You are on page 1of 3

Chathura Kasun 

is feeling excited at Balangoda බලන්ගොඩ.


Yesterday at 12:55am · Balangoda · 

#සිංහල_අලුත්_අවුරුද්ද_උරුම_හෙළයාට ද?

සිංහල අලුත් අවුරුද්ද යනු වෙනත් කිසිම ජාතියකට නොදැවිණි වූ හෙළයින්ට පමණක් ආවේණික වූ එක් සංස්කෘතික අංගයක් මෙන්ම
කෘතගුණ පූජාවකි.නමුත් වර්තමානය වන විට සිංහල හා හින්ඳු අලුත් අවුරුද්දක් ගැන කතා කරන මිනිසුන්ට හෙළයාට උරුම වූ මේ
සුවිශේෂී මාසයේ සුවිශේෂී දිනය කා බී විනෝද වී තම කායික අවශ්‍යතා සපුරා එමගින් තෘප්තිමත් වීමට තම දින දර්ශනයේ ඇති එක් දින
දෙකකට පමණක් සිමා වී ඇති බව කණගාටුවෙන් වුවද පැවසිය යුතු ය.

එසේනම් හෙළදිව ආරාජිකව පැවති සමයක මහා සම්මතයෙන් පත් වූ මාතර ප්‍රදේශයෙන් පැවති ගොවි තරුණයෙකු රාජ්‍යය අභිෂේක
කොට මහා සම්මත මනු රජු ලෙස ඔටුනු පැළදීම නිමිති කරගෙන මෙම අවුරුද්ද සමරන බව අපි දන්නව. එ මෙන්ම ඔහුගේ පාළන රාජ්
ධානිය මනු+නා+අරම හෙවත් මන්නාරම වූ බවත් සම්මත ක්‍රමයට අනුව පෘථිවිය අංශක 23 1/2 ක ඇළයකින් සූර්යයා වටා ගමන් කිරීම
හේතුවෙන් මකර නිවර්තනය හා කර්කටක නිවර්තනය අතර නිරන්තර ගමනක සූර්යයා යෙදෙයි.මෙලෙස මාර්තු 21 දින සමකයට සූර්යයා
පැමිණෙන අතර ඊට අංශක 6 ක් පමණ ඉහළින් ශ්‍රී ලංකාව පිහිටා ඇත.එනිසා මුලින්ම අප්‍රියෙල් 05 වන දින දෙවුන්දරින් අප රටට
ඇතුළුවන සූර්යයා අප්‍රියල් 14 දින මන්නාරම හෙවත් මනු+නා+අරමට මුදුන් වී අප්‍රියෙල් 16 දින කන්කසන්තුරයෙන් අපෙ රටෙන්
පිටවේ.මේ අපි දන්න කාරණය.

නමුත් හෙළයාට උරුම වූ අවුරුද්ද සූර්යයා මංගල්‍යය සමඟ ඇති සම්බන්ධය මොකද ? ඇයි අප්‍රියෙල් මාසය අවුරුද්ද වුණේ කොහොමද
මේක සූර්යයාගේ මංගල්‍යයක් වුණේ?

සූර්යයාගේ දෘශ්‍යය වර්ණාවලිය පියවි ඇසට සංවේදී කලාපය ආළෝකයේ තරංග ආයාමය 380nm-400nm සිට 760nm-780nm දක්වා
විහිදෙනව.ඒවගේම ටෙරාහර්ට්ස් 405 සිට 790 දක්වා වූ සංඛ්‍යාත පරාසයකට මෙය විහිදෙනව.මේ දේ වෙන්නෙ පරමාණුව සතුව පවතින
යම් ඉලෙක්ට්‍රෝනයක් පළමු ශක්ති මට්ටමේ හෙවත් භූමි අවස්ථාවේ දී ශක්තිය ලැබුණු පසු ඊට ඉහළින් පවතින ඊට වඩා වැඩි ශක්ති
මට්ටමකට පැමිණි පසු මෙය උත්තේජිත අවස්ථාව ලෙස සළකුණු ලබනව.භූමි අවස්තාවේ පවතින ඉලෙක්ට්‍රෝන ස්ථායීවන අතර
උත්තේජිත අවස්ථාවේ පවතින ඉලෙක්ට්‍රෝන අස්ථායී වීම හේතුවෙන් එවැනි අස්ථායී ඉලෙක්ට්‍රෝන ස්ථායී වීම සඳහා ලබාගත් ශක්තිය
විකිරණ ලෙස පිටකරනු ලබන අතර මීට අනුරූව වර්ණාවලිය ඇති වේ.

මෙම පිටකරනු ලබන විකිරණ පැහැදිලිවම ශාක කෙරෙහි බලපානු ලබන අතර මෙම දස්විද වූ සූර්යයාගේ "දාවිස් කිරණ " උපයෝගී
කරගෙන ගොඩනගන ලද විද්‍යාව " සෙප්පට විජ්ජාව " ලෙස හඳුන්වනු ලබනව.වර්තමානයේ කටේ හුරුවට මෙහි අර්තය නොදැන භාවිත
කළද මෙහි නිවැරදි අර්තය මෙයයී.මෙය ප්‍රභල ලෙස භාවිතා කරනු ලැබුවේ රාවණ පුත් "මේඝනාද යුව රජු" විසින් ඔහුගේ " සෙප්පට
විජ්ජා" බලාගාරය අතීතයේ "නාලන්දා ගෙඩිගෙය " පිහිටි භූමියේ පිහිටා තිබූ බව සත්‍යක්.

එසේනම් මේිකිරණ පිළිබඳව විලියම් කෲස්ගේ කැතෝඩ කිරණ සොයාගැනීමට හිතීමටවත් පෙර සියවස් ගණනාවකට පෙර අපේ හෙළයින්
දැනසිටි ය.අපේ කුස රැක්ක රකුස් ගෝත්‍රිකයින් හෙවත් ගොවියන් ප්‍රභල ලෙස මෙම තාක්ශණික ශිල්පක්‍රමයන් ප්‍රයෝජනයට
ගත්ත.වර්තමානයේත් ඇතැම් අවශේෂයන් පවතිනව.

ඒ අනුව සූර්යයා හෙළදිවට කෙළින්ම ඉන්න දවසක සූර්යයාගේ දෘශ්‍ය වර්ණාවලියට අනුව හෙළදිවට නිකුත් විය යුත්තේ දම්පාට විකිරණය.
එසේනම් කෘෂිකාර්මික විද්‍යාවේ මූලධර්මය අනුව දම්පැහැයට අදාල විකිරණයේන් වෙන්නෙ ශාකවල මුල් ඇදීම.ඒ නිසා මේ පිළිබඳව
අවබෝධයක් තිබූ හෙළ රකුසන් මේ කාළයට වපුරන්න පටන්ගන්නව.ඉන්පසුව සූර්යයා තව ටිකක් හෙළදිවින් ඉවත් වූ විට නිදහස් කරනු
ලබන විකිරණයේ පැහැය නිල් පැහැතී.මෙයින් වෙන්නෙ ශාකවල මුල් ඇදීම වඩාත් සක්‍රීය වීම.තවත් ටිකක් සූර්යයා හෙළදිවින් ඉවතට
ගමන් කරන විට වැටෙන්නෙ කොළ පැහැති විකිරණය.මෙමගින් වෙන්නෙ ශාකවල කොළ ඇදීම.තවත් ටිකක් සූර්යයා දුරස් වූ විට
හෙළදිවට පතිත වෙන්නෙ කහපැහැති විකිරණය.එමගින් සිදුවෙන්නෙ ශාකවල පුරුක් ඇදීම.සූර්යයා තවත් හෙළදිවින් ඉවතට ගමන් කළවිට
හෙළදිවට පතිත වෙන්නෙ තැඹිලි පැහැති විකිරණය.එමගින් ශාකවල අතු බෙදීම සිදුවෙනව.තවත් එහාට ගමන්කළ විට මේ සුවිශේෂී "රත්
පැහති" විකිරණය හෙළදිවට පතිත වෙනව.එවිට "ප්‍රෝතොම්බ්‍රීන්" රසායනය ක්‍රියාත්මක වෙලා මල් පූදිනව.ඉන්පසුව ඵල
හටගන්නව.එහෙනම් මේ "රත් පැහැති" විකිරණය ජූනි 21 හෝ දෙසැම්බර් 21 අන්ත දෙකේ දි හෙළදිවට ලැබී අවසන්.ඒ වගේම මේ රත්
පැහැති විකිරණ හේතුවෙන් ලංකාවේ ගොයම් ගස පීදිලා අවසන්.එහෙනම් මේ විකිරණ පිළිබඳව මනා අවබෝධයක් අපේ පාරම්පරික
ගොවියට තිබුණ.ඒනිසයි අපි " ඉරෙන් හඳෙන් වැඩ ගත්ත මිනිස්සු " කිව්වෙ.

එහෙනම් මේ අවුරුද්ද කියන වචනය තුලම මෙහි අර්තයත් පවතින බව ටිකක් ගැඹුරින් හිතුවොත් තේරෙණව. "අවු" හෙවත් "අවුව"
කියන්නෙ "රශ්මිය" එහෙමත් නැත්නම් අලෝකය කියන එක. රාක්ෂියො වී වේලපු අව්වට අපි " රාක්ෂිගෙ අවුව" කිව්ව.එසේනම් මේ " අවු"
කියන වචනය යොදාගත්තෙ අව්ව හෙවත් රශ්මිය යන්නනයී.

එහෙනම් රෞද්‍ර,රුද්‍රා හෙවත් රුධිරය කියන්නෙ රතු පැහැති වර්ණය කියන එක.අපි නුවර යුගයේ චිත්‍ර සහ එහි පසුබිම් වර්ණය ගැන
කතා කරද්දි මේ රෞද්‍ර වර්ණය ලෙස විශේෂයෙන් සඳහන් කරනු ලබනව. එසේත් නොමැතිනම් අධික දේවේශ සහගත පුද්ගලෙයෙක්
හඳුන්වන්නෙත් රෞද්‍ර පුද්ගලෙයෙක් ලෙසට යී.එයට හේතුව ද්වේශ සහගත පුද්ගයෙකුගේ සමමතුපිට රුධිර වාහීනී වලට අධිකව රුධිරය
ගලා ඒම හේතුවෙන් ඔහුගේ සම සහ දෑස රතු වීම නිසයී.ඊට අමතරව ද්වේශ සහගත පුද්ගලෙයෙකුගේ ඕරා ශක්ති වලල්ල ද රතු හෙවත්
රෞද්‍ර වර්ණයෙන් යුතු වෙනව.ඒ වගේම දහම්සොඬ ජාතකයෙහි රාක්ෂ වෙස්ගත් සක් රජුව හඳුන්වන්නෙත් රෞද්‍ර නෙත් සහිත
පුද්ගලෙයෙකු ලෙසට යී.එසේනම් රෞද්‍ර,රුද්‍ර යනු රතු වර්ණය යී.

එසේනම් අපි කතා කළා අප්‍රියෙල්,බක් හෙවත් කෝණ වංශිකයින්ගේ මාසයේ දී( කෝණ වංශිකයින් යනු රවිශෛල්‍යය වංශය යී)
හෙළදිවට පතිත වන සූර්යය විකිරණය ශාකවල ඵල හෙවත් ශාකවල ඵල හටගැනීමට අවශ්‍යය විකිරණයේ පැහැය " රතු හෙවත් රෞද්‍ර"
කියල.

එසේනම් හෙළයින් මේ විකිරණය මේ පැහැතී.මෙමගින් සිදුවන දේ පිළිබඳව ද අවබෝධයක් 20 වන සියවසේ j.j.තොම්සන්,රදෆර්ඩල


ඉදිරිපත් කරන්න වසර සිය දහස් ගණනකට පෙර අවබෝධ කරනු ලැබුව.ඔවුන් මේ තාක්ශණය ප්‍රයෝජනයට ගත්ත.ඒ නිසා ඔහුන් මේ
සුවිශේෂී මාසය " අවු+රෞද්‍ර " ලෙස නම් කළා.ඒ කියන්නෙ රතු රශ්මිය හෙවත් රතු පැහැති විකිරණය ලැබෙන කාළය ලෙසට."අවු+රෞද්‍
ර " එනම් සූර්යයාගේ දෘශ්‍යය වර්ණාවලියේ ඉලෙක්ට්‍රෝනයක් පහළ ශක්ති මට්ටමකට පැමිණීමේ දී පිටකරනු ලබන ශක්තිය රතු පැහැති
විකිරණයක් ලෙස හෙළදිවට පැමිණීම සහ එය ශාකවල ඵල හටගෙන රට සශ්‍රීක වී සෞභාග්‍යය ඇතිවන මාසය ඔහුන් රතු රශ්මිය කියන
අර්ථයෙන් " අවු+රෞද්‍ර " ලෙස නම් කරනු ලැබුවා.මෙය පසුකාලීනව බෙදී අවුත් වර්තමානයේ " අවුරුද්ද " ලෙස හඳුන්වනු ලබනව.මෙය
රවිශෛල්‍යය වංශය හෙවත් කෝණ වංශිකයින්ගේ මාසය.

එනම්,

රණබා රාවණයින්ගේ පුත් මේඝනාදයින්ගේ පුතුන් වූ උපේණ්ද්‍ර මිණික සහ කෝවේසස්ථාන කුමරුන්ට මේ හෙළදිව රෙජීමය අයිතිය
ලැබීමෙන් පසුව මෙම හෙළදිව කොටස් දෙකක් ලෙස මොවුන් දෙදෙනා විසින් පාළනය කරනු ලැබූ අතර උපේණ්ද්‍ර මිණික රජු ඉරුගල (
මෙය බුදුරජාණන් වහන්සේ විසින් ශ්‍රී පාදය පිහිටවීමට ප්‍රථමව සමනල කන්ද හැඳින් වූ නාමය) භූමියේ සිට රට අභ්‍යන්තර කෘෂිකාර්මික
කටයුතු ආදිය පාළනය කරමින් රට තුල රාජ්‍යය තාන්ත්‍රික කටයුතු මෙහෙය වූ අතර ඉරුගල භූමියේ සිට සූර්යය විකිරණය ප්‍රයෝජනයට
යොදාගත් බැවින් ඔහුන් ඉරුගල යන අර්ථයෙන් රවිශෛල්‍යය වංශය හෙවත් ඉරුගල් බණ්ඩාර වංශය ලෙස හඳුන්වනු ලබනව.එමෙන්ම
සූර්යයාගේ දසවිද ආකාරයට පැමිණෙන විකිරණ " දාවිස් " කිරණ සහ එම විකිරණ පැමිණෙන විවිධ කෝණ පිළිබඳව මනා අවබෝධයක්
තිබූ බැවින් ඔවුන් කෝණ වංශිකයින් ලෙස හඳුන්වනව.එමෙන්ම මෙම මාසය " කෝණ මාසය" ලෙස හඳුන්වනු ලබනව.
මොවුන් විසින් මේ මහා සම්මත රජුගේ රාජ්‍යය අභිශේකයට අමතරව වසරක් පුරා පෘථිවිය වෙනුවෙන් සේවය කර එහි අවසන් ඵලය වූ
ශාකවල ඵල හටගන්නා භාග්‍යවන්ත මාසය රතු රශ්මිය පතිතවන මාසය. සූර්යයා වෙනුවෙන් විශේෂ කෘතගුණ සැළකීමක් ලෙස ‍
යොදාගත්ත.

ඒ සඳහා ඔහුන් විශේෂ පුජාවන් සිදුකළා,සූර්යයාට නමස්කාර කරනු ලැබුව.ඒ වගේම සූර්යයා නියෝජනය කරන විවිධ ඉදිරිපත් කිරීම් සිදු
කරනු ලැබුව.එය වර්තමානය වෙද්දි හෙළ නැටුම් සම්ප්‍රදායේ සුවිශේෂී වූ අංගයක් වන " තෙල්මේ නර්ථනය " ලෙස හඳුන්වනව.

හොඳින් බලන්න මේ තෙල්මේ නර්ථන ශිල්පියාගේ වස්ත්‍රාභරණයන් දෙස රතු සහ කහ මිශ්‍ර යී.ඒනම් ඒ සූර්යයාගේ වර්ණයයී.මීට
අමතරව මේ තෙල්මේ නර්ථනයේ දී නර්ථන ශිල්පියා තමන්ගේ ශරීරය ඇළ කරගෙන තමන් වටේ පරිභ්‍රමණය වෙමින් වේගයෙන් නර්ථන
භූමිය වටා භ්‍රමණය වෙනව දැකල ඇති.ඒකට කියන්නෙ "මාලක්කම" කියල.

මොකද්ද මේ මාලක්කම කියන්නෙ ? ඇයි මේ ශරීරය ඇළ කරන් කැරකෙන්නෙ? ඇයි අපි මේව හොයන්නෙ නැත්තෙ? ඔව්.ඒකට හේතුවක්
තියෙනව.මේ හෙළයගේ අන්න්‍යතාව ය.මේ තෙල්මේ නර්ථනයේ දී ඇග ඇළ කරන් කැරකෙන්නෙ ඔහුන් දැනගෙන හිටිය මෙම පෘථිවිය
අංශක 23 1/2 ඇළව පවතින බවත් තමන් වටේ පරිභ්‍රමණය වෙමින් සූර්යයා වටා භ්‍රමණය වන බවත් අන්න ඒ නිසයි මේ " මාලක්කම
"මගින් මේ පෘථිවිය නියෝජනය කරන්නෙ.හෙළයින් මේ තාක්ශණය යුරෝපීයන්ට හොයාගන්න 20 වන සියවස තෙක් නොහැකි වුණාට
අපේ හෙළයින් මේව වසර දහස් ගාණකට පෙර දැන සිටි ය.

එතකොට මේ හෙළයට පමණක් ආවේණික වූ අලුත් අවුරුද්ද සිංහල හින්ඳු අලුත් අවුරුද්ද වුණේ කොහොමද කියන ප්‍රශ්නය අපිට
තියෙනව.

ඔව්.ඒකට හේතුවක් තියෙනව.අධිරාජ්‍යය වාදීන් විසින් තම වගාවන්වල වැඩ කිරීමට රැගෙන ආ දමිළ ජනතාවට මෙම හෙළයින්ට
ආවේණික වූ අවුරුද්ද පවරනු ලැබුවේ 1888 ජනවාරි 21 දින යී.හේතුව ඉංග්‍රීසි පාලනය විසින් වෙසක් දිනය නිවාඩු දිනයක් කිරීම
හේතුවෙන් දමිළ ජනතාවට නිවාඩු දිනයක් අවශ්‍යය බව දමිළ ජනතාව උත්ගෝසනය කිරීමට විය.මේ ප්‍රශ්නය විසදීමට 1888 ජනවාරි 21
වන දා ගැසට් අංක 4692 මගින් ඉංග්‍රීසින් විසින් නිශ්චය කර මෙය සිංහල හින්දු අලුත් අවුරුද්ද ලෙස නම් කරන ලදී.

එලෙස හෙළයාට ආවේණික උරුමය දැන් දැන් අච්චාරු කරමින් පවතී...

මේ සඳහා තිලක් කන්දෙගම සූරීන්ගෙ දේශනාවල ඇතැම් කොටස් ගොඩක් ඉවහල් වූවා.ස්තූතී කියෙව්වට!!!

You might also like