ්ඨයට ඒකාකාර ඍජු කුහර
සිලින්ඩරයක ගැට්ට සවිකර ඇත. සිලින්ඩරයේ අරය 4 a හා උස 2 h වේ. සිලින්ඩරයේ
අක්ෂය හා ගෝලයේ සමමිතික අරය එකම සරල රේඛාවේ ඇත. ගෝලයේ O කේන්ද්‍රයේ
සිට ගුරුත්ව කේන්ද්‍රයට දුර සොයන්න.
i. h=4 a නම්, සිලින්ඩරයේ නිදහස් ගැට්ටේ ලක්ශ්‍යයකින් එල්ල සමතුලිත විට අක්ෂය
සිරසට ආනත කෝණය සොයන්න.
2
ii. 2 π a p=m හා h=4 a විට, වක්‍ර පෘෂ්ඨයේ ඕනෑම ලක්ෂ්‍යයක් තිරස් තලයක් ස්පර්ශව
පද්ධතිය සමතුලිත වීමට සිලින්ඩරයේ අක්ෂයේ කෙළවරට සවිකළ යුතු අංශුවේ
ස්කන්ධය සොයන්න.

15) ස්කන්ධය M ද, අර්ධ විෂ්කම්භය a ද, වන ඒකාකාර අර්ධ ගෝලීය පාත්‍රයක දාරයට


සම්බන්ධ කොට ඇති ස්කන්ධය m ද, දිග 2 l ද, වන ඒකාකාර සිහින් මිටකින් සමන්විත මේස
හැන්දක ගුරුත්ව කේන්ද්‍රය සොයන්න. මෙම මේස හැන්දේ ගෝලාකාර පෘෂ්ඨය තිරස්
m 1
මේසයක් මත ගැටෙන සේ තැබූ විට, l=3 a නම්, < වන කල හැන්දේ මිටේ අග
M 56
කෙළවර මේසයේ නොවදින බව පෙන්වන්න.

16) අරය a වූ ඒකාකාර ඝන අර්ධ ගෝලයක ස්කන්ධ කේන්ද්‍රය අර්ධ ගෝලයේ ආධාරකයේ
3a
සිට දුරකින් පිහිටන බව පෙන්වන්න.
8

5|P a g e
ගුරුත්ව කේන්ද්‍රය | © CHATHURANGA WICKRAMASINGHE

අරය a වූ ඒකාකාර ඝන අර්ධ ගෝලයකින්, උස a ද, ආධාරකයේ අරය a ද, වූ ඍජු


වෘත්තාකාර කේතුවක් ඉවත් කිරීමෙන් ඝන වස්තුවක් සාදා ඇත. අර්ධ ගෝලයේත්
කේතුවේත් තල ආධාරකය සම්පාත වන අතර දෙකෙහිම පොදු කේන්ද්‍රය O වේ. උස h වූ
3h
ඍජු වෘත්තාකාර කේතුවක ස්කන්ධ කේන්ද්‍රය, ශීර්ෂයේ සිට දුරකින් ඇතැයි
4
උපකල්පනය කරමින්, ඉහත විස්තර කරනු ලැබූ ඝන වස්තුවේ G ස්කන්ධ කේන්ද්‍රයට O
සිට ඇති දුර සොයන.
තිරසට θ කෝණයකින් ආනත වූ රළු තලයක් සමඟ, ඉහත කී ඝන
වස්තුවේ වක්‍ර පෘෂ්ඨයේ ලක්ෂ්‍යයක් ස්පර්ශ වෙමින්
සමතුලිතතාවයේ පිහිටන අවස්ථාවේදී, එම වස්තුවේ සිරස්
හරස්කඩක් රූපයේ දැක්වේ. තලයේ වැඩිතම බෑවුම් රේඛාවත්
සමඟ එකම සිරස් තලයක O සහ G පිහිටයි. OG තිරස් යැයි දී
ඇත්නම්, θ=30° බව පෙන්වන්න.
W යනු අර්ධ ගෝලයේ බර නම්, ස්පර්ශ ලක්ෂ්‍යයේදී, ඝර්ෂණ

බලයත් අභිලම්බ ප්‍රතික්‍රියාවත් W ඇසුරින් ලබාගන්න.


ඝනවස්තුවත් තලයත් අතර ඝර්ෂණ සංගුණකයට තිබිය හැකි අඩුතම අගයද සොයන්න.

17) අර්ධ විෂ්කම්භය 5 r වන අර්ධ ගෝලාකාර පත්‍රයක්ද, උස h හා අර්ධ විෂ්කම්භය 4 r වන


කුහර ඍජු වෘත්තාකාර සිලින්ඩරයක්ද, ඒකාකාර තුනී ද්‍රව්‍යකින් නිමවා තිබේ. අක්ෂය පාත්‍
රයේ ගැට්ටට ලම්බව සමමිතික ලෙස පිහිටනසේ සිලින්ඩරයේ එක් මුහුණතක් පාත්‍රයේ
ඇතළු පැත්තට සවි කිරීමෙන් සාදන ලද සංයුක්ත වස්තුවක් අර්ධ ගෝලයේ වක්‍ර පෘෂ්ඨය
තිරස් තලයක් මත ගැටෙමින් සමතුලිතතාවයේ තිබේ. 2 h ≷ ( √161+6 ) r වීම අනුව
සමතුලිතතාව අස්ථායී උදාසීන හෝ ස්ථායී වන බව පෙන්වන්න.

18) අරය a වූ ඒකාකාර ඝන අර්ධ ගෝලයක ස්කන්ධ කේන්ද්‍රය, එහි සමමිතික අක්ෂය මත,
3a
ආධාරකයේ කේන්ද්‍රයේ සිට දුරකින් පිහිටන බව පෙන්වන්න.
8
එකම ඒකාකාර ද්‍රව්‍යකින් සැදි ඝන අර්ධ ගෝලයක් හා ඝන
ගෝලයක්, දිග 2 l හා ස්කන්ධය m වූ ඒකාකාර දණ්ඩක දෙකෙළවරට,
රූපයේ දැක්වෙන ආකාරයට අර්ධ ගෝලයේ සමමිතික අක්ෂය, දණ්ඩ
6|P a g e
ගුරුත්ව කේන්ද්‍රය | © CHATHURANGA WICKRAMASINGHE

හා ගෝලයේ කේන්ද්‍රය එකම සරල රේඛාවක් මත පිහිටන පරිදි දෘඪ ලෙස සවි කිරීමෙන්,
සංයුක්ත වස්තුවක් සාදා ඇත. ගෝලයේ අරය r ද, ස්කන්ධය m ද, වන අතර, අර්ධ ගෝලයේ
අරය 2 r වේ. සංයුක්ත වස්තුවේ ස්කන්ධ කේන්ද්‍රය, අර්ධ ගෝලයේ ආධාරකයේ කේන්ද්‍
1
රයේ සිට ( 8 r +3 l ) දුරකින් පිහිටන බව පෙන්වන්න.
6
මෙම සංයුක්ත වස්තුව තිරසට θ කෝණයකින් ආනත අචල තලයක් මත, අර්ධ ගෝලයේ
ආධාරකය තලය ස්පර්ශ කරමින් තබා ඇත. ලිස්සා යෑම වැළක්වීමට ප්‍රමාණවත් තරම් තලය
12 r
රළු යැයි උපකල්පනය කරමින්, tanθ< නම් සංයුක්ත වස්තුව නොපෙරලෙන බව
8 r +3 l
පෙන්වන්න.
4r π
l= හා θ= නම්, සංයුක්ත වස්තුව නොපෙරලෙන බව පෙන්වා සංයුක්ත වස්තුව මත
3 6
ආනත තලය මගින් යොදන අභිලම්භ ප්‍රතික්‍රියාවේ විශාලත්වය සොයන්න.

19) උස h වූ ඒකාකාර ඝන ඍජු වෘත්තාකාර කේතුවක ස්කන්ධ කේන්ද්‍රය එහි සමමිතික අක්ෂ්‍
h
යය මත, ආධාරකයේ සිට දුරකින් පිහිටන බව පෙන්වන්න. රූපයේ දැක්වෙන පරිදි, එකට
4
සවිකර ඇති ආධාරකයේ අරය 3 r හා උස 2 h වන ඍජු වෘත්තාකාර කේතුවකින් හා අරය r
හා 2 h උස වන ඍජු වෘත්තාකාර සිලින්ඩරයකින් ඒකාකාර ඝන සංයුක්ත වස්තුව සමන්විත
වෙයි.
සංයුක්ත වස්තුවේ ස්කන්ධ කේන්ද්‍රය, එහි සමමිතික අක්ෂය මත,
5h
කේතුවේ ශීර්ෂයේ සිට දුරකින් පිහිටන බව පෙන්වන්න.
4
එක කෙළවරක සිවිලිමකට හා අනෙක් කෙළවර කේතුවේ
වෘත්තාකාර පතුලේ පරිදියෙහි A නම්, ලක්ෂ්‍යයකට සවිකොට ඇති

7|P a g e
ගුරුත්ව කේන්ද්‍රය | © CHATHURANGA WICKRAMASINGHE

සැහැල්ලු අවිතන්‍ය තන්තුවක් මගින් සංයුක්ත වස්තුව සිරස් තලයක නිදහසේ එල්ලෙමින්
තිබෙයි.
සංයුක්ත වස්තුවේ සමමිතික අක්ෂ්‍යය යටි අත් සිරස සමඟ α කෝණයක් සාදයි නම්,
12 r
tan α= බව පෙන්වන්න.
h
කේතුවේ ශිර්ෂයේදී සංයුක්ත වස්තුවේ සමමිතික අක්ෂය දිගේ P නම්, බලයක් යෙදීමෙන්
සංයුක්ත වස්තුවේ සමමිතික අක්ෂ්‍යය තිරස් වන ආකාරයට සංයුක්ත වස්තුව
සමතුලිතතාවයෙහි තැබෙයි. P බලය තන්තුවේ ආතතිය, W හා α ඇසුරෙන් සොයන්න.
මෙහි W යනු, සංයුක්ත වස්තුවේ බර වෙයි.

20) රූපයේ දැක්වෙන ක්‍රීඩා භාණ්ඩය අරය a වන ඝන අර්ධ ගෝලයකින්, අරය


a වන උස 2 a වන ඝන සිලින්ඩරයකින් හා අරය a වන උස a වන ඝන ඍජු
වෘත්තාකාර කේතුවකින් යුක්ත වේ. රූපයේ ආකාරයට ඒවා අලවා සංයුක්ත
වස්තුවක් තනා ඇත. කේතුව හා සිලින්ඩරය සාදා ඇති ද්‍රව්‍යයේ ඝනත්වය
p වේ. ඝන අර්ධගෝලය සැදි ද්‍රව්‍යයේ ඝනත්වය kp වේ. ඝන අර්ධගෝලය
තිරස් මේසයක් ස්පර්ශව සමතුලිතව තබා එක් පැත්තකට විස්ථාපනය
කළවිට නැවත සිරස් පිහිටීමට පැමිණේ නම්, k > 11 බව පෙන්වන්න.

තිරසට sin
−1
( 18 ) ක් ආනත රළු තලයක් අර්ධ ගෝලය ස්පර්ශව සමතුලිතව
තබා ඇත. සමමිතික අක්ෂ්‍යය සිරසට sin −1 ¿ ¿ කෝණයෙන් ආනත බව
73
පෙන්වන්න. සමතුලිතතාවය පැවතීමට k ≥ බව අපෝහනය කරන්න.
4

8|P a g e

You might also like