You are on page 1of 13

ධ්වනිය

Science Teacher – Mr. K.R Perera


ධ්වනිය පාඩම ප්‍රදාන කොටස් 3කට බෙදේ ඒ,

i. ධ්වනි ජනනය
ii. ශබ්දය නිපදවන උපකරණ
iii. ධ්වනි සම්ප්‍රේෂණය (ජනනය)

වස්තුවක් හඩ නිපදවන සෑම අවස්තාවකම සිදුවන


ඔබ මොබ චලනය කම්පනය ලෙස හැදින්වේ.
ධ්වනි ජනනය
ධ්වනි ජනනය යනු
වස්තුවක් කම්පනය වී
හඩ නිපදවීමයි

• මෙය අධයනයට ක්‍රියාකාරකම් රාශියක් ඇත.

උදා:
ඉහත දැක්වෙන්නේ සරසුලකි. මෙය යම් වස්තුවකට
ැසූ පසු කම්පන ඇති වේ. (ඇතැම් විට කම්පනය ඇසට නොපෙනේ)
එම කම්පන මැනීමට භාවිතා කරන්නේ Hz නොහොත් Hertz යන ඒකකයයි.
Hz මගින් මනිනු ලබන්නේ තත්පරයකදී ඇතිවන කම්පන වාර ගණනයි.

සරසුලක අගය දැක්වීම.


උදා : 619 Hz / 2540 Hz
මිනිසාගේ හඩ ඇති වන්නේ ස්වරාලයේ ඇති
ස්වර තන්ත්‍ර කම්පනය වීමෙනි.

“ සතුන්ගේ නාද ඇති වීම

1. මී මැස්සා

• මී මැස්සාගේ නාදය ඇති වන්නේ පියාපත් වේගයෙන්


සැලීමෙනි.
2. රැහැයියා

රැහැයියාගේ ශබ්දය නිපදවෙන්නේ පාදයේ ඇති කෙදි තවත් පාදයකින්


වේගයෙන් පිරිමැදීමෙනි.
සංගීත භාණ්ඩ

සංගීත භාණ්ඩ
තත් කම්පනය
පටල
කම්පනය
වාත
කම්පනය
තත් කම්පනය පටල කම්පනය වාත කම්පනය

ගිටාරය ‍තබ්ලාව බටනලාව

සිතාරය තම්මැට්ටම සර්පිනාව

වයලීනය ගැටබෙරය සැක්සොෆෝන්

වීණාව උඩැක්කිය ටූබා

බැන්ජෝව බොංගො හොරණෑව

එස්රාජය දවුල හක්ගෙඩිය

හාප් රබාන ක්ලැරිනට්


ධ්වනි සම්ප්‍රේශනය
(ජනනය)
 ධ්වනි ප්‍රභවයකින් හට ගන්නා ධ්වනි ශක්තිය හට ගන්නා ස්ථානයේ සිට
ඈතට පැතිරී යාම ධ්වනි සම්ප්‍රේශනය නොහොත් ධ්වනි ජනනය ලෙස හැදින්වේ.

 ධ්වනි සම්ප්‍රේශනයට මාධය්‍යක් අත්‍යවශ්‍යය.මාධ්‍ය අංශු නැති හිස් අවකාශයක ධ්වනිය


ගමන් නොකරයි.

උදා :
1. රික්තකයකදී
2. අභ්‍යවකාශයේදී
ධ්වනිය ගමන් කිරීමට මාධය්‍යක් අවශ්‍ය බව පෙන්වීම


ඝන, ද්‍රව ,වායු තුළින් ධ්වනි සම්ප්‍රේශනය.

 ඝන. ද්‍රව වායු තුළින් ධ්වනි ගමන් කරන වේගය එකිනෙකට වෙනස්ය.
 ඝන මාධය්‍ය තුලින් වැඩි වේගයකින් ධ්වනිය ගමන් කරයි.
 අවම වේගයකින් ගමන් කරන්නේ වායු මාධය්‍ය තුලිනි.

ඝන තුලින් ධ්වනිය සම්ප්‍රේශනය වන බව පෙන්වීමට බොහෝ ක්‍රියාකාරකම් ඇත

උදා :
මාධය්‍ය ධ්වනියේ වේගය (තත්පරයට මීටර්)
වායු 330
ද්‍රව 1500
ඝන 4500

ඉහත දැක්වෙන්නේ විවිද මාධය්‍යන් තුලින් ගමන් කරන ධ්වනියේ වේගය වේ.

ධ්වනියේ වේගයට වඩා ආලෝකයේ වේගය වැඩිය.

උදා: අකුණු ගැසීම.


අඩංගු සියලු දර්ශන - අන්තර්ජාලය (Internet)

Thanks For
Watching Prepared By -
Manuth Ranasinghe

You might also like