You are on page 1of 13

menusearch

Electronic පන්තිය



more_vert
 Home
 Site Map
 Download
Electronic පන්තිය

keyboard_arrow_down

Electronics ගැන දන්න සිංහලෙන්..

 homeHome
 file_downloadSinhala Ebooks
 cloud_downloadBlog Post PDF
 mapSite Map
 peopleFacebook Community

 account_circleAbout Me
 emailContact Us
 copyrightCopyright

Home › මූලීක විද්‍යුත් පාඩම් › SMD හා PTH උපාංග යනු මොනවාදැයි දැනගනිමු. (SMD & PTH
COMPONENTS)

SMD හා PTH උපාංග යනු මොනවාදැයි දැනගනිමු. (SMD &


PTH COMPONENTS)

Electronic පන්තිය
watch_later 26 December 2015
comment Add Comment

කොහොමද යාළුවනේ..!
ටික කාලෙකට පස්සේ ඔන්න අදත් අළුත් Post එකක් දාන්න
මතක්වුනා.ඉතින් අද ලිපියෙන් මං කතාකරන්න බලාපොරොත්තු
වෙන්නේ,ඉලෙක්ට්‍රොනික උපාංගයන් නිෂ්පාදනය කරන ප්‍රධාන
ආකාර 2 ක පිළිබදව හැදින්වීමටයි. 

ඒවාතමයි, SMD උපාංග හා PTH උපාංග කියලා කියන්නේ. මුලින්ම


අපි PTH උපාංග ගැන කතාකරමුකෝ..

PTH (Pin Through - Hole) 


PTH කියන්නේ "Pin Through - Hole" යන නාමයට යොදන කෙටි
වදනකුයි. මෙයටම  HT (Hole - Throght) යන වදනත් භාවිතාකරනවා.

මෙයින් අදහස් වෙන්නේ "සිදුරක් හරහා යෙදීමට හැකි පරිදි  අග්‍ර


සහිත උපාංගයන් පිළිබදවයි."ඕගොල්ලෝ දැකලා තියෙන ගොඩක්
ඉලෙක්ට්‍රොනික් උපාංගවල පහත රූපයේ ආකාරයට දිගු
අග්‍ර(Pin) සහිතව ඇති නිපදවලා තියෙනවා දැකලා ඇති..

එවැනි දිගු අග්‍ර සහිත ඉලෙක්ට්‍රොනික උපාංගයන් හදුන්වන කෙටි


නාමයක් තමා මේ "PTH" කියලා කියන්නේ. 

එවගේම මේ PTH උපාංගයන් ආශ්‍රිත තාක්ෂණය අපි 

"THT" (Through Hole -Technology) කියලා හදුන්වනවා.


මෙය තරමක් පැරණි තාක්ෂණයක්,නමුත් අදටත් මෙම ක්‍රමය භාවිතා
වෙනවා. මෙම PTH උපාංගවල ඇති දිගු අග්‍ර (Pin) පරිපථ පුවරුවට
ඇතුළුකරන්නේ එක් පැත්තකින් වන අතර, පෑස්සීම් කටයුතු
සිදුකරන්නේ පරිපථ පුවරුවේ අනෙක් පැත්තෙන් වේ.

මේනිසා උපාංගයන් පරිපථ පුවරුවට සම්බන්ධ කිරීමට,පුවරුවේ


සිදුරු (Hole) ඇතිකල යුතුය. ඉන්පසු තමා ඒ හරහා(Through) උපාංගවල
අග්‍ර ඇතුළුකලයුතු වන්නේ. ඒනිසයි මෙයට Through - Hole (TH) යන
නාමය යෙදී ඇත්තේ..
Soldering Iron
ඉතින් මෙම PTH ආකාරයේ උපාංගයන් පරිපථ පුවරුවට සවිකිරීමට
අප යොදාගනු ලබන්නේ "Soldering Iron" නැතිනම්,සාමාන්‍ය
ව්‍යවහාරයේදි කියන"බවුතය" නම් උපකරණයයි.
එමගින් අපට පහසුවෙන් මෙම PTH ආකාරයේ  උපාංගයන් පරිපථ
පුවරුවට සම්බන්ධ කරගැනීමට හැකියාව ලැබෙනවා..

හොදයි එහෙනම් මෙච්ච්ර වෙලාPTH උපාංග ගැන කතාකලානේ,දැන්


අපි SMD උපාංග කියන්නේ මොනවද කියලා දැනගනිමු..

SMD (Surface Mount Device) 


SMD යන්නෙන් අදහස් වෙන්නේ"Surface Mount Device"යන්නයි.
මෙයින් අදහස් වෙන්නේ, "මතුපිට සවිකල හැකි උපාංගයන්
පිළිබදවයි."  

ඕගොල්ලෝ දැකලා ඇති මවුපුවරු(Mother Board) වැනි සංකීර්ණ


විද්‍යුත් පරිපථ වල ඉතා කුඩා ඉලෙක්ට්‍රෝනික උපාංගයන් සවිකර
තිබෙනවා. එවැනි කුඩා ඉලෙක්ට්‍රොනික උපාංගයන් පොදුවේ හදුන්වන
නමක් තමා SMD කියලා කියන්නේ.
එවගේම මෙම SMD උපාංගයන් ආශ්‍රිත තාක්ෂණය අපි "SMT" (Surface
Mount Technology) ලෙසින් හදුන්වනු ලබනවා.
මෙය THT තාක්ෂණයට පසු පැමිණි නව තාක්ෂණික ක්‍රමවේදයකි.
මෙහිදි PTH උපාංගයන් වල මෙන් දිගු අග්‍ර (Pin) පිහිටා නොමැති
අතර,ඒවෙනුවට ඇත්තේ "පෑඩ්" (Pad)ලෙසින් හදුන්වන කුඩා සන්නායක
තැටි කොටස් වේ. එමනිසා මෙම උපාංග පරිපථ පුවරුවට සවිකිරීමේදී
පරිපථ පුවරුව සිදුරු කිරීමට අවශ්‍යතාවයක් ඇතිනොවේ.

එමනිසා මෙම උපාංගයන් පරිපථ පුවරුවට සවිකරන්නේ එක්


පැත්තකින් පමණයි. එවගේම පෑස්සීම් කටයුතු සිදුකරන්නේද එම
උපාංගය සවිකරන ලද පැත්තේම වේ.
එමනිසා අපට පරිපථ සකස්කිරීමේදි, පරිපථ පුවරුවේ දෙපසම
පරිපථය සකස්කිරීම සදහා භාවිතා කලහැකිවේ. තවද මෙම
උපාංගයන් ඉතා කුඩා නිසා, කුඩා ඉඩක් තුල අවශ්‍ය පරිපථය
සකස්කරගැනීමට අපට හැකියාව ලැබේ.

තවද PTH ආකාරයෙන් පවතින ට්‍රාන්සිස්ටර්,රෙසිස්ටර්,කැපෑසිටර් වැනි


සෑම ඉලෙක්ට්‍රොනික උපාංගයක්ම පාහේ, මෙවැනි SMD ආකාරයෙනුත්
නිෂ්පාදනය කරන බවත් මතකතබාගන්න.
Hot Air Gun
ඉතින් මෙම SMD ආකාරයේ ඉලෙක්ට්‍රොනික උපාංගයන් පරිපථ
පුවරුවලට සවිකර ගැනීම සදහා අප විශේෂ උපකරණයක්
භාවිතාකරනවා. එය "Hot Air Gun" ලෙසින් හදුන්වනු ලබනවා.සාමාන්‍ය
භාවිතයේදි මෙය "හොට් ගන්" (Hot Gun) ලෙසින්ද ව්‍යවහාර වේ.

මෙහිදි සාමාන්‍ය බවුතයේදි මෙන් රත්වන කූරක් (bit / බිට්


එක)නොමැති අතර, ඒවෙනුවට ඇත්තේ රත්වූ වායු දහරාවක්
නිකුත්කරන"නොසලයකි" (Nozzle). එමගින් අපට මෙම SMD ආකාරයේ
උපාංගයන් පරිපථ පුවරුවට සම්බන්ධ කරගැනීමට හැකිවේ..
SMD හා PTH උපාංගයන්ගේ ඇති වෙනස්කම් 

o PTH  උපාංගයන් සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන් විශාල වන අතර,


SMD උපාංගයන් ඊට සාපේක්ෂව ප්‍රමාණයෙන් කුඩාවේ.

o PTH උපාංගයන්වල කූරු/අග්‍ර (Pin)ඇතුළුකරන්නේ පරිපථ


පුවරුවේ එක් පසකින් වන අතර, පෑස්සීම් කටයුතු සිදුකරන්නේ
පරිපථ පුවරුවේ අනෙක් පැත්තේ වේ.එම නිසා පරිපථ පුවරුව
සිදුරු කිරීමටද සිදුවේ. නමුත් SMD උපාංගයන්වල කූරු(Pin) නොමැති
බැවින් පරිපථ පුවරුව සිදුරු කිරීමට අවශ්‍ය නොවන
අතර, උපාංගය සවිකිරීම සිදුවන්නේ එක් පැත්තක පමණි.

o PTH උපාංගයන්වල කූරු හෝ අග්‍ර(Pin)පිහිටන


අතර,SMD උපාංගයන්වල ඇත්තේ"පෑඩ්" (Pad) නම් සන්නායක තැටි
වේ.
o PTH උපාංගයන් වලට විශාල ධාරා ප්‍රමාණයන් හැසිරවිය හැකි
අතර, SMD ආකාරයේ උපාංගයන්ට හැසිරවිය හැක්කේ කුඩා ධාරා
ප්‍රමාණයන් පමණයි.එමනිසා විශාල ධාරාවක් පාලනය කිරීමට
සිදුවන පරිපථවල PTH උපාංගයන් භාවිතවීම සිදුවේ..
අන්තර්ජාලය ඇසුරෙනි.

1)අපගේ Facebook සමූහය හා එක්වන්න..   

https://facebook.com/groups/673123526167172

2)අපගේ Facebook පිටුව හා  එක්වන්න...    

https://www.facebook.com/electronicpanthiya

තවත් ලිපියකින් නැවත හමුවෙමු...!


 plus_one Google+
 share Facebook
 share Twitter
 share Pinterest

ELECTRONIC පන්තිය

o chevron_leftNEXT පරිපථ පුවරුවල පරිණාමය (Circuit Board


Evolution)
o chevron_rightPREVIOUS ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් හා ඇනලොග්
ඉලෙක්ට්‍රොනික් ගැන දැනගනිමු. (Digital & Analog)

comment0 Comments:

more_vert

sentiment_satisfiedEmoticon

© 2019 Electronic පන්තිය - All Rights Reserved


Created by Dunia Blanter - Powered by Blogger

 About

 Contact

 Error Notify

 Sitemap

 Copyright

You might also like