You are on page 1of 6

සස්නක සංසද - ව්‍යාපාර අධ්‍යයන​පාඩම් මාලාව

කළමනාකරණය යනු එකිනෙකට සම්බන්ධ අඛණ්ඩව පවත්නා කාර්යයකදී සමූහයකින් සමන්විත වන ක්‍රියාවලියක් වේ.
කළමනාකරණ ක්‍රියාවලිය පහත සඳහන් කාර්යන්ගෙන් සමන්විත වේ.
1. සැලසුම්කරණය (Planning)
2. සංවිධානකරණය (Organizing)
3. මෙහෙය වීම (Leading)
4. පාලනය (Controlling)

1. සැලසුම්කරණය
සංවිධානයක් විසින් ඉටුකර ගැනීමට අපේක්ෂිත අරමුණු හා පරමාර්ථ ස්ථාපිත කර ගැනීමත් එම අරමුණු හා පරමාර්ථ ළඟා
කර ගැනීම සඳහා වූ උපාය මාර්ග නිශ්චය කර ගැනීමත් සැලසුම්කරණයයි.

2. සංවිධානකරණය
අරමුණු හා පරමාර්ථ සඵලදායී ලෙස ඉටුකර ගැනීම සඳහා වැඩ බෙදා හැරීම, බලතල බෙදා හැරීම හා සම්පත් බෙදාහැරීම
සංවිධානකරණයයි.

3. මෙහෙයවීම
ආයතනය පරමාර්ථ හා අරමුණු ළඟා කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතුවල පුද්ගලයන් නිරත කරවීම කෙරෙහි බලපෑම්
කිරීම, ඔවුන්ව දැනුවත් කිරීම හා වැඩට පොළඹවාලීම යන ක්‍රියාවලිය මෙහෙයවීමයි.

4. පාලනය
ආයතනයක අරමුණු හා පරමාර්ථ සැලසුම් කළ පරිදි ක්‍රියාත්මකවේද යන්න පරික්ෂා කිරිමත් වෙනස් වීම ඇත්නම් ඒවා
හඳුනාගෙන නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගැනීම පාලනය වේ.
සස්නක සංසද - ව්‍යාපාර අධ්‍යයන​පාඩම් මාලාව

කළමනාකරණ ක්‍රියාවලියට අයත් කාර්යයන් අතර සම්බන්ධතාවය


කළමනාකරණ කාර්යයන් අන්‍යෝන්‍ය සම්බන්ධතාවයකින් යුක්ත වේ. අරමුණු හා පරමාර්ථ ස්ථාපිත කිරීම හා ඒවා ළඟා
කරගන්නා ආකාරය තීරණය කිරිම සැලසුම්කරණය මගින් සිදු වේ. එම අරමුණු ළඟා කර ගැනීමට සුදුසු සංවිධාන
ව්‍යූහයක් ගොඩනැගීමත් අරමුණු ළඟා කර ගැනීමට සම්පත් වෙන් කිරීමත් සංවිධානකරණයයි. අරමුණු ළඟා කර ගැනීමට
පුද්ගලයින් යොදා ගැනීමේ ක්‍රියාවලිය මෙහෙයවීම ලෙස හැඳින්වෙන අතර අරමුණු ඉටුවන්නේද යන්න සොයා බලා
අවශ්‍ය පිළියම් යෙදීම පාලනයයි.

කළමනාකරු (Manager)
සංවිධානයක අරමුණු හා පරමාර්ථ ළඟා කර ගැනීම සඳහා සැලසුම්කරණය සංවිධානකරණය මෙහෙයවීම හා පාලනය
කරනු ලබන්නා කළමනාකරු වේ.

විවිධ සංවිධානගත කළමනාකරණය සිදු කරන්නේ විවිධ නම් වලින් හඳුන්වයි.


උදා ; පාසල - විදුහල්පති
පොලිසිය - පොලිස්ථානාධිපති
විශ්ව විද්‍යාලය - උපකුලපති
සෑම කළමනාකරුවෙකුම කරනුයේ ආයතනයේ අපේක්ෂිත අරමුණු කරා ළඟා වීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමයි.

කළමනාකරණ භූමිකා (Managerial Roles)


කළමනාකරුවන් විසින් ඉටුකල යුතු ප්‍රධාන කා‍ර්යයන් කළමනාකරණ භූමිකාවන් ලෙස හැඳින්වේ.

“හෙන්රි මින්ස්බර්ග්” ප්‍රධාන කළමනාකරණ භූමිකාවන් 3 ක් හඳුන්වා දී ඇති අතර ඒවාට අදාල උප කාර්යයන් (භූමිකාවන්)
දහයක් හඳුන්වා දී ඇත.

ප්‍රධාන කළමනාකරණ භුමිකා


1. අන්තර් පුද්ගල භූමිකා
2. තොරතුරු පත්‍රිකා
3. තීරණ භූමිකා

ප්‍රධාන භූමිකාව උප භූමිකා අයත් කාර්යයන්


අන්තර් පුද්ගල ● ආයතන ප්‍රධානියා නීතිමය හෝ සමාජීය කාර්යයන්හි දී සංවිධානයේ ප්‍රධානියා ලෙස
භූමිකාව පෙනී සිටීම මෙම භූමිකාවට අයත් වේ.
(Interpersonal ● අමුත්තන් පිළිගැනීම
Roles) ● නෛතික ලියවිලිවලට අත්සන් කිරීම
● නව ශාඛාවක් විවෘත කිරීම
● නායකයා ආයතනික අරමුණු ඉටුකර ගැනීම සඳහා අනුගාමිකයන්
අභිප්‍රේරණය කිරීම හා මගපෙන්වීම වැඩි කාර්යයන්හි නිරත වීම
මෙම භූමිකාවට අයත් වේ.
● අනුගාමිකයන්ගේ කටයුතු අගය කිරීම.
● කාර්ය සාධනය ඇගයීම
● අනුගාමිකයින් පුහුණු කිරීම
සස්නක සංසද - ව්‍යාපාර අධ්‍යයන​පාඩම් මාලාව

● සබඳතා විවිධ ආයතන හා විවිධ පාර්ශවයන් සමඟ සම්බන්ධතා


පවත්වන්නා පවත්වාගෙන යාම මෙම භූමිකාවට අයත් වේ.
● ගනුදෙනුකරුවන් , සැපයුම්කරුවන් , වෙළඳ සංගම් හෝ
ප්‍රාදේශිය ජනතාව සමඟ සම්බන්ධතා පැවැත්වීම.
තොරතුරු ● නියාමකයා පරිසරය හා ආයතනය පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමට
භුමිකාව අවශ්‍ය විවිධ අභ්‍යන්තර හා බාහිර තොරතුරු රැස්කිරීමයි.
(Informational ● පුවත්පත් , වාර්ෂික වාර්තා ඇසුරින් තොරතුරු ලබා
Role) ගැනීම.
● ගණුදෙනුකරුවන් සමඟ කතා කිරීම.
● තොරතුරු බෙදා අභ්‍යන්තර හා බාහිර පාර්ශවයන්ගෙන් ලබා ගන්නා තොරතුරු
හරින්නා නිවැරදි තීරණ ගැනීම සඳහා සංවිධානයේ සාමාජිකයන් වෙත
ලබාදීමයි.
● දෙපාර්තමේන්තු රැස්වීම්
● දුරකතන ඇමතුම් ලබාදීම.

● ප්‍රකාශකයා සංවිධානය නියෝජනය කරමින් බාහිර පාර්ශවයන්ට තොරතුරු


සැපයීමයි.
● ජනමාධ්‍ය සාකච්ඡා පැවැත්වීම
● කොටස් හිමියන්ගේ රැස්වීම්
තීරණ භූමිකා ● ව්‍යවසායකයා වෙනස්වන පරිසර තත්වයන්ට ගැලපෙන සේ සංවිධානය තුළ
(Decisional වෙනස්කම් සිදු කිරීම මෙයින් අදහස් වේ.
Roles) ● නව නිෂ්පාදන හඳුන්වා දීම.
● නව ව්‍යාපෘති හඳුන්වාදීම.
● බාධා පාලනය ආයතනය අර්බුදකාරී තත්වයකට මුහුණ දී ඇති විට ඒවා සමථයකට
කරන්නා පත් කිරීමට ක්‍රියා කිරීම.
● සේවක වැඩ වර්ජන , ඉල්ලුම පහත වැටීම යන
තත්වයන්ට මුහුණ දීම.
● පාරිභෝගික පැමිණිලි විසඳීම.
● අදහස හුවමාරු ගැටඵ වලදී අභ්‍යන්තර හා බාහිර පාර්ශවයන් සමඟ පවත්වන
කරන්නෙකු සාකච්ඡාවලදී ආයතනය නියෝජනය කරමින් මැදිහත්කරුවෙකු
ලෙස ක්‍රියා කිරීම.
● කාර්මික අවුලක් විසඳීම සඳහා සාකච්ඡා පැවැත්වීම
● රාජ්‍ය නියෝජිත ආයතන සමඟ කටයුතු කිරීම.
● සම්පත් බෙදා ආයතනයේ විවිධ අරමුණු හා අංශ අතර සම්පත් බෙදා හැරීමයි.
හරින්නෙකු ● ආයතනයේ භෞතික සම්පත් අංශ අතර බෙදා දීම.
● අලුතින් බඳවා ගත් සේවකයින් විවිධ අංශ වලට
අනුයුක්ත කිරීම.
සස්නක සංසද - ව්‍යාපාර අධ්‍යයන​පාඩම් මාලාව

කළමනාකරණ මට්ටම් (Management Levels)


ආයතනයක සේවය කරන කළමනාකරුවන් “අධිකාරිය හෙවත් බලතල” මත මට්ටම් 03 කට වර්ග කළ හැකි වේ. මෙහි
අධිකාරිය ලෙස හැඳින්වෙන්නේ නීත්‍යානුකූලව ව්‍යවස්ථානුකූලව ලැබෙන බලතලයි.

ප්‍රධාන කළමනාකරණ මට්ටම් 3 කි.


1. අග්‍ර මට්ටමේ කළමනාකරුවන්
2. මධ්‍ය මට්ටමේ කළමනාකරුවන්
3. පහළ මට්ටමේ කළමනාකරුවන්

අග්‍ර මට්ටමේ කළමනාකරුවන් (Top Level Managers)


සංවිධානයක ඉහළ මට්ටමේ කාර්යයන් කළමනාකරණය කරනු ලබන කළමනාකරුවන්ය. සමස්ථ සංවිධානයේ ඉදිරි
ගමන් මග තීරණය කරනු ලබන අතර සමස්ථ ආයතනය සඳහාම වගකීම් දරයි.
● සංවිධානයක අරමුණු ස්ථාපිත කිරීම.
● උපාය මාර්ග හා ප්‍රතිපත්ති තීරණය කිරීම.
● ආයතනයේ සමස්ථ ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීම.
● මධ්‍ය මට්ටමේ කළමනාකරුවන්ගේ කටයුතු අධීක්ෂණය.

මධ්‍යම මට්ටමේ කළමනාකරුවන් (Middle Level Managers)


සංවිධානයක ප්‍රධාන අංශ දෙපාර්තමේන්තුවල ප්‍රධානීන් වශයෙන් කටයුතු කරන කළමනාකරුවන් වේ. මොවුන් පහළ
මට්ටමේ කළමනාකරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් වගකීමට බැඳේ.
● අඩු මට්ටමේ හා පහළ මට්ටමේ කළමනාකරුවන් අතර සම්බන්ධීකරණ කටයුතු කිරීම.
● දෙපාර්තමේන්තු සැලසුම් සැකසීම
● පහළ මට්ටමේ කළමනාකරුවන්ගේ කටයුතු අධීක්ෂණ්‍ය හා පාලනය
● අඩු කළමනාකරුවන්ට තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැපයීම.

පහළ මට්ටමේ/පළමු පෙළ කළමනාකරුවන් (Lower Level Managers)


කළමනාකරණ නොවන සේවකයන් සමඟ සෘජුව සම්බන්ධ වන සංවිධාන ධූරාවලියේ පහළ මට්ටමේ කලමනාකරුවන්
වේ.
● ඉහළ හා මධ්‍ය කළමනාකරුවන්ගේ නියෝග සහ සැලසුම් ක්‍රියාත්මක කිරීම.
● කළමනාකරණ නොවන සේවකයන්ගේ කටයුතු අධීක්ෂණය
● ව්‍යාපාරයේ දෛනික කටයුතු සුමට ලෙස පවත්වා ගෙන යාම.
සස්නක සංසද - ව්‍යාපාර අධ්‍යයන​පාඩම් මාලාව

කළමනාකරණ කුසලතා (Management Skills)


සංවිධාන ධූරාවලියේ විවිධ කළමනාකරණ මට්ටම්වලට අදාල කළමනාකරුවන් සතු විය යුතු හා ප්‍රගුණ කළ යුතු කුසලතා
වර්ග 03 ක් ‘රොබට් එල් කාර්ට්ස්’ විසින් හඳුන්වා දී ඇත.
1. සංකල්පනාත්මක /මනෝභාවාත්මක කුසලතා
2. මානව කුසලතා/අන්තර් පුද්ගල කුසලතා
3. තාක්ෂණික කුසලතා

සංකල්පනාත්මක කුසලතා (Conceptual Skills)


කළමනාකරණයේදී තීක්ෂණව සිතීමේ හැකියාවයි. එනම් සංකීර්ණ අවස්ථා තුළ මතුවන නව අදහස් විශ්ලේෂණය කිරීමේ
මානසික ශක්තියයි.

සංවිධානයක අභ්‍යන්තර හා බාහිර පරිසරය පිළිබඳව ඇති අවබෝධය ගැටඵ තේරුම් ගැනීමේ හා විසඳීමේ හැකියාව,
දුරදර්ශි බව යනාදිය මීට ඇතුළත් වේ.

මානව කුසලතා (Human Skills)


අන් අය අවබෝධ කර ගැනීමට ඔවුන් සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට ඔවුන් ලවා වැඩ කරවා ගැනීමට හා සේවකයන්ට
මානුෂිකව සැලකීමට කළමනාකරුවෙකු තුළ පවතින හැකියාවයි.

තාක්ෂණික (ශිල්පීය) කුසලතා (Technical Skills)


කිසියම් විශේෂිත ක්ෂේත්‍රයකට අදාලව යම් කාර්යයන් කිරීමට කළමනාකරුවෙකු සතුව පැවතිය යුතු සුවිශේෂී දැනුම,
පලපුරුද්ද හා හැකියාව මින් අදහස් වේ.

කළමනාකරණ මට්ටම් හා කුසලතා අතර සම්බන්ධය


සෑම කළමනාකරුවෙක් සතුවම ඉහත දැක්වූ කුසලතාවයන් පැවතිය යුතුය. එසේ වුවද කළමනාකරණ ධූරාවලියේ විවිධ
ස්ථරයන් අනුව ඒ ඒ කළමනාකරණ කුසලතාවයන්හි වැදගත්කමේ ප්‍රමාණයන් වෙනස් වේ.

“ඉහළ මට්ටමේ කළමනාකරුවන් තුළ සංකල්පනාත්මක කුසලතා වැඩි වශයෙන් පැවතිය යුතු අතර පහළ මට්ටමකදී
ශිල්පීය දක්ෂතා බහුලව ප්‍රගුණ කළ යුතු වේ.”

“මධ්‍යම මට්ටමේදී සාමාන්‍ය ප්‍රමාණයකින් සංකල්පනාත්මක හා තාක්ෂණික කුසලතා පැවතිය යුතුය.”


“මානව සම්පත් කුසලතා සෑම මට්ටමකදීම එක සමානව පැවතිය යුතුය”

“මානව සම්පත් කුසලතා සෑම මට්ටමකදීම එක සමානව පැවතිය යුතුය”


සස්නක සංසද - ව්‍යාපාර අධ්‍යයන​පාඩම් මාලාව

You might also like