You are on page 1of 2

කටුපොල්, වාණිජ වගාවක් ‌ලෙස ලංකාවට හඳුන්වා ‌දෙන ලද්දේ 1968 වුවද ඊට පෙර සිටම කටුපොල් තෙල්

(පාම් ඔයිල්), එළවලු තෙල් ලෙස හා වෙනත් නිෂ්පාදන (පාන්, මාගරින්, සබන් හා රූපලාවන්‍ය භාණ්ඩ ඇතුළු
බොහෝ එදිනෙදා භාවිතාවන නිෂ්පාදන) වල ප්‍රධාන අමුද්‍රව්‍යයක් වශයෙන් භාවිතයට ගෙන ඇත්තේ පිට රටින්
ආනයනය කිරීම මගිනි. වර්තමානයේ රටේ වාර්ෂික පිසින තෙල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 250,000 ක්
පමණ වන අතර ඉන් ටොන් 55,000 ක් පමණ පොල් තෙල් (ටොන් 30,000) හා පාම් තෙල් (ටොන් 25,000)
ලෙස මෙරටදී නිෂ්පාදනය කරන අතර ඉතිරි ටොන් 200,000 කට ආසන්න ප්‍රමාණය මෙරටට ආනයනය
කරනු ලබයි. මෙම ආනයනය කරන තෙල් වල බහුතරය පාම් තෙල් වන අතර ඒ සඳහා වාර්ශිකව රුපියල්
බිලියන 30 කට අධික ප්‍රමාණයක් පිට රටට ගලා යන්නේ රටේ ආර්ථිකයට විශාල බලපෑමක් ඇති කරමින් වන
අතර මෙසේ වාර්ශිකව පිට රටට ඇදී යන මුදල් ප්‍රමාණය දක්ෂිණ අධිවේගී මාර්ය සඳහා වියදම් වූ මුදලටත්
වඩා වැඩි ප්‍රමාණයකි.

තේ, රබර්, කෝපි, උක් හා කටුපොල් ආදී වාණිජ භෝග ලංකාවට හඳුන්වා දෙන ලද භෝග වන අතර පොල්
වගාව ද ලංකාවට හඳුන්වාදුන් භෝග අතරට අයිති වේ. මෙම සියලුම භෝග අතරින් කටුපොල් වගාව පමණක්
දැඩි පාරිසරික බලපෑමක් ඇති කරන්නේ යයි සමාජ මතයක් ගොඩනැගීම විවිධ සංවිධාන මගින් පසුගිය කාල
සීමාව තුළ සිදුකල ද, විද්‍යාත්මක කරුණු අධ්‍යයනය කළවිට පැහැදිලි වන්නේ කටුපොල් වගාව ද අනෙක් තාල
වර්ගයට අයත් පොල්, කිතුල් ආදී ශාක මෙන් සාමාන්‍ය ශාකයක් වන අතර හෙක්ටයාරයකට දෛනිකව
අවශ්‍ය වන ජල ප්‍රමාණය තේ වගාවට සාපේක්ෂව 30%කටත් වඩා අඩු අගයක් ගන්නා බවයි. මීට අමතරව
පොහොර පරිභෝජනය සැලකීමේ දී පොල් තෙල් ටොන් එකක් නිෂ්පාදනයට අවශ්‍ය පොහොර ප්‍රමාණයට
වඩා පාම් තෙල් ටොන් එකක් නිෂ්පාදනයට අවශ්‍ය පොහොර ප්‍රමාණය 60%කටත් වඩා අඩු බව සොයාගෙන
ඇත.

පාම් තෙල් වල ගුණාත්මක බව සැලකීමේ දී මෙය විටමින් බහුල, 50%කටත් වඩා අසංතෘප්ත මේදය අඩංගු
පරිභෝජනයට ඉතා සුදුසු තෙල් වර්ගයක් බව පර්යේෂණයන් මගින් මෙන්ම වෛද්‍යවරුන් ද සනාථ කර ඇත.
පිසින තෙල් වල දුර්ගුණයක් ලෙස මෑතකදී දැඩි අවධානයක් යොමු වූයේ ඒවායේ අඩංගු ට්‍රාන්ස් මේදය ප්‍
රමාණයයි. අධික ට්‍රානස් මේදය පිළිකා කාරක බව ද සොයාගෙන ඇති අතර පාම් තෙල් වල මෙම ට්‍රාන්ස්
මේදය අඩංගු නොවන බව සොයාගෙන ඇත. වෙළඳපොලේ ඇති තොග වශයෙන් මිලදී ගතහැකි පිසින තෙල්
(පොල් තෙල් යැයි හඳුන්වන කලවම් තෙල්) වල ඇති අනෙක් ගැටළුව වන්නේ අඩු ගුණාත්මක බවකින් යුත්
තෙල් වර්ග මිශ්‍ර කිරීම තුලින් පොල් තෙල් වලට සමාන තෙල් වර්ගයක් නිපද වන අතර එහි නිදහස් මේද අම්ල
(FFA) පරිභෝජනයට නුසුදුසු ලෙස ඉතා අධික අගයක් ගැනීමයි. නිදහස් මේද අම්ල (මුඩු තෙල්) පිළිකා ඇති
කිරීමට ප්‍රධාන ලෙසම බලපාන බව අධ්‍යයනයන් මගින් සොයාගෙන ඇත. වෙළඳපොලේ ඇති එළවලු තෙල්
නොහොත් පාම් තෙල් වල නිදහස් මේද අම්ල ප්‍රමාණය නොගිනිය හැකි තරම් කුඩා, පරිභෝජනයට සුදුසු
මට්ටමේ පවතී.
මෙසේ පාරිසරකව මෙන්ම සෞඛ්‍ය සම්බන්ධයෙන් ඉතා යහපත් නිෂ්පාදනයක් වන පාම්තෙල් නිපදවන
කටුපොල් ශාකය, පිළිබඳ සමාජය තුළ දුර්මතයක් ගොඩනැඟීම විවිධ සංවිධාන මගින් සිදුකලද කුඩා
වතුහිමියන් අතර මෙය භෝගයක් ලෙස ප්‍රචලිත නොවීම හේතුවෙන් කටුපොල් වගාවේ ප්‍රතිලාභ ඔවුන් අතර
බෙදී නොයෑම වර්තමාන සමාජ විරෝධයට ප්‍රධාන ලෙසම බලපා ඇත. මැලේසියාව, ඉන්දියාව ඇතුළු
බොහෝ රටවල් දිලිඳු භාවය තුරන් කිරීමේ ක්‍රමවේදයක් ලෙස රටට අවශ්‍ය පාම්තෙල් නිෂ්පාදනය සුළුගොවීන්
හරහා වගා කිරීම මගින් සිදු කරයි. මැලේසියාව හා ඉන්දුනීසියාව පාම්තෙල් නිෂ්පාදනය හරහා දිළිඳු භාවය
තුරන් කර ඇති අතර ලෝකයේ දියුණු රටවල් අතරට එක්වීමට ඔවුන්ට හැකි වී ඇත.
මැලේසියාව වැනි රටවල් පාම් තෙල් නිෂ්පාදනය පුළුල් කිරීමේදී අනුගමනය කල ස්වභාවික වනාන්තර විනාශ
කිරීම, අපජලය නිසි ලෙස කළමණාකරනය නොකිරීම ආදී ක්‍රියාවන් කිසිසේත් අනුමත කල නොහැකි වුවද
නිසි පාරසරික, සාමාජීය හා ආර්ථික නියාමනයන්ට අනුකූල වන අයුරින් මෙම වගාව ව්‍යාප්තියෙන් අපේ රට
පිසුම් තෙල් අවශ්‍යතාවයෙන් ස්වයංපෝෂිත කල හැකි අතර ඒ හරහා අපේ රටේ දිළිඳු භාවය තුරන් කිරීමට
අවශ්‍ය ආර්ථික පිටිවහල පහසුවෙන් නිර්මාණය කල හැක.

You might also like