You are on page 1of 8

ශ්‍රී ලංකාවේ

ආදිවාසීන්
වැද්දන් යනු

කවුරුන්ද?
• වැද්දන් යනු වෙරළබඩ
වැද්දන්, අනුරාධපුර
වැද්දන් සහ
බින්තැන්නේ වැද්දන්
වැනි අනෙකුත් උප ප්‍
රජාවන් අතර ආදිවාසී
තත්ත්වය ලබා ඇති ශ්‍රී
ලංකාවේ සුළුතර
ආදිවාසී ජන
කණ්ඩායමකි.
• වැඩි පහසුකම් නැති වුවද සතුටින් ජීවත්
වන මොවුන්ට අවශ්‍ය වන්නේ කුඩා රෙදි
පිළි ප්‍රමාණයකුත්
වාසය කිරීමට ස්ථානයකුත් පමණකි.ශ්‍
රී ලංකාවේ ආදිතම වැසියන් වන වැද්දන්
සිංහල, දෙමළ වැනි ජාති ආගම් හා එකතු
වීමෙන් මේ වන විට ශීඝ්‍රගාමීව වඳ
වෙමින් පවතියි. 
• සබරගමුව පළාතේ රත්නපුර
දිස්ත්‍රික්කයේ ඈත අතීතයේ
වැද්දන් වාසය කළ බවට ප්‍
රකටය. එය නන්දදේව
විජේසේකර වැනි විද්වතුන්
පෙන්වා දී ඇත. සබරගමුව යන
නමේ තේරුම සබරයන්ගේ ගම
යන්න අදහස් කළ බව විශ්වාස
කෙරේ.
වැදි භාෂාව
• වැද්දන්ගේ මුල් භාෂාව වැදි භාෂාව
වන අතර එය අද දඹානේ අභ් ‍
යන්තර වැද්දන් විසින් මූලික
වශයෙන් භාවිතා කරනු ලබයි.
වැද්දන් ලෙස හඳුනා නොගන්නා
වෙරළබඩ වැද්දන් සහ අනුරාධපුර
වැද්දන් වැනි ප්‍රජාවන් දඩයම්
කිරීමේදී සන්නිවේදනය සඳහා හෝ
ආගමික ගායනා සඳහා ද වැදි
භාෂාව භාවිතා කරයි. මෙම භාෂාව
දඹානේ පැරැණි වැදි පරම්පරාවට
සීමා විය.
• සිංහල භාෂාව හදාගත්
වැද්දන් ප්‍රධාන වශයෙන්
රටේ ගිනිකොන දෙසින්,
විශේෂයෙන් ඌව පළාතේ
බින්තැන්න ආශ්‍රිතව දක්නට
ලැබේ. උතුරුමැද පළාතේ
අනුරාධපුර දිස්ත්‍රික්කයේ
සිංහල භාෂාව හදාගත්
වැද්දන් ද සිටිති. 
• බොහෝ විට
නැගෙනහිර වෙරළ
වැද්දන් ලෙස හඳුන්වන
තවත් කණ්ඩායමක්
නැගෙනහිර පළාතේ
මඩකලපුව සහ ත්‍
රිකුණාමලය අතර
වෙරළබඩ ප්‍රදේශවල
දක්නට ලැබේ. මෙම
වැද්දන් දෙමළ භාෂාව
තම මව් භාෂාව ලෙස
පිළිගෙන ඇත.

You might also like