You are on page 1of 416

විශ්වවිද්යාලයට ඇතුලත් වීමට ප%මාණවත් තරම්

ප්රතිඵලයක් උසස්පෙළ විභහගයෙන් නොතිබුනත්


යාන්තම් රැකියාවකට ඉල්ල්ලුම් කිරිමට හැකි ප්රතිඵලයක්
තිබූ නිසා මම නැවතත් විභහගය කිරීමට නොසිතුවෙමි.
මාගේ එම අදහසට අම්මාගේ දැඩි විරෝදය තිබුනද
අම්මාගේ ඒ සියළුම දේ මා ඉවසාගෙන සිටියේ
ත්රිකෝණමිතිය, බෙන්සීන්, බර්නූලී මගේ ලෝකය ඉතා
සන්කීර්ණ ලොවක් කල නිසාය.

"පුතේ නැගිටිනවා .. තවම නිදි වැඩට යන්න තියනවා


නේද? "
"යන්නම් තාත්තෙ. ඊයෙ ටිකක් රෑ වෙලානෙ ආවෙ, ඒ
නිසා අද ටිකක් පරක්කුවෙලා යනවා."
"ඒක මාර වැඩට යාමක්නෙ. නැගිටිනවා නැගිටල ලෑස්ති
වෙනවා. කොල්ලෙක් උනහම ඔයිට වඩා වගකීමක්
තියෙන්න ඕනා. මේක කොයි වෙලේ බැලුවත් නිදි. අන්න
තේ එක හදලා මේස උඩ. නැගිටිනවා."
" හරි හරි තාත්තෙ"

අම්මාගේ දැඩි විරෝදය මැද්දේ උවද මම රක්ෂන


සමාගමක වැඩ කෙරුවෙමි. මාගේ රස්සාව නිසා
පොකට්ටුව සවිමත්ව තිබුනද අම්මාගේ අදහස වූයේ මම
තව ඉගෙන ගත යුතුය යන්නය. අම්මා මොකට මෙච්චර
ඉගෙනගත්තාද යන්න මට සිතූ වාර ගනන අනන්ත
අප්රමානය. එමෙන්ම අම්මාගේම කොපියක් වූ මාගේ
ආදරබර් නැගණියගේද අදහසවූයේ අයියා ඩිග්රියක් කල
යුතුය යන්නය. මාගේ මේ රැකියාවට බර බරේ නොදැමූ
එකම පුද්ගලයා මාගේ තාත්තාය. තාත්තාගේ අදහස වූයේ
මේ වයසේ සිටම තම මහන්සියෙන් හම්බකල යුතුය
යන්නය. පවුලේ සියළු දෙනාගේ අදහස් කෙසේ වෙතත්
මා කරනා රැකියාවෙන් මම සතුටක් ලැබුවෙමි.

"හලෝ .. හලෝ .."


"ඇහෙනවා බන්, කියපන් හලෝ එක පැත්තකින් තියලා."
"කොහෙද බන් උඹ ඉන්නෙ"
"ඇඳේ.."
"අම්මප මුගෙ. .. යකෝ අද නේද මීටින් එක. ඒරියා
මැනේජර් එනව කිව්වෙ අද නේද? "
"අම්මට .. ලොවෙත් නැහැනෙ ඉතින්.. බ්රයන් දැන් බන්
මට මතක් උනේ. පැයක් දීපන් මම එන්නම්. උඹ එතකම්
හැඬල් කරපන්."
"මම උඹට කිව්වනෙ ඊයෙ.."
"ඒව කොහෙද බන් මතක. මද පවනනෙ ආවෙ. මම
ඉක්මනට එන්නම් ඉතින්. උඹ මගෙ හොඳ පැටිය වගේ
වැඩේ ගොඩ දාපන්. නිවන්තිත් ඉන්න්වනෙ. ආ අනික
අපේ ලොක්කව ටිකක් ෂේප් කරපන් හරි."
"හරි හරි.. ඉක්මනට වරෙන්"
බ්රයන් හා නිවන්ති මම රැකියාවට ගිය විට හමුවූ මිතුරන්
දෙදෙනා විය. අප හමු වී කෙටි කාලයක් උවද අප
තිදෙනා අතර තිබුනේ ආත්ම ගනාවක සිට පැවත
එන්නාක් මෙන් බැඳීමකි. අප තිදෙනා ඊයේ තවත්
මිතුරෙකුගේ උපන්දින සාදයක සහබාගී වූ අතර අත්
වැරදීමකින් අප ඉවර කල බියර් බෝතල් හත අට නිසා
අද දිනයේ මීටිම ගැන බිඳක්වත් මාගේ මතකයේ
නොතිබුනේය.

"ඔන්න ටීම් ලීඩර් එන වෙලාව.."


"සොරි සර් .. ටිකක් ඇඟට හරි නැහැ වගේ. ඒකයි එන්න
පරක්කු උනේ."
"අන්න ඒරියා මැනේජර්ට තමුසෙව මීට් වෙන්න ඕනලු."
" ඒ මොක්ද සර්.. මොකක් හරි අවුලක්වත්ද? "
" මම දන්නෙ නැහැ. ගිහින්ම බලනවකො. මගෙ රූම්
එකේ ඇති"

මා දන්නා දෙවි වරුන්ගේ නම් කීපයක් සිහිපත් කරමින්


හා දන්නා ගාථා කීපයක් මුමුනමින් මම ඔහු සිටිනා
කාමරයට ඇතුළුවෞනෙමි. ඔහු ඉතා දැඩි පුද්ගලයෙක් බව
මා අසා තිබුනද ඔහුව ප්රථම වතාවට දුටුවේ අදය. මා
අසා තිබූදේ නිවරැදිය. ඔහුගේ එම නපුරු ගතිය ඔහුගේ
මුහුනින්ම පෙනෙන්නට විය.

"ගුඩ් මොර්නිං සර්.."


" ගුඩ් මොර්නිං.. ගුඩ් මොර්නිං .. "
"සර් මේ තමා දිනුක. අර මම කිව්වෙ"
"සිනෙත් දිනුක .. මිස්ටර් සරත් කිව්ව වගේම කොල්ල
හැන්ඩිය. මොකෝ ඇඹරෙන්නෙ ලැජ්ජහිතුනද.. දැන්
දිනුක දන්නවද මම එන්න කිව්වෙ ඇයි කියලා"
"නැහැ සර් .."
"ඔයා තාම අපිට ජොයින් වෙලා මාස පහක්වත් නැහැ. ඒ
උනට ටීම් ලීඩර් කෙනෙක්. ඒ වාගේම මාසෙට හොඳ
පඩියකුත් ගන්නවා. වෙල්ඩන් පුතා.. වෙල් ඩන්.. ඔය වගේ
තව දෙන්නෙක් හිටියනම් අපි සේරම ගොඩ. නැද්ද මිස්ටර්
සරත්.."
" තැන්ක්ස් සර් .."
"හරි හරි දැන් යන්න. මීටින් එක පටන් ගමු. පස්සෙ
නිවාඩුව කතාකරමු. ආ මිස්ටර් සරත් ඔයා ටිකක්
නවතින්නකො"
"ඕකේ සර්.. සී යූ"
" සී යූ පුතා.. සරත්, ඔයා කිව්ව වගේම කොල්ල ටැලන්ට්
පාටයි. මට දැකපු ගමන් කියන්න පුළුවන්. මිනිහ තමා
අපිට ඕන කරන චරිතය. මිස්ටර් සරත් කිව්ව වගේ තාමත්
මිනිහට ගෙදරින් අවුල්ද මේ ජොබ් එක කරනවට."
"ඒ වගේ සර්.. දිනුක මට කිව්වා. එයාලගෙ අම්ම කැමති
නැහැලු. තාත්තගෙන්නම් ගැටළුවක් නෑලු. මොනව උනත්
මිනිහ ආසාවෙන් වැඩ ටික කරගෙන යනවා."
"ගෙදරින් අකමැතිනම් අපිට බලකරන්න බැහැනෙ.
මොනව උනත් මිනිහගෙ අම්මනෙ. ඒ උනාට සරත් මේ
වගේ සමාගමකට දිනුක වගේ මිනිස්සු ඕන. ඒක මම
සරත්ට අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ඒක නිසා
දිනුකව තියාගන්න බලන්න. දෙන්න පුළුවන් උපරිම
ෆැසිලිටීස් දෙන්න. "
"ඔව් සර්.. බලමු මිනිහව ඉදිරියට ගෙනියන්න. හොඳ
අනාගතයක් තියන ටැලන්ටඩ් කොල්ලෙක්."

************ ************ ************

"ඇති යන්තම් උඹ ආවද"


"මන් කලින් ආව බන්. ඒරියා මැනේජර් එන්න කිව්වා ආව
ගමන්ම. ඒකයි මේ පැත්තට එන්න පරක්කු උනේ"
"මොකෝ මොකක් හරි කොක්කක්වත්ද?"
"මම හරි ටැලන්ටඩ් කියන්නෙ. බොරු බයිල බන්. අපි
කස්ටමස්ල අල්ලනව වගේ එයාල අපිව අල්ලනවා. අපිත්
ඉතින් දැදැනම අහුවෙනවනෙ බන්. ඒක නෙමේ කෝ
නිවන්ති."
"අපි දෙන්නටත් එක්ක තේ හදාගෙන එන්නම් කියල
ගියෙ. ඒක නෙමේ දිනුක, අර ඇන්ටි කෝල් කලේ
නැද්ද?"
"ඇඬෙනවනෙ තනි ඇහැට ඉතින්, ඒක තමා කතාව. බර
ලව් මට ඒක."
"ආ මේ ඉන්නෙ ඇවිල්ලා. මොකද දෙන්න කැකිරි
පලන්නෙ උදෙන්ම"
"නැහැ නිවන්ති, අර පෙරේද ඉන්ෂුවරන්ස් එකක් දාන්න
ඇවිල්ල දිනුකයට සෙට් උන ඇන්ටි ගැන කතා කලේ"
"අපෝ මොනවද දිනුක. ඔය ඇන්ටිල පස්සෙ යන එක
නවත්තනවකො"
"මේ මේ කුමරියනි නුඹට වැරදුනා.. මම කාගෙවත්
පස්සෙන් ගියෙ නැහැ, අනික නිවන්ති ඔයාට තේරෙන්නෙ
නැහැ ඇන්ටි කෙනෙක්ගෙ තියන ඇඩ්වාන්ටෙජස්"
"අනේ මේ මම නොදන්න ඇඩ්වාන්ටේජස්. ඔය ඇන්ටිල
පස්සෙන් යන එක නවත්තල මම වගෙල් ලස්සන හුරතල්
දඟකාර කෙල්ලෙක්ට ලව් කරනවකො."
"අනේ මේ උඹේ ලස්සන දඟකාරකම් ගැන මොනව
කියනවද. බලහන්කො බ්රයන් රූප සුන්දරී කියල
හිතාගෙන ඉන්නෙ."

මම නිවන්තිට ඇනුම්පද කියනා විට බ්රයන්ගේ ඇස්


වේදනාවෙන් පිරී තිබුනි. මක්නිසාද යත් බ්රයන් යටි
සිතින් නිවන්තිට ආදරය කලේය. නිවන්ති මේ කිසිවක්
නොදැන සිටියද බ්රයන්ගේ ආදර කතාවම මම මුල සිටම
දැනගෙන සිටියෙමි. එමෙන්ම ඔහුගේ ආදරය සාර්ථක කර
ගැනීමට මම හැකි සෑම විටම හැකි අයුරින් උදව්
කලෙමි. කෙසේ වෙතත් නිවන්තිගේ ඇති සුරතල්
දඟකාරකම් නිසාත් බ්රයන්ගේ කුකුල් කෝපය නිසාත්
මොවුන් දෙදෙනාව එකතු කිරීම මා හට ලොකු
අභියෝගයක් විය.

"බ්රයන් මොකො උඹේ ආදර අන්දරයෙ තත්වය.


දියුණුවක් තියන්වද"
"උඹට පිංසිද්ද වෙන්න ටිකක් හොඳයි. උඹ අර ගිය සතියෙ
පොජෙට් එක මට බාර දුන්න නිසා මට නිවන්තිට තවත්
ලන් වෙන්න පුලුවන් උනා. දැන් අපි දෙන්න වෙනදට
වඩා ළඟින් ඉන්නවා කියල මට දැනෙනවා බන්"
" උඹ ගොඩ. බොසා මට බනිනවා ඒ පොජෙට් එක මම
කලේ නැහැ කියලා."
"නෑ .. ඉතින් උඹ මොනාද කිව්වෙ"
" මම ලස්සනට බොසාව ගොඩ දැම්මා. උඹ දන්නවනෙ
ඉතින් මම ගැන"
"මේ ඒක නෙමේ, අසිස් එනව කිව්වා අද හවස අපිව
මුනගැහෙන්න."
"ම්ම් .. මොකක් හරි ගේමක් බාර දෙන්න වෙන්න ඇති.
ගිහිල්ලම බලමුකො"

අසීස් මීගමුව නගරය තුල කවුරුත් ගරුකල චරිතයකි. බලය


හා ධනය අතින් ඉහලම තැන සිටිනා චරිතයක් මෙන්ම
මත්ද්රව්ය ජාවාරමේ ඉහලම තැන සිටි චරිතයකි. නමුත්
ඔහු දුප්පතාගේ හිතවතා වූයේ ඔහු සෑම විටම
අසරණයාට පිහිට වූ නිසාය. ඔහු දුප්පතෙකුට
අසරණයෙකුට උදව් කරනුයේ දෙවරක් නොසිතාය. අසිස්ට
අප දෙදනා හමූවී ටික කාලයක් උවත් ඔහු අප තුල තිබූ
විස්වාසය නිසා අපදෙදෙනාට ඔහුගේම සහෝදරයන් ලෙස
සැලකුවේය. අසිස් අප සමග සිටිනා බව අප දන්නා නිසා
අපද නගරය තුල කාලය ගත කලේ කිසිදු බයකින්
තොරවය. සමහර අවස්තාවලදී අප දෙදෙනාට
කඩවල්ලවලින් නොමිලේ කෑම බීම පවා දී ඇත. ඒ අප
දෙදෙනා අසීස්ගේ ළඟින්ම ඉන්නා බව ඔවුන් දන්නා
නිසාය.

"දිනුක, බලහන්කො දවසක අසිස් නිසා අපි දෙන්නටත්


හිර ගෙයි බත්වේලක රස බලන්න වෙන්නෙ නැද්ද
කියලා."
"ඇයි උඹ එහෙම කියන්නෙ"
"නෑ ඉතින් මිනිහ කොච්චර හොඳ උනත් මේ සමාජෙට
උඹ දන්නවනෙ මිනිහ ඇත්තටම කව්ද මොනවගේ
කෙනෙක්ද කියන එක. කෝකටත් අපි පරිස්සමෙන් ඉමු.
නැතිනම් ඉතින් සුදු කොඩි වැඩි ඈතක නෙමේ"
"අනේ මේ උඹේ බ්යිල නවත්තල වරෙන් බන් යන්න"
"බයිල නෙමේ දිනුක, ඇත්ත මම කිව්වෙ."
"හරි බන් මටත් නොතේරෙනව නෙමේ බන්. උඹ
කියන්නෙ අපි දැන් අසිස් එක්ක තියන සම්බන්දකම්
නැවැත්තුවොත් එක පාරටම, අපි දෙන්නට මෙ වගෙ
ඉන්න පුළුවන් වෙයි කියලද. උඹ බය නොවී ඉඳපන්
බ්රයන්.. දන්නවනෙ මේ දිනුක ගැන. වෙලාව ආවම මම
කියන්නම් ගැලවෙන්න කොහොමද මොනවද කරන්න
ඕන කියල"
"හම්.. බලමුකො"
"ඒයි බ්රයන් බලපන්කො අර රතුපාට ස්කූටියෙන් බැස්ස
එක. මාරයි බන්. කෝටිගනන් සැප බන්"
"ඇත්ත මචෝ. මොකෝ කියන්නෙ ෆලෝ පාරක් දාමුද.
ආපිකෝ එකට යන්නෙ"
" එල යමු"
"උඹටත් ඇන්ටිලව දුර ඉඳලම පේනව නේද? මතක තියා
ගනින් පුතෝ කොට්ටෝරුවටත් කෙල උනේ කෙසෙල්
ගහකට කොටල"

අපි දෙදනාම ඇගේ පිටුපසින් සීරුවට ආපිකෝ එකට


ඇතුළු විය. එතරම් හැඩති සිරුරක් මා දැක නොතිබූ
තරම්ය. ඇය අවුරුදු විසි නමය තිස් දෙක අතර
තැනැත්තියක් බව අප දෙදනාම තීරනය කලෙමු. නමුත්
ඇතට තිබුනේ අවුරුදු විසීඑකක පමන යුවතියකේ
දඟකාරකමකි. ඇයව කතාවට අල්ලා ගැනීමට මට කදිම
උපායක් සිහියට ආවේය. බ්රයන් එයට අවශ්ය වටපිටාව
සකසා දුන්නේය.

"ඒක්ස්කියුස් මී මැඩම් .. හව් කැන් අයි හෙල්ප් යූ"


"ම්ම් .. ඔයා ආව හොඳ වෙලාවට. බර්ත්ඩේ විෂස් කාර්ඩ්
තියෙන්නෙ කොහෙද."

ආපිකෝ එක ඇතුලෙහි අනන්තව කාලය ගත කර ඇති


නිසා එහි අයිතිකාරයටත් වඩා අප දෙදෙනා එහි සැලැස්ම
දන සිටියෙමු. නමුත් ඒ ඇවිද්ද පය කවදා හෝ මෙතරම්ම
වටීවියැයි අපදෙදෙනාම තප්පරයක්වත් නොසිතුවෙමු. ඇයට
උවමනා දේ මා සොයා දී ඇයගේ දුරකථන අන්කයද මම
ඉල්ලා ගත්තෙමි. ඇය නමින් ටානියාය.

" ඇඬෙනවා බ්රයන් තනි ඇහැට.."


"මොනව කියන්වද, සුපිරිම එකක් බන්. හැබැයි
පරිස්සමෙන් පුතෝ හරි."
"හරි හරි උඹ දන්නවනෙ දිනුක ගැන, බය වෙන්න එපා
බන්. අනික උඹ වගේ යාළුවෙක් මට ඉන්නකොට ඇයි
මම බය වෙන්නෙ"
"හරි හරි දැන් වරෙන් යන්න, අසීස් ඇවිල්ලත් ඇති"
"දැන් කොහෙටද අපිට එන්න කිව්වෙ"
"ඔඩීලියා එකේ උඩ ඉන්නවා කිව්වෙ"

ටානියා ගැන නොයෙකුත් දේ සිහින මවමින් අපි


දෙදෙනාම අප දෙදෙනාට යාමට තිබූ ස්ථානයට විනාඩි
කීපයකට කලින් ලඟාවූයෙමු. ඒ වනවිටද අසීස් පැමින සිටි
නමුත් ඔහුගෙන් දිස් වූයේ වෙනදාට වඩා කලබලකාරී
ගතියකි.

"ආ මල්ලිලා වෙලාවටම වැඩ නේද.. උඹල දෙන්නට මම


ගොඩක් කැමති ඔන්න ඔය නිසානෙ. වෙලාවටම වැඩ.
ඉතින් කොහොමද ජිවිතේ ? "
"අපි හොඳින් අයියා.. මොකෝ මේ අපිට හදිසියේම එන්න
කිව්වෙ... "
"ඕකේ.. මෙගා සීන් ඕනෙ නැහැ . අපි කෙලින්ම
කතාවට බහිමු මට මේක හදිසියේම පැවරුන වැඩක්. මට
ඉතින් උඹල දෙන්න විතරනෙ ඉන්නෙ"
" හරි හරි අයියා.. අටුවා ටිකා නැතිව කියන්නකො
මොනවද වෙන්න ඕන කියලා. අපි ඉතින් කවදාවත්
අයියය බැහැ කියල නැහැනෙ. නැද්ද දිනුක? "
"හරි හරි.. මේකයි සිද්දිය, හෙට ජර්මන් කාරයො
දෙන්නෙක් එනවා තාජ් හෝටලය ගාවට. උඹලට
තියෙන්නෙ මම දෙන මෙන්න මේ පාර්සල් එක ඒ
දෙන්නට ගිහින් දෙන්න."
"පාර්සල් එකක් !!! මොනාද තියෙන්නෙ ?? "
"ම්ම්ම් .. ජෙම්ස් වගයක් තියෙන්නෙ. කෝටි ගානක
බිස්නස් එකක්. මට ඉතින් උඹල දෙන්න විතරයි මේ
වැඩේ කරගන්න විස්වාස කරන්න පුළුවන්"
" හරි අයියෙ. අපි කරන්නම්.. දෙන්නකො ඩීටේල්ස් ටික."
" ඔය තියෙන්නෙ මල්ලි වෙඩි වගේ වැඩ"

හෙට දිනයේ උදේ එකොළහ වන විට අපට මෙමෙ


පාර්සලය බාර දීමට තිබුනි. අසීස් පැවසුව පරිදි අපගේ
ගැනුම් කරුවව අඳුනා ගැනීමට තරමක් අපහසු මට්ටමක
තිබුනි. කෙසේ වෙතත් මෙමෙ පාර්සලයේ අඩන්ගු වනුයේ
නිල් දියමන්ති බවත් ඒ සියළුම දේ සොරා ගත් බඩු බවත්
අපට් ඔහුගේ කතාවෙන් පැහැදිලි විය.

"මේ වැඩේ ගොඩක් වැදගත් මල්ලි. ඔයාල කොහොම හරි


මේ වැඩේ කරන්න ඕන. මෙන්න මම දෙන්නටම
එකවුන්ට්ස් දෙකක් ඕපන් කරල ලක්ස පහ ගානෙ දැන්ම.
මට ඉතින් උඹල දෙන්න විතරනෙ බන් ඉන්නෙ. අහ්
අනික මට ත වැඩක් කරන්න ඕන"
" ඒ මොකද්ද? "
" මෙන්න මේ ලිස්ට් එකේ තියෙන්නෙ පහුගිය දවස්
හතරෙ මහජන සම්පත, ෂනිදා වාසනා වල වගේ
ලන්කාවෙ ටිකට් වල පළමු දිනුම් දිනපු අයෙගෙ විස්තර"
" අහ් අසීස් මාගෙ අයිඩියා එකට බැහැල වගේ"
" මොකක්ද දිනුක, මම දන්නෙ නැති ඒ අයිඩියා එක"
"මම කියන්නම්කො බ්‍රයන්, ඇත්තටම මේක දිනුකගෙ
අදහසක් තමා. ඔයාල මේ පාර්සල් එක දුන්නට පස්සෙ
අපිට හම්බෙන සල්ලි ෂේප් කරගන්න"
"ඒ කිව්වෙ?? මට තේරුනේ නැහැ? "
" මේකයි.. ඔයාල මේ ලිස්ට් එකේ ඉන්න කටිටියව
කන්ටැක් කරල ඒ දිනුම් ටිකට් සේරම ගේන්න ඕන. "
" ඒ ගෙනල්ල මොකද අපි කරන්නෙ ??"
" මේකයි බ්‍රයන්, ඔය මිනිස්සුන්ට ලක්ස දහයක් ඇදුන
කියල, ඒත් ඒ මිනිස්සුන්ට ඒ දහයම හම්බෙන්නෙ
නැහැනෙ. ටැක්ස් වලට කැපෙනවනෙ. අපි ඒ ටිකට් වල
ෆුල් විනින් ප්‍රයිස් එක දීල එයාලගෙන් ඒ ටිකට් ටික
ගන්නවා. ඊට පස්සෙ අපි ඒ ටිකට් මාරු කරල සල්ලි
ගන්නවා. එතකොට අපිට පුළුවන් අපේ බ්ලැක් මනී ටික
වයිට් මනී කරගන්න"
" හරියට හරි දිනුක.. බ්‍රයන්ට දැන් තේරුනාද.."

අසීස් අපිට කරුණු කාරනා පහදා දීමෙන් පසුව ඔහු


එතනින් පිඅට්ව ගියේ ඔහු ගෙනා බැන්ක් කාර්ඩ් දෙකද
අප දෙදනා අත තබමින්ය. අප දෙදනා ඔහු නොපෙනා
යනකම්ම නිහඩව සිටියේ අප දෙදෙනාටම කිසිවෙක්
කතා කර ගැනීමට නොහැකි වූ නිසාය. තවද අපි
දෙදනාම කල්පනා කලේ මෙම දියමන්ති පාර්සලය
ගෙනයන්නේ කෙසේද යන්නය. දැඩි නිහඬතාවයකින්
පසුව බ්‍රයන් ඔහුගේ හඬ අවදි කලේය.

"අඩෝ .. ලක්ස පහක්.. මට අදහ ගන්නත් බැහැ බන්"


"හම්ම්ම්... ලක්ස පහ නෙමේ බන්. මේ පාර්සල් එක
කොහොමද අපි හෙට කොළඹට පාස් කරන්නෙ"
"ඕක මොකද්ද බන්.. දාමුකො අපේ ෆුඩ් සිටි තියරිය"
"අහ් ඔය තියෙන්නෙ බන් අයිඩියා .. මට අමතක
උනානෙ. ඒක නෙමේ උඹෙ රට යන වැඩෙත් හරි නේද
දැන්. සල්ලි හම්බුනානෙ. මෙන්න මගෙ සල්ලි ටිකක් තියා
ගනින්. දහයක් තියනවනෙ එතකොට"
"පිස්සුද බන්.. උඹ තියා ගනින්. අනික මට උඹව දාල
යන්න දුකයි බන්. කෙල්ලෙක් හින්දා උඹ වගේ
යාළුවෙක්ව කොහොමද බන් මම තනි කරන්නෙ"
"පිස්සු කෙලින්න එපා යකෝ.. කෙල්ලව සෙට් කරන්
කොහොම හරි ඒකි ඒක්කම යමන්. උඹ දන්නවනෙ අපි
මේ කරන් වැඩවලින් අපේ ජීවිතෙත් කවදා නැතිවෙයිද
දන්නෙ නැහැ."
" ඉතින් උඹත් වරෙන්කො යන්න?"
" බැහැ බන්.. මම ආස නැහැ. මම මේ වැඩ ටික
ඇදගෙන යන්නම්. උඹ යමන්. අනික උඹ නැතිවෙන්නෙ
නැහැනෙ. ඒක නෙමේ දැන් උඹ කොහොමද හෙට මේ
වැඩේට එන්නෙ. උඹ හෙට නීවන්ති එක්ක ෂොපින්
යන්න පොරොන්දු උනා නේද?"
" අහ් ඔව් බන්.. අඩේ මට අමතක උනානෙ"
"හරි ඒකට කමක් නැහැ. උඹ උඹේ ලව් එක කරගෙන
යමන්. මම වැඩේ කරන්නම්. උඹල දෙන්න හෙට ඔෆිස්
එකේ වැඩ ටික ගොඩ දාපන් හරි. මම ඩීල් එක ගොඩ
දාන්නම්."
"පිස්සුද බන් උඹ තනියමනෙ. අනික මෙච්චර කාලෙකට
අපි දෙන්න එකතුවෙලානෙ බන් වැඩ කලේ"
"හරි හරි බන්. මම මේ ඩීල් එක බලා ගන්නම්. උඹ
දන්නවනෙ මේ දිනුකගෙ හැටි. මම හෙට බොසාට
කියන්නම් මිස්ටර් සුමනසිරිව මීට් වෙන්න වත්තලට යනව
කියල. උඹ බොසාව ගොඩ දාපන් හරි"
"ඒ ගැන උඹ බය වෙන්න එපා. උඹ පරිස්සමට ගිහින්
වරෙන්"

බ්‍රයන්ගේ ෆුඩ් සිටි තියරියට අනුව අපි දෙදෙනා ෆුඩ්


සිටියෙන් බඩු මල්ලක් ගත්තෙමු. එම බඩු අතර් අපි ටී
බෑග් පෙට්ටියක්ද ගත්තෙමු. ඉන්පසු අප දෙදෙනාම
දියමන්ති එකින් ටී බැග් ඇතුලට දමා නැවත සැකසුවෙමි.
ආගන්තුකයෙකුට දැන් එය පෙනුනුයේ ෆුඩ්සිටියෙන් ගත්
බඩු මල්ලක් ලෙසය. එහි දියමන්ති සැඟවා ඇති බව
කිසිසේතම අඳුනාගත නොහැකිය.
අපි දෙදෙනාම කතාකරගත් ආකාරටයය පසුදින උදයෙන්ම
බස්නැඒතුම්පොලට පැමිනියෙමු. බ්‍රන්ගේ කෙටි
දේසනාවකට සමුදුන් මම කොළඹ ඉන්ටර්සිටියකට
ගොඩවුනෙමි. ජනේලය ආසන්නයේම ආසනයක අසුන්
ගත් මම සුවපසු නින්දකට සැරසෙනවාත් සමගම ම්ගේ
දුරකථනය නාදවූයේ නන්නාදුනන අංකයකිනි.

"හලෝ .. ගුඩ්මෝර්නින්.."
"ගුඩ්මෝර්නින් මයි හැන්ඩ්සම්.. ටානියා හියර්"
"ඔහ් මයි ගෝඩ්.. රියලි"
" ඇයි මම කතාකරයි කියල හිතුවෙ නැද්ද?"

ටානියාගෙන් ලැබුන ඒ ඇමතුමත් සමගම මාගේ නිදිමත


ගතිය නැතිවී ගොස් ඇඟට දැනුනේ කියා විස්තර
නොකල හැකි සුවයකි.ඇයගේ හඬේ තිබූ මත්ගතිය
නිසාදේ මට කොළඹට එනතුරුම නොදැනනු අතරම
මාගේ දුරකථනයේද බැටරිය අඩුවී තිබූ නිසා සුන්දර වූ
බොරුවක් කියමින් මම ටානියාගේ කතාවට මදකට
කොමාවක් නැබුවෙමි. ඉන් පසු මම මට පැවරූ රාජකාරිය
ඉටුකෙරුවෙමි. අප ප්ලෑන් කරගත් ආකරයටම සියළුම වැඩ
කටයුතු කරගැනීමට හැකි වූ අතර තරමක් හෝ අපහසු
වූයේ ටිකට්පත් ජ්යග්‍රහනය කෙරූ පුද්ගලයන් සම්මබ්න්ද
කර ගැනීමටය. කෙසේ වෙතත් මාගේ හැකියාවෙන්
ඔවුන්ව අපගේ අදහට අනුව කැමති කරගත් අතර මම
නැවත මීගමුවට පැමිනෙන විට හවස හතර පමන වී
තිබුනි.

" මොකද වැඩේ ?? අවුලක් උනේ නැහැනෙ?"


"පිස්සුද කොල්ලා. දන්නවනෙ මාරයටත් සෙකන්ඩ්
වෙන්නැති කෙනෙක් ගේමට අත දැම්මෙ කියලා"
" අනේ මේ යමන් බන් යන්න. උඹේ ටෝක්ස්...ඒක
නෙමේ මොකෝ මේ මූනෙ තියන අමුතු එළිය?"
" ටානියා කෝල් කලා බන්"
"අහ් ඉතින් එලිය වැටෙන් නැතිව තියේවිද. උඹේ විතරක්
නෙමේ බන් මගෙ මුලු ඇඟම එලිය වෙනවා ඒම මතක්
වෙනකොට. ඉතින් මොනද කීවෙ"
"ඊයෙ වෙලාවටම අදත් මීට් වෙමු කිව්වෙ, ආර්පිකෝ එක
ගාවදි"
"එල එල.. මොනා උනත් පරිස්සමෙන් හරි. අද
මහන්සියත් නැති කරගන්න පුළුවන්. ආරක්ෂක උපකරන
අරන් යමන් හරි. මොන හරි ඕන උනොත් කෝල් එකක්
දියන් මට."
"අනිවා මචන්"

ටානියා සමග ගතකල සුන්දර වූ හවස් වරුවෙන් පසුව


මම ගෙදර ගියේ වෙනදාටත් වඩා මදක් ප්‍රමාද වීය. ඒ
වන විටද අම්මාගේ බැනුම් මීටරය ක්‍රියාත්මක වී තිබූ
අතර් එය නොඇසුනා මෙන් කාමරයට ගියේ ඇඟසෝදා
ගෙනය. මා කාමරයට ඇතුළු වෙනවාත් සමගම අම්මාද
මගේ කාමරයට ඇතුළුවූයේ උණුසුම් තේ කෝප්පයක්ද
ඇතැතිවය.

"මොකද පුතේ අදත් රෑ උනේ"


" කස්ටමස්ල දෙන්නෙක් මීට් වෙන්න ටිකක් ඈත ගියා
අම්මෙ"
" අනේ මන්දා පුතේ, මමනම් කැමති නැහැ ඔයා ඔය
කරන රස්සාවට, මම දන්නෙ නැතිද ඔය ඉන්ෂුවර්න්ස්
මිනිස්සුන්ට කියන කතා"
"හරි හරි අම්මෙ මම ඉතින් මේ ආසාවෙන් කරන
දේනෙ"
"ආසාවෙන් කරන එක ඇත්ත. ඒත් තව ටිකක් ඉගෙන
ගත්තොත් නරකද? ඉස්සරහට ගැනුලමයෙක් හොයල
බැඳගත්ත දවසට අයෙ ඉගෙනගන්න වෙලාවක් එන්නෙ
නැහැනෙ. මටත් උනේ ඔය ටිකමනෙ"
"හරි හරි අම්මෙ ඔය කියන ගැනුලමය බැන්දහම
බලමුකො ඒක"
"පණ්ඩිතකමනම් තියනව ඉහ්ටත් උඩින්. ඒක නෙමේ මට
ආරන්චියක් ආව තමුසෙ ටවුමෙ චන්ඩිය කියලා,
රස්තියාදුකාරයො එක්ක ඉන්නව කියලා"
" මේ කාලෙ ඕව කරන් නැතිව නාකි උනාම කරඳ
අම්මෙ. අනික දැන් ඔය අම්මම කිව්ව ගෑනුළමය බැන්දට
පස්සෙ කෝ ඕවට වෙලා"
"ඕව කරල ගුටිකාල එනවකො ගෙදර"
"අම්මගෙ මේ පුතා එහෙම කරන් නෑ අම්මෙ. හරි
අහින්සක කොල්ලෙක්නෙ මම"
" අනේ උඹේ අහින්සකකම, මොනව හරි වෙන්න කලින්
අම්ම කෙනෙක් විදිහට අවවාද කෙලේ, කොහෙද තමුසෙ
එනවනෙ මට උගන්වන්න"
"ඔයා ඉතින් මගෙ හොඳ අම්මනේ ....."
" ඒක නෙමේ මට අද සිතාර පුතාව හම්බුනා ට්‍රේන්
එකේදි"
"සිතාර .. මිනිහව දැක්කෙවත් නැහැ මේ ජොබ් එකට
ගිය දවසෙ ඉඳන්. මිනිහ දැන් මොනවද කරන්නෙ?"
"සිතාරව දකිනව තියා මේ ගෙදර මිනිස්සුත් ඔයාව
දකින්නෙ කලාතුරකිනෙ"
"ආ ආ ආ .. එතකොට මම ටවුමෙ චන්ඩිකම් කරනව
කියල අම්මට කිව්වෙ සිතාරයද?"
"සිතාර් කිව්ව මගුලක් නැහැ. ඒ ලමය මොකද්ද
කොම්පුටර් කෝස් එකක් කරල මීගමුවෙ, දැන් කොළඹ
හොඳ රස්සාවක් කරනවා."
"ඔව් ඔව් මිනිහ ඔය අයි ඩී එම් එකේ මොකද්ද කලා
තමයි"
"ඔයත් එතන්ට ගිහින් බලන්නකො. මොකක් හරි ඩිග්‍රී
එකක් කරන්න. ඩිග්‍රියක් නැතිව දැන් කසාදයක්වත්
කරගන්න බැහැ. මෝඩ පහේ කෙල්ලෙකුට තමා තමුසෙට
අන්තිමට කරගහන්න වෙන්නෙ"

අම්මාගේ දීර්ග ධර්ම දේශනාව අවසන් වූ පසු මට මහත්


සහනයක් දැනුනි. නමුත් අම්මා කියූ දේ ඇත්තය. මමද
ඔය ගැන සිතූවාර අනන්තය, අප්‍රමානය. මා හට තවත්
ඉගනීමට අසාවක් නොවූවත් අම්මා කියූ දේ පිළිබඳව සිතා
බැලිය යුතුයැයි සිතමින් මා ඇඳවෙත ගියේ ටානියාගෙන්
ලැබුන දුරකතන ඇමතුමත් සමගය.

දිනෙන් දින ගෙවී ගොස් අළුත් සති ආරභඋවද මට එය


එතරම්ම නොදැනුනේ මේ කාල වකවානුව තුල මාහට
වැඩරාජකාරී අධික වූ නිසාය. අපගේ රක්ෂන සමාගමට
අළුතින් බඳවාගත් කන්ඩායමගේ පුහුණුව බ්‍රයන් හා
නිවන්ති විසින් කල නිසා ඔවුන්ගේද වැඩ කටයුතු නිම
කිරීමටද පැවරී තිබුනේ මටය. එමෙන්ම විනාඩි පහෙන්
පහට නාදවෙන මගේ දුරකතනය මාගේ එදිනෙදා
වැඩකටයුතුවලට එකතු කලේ පුදුමාකාර හැඟීමකි.

"දිනුක, ඔයා බිසීද?"


"ටිකක් විතර බිසීනම් තමා සර්, ඒත් කියන්නකො මොනාද
වෙන්න ඕන මගෙන්"
"අනේ අර අළුතෙන් ආව ළමයි ටිකට මොනව හරි ගිහින්
කතා කරල එනවකො, උන්ගෙ ටිකක් හිත ෂක්තිමත්
වෙන්න"
"හරි හරි සර්, උන් කොහොමත් අපි එක්ක ඉන්නවනෙ,
මන් මේ වැඩ ටික ඉවර කරලම යන්නම්කො"

අපගේ ලොක්කාට මා එසේ කීවත් දවස් දෙක තුනක්ක්ම


ගෙවී අවසන් වන තෙක්ම මට ඔවුන් හමුවට යාමට
නොහැකිවිය. ගෙවී ගිය දවස් දෙක තුලදීම කෙසේ හෝ
වේලාවක් වෙන්කර ගත්තද ඒ හැම වෙලාවකම මාගේ
දුරකථනය නාද වූයේය. විටෙක ඒ ටානියාය. ටානියාව
මට ඇණයක් වී තිබුනත්, කොතරම් වැඩරාජකාරී තිබුනද
ඇයව ක්‍රමානුකූලව කලමනාකරනය කිරීමට හැකිවීම මා
ලද ලොකු ජයග්‍රහනයක් විය. මක්නිසාදයත් එසේ
නොවුනානම් කාර්යබහුල වූ මේ කාලයේ මාගේ හවස්
වරුවද බොඳ වී යනවා නොඅනුමානය.
" ගුඩ් මෝර්නිං දිනුක, අනේ මේ අදවත් එන්නකො අර
ළමයින්ට කතා කරන්න. තමුසෙ ටීම් ලීඩර් නේද? "
" ඒක තමා නිවන්ති, අද මම එන්නම්. බොසාගෙනුත් හරි
බර බරේ."
"ඒක නෙමේ දිනුක, ලස්සන ගෑනුලමයෙක් ඉන්නවා. ඉටි
රූපයක් වගේ අනේ. ඔයාටනම් නියමෙට ගැලපෙනවා.
ඇවිල්ල බානවකො"
"අනේ මේ නිවන්ති, මගෙන් මොකුත් අහගන්න එපා. මේ
ටිකේම මට උඹල දෙන්නගෙ වැඩත් ඇදල එපා වෙලා
තියෙන්නෙ. ඒක නෙමේ කව්ද බන් අර උඹ ලයිෆ් එකක්
දාල තියන සමරතුන්ග කියන එකා. අම්මෝ මට පුදුම
ඇණයක් දුන්නෙ බන්. "
"ගුඩ් මෝර්නිං දෙන්නටම, එහෙම තමා බන් යාළුවො
වෙනුවෙන් ඔය කටු කෑවට පව් නැහැ බන්"
"ඒක තමා. ඔය සමරතුන්ගව අමතකවෙයි ඔයා අර ලමයව
දැක්කහම, නැද්ද බ්‍රයන්"
"අහ්.. මට අමතක උනානෙ උඹට ඒ ගැන කියන්න.
අඩෝ ඇඬෙනව තනි ඇහැට. උඹටම කියල ඉපැද්දුව
වගේ බන්."
"අනේ මේ බ්‍රයන්. ඒ පාර උඹත් පටන් ගත්තද?"
"යකෝ උඹේ ඔය ටානියට වඩා කෝටිගානක් වටින
අහින්සක හුරතල් කෙල්ලෙක්. වරෙන්කො යන්න අද ට්‍
රේනින් එක පැත්තෙ"
"ආ ඒකත් එහෙමද, එහෙනම් මම ඇවිල්ලම
බලාගන්නම්කො."
"ඒක නෙමේ දිනුක, අපේ ලොක්කා දවස් දෙක තුනක්ම
ඇවිල්ල ඔයා ගැන මාර වර්ණනාවක් දීල තියෙන්නෙ.
ලොක්කගෙ ටෝක්ස් නිසාම අළුතින් ඉන්න සෙට් එක
මේ දිනුක කියන චරිතය කව්ද කියල බලන්න
නොඉවසිල්ලෙන් ඉන්නෙ"
" ඔව් දිනුක, නිවන්ති හරි. අපේ ලොක්කගෙ ටොක්ස් නිසා
අළුත් සෙට් එක කොර වෙලා ඉන්නෙ. අපි දෙන්නගෙන්
හැමදාම උන් අහනවා කෝ දිනුක කියන කෙනා කියලා"
"අපි බලමුකො බ්‍රයන් අර කෙල්ලව දැකලවත් මෙයාට
ඇඩ්වන්ටේජස් තියන ඇන්ටිලව අමතක කරන්න පුළුවන්
වෙයිද කියලා. "
"ඔයා හරියටම කිව්වා නිවන්ති, හැබැයි දිනුක මේ
අහපන්, ඒ කෙල්ලට බැරි උනොත් උඹේ හිත ගස්සන්න
උඹට හරි යන්නෙම ටානියාම තමයි. ඒකි තමා බන් උඹ
වෙනුවෙන් ඇවිල්ල තියෙන්නෙ"
" අනේ මේ දෙන්නම ඕක නවත්ව ගන්නවද? උඹල
දෙන්නගෙ ඔය කුමාරිකාව, මන් වෙනුවෙන්ම ආව කියන
ඔය කෙල්ලව බලන්න මම එන්නම් තව ටිකකින්. පොඩි
වැඩක් තියනවා ඉවර කරල"

ඔවුන්ගේ පුහුණුවට යාමට අදත් මට වේලාවක්


නොතිබුනද බ්‍රයන් හා නිවන්ති වර්ණනාකල ඒ චරිතය
මට බලා ගැනීමට මම සිතුවෙමි. මන්ද ඔවුන් දෙදෙනාම
ලේසියෙන් කාවවත්ම එතරම්ම වර්නනා නොකරන
නිසාය. නමුත් අපගේ ලොක්කා මම ගැන මොනවා පවසා
ඇත්දැයි මම නිහඬව මදක් කල්පනා කලේ අපේ
ලොක්කාගේද බොරු වර්ණනාව ඉතා ඉහලින්ම තිබූ
නිසාය. ඔහුගේ වර්ණාවලින් කළු ගල් පවා උණුවී
වැටෙනවා නොඅනුමානය. ඒ තරමටම වෙනකෙකුගේ සිත
ඇදීඑන ලෙස කතා කිරීමේ හැකියාව ඔහුට තිබුනි.

මාගේ වැඩ කටයුතු ඉක්මනින්ම නිම කර අළුතින්


බඳවාගත් පිරිස සිටිනා තැනට යාමට මා සූදානම් වූයේ
මා එතනට යායුතු නිසාද නැතිනම් මගේ සගයන් දෙදෙනා
පැවසූ ඒ අපූරු රුව දැක ගැනීමට යටි සිතේ තිබූ හීන්
ආසාවද කියා මම සිතුවෙමි.කෙසේ වෙතත් උදේ තේ
පානයට ආ පිරිස සූදානම් වූ නිසාත් එය අළුත් පිරිස
සමග සුහදව කතාකිරීම්ට හොඳම වෙලාවක් යැයි මා සිතූ
නිසා මම ඔවුන් සිටිනා ස්තානයට ගියෙමි. මම ඔවුනට
ආගන්තුකයේ වූ නිසාදෝ මා ඇතුළු වෙනවාත් සමගම
සියළු දෙනාම එකවර නිහඬ වූයේය.
මාගේ සගයන් පැවසූ ඒ රුව මට එක් වරටම මාගේ
නෙතු හමුවූයේ නොසීතූ වෙලාවකය. ඔවුන් පැවසූ දේ
ඇත්තය. මොහොතකට මම මියැදුනෙමි. ඇය සැබවින්ම
අපූරු නිමවුමකි. ගැහැණු ළමයෙක් ඉදිරියේ මා මෙතරම්ම
අසරණ වූයේ පළමු වතාවටය. ඇගේ දිලිසෙන රුව
දඟකාර ඇස් මාව එම ස්ථානයේ නොරැඳීමට තර්ම්ම
අසරණ කලේය. නමුත් මට ආපසු හැරිය නොහැකි නිසා
මම ඉදිරියට යාමට උත්සහ කලද එයද මම සිතූ තරම්
පහසු නොවූයේ ඇයිදැයි මම නොදැන සිටියෙමි. සෑම
විනාඩියකම මට අළුත් හැඟීම් ඇතිකරන දුරකථනයද අද
නිහඬ වූ නිසා ඇගේ දඟකාර ඇස් වලින් මට මිදීමට
අපහසු වූ අතරම මාගේ සිදුවූ වෙනස බ්‍රයන්ට වැටහූ
නිසාදෝ තප්පර කීපයකට ඇතිවූ තිබූ නිහඬතාවට ඔහු
බිඳ දැම්මේය.

" ඔන්න අර අපේ සර් ඔයාලට දවස් දෙක තුනක්ම


වර්නනා කල දිනුක අයිය තමා ඔය ඉන්නෙ. හරි
අමාරුවෙන් තමා ඔයලට වචනයක් කතාකරල යන්න
කියල මෙයාව ගෙන්න ගත්තෙ. මොකද අපි දෙන්න
ඔයාල එක්ක මේ ට්‍රේනින් එකේ නිසා අපේ වැඩත්
බලන්නෙ මෙයා තමා."
"ඔව් ඔව් ඒක ඇත්ත බ්‍රයන්. ඒ වගේම ඔයාලට
නොතේරුන දේවල් තියනවනම් දිනුක අයියගෙන්
අහගන්න පුළුවන්"
"අපි පැහැදිලි කරල දුන්න ඒවල තවත් ගැටළු
තියනවනම්, ඒ වගේම කැල්කියුලේෂන් වල ගැටළු
තියනවනම් ඔන්න අද ඔයාලට දිනුක අයිය ඉන්නවා
අහගන්න. අහ් තවත් දෙයක්, මෙයා තමා ටීම් ලිඩර්. අපි
හැමෝම රිපොර්ට් කරන්න ඔන මෙයාට තමා. ඉමාෂා ඔය
තේ එකක් දිනුක අයියතත් හදල ගෙනල්ල දෙන්න"

ඇය නමින් ඉමාෂා විය. බ්‍රයන් ඇයට නමින් ඇමතුවේ මට


ඇසෙන්නටය. මෙතනට ඒමට මම මෙතරම් දවසක්
ගතකල එක පිලිබඳව මම මටම සිතින් දොස් නැගුවෙමි. බ්‍
රයන් පැවසූ ලෙසම ඇය තේ කෝප්පය පීරිසිය මතතබා
මා දෙසට තාලයකට පියමන් තැබුවේය. ඇය පියවර
තබන තාලයටම ඇගේ ඉඟ නැලවෙන්නට විය. එයට
නොදෙනිව තාලයකට නැලවුනු ඇගේ දඟකාර ඇස්ද
ඇයට එක්කලේ පුදුමාකාර සුන්දරත්වයකි. මතෙක් මා දුටු
ලස්සනම දසුන එය විය. මා නිහඬව විඳි එකම දසුනද
එය විය.

" මොකද මගේ දිහා කන්න වගේ බලාගෙන එන්න. මගෙ


මූනෙ පෙරහැරවල් නෑ අනේ. මෙන්න තේ එක"
ඇය එසේ පවසනවාත් සමගම මා මැවූ සිහින බොඳ වී
ගොස් මම නැවතත් පියවි ලෝකයට පැමිනියෙමි. මගේ
ආත්මාභිමානය ඇය ඉදිරියේ බොඳවී ගියේ මටත්
හොරාවමය. පලමු විනාඩි කීපයේදීම මා චොර වූ වායැයි
මට සිතුනි. නමුත් ඒ දඟකාර රුව මගේ සිතතුල
තැම්පත්වූයේ මටද හොරාවමය. නිවන්තිගේ ආරාධනාවෙන්
අළුතින් පැමිනි පිරිසට විනාඩි දහයක් පමන අමතා බොරු
කාර්යයබහුල බවක් පෙන්වමින් මම එම ස්තානයෙන්
පිටව ගියේ තවත් මට එම ස්තානයේ රැඳී සිටීමට අපසහු
වූ නිසාය.

"ආ මල්ලී .. මොකද අර කෙල්ලව දැක්ක ගමන් හිටි


පිළිමයක් උනේ. හොඳ වෙලාවට මම හිටියෙ එතන.
නැතිනම් ඉතින් පටි රෝල් සේරගෙම"
"අඩෝ පට්ට බන්.කොහෙද ඉන්නෙ එයා? කොහොම හරි
එයාව අපි එකක එකතුකර ගමු. මම බොසාට කියන්නම්"
"ආ මේ මේ, බලන්නකො බ්‍රයන් මෙයාට වෙලා තියන
දේ. මෙච්චර දවස් ඇඩ්වාන්ටේජස් හොය හොය නේද
හිටියෙ. මොකෝ කියන්නෙ දිනුක, අපි දෙන්න කිව්ව ඒව
හරි නේද. ඒ කෙල්ල ඉපදිලා තියෙන්නෙ ඔන්න ඔයා
වෙනුවෙන්ම තමා. අපි දෙන්නගෙන් උපරිම සප් එක."
"හරි හරි නිවන්ති. ඕනෑම මිනිහෙක් වෙලාව ආවම
වෙනස් වෙනවා"
"අම්මට සිරි මුගෙ ටෝක්ස්.. පළමු බැල්මම බොක්කෙ
වගේ. ඒක නෙමේ මොනද අර තේ එක දෙන ගමන්
කිව්වෙ?"
"එයාගෙ මූනෙ පෙර හැරවල් නැහැ කිව්වෙ"
"කෙල්ල ටිකක් කටකාරයි, දඟකාරයි. ඔයාට හරියන්නෙ
එයාවම තමා. මන් ඔයාට එයාගෙ විස්තර අහල
කියන්නම්කො. මමයි බ්‍රයනුයි ඔයා එක්ක. නැද්ද බ්‍රයන්"
"අනිවා කෙල්ලෙ. දිනුක මොකෝ කියන්නෙ චෙස් ගේම්
එක අදින්න් පටන් ගමුද"
"අනිවාර්යයෙන්ම, දීපන් මට වයිට් මේ සැරේ. ඕපනින්
එක දෙන්න්නම් තනි ඇහැට ඇඬෙන්නම"

මගේ සගයන් ඉදිරියේ මම ලොකුවට කතා කලද මගේ


හිත කිසියම් වූ දෙයක් පැහැදිලිකරගැනීමට උත්සකරන
බවක් මට දැනුනි. සමහරවිට ගැහැණු ළමයෙකු පිළිබඳව
මා හට මෙවැනි හැඟීම් පහලවී නොතීබීම නිසා විය
යුතුය. නමුත් පලමු දැක්මෙන්ම මට සිදුවූ දේ පිළිබඳව මට
අදහාගත නොහැකිවූයේ නන්නාදුනන රුවකට
නන්නාදුනන හිතකට මගේ හිත මෙතරම්ම වෙර දරන්නේ
ඇයිදැයි යන්නය. ඇයනම් මායාකාරියක් යැයි මම මටම
කියාගත්තෙමි.
ඉමාෂා ගැන මවනා වූ සිහිනයන් නිසාත් හිසටත් උඩින්න්
තිබූ රක්ෂන හිමියන්ගේ නොයෙකුත් ගැටළු නිසාත්
අළුතින් ආරම්භ වූ සතියේ දවස් දෙකක්ම ගෙවී ගියේ
මටත් හොරාවටමය. අළුතින් පැමිනිසිටි පිරිස සමග බ්‍රයන්
හා න්වන්තිද කාර්යබහුල වූ නිසා ඔවුන්ගේද දුක සැප
සොයාබැළුවේ දුරකථනයෙන්ය. ඉමාෂව හමුවූ මේ දවස්
කීපය තුල කිසියම් වූ වෙනසක්ද මා තුල ඇති වී තිබුනි.
මම වෙනදාට වඩා ඉක්මනින් ගෙදරට ගියෙමි. ඒ නිසාදෝ
අම්මාගෙන් බැනුමක්වත් ඇසුවේ නැතිතරම්ය. එයද හිතට
මදිපාඩුවක් විය. තවද වෙනදාට වඩා මම කොන්ඩය ඇඳුම
ගැන සැලකිලිමත් වූයෙමි. ටානියාගෙන් පැමිනි දුරකථන
ඇමතුම් වලටද පිළිතුරු නොදුන් තරම්ය.මා තුල මේ ඇති
වී තිබූ මේ වෙනස මට තදින්ම දැනුනද ඒ වෙනසට මම
පුදුමාකාරව ඇලුම් කෙරුවෙමි.

"ගුඩ් මෝර්නිං දිනුක.."


"ගුඩ් මෝර්නිං නිවන්ති:
"බලන්නකො බ්‍රයන් කොල්ලගෙ තියන පිං පාට. රැවුල
කපලා.. ආව් ආව් හැන්ඩ්සම් ආ.. "
"එක බැල්මෙන්ම කොල්ලට කෙල්ලව බොකු ඇතුලටම
තැම්පත් වෙලා වගේ. මුගෙ අම්මටවත් කප්පවන්න
බැරිඋන මේ රැවුල් ගස්ටික, අහෝ දෙවියනි අද කැපුන
ලස්සන. කෙල්ලෙක්ගෙ එක බැල්මකින්"
"අනේ මේ උඹල දෙන්නගෙ අම්මලට පිං අනුමෝදන්
කරවන් නැතිව ඉන්නවද උදෙන්ම"
"හරි හරි ලොක්කා ඔහොම තමා .. අපි අද ඒ කෙල්ලව
උඹගාවට එවන්නම්කො"

බ්‍රයන්ට මම මොකුත්ම නොකිව්වේ ඔහුගේ යෝජනාවට


මගේ යටි සිත් එක හෙලාම කැමැත්ත දැක්වූ නිසා විය
යුතුය. නමුත් කිසිම දෙයකට ඉක්මන් නොවී කටයුතු
කිරීමට මම සිතා ගත්තෙමි. මක්නිසාද යත් අප ආයතනය
තුල මා ගොඩනැගූ නාමය කෙල්ලෙක් නිසා විනාස
නොවිය යුතු නිසාය. කෙසේ නමුත් මම පුහුනුව
මුවාවෙන් ඇයව බැලීමට යාමට සිතනවාත් සමගම මගේ
දුරකථනය වෙනදා මෙන්ම නාදවන්නට විය. අසීස් නාමය
දිස් වූ නිසා මම මදක් කල්පනා කෙරුවෙමි. මක්නිසාදයත්
ඔහු පනිවිඩ දෙන්නේ බ්‍රයන්ට නිසාය.

" දිනුක, මොකද බ්රයන් ආන්සර් කරන් නැත්තෙ?


මොකක් හරි කරදරයවත්ද? "
" නැහැ නැහැ එහෙම දෙයක් නැහැ.. මිනිහ ලොකු
වැඩක ඉන්නෙ ඒකයි. මොකෝ මේ හදිසියේම, ඩුබායි
යනවා කිව්වා නේද?"
"මන් ඩුබායි ඉඳල තමා දිනුක කතා කරන්නෙ. පොඩි
අවුලක් තියනවා. ඔයාට කතාකරන්න පුලුවන්ද දැන්"
" අවුලක් නැහැ කියන්න,"
"දිනුක අපේ ඩිමන්ත පොලිසියට මාට්ටුවෙලා. අපේ ඊළඟ
ප්ලෑන් එක අවුලක් වෙලා තියෙන්නෙ."
"මොනව කරන්න ගිහින්ද? මිනිහ මොනවද කියල
තියෙන්නෙ?"
"තවමනම් මොනවත් නැහැ. ඒත් මිනිහව හන්ගල
තියෙන්නෙ. හොඳටම ගහනවලු. අපේ ඊළඟ වැඩේ
කල්දාන්න වෙයි වගේ. අනික මිනිහ කට ඇරියොත්
බ්රයන්ට අවුලක් වෙනවා. මොකද මිනිහ බ්රයන්ව
දන්නවා. මම හෙට රෑ ෆ්ලයිට් ඒකේ එන්නම්. අද රෑ මට
එන්න ෆ්ලයිට් නැහැ"
" නැහැ නැහැ ඔයා එන්න එපා. අපේ වැඩේ ප්ලෑන්
එකේ විදිහටම කරමු. කල්දාන්න එපා. එහෙම කලොත්
දන්නවනෙ ඉතින්. මමයි බ්රයනුයි මේක හැඬල් කරන්නම්.
ඔයා ඩිමන්තව තියන් ඉන්න තැන, විස්තර මේල් එකක්
දාන්න"
"දැන් ඔයාල මොකද කරන්න යන්නෙ? "
" මිනිහව ඉවරයක් කරමු. ඉවරනෙ වැඩේ"
"හම් .. පරිස්සමට එහෙනම්. මොහොමඩ්ව කෝකටත්
සම්බන්ද කරගන්න."
" ඔව් ඔව්. මම මේ ගැන ඉසෙල්ලම බ්රයන් එක්ක කතා
කරල මොහොමඩ්ට කතා කරන්නම්. ඔයා සේරම විස්තර
ටික කොහොම හරි තවපැය බාගයක් ඇතුලත එවන්න
අපිට"
" හරි මම එවන්නම්. අනික දිනුක විස්වාසවන්ත
ආරන්චියක් තියනවා අළුත් මෙහෙයුමක් පටන් අරන්
කියලා අපි ගැන හොයන්න. ඒත් ඒ කව්ද කොහෙද
ඉන්නෙ කියන්න විස්තරයක් නැහැ. සිවිල් ඉන්නෙ කියල
තමා ආරන්චිය තියෙන්නෙ. ඔයාල දෙන්නා කෝකටත්
පරිස්ස්මට ඉන්න. මම මෙහෙ ඉඳන් කරන්න පුළුවන්
හැමදේම කරන්නම්. මම ඊළඟ බදාදා ලංකාවට එනවා.
එතකොට අපි මීට් වෙමු"

අසීස්ගෙන් ලැබුන දුරකථන ඇමතුම නිසා මම මදක්


සලිත වී සිටියෙමි. ඩිමන්ත යනු අප අතර සිටි හොඳම
මොළකාරයෙකි. ඔහුගේ උදව් උපකාර නොමැතිව අපගේ
ඉදිරි රොබින්හුඩ් මෙහෙයුම දියත් කිරීමට තරමක් අපහසු
වනවා ඇත. ඔහුව කොටූඋනේ කෙසේදැයි මට අදහාගත
නොහැකිය. කෙසේ වෙතත් අපි දෙදෙනාද පරිස්සම්විය
යුතුය. නැතිනම් මේ සියළු වැඩවලින් ඉවත් විය යුතුය.
එසේ නොඋනොත් අපදෙදෙනාගේද කතාව කෙටි
කතාවක් වනවා නොඅනුමානය.

" දිනුක, උඹ බිසීද?"


"බිසී තමා. වරෙන්කො ඇතුලට. මන් දන්නවා උඹ ආව
කාරනය. ඔය දොරත් වහන් වරෙන්"
"මම අසීස්ට කතා කලා මිස් කොල් හතරක් විතර තිබ්බ
නිසා. උඹට් කතා කලා කියල කිව්වා."
" මොකෝ කරන්නෙ බ්‍රයන් දැන් මේ සිද්දියට. ඩිමන්තව
නැතුවත් බැහැ. ඒත් මිනිහ කට ඇරියොත් තවත් අවුල්"
"හරි හරි. උඹ අවුලක් ගන්න එපා. උඹ දන්නවනෙ මේ
බ්‍රයන් ගැන. මම ඒක බලා ග්න්නම්. අපි ඒ ගැන අද
හවසට කතා කරමු. උඹ ඔෆිස් එකේ වැඩ ටික කරගෙන
යම්න්කො. අහ් ඒක නෙමේ බොසා තව ටිකකින් එයි මේ
පැත්තට. මොක්ද්ද ප්‍රසන්ටේෂන් එකක් එඩිට් කරන්න
දුන්නද උඹට, ඒක ලෑස්ති කරල තියන්න කිව්වා. මිහිහ
විනාඩි විස්සෙන් එනව කිව්වා. මන් යන්නම්, අතන වැඩ
ගොඩ ගැහිල බන්. හවස කතා කරමු"
"හරි මචෝ, මේ පාර ගැම්බිට් එකක් ප්ලේ කරමු"

බ්‍රයන් ප්‍රසන්ටේෂන් එක ගැන මතක් කරනකම් මට ඒ


ගැන කිසිම කල්පනාවක් නොතිබුනි. බ්‍රයන් කියූ දේ ගැන
කල්පනා කරන ගමන්ම මා ප්‍රසන්ටේෂන් එකෙහි වැරදි
නිවරැදි කෙරුවෙමි. බ්‍රයන් එසේ පැවසුවේ ඔහු දැනටමත්
මෙම ගැටළුවට විසඳුමක් සොයාගෙන ඇති නිසා විය
යුතුය. නැතිනම් එතරම්ම සැහැල්ලුවෙන් ඔහු එවැනි ප්‍
රකාෂයක් නොකරන නවද මම හොඳාකාරව දැන
සිටියෙමි.

"එක්ස්කියුස් මී"

කල්පනාකාරී මනසකින් යුතු සිටි මොහොතක ඇසුනා


ආන්තුක හඬ නිසා මම හිස ඔසවා බැලුවෙමි. නොසිතූ
වෙලාවක නොසිතූ මොහොතක ඉමාෂා මා ඉදිරියේ
සිටගෙන සිටියේය. කහ පැහැති සාරියකින් සැරසී සිටි
ඇය දෙස බලාගෙන මම මදක් නිහඬව සිටියේ මා ඇගේ
හැඩැති සිරුරේ සුන්දරත්වය විඳමින්ය. ඇයව මා අසලට
ගෙන ඒ දෙතොල් සිප ගැනීමට සිතුනද මම මගේ හැඟීම්
පාලනය කරගත්තෙමි.

" හරි ආඩම්බරයි වගේ නේද මෙයා.. මම මෙතනින්


වාඩිවෙන්නද?"
"කමක් නැහැ ඉමාෂා වාඩි වෙන්න"
"මගේ නමත් මතක්යි එහෙනම්. ඒ උනාට තියන
ආඩම්බරකම.. මොකද පහුගිය දවස් දෙකේ මාව බලන්න
ආවෙ නැත්තෙ. මට බ්‍රයන් අයියා කිව්වා මන් ගැන සිහින
මව මව ඉන්නවා කියලා. අඩුම තරමෙ එක වචනයක්වත්
මන් එක්ක කතා කලාද. ටයි පොල්ලකුත් දාගෙන ලොක්ක
වගේ එහට යනවා මෙහෙට යනවා."
"ආ ඇත්තද, බ්‍රයන් කිව්වද එහෙම. මම අහන්නම්කො
එයාගෙන්. අනික මම මෙතන වැඩට ආවෙ ඔයාව
බලන්න නෙමේනෙ. මට මෙතන පඩි ගෙවන්නෙ ඔයාව
බලන්න නෙමේනෙ"
" මම කිව්වෙ නිකමටද, ආඩම්බරකාරයා"

ඉමාෂා නිසා අපේ ලොක්කාගේ ප්‍රසන්ටේෂන් එක ගැන


අමත වී තිබුනු නිසා නොසිතූ වෙලාවක බොස් මා
සිටිනා තැනට පැමිනියේය.

" ආ මේ ඉමාෂත් ඉන්නෙ.මම බැලුව ප්‍රසන්ටේෂන් එක


හදල දිනුක මට කෝල් කලේවත් නැත්තෙ ඇයි කියලා"
" අනේ සොරි සර්.. මට අමත...."
"හරි හරි කොල්ලො, වැඩේ නියමෙට කලා නේද"
"ඔව් සර්. මම ස්ලඩ් වල ටයිමින් හැදුවා. සර්ට ප්‍රසන්ට්
කරගෙන යන්න පුළුවන්. මේන් ස්ලයිඩ් වලට යනකොට
පොඩි ක්ලික් එකක් දෙන්න. ප්‍රසන්ට් කරද්දි සමහර ඒව
ඕනි නෑ කියල හිතුනොත් ක්ලික් කරන්න. එතකොට
නෙක්ස්ට් එකට යයි"
"ගුව් වර්ක් පුතා. මම් එහෙනම් ගිහින් එන්නම්. මේ
කෙල්ල ටිකක් දඟයි හරිද දිනුක. මෙයා මගෙ
යාළුවෙක්ගෙ දුවක්. මන් මෙයා ගැන විස්තර
කියන්නම්කො පස්සෙ. එහෙනම් මම ගියා"
සරත් සර් එසේ කියමින් අප අසලින් පිටව ගියේ ඔහුට
අප සමග කා දැමීමට කාලයක් ඉතුරු වී නොතිබූ නිසාය.
නමුත් ඔහු සිටිනා වෙලාවෙ ඉමාෂා සීල උපාසිකාවක්
වැනිය. කටකාරකම් නැත. මාගේ විහිළුවකට ලැජ්ජාවෙන්
ඇඹෙරෙමින් ඈ නැවතත් මා ඉදිරියෙන් වාඩිවූයේය.

" සීල උපාසිකාවක් තමා .. ඔයාට වැඩක් නැහැහෙ.."


" අනේ ඔයාගෙ සීලෙ ගැන මොනාට කියන්වද"
"ඒක නෙමේ, අද හවස එන්නකො මම එක්ක යන්න. මම
තාත්තිට කියල ඔයාව ගිහින් දාන්නම්. මොකෝ මේ
බයවෙලා වගේ. එයා ගිලින් නැහැ ඔයාව. මම තාත්තිට
ඔයාව හඳුන්වල දෙන්නම්කො. අහ් තව එකක්, ඔයාගෙ
නම ලස්සනයි. අනික මම ආසයි ඔයාගෙ ස්ටයිල් එකට.
එහෙනම් මම ගියා. නිවන්ති අක්කි මාව හොයනවා ඇති.
හවසට හම්බවෙමු, ආඩම්බරකාරයෝ .."

ඇය ඒසේ කියමින් මා අසලින් නොපෙනී ගියේ මගේ


හිතට තදින්ම දැනෙන්නට වූ පාළුවක් සමගමය. ඇයනම්
පුදුමාකාර චරිතයකි. ඇයට මම සිතින් පෙම් කෙරුවෙමි.
ඇයද මම ගැන සැලකිල්ලක් දක්වා ඇති බව ඇගේ
කතාවෙන් මා හට පැහැදිලි වූයේය. මාත් එසේ වූ නමුත්
ඇය මා ඉදිරියට පැමින එය ප්‍රකාෂ කිරීමට තරම් ඇය
නිර්බීත විය. මගේ ආදර කතාවෙ ඇය කොල්ලා ලෙසද
මා කෙල්ල ලෙසද රඟදක්වනවායැයි සිතුන විට මට
ඇතිවූයේ පොළව පලා යමලෝකෙට යනවා වැනි
හැඟීමක්ය. කෙසේ නමුත් ඇයගේ ආරාධනාව
නොසලකාහැරීමට නොහැකි නිසා මා බ්‍රයන්ට සියළු
කාරනා පැහැදිලිකර හවස මා එක්ක යාමට මාගේ නිවසට
පැමිනෙන ලෙස අවසර ලබාගත්තේ අද දින අප
දෙදෙනාට කතාකිරීමට වැදගත් දෙයක් තිබූ නිසාවෙනි.

"ආවද ආඩම්බරකාරයා .."


"නෑවිත් බැහැනෙ ඉතිං"
"අපි ටිකක් ඇවිදින ගමන් කතාකරමුද
ආඩම්බරකාරයො.මට උදේ ඉඳන් ඒ සී රූම් එකේ ඉඳල
එපා වෙලා තියෙන්නෙ"
"ඒක හොඳයි තමා. ඒත් ඉතින් මේ වාහනවල සද්ද එක්ක
මේ ටවුන් එකේ ඇවිද්ද කියල මහලොකු සහනයක් හිතට
දැනේවිද මන්දා"
"අනේ මේ ආඩම්බරකාරයො, ඔයාගෙ මහලොකු සහනය,
ඒක නෙමේ මොකද අර එදා මම තේ එක දෙනකොට
මගේ දිහා කන්න වගේ බලාගෙන හිටියෙ. මාව දැකල
වචන හිර උනාද. නැතිනම් ඉතින් .."
" නැතිනම් ඉතින් ... මොකද නැවැත්තුවෙ"
" නෑ මම මේ කියන්න හැදුවෙ මේ ලස්සන හුරතල්
කෙල්ලව දැක්ක පළමුපාරම ආදරයක් ඇති උනාද දන්නෙ
නැහැනෙ. ගොඩක් කොල්ලන්ට එහෙමනෙ වෙන්නෙ.
ඒක නෙමේ ඔයාගෙ ඇසුත් හරි ආඩම්බරයි අනේ. ආසයි
මම ඒවල තියන ආඩම්බරකමට. අනික ඔයත් හරි ගුප්ත
චරිතයක්. ඒ වගේම නිහතමානී චරිතයක්. තව ගොඩක්
නැතිබැරි අහින්සක අයට උදව් කරන්වළු නේද. මට
ඔයාගෙ යාළුවො දෙන්නා සේරම විස්තර කිව්වා ඔයා
ගැන. ඒකයි මම මේව දන්නෙ. එයාලට අනුව ඔයාගෙ
හිත හොඳයිලු. ඉතින් මෙච්චර හොඳ ආඩම්බරකාරයෙක්ව
කොහොමද මම.... මොකද අනේ කතා නැත්තෙ. මම
කියෝනවා කට කැඩෙනකම්ම. මෙයා පාරදිහා බලාගෙන
ඔහේ යනවා"

" නැහැ මම මේ කල්පනා කලේ මම කොහොමද ඔයාව


යාළුවෙක් කරගන්නෙ කියලා"
"ඒ මොකෝ ඒ"
"මොකද මට බැහැ එහෙම ඉන්න. මට ඕන ඔයාට ආදරේ
කරන්න. ඔයාව මැරි කරන්න. මැරි කරල අපි යාළුවෝ
වෙමුද."
"අහ් ඒකත් එහෙමද, මම ඇහුව ලස්සනම යෝජනාව.
ඇත්තම කියනම් ආඩම්බරකාරයෝ මම ඔයා එක්ක මගෙ
ලයිෆ් එක ගෙනියන්න හිතුවෙ ඔයාව දැක්ක දවසෙමයි.
මම තාත්තිටත් කිව්වා ඔයාව ඕනමයි කියලා. එයා අපේ
සරත් සර්ටත් කියලා. මොකද දෙන්න හොඳ යාළුවො ඒ
දවස්වල ඉඳන්ම."
"අහ් .. අපේ ලොක්කත් දන්නවද. හම්.. ඔයානම් ... හරි
දැන් මම යාළුවෙලා හිටියනම්"
"යාළුව්ලා නැහැනෙ ඔයා ආඩම්බරකාරයෝ.. අන්න අපේ
තාත්ති ඇවිත්. යමු මම ඔයාව හඳුන්වල දෙන්නම්"

ඇය එසේ කියමින් ඇයගේ තාත්තා වෙත දිවගියේය.


ඇයනම් පුදුමාකාර චරිතයකි. කරුණු කාරනා කෙසේ
වෙතත් මා දැන් මුහුන දීමට සැරසෙනුයේ ජීවිත්යේ
කවමදාවත් සමතුලිත නොකෙරූ අවස්තාවකටය. 'දිනුක
උඹ බයනොවි යමන්. හොඳට හිතල මූව් එක ප්ලේ
කරපන්' යැයි මම මටම කියාගත්තෙමි.

"තාත්ති දිනුක, දිනුක මේ මගේ තාත්ති"


"නයිස් ටු මීට් යූ දිනුක"
"මී ටූ අන්කල්"
" මට ඔයා ගැන අහල එපා වෙලා තියෙන්නෙ. මෙයා
ගෙදර ආව වෙලේ ඉඳන් ඔයා ගැනම තමා කියවන්නෙ.
වෙලාවකට මට තරහත් යනවා ඔයා එක්ක. ඒක නෙමේ
පුතා, එන්න වෙලාවක ගෙදර. අපි නිදසේ කතා කරමු.
මට මේ වෙලේ වැදගත් වැඩකට යන්න තියනවා. පුතා
තරහ නැහැනෙ"
"අනේ තාත්ති මම මේ ආඩම්බරකාරයට ප්‍රොමිස් උනා
ඔයට කියල එයාව ගෙදරට ඩ්‍රොප් කරන්නම් කියලා"
"අනේ ඒකට කමක් නැහැ ඉමාෂා, මම බ්‍රයන්ට එන්න
කියන්නම් මාව ගන්න. අනික අන්ක්ල් හදිසි ගමනක්නෙ
යන්න හදන්නෙ. මම එන්නම් වෙලාවක ගෙදර අන්කල්."
"ඕකේ. එහනම් දැනට සමුගමු"
" සී යූ අන්කල්.. "
"සී යූ ආඩම්බරකාරයෝ.. හෙට හම්බවෙමු.. ටටා "

ඇය එසේ කියමින් ඇගේ තාත්තාගේ කාරයට ගොඩවූයේ


නැවතත් මගේ සිතට පාළුවක් තනිකමක් එකතුකරමින්ය.
ඇත්තටම ඇය මගෙ ජීවිතේ මට හමුවූ සිත්ගන්නා සුළු
චරිතයක් විය. ඇගේ දඟකාරකම, කටකාරකම, හුරතලය
ඇගේ චරිතයට එකතු කලේ වචන කීපයකින් විස්තර කල
නොහැකි දෙයකි. මොහොතකට් ඇය ගැන සිහින
ලෝකයක අතරමන් උන මා නැවතත් පියවි ලෝකයට
පැමිනියේ බ්‍රයන්ගේ පැමිනීමත් සමගමය. අද සිදුවූ සියළුම
දේ අකුරක්වත්නෑර මම බ්‍රයන්ට විස්තරකෙරුවේ අප
දෙදෙනා ටවුම පැත්තට යන අතරතුරේදීය.

"උඹ මාර ටෝක්ස්නෙ දීල තියෙන්නෙ. කෙල්ලත් උඹටම


දෙවනි නැහැ"
"මටත් හිතෙනවා මම එහෙම කිව්ව එක අවුල් කියල බ්‍
රයන්"
"පිස්සුද, කෙල්ල දුන්න වදන් හැටියට උඹ එකපාරම
කියල දැම්ම එක හොඳයි.කෙල්ල මොක්ද කිව්වෙ"
"මුකුත් නැහැ. හෙට කතාකරමු කිව්වා. එයාගෙ තාත්තා
ආවනෙ"
"හෙට එහනම් උඹ ඉමාෂව ගොඩ දාපන්. මොනා හරි
වැඩක් වැටුනොත් මම බලාගන්නම්. උඹටත් කියල ලයිෆ්
එකක් තියෙන්න ඕනිනෙ"
"අද කාලෙ කෙල්ලො හරි දියුණුයිනෙ බන්, මට
හිතාගන්න බැරි උනා"
"ඔව් බන් ඒක ඇත්ත. අද උඹට ආන්දෝලනාත්මක
ගතියක් දැනේවි. ගනන් ගන්න එපා. වරෙන් යන්න බියර්
එකක් බොන ගමන් අපේ වැඩේ ගැන කතා කරමු"
"ඊට කලින් කියපන්කො උඹෙයි නිවන්තිගෙයි අළුත්ම
තත්වය"
"සීයට පනහක් ගොඩ"
"අහ් .. සිරාද"
"ඔව්. මගෙ පැත්තෙන් පනහ"
"නෙදකින්.. උඹ නම්.."
"නෑ බන්, ඔහේ ගලාගෙන යනවා අපේ කතාවත් ඉතිං.මේ
ටිකේ මට ගොඩක් ලන් උනා කෙල්ල. චෙක් මේට් එක
පෙනී පෙනී තියනකොටනෙ බන් මේ ඩිමන්තය කේස්
එකක් දා ගතිත්තෙ."
"ඔව්නෙ. දැන් මොකෝ කරන්නෙ බ්‍රයන් ඩිමාගෙ වැඩේට,
ඩිමා නැතුවත් බැහැ"
" ඩිමා නැතුවනම් බැහැ තමා. නමුත් මිනිහ නිසා අපි
සේරම අවදානමක් ගන්න බැහැ. අසීස් මට එව්වා මිනිහව
තියන් ඉන්න තැන විස්තර. මන් මොහොමඩ්ටත් කතා
කලා. උඹ ඉමාෂා එක්ක හිටිය නිසා මන් උඹව අප්ඩේට්
කලේ නැත්තෙ. ප්ලෑන් එකක් තියනවා මන් ගාව. මිනිහව
ගන්න එලියට. ඒත් ඉතින් මිනිහව අපිට ලංකාවෙන්
පිටකරන්න වෙනවා."
"ඒක ඇත්ත බ්‍රයන්. මොක්ද මිනිහ එළියට ආවොත් මිනිහ
ගැන ඇහැගහගෙන ඉඳීවි"
"උඹ හරි. බලමු මොහොමඩ් කතා කරනකම්. මිනිහ
බලන්නම් කිව්වා කරන්න පුළුවන් දෙයක් තියනවද
කියලා"
"මොහොමඩ් කිව්වොත් එළියටගන්න බැහැ කියලා ඩිමාව"
"මිනිහගෙ කතාවට තිත තියමු. උඹේ චෙස් බාසාවෙන්ම
කියනවනම් ගැම්බිට් එකක් ගහමු මේ සැරේ"

අපට හදිසියේම මුහුණපෑමට වූ අවස්තාව පිළිබඳව


කතාබහකරිමින් අපි දෙදෙනාම අපගේ සුපුරුදු මේසයට වී
පැයක් පමණ කාලය ගතකෙරුවෙමු. නමුත් ඩිමන්තව
නැවත එලියට ගනුයේ කෙසිදැයි අප දෙදනා තුලම හරි
අදහසක් නොතිබූ අතර බ්‍රයන් ගේ මතය වූයේ ඔහුගේ
කතාව ලොවටම අභිරහසක් කරමු යන්නය.
මොහොමඩ්ගෙන් බ්‍රයන් ට ලැබුන ඇමුතුමෙහි සිනාඩි
විස්සක් පමණ එල්ලී සිට බ්‍රයන් නැවතත් කතාව ඇරඹියේ
බලාපොරොත්තු කඩ වූ හඬකිනි.

"ඩිමන්තව එලියට ගන්න විදිහක් නැහැළු බන්"


"ඒකත් එහෙමද, අපි යමු ඩිමාගෙ ගෑනිව මීට් වෙන්න"
"මටත් හිතුනා, ඒත් වැඩක්වෙයිද?"
"යන්කො.. ඒක නෙමේ උඹ දන්නවද ඩිමාගෙ ගෑනිව.
මමනම් දැකලවත් නැහැ"
"මමත් එහෙම තමා. මොකද්ද උඹෙ පොයින්ට් එක"
"බ්‍රයන්, මුන් කොහොම කිව්වත් ඩිමා කොටු උනා කියන
එක මට හිතන්න බැහැ. මොකද ඩිමා කියන්නෙ අපි
දෙන්නටත් වඩා මොළකාරයෙක්. අනික බන් අපි දෙන්නට
වඩා මිනිහට මේ වැඩගැන හොඳ පලපුරුද්දක් තියනවා."
"හරි දැන් උඹ කියන්නෙ මේක උගුලක් කියලද, හබැයි
දිනුක මටත් ඔය ඩිමාව කොටු උනා කියන එක හිතන්න
බැහැ. දිනුක අපි මෙහෙම වැඩක් කරමු, අපි යන් ගෑනීව
මීට් වෙන්න පොලිසිය්න් වගේ. ගිහින් ගෑනි එක්ක ටිකක්
කතා කරමු"
"හොඳ අදහසක් .. යමු"

අපි දෙදෙනාම පළමුව නැවතත් අපගේ කාර්යාලය වෙත


ගියෙමු. මුරට සිටිනා අන්කල්ට බ්‍රයන් ඇඹරූ බොරුව
නිසා අප දෙදෙනාටම ලෙහෙසියෙන්ම ඇතුලුවීමට
හැකිවිය. අපගේ කාර්යාලයෙ අප තබා තිබූ කබා දෙකක්ද
දමාගත් අප දෙදෙනා ඩිමන්තගේ ගෙදරට ගියේ
මොහොමඩ්ගේ මගපෙන්වීම මතය. අප ගෙට
ඇතුළුවෙනවාත් සමගම ඔහුගේ බිරිඳ අපව දැක අප
ඉදිරියට ආවේය.

"සර්ල වේලාසනම ඇවිත්නෙ. ඔන්න ඔයලා කිව්ව විදිහට


මන් බඩු ලෑස්තිකලා. මහත්තය බාත් රූම් එකේ"

ඇයගේ කතාවත් සමගම අප දෙදෙනාම නිහඬවිය. ඈ ඉයූ


ඒ හතරබීරි කතාවේ තේරුම මොකක්දැයි අපි
කල්පනාකෙරුවෙමි. නමුත් ඩිමන්ත මුද්ලට අපව පාවා දී
ඇති බව අපට වැටහීමට එතරම්ම කාලයක් ගත නොවීය.
මදකට නිහඬ වූ වේදිකාවමත පළමුව රඟ දැක්වූයේ බ්‍
රයන්ය.

"ඔව් මිස් අපි ටිකක් වේලාසනින් අවා, මොකද ඩිමන්තගෙ


ජීවිතේ අනතුරේ නිසා, මිස්ට අතපත්තු මේ මිස්ගෙ බෑග්
ටික හරිද බලන්න"
"ඔකේ සර්.. සර් මේ බෑග් බර වැඩි වගේ නැද්ද"
"මටත් එහෙම හිතුනා. මිස් ඔයාට කිලෝ තිහකට වඩා
එක බෑග් එකකට දාන්න බැහැ. ඔය අනවෂයය දේවල්
අයින් කරන්න"
"අනේ සර්, මගේ මිනිහට කරදරයක් වෙන්නෙ නැහැ
නේද. එයා මොනවත් දන්නෙ නැහැ සර්."
"හරි හරි අපේ කට්ටිය ඒ ගැනැ කතා කලානෙ. එයා කා
එක්කද සම්බ්න්ද කියල තාම තොරතුරක් නැහැ නේද"
"අනේ සර්, එයාට කෝල් එනව විතරයි. නම්ගම් දන්නෙ
නැහැ. සල්ලි හම්බෙන නිසා ඉතින් කරනවා. සර්ල දුන්න
කෝටි දෙකහමාරෙන් අපි අළුත් ජීවිතයක් පටන් ගන්නවා
සර්, සින්ගප්පූරු ගිහිල්ලා."
"හරි හරි, බය වෙන්න එපා අපි ඉන්නවනෙ. මිස්ට
අතපත්තු මම අපේ මොබයිල් එකට එන්න කිව්වා.
පොඩ්ඩක් බලන්න ඒක ඇවිත්ද කියලා"

මේ සියළුම කතා ඇසුනායින් පසුව මා හට මිනිසුන් ගැන


ඇතිවූයේ කලකිරීමකි. මුදල් නිසා තම ආත්මයත් පවාදෙන
තරමටම මිනිසා පත්වී ඇත. බ්‍රයන්ගේ මේ නාඩගමේ
පිටපත මම නොදැන සිටියෙමි. නමුත් ඔහු මට එළියට
යාමටයැයි පැවසූවේ කවුරුන් හෝ එනවාදැයි ඔත්තු
බැලීමට විය යුතුය. මා එළියට පැමින තප්පර කීපයකට
පසු ඩිමන්ත්ගේ කෑගැසීමක් ඇහින. මම ඉක්මනින්ම නිවස
ඇතුලට දිව ආවෙමි. මා දුටු දසුන මට අදහා ගත
නොහැකිවිය. බ්‍රයන්ට අමතරව මොහොමඩ්ද එතන සිටි
අතරම රතු පැහැ වූ ගෙබිම තුල ඩිමන්ත හා ඔහුගේ බිරිඳ
වැටී සිටියේය. මොහොමඩ් අත තිබූ පිහි තලයෙන්
තවමත් ලේ බිඳු වැටෙන්නට විය. බ්‍රයන් නිහඩය.

"මොහොමඩ්.. ඔයා කොහොමද ආවෙ.. මොකද්ද මේ


කලේ මිනිහො"
"පොඩි මහත්තයල දෙන්න මට කොල් කලාම මමත්
ආවා. මම කලින්ම ඇවිල්ල හැන්ගිලා හිටියෙ ගෙදර. මූ
මහ තිරිසනෙක් පොඩි මහත්තයා. සල්ලි වලට අපිව පාවල
දුන්නා. මේ වගේ උන් මොකටද. පොඩි මහත්තයල
යන්න. ඉක්මනට යන්න. මම මෙතන ගැන බලා ගන්නම්.
අසීස්ට දැනුම් දෙන්න."

ඔහුගේ අණට කීකරු වූ අපි දෙදෙනාම එම ස්තානයෙන්


පිටව ගියේය. රාත්‍රී නමය පමණ වී තිබූ නිසා අප
දෙදෙනාව කවුරුත් නොදැක්කායයි අප සිතුවෙමු. බයන්ව
ඔහුගේ නිවස අසලින් දමා මම ගෙදර ආවෙමි. අම්මාගේ
බැනුම් චැනලය ක්‍රියාත්මක වන්නට විය. පැයක පමණ
කාලයක් වතුර මල යටට වී අද අදවස පිළිබඳව මම
කල්පනා කෙරුවෙමි. හෝරා කීපයකට පෙර හුරතල්
දඟකාරියකගේ කටකාර ආදර වදනින් වල්මත් වී සිටි මම
මේ වනවිට මීනීමැරුමක ඇසින්දුටු සාක්ෂි කාරයෙක්
වෙමි. මේ සියලු වැඩ කටයුතු වලට තිත තැබීමට කාලය
එළඹ ඇතැයි මම සිතුවද මාගේ තනි තීරන්යකට මා එසේ
කලොතින් ඩිමන්තගේ ඉරණම මටද අත්වනවා නොඅනු
මානය.

පෙරදින සිදුවූ සිද්දිය නිසා මා හට නියමාකාරව නින්දක්


නොලැබුනි. බ්‍රයන්ටද එසෙම වූ අතර ඔහුද
විවේකාගාරයට වී මේසය මත හිස තබාගෙන සිටියේය.
මා තුල තිබූ ඒ නිදිබර ගතිය නිසා මගේ ඇස් පියවුනේ
මා නොදැනුවමය. නමුත් ඇස් පියවී විනාඩි කීප්යකට පසු
ඇසුනු හඬ නිසා මම නැවතත් අවදි වුනෙමි.

"අහ් .. මාව බලන්න පඩි නොගෙව්වට ආඩම්බරකාරයට


නිදියන්න පඩි ගෙවනවා වගේ නේද"
"අනේ නෑ ඉමාෂ.. ඊයෙ බ්‍රයනුයි .."
"දන්නවා දන්නවා.. දෙන්න රෑ එළි වෙනකම් බියර් බිබී
ෆිල්ම් බලල ඔෆිස් ඇවිල්ල දෙන්නම නිදි. ඒ උනාට
බොස්ලනම් කියන්නෙ මේ දෙන්න තරම් දෙන්නෙක් නෑ
කියලා"
"හරි හරි ඉතින් ඕකට කෑගහන්න ඕන නැහැනෙ"
"ආ මේ එන්නෙ අනික් කෙනත්, ඇහැරල වගේ.. හම්ම්..
අද හවස බීච් යන් හරිද ආඩම්බරකාරයො"

ඇය එසේ කියමින් පිටව ගියේ බ්‍රයන් ඇතුලුවෙනවාත්


සමගමය. ඔහු අතේ පත්තරයක්ද විය. බ්‍රයන් හඬ අවදි
කිරීමට සැරසෙනවාත් සමගම සරත් සර් මා අසලට ආවේ
කලබලකාරී ගතියකිනි.

" මේ ඉන්නෙ දෙන්නම.. ඒක නෙමේ තමුසෙල දන්නවද


වැඩක්"
"මොකක්ද සර්"
"ඊයෙ රෑ මර්ඩර් සීන් එකක් වෙලාලුනෙ මේ ළඟ"
"ඒක තමා සර් මම මේ පත්තරේ දැක්කා. මම මේ
පත්තරෙත් අරන් ආවෙ දිනුකට පෙන්නන්න කියලා"
"මැරිල ඉන්න මිනිහ පාතාල කල්ලියකට සම්බන්ද
එක්කෙනෙක්ලු. මිනිහව හිර කරගෙන ඉඳල තියෙන්නෙ.
මිනිහව පොලීසියට ඕන නිසා මිනිහට පොලිසිය සල්ලි
දීල රටින් පිට කරන්න හදල තියෙන්නෙ"
"ඉතින් සර් එහෙමනම් කොහොමද මැරිල තියෙන්නෙ"
"ඒක තමා දිනුක, පොලිසිය ඇතුලෙ කවුරු හරි විස්තර
පිට කරල කියන්නෙ. මොකද මිනිහ ගෙදර ගිය විනාඩි
ගානට මෙ වැඩේ වෙලා තියෙන්නෙ. මොනා උනත් මේ
සිද්දිය පිටි පස්සෙ ඉන්නෙ හොඳම මොළකාරයෙක් කියල
තමා කියන්නෙ. මොකද පොලිස් ආරක්ෂාව් තිබිල් තියනව
ඒ වෙලේ. නමුත් ඔය සිද්දිය වෙන මොහොතෙ ඒ
පොලිස් කාරයො දෙන්නම ඉඳල තියෙන්නෙ වාහනේ
ඇතුලෙ. "
"නැහැ .. ඉතින්.. සර් කොහොමද ඔය විස්තර දන්නෙ.
පතරේ නැහැනෙ"
"ඉමාෂලගෙ තාත්තගෙ මල්ලි තමා ඔය සිද්දිය හැඩල්
කරන්නෙ. මට උදේ එයා කිව්වෙ ඉමාෂව දාන්න
එනකොට හම්බෙලා."
"අහ් එහෙමත් එකක්ද, එතකොට අර හිටියයි කියන
පොලිස් කාර්යඔ දෙන්නට මොකද උනේ"
"ඒ වෙලාවෙම බී ගත්තු මිනිස්සු ටිකක් ගහගෙන. පොලිස්
වාහනේටත් ගහල, වාහනේ තල්ලු කරන්න හදල. ඔය
මඩර් සීන් එක වෙන වෙලාවෙ අර පොලිස් කාරයො
දෙන්නා ඒ වලිය බේර බේර ඉඳල තියෙන්නෙ"
"අනේ මන්දා සර්.. මොකට මිනිස්සු මරා ගන්නවද මන්දා"
"ඒක තමා කොල්ලනේ.. හරි හරි දැන් වැඩ ටික ඉවර
කරපල්ලා.. ඉමාෂාලාගේ තාත්තා වැඩි විස්තරයක්
දැන්නුවොත් දන්වන්නම්. අහ් ඉතින් මම මොකටද මේ
ඉන්නෙ බෑන. කොල්ල ඉඳල ඉඳල ඇල්ලුව නේද ඉහලම
අත්තක්.. "
"එහෙම එකක් නැහැ සර්, නැද්ද බ්‍රයන්"
"නැත්තෙ මොකද, අද හැන්දෑවට බීච් යමු කිව්වා නේද"
"හා හා හා .. අපි ඔය ගැන පස්සෙ කතා කරමු. දිනුක
අර ප්‍රසන්ටේෂනෙක මරු. ඔන්න රීජනල් මැනේජර්ටත් ඒ
විදිහට හදල දෙන්නලු. බ්‍රයන්ට මම් කිව්වා විස්තර දාලා
ස්ලයිඩ් හදල ඔයාට දෙන්නෙ කියලා. ඔයා හැඩ වැඩ
දාල ගන්න. හෙට වෙද්දි ඕන හරි. එහෙනම් මම ගියා"

"මොකද්ද බන් උඹ කිව්වෙ"


"උඹ අද හවසට බීච් යනව කියලා.. ඒක නෙමේ උබට
ඇහුනනෙ බොසා කිව්ව එක"
"හම්ම්ම්.. ඉමාෂගෙ තාත්තගෙ මල්ලි ගැන නේද"
"ඔව්. උඹ අවුලක් ගන්න එපා. මම ඉන්නවනෙ. උඹටයි
මටයි කියල ලයිෆ් එකක් තියනවනෙ බන්, ඒක් නෙමේ
අසීස් එනවලු ලංකාවට, ඊයෙ සිද්දිය නිසා. මිනිහට හරි
අප්සෙට් අපි දෙන්න ගෑවුන නිසා වැඩේට"

බ්‍රයන්ගේ කතාවෙන් ඔහුටද මෙයින් මිදීමට උවමාවී ඇති


බව මට වැටහීගියේය. අසීස් පැමිනි විට මේ පිළිබඳව
තීරනයක් ගන්නවායැයි සිතමින් මම ඉමාෂා වෙත ගියේ
කලබලකාරී වූ හිතට සහනයක් බලාපොරොත්තුවෙනි.
ඇය සමග ඇගේ අතින් අල්ලාගෙන මුහුදු වෙරළෙහි
ඇවිදගෙන යනවිට මගේ සිත නැවතත් පෙර තත්වයටම
පත්විය.
"මොකද කටකාරි අද නිහඬ"
"මට හරි අප්සෙට් අනේ"
"ඒ මොකෝ එක පාරටම"
"ඊයෙ මම ඔයාව දාල එකපාරටම ගියානෙ. මට ඊට වඩා
ඔයා ගැන හිතන්න තිබුනා. මමයි ඔයාව එක්කන් ආවෙ.
තරහ නැහැ නේද ආඩම්බරකාරයො"
"අයියෝ ඒකද මේ.. මම තරහ නැහැ අනේ. ඔයා ගිය
ගමන්ම වගේ බ්‍රයන් ආවා, ඒක නෙමේ අර ඊයෙ කිව්වෙ
මන් එක්ක දිග ගමනක් යන්න ඕනි කියලා. ඇත්තටමද.
එදාටත් මාව ඊයෙ වගේ දාල යයිද දන්නෙ නැහැ
කටකාරි"
"ඔය ඉතින් ඔයානම් හරි නරකයි අනේ. ඊයෙ වෙච්චදේට
සොරි කිව්වනෙ. නපුර.. නපුර .."

ඇය එසේ කියනවාත් සමගම මම ඇගේ සිනිදු ඉඟවටා


අතදමා ඇයව තවත් මා වෙතට ලන්කරගත්තෙමි. ඇයද
මා වෙත තවත් ලන් වී නිහඩව මුහුදු රැලි දෙස
බලාසිටියේය.

" අපි යමුකො අර ගල උඩට, මට හරි ආසයි"


"හරි යමු"
" ඊයෙ මම කිව්වෙ ඇත්තටම තමා ආඩම්බරකාරයො. මේ
මන් ඔයාට ආඩම්බරකාරයා කියල කතාකරන එක හරි නෑ
නේද. මම ඔයාට දිනුක කියල කතා කරන්නද"
"ඔයාට ඕන එකක් කියන්න"
"මට අම්ම නැහැ දිනුක. එයා මන් පොඩි කාලෙම දාල
ගිහිල්ලා. තාත්ති තමා මාව හදා ගත්තෙ. එයාට ඇරුනාම
මන් මේ වගේ කාටවත්ම තුරුළුවෙලා නැහැ
ආඩම්බරකාරයො. තාත්තට ඇරුනාම මම කාටවත්
මෙච්චර ආදරේ කරලත් නැහැ, ලන්වෙලා ඉඳලත් නැහැ"
"හම්"
"මොකද හම් ගාන්නෙ. මෙයානම් එක එක කෙල්ලන්ව
තුරුල් කරන් හුරතල් කරල ඇති"
"ඔයාට පිස්සුද අනේ, මොනාද මේ කියන්නෙ"
"මම දන්නෙ නැද්ද කොල්ලන්ගෙ හැටි. ඒකට කමක්
නැහැ. මේ මොහොතෙ ඉඳන් ඒව බැහැ හරි. කෙල්ලො
බලෙන් ආවත් ඔන්න යනව එහෙම නෙමෙයි හරි. දැන්
මම ඉන්නවනෙ ඔයාට. හැබැයි මාව අඬවල මට බොරු
කලොත් එහෙම මන් තාත්තිට කියල එල්ලුම්ගස් යවනවා
හරි"
"හරි හරි ඒක බලමුකො, ඒක නෙමේ ඔයාගෙ තාත්තගෙ
නම මොකද්ද"
"ඩී.වර්ණකුලසූරිය"
"ඔහ් ඔයා එයාගෙ දුවද"
"ඔව් ඇයි"
"ලංකාවෙ ඉන්න ලොකුම බලවතෙක් නේද"
"ඒ උනාට එයා හරි සරලයි දිනුක. කොච්චර දේවල්
තිබුනත් එයාට මම විතරයි. මට මේ ඔයා එක්ක එන්න
අවසර දුන්නෙ ඔයා ගැන සේරම හොයල. ෆැමිලි විස්තර,
යාළුවො"
"ඒකත් එහෙමද"
"ඔයාව දැකපු මුල් දවසෙම හිතුවා ඔයාව මගේම
කරගන්නවා කියලා ආඩම්බරකාරයො. මට මොකට හිත
ගියාද මන්දා මෙයාට"
"මම යාළුවෙලා හිටියනම් මොකද කරන්නෙ"
"එහම හිට්යනම් .."
"ඔව් හිටියනම්"
"ඒක මම ඒ වෙලාවට බලාගන්නම්කො.."

අප ගෙවන මේ ජීවිතය පුදුමාකාරයැයි ඇය හා සිටින


මෙමෙ විනාඩි කීපය තුල මම නිහඬව කල්පනා
කෙරුවෙමි. මක්නිසාද යත් ඇයව මුනගැසෙනා තෙක්ම
මුහුදු වෙරළක මෙලෙස ගැහැණු ළමයෙක් සමග පෙම්බස්
දෙඩීමට මා හීනෙකින්වත් නොසිතූ නිසාය. ඇගේ
දෙතොල් මත තැබූ හාදුවත් සමගම වෙරළ තීරයෙන් අප
ආවේ ඉර බැසගෙන යන නිසාය. අපි අත්වැල් පටලාගෙන
එකිනෙකට ලන්වී ඇවිදගෙන ගියෙමු. හිටි හැටියේම
සිහින් වැහි පොද කීපයක් පතිත වූයේ මාගේ ආදරයට
ආෂිර්වාද කරන්නාක් මෙනි.

ඇයව රැගෙන යාමට ඔහුගේ පියා අද නොපැමිනියත් ඔහු


ඔහුගේ වාහනය එවා තිබුනි. මටද ඒමටයැයි ආරාධනා
ලැබුනද මම නොගියේ අසීස් හදිසියේම ලංකාවට පැමිනි
නිසාය. බ්‍රයන්ට දුන් ඇපතුමත් සමගම ඔහු ප්‍රමාද නොවී
නොපැමිනියේය. අප දෙදෙනාම අපගේ සුපුරුදු ස්ථාඅයට
ගියේ අසීස්ව මුනගැසීමටය.

"ඔයාල දෙන්න ආවද.. මම මේ දැන් ටිකකට කලින්


කටුනායකින් බැස්සෙ. කෙලින්ම ආවෙ ඔයාල දෙන්න මීට්
වෙන්න. එදා මොකද උනේ"

බය්‍රන් පෙරදා රාත්‍රීයේ සිදුවූ සියල්ල එකිනෙක පැහැදිලි


කරන්නට විය. අප එහෙ යාමට අදහස් කල අයුරුද, අපට
එහෙදී දැනගන්න ලැබුන දේවල්ද, මොහොමඩ්ගේ
පැමිනීම පිළිබඳවද බ්‍රයන් ක්‍රමානුකූලව පැහැදිලි කලේය.

"මට හිතාගන්නත් බැහැ මේ මිනිහ සල්ලි වලට විකුණුනා


කිව්වහම. මිනිහට සල්ලි ඕනි නම් මගෙන් ඉල්ලලන්න
තිබුනනෙ"
"තව එකක් අසීස් හොඳ වෙලාවට මිනිහ මාවයි දිනුකවයි
දැනගෙන ඉඳල නැහැ"
"ඔව් නැතිනම් මොනවයින් මොනව වේද දන්නෙ නැහැ,
දිනුක දැන් ආදරව්න්තයෙක් නේද"
"හා හා හා ඔව් ඔව්.. ඒ පට්ටමත් ගත්තා ඔන්න"
"අවුලක් නැහැ, ඔයාලටත් ජීවිතයක් තියනවනෙ. කෙල්ල
කව්ද කියන්න මම අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ.
මට උඹ ගැන් විස්වාසයි කොල්ලො. හැබැයි මතක තියා
ගනින් මේ පාර දිනුක සෙල්ලම් කරන්නෙ පුළුනුන්
ගොඩේ ඉඳගෙන ගින්දරත් එක්ක."
"දිනුක ගැන බය වෙන්න එපා අසීස්. ඉතින් ඇයි මේ
හදිසි හමුවීම"
"මම මේ හදිසියේ ආවෙ කියනන අපේ ඊළඟ මෙහෙයුම
කැන්සල් කියන්න. මම අදාල අය එක්ක කතා කලා. මේ
උණුසුම ටිකක් අඩුවෙනකම් ඉමු. අනික ඩිමන්ත නැතිව
මේක කරන්න අමාරුයි. සමහරවිට මිනිහ මේ ගැන එළි
කරල ඇති. "
"ඒකනම් මටත් හිතුනා. අසීස් ඔයා වැඩටික කැන්සල් ක්ල්
එක හොඳයි"
"ඔව්. මම මොහොමඩ්වත් එක්කන් අපහු යනවා හෙට
රෑට. ටිකක් නිහඬව ඉමු. මම හදිසියක් උනොත් ඔයාලට
කතා කරන්නම්. අනික ඔයාල දෙන්න පරිස්සමෙන්
ඉන්න."
පැයක පමන සාකච්චාවකින් පසුව අසීස් අපට ටික
දිනකට සමු දී යන්න ගිය අතරම අපි දෙදෙනාද ගෙවල්
බලා ගියේ අදද පරක්කුවී තිබූ නිසාය. අසීස් අවසානයට
කියූ දේ පිළිබඳව මම මාගේ ඇඳට වී කල්පනා
කෙරුවෙමි. ඔහු කීදේ පිළිබඳව මා හට එතරම්ම අදහසක්
නොතිබුනත් ඔහු එසේ කීවේ කුමක් හෝ දෙයක් නිසා
විය යුතුය. එක දිනක බීච් පාටියකදී අසීස්ගේ සහෝදරයා
ඇතිකරගත් රන්ඩුවකදී අපි දෙදෙනා ඔහුට සහයෝගය
ලබා දීම නිසා අසීස්ව අපට හඳුනාගැනීමට ලැබුනි. එදා
සිට අදවනතුරු අසීස්ගේ ලඟින්ම සිටියේ අපි දෙදෙනාය.
අසීස්ගේ සහෝදරටාටත් වඩා අප දෙදෙනා පිළිබඳව
ඔහුතුල විස්වාසයක් තුබූ අතරම අසීස්ගේ හොඳවැඩ
මෙන්ම ජඩ වැඩ පිළිබඳව අපි දෙදෙනාම දැන සිටියෙමු.
ඔහුගේ තුබුනු උතුම් ගති පැවතුම් නිසා අපි දෙදෙනාද
ඔහු සමගම සිටියෙමු. ඔහු කවදාවත් අහින්සකයෙකුට
රිදවූයේ නැත. ඔහුට හැකි සෑම අවස්තාවකදීම ඔහු
නැතිබැරි අයෙකුට පිහිට වූ නිසා ඔහු සමාජය තුල හොඳ
නමක් උපයාගෙන සිටියේය. එමෙන්ම එම හේතුව
නිස්සාදෝ මිනිසුන්ගෙන්ද ඔවුනට ලැබුනේ දේව
සැලකිලිය.

"ගුඩ් මෝර්නිං මචන්"


"ගුඩ් මෝර්නිං බ්‍රයන්. අද ට්‍රේනින් එකට නිවාඩුවක්
දුන්නලු නේද"
"අම්මෝ ඔව් බන්. එක දිගටම මෙහෙම උන්ට වද
දෙන්න ගත්තොත් අළුත් උන්ට එපා වෙයි. උඹටනම් ඉතින්
පාළු ඇති"
"ම්ම්ම්ම්.. ඒ කෙල්ල හරි පුදුමාකාරයි බන්. මම හිතුවෙම
නෑ ආදරේක පැටලෙන්න.. අනේ මන්ද බන් උඹට
කියන්න තේරෙන්නෑ බන් මට"
"කෙල්ලො හරි පුදුමාකාරයි තමා දිනුක. ලෝකෙ
ගෝලාකාරයි, කොල්ලො අපි නන්නත්තාරයි"

වෙනදා මෙන් ඉමාෂා පෙනෙන්නට නැති නිසාදෝ මගේ


සිතට ආගන්තුක වූ තනිකමක් දැනෙන්නට විය. හිත
එක්තැන්කර වැඩක්කිරීමට කොතරම්ම උත්සහ කලද මගේ
සිත මට කීකරු නැත. මගේ සිත මට අවනෙත නැත. අද
දවස ගෙවුනේද ඉතා හිමින්ය. අපූරුවට සිටි මට ඇයකල
දේ යැයි සිතමින් බ්‍රයන් ද සමග අපගේ සුපුරුදු ස්ථානයේ
වාඩිවූයේ ප්ලෙන්ටියක රස බැලීමටය. ඉමාෂාට අමතරව
හිත ඇවිස්සූ අනෙක් කරුන වූයේ අපට අසිස් කී කතාව
වූ අතර් ඔහු එවැනි දෙයක් ප්‍රකාෂ කලේ ඇයිදැයි යන්න
අප දෙදෙනාටම විසඳුමක් නැති ගැටළුවක් විය. මක්නිසාද
යත් අසීස් කිසිමදෙයකින් සැලෙන චරිතයක් නොවූ
නිසාවෙනි.

"අසීස් මොකක් හරි අවුලක ඉන්නෙ බ්‍රයන්, නැතිනම්


අපිට එහෙම කියන්නෑනෙ. දන්නවනෙ මිනිහ ගැන"
"ඔය ප්‍රස්නෙ ටිකක් අමතක කරමු බන්. මේ ගෙවුනු පැය
කීපයට ගොඩක් දේවල් උනා. ඒක නෙමේ ටානියා
එහෙම කෝල් කරන්නෙ නැද්ද දැන්"
"කතානම් කරනවා. ඒත් මම ඊයෙ කිව්වා එයාට මට
ගර්ල් කෙනෙක් ඉන්නවා කියලා.මම දැන් ආදරේ කරනවා
කියලා"
"නෑ ඉතින් "
"ඔව් බ්‍රයන්, ඉමාෂාව හම්බුනාට පස්සෙ මට වෙන
කෙල්ලො අල්ලන්නවත් හිතෙන් නැහැ බන්. මාව
සම්පූර්ණයෙන්ම වෙනස් චරිතයක් වෙලා"
"ඒකනම් ඇත්ත. ඒ වෙනස මටත් තේරුනා. ආදරයක්
හින්දා උඹ වගේ එකෙක් ඔහොම වෙනවා කියන්නෙ ඒ
ආදරේ හරිම බලගතුයි බන්. මම ආසයි උඹේ වෙනසට
දිනුක. අපි අසිස්ට කියල එයාගෙ වැඩවලිනුත් ඈතට යමු.
දැන් කාලෙ ඇවිල්ල තියෙන්නෙ අළුත් ලයිෆ් එකක්
හදන්න"
"නැතුව නැතුව.. මමත් ඔය ගැන හිතුවා. ඒත් බ්‍රයන් අර
කතාවක් තියනවනෙ 'කැලේ මාරු උනාට කොටියගෙ
පුල්ලි මාරු වෙන්නෙ නැහැ කියලා' "
"ඒක නම් සිරා කතාව.මමත්කොහොම හරි නිවන්තිව
අරගෙන ලන්ඩන් යනවා බන්. එයා එක්ක එහෙට වෙලා
ලස්සන ලයිෆ් එකක් ගෙනියනවා. ලස්සන කොලු
පැටියෙක් හදලා දිනුක කියල නම තියනවා"
"ඒ කියන්නෙ උඹ මාව දාල යනවා"
"හෙම හිතන්න එපා මචන්, නෙගටිව් වෙන්න එපා. උඹව
මම මේ ලෝකෙ කොහෙ හිටියත් අමතක කරන්නෙ
නැහැ දිනුක. උඹට කවුරු නැතත් මේ බ්‍රයන් ඉන්නවා. "

බ්‍රයන්ගේ කතාව ඇත්තක් විය. එක බඩවැල කඩාගෙන


නොපැමිනියත්, ඔහු මට මගේම සහෝදරයෙක් විය. අප
දෙදෙනාගේ ඉතිහාස කතාව ඉතා සුන්දරය, රසවත්ය. පැය
බාගයක්ම ප්ලෙන්ටිය තොල ගා නැවත පැමිනියත් ඉමාෂා
නැති නිසාදෝ මගේ හිතට සාන්කාවක් දැනෙන්නට විය.
මාගේ සාන්කාහිතට හඩිසියේම එළියක් වැටුනේ අද හවස
හමුවෙමු යැයි ඇගෙන් ලැබූ ඇමතුමත් සමගය. හවස මට
පැවරී තිබූ වැඩක්ද මම බ්‍රයන්ට බාර දී බොරු උණක්
පෙන්ව්මින් වෙනදාටත් වඩා පැයක් කලියෙන් මම
කාර්යාලයෙන් පැනගත්තෙමි.

"අපි ඉක්මන් උනා වැඩිද කියලා හිතෙනවා දිනුක"


"ඇයි ඔයා එහෙම කියන්නෙ"
"අපි හමුවෙලා තව දවස් කීයද. ඒත් අපි අපිටම හිතා
ගන්න බැරි විදිහට ආදරෙන් උමතු වෙලා. හම්ම්ම්ම්.. අනේ
මන්දා මේ අහින්සක කෙල්ලට මොනව කලාද කියලා
මේ ආඩම්බරකාරයා. මම හා පැටියෙක් වගේනෙ හිටියෙ"
"ආ ඇත්තද මැඩම්. ඒ අහින්සක හාපැටිය ගැනනම්
මොනාට කියනවද"
"ඒක නෙමේ ආඩම්බරකාරයො, මම ඊයෙ තාත්තට කිව්වා
ඔයාව මැරි කරන්න ඕන කියල මට ඉක්මනටම"
"නෑ... ඒ මොකද ඒ එක පාරටම"
"හදිසියක් නැහැ ඉතින්, ඔයා මට හම්බෙන්න කලින්
තාත්ත තමා මගෙ බෝයි. ඒත් දැන්... හම්ම්.. තාත්ත
කිව්වා අදම ඔයාව එක්කන් එන්න කියල අදම"
"මේ අදම .."
"මොකෝ මේ බයවෙලා වගේ .."
"බය.. මාරයටත් බය නැති කොල්ලෙක් මම හරිද මැඩම්.
යමු ඔයාගෙ තාත්තව මීට් වෙන්න. ඒත් ඉතින් .."
"මොකෝ ඒත් .."
"මම මොනාද ඉතින් ඔයාගෙ තාත්තට කියන්නෙ"
"අයියෝ.. බය වෙන්න එපා අනේ.. මම ඉන්නවනෙ ඔයා
එක්ක.තාත්තා මගේ ඉල්ලීමට පිටින් යන්නෙ නැහැ. ඒ
තරමටම මට එයා ආදරෙයි. අනික තාත්ත දන්නවා මම
කවදාවත් වැරදි තීරනයක් ගන්නෙ නැහැ කියලා."
ඇය හා යාමට අකමැත්තක් නොතිබුනත් ඇගේ පියාව
හමුවීමට යාමට තවම ඉක්මන් වැඩි යැයි මම සිතුවෙමි.
නමුත් ඇගේ හිත රිදවීමට මම අකමැති වූ නිසා මම ඇය
සමග ඇගේ නිවසට ගියෙමි. ඉතාමත් අලන්කාර විදිහට
ඇගේ නිවස සරසා තිබුනි. කෙටි ප්‍රස්න පත්‍රයකින් හා
රචනා ප්‍රස්න පත්‍රයකින් යුත් ඇගේ පියාගේ ප්‍රස්න වලට
මට පිළිතුරු දීමට සිදු විය. එහිදී කැමති ප්‍රස්න පහකට
පිළිතිරු සැපයීමේ අවස්තාවද මට අහිමි උනෙමි. නමුත්
ඔහුගේ සිත දිනා ගැනිමට මට එතරම්ම කාලයක් ගත
නොවීය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු හොඳ
ගතිගුණ ඇති ඇති ප්‍රතිපත්තියක් ඇති මිනිසෙකු වූවේය.

"දුව, මටයි දිනුකටයි ඔයාගෙ අතින් හදපු රස තේ දෙකක්


අරගෙන එන්න"
"ඕකේ තාත්තී .."
"ඉමාෂ කියන්නෙ පොඩිකාලෙම අම්මගෙ ආදරේ අහිමි
උන කෙල්ලෙක් දිනුක. ඔය හුරතලේට හිටියය ඔය
කෙල්ලට තියෙන්නෙ පුදුමාකාර එඩිතර හිතක්. මට ඔයා
ගැන කිව්වාම පුදුමත් හිතුනා"
"ඒ ඇයි අන්කල්"
"නෑ ඉතින්, මම ප්‍රොපෝසල් කීයක්නම් ගෙනාවද ඔය
කෙල්ලට. එකකටවත් කැමැති උනේ නැහැනෙ. ඔයාටම
තමා කැමති උනේ. දැන් ඔයා තමා එයාගෙ හැම දේම.
මගේ දුවගෙ තේරිමනම් වැරදි නැහැ වගේ. මට ඔයා
ගැන කිසිම සැකයක් නැහැ."
"ගොඩක් තෑන්ක්ස් අන්කල් ඒ වචන ටිකට. ඒක මට
ගොඩක් වටිනවා. එයා මගෙ ජීවිතෙත් ගොඩක් වෙනස්
කලා අන්කල්. එයා හරිම පුදුම කෙල්ලෙක්"
"ඔයාගෙ ගෙදරට කිව්වද ඉමාෂ ගැන දිනුක ?"
"තාම නම් නැහැ අන්කල්. මේ හැම දේම සිදුවුනේ හරිම
ඉක්මනටමනෙ. මම කියන්නම් ගෙදරට ඉක්මනටම ඉමාෂා
ගැන. මොන දේ මොන විදිහට සිදු උනත් ඉමාෂ මා
කෙරෙහි තිබුනු විස්වාසය කඩකරන් නැහැ අන්කල්. ඒ
වගේම අන්කල් මම ගැන තියපු විස්වාසෙත් එහෙම තමා"
"මම දන්නවා පුතා ඔයා ගැන. මම සරත්ගෙනුත් ඔයා
ගැන ඇහුවා. ඒ විදිහට ගුන කියල නැතිව ඇති සරත්,
එයාගෙ වයිෆ්ටවත්"
" ආ මොකද දෙන්නම හිනා වෙන්නෙ. මේ
ආඩම්බරකාරයගෙ මූනෙ හිනාවක් දකින්න පින් කරල
තියෙන්නෙ ඕන තාත්ති."
"ඔයා හෙව්වෙත් ඉතින් මේ වගේ ආඩම්බරකාරයෙක්වනෙ.
දැන් ඉතින් හම්බුනානෙ. ඔයාලගෙ අනාගතේ ඔයාලට
බාරයි දැන්. මොනා හරි දෙයක් තියනවනම් මට කියන්න
ඕන හරි"
"තෑන්ක්ස් අන්කල් .."
"අද ඉඳන් දිනුක ඔයාට මේ දොරවල් ඇරල තියෙන්නෙ.
ඕන වෙලාවක ඇවිල්ල ඉමාෂව මීට් වෙන්න පුළුවන්.
දන්නවනෙ මේ කාලෙ කොල්ලො කෙල්ලො, පඳුරු
අස්සෙයි හෝල් වලයි රූම්වලයි .."
"ඊය තාත්ති මොනවද මේ කියන්නෙ. දිනුක එහෙම
කොල්ලෙක් නෙමේ ආදරේ සේල් කරන්න තරම්. එයා
දියුණු කොල්ලෙක්."
"හරි හරි දුවේ, මම නිකමට කිව්වෙ.. එහෙනම් ඔයාල
කතා කර කර ඉන්නකො. මට වැඩක් තියනවා කරන්න"
"බලන්න දිනුක, තාත්ති කියන කතා. එයානම් .."

විනාඩි විස්සකින් පමන ඉමාෂාට හා ඇගේ පියාට සමුදුන්


මම නිව්සට පැමිනියෙමි. කාර්යාලයේ මම බ්‍රයන්ට පැවරූ
වැඩ පිළිබඳ විමසා බැලූ අතර අද හවස සිදුවූ වියල්ල මම
ඔහුට පැවසුවෙමි. දිනෙන් දින ගෙවී යත්ම ඇයව
නොමැතිව කාලය ගත කිරිමට බැරි තරමටම ඇය මගේ
ලෝකය හොරාගෙන තිබුනි. ආගන්තුක හිතකට මෙතරම්ම
ලෙන්ගතු වේවියැයි මම කිසිමදිනෙක නොසිතුවෙමි. පාසල්
කාල්යේ සිටම පේමය ප්‍රතික්ෂේප කල මා අද
ආදරවන්තයෙක් වී ඇත. ආදරය විඳිමින් ඇත. ආදරයෙන්
වල්මත් වී ඇත.
"අයියෙ අන්න තේ හදලා. බොන්න නිවෙන්න කලින්"
"අනේ මගෙ චූටි නංගි, තේ එක ගෙනත් දෙන්නකො"
"මෙයාගෙ බොරු ආදරේ වැඩක් කරගන්න තමා. වෙන
වෙලාවක බලන්න ඕන මෙයාගෙ ගනන්"
"හරි හරි, ගිහින් තේ එක අරන් එනවකො දැන්"
"අම්මට මොනවද අහන්න තියන්වලු. ඔයාට එන්නලු"

ඇය එසේ කියනවාත් සමග මා කලබලයට පත්වූයේ


අම්මාට යමක් පැවසිමට ඇතිනම් ඇය මාගේ කාමරයට
එන නිසාය. ඇය එසේ පැමින දුන් දේශනා අනන්ත අප්‍
රමාණය. අද මේ නාඩගම කුමක්දැයි සිතාගත
නොහැකිවිය. අම්මාගේ පැනය ඉමාෂා ගැන නම් එය
ගැටළුවක් නොවනු ඇත. ඇයගේ සියලුම ප්‍රස්න වලට
පිළිතුරු දීමට සිතා මා ඇය සිටිනා ස්ථානයට, ගියේ තේ
කෝප්පයත් ඇතැතිවය. තාත්තාද එහි සිටීම නිසා කුමක්
හෝ බරපතල දෙයක් යැයි මම සිතුවෙමි.

"මොකෝ මේ කවදාවත් නැතිව ෆැමිලි මීටින්"


"අපි මේ ඔයාට එන්න කිව්වෙ දෙයක් ගැන කතා
කරන්න"
"මොකද්ද අප්පා ඒ... හරි මටත් තියනවා දෙයක් කියන්න.
මම පස්සෙ කියන්නම්. දැන් මොකද්ද අහන්න
තියෙන්නෙ"
"ඔයා මේ දවස්වල ටිකක් අමුතුයි. රැවුල කපල ටිකක්
පිළිවෙලට ඉන්නවා. වෙලාවට යනවා. කලින් ගෙදර
එනවා. මූනත් එළිය වැටිල"
"ආ ඒකද මේ.. මම හිතුවා මාව මර්ඩර් කේස් එකකටවත්
පැටලිලාද දන් නැහැ කියලා. මේකනේ මේ ටිකේ අපේ
අළුත් කට්ටියකට ට්‍රේනින්. ඉතින් ටිකක් පිළිවෙලට ඉන්න
ඕනනෙ"
"කව්ද ඒ කෙල්ල?"
"මොන කෙල්ලද තාත්තෙ"
"මන් ඇහුවෙ මොන කෙල්ලද කියල දන්නවනෙ. හන්දි
ගානෙ අස්තියදු ගහල ටවුන් එකේ චන්ඩිකම් කරපු අපේ
එකාව වේලාසනින් ගෙදර එවන්න පුළුවන් උන කෙල්ල"
"හම්ම්ම්ම්.. මමත් ඔය ගැන කියන්න හිටියෙ. එයා ඉමාෂා.
වර්නකුලසූරියගෙ දුව"
"මොනව.. වර්නකුලසූරියගෙ දුව.. "

අම්මා හා තාත්තා සිනා මුහුනින් සිටි නිසා මම ඉමාෂා


ගැන සියළුම දේ පැවසුවෙමි. එමෙන්ම ඉමාෂාගේ තාත්තා
හමුවීමට ගිය බවද ඔහුගේද අකමැත්තක් නැති බවද මම
පැවසුවෙමි. වර්නකුලසූරියගේ දුව මගේ ප්‍රේමවන්තිය වීම
තාත්තාට තවමත් හීනයක් වූයේ වර්නකුලසූරිය ගැන
තාත්තා හොඳාකාරවම දැනන් හිටිය නිසාය.
"සල්ලිකාර පවුලක් නේද පුතේ"
"ඒ උනාට එයලා හරි සරලයි. හොඳ මිනිස්සු අම්මෙ"
"තව ටිකක් ඉගෙනගන්න කිව්වාම කෙල්ලෙක්
හොයාගත්ත නේද"
"හරි හරි අම්මෙ.දැන් ඒකත් හරිනෙ. එයා එක්කම
මොනාහරි බලන්නම්කො මම"
"අනේ මගෙ කට. කෙල්ල හොඳයි. මමත් දන්නවා ඔය
ෆැමිලි එක ගැන. කෙල්ලට කතා කරල කියන්න අපි
ඊළඟ සෙනසුරාද එනව කියල එයාල්ගෙ ගෙදර"

අම්මා තාත්තාගේ එම වචන කීපය ඇසූ විට මට දැනුනු


සතුට කියානිමකිරීමට නොහැකි තරම්ය. ඔවුනට සමුදී
අඩියට දෙකට කාමරයට ගිය මා සිදුවූ සියල්ල බ්‍රයන්ට හා
ඉමාෂාට කීවෙමි. මා සිතුවාටත් වඩා ඉතා ඉක්මනට මේ
සියල්ල සිදුවිම මට තවමත් අදහා ගත නොහැකි කරුනක්
විය.

"උඹ වාසනාවන්තයි දිනුක"


"දැන් මොකද්ද මගේ තියන වාසනාව"
"ඇයි බන්, සල්ලිකාරයෙක්ගෙ දුවක් ඒ මදිවට ගෙවල්
දෙකෙන්ම කැමතියි."
"ඒකනම් මටත් හිතා ගන්න බැහැ බන්. සේරම
සිද්දවෙන්නෙ හරිම ඉක්මනට බන්. මට හිතෙනවා මේක
හිතාමතාම සිද්ද වෙන දෙයක්ද කියලා"
"අනේ මේ උඹේ විකාර"
"ඒක නෙමේ කෝ බන් නිවන්ති. දැක්කෙ නැහැනෙ මම
අද"
"ගම්පහ ගියා බන් මොකක්ද ටෙස්ට් එකක් කියලා.
එයාලගෙ නැන්දලගෙ ගෙදරත් ගිහින් එනව කිව්වෙ"
"ඒ කෙල්ලව බස්වල යවන්න එපා බන් තනියම. ගෙදර
අතට පයට වැඩකාරයො එක්ක හුරතලේට හැදුන
කෙල්ලෙක් නේද.. උඹටත් යන්න තිබුනෙ යන්න එයත්
එක්ක"
"මමත් යන්න ඇහුවා බන්. එයා එපා කිව්වා නැන්දලගෙ
ගෙදර යන හින්දා"
"ඒකත් එහෙමද.. බ්‍රයන් ඒක නෙමේ මම අද ඉමාෂ එක්ක
ෂොපින් යනවා. එයාට මොනාද ගන්න ඕනලු බන්."
"අවුලක් නැහැ බන්. "
"මම ඉමාෂව ගෙදරට දාල ඉක්මනට එනවා. උඹ හිටහන්
නිවන්ති එනකම්."
"ඔව් ඉක්මනට වරෙන්, බියර් එකකුත් ගහමු"

පැය දෙකක පමණ කාලය තුල වෙළඳසැලවල් විස්සකට


පමන ගොඩවීමට මට සිදුවිය. කෙසේ නමුත් අවසානයේ
ඇය ඇයට අවෂයය පාවහන් යුගලය හා තවත් දෑ
ගත්තේය. ආයෙමත් කවමදාවත් ස්ත්‍රීන් සමග ෂොඅපින්
නොයනවායි සිතමින් මම ඉමාෂාව ඇරලවීමට ගෙදරට
ගියෙමි. ඇගේ නිවසේ මිදුල මැද නවතා තිබූ ස්කූටිය
දුටුවිට මා මදකට හිටි පිළිමියක් විය. මක් නිසාදයත් එය
ටානියාගේ බව හාඳුනාගැනීමට මට වැඩිකාලයක්
ගතනොවූ නිසාය. මගේ ආදර කතාව කනපිට ගසාවිදෝ
සැකය මා තුල තිබූ අතර ඇයගේ ඉල්ලීම නිසා මම
අකමැත්තෙන් වුවද ඇය හා ගියෙමි.

"කාගෙද ඉමාෂ මේ ස්කූටිය"


"කවද ඉඳන්ද ඔයා ඕපදූප හොයන්න පටන් ගත්තෙ.
කොහොමත් ඔයාගෙ කබලට වඩා ඒක ලස්සනයි"
"ආ ඒකත් එහෙමද, හෙට ඉඳන් පයින් එනවා එහෙනම්"
"විහිළුවක් කලේ නපුරො. යමු ගේ ඇතුලට. මම ඒ
ආන්ටිව අඳුන්වල දෙන්නම්"

ඉමාෂා එසේ කියනවාත් සමගම මගේ ඇඟට පන


නොමැති වී යන ගතියක් දැනෙන්නට විය. මගේ හදවත
තදින් ගැහෙන්නට විය. කොට්ටෝරුවා කෙසෙල් ගසට
කෙටුවාදෝ යැයි මට සිතුනි.

"මොකද ළමයො බයවෙලා වගේ. මම ගේ ඇතුලට යමු


කියල කිව්වෙ"
"නැ. මේ... මේ ... "

මට කියාගැනීමට වචන තිබුනද අම වචන ගැලපීමට


අමහසු විය. කවමදාවත් මම මෙවැනි අවස්තාවකට මුහුණ
දී නැත. ටානියා මොන දේ පැවසුවත් මම පාලනයකින්
යුතුව සිටීමට මම සිතුවේ ඉමාෂාව මට වටින නිසාය. ඇය
මගේ ලෝකය නිසාය. මා ඇය සමග යාමට
සැරසෙනවාත් සමගම මාගේ දුරකථනය නාදවූයේ බ්‍
රයන්ගෙන්ය. මදකට හෝ එය මගේ සිතට සැනසිල්ලක්
විය.

"දිනුක උඹ කොහෙද?"
"ඉමාෂ ගාව. මොකො උඹ කලබලෙන් වගේ. මොකද
අවුල"
"මචන් නිවන්තිට පොඩි කරදරයක්. පුළුවන් තරම්
ඉක්මනට වරෙන්. මම ඉන්නවා අපේ සුපුරුදු තැන"
"හිටපන්, මම මේ දැන්ම එනවා. මම එනකම් මොකුත්
කරන්න යන්න එපා හරි"
"මොකද දිනුක.. බ්‍රයන් නේද කතා කලේ"
"විස්තර කියන්න වෙලාවක් නැහැ ඉමාෂා. නිවන්තිට
පොඩි කරදරක්. මම යනවා. ඔයාට කෝල් එකක්
දෙන්නම්"
"මිස් යූ දිනුක. අනේ පරිස්සමෙන් හරි. කරන දෙයක්
කල්පනාවෙන්, මගේ ජීවිතේ ගැනත් හිතන්න හරි"

තප්පර කීපයකින් ඉමාෂට සමුදුන් මම ඉක්මනටම බ්‍රයන්


සිටි තැනට ලඟාවුනෙමි. ඔහු සිටියේ ඔහුටද පාලනය
කරගැනීමට නොහැකී වූ තරහකින්ය. ඔහුගේ ගිනියම් වූ
ඇස් නිසා කිසියම් හෝ බරපතල දෙයක් සිදුවී ඇති බවය.

"මොකෝ බ්‍රයන් මේ.. මොකද උනේ කියපන්.. කූල්


ඩවුන් මචෝ.. කූල් ඩවුන්. මම ආවනෙ දැන්. කියපන්
මොකෝ මේ"
"නිවන්තිට කොල්ලො කට්ටියක් කරදර කරන්වළු බන් බස්
එකේ. අතින් අල්ලනවලු. ඉන කොනිත්තනවලු"
"කොහෙද දැන් එයා.."
"තාම එන ගමන්. එයා බය වෙලා එන්නෙ. කෙල්ලෙකුට
බස් එකක යන්න බැහැනෙ නිදහසේ බන්. ඒකිව අල්ලපු
අත මම කපනවා"
"කලබල වෙන්න එපා. මම කෝල් එකක් දෙන්නම්කො"
"නිවන්ති ඔයා කොහෙද"
"අනේ.. දිනුක"
"බය වෙන්න එපා ඔයා. මමයි බ්‍රයනුයි ඉන්නවා
මෙතන.ඔයාට මුකුත් වෙන් නෑ හරි. මම කියන විදිහට
කරන්න"
"හරි දැන් මොනාද කරන්න ඕන"
"ඔයාට කොච්චර වෙලාවක් යයිද එන්න."
"විනාඩි දහයක් විතර"
"හරි හොඳට අහගන්න මම කියන එක. ඔයා කලර් ලයිට්
ගාවට ආවම මට මැසෙජ් එකක් දාන්න හරි. ඔයා බය
වෙලාවගේ කොල්ලන්ට පෙන්නන්න එපා. කී දෙනෙක්
ඉන්නවද"
"ම්ම්ම්ම්.. පහයි"
"හරි. ඔයා හමීඩියා එක ගාවින් බැහැල ආර්පිකෝ එකට
යන පාර දිගේ එන්න ඉස්සරහට. අපි දෙන්න ඉන්නවා.
කොල්ලො ටික පස්සෙන් ආවොත් එන්න දෙන්න.
බයවෙන්න එපා හරි. අපි ඉන්නවා ඔය එක්ක"
"හරි මම ඒ විදිහට කරන්නම්"

මා එසේ පැවසුවද කුමක් සිදුවේදැයි මටද අදහසක්


නොවීය. බ්‍රයන් තවමත් තරහව පිට්කරමින් සිටියේය. ඔහු
මෙතරම් ආවේගයකින් සිටිනවා මම කවමදාවත් දැක
තිබුනේ නැත. සමහර විට ඔහුගේ ආදරවන්තියට සිදුවූ දේ
නිසා විය යුතු අතරම නිවන්තිව ඇල්ලූ අත කපා
වෙන්කරන බවද මම හොඳාකාරවම දන්නා කරුනක්ද
විය.

"මේ අහපන් බ්‍රයන්.. ටිකක් කූල් ඩවුන් වෙයන්. මම


ඉන්නවනෙ දැන්"
"කීයක් ඉන්න්වළුද එතන"
"පහයි"
"ගහමු උන්ට ආයෙමත් ඔය වගේ වැඩ කෙල්ලෙකුට
නොකරන්න. ජරා හැත්ත. කෙල්ලෙකුට බස් එකක
නිදහසේ යන්න බැහැනෙ. ඔච්චර අමාරුවක් තියනවනම්
මඩමකට යන්න තිබුනනෙ උන්ට"
"මේ අහපන්. උනුත් කාගෙ හරි දෙමාපියන්ගෙ දරුවො. ඒ
නිසා මෝඩ වැඩ කරන්න යන්න එපා හරි. අනික අපි
දෙන්න මේ ඉන්න තත්වය ගැනවත් හිතපන් හරිද"
"අපිටත් අම්මල තාත්තල ඉන්නවා. අපි යනවද අහින්සක
කෙල්ලන්ට අතවර කරන්න"
"නෑ මම මේ කිව්වෙ .... හරි ගහමු උන්ට අයෙමත්
කෙල්ලෙක්ව දකිනකොට අහකබලා ගන්න"

මා පැවසූ පරිදිම නිවන්ති කෙටි පණිවිඩයක් මට එවා


තිබුනි. එසේම මා කියූ පරිදිම ඇය මා කියූ පාරෙහි
ඉදිරියට ඇවිද එන්නට විය. කෙල්ලන්ගේ අසරණකමින්
අයුතු ප්‍රයෝජන ගන්නා කාඩ්බෝඩ් වීරයෝ ටිකද ඇය
පසු පස එන්නට විය. ඔවුන් මදක් ඉදිරියට පැමිනිවිට අප
දෙදෙනාද ඔවුනට මුහුනට මුහුන ලා සිටගත්තේය. වීරයන්
පස් දෙනා එකවරම නැවතුනේ අප දෙදෙනාව දැක නිසා
විය යුතු අතර නිවන්තිද කඳුළු පිරි දෑසින් බ්‍රයන් වෙත දිව
ආවෙය. අනතුරක හොඩුවාවක් දැනුනු ඔවුන් ආපසු
හැරීමට උත්සක කලද ඊ තලයක වේගයෙන් ක්‍රියාත්මක
වූ අප දෙදෙනා ඉදිරියෙන්ම පැමිනි දෙදනාගේ මුහුන
හරහා පහරවල් කීපයක් එල්ල කලේ ඔවුන් කෑ ගවමින්
බිම ඇද වැටෙනවාත් සමගමය. අප සිතූ තරම් ලෙහෙසි
තත්වයක් නොවූවත් අප දෙදනාට එම නාටකයද
ගොඩදමා ගැනීමට හැකිවිය. ඔවුන් එකිනෙකා වැටි වැටී
දුවද්දී ඔවුන්ගෙන් එක චරිතයක් මම හඳුනාගත්තෙමි.
කෙසේ වෙතත් ඔවුන් එල්ල කල පහවවල් වලින්ද අප
දෙදෙනාද තුවාල වී තිබුනි. බ්‍රයන්ගේ අත උලුක් වී තිබු
අතර මාගේ තොල් පොටින් ලේ ගලා එන්නට විය.
නිවන්තිගේ උපදෙස් මත අපි තිදෙනාම නැවතත්
කාර්යාලය වෙත ගියේ ප්‍රථමාධාර ලබාගැනීම සඳහාය.
අපගේ වෙලාවට ලොක්කාද එහි සිටියේ ය.

" දිනුක මොකෝ මේ. නිවන්ති ඇයි ඔයා අඬන්නෙ."

නිවන්ති සිදු වූ සියල්ල අපගේ බොසාට පැහැදිලිකර


දුන්නේය. වහා ක්‍රියාත්මක වූ ඔහු අපට ප්‍රථමාධාර
දුන්නෙඋ අපට උපදෙස් මාලාවක්ද සමගය.

"ආයෙ එහෙම රන්ඩුවලට පැටලෙන්න එපා හරි. නිවන්ති


අයෙ ඔයා කොහෙ හරි යනවනම් මේ දෙන්නගෙන්
එක්කෙනෙක් අරගෙන යන්න. තනියම යන්න එපා. හරි
දැන් ගිහින් මූණ හෝදගෙන එන්න. මම ඔයාව
ඇරලවන්නම්. ගෙදරට කියනන් එපා හරි. එයාල කලබල
වෙයි. දන්නවනෙ ඊට පස්සෙ"
"ඔව් ඔව් සර්.. කොහොමත් මම කියන් නැහැ.. එයල
නිකන් කලබල වෙනවා. මේ දෙන්න ඉන්නවනෙ මට"
"හරි එහනම් මම නිවන්තිව දාගෙන යන්නම්. ඔයාල
දෙන්නත් පරිස්සට යන්න"
"ගොඩක් තෑන්ක්ස් සර්.. "

ඔවුන් පිටව ගියායින් පසුව අප දෙදෙනාද මුහුනකට


සෝදා ලේ තැවරුනු මාගේ කමිසය ගලවා දැමුවේය. අත්
බැනිය්මක් ඇඳසිටි නිසා මා හට අපහසුවක් නොවීය. බ්‍
රයන්ගේ අදහසකට අපි දෙදෙනාම ප්ලේන්ටියක රස
බැලීමට අපගේ සුපුරුදු ස්තානය වෙත ගියෙමු.

"කෙවින්ගෙ මල්ලි නේද හිටියෙ"


"ඔව් දිනුක, මේක මෙතනින් ඉවර වෙන්නෙ නැති වෙයි.
දන්නවනෙ කෙවින්ගෙ හැටි"
"මොකටද බන් බය වෙන්නෙ, අපි දෙන්න එකට
ඉන්නකොට. "
"ඒකනම් ඇත්ත. ඒත් අපි ටිකක් පරිස්සමට ඉමු. මොකද
දිනුක, මේ ටිකේ ගොඩක් දේවල් උනා."
"ඒකනම් ඇත්ත. මාර විදිහට සිදුවීම් වෙන්නෙ. සේරම හරි
ඉක්මනට වෙනවා"
"වැඩේ කියන්නෙ ඒ වෙන සේරගෙම අපි දෙන්නත්
ඉන්නවා, ඒ වෙන සේරම අපි දිනනවා"
"හම්ම්ම්.. අපි පරිස්සම්වෙමු අද ඉඳන් වෙනදටත් වඩා"

"ඒක නෙමේ බ්‍රයන්, මෙච්චර දේවල් උන එකේ උඹේ


ආදරෙත් කියල දාමු බන් නිවන්තිට"
"ඔව් ඔව්.. මමත් කල්පනා කලා. එයාගෙ බර්ත්ඩේ එක
එනවා ලබන සතියෙ අග. එදාට කියමු."
"නියම අයිඩියා එක.. නිවන්ති උඹට කැමතියි බන්. බය
වෙන්න එපා එයාගෙ ෆැමිලි එක පැත්ත මම ගොඩදාල
දෙන්නම්"
"හම්ම්ම්.. උඹ තාමා ඒ වැඩේට මේ ලෝකෙ ඉන්න එකම
කෙනා ඉතින්"
"මේ ඒක නෙමේ බ්‍රයන් අද මාර වැඩක්නෙ උනේ"
"ඒක තමා බන්. මමත් මෝඩය වගේ නිවන්තිව තනියම
යැව්වනෙ"
"උඹ මොනාද කියවන්නෙ ඔය. දැන් ඒ කතාව ඉවරයිනෙ.
අයෙත් උන් චැප්ටර් ඕපන් කරන්න ආවොත් අපි ඒක
එදාට බලා ගමු"
"හරි දැන් ඔය මොකක්ද මාර වැඩේ"
"මම අද ඉමාෂව දාන්න යනකොට ටානිය එහෙ හිටිය
බන්"
"නෑ..... උඹ කතා කලාද"
"නැහැ මම එයාගෙ බයික් එක දැක්කෙ. ඉමාෂ මාව
අඳුන්වල දෙන්න එක්කන් යන්න හදනකොටම තමා, උඹ
කෝල් කලේ ඉක්මනට වරෙන් කියලා"
"එක වගේ බයික් කීයක් තියනවද බන්. උඹ නිකන් බය
වෙලා ඉන්නෙ"
"පිස්සුද බන්.. ටානියගෙ එක මට අඳුරන්න බැරිද"
"හරි, දැන් ඕක ටානියගෙම කියහන්කො. එයාට
ඉමාෂලගෙ ෆැමිලි එක්ක තියන ගනුදෙනුව මොකක්ද"
"ඒක තමා බන්.. අනේ මන්දා මට තේරෙන් නැහැ"
"හිතන්න එපා බන්. ඔය වගේ ඒවටද බන් අපි දෙන්න
පහුගිය හෝරාවල මූණ දුන්නෙ. වරෙන් යන්න ගෙදර."

පසු දින උදෑසන කාර්යාලයට පැමිණි විගසම ඉමාෂා


මගේ තොල්පොට තුවාල වී ඇති අයුරු දුටුවේය. මා රාත්‍
රියෙහි ඒ ගැන සඳහනක් නොකලේ ඇය කලබලවන
නිසාවෙනි. මගේ මතය සනාත කරමින් ඇය මා දුටු
විගසම බැන වදින්නට විය. මාද නිහඬව සිටියේ මා
වැරැද්දක් කල ඇති බව තේරුම්ගත් නිසාය. කෙසේ වෙතත්
ඇගේ තරහ නිවීමට පැය තුනක පමන කාලයක් ගතවිය.
එනම් මුළු උදය වරුවම නිහඬය. නිසලය.

"අඩම්බරකාරයො.. මම තරහ වෙලා කියල ගානක්වත් නෑ


නේද? .. නපුර.. නපුර .. නපුර .."
"අහ් ඒකත් එහෙමද. ඔයා තරහ උනාද. කෝ එන්න
මෙතන්ට, ඇවිත් මගේ ළඟින් ඉඳගන්න"
"මට ඕන කමක් නැහැ නපුරො ගාවට එන්න"
"හම්ම් .. මම හිතුවෙ නැහැ පොඩි දේකට මාව රිද්දවයි
කියලා."
"අනේ නපුරො.. මම විහිලුවක් කලේ.. කෝ ඉන්න ළඟට
එනකම්"
"ආ.. ඔය ආවේ. "
"මෙයා කරල තියෙන්නෙ රඟපෑමක්, මාව ළඟට ගන්න.
ඔයානම් ... හරි හරි රිදෙන් නැහැ නේද මේ තුවාල"
"රිදෙනවා අනේ.. කිස් එකක් ලැබුනොත් නම් ඉතින් ..."
"ආ මේ ඔෆිස් එක හරිද. මන් පස්සෙ දෙන්නම්කො. ආයෙ
රන්ඩු වලට යන්නෙ නැහැ කියල ඔය මට පොරොන්දු
වෙන්න ඕන මේ දැන්මම"
"ඒ කියන්නෙ ආත්ම ආරක්ෂාවටත් බැරිද?"
"මොන රන්ඩුවක්වත් ඕනි නැහැ. වැරදි නොකර
හිටියනම් රන්ඩු නැහැනෙ.. ඔයාට මොනව හරි උනොත්
අඩම්බරකාරයො.. මම කොහොමද හිත හදාගෙන ඉන්නෙ"
ඇගේ හිත රිදවීමට මා අකමැති වූ නිසා ඇය කියූ පරිදිම
ඇගේ හිස මත මම දිවුරුවෙමි. මාගේ දෙතොල් මත තැබූ
හිතුවක්කාර හාදුවක්ද සමග ඇය මා සිටිනා තැනින්
නොපෙනි ගියේ ඇයව තව තවත් මගේ සිතට ලං
කරමින්ය. ඇය නොපෙනී ගොස් ත්ප්පර කීපයක්
ගතවිමටත් මත්තෙන් බ්‍රයන් ඇතුළු වූයේ කලබල
ගතියකිනි.

"උඹට පිස්සු හැදිලද බොල, මොකක්ද ඒ කලේ ඉමාෂාව


ඇතුලෙ තියාගෙන"
"මුකුත් නැහැ ඉතින්.. උඹ කොහොමද දැක්කෙ"
"ඒකනෙ කියන්නෙ, මම එනව උඹ දන්නෙත් නැහැ
එතකොට. මම දොර මුර කලා කවුරුහරි එයි කියල
හිතල"
"වෙල්ඩන් පුතා.. වෙල්ඩන් .. ඔන්න යාළුවො"
"ඒක නෙමේ, උඹේ මේ ආදර ජවනිකාව නිසා මට ආව
කාරනෙත් අමතක උනා. අළුතින් ආව සම්පතය කාටදෝ
මන්දා ලයිෆ් ඉන්ෂුවර්න්ස් එකක් දාලා බොරු කියලා"
"බොරු කියල කිව්වෙ"
"අරව තියනව මේව තියන්ව කියල දාල තියෙන්නෙ.
වරිකය මාසෙට පහළවක්. කස්ටමර්ට කෝකටත් සැක
හිතිල බොසාට කෝල් කරලා. මිනිහ බොසාගෙ
යාළුවෙක්ලු. සම්පතයට බැනල අම්බානෙට. කස්ටමර්
ඇවිල්ල ඉන්නෙ. පොඩ්ඩක් බලහන්කො මොනව හරි
කරන්න"
"හරි හරි, මම මිනිහ ගැන බලාගන්නම්, උඹ බොසාව
කූල් ඩවුන් කරපන්. සම්පතයය එවහන් මගේ ගාවට මේ
සේරම කූල් ඩවුන් උනාට පස්සෙ"

සම්පත්ගේ ක්‍රියාව නිසා හවස් වරුවද ගෙවී ගියේ අපට


හොරාවමය. සම්පත් විසින් සිදුකර ඇතිතේ බරපතල
වරදකි. ඔහු කතාකල ජීවිත රක්ෂනයේ වාරිකය වැඩි
නිසාත් එයින් ඔහුට ලැබෙන කොමිස් මුදල වැඩි නිසාත්
එසේ අසත‍
ය දේ පවසා ඇත. සම්පත්ව මගේ කාර්යාලයට
ගෙන්වා ඔහුට මම තදින්ම්ම අවවාද කලේ ඔහු නිසා අද
මට ඇසීමට සිදූ වූ දේවල් නිසාය. එමෙන්ම අප
ආයතනයේ නමට ඇතිවූ හානියද නිසාය.

"දිනුක, මොනාද අර ආව මිනිහ ඔයාට කිව්වෙ. හරියට


ඔයා වැරැද්දක් කලා වගේනෙ. ඔයා කොහොම ඉවසගෙන
අහගෙන හිටියද මන්දා. මම නම් අනිනවා හොම්බට ඒ
මිනිහගෙ. ඒ මදිවට සම්පතය. එයා නිසානෙ මේ සේරම."
"ඕව ඔහොම තමා ඉමාෂා. ඔයිට වඩා දේවල් අහල තමා
අද මම මේ තත්වයේ ඉන්නෙ"
"ඒ උනාට එහෙම බැහැනෙ"
"හරි හරි දැන් යමු ගෙදර"
"ඒක නෙමේ හෙට නිවාඩුනෙ.. පොඩි වැඩක් කරමුද"
"හෙට බ්‍රහස්පතින්දනෙ ළමයො. කොහෙද නිවාඩු
තියෙන්නෙ හෙට"
"අනේ මගෙ මෝඩ කොල්ලො.. හෙට පෝය"
"ඒකත් එහෙමද.. මට අමතක උනානෙ"
"අපි හෙට සිල් ගන්න යමු.. මට හරි ආසයි ළමා සාරිය
ඇඳල බෝ මළුව වටේ ඇවිදින්න ඔයා ළඟින්"
"ඉතින් ඕකට සිල් ගන්නම ඕන නැහැනෙ. අපි හවස්
වෙලා එමු පන්සලට"
"එහෙම බැහැ.. එනවද නැද්ද"

හදිසියේම යෙදුනාවූ සිල් ගැනීමේ කටයුත්ත නිසා මාගේ


ඔළුව අවුල් ජාලයක් වී තිබුනි. මම පහ වසරේ සීල්
සමාදන් වූවාට පසුව එම වචන කීපය ඇසුවෙත් ඇය්ගේ
මුවින් විය. වැස්සකටවත් පන්සලට නොයන මා දුටුවිට
අප පන්සලේ නායක හාමුදුරුවොත් පුදුමවනු ඇතැයි
නොඅනුමානය. සිල් සමාදන්වීම් තරයේ ප්‍රතික්ෂේප කලද
මට ඇය හා යනවා ඇරෙන්න වෙන විකල්පයක්
නොවීය.

"තාත්තෙ සුදු සරමක් තියනවද?"


"සරමක් .. මොකද මේ කවදාවත් නැතිව සරමක්
හොයන්නෙ"
"හෙට සිල් ගන්න තාත්තෙ"
"අයියේ ... ඔයා හොඳින් නේද.. ඔයාට අසනීපයක්වත්ද"
"අනේ මේ.. පැත්තකට වෙලා ඉන්නවද මගෙ යකා
අවුස්සන් නැතිව"
"නංගිගෙ කතාව ඇත්ත තමා. වැස්සකටවත් පන්සල් යන්
නැති තමුසෙට එක පාරම ආව මේ සිල් සමාදන් වීම
මොකද්ද"
"මේ .. මේ .. ඉමාෂට හෙට සිල් ගන්න ඕනලු තාත්තෙ"
"ඒක තමා මේ.. ආදර සීලයක්"
"මම කැමති නැහැ තාත්තෙ. ඒත් ඉමාෂාට බැහැ කියන්න
බැරි කමට යන්නෙ. "
"ඒ ළමය හින්ද හරි තමුසෙ පන්සලකට පල්ලියකට යන
එකනම් ලොකුදෙයක්. අල්මාරියේ ඇති සුදු සරමක්, බලල
ගන්න"
"කොහොම හිටිය කොල්ලෙක්ද තාත්තෙ මේ. කෙල්ලෙක්
නිසා හා පැටියෙක් වගේ වෙලා මගෙ අයියා"
"අනේ මේ.. කාමරයට ගිහින් පාඩම් කරනවද"
"ආදරේ කෙසේ වෙතත් ඒ අක්ක ආත්ම ගානකට පිනක්
කරගන්න යන්නෙ මෙයාව පන්සල් එක්කන් ගිහින්"
"ඕක නවත්තනව දෙන්නම. අයිය එක්ක රන්ඩු
අල්ලන්නෙ නැතිව ඔයා ගිහින් පාඩම් කරන්න"
"හරි හරි තාත්තෙ. කෝකටත් හෙට දවස ගැන නෝට්
එකක් දාගන්න ඕන. සොබා දහම පවා කැළඹෙයි මෙයා
පන්සලක සිල් සමාදන් වෙනවා දැක්කහම"
"දුව මම ඔයාට එකපාරක් කිව්වා දැන්..."

නංගීගෙන් නෝන්ඩි පිට නෝන්ඩි වැටුනද ඒ සියල්ලම


මම මගේ ආදරය නිසා ඉවසාගෙන සිටියෙමි. මාගේ සිල්
සමාදන් වීම ගැන අම්මාටද අදහාගැනීමට අපහසු කරුනක්
වූවේය. අම්මාද සිටියේ නංගීගේ මතයේය. පසුදින උදේ
පාන්දරම අපි දෙදෙනාම කතාකරගත් පරිදි පන්සලට
ගියෙමු. අප නායක හාමුදුරුවෝ මා දෙස පුදුමයෙන් මෙන්
බලා සිටියේ නංගීගේ මතය සනාතකරමින්ය.

"බලන්න ඔයාගෙ ලස්සන දිනුක. සුදු නෙළුම් මලක් වගේ


අද ඔයා"
"ආ ඇත්තද... කවුරු හරි පූජ කරයි බලාගෙන"
"ඒව කොහෙද මම ඉන්නකොට අඩම්බරකාරයො"

මගේ ජීවිතයේ ගතකල අමාරුම දවස්වලින් එකක් ලෙස


මට අද දිනය හැඳින්විය හැකිය. පැය ගනනාවක්ම එකම
තැනකට වී මෙලෙස සිටියේ මා පහ වසරේදී සිල් සමාදන්
වූවාට පසුවය. නමුත් අද දින පන්සලේ ගත කිරීම
නිසාදෝ මගේ හිතට සැනසීමක් දැනෙන්නට විය. විඩාකාරී
වූ සිතට සහනයක් දැනෙන්නට විය.

"ගුඩ් මෝර්නිං දිනුක.. මොකෝ බන් ඊයෙ දවසෙම ෆොන්


ඔෆ්"
"අපි සිල් ගත්තනෙ"
"අපි කිව්වෙ කව්ද"
"කව්ද ඉතින්, මමයි ඉමාෂයි"
"සිරාමද ඔය් කියන්නෙ, ඒක තමා ඊයෙ වැහි පොදක්
ගියෙ. යකෝ උඹව පන්සලක දකින්න පිං කරල
තියෙන්නෙ ඕන"
"ඔන්න ඔන්න ඉතින් උඹත් මට නෝන්ඩි දානවනෙ..
මගෙ කැමැත්තක් තිබුනෙ නෑ බන්. එයාගෙ හිත රිද්දන්න
බැරි නිසා ගියෙ"
"හම්ම්... ඒ කෙල්ල හොඳයි බන්. වෙන උන් නම් රූම්
එකකට යමු, ෆිල්ම් එකක් බලමු බොක්ස් ටිකට් එකකට,
ඔය වගේ දේවල්නෙ කියන්නෙ. ඒ අතින් බල්නකොට
උඹේ කෙල්ල දාහකින් සම්පතක්"
"ඔන්න ආයෙමත් රන්ඩුවලට යන්නෙ නැහැ කියල
මගෙන් පොරොන්දු ගත්තා බන් පන්සලේදි"
"ඇඩෙනවනෙ ඉතින් තනි ඇහැට.. අද ඉඳන් කාපන්කො
ගුටු සේරම මම තනියම"
"හරි හරි බලමුකො ඒක පස්සෙ අපි"
"රටක් පාලනය කරන්න පුළුවන් කොල්ලෙක්නෙ මේ
කෙල්ලෙක් හින්ද චොර වෙන්නෙ"
"ආදරේ හැටි මචෝ ... ආදරේ හැටී"

කතාකරගත් පරිදි සෙනසුරාදා උදේ දහයට පමණ මගේ


අම්මා හා තාත්තා ඉමාෂලාගේ ගෙදර ගියේය. ඔවුන් කල
කතාබහින් වැඩි හරියක්ම ගෙවුනේ මගේ සීල් සමාදන්වීම
පිළිබඳවය. සමහර අවස්ථා වලදී මේ ජීවිතය කුමකටදැයි
හැඟීමක් පහල උවත් මම මගේ ආදරේ වෙනුවෙන් ඒ
සියල්ලම අසා සිටියෙමි. විඳදරාගෙන සිටියෙමි. අපේ
ගෙදරින්ද ඉමාෂාට අකමැත්තක් නොතිබූ අතර
එන්ගේජ්මන්ට් එක ඉක්මනටම ගමු යැයි ඉමාෂගේ
තාත්තා ගෙනා යෝජනාවට මම අකමැති වූයේ මට තව
ටිකක් ඉගෙන ගැනීමට අවෂයය වූ නිසාවෙනි. මගේ
විරුද්දත්වයට ඔවුනගෙන් බාධාවක් නොවූ අතර මගේ
අදහසට ඉමාෂාගේ තාත්තා කැමති වීමද මට ලොකු
සහනයක් ගෙනදෙන්නාක් විය. අප හට පිළියෙල කර තිබූ
ඉතා රසවත් දවල් කෑම වේලෙන් පසුව අපි සියළු දෙනාම
ඔවුනට සමුදී පැමිනියෙමු.

"කොහොමද අම්මෙ ඒ අක්කි"


"අපේ එකාට හොඳ වැඩියි.. නෙළුම් මලක් වගේ"
"අනේ ඇත්තද, අපරාදෙ මට එන්න බැරි උනානෙ. නෙළුම්
මලක් වගේ නම් මෙයාට හොඳ වැඩියි තමා. මෙයාට හරි
යන්නෙ නිල්කටරොලු මලක් වගේ කෙනෙක්"
"අනේ මේ .. කියවන් නැතිව ඔයා ඔයාගෙ වැඩක් බලා
ගන්නවද? කුමාරිකාවක් කියල හිතාගෙන ඇති"

මා කල වැඩ වලින් අම්මාගේ බැනුම් මීටරය ක්‍රියාත්මක


නොවූ එකම දෙය ඉමාෂා විය. එය එසේ නොවුනේ
ඇයිද යන්න මම පුදුමයකට පත් නොවුනේ මගේ
ජීවිතයේද වෙනසක් කිරීමට ඉමාෂාට හැකි වූ නිසාය.
යොවුන් ආදරයකදී මුලින්ම මතුවෙන ගැටළු කීපය
හිතුවාටත් වඩා ඉක්මනින් හා ලේසියෙන් විසඳා ගැනීමට
හැකි වීම මා ලද විශාල ජයග්‍රහනයක් විය. ඉදිරි ජීවිතය
පිළිබඳව සැලැස්මක් ඇඳීමට සුදුසුම කාලය දැන් පැමින
ඇති බව මම කල්පනා කෙරුවෙමි. ජීවිතයේ සුන්දරම
අවදියේදී සුන්දර වූ ආදරයක හිමිකාරත්වය ලබා දුන්නාට
දෙවියන්ට තුතු පුදමින් මම නින්දට ගියෙමි.

"දිනුක, මොකෝ සෙනසුරාද වැඩේ, ගොඩද?"


"එකෙන්ම බ්‍රයන්.. සේරම ඉක්මනටම වෙනව බන්. මට
හිතාගන්නත් බැහැ. වෙලාවකට බයකුත් හිතෙනවා"
"ඒ මොකද?"
"ඉමාෂව නැති වෙයිද කියලා"
"මම උඹට දවසකුත් කිව්වා.. උඹට පිස්සු බන්. එහෙම
වෙන්නෙ නැහැ. උඹට වරදින් නැහැ බන් කවදාවත්, උඹ
හොඳ එකෙක්. ඒ වගේම මතක තියා ගනින් මේ අපි
හැමෝටම වඩා වාසනාව කියන දේ උඹට වැඩකරනවා"
"ඒකනම් ඇත්ත තමා.. ඒක නෙමේ බ්‍රයන් මොකෝ බන්
අසීස්ගෙන් ආරන්චියක්වත් නැත්තෙ"
"ඒක තමා බන්.. මේල් එකක්වත් නැහැ.. බලමුකො තව
ටික දවසක්. ඒක නෙමේ උඹ දන්නවද, ඩිමාව මරපු පිහිය
හොයාගෙන"
"නෑ .. උඹ කොහොමද දන්නෙ"
"මම ටිකක් විපරමෙන් හිටියෙ ඒ ගැන. කවුරුත් තාම
ඇසින් දුටු විදිහට සාක්කි දීල නැහැ"
"ම්ම්ම්ම්.. බය වෙන්නෙ එපා බන්. මොහොමඩයනෙ අත
ගැහුවෙ ගේමට."
"අපෝ .. කොයි වෙලේ බැළුවත් දෙන්න කයිය. ලවර්ස්ල
වගේ.. ගෑනු අපිටත් නැති ඔයාලට තියෙන්නෙ මොනාද
අනේ ඔච්චරටම කියවන්න"
"කොච්චරනම් දේවල් තියනවද"
"නැතුව නැතුව බ්‍රයන්.. හරි ඔබ තුමිය මේ අවේලාවේ
ඇයි අප දෙදෙනාව සොයා ආවේ"
"මොකක්ද වැඩමුළුවක් තියනවලු අනිද්දා.. ඉන්ෂුවර්න්ස්
සේරම ආයතන එනවලු.. ඉතින් අපිටත් ස්ටෝල් එකක්
දාන්නලු"
"තවත් වැඩක්.. දැන් කොහෙද තියෙන්නෙ ඕක"
"ටවුන් හෝල් එකේ"
"ඉතින් නිවන්ති අද බොසා මන් එක්ක කියෝ කියෝ
හිටියා, ඔහොම එකක් ගැන කිව්වෙ නැහැනෙ"
"ඒක මම දන්නෙ නැහැ. ඔයාල දෙන්නට තමා කියන්න
කිව්වෙ. මම ඉමාෂවයි සම්පත්වයි ලෑස්ති කරල
තියෙන්නෙ. ඔයාල කතා කරගෙන බොස්ට වචනයක්
දෙන්න හරි"
"බලහන්කො දිනුක, වැඩ නැතිවට වැඩනෙ.. දැන් අපි
මොකද කරන්නෙ"
"ම්ම්ම්ම් .. අපි මේ පාර අපේ පෙන්ෂන් ප්ලෑන් එක
හයිලයිට් කරමු. ඒ එක්කම මෙඩිකල් පැකේජ් එකත්
එක්ක දෙන ලයිෆ් ඉන්ෂුවරන්ස් එකත් හයිලයිට් කරල
පෙන්නමු. මම හිතනවා වැඩේ සාර්තක වෙයි කියලා"
"මරු අයිඩියා එක බන්.. ඒත් අර පෙන්ෂන් ප්ලෑන් එක
වෙන්නෙ කොහොමද කියන එක තාම ස්තීර නැහැ
නේද"
"ඔය කියන වැඩමුළුව තියෙන්නෙ අනිද්දනෙ බන්. ඒ
වෙද්දි මම හදල ගන්නම්.. වයස කීයෙන් උඩ අයටද
දෙන්නෙ වාරිකය කොහොමද කියන එක."

අප සියළු දෙනාවම කැඳවා අනිද්දා පැවැත්වෙන වැඩමුළුව


ගැන කෙටි හැඳින්වීමක් අප කලමනාකාරී තුමා විසින්
කරනු ලැබූ අතරම අප දෙදෙනා ඉදිපත්කල යෝජනාවට
ඔහු එකපයින්ම කැමැත්ත ප්‍රකාෂ කලේය. පෙන්ෂ්න් ප්ලෑන්
එක හඳුන්වාදීමේදී යම් යම් ගැටළු පැන නැගුනද මට ඒ
සියළු ගැටලු නිරාකරනය කර ගැනීමට හැකිවිය. එමෙන්ම
වැඩමුළුවට සහාබාගී වන සියළුම දෙනා කැඳවා එකිනෙක
මා පැහැදිලි කලේ පෙරදිනක සිදුවුනා වූ ගැටලු නැවත
ඇති නොවීමටය.

අප නොසිතුවාටත් වඩා පළමු දිනය අති සාර්තකව නිම


කිරීමට අපට හැකියාවක් ලැබුනි. ඉන්ෂුවරන්ස් එකකින්
පෙන්ෂන් ප්ලෑන් එකක් හඳුන්වා දීම එතැනට පැමිනි
පිරිසට අළුත් දෙයක් හා ඉතා සිත් ඇදගන්නා දෙයක් විය.
අප ආයතනය හැරුනු විට තවත් එක් ආයතනයක්
පමනක් එවැනි රක්ෂන ක්‍රමයක් හඳුන්වා දී තිබුනද අපගේ
ක්‍රමය තරම් එය සාර්තක එකක් නොවීය.

"දිනුක, උඹේ මොලේ තමා ... බලහන්කො මිනිස්සුන්ත


තියන උනන්දුව."
"ඒකනම් ඇත්ත. ඉන්ෂුවර්න්ස් කිව්වහම ගනන්වත් ගන්නෙ
නැහැ සමහරු. ඒක නෙමේ බ්‍රයන් අළුත් සෙට් එකත්
නියමයි නේද.. නියමෙට උනන්දුවෙන් වැඩ ටික කරනවා"
"ඒකෙ නම්බුව ඉතින් මටයි නිවන්තිටයි තමා"
"නැතුව නැතුව.. බ්‍රයන් යන්ද මොනා හරි බඩට දාගෙන
එන්න. උදේ ඉඳන්ම කෑවෙ නැති නිසා හරි බඩගිනියි
බන්. "
"ඔව් ඔව් මටත් එහෙම තමා.. මම අපේ කටියට කෑම
ගෙනත් දුන්නා සම්පත්ව යවලා. අපි දෙන්න විතරයි
කන්න ඉන්නෙ"

ඉමාෂා, නිවන්ති ඇතුළු පිරිස ඉතා කාර්යබහුල වී සිටි නිසා


අපි දෙදෙනා කෑම සඳහා පිටත්ව ගියෙමු. තවද අනෙක්
වෙළඳ කුටි වලටද ඇතුළු වීමටද අප දෙදෙනා අමතක
නොකෙරුවෙමු. අපට හමුවූ මැගි නූල්ඩස් කුටියක් අසල
නතර වූයේ අපගේ බගගින්න නිවා ගැනීමට මේ
වෙලාවේ හොඳම දෙය එයැයි සිතූ නිසාය.

"දිනුක අර බලපන්.. කෙවියගෙ මල්ලිගෙ සෙට් එක."


"කෙවියත් ඉන්නවා නේද"
"ඒක තමා.. උන් ටික ගේමක් අදීද. අනේ මන්දා රාජකාරී
ටයිම් එකේ ඉන්නෙත්"
"ගැහුවොත් ගහමු බන්"
"උඹේ අර පොරොන්දුව එතකොට.. හරි පොරොන්දුව
බල්ලට ගියාදෙන්කො. කොහොමද බන් ගහන්නෙ. එතන
නමයක් දහයක් ඉන්නවා"
"අපි අපේ පාඩුවේ ඉමු බ්‍රයන්. උන් වලියට ආවොත් මතක
තියා ගනින් මේ ප්ලාස්ටික් මේසෙ කකුල් ඉක්මනට
ගලවන්න පුළුවන්. ඒ නිසා ගැලෙව්වා ගැහුවා"

අප දෙදෙනාම එම ස්තානයෙන් නැගිට යාමට උත්සහ


නොකලේ එසේ කලොතින් ඔවුනට අප සෙකන්ඩ් වන
නිසාය. මෙතන මොන දේ සිදු උවද ඉවසීමෙන් කටයුතු
කිරීමට අපි දෙදෙනාම සිතාගත්තෙමු.

"බලාපල්ලකො මහලොකු චන්ඩි දෙන්න පූස් පැටව් වගේ


ඉන්න ලස්සන.උඹල දන්නවද එදා උඹල අත ඉස්සුවෙ
මගේ මල්ලිට. මේ කෙවින්ගෙ මල්ලිට. හයියක් තියනවනම්
දැන් අත උස්සල පෙන්නපල්ල බලන්න"
"කෙවින් අපි මෙතන රන්ඩුවෙන්න අවෙ නැහැ. අපි
ඉන්නෙ ඩියුටි ටයිම් එකේ. ගහගන්න ඕනනම් වෙන
තැනකට ගිහින් ගහගමු. අනික උඹේ මල්ලි එදා අහින්සක
කෙල්ලෙකුට කරදර කලාට තමා අපි ගැහුවෙ. නැතුව
අපිට උඹේ මල්ලි එක්ක තරහක් නැහැ"
"අඩෝ මේ.. ඒ මගේ මල්ලි. මල්ලි කැමති කෙල්ලෙක්ව
අල්ලන්න ඌට පුළුවන්."
"මේ අහපන් උඹට ආයෙමත් කියනවා. අපිට ප්‍රස්න
ඇතිකරගන්න ඕන නැහැ උඹ එක්ක මෙතන. අනික
මල්ලිට තේරුම් කරල දීපන් හැම කෙල්ලෙක්ම බඩුවක්
නෙමේ කියලා ඌට ඕන ඕන විදිහට අල්ලන්න"
"ඌ මගේ මල්ලි. ඌට ඕන දේ ඌ කරන්නෙ. උඹේ
කෙල්ල උනත් මට වැඩක් නැහැ.හොඳට ආතල් එක
තියනවනම් එච්චරයි"

කෙවින්ගේ එම කතාවත් සමගම ඔහු වටා සිටි සියළුම


දෙනා සිනා සෙන්නට වූ අතරම ඉතා ඉක්මනින්ම ක්‍
රියාත්මක වූ අප දෙදෙනා මේස කකුල් දෙක ගලවා
ගත්තේය. දෑත බදා පළමු පහර බ්‍රයන් කෙවින්ගේ මල්ලිගේ
ඔළුව හරහා යැවූ අතරම මාගේ පළමු පහර කෙවින්ට
එල්ල කලද ඔවුන්ගෙන් කෙනෙක් කෙවින්ව ආරක්ෂා
කලේය. කෙවින්ගේ සහෝදරයා නැවතත් කෑ ගසමින් බිම
පතිතවෙනාවාත් සමගම ඔවුන් සියළු දෙනාමා අප
දෙදෙනාව වට කරගෙනන පහර දෙන්නට විය. මාගේ යටි
බඩට වැදුන පාරත් සමගම මාගේ ඇඟද පන නැතිවී යන
බවක් දැනුනු අතරම කෙවින්ගේ කන හරහා තදබල
කනේ පහරක් එල්ලවූයේ එතන සිටි සියළු දෙනාම හිටි
පිළිම කරමින්ය. සියළු දෙනාම නිහඬ කරවමින්ය. ඒ වෙන
කවුරුත් නොව ඉමාෂා බව මගේ බොඳවූ දෑසින්
යාන්තමට වගේ දැක ගත හැකිවිය.

"තමුසෙට ඔච්චර හයියක් කොහෙන්ද ආව් මේ කෙවින්ට


අත උස්සන්න තරම්"
"ඇ හයිය දැනුනෙ නැද්ද තමුසෙට. ලැජ්ජ නැද්ද ඕයි
දහයක් දොළහක් වට වෙලා දෙන්නෙකුට ගහන්න"
"මේකිගෙ කට යකෝ.. හිටපන්කො තෝව මෙතන
නිරුවත් කරනනවා මම"
"මේ හලෝ .. මම වර්නකුලසූරියගෙ දුව. ඔය ඉන්නෙ
වර්නකුලසූරුයගෙ බෑන. පුළුවන්දෙයක් කරපන් බලන්න
මට.මොකෝ බය උනේ. දැන් මාව නිරුවත් කරන්න
නේද හැදුවෙ. කරනව ඉතින්. මහලොකු චන්ඩි"

ඉමාෂාගේ ඒ කතාවත් සමගම කෙවින්ගේ පොල්පිති චන්ඩි


නොපෙනී ගියේ තප්පර කීපයකිනි. කෙවින්ද වචනයක්වත්
නොදොඩා ඔහුගේ සහෝදරයවත්ව රැගෙන එම
ස්තානයෙන් නොපෙනී ගිය අතර ඉමාෂාගේ හා
නිවන්තිගේ උදව්වෙන් අපි දෙදෙනා අසල තිබූ පුටුවෙහි
වාඩිවූයෙමු. මාගේ යටි බඩට වැදුනු තදබල පහර නිසාත්
බ්‍රයන්ටද එල්ලවූ පහරවල් කීපය නිසාත් අප සියළුදෙනා
අතරම විනාඩි කීපයක දැඩි නිහඬතාවයක් පැවතුනි.

"ඔයා මාරයිනෙ ඉමාෂ."


"තෑන්ක්ස් අනේ. දැක්කනෙ තාත්තගෙ නම අහපුගමන්
පොල්පිති වීරයො ටික දුවපු හැටි. හොඳ වෙලාවට
අපිදෙන්න ආවෙ. නැතිනම් ඉතින් මේ දෙන්නගෙ කෑලි
එකතුකරන්න වෙන්නෙ සවලකින් තමා. ඔයා මට
පොරොන්දු උනා නේද දිනුක ආයෙ රන්ඩුවලට යන්නෙ
නැහැ කියලා"
"දිනුකගෙ වැරැද්දක් නැහැ ඉමාෂ. එයාලම තමා පටන්
ගත්තෙ."
"හරි හරි ඒ ගැන අපි පස්සෙ කතා කරමු ඉමාෂා. දැන්
මේ දෙන්නව එක්කගෙන යමු"

අප දෙදෙනාට සිදුවූ දේ පිළිබඳව සියලළුම විස්තරය


නිවන්ති අපගේ ලොක්කාට පැහැදිලි කර දුන්නේය. සරත්
සර් කෙවින්ලට විරුද්දව පැමිනිල්ලක් දමන්නට පොලීසියට
යාමට හැදුවද අපි දෙදෙනාම ඔහුට විරුද්දවූයේ මෙමෙ ප්‍
රස්නය තවත් දුරදිග ගෙනයාමට අකමැති වූ නිසාය.
විනාඩි විස්සකින් පමන ඉමාෂාගේ තාත්තාද අප
කාර්යාලයට පැමිනියේ සරත් සර්ගේ ඇමතුමක් නිසාය.

"දුව, මොනව උනත් ඔය කියන කොල්ලට අත උස්සපු


එක වැරදියි. අනික මම හිතුවෙ නැහැ ඔයා ඔච්චරම
නපුරුයි කියලා"
"දිනුකට ගහද්දි මට මාවම පාලනය කරග්න්න බැරිව ගියා.
ඒකයි ගැහුවෙ. සොරි තාත්ති"
"ඒ උනාට ඔය කියන හාදය සිද්දීන් ගොඩකට සම්බඳ
කෙනෙක්. මම හිතන් නැහැ මේ සිද්දිය එයාල නිකම්ම
මගහරීවි කියලා. ඉමාෂට කරදරයක් කරන්න බලයි"
"එහෙම වෙයි කියල හිතන්න අමාරුයි අන්කල්. ඔයාගෙ
නම ඇහුව විතරයි කට්ටිය ඒ මේ අත දිව්වා. අනික
ඉමාෂාට කරදරයක් වෙන්න ඉඩතියන් නැහැ මමයි
දිනුකයි.අන්කල්ට අපි ඒ ගැන සහතික වෙනවා"

ඉමාෂාගේ පියාගේ අවවාද අනුසාසනා රැසකින් පසුව ඔහු


අපහට සමුදී අම ස්තානයෙන් නික්ම ගියේය. එමෙන්ම
සරත් සර්ගේ නියෝගය මත බ්‍රයන් හා මා නිවස බලා
ගියේ විවේකීව හවස්වරුව ගත කිරීමටය. මා නිවසට
ඇතුළුවෙනවාත් සමගම අම්මාගේ බැනුම් මීටරය ක්‍රියාත්මක
වූයේ මා රන්ඩුවක පැටලී ඇති බව දුටු නිසාය. කරුනු
කාරනා පැහැදිලිකරදීම බැනුම් අසනවාට වඩා අමාරු වූ
දෙයක් නිසා අම්මාගේ බැනුම් මැද්දේම මම මගේ
කාමරයට ගියේ නිදාගැනීම සඳහාය. මාගේ යටි බඩට
වැදුනු පහර නිසා නිදාගැනීමට තරමක් අපහසු වූ අතරම
අම්මාගේ උණුසුම් තේ කෝප්පය නිසා මට ඒ කඩයිමද
ජයගැනීමට හැකිවිය. පැය දෙකක පමන නින්දකින් පසුව
මා අවදි වූයේ ඉමාෂාගේ දුරකථන ඇමතුමත් සමගමය. අද
දින අපගේ ස්ටෝල් එක කලින් ඉවරකල බවත් ඇයගේ
තාත්තා කෙවින්ලට විරුද්දව පියවර ගැනීමට සැරසෙන
බවත් කීවේය. ඇයගේ ඇමතුමෙන් පසු මම බ්‍රයන්ටද කතා
කලේ ඔහුගේ තත්වය විමසීම අතර ඔහුද හොදින් සිටීම
මා හට සහනයක් විය.
විවේක ගැනීමට මා හට නිවාඩුවක් ලැබුනද පසුදින
උදයේම මා කාර්යාලයට යාමට සිතුවේ මා හට එතරම්ම
අමාරුවක් නොදැනුන නිසාය. එමෙන්ම ඉතිරි වූ
වැඩරාජකාරි කීපයක් තිබීම හා ඉමාෂාව දැක ගැනීමට
ඇති ආසාව නිසාත්ය. බ්‍රයන්ටද ඇමතුමක් ලබදෙමින් මම
ඔහුවද රැගෙන වැඩමුළුව පැවැත්වෙන ස්ථානයට ගියෙමි.
මක්නිසාදයත් අද එම වැඩසටහනේ අවසන් දිනය වූ
නිසාවෙනි. මෙම වැඩමුළුවෙන් අප සිතුවටත් වඩා
සාර්තකත්වයක් ලබා ගැනීමට හැකිවීම ආයතනයක් ලෙස,
අප ලැබූ ඉහලම ජයග්‍රහනයකි.

"ඔයාල දෙන්නට අද මම විවේක ගන්න කිව්වා නේද"


"ඒක අවුලක් නැහැ සර්. දිනුකටයි මටයි එච්චර ලොකු
අමාරුවක් නැහැ. ඒකයි මේ පැත්තට ආවෙ. අනික අද
මිස්ටර් වික්‍රමසින්හ එනවා කිව්වා"
"ඒකත් එහෙමද. ඔයාල දෙන්නට අමාරුවක් තියනවනම්
අද ඕනම වෙලාවක යන්න හරි. මගෙන් ඒකට කිසිම
විරුද්ධත්වයක් නැහැ. බ්‍රයන් කකුල කොහොමද දැන්"
"තාම හොඳටම හොඳ නැහැ සර්, ඒත් අවුලක් නැහැ. ඒක
ඇරිල යාවි"
"ඔයාල දෙන්න මේ කම්පැනියට ආව දා ඉඳන්ම හොඳටම
තම රාජකාරිය කලා. ඒකනෙ මම තාමත් තමුසෙල
දෙන්නට ආදරේ. මට අද යන්න ඕන කොළඹ වැඩ
වගයකට. ඔයාල එහෙනම් මෙතන වැඩ ටික බලා ගන්න.
තව දෙයක්, වික්‍රමසින්හ එක්ක ගනුදෙනුවට යනොකොට
ටිකක් කල්පනාවෙන්. මිනිහ නීති කාරයා. අමුතුවෙන්
කියන්න ඕන නැහැනෙ"
"අපි ඒ ගැන බලාගන්නම් සර්. මොනාහරි අවුලක්
උනොත් විතරක් සර්ට කෝල් එකක් දෙන්නම්"

ලොක්කාට සමුදුන් අපි දෙදෙනා ඊයේ සිදුවූ දේට සමාව


අයැදීමීට රන්ඩුව ඇති වූ ස්ථානයට ගියෙමු. එහෙදී ඊයේ
දිනයේදී කෑමට නොහැකි වූ මැගි නූල්ඩස් දෙකද අවසන්
කල අප දෙදෙනා නැවත කාර්යාලය වෙත ගියේ බ්‍රයන්
මිමිනූ ආදර ගීතයත් සමගමය.

වැඩමුළුව නිසා අප කාර්යාලයේ සියලුම දෙනාට ගෙවී


ගිය දින කීපය ඉතා කාර්යබහුල දින කීපයක් විය. සම්පත්
ඇතුළු අපගේ අළුත් පිරිසේ මහන්සිය හා උනන්දුව නිසා
වැඩමුළුව සාර්තකව නිමකිරීමට හැකිවිය. එය ඔවුන් ලද
ඉහලම ජයග්‍රහණයක් විය. කරුණුකාරනා මෙසේ සමබරව
තිබියෙදීත් මාගේ සිත මදක් කලබලගතියෙන් යුතු වූයේ
මා හට ලැබුනු තර්ජනාත්මක දුරකථන ඇමතුමක් නිසාය.
ඉමාෂා මා දකින ලස්සන සිහිනයක් බවත් ඇයව පරිස්සම්
කරගන්නා ලෙසත් එම දුරකථන ඇමතුමෙහි සඳහන් විය.
අසීස් ළඟ නැති අඩුව මේ මොහොතේ මට තදින්ම
දැනෙන්නට විය.

"උඹ ඔය කෝල් එක ගැන ඉමාෂට කිව්වද"


"ඔව් මම කිව්වා. එයා තාත්තටත් කියලා"
"මේ ප්‍රස්නෙ දුරදිග යනව වැඩියි බන්."
"ඒක තමා බ්‍රයන්, අපි මෙහෙම ඉඳල වැඩක් නැහැ.
මොනව හරි කරන්න ඕන. අසීස් හිටියනම්"
"ඒක තමා බන්. මම ඊයෙ ට්‍රයිකලා මිනිහව සම්බඳ
කරගන්න. ඒත් බැරිඋනා"
"අපි තව ටිකක් ඉවසල බලමුකො. හැබැයි ඉමාෂාට
කරදරයක් කලොත් ..."
"ඒක තමා දිනුක මටත් බය. කාට හරි අපි එක්ක අවුලක්
තියනවනම් ඒක අපි එක්ක විසඳගන්න ඕන පිරිමියෙක්
විදිහට ඇවිල්ලා."
"කෙවිය තරහින් ඉන්නෙ බන්. දන්නවනෙ මිනිහගෙ
හැටි. සල්ලිවලට ඕනම දෙයක් කරයි. මතකනෙ ඩොලර්
වලට කෙවියගෙ ගෑනිව දුන්නා සුද්දෙකුට ඇඳ උනුසුම්
කරන්න"
"ඒක ඇත්ත. කෙවිය මහ එපා කරපු එකෙක්. උන් ඔය
ඉමාෂාව අල්ලගෙන ඉන්නෙ උන් දන්නවා උබේ දුර්වල
තැන එතන කියලා"
"හම්ම්ම්.. බ්‍රයන් මම දැන් යනවා ඉමාෂව ඇරලවල එන්න.
උඹ හයහ මාරට විතර ඔඩීලියා එකේ උඩ හිටපන් මම
එන්නම් හරි"

බ්‍රයන්ට එසේ සමුදුන් මම ඉමාෂා හා වෙරළ තීරයට


ගියෙමි. ඇය මුහුදු රැල්ලට එයින් හමා ආ සුළඟට මටත්
වඩා ඇළුම්කලෝය. සමහර වෙලාවට මම මුහුදු වෙරළට
අකමැති වූයේ එම හේතුව නිසා විය යුතුය.

"මගෙ හිතට මොකක්දෝ බයක් දැනෙනවා දිනුක"


"ඒ මොකෝ"
"අර ජරා මිනිස්සු ඔයාට මොනව හරි කරදරයක් කරයි
කියලා. ඉගෙනගත්තෙ නැති මෝඩ මිනිස්සු"
"ඔයා බයනොවී ඉන්නකො. සේරම හොඳින් සිද්ද වෙයි"
"බැරිවෙලා හරි මාව ඔයාට නැති උනොත් ඔයා හොඳින්
ඉන්න ඕන හරිද. මම වෙනුවෙන් මේ පුංචි කෙල්ලගෙ
ආදරේ වෙනුවෙන්, මේ පුංචි කෙල්ල මැවූ හීන
වෙනුවෙන් ඔයා ජීවත් වෙන්න ඕන හොඳින් හරි.. අනේ
මොකද අනේ ඔය කරන්නෙ. මගෙ කොන්ඩෙ
අවුල්කරන්නෙ මොකද?"
"නෑ මම මේ බැලුවෙ ඔළුව කොහෙ හරි වැදිල ඉදිමිලාද
කියලා. විකාර දොඩවන හින්දා"
"නෑ දිනුක මම ඊයෙ හීනයක් දැක්කා.. මම මේ
සේරගෙන්ම පැනල ගිහිල්ලා කැලේක භාවනා කරනවා"
"මම කිව්වෙ.. "
"නැහැ නැහැ .. සාමාන්යයෙන් මම දකින හීන ඇත්ත
වෙනවා. ඒකයි කිව්වෙ ඔයාට"
"දැන් ඕක වෙන්නෙ මෙහෙමනෙ.. අපි දෙන්න හනිමුන්
එකට යන්නෙ කැලයක් මැද්දෙ තියන ලස්සන තැනකට
වෙන්න ඇති. ඔයා සොබා ධහමට ආස නිසා ගලක් උඩට
වෙලා ඉඳගෙන ඉන්නවා ඇති. ඕක තමා ඔයාට ඔය
භාවනා කරනවා වගේ දකින්න ඇත්තෙ"
"ඔය කිව්වෙ ඉතින්.. හනිමුන් යන්නෙ ගලක් උඩට වෙලා
භාවනා කර කර ඉන්නද"
"හරි හරි දැන් භාවනා කලා ඇති. යමු අයිස්ක්‍රීම් එකක්
කන්න"

මා ඇය හා සිටිනා විට මගේ හිත සැහැල්ලුවෙන්


තිබෙනා හැටි පුදුමාකාරය. මනස කොතරම් අවුල් වියවුල්
උවද ඇය ලඟට වී ඇය දෙස බලා සිටිනාවිට සිතට
දැනෙනා දේ සිතට හැඟෙනා දේ නිවරැදිව විස්තර කිරීමට
මම නොදැන සිටියෙමි. ඇය ළඟ සිටිනා හැම
මොහොතක්ම එතර්ම්ම සුන්දරය, අලංකාරය. එමෙන්ම මා
ජීවිතයේ කල හොඳම දේ ඇය හා සීටීමට යන්න මට
සිතූ වාරගනන අනන්තය, අප්‍රමානය.
"දිනුක ඒක නෙමේ, ඔයා මාව අතහැරල වෙන
කෙල්ලෙක්ව යාළුකරගන්න"
"ඒ මොකෝ ඒ"
"ඊට පස්සෙ ඒ ගෑණු ළමයව අතහැරල ආයෙත් මගේ
ළඟට එන්න. මොකද අර කතාවක් තියනවනෙ පිරිමි
ළමයෙකුගෙ අන්තිම ආදරයයි ගැහැණු ළමයෙකුගෙ මුල්
ආදරයයි එකතු උනොත් ඒ ආදරය සදා අමරණීයයි
කියලා"
"එතකොට අර මම අතාරින ගෑණු ළමයට මොකද
වෙන්නෙ, ඒක එයාගෙ පළමු ආදරයනම්"
"ම්ම්ම්ම් ... හොඳ තර්කයක්.. හිතන්න ඕන දෙයක් "
"ඔයාටනම් අද මොකක් හරි වෙලා තියනවා ඉමාෂා.
නැතිනම් ඔයාගෙ ඔළුව කොහෙම හරි වැදිල තියනවා.
නැතිනම් මෙහෙම මනස්ගාත දොඩවන්නෙ නැහැනෙ"

ඇයගේ විකාර වූ අදහස් සමග ගත කල විනාඩි කීපයකින්


අනතුරුව මම ඇයව ඇගේ නිවසට ඇරලුවෙමි. ඇගේ
විකාර වූ අදහස් නිසා මාගේ හවස්වරුවම බොඳවී තුබුනද
ඇගේ සුවඳ තවමත් මාගේ ලඟ දැවටුන නිසා
සිහිනලෝකයේ අතරමන් වෙමින් මම මගේ නිවසට
පැමිනියෙමි. තනිවම සිනහවීම, නොයෙකුත් ජවනිකා
තනිවම රඟදැක්වීම යන රෝග ලක්ෂන නිසා මම
ආදරයෙන් වල්මත් වී ඇති බව මට සිතුනෙමි. මගේ
දුරකථනය නාදවීම නිසා මා අතරමන් වූ ඇගේ
ලෝකයෙන් නැවතත් පාර සොයා පියවි ලෝකයට
පැමිනීමට මට හැකිවිය.

"කොහෙද බන් ඉන්නෙ.. මම මෙතන දැන් තනියම විනාඩි


හතළිහක් විතර. තාම උඹ ඉමාෂ එක්කද ඉන්නෙ"
"මචන් බ්‍රයන්.. මාර වැඩේනෙ. මට අමතක උනා උඹ මම
එනකම් ඉන්නවා කියලා. ඉතින් මම කෙලින්ම ගෙදර
ආවා. සොරි බන්"
"උඹ මාර පොරක්නෙ. කෙල්ල හින්දා දැන් මාවත්
අමතකවෙන්න ගත්තද"
"අනේ එහෙම කියන්න එපා. එයාට කලින් උඹව මට
ලැබුනෙ. ඔහොම හිටපන් විනාඩි පහෙන් එන්නම්
ඔතන්ට."
"නෑ නෑ .. මේ දැන් අම්ම එන්න කිව්ව බන්
දොස්තරගාවට යන්න. අපි හෙටම සෙට් වෙලා කතා
කරමු."
"අම්මට මොකෝ බන්. ඊයෙත් හොඳට හිටියනෙ"
"එයා හොඳින් බන්. මොනවද රිපෝට් වගයක් ගන්න
තියනවලු."
"එහෙමද.. එහෙනම් හෙට සෙට් වෙමු. මොනව හරි
තියනවනම් කියපන්. මාත් එන්නම්"
"ඕකේ..ගුඩ් නයිට්"

බ්‍රයන්ව අද හවස්වරුවේ අමතවීම පිළිබඳව මට ඇති වූයේ


ලැජ්ජාවකි. නමුත් ඔහු කරුනු කාරනා තේරුම් ගැනීමට
හැකි හොඳ මිතුරෙක් නිසා මගේ අතින් මිතුරෙකුට
නොදැන වූ වරදට සමාව ලැබෙනවා නොඅනුමානය.
පාන්දර පහට පමන මාගේ දුරකථනය නාදවන හඬ
හීනෙන් මෙන් ඇසුනු නිසා මම නිදිමත ගතියේම
දුරකථනය අතට ගත්තෙමි. එහි බ්‍රයන් යන නාමය දිස් වීම
නිසා මට ඔහු ගැන ඇතිවූයේ පුදුම ආදර හැඟීමකි.
නිදහසේ තවත් පැයක් පමන නිදාගැනීමට තිබූ
අවස්තාවක් ඔහු නිසා මට මගහැරීයන අතර මෙතරම්ම
පාන්දර ඔහු මාව අවදිකරවූයේ යම්කිසි කරදරයක්දැයි
සිතා මම දුරකථනයට පිළිතුරු දුන්නෙමි.

"ගුඩ් මෝර්නිං මචන්.. උඹ නිදිද"


"අනේ නැහැ.. මම මේ මල් පැල්වලට වතුර දාන ගමන්
ඉන්නෙ."
"හරි හරි ඉතින් .."
"ඇයි යකෝ මේ පාන්දර කෝල් කරල නිදිද කියල්
අහන්නෙ. හරි හරි මොකෝ මේ කවදාවත් නැතිව
පාන්දරම. තව පැයක් විතර අගේට නිදාගන්න තිබුනා
බන්"
"නිදාගන්න පුළුවන් බන් පස්සෙ. උඹ හය වෙනකොට
වරෙන් අද හරි"
"ඒ මොකද බන්.. අද සිකුරිටිය නිවාඩුද, ගේට්ටුව අරින්නද
එච්චර උදෙන්ම යන්නෙ"
"ඔෆිස් එකට නෙමේ බන්, සුපුරුදු ස්ථානයට වරෙන්. අසීස්
ඇවිත්"
"මේ හදිසියේ.. "
"ඔව්. මිනිහට පාන්දරම අපි දෙන්නව මීට් වෙන්න ඕනලු"

අසීස්ට කවදාවත් නැතිව අපිව පාන්දරම හමුවීමට ඇති


ආසාව කුමක්දැයි මම කල්පනා කලෙමි. එමෙන්ම
හදිසියේම ඔහු ලංකාවට පැමිනියේ ඇයිදැයි යන්නද තවත්
ගැටලුවකි. කෙසේ වෙතත් මම බ්‍රයන්වද රැගෙන නියමිත
ස්ථානයට ළඟා වුනෙමි. වෙනදා මෙන්ම සුහදව පිළිගනු
ලැබූ අතරම ඔහුගේ මුහුණ සතුටින් පිරී තිබුනි.

"ගුඩ්මෝර්නිං අසිස්.. මොකද මේ කවදාවත්ම නැතිව


පාන්දරම"
"ගුඩ්මෝර්නිං දෙන්නටම.. මම මේ එන්න කිව්වෙ වැදගත්
දෙයක් ගැන කතා කරන්න"
"ඒ මොකක්ද ඒ"
"මගේ වයිෆ්ට දුවෙක් ලැබුනා. ඉතින් මම මේ බැළුවෙ
ලංකාවෙන් යන්න කියලා අවුරුදු පහ හයකට. අනික මේ
වැඩවලින් ඈත් වෙලා වෙනම ලයිෆ් එකක් හදාගන්න
කියල් බැලුවෙ"
"ඒකනම් හොඳ අදහස තමා. අපිත් ඔය ගැන කතා
කරන්න හිටියෙ ඔයා එක්ක. මොකද පහුගිය දවස් ටිකේ
වෙච්ච දේවල් එක්ක අපිත් හිතුවා ඔය ගැන"
"මට ඔයාල දෙන්නව විස්වාසයි. මේ සමාජය අපිට හොඳ
ජීවිතයක් ගතකීරීමට ඉඩ දෙයිද කියන එකයි ප්‍රස්නෙ"
"ඒ ගැන බය වෙන්න එපා අසීස්.. අපි අතරෙ තිබූ මේ
බැඳීම නිසා තමා අසීස් අපිට මෙච්චර දුරක් එන්න පුළුවන්
උනේ"
"ඒක ඇත්ත දිනුක. ආයෙමත් දවසක් ඒවි අපිට
හමුවෙන්න.. අපි එදාට අයෙමත් හමුවෙමු එහෙනම්."
"මේක සමුගැම්මක්ම නෙමේ. අපි ආයෙමත් හමුවෙමු.
මොකද අපිට කරන්න බැරිව ගිය එක මිෂන් එකක්
තියනවා. ඒක අපි ඉවරයක් කරමු. මොකද දුප්පත්
මිනිස්සුන්ට් ගොඩක් සහනයල් ලැබේවි"
"ඔය කියන්නෙ රොබින් හුඩ් මෙහෙයුම ගැන නේද"
"ඔව් ඔව්.. අපි ඒ ගැන කතා කරමු පස්සෙ. අනික ඔයාල
දෙන්න පරිස්සමට ඉන්න. තව දෙයක් අපි එදා ට්‍
රාන්ස්පෝට් කරපු බඩුවල සල්ලි හම්බවෙයි ලබන සතියෙ.
මම ඔයාලට දන්වන්නම්. ඒ සල්ලි වලින් අපි ප්ලෑන්
කරපු විදිහටම අර අසරණ ළමයින්ට ඉස්කෝලෙ යන්න
හදල දෙන්න. "
"හරි අසීස්, ඒ වැඩ ටික මමයි දිනුකයි බලා ගන්නම්. ඒක
ලොකු ප්‍රොජෙක්ට් එකක්"
"ඒ වගේම බ්‍රයන් ඔයා තව අවුරුදු දෙකකින් ප්‍රාදේශීය
සභහවට ඉල්ලන්න ඕන. එතකොට අපේවැඩ තවත්
ලෙහෙසි වෙනවා. ඒ නිසා දැන්මම ඒකට ඕන මූලික
අඩිතාලම දාගන්න. මොහොමඩ්වත් එවන්නම් මම තව
මාස දෙක තුනකින් ආපහු."

අසීස්ගේ මේ නික්මයාම අපදෙදෙනාටම අදහා ගත


නොහැකි දෙයක් වූ නිසා අප දෙදෙනා මදක් නිහඬව
සිටියේය. අසීස් පැමිනි රථය නොපෙනී ගියායින් පසුව අප
දෙදෙනාද කාර්යාලය වෙත ගියේ නිහඬවමය.

"මට හිතෙන්නෙම මිනිහ අපිට නොකිව්ව දෙයක්


තියනවා බ්‍රයන්. නැතුව මෙච්චර බලගතු චරිතයක් මෙහෙම
එකපාරටම ඉවරවෙයිද බන්"
"හම්ම්ම්.. අපි දෙන්නටත් ඕන වෙලා තිබුනෙ ඕකනෙ
ඉතින්. මේ වැඩ වලින් ඈත් වෙලා ඉන්නනෙ"
"දැන් උඹ හිතනවද අසීස් නැහැ කියල අපිට හොඳින්
ඉන්න පුළුවන් වෙයි කියලා. අපි ගනුදෙනු කල මිනිස්සු
එතකොට"
"මෙච්චර දවස් අපි බිස්නස් කලානෙ බන්, අපිව
නුරුස්සන එකෙකුට කියල ඉන්නවනම් ඉන්නෙ කෙවිය
විතරනෙ, ඒකත් මේ උගෙ මල්ලිගෙ සිද්දියක් නිසානෙ"
"උඹේ මතයත් හරි."
"මේ අසීස්ව අමතක කරපන්කො ටිකකට, කොහොමද
මේක"
"අඩෝ.. මුද්දක් නේද.. මාර ගති බන්. "
"මගෙ තේරීම තමා.. අද නිවන්තිගෙ උපන්දිනේනෙ. "
"ආ ඒ කියන්නෙ අද උඹ ප්‍රොපොස් කරනවා.. බය
වෙන්න එපා මචෝ සේරම හරි යනවා"
"අද අපිට පොඩි වැඩ වගයකට එලියට යන්න තියනවා
නේද, උඹ නිවන්තිව එක්කගෙන නමයයි හතර
වෙනකොට ඔඩීලියා එක උඩට එන්න ඕන හරි"
"නමයයි හතර.. උඹ නැකතකුත් බැලුවද"
" මොන නැකැත්ද බන්.. නිවන්ති ඉපදුන ටයිම් එක ඒක"
"උඹත් මාර පොරක්නෙ.. ඒවත් හෙව්වද"
"දන්නවනෙ ඉතින් මම ගැන උඹ. උඹ වෙලාවට කෙල්ලව
එක්කගෙන ආවම පොඩි වයලින් පාර්ට් එකක් එක්ක
බර්ත්ඩේ විෂ් එක දෙනගමන්ම මම මගේ ආදරේ
කියනවා"
"උඹ මෙච්චර පිටපතක් ලියල කියල මම දන්නෙ
නැහැනෙ බන්. මම මගේ වැඩේ හරියට කරන්නම්. බ්‍රයන්
මම ගිහින් ඉමාෂව එක්කගෙන එන්නම්. අද බස් එකේ
එනව කිව්වෙ"

මා අදාල ස්ථානාට ඇය පැවසූ පරිදි පැමිනියද ඒ


වනතුරුත් ඇය නොපැමිනි තිබුනි. කෙල්ලො කවද්ද
වෙලාවට වැඩක් කලේ යැයි මම ඇය එනතුරු එතනට
වෙලා සිටි මාගේ හද කම්පා වූයේ මා සිටි තැනට
තරම්ක් දුරින් ගිමන් හැරීමට හිඳගෙන සිටිනා වයසක
අත්තම්මා කෙනෙකු දැකීමෙන්ය. මේ ගෙවන ජීවිතය
කොතරන්නම් පුදුමාකාරද, අවිනිෂ්ෂිතද යැයි සිතමින් මම
අත්තාමාට උදව් කලෙමි. ඇය තරමක් දුර බැහැර සිට
පැමින තිබුනේ මීගමුව මහ රෝහලෙන් ප්‍රතිකාර ලබා
ගැනීම සඳහාය. උදේ ආහාර වේලද නොගෙන තිබූ නිසා
මම පළමුවෙන්ම ඇයට කෑමට යමක් අරන් දුන්නෙමි.
පිරිමි දරුවෙකුගේ හා ගැහැණු දරුවන් තිදෙනෙකුගේ
මවක් වූ ඇය අද මෙලෙස අසරණ වී සරනාගත
ජීවිතයක් ගතකරනුයේ පෝසත් පුතාගේ ජීවන ක්‍රමයට හා
පොෂ් දුවල තිදෙනාගේ ජීවන රටාවට මේ වයසක
අත්තම්මාව නොගැලපෙන නිසා යැයි ඇය ඇඬූ කන්දුලින්
මට පැවසුවේ මා ඇයට උදව් උපකාර කලාට ස්තූතිකරන
අතරතුරේදීමය. මතු උපදින හැම ආත්මයකදීම මීටත් වඩා
හොඳින් සිටීවායි පතමින් මම නැවතත් බස් නැවතුමට
ආවේ ඉමාෂාව ගැනීමටය. මා එම ස්තානයට යන විටදී
ඇය පැමින සිටි අතරම ඇගේ මුහුණෙහි නුරුස්සන
ගතියක් තිබුනේ මම ප්‍රමාද නිසා විය යුතුය.

"මොනාද දිනුක.. මාව ගන්නවත් වෙලාවට එන්න බැරිද


ඔයාට. බලන්න මම මෙතන කොච්චර වෙලා හිටියද"

මා ප්‍රමාද වී පැමිනීමට හෙතුව ඇය නොදැන සිටි නිසා


මම ඇයට සිහින් සිනහවකින් සන්ග්‍රහ කලේ ඇයට මාගේ
යතුරුපැදියට ගොඩවීමට ආරාධනා කරමින්ය.පසුව මම
සියළු කරුනු කාරනා ඇයට පැහැදිලිකරදුන් අතරම ඇයගේ
ඇස් කඳුලින් තෙත් වූයේ හරි කාරනය නොදැන මට
දොස් නැගීම නිසාය. එසේ දොස් නැගිමට එරෙහිව
ඇයවිසින් ඉදිරිපත් කල සමාව මා පිළිගත් නිසා නැවත
ඇයව යතා තත්වයට ඉතා ඉක්මනඉනින්ම ගෙන ඒමට මට
හැකිවිය.

"දිනුක මොකද්ද බන් මේ අත්තම්මගෙ කතාව"


"උඹ කොහොමද දන්නෙ"
"මට නිවන්ති කිව්වා"
"බලපන්කො ඉතින් නිවුස් යන ඉක්මන"
"හරි හරි මම සම්පූර්න කතාව දන්නවා. ඒක නෙමේ අර
වැඩේ හරි. උඹට තියෙන්නෙ වෙලාවට එයාව එක්කන්
එන්න විතරයි හරිද"
"හරි හරි බන්.. එක තප්පරයක්වත් මම එහාට මෙහාට
කරන්නෙ නැහැ"
"මොනවද අනේ හරි තප්පරේටම කරන්න හදන්නෙ..
අපිදන්නෙ නැද්ද ඉතින් ඔයාල දෙන්න ගැන."
"මැඩම් මැනස් කියල දෙයක් තියනවා නේද, වැදගත්
ඔෆිසර්ල දෙන්නෙක් කතාවක ඉන්නකොට ඔහොම
එකපාරටම එනවද"
"ආ ... බලන්නකො මෙයාලගෙ තියන ගෑස්.. එන්න
නිවන්ති අක්කි ... ටක් .. ටක් .. ටක් .. එක්ස්කියුස් මී සර්
.."
"කමින් .."
"ඔන්න දැන් හරිනෙ, ඔයාලගෙ විදිහට අපි ආවා"
"මොකද දෙන්න මේ පැත්තෙ"
"ඇයි අනේ අද අර කම්පැනීස් දෙකකට යනවා කිව්වා
නේද අපේ පැකේජස් ප්‍රමොට් කරන්න"
"මතකයි. ඔය ගැන තමා මමයි බ්‍රයනුයි කතාකරමින්
හිටියෙ ඔයාල එනකොට, බ්‍රයන් ඔයා මේ දෙන්නව
අරගෙන යන්න"
"ඇයි උඹ එන්නෙ නැද්ද"
"එනවා එනවා.. මම හරියටම අටයි පනහ වෙනකොට
ඇති. බොසා මොකක්ද වැඩක් කියල ඉන්නලු බන්. පොඩි
වැඩක් තියෙන්නෙ"
"හරි හරි ඔයාගෙ ඔය වැඩේ කරල එන්නකො එහෙනම්.
නිවන්ති අක්කි වීල් එකකට කතා කලා නේද?"
"වීල් .. ඒ මොකද? ඇයි වාහන නැද්ද"
"එකක පැච් එකක් ගිහ්න් තාම ඒක මගලු. අනික බොස්ට
ඕනලු කොළඹ යන්න"
"ඒකත් එහෙමද, එහෙනම් බ්‍රයන් උඹ යමන් මෙයාල
දෙන්න එක්ක. මම එන්නම්"
"වෙලාවට වරෙන් හරි"

බ්‍රයන්ගේ ආදර ජවනිකාව මාගේ දෑසින් බලා ගැනීමට


මම ආසාවකින් සිටියෙමි. බොසාගේ මේ ඉවර කිරීමට
නොහැකි උවත් මම බ්‍රයන් දුන් වෙලාවට වේදිකාවට
නගිනවායැයි සිතුවෙමි. බ්‍රයන් ඇතුළු පිරිස පිටව ගොස්
තප්පර කිපයකින් ඉමාෂා නැවත මාගේ කාර්යාලයට දිව
ආවේ මගේ දෙතොල් දඟකාර හාදුවකින් සැරසීමටය.
කවදා මේ දඟකාරකම්, කෙලිලෝලකම් නවිතීවිදැයි මම
සිතුවෙමි. ඔවුන් පිරිස පිටවී ගොස් විනාඩි දයකින් පමන
අපගේ බොස් මාගේ කාර්යාලයට පැමිනියේ දුරකථන
ඇමතුමක්ද සමග දැඩි කලබලයකිනි. ඉතා ඉක්මනින්ම
දුරකථන ඇමතුම විසන්දි කල ඔහු මාගේ මේසය මත තිබූ
වතුර විදුරුව හිස් කලේ තනි උගුරකටය.

"මොකෝ සර් ඔය.. දහඩිය දාගෙන.. කලබලයකින් වගේ.


මොකක්ද අවුල"
"දිනුක.. අපේ ළමයි ගිය වීල් එක ඇක්සිඩන්ට් වෙලාළු"
"මොනවා ..."

එම විස්තරය ඇසූ විගසම මම හිඳි ඉබේටම නැගිටූයේ වීල්


එකේ සිටියේ බ්‍රයන් ඇතුළු පිරිස බව මා දන්නා නිසාය.
ඊ තලයක වේගයෙන් මම අනතුර වූ ස්තානයට දිව
ගියෙමි. මාව අනුගමනය කරමින් අපගේ බොස්ද මා
පසුපස පැමිනියේය. පාරට පැමිනෙනෙවාත් සමගම අප
ආයතනයට මදක් එහයි තිබූ දුම් රිය මාරුවන ස්තානයේ
මිනිසුන් පිරිසක් වටවී ඇති අයුරු මම දුටුවෙමි. එමෙන්ම
ගිලන් රථයක්ද වේගයෙන් රෝහල දෙසට යානවා මම
දුටුවෙමි. මිනිසුන් වටවී ඇති නිසා පොලිස් ආරක්ෂාවද
එම ස්ථානයට යොදා තිබීම නිසා එතට යාමට තරමක්
අපහසු උවත් අපගේ කාර්යාලය ඇඳුනුම්පත නිසා අප හට
යාමට එතරම්ම අපහසුවක් නොවීය. එම ස්ථානයේ සිට
පැමිනි පුද්ගායෙකුගෙන් මම විස්තර විමසුවේ මා අනතුර
වූ ස්තානයට යාමට පෙරය.

"මොකද අයියෙ මෙතන උනේ"


"කොච්චිය එනව දැක දැක වීල් එක දැම්ම මල්ලී. අපි
බලාගෙන හිටියෙ. එහෙන්ම ඇමිනිලා ගියා වීල් එක.
දෙන්නෙක් එතනමයි. ගෑණු ළමයෙකුට බරපතලයි. එයාව
තමා දැන් අරගෙන ගියේ"

ඔහුගේ කතාව ඇසීමත් සමගම මගේ හදවත මොහොතකට


නැවතුනා සේ මට දැනුනි. මුළු පරිසරයම නිහඬ වූ වී
අහස අඳුරු වූ ගතියක් මට දැනුනි. රැස්ව සිටි පිරිස අතරින්
මා ඉදිරියට පැමිනියේ හිස් වූ මනසකින් වූ අතරම තැලී
පොඩී වීගිය ත්‍රීවීලය පළමුවෙන්ම මගේ නෙතු ගැටුනි.
දෙවනුව දුටු දසුනත් සමගම මගේ දෑස් කඳුලින් පිරී
බොඳවී යාමට ගතවූයේ තප්පරයකිනුත් අඩු කාලයකිනි.
මෙතුවක් කාලයකට මිතුරුකම් පෑ මගේ එකම මිතුරා
මගේ සහොදරයා නිහඩව නිසලව බිම වැතිර සිටියේය.
දඟකාරකම් පෑ කෙලිලෝල කම් පෑ මා ආදරය කල එකම
යුවතිය මගේ මිතුරාගේ සිරුරට මදක් එහයින් තිබුනේ
නිහඬවය. නිසලවය. වෙනදාමෙන්ම ඒ ඇස් අලන්කාරව
තිබුනද දිළිසන්නේ නැත. ඒ තොල්පෙති අද නිසලය. මා
මේ දකිනා දේ ඇත්තමයැයි පිළිගැනීමට මට අපහසු වූ
අතරම වටපිටාව සියල්ල අඳුරු වී යන ගතියක් මට
දැනුනි.

මම නැතව පියවි සිහියට එන විට තරමක් සුව පහසු


ඇඳක් මත වැතිර හිටියෙමි. දෙනෙත් විවර කර මා සිටි
තැනින් නැගිටීමට උත්සහ කලද හිසෙට දැනුනු දැඩි
වේදනාව නිසා මම එලෙසම සිටියෙමි. බොඳුවූ දෑසින් මම
තාත්තාගේ රුව දැක ඔහුට කතාකෙරුවෙමි. එවිට ඔහුගේ
විදානය මත හෙදියන් කීප දෙනෙක් හා අම්මාද නන්ගීද
මා අසලට පැමිනියේය.

"තාත්තෙ ... මොකද උනේ ... බ්‍රයන් ..."

මා එසේ පවසනවාත් සමගම තාත්තාගේ දෙනෙතින්


ගිලිහුනු කඳුළු බිඳු මා අත මතට එකිනෙක වැටුනේ
මාගේ දෙනෙත් ද කඳුලින් පුරවමින්ය. ඇසීමට නොයෙකුත්
දේ තිබුනත් සිදුවූ දේ පිළිබඳව දැන ගැනීමට ආසාවක්
තිබුනද මම මද වෙලාවක් නිහඬව සිටියේ මගේ සිත
සනසා ගැනීමටය.

"පුතාට කොහොමද දැනෙන්නෙ දැන් .. අමාරුවක් නැහැ


නේද? "
"මට මොකද උනේ ඩොක්ටර්"
"ම්ම්ම්.. ඔයාට තේරෙන විදිහට කියනවනම්, ඔයාව
කම්පනය වගේ ඇවිත් තියනවා. ඊට පස්සෙ ඔයාව සිහි
නැතිව වැටිල. ඒ වැටුනු පාර ඔයාගෙ ඔළුව වැදිල
තියනවා රේල් පීලක. බය වෙන්න දෙයක් නැහැ. අපි
හිතුවට වඩා ඔයා ශක්තිමත් වගේ. මොකද අපි හිතුවෙ
නැහැ ඔයා දවස් එකහ මාරකින් වගේ නැගිටීවි කියල"
"මොනව දවස් එකහ මාරක්.. එතකොට.."
"බය වෙන්න එපා. ඔයාගෙ රිපෝට් සේරම නොර්මල්. තව
එකක් තියනවා කරන්න. ඒක තව දවස් දෙකකින් වගේ
කලාම ඇති"

විනාඩි විස්සක් පමන මා පරීක්ෂා කර බැලූ ඔහු මා


සිටිනා කාමරයෙන් පිටවී ගියේ ඔහු සමග සිටි හෙදියන්ට
මොන මොනවදෝ පවසමින්ය. එමෙන්ම අම්මා හා නන්ගීද
මා අසලට පැමිනියත් වෙනදා මෙන් ඔවුන්ගේ මුහුනු
ආලෝකමත් නැත. කටකාරියක් වූ නංගීද නිහඬව මා
අසලට වී සිටියේය.

"කවද්ද තාත්තෙ අවසාන කටයුතු. එතන වැඩ හරියට


කෙරෙනවා නේද. අනේ මාව ගෙනියන්න කොහොම හරි"

මා එසේ ඇසුවද තාත්තා කඳුළු පිරි දෑසින් නිහඬව මා


දෙස බලා සිටියේය. දෙතුම් වරක් ඔහු මා සමග කතා
කිරීමට උත්සහ දැරුවද ඔහුගේ දෙනෙතින් ගලා ගිය කඳුළු
එයට ඉඩක් නොදුන්නේය. මා මේ තත්වයේ සිටීම
තාත්තාට දරාගන්නට අපහසු බව මම දැන සිටියෙමි. එම
නිසා මම නැවතත් ඔහුගෙන් පිළිතුරු සෙවීමට උත්සහ
නොදැරුවෙමි.

"හෙට පුතේ. ඔයාලගෙ ඔෆිස් එකට ගේනවලු දෙන්නවම.


ඊට පස්සෙ විෂේෂ ආගමික කටයුතු වලින් පස්සෙ
කනත්තට අරගෙන යනවලු. මොකද පුතේ උනේ"
"මම දන්නෙ නැහැ අම්මෙ. මම එතනට යනකොට
සේරම වෙලා ඉවරයි. මම ආදරය කරපු ඒ චරිත් දෙක
මගේ ඉදිරියේ වැටිල හිටිය. නිහඬව, නිසලව"
"ඒ කියන්නෙ ඔයාව සිහි නැතිව වැටෙනව ඔයා දන්නෙ
නැද්ද"
"නැහැ අම්මෙ.. "
"හරි හරි.. අම්මෙ ඕව පස්සෙ කතා කරමු.අයියට ටිකක්
නිදහසේ ඉන්න දෙන්න. ඔයාට බඩගිනිත් ඇතිනෙ. අපි
සුප් එකක් හදාගෙන ආවා. එන්න අපි පොවන්නම් ඔයාට"

මා කුමක් කරම්දැයි මම හරි ආකාරව නොදැන සිටියෙමි.


මේ මොහොතේ සිට මා ආදරය කල ඒ දන්ගකාරිය
නොමැතිව කාලය ගෙවිය යුතුය. මාගේ මිතුරා නොමැතිව
මා කාලය ගෙවිය යුතුය. නොයෙකුත් දේවල් වලින් මගේ
හිත පෑරෙද්දී මගේ ඇස් වලින් කඳුලු වැටුනේ මටත්
හොරාවටමය. අම්මා හා නංගී එම වැටෙන කඳුළු
එකිනෙක මාරුවෙන් මාරුවට පිසදැමූවද, මා සැනසූවද
මගේ මිතුරා නැවත එන්නේ නැත. මට ආදරේ කරන්න
මට හාදු දෙන්න ඇය නැවත එන්නේ නැත.

"තාත්තෙ.. ඔය අනතුර වෙනකොට තව කෙනෙක් හිටියා.


එයා ගැන ආරන්චියක් නැද්ද"
"නිවන්ති දුව් නේද.. එයා මේ වෙනකොට නවලෝකෙ
නවත්වල තියෙන්නෙ. එයාටහ් සිහිය නැහැ තාම.
දොස්තරල එයාලට කරන්න පුලුවන් හැම දේම කරනවලු
පුතේ"
"නිවන්ති වාසනාවන්ත කෙල්ලෙක් තාත්තෙ. බය වෙන්න
එපා සේරම හොඳින් සිද්ද වේවි"

පසුදින උදෑසන දහය පමන වන විට මට රෝහලෙන්


පිටවීමට අවසර ලැබුනි. එම අවාරයට මගේ කන්නලව්
කිරීමද බොහෝදුරට බලපෑමට ඇත. මාගේ රිපෝට්
සියල්ලම හොන්දින් තිබුනේ එහි සියළුවම දොස්තරවරුන්
පුදුම කරවමින් අතර ඔවුන් මා හැන්දින් වූයේ
පිටසක්වලයා යනුවෙනි. කෙසේ වෙතත් මා හට නියම
කර තිබූ ඉදිරි පරීක්ෂන වෙලාවට කරගන්නා ලෙසත් තව
සතියක් දෙකක් යනකම් වෙනදාට වඩා ටිකක් පරිස්සම්
වන ලෙසද ඔවුන් මට උපදෙස් දුන්නේය.

අහසේ පාටට සමාන වූ ලා නිල් පැහැති ඩෙනිමකින්, අත්


නැවූ සුදු කමිසයකින් හා කළු පැහැති බාටා දෙකකින් මා
සැරසුනේ මාගේ මිතුරාට හා ඇයට ගෞරව දැක්වීට යාම
සඳහා හා මා එසේ ඇන්ද විට ඉමාෂා ආසා කල නිසාය.
තාත්තා පැවසූ පරිදි අප කාර්යාලයයේ විෂේෂ වූ ආගමික
කටයුත්තක් සූදානම් කර තිබුනේ එම සිරුරු දෙකට
අවසන් ගෞරව දැක්වීමටය. එය ඔවුන්ට උරුම වූ දෙයක්
යැයි මම සිතුවෙමි. කාර්යාලය වෙත යාමට මම මගේ
ස්කූටිය පනගැන්වුවද මා නැවත එය අක්‍රිය කලේ මට
දැනුනු තනිකම නිසාය. මම එනකම් පාර අසලට වී සිටින
ඉමාෂා අද එහි නොමැත. විනාඩි පහෙන් පහට උඹ
කොහෙදැයි නාද වෙන මාගේ දුරකථනය අද නිහඬය.
කොතරම්ම හිතට වේදනාව දැනුනද මම නැවත මාගේ
ස්කූටිය පනගැන්වූයේ මට මගේ ජීවිතයේ හමුවූ ඒ අපූරු
චරිත දෙක අවසාන ගමන යන මේ මොහොතේ අවසාන
ගෞරව දැක්වීමට මා එතන සිටිය යුතු නිසාය. ඔවුන්ගේ
මතකයන්ගෙන් පිරී තිබුනු මාර්ගවලින් නොගොස් මම
අපගේ කාර්යාලය වෙත ලඟාඋනෙමි. කාර්යාලය අසල මා
නැවතී නිහඬව නිසල අහස දෙස බලා සිටියේ තවමත්
මට මගේ සිත කීකරු නොවූ නිසාය.

"දිනුක කොහෙද ඔයා ඉන්නෙ"


"මම ඇවිල්ල ඉන්නෙ සර්.. මට දුකයි ඇතුලට එන්න"
"මට තේරෙනව පුතා. ඉන්න මම එන්නම් එළියට ඔයාව
ගන්න. ඔයා එනකම් තමා සේරම බලාගෙන ඉන්නෙ. මේ
ආගමික කටයුතු ඉවර කරන්න"

සරත් සර් පැවසූ පරිදිම ඉතා ඉක්මනින් මා සිටිනා තැනට


පැමිනියේය. මගේ හිත සනසා ඔහු නොයෙකුත් දේ
කීවේය. දෙනතට බර වී තිබූ කඳුළු මොහොතකට
සඟවාගෙන මගේ මේ හිතට දැනුන වේදනාව
මොහොතකට දරාගෙන මම සෙමේන් සරත් සර් පිටුපසින්
පිය නැගුවෙමි. පාර දෙපසහි දමා තිබූ සුදු කොඩි වැල්ද ඒ
මේ අත දැඟලුවේ මේ වෙන්වයාම සොබාදහමට පිළිහත
නොහැකිබව හඟවමිනි.

මා කාර්යාලයට ඇතුලුවෙනවාත් සමගම බ්‍රයන්ගේ පවුලේ


පිරිස හා ඉමාෂා ගේ තාත්තා කෑ ගසමින් හඬාවැලපීමට
පටන් ගත්තේ මා වැලඳගෙනය. ඔවුන්ගේ කඳුළුවලින්
මගේ මුළු ශරීරයම තෙත් වීමට ගත වූයේ තප්පර කීපයක්
වූ අතර මගේ නැගනියගේ හා සරත් සර්ගේ උදව් උපකාර
ඇතුව ඔවුන්ව පාලනය කරගැනීමට හැකිවිය. මේ සියළුම
දුක් සෝ සුසුම් මැද මම සෙමින් සෙමින් පිය නැගුවේ ඒ
නිසල සිරුරු අසලටය. මගේ තනියට සිටි මගේ
ආඩම්බරකාර මිතුරා නිහඬය. මා අසල දඟකාරකම් පෑ ඒ
යුවතිය අද නිහඬය. ඔවුන් දෙදෙනාම මා දෙස නිහඬව
නිසලව බලා සිටියේ මා තනිකර මගෙන් වෙන් වෙලා
ගියාට සමාව අයදින්නාක්මෙනි. ඔවුන් හා ගතකල ඒ
සුන්දර මතකයන් මතකයට එනවාත් සමමගම මා
මෙතෙක් වෙලා සඟවා සිටි කඳුළු කැට එකිනෙක
පිළිවෙලකට මාගේ තොල්පෙති මතට වැටුනේ මම
නොදැනුවත්වමය. ඒ මොහොතේම මා ආසලට පැමිනි
මාගේ තාත්තා මාව තදින් අල්ලා ගත්තේ ම නැවත
අසනීප වෙයි යන බයට විය යුතු අතර හිත හයියට
තියයාගෙන ඔයාගෙ යාලුවො දෙන්නට ආදරෙන්
සමුදෙන්නයැයි මා හට මුමුනන ගමන්මය.

'බ්‍රයන්, මගේ ලඟට වෙලා නියම මිතුරෙක් විදියට උඹ ඒ


මිතුදමේ යුතුකම ඉටුකලා. උඹව මට හැමදාම මතකයේ
තියේවි. සමාවෙයන් මම ඒ වෙලාවෙ උඹ එක්ක හිටියෙ
නැති එකට. ආයෙමත් දවසක ඉපදියන් මගේම යාළුවා
වෙලා. එදාට අයෙමත් යමු බියර් එකක් බොන්න සිගරට්
දුම් බෝල යවන්න, සුපුරුදු තැනටම. මගේ ළඟ
දන්ගකාරකම් කරල ලොකු ලොකු කතා කියල ඔයා අද
නිහඬව ඉන්නවා නේද ඉමාෂ. මෙච්චර ඉක්මනට මගෙන්
යන්නද මෙතරම්ම මට ලෙන්ගතු උනේ. ටිකක් ඇස්
ඇරල බලන්න මම ඔයා ගාවමයි ඉන්නෙ. ඔයත් මට
ගොඩාක් සමාවෙන්න ඒ අවසාන වෙලාවෙ ඔයා එක්ක
හිටියෙ නැති උනාට. ඉන්නා තැනක හොඳින් ඉන්න. බ්‍
රයන් ඔයාව හොඳින් බලා ගනීවි. ආයෙමත් දවසක කවදා
හරි අපි හමුවෙමු. වැස්සෙ අයිස් ක්‍රීම් කමු. පන්සල් යමු.
ආයෙමත් සිල් සමාදන් වෙමු. මුහුදු වෙරළෙ අත් අල්ලන්
ඇවිදිමු'
"හිත හයියට තියාගන්න දිනුක, ඔයාගෙ දුක මට
නොතේරෙනව නොවේ. "

සරත් සර් මා අසලට පැමින එසේ පැවසූවේයේ මාගේ


ඇස් වලින් ගලා ගිය නොනවතිනා කඳුළු නිසා විය
යුතුය. අවසාන වතාවටත් මම මගේ මිතුරාගේ අත
ඇල්ලුවෙමි. මම ආදරය කල ඒ දඟකාරියගේ නලල සිප
ඇයට මම සමුදුන්නෙමි. මම දෙවියන් වහන්සේගේ ස්තීර
භත්හිකයෙකු නොවූවත් මගේ ළඟ සිටි මගේ මිතුරා හා
ඒ ආදරේ මගෙන් මෙලෙස උදුරාගත්තේ ඇයිදැයි යන්න
මම උන්වහන්සේගෙන් විමසා සිටියෙමි.

සරත් සර්ගේ ස්තූති කතාවත් සමගම ආගමික වැඩ කටයුතු


හා අනෙකුත් සියළුවැඩ කටයුතු නිමා උවත් නිවන්ති
මෙමෙ ස්තානෙයේ නැති අඩුව මට තදින්ම දැනෙන්නට
විය. අප දෙදෙනාගේ ළඟින්ම සිටි මිතුරියක් වූ ඇය බ්‍
රයන්ගේ එකම ආදර හිමිකාරියද වූවාය. ඇය වෙනුවෙන්
බ්‍රයන් ඔහුගේ ජීවිතයද ඔට්ටු ඇල්ලූ අවස්තා අනන්තය.
නමුත් ඇයට මෙම ස්තානයට පැමිනිය නොහැක. ඇයද
ඇගේ ජීවිතය හා පොරබදිමින් සිටින්නේය. සියළුම වැඩ
කටයුතු අවසානයේ සියළුම දෙනාගේ දුක් සෝසුම් මැද්දේ,
කඳුළු වරුසාවන් මැද්දේ ඔවුන් දෙදෙනා අවසාන ගමන්
ගියේ ලස්සන වූ මතකයන් සියළු දෙනාගේ සිත් තුල
ඉතිරිකරවමින්ය. එමන්ම ලස්සන ආදර කතාවක ඇරඹුමම
කඳුලක් කරමින්ය.

තප්පරයෙන් තප්පරය එකතු වී විනාඩිය ගෙවෙද්දීත් එම


විනාඩි පැය වලට හැරවී දවස් පවා ගෙවී ගියේ මට
නොදැනීමය. මා තවමත් එකම තැනමය. මා අසලට එන
පිරිස හිත පාලනය කරගන්නා හැටි පැය ගනන් දේසනා
දුන්නද, බුදුරදුන්වත් දේෂනා නොකල තරමට ධර්මය
දේශනා කලද ඒ සියළු දේ ක්‍රියාත්මක කල යුත්තේ මාය.
එහි ඇති නී රස විඳිය යුත්තේ මාය. ඉමාෂාගේ
මතකයන්ගේ වේදනාව මගේ සිතට දරාගත හැකි වුවද බ්‍
රයන්ගේ වෙන්ව යාම හිත පිළිනොගන්නේත්, හිතට
දරාගැනීමට අපහසුවනුයේත් ඔහු මාගේ ආත්මය හා බැඳී
සිටි මිතුරෙකු වූ නිසා විය යුතුය.

"පුතේ, හිත හදාගන්න බලන්න. මට තේරෙනවා ඔයා


ඉන්න තත්වය. ඒත් වෙච්ච දේ උනා. බලන්න දැන් දවස්
දහයකට වැඩිනෙ. ඔයා හරියට කෑමක්වත් කෑවෙ නැහැ"
"මට කන්න හිතක් නැහැ අම්මෙ"
"එහෙම කියල බැහැ පුතේ. ජීවිතේ හැටි ඔහොම තමා.
මිනිස්සු එනව යනව. අපි ළඟ රැඳෙන්නෙ බොහොම ටික
දෙනයි. මේ ජීවිත් ඔයා හිතන තරම් ලේසි නැහැ. හැබැයි
අමාරුත් නැහැ. අපි සටන්කරන්න ඕන පුතේ. හම්ම්ම්ම්..
සරත් සර් කතා කලා. සඳුදට එන්න කිව්වා එයාව
හම්බවෙන්න. ඒ ගමන් නිවන්ති දුවලගෙ ගෙවල් පැත්තෙත්
ගිහින් එන්න. ඒ දුවට තාම සිහියක් නැහැනෙ"
"මම කොහොමද අම්මෙ ආයෙ ඔෆිස් එකට යන්නෙ.
හම්ම්ම්ම්.. බ්‍රයන් නැතිම මම මේ ටවුන් එකේ ඇවිදල
නැතිව ඇති දවස් දෙකකට වඩා. ඉතින් කොහොමද
අම්මෙ මම තනියම කිසිදෙයක් නොවුන ගානට ඒ
පාරවල්වල යන්නෙ ආයෙමත්."
"එහෙම කියල බැහැ. ඔයාට ඒකට මූණ දෙන්නම
වෙනවා. ඔයා අකමැත්තෙන් හරි. මම දන්නවා මගෙ
පුතාට පුළුවන් හිත හදාගෙන ආයෙමත් නැගිටින්න.
ඔයාගෙ යාළුවට ඔප්පු කරල පෙන්වන්න දිනුක කියන්නෙ
ශක්තිවන්තයෙක් කියලා. ඔයා ඔහොම ඉන්නකොට ඒ
ළමයටත් දුක ඇති. දැන් කොහේ හරි ඉඳගෙන ඔයා දිහා
බලාගෙන ඇති."

අම්මාගේ අවසාන වචන කීපය මගේ හිත තුල තදින්ම


තැම්පත් විය. අම්මා නිවරැදිය. මා මේ ජීවිතයට මුහුනදිය
යුතුය. බ්‍රයන් විෂ්වාස කල ඒ යාළුවා, ඉමාෂා ආදරය කල
ඒ ආඩම්බරකාරයා නැවතත් පැමිනිය යුතුව ඇත. සරත්
සර් පැවසූ පරිදි මම සඳුදා දින ඔහුව හමුවීමට
කාර්යාලයට ගියෙමි. කොතරම් හිත එකතැනක තබා
ගැනීමට උත්සහ දැරූවද බ්‍රයන් හා ඉමාෂා මෙමෙ
ස්තානයට නැවත පැමිනෙන්නේ නැහැනෙ යන සිතුවිල්ල
මගේ සිතට රිදුම් එක්කරන්නට විය. වෙනදා මෙන්ම
කාර්යාලයේ සි‍
යළු දෙනාටම මාගේ සුපුරුදු සිනහවෙන්
සංග්‍රහ කිරීමට හැකි නොවූවද මම ඔවුන් සමග සුහදව
කතාකලෙමි. ඔවුන් සියළුදෙනාම මා අසල පැමින
එකිනෙකා තමන්ගේ කනගාටුව ප්‍රකාෂ කලේ මා හා
ඉමාෂාගේ ආදරයට වඩා බ්‍රයන් හා මගේ මිතුදම ඔවුන්
දැන සිටි නිසාය. අප සියළු දෙනාම අතරට හදිසියේම
සම්පත් දිව ආවේ මාගේ නම කියා කෑගසමින් අප සියළුම
දෙනා පුදුම කරවමින්ය.

" දිනුක .. දිනුක .. නිවන්තිට සිහිය ඇවිත්ලු.. සර් එන්න


ක්ව්වා ඔයාට කාර් එක තියන තැනට"

සම්පත් ඔහුගේ වචන කීපය කියා නිම කිරීමටත්


මත්තෙන්ම මම සරත් සර්ගේ වාහනය අසලට දිව ගියෙමි.
සම්පත් කියූ කතාව නිවැරදිය. නිවන්තිගේ ගෙදරින් සරත්
සර්ට ඇමතුමක් ලබා දී තිබුනේ ඔවුනට මාව සම්බන්දකර
ගැනීමට අපහසු වූ නිසාවෙනි. අපට හැකි ඉක්මනින්ම අප
දෙදෙනාම නිවන්ති නවතා ඇති රෝහල වෙත ගියද අප
දෙදෙනාම අතර පැවතියේ දැඩි නිහඬතාවයකි. අප එහි
යනවිතත් ඇයගේ පවුලේ සියළුමදෙනා පැමිනතිබූ අතර
ඔවුන් හා වචනයක්වත් නොදොඩා මම ඇය සිටිනා
තැනට හියෙමි.

"ඔයාද දිනුක කියන්නෙ"


"ඔව් මිසී.."
"මෙයාට සිහිය ආව ගමන්ම ඔයාව තමා ඇහුවෙ. වැඩිය
මහන්සි අරවන්න එපා මෙයාව. ඩොක්ටර් බලල ගියෙ
දැන්. තව ටිකකින් ආයෙමත් එයි."
"ඕකේ මිසී .."

නිවන්ති මා සමග කත කිරීමට උත්සහ කලද ඇය


අපහසුවෙන් සිටිනා බව මට වැටහූ නිසා ඉතා කෙටි
සන්වාදයකින් පසුව මම ඇයට සමු දී ඇය සිටිනා තැනින්
පැමිනියේ තවත් ඇයට විවේකය අවෂයය වූ නිසාය. නමුත්
හදිසියේම පොලිසියේ මහත්වරුන්ද එම ස්ථානයට
පැමිනියේ නිවන්තිගෙන් මෙමෙ සිද්දිය පිළිබඳව කට
උත්තරයක් ලබා ගැනීමටය. ඔවුන්ගේ අදහස වූයේ මෙමෙ
සිද්දිය සැක සහිත බවය. මක්නිසාදටත් දෙදෙනුකුට මරු
කැඳවා තවකෙකු රෝහල් ගත කල මෙමෙ අනතුරින් ත්‍
රීවීලය පදවාගෙන ගිය රියදුරාට සීරීමක්වත් සිදුවී
නොතීබීම නිසාය. මේ පිළිබඳව පොලිසියෙන් ඔහුගෙන් ප්‍
රස්න කිරීමකදී පවසා තිබුනේ, එක් අයෙක් යාමට හදිසි
කල නිසා ඔහු දුම් රිය පැමිනෙන බව දැක දැකත් හරස්
මාර්ගයෙන් දැමූ බවත් හා අනතුරක ඉව වැටූ නිසා තම
ජීවිතය බේරා ගැනීමට ත්‍රීවීලයෙන් ඉවතට පැනගත්
බවත්ය. මේ පිළිබඳව මාගේ අවදානයද යොමු උනේ
පොලිසියේ මහත්වරුන් මා හට කරුනු කාරනා
පැහැදිලිකලායින් අනතුරුවය. කෙසේ වෙතත් පැය දෙකක්
පමන ගතවීමෙන් පසුව නිවන්තිගෙන් ප්‍රකාෂයක් ගැනීමට
ඔවුනට හැකිවිය. ත්‍රීවීලයේ රියදුරාට සමාන වූ ප්‍රකාෂයක්
නිවන්තිගෙන් ලැබීම නිසා සැක කටයුතු ප්‍රස්න රැසකට
පොලීසියේ මහත්වරුන්ට පිළිතුරු ලැබූ බව මම විස්වාෂ
කෙරුවෙමි.

නිවන්තිට සිහිය පැමිනියද ඇයව ඇගේ නිවස බලා


ගෙනයාමට ඔවුනට අවසර නොලැබුනේ තවමත් පරීක්ෂන
කීපයක් සිදුකිරීම ඉතා අතයයා අවෂය බව දොස්තරවරුන්
පැවසූ නිසාය. එම නිසා තවත් සතියකට ආසන්න
කාලයක් ඇයට එම රෝහලේම් ප්‍රතිකාර ලැබීමට සිදුවිය.

"අයියෙ, ඔයා මෙහෙම කාමරේටම වෙලා ඉන්නකොට


අපිටත් දුකයි. බලන්න ඇඟේ හැටි, ඇදිල ගිහිල්ලා.
වෙච්චදේවල් අමතක කරන්න බැරි උනත් උත්සහ
කරන්න. මොකද ඔයා ඔයාටම ඔය විදිහට දුක් දුන්න
කියල ඔයාට ඒ සිදුවෙච්ච දේ ආපහු හරවන්න බැහැනෙ"
"ඔයාට තේරෙන්නෙ නැහැ නංගි"
"අනේ මේ ... කෙහෙල්මල.. ඔයා නිකන් පිස්සෙක්
වෙනවා. වැඩට යන්නෙත් නැහැ දැන්. අපිත් බයන්
ඉන්නෙ ඔයාට මොනව හරි වෙයි කියලා. අම්මත් මේ
ටිකේම ඔයා ගැන කල්පනා කරලද කොහෙද පෙෂර්
එකත් වැඩිවෙලා. ඔයා ඔයාට ඔනෙ මගුලක් කරගන්න.
ඒත් ටිකක් අපි ගැනත් හිතන්න"

නංගීගේ කන්දොස්කෙරියාව ඇසීමට අකමැති වූ මා


නිවසින් එලියට පැමිනියේ ඉමාෂා හා බ්‍රයන් වල දැමූ
ස්ථානය වෙත යාමාය. වෙනදා මෙන්ම එම ස්ථානය
අතුගා පිරිසිදු කල මා සුදු මල් කීපයකින් හා ඉටිපන්දම්
කීපයකින් ඔවුන්ගේ සොහොන් ආලෝකමත් කලේය.
ඔවුන්ගේ සොහොන් අසල අතීත මතකයන් කීපයට
මියැදුනු මම මුහුදු වෙරළ දෙසට ඇවිද ගියේ කිසිම
බලාපොරොත්තුවක්, අරමුණක් නොමැතිවමය.

වෙනදා මෙන් නොව අද වෙරළෙහිද කවුරුත් නැත.


එමන්ම නිසලය, නිහඬය. පෙමවතුන් පිරිවරාගෙන සිටි
වෙරළ අද මා මෙන්ම තනිවී ඇතැයි මම සිතුවෙමි. ඉමක්
කොනක් නොපෙනන නිසලව ඇති මුහුද දිහා බලාගෙන
නිහඩව ගල්පරයක් මත වාඩි වී මම සිටියේ තනිවමය.
මුහුද දෙසින් හමා ආ සුළඟින් මට ඇගේ සුවඳ
දැනෙන්නට විය. කොතරන්නම් කාලයක් අප මෙහෙ අත්
අල්ලාගෙන ගත කරන්නට ඇද්ද. කොතරන්නම් අයිස්ක්‍රීම්
ප්‍රමානයක් අප කා නිම කරන්නට ඇතිදැයි මම සිතුවෙමි.
විටෙක පෙම්වතුන් අසලට එන බොරු සාස්තරකාරයන්ටත්
ඉමාෂා සාස්තර ඉගැන්වූ වාර අනන්තය. බොහෝ
අවස්තාවලදී ඇයගේ කටකාරකම් වලට පරාද වී ඉවත
යන්නෙ අපට නොකෙකුත් කටකොනින් මුමුනමින්ය.
නමුත් ඒ සියල්ල මගේ අතීතයට එකතූ වී හමාරය.
තාලයකට ගල්පරයේ හැපෙන රළ තවමත් එලෙසමය. අප
මෙහි නැති උනද අයිස්ක්‍රීම් වෙලෙන්දෝ මෙන්ම
සාස්තරකාරයෝද ඇත. නමුත් ඇය නැවත මෙමෙ
ස්ථානටය පැමිනෙන්නේ නැත. මා හා අත් අල්ලාගෙන
අයිස්ක්‍රීම් කෑමට, සාස්තර කිවීමට ඇය නැත. ඒ සියළුම දේ
මා දුටු ලස්සනම සිහිනයක් යන තේමාව යටතේ මාගේ
අතීතයට එකතු වී හමාරය.

මුහුදු වෙරලෙහි මා ඇගේ මහකයන් හා සමග සිටි බව


මට මතකය. නමුත් මා හදිසියේම තරමක සුවපහසු වූ
ඇඳක් මතට පැමිනියේ කෙසේදැයි මාගේ මතකෙයේ
නොතිබුනි. පිළෛවෙලකට තිබූ මේසය, පිළිවෙලකට
අසුරා තිබූ පාවහන් හා අනෙකුත් දේ නිසා මා සිටිනුයේ
ආගන්තුක කාමරයක බව මට වැටහූ නිසා මම මා සිටි
ඇඳෙන් නැගිටීමට උත්සහ කලෙමි.

"හා හා .. පුතා කලබල වෙන්න එපා. ටිකක් ඉන්න


ඔහොම."
"මම .. මේ ..... මේ .. මේ කොහෙද ඉන්නෙ මම"
"බය වෙන්න එපා පුතේ. ඔයා මුහුදු වෙරළෙ වැටිල
ඉන්නව දැකල අපේ පුතයි එයාගෙ යාළුවෙකුයි තමා
ඔයාව මෙහෙට ගෙනාවෙ."
"මොනව.. මම වැටිල හිටිය.. මට මතක නැහැනෙ"
"පුතාගෙ ඇඟ දුර්වලයි වගේ. මට බලපු ගමන් තේරුනා.
මම මේ ඔයාට සුප් එකකුත් හදාගෙන එනකොටම තමා
ඔයා නැගිට්ටෙ. ආ ඔය ආවෙ මගෙ පුතත්"
"ඔයාට සනීපද දැන් යාළුවා "

මොවුන් පවසනා දෙය මට පුදුමයක් උවත් මොවුන්


කරුනාවන්ත පුද්ගලොයොයැයි මම ඔවුන්ගේ ක්‍රියාවලින්ම
තේරුම් ගත්තෙමි. ඇත්තටම මට සිදුවූ කිසිම දෙයක්
මතකයේ නොතිබීම පුදුමයකි. ගල්පරයෙහි තාලයකට
වදිනා රැලි දෙස බලා සිටියා මතකය. එතනින් එහාට
කොතරම් මතකය ගැනීමට මා උත්සහ කලද ඒ හැම
උත්සහයක්ම අසාර්ථක විය. මා මෙම ස්ථානයට ගෙන ආ
පුද්ගලයා ප්‍රියමනාප හා මනරම් සිනහවක් හිමි
තරුණයෙකි. ඔහු නමින් අමිල ය. තවත් පැයක පමන
කාලයක් මම අමිලගේ නිවසෙහි රැඳී සිටීමෙන් අනතුරුව
ඔහු මා නිවසටම ඇරලූයේ තවත් මිතුදමකට දොර්ගුළු
විවර කරමින්ය.

"මම කිව්වනෙ පුතේ ඔයාට. බලන්න ඔයාට වෙන


කරදරයක් උනානම් එහෙම.. අපි කාට කියන්නද..අපිට
කියල කොල්ලෙකුට ඉන්නෙ ඔයා විතරයිනෙ පුතේ.
හිතුවක්කාරකම් කරන්න එපා. හියදේවල් ගියාවෙ. බලන්න
අද හොඳ වෙලාවට අමිල පුතා ඇවිත් තියෙන්නෙ. කුඩු
කාරයෙක් එහෙම ආවනම්"
"හරි හරි අම්මෙ.. මම දැන් ගෙදර ආවනෙ"
"මෙයාගෙ පන්ඩිතකම අම්මෙ. අද මමත් ආදරෙන් මට
පුළුවන් විදිහට තේරුම් කරල දුන්නා. කොහෙද ඉතින්
අහන් නැහැනෙ"
"ඔව් පුතේ. ඔයාට වැඩට ගිහාම අර ළමයි දෙන්නව
මතක් වෙනවනම් ආයෙ නොයා ඉන්න. මොනව හරි
ඉගෙන ගන්න ප්‍රයිවට් කැම්පස් එකකට ගිහිල්ලා. එතකොට
ඔයාට තව යාළුවො හම්බවෙයි. ඒක උදව් වෙයි ඔයාගෙ
හිත හදා ගන්න. පරන දේවල් අමතක කරල දාන්න"
"ඒක නම් හොඳ අදහසක් අයියෙ. අපි කියන් නැහැ බ්‍
රයන්ව අමතක කරන්න කියලා. මොකද ඔයලා දෙන්න
හිටිය හැටි මමත් දන්නවනෙ. අම්ම කිව්ව විදිහට ප්‍රයිවට්
කැම්පස් එකක මොක්කක් හරි ඩිග්‍රී එකක් කරන්න.
කොළඹට වෙලා කරන්න. එතකොට යාළුවො සෙට් වෙද්දි
පරන දේවල් අමතක කරන්න ඔයාට පුලුවන් වෙයි.
වෙච්ච දේ උනානෙ අයියෙ. ඔයා මැරුනත් ඒ දේ ආයෙ
ගන්න බැහැනෙ. ඒ නිසා අම්මගෙ යෝජනාව ගැන ටිකක්
හිතල බලන්න."
"හම්ම්ම් .. මම හිතල බලන්නම්කො .."

අම්මාගේ යෝජනාව පිළිබඳව මම මගේ ඇඳමතට වී


පැයක් පමන කල්පනා කෙරුවෙමි. අම්මාගේ එම අදහස
නිසා මට මේ දැනෙනෙ වේදනාව තරමක් අඩු කර
ගැනීමට හැකියැයි විටක හිතුනද, එයද එතරම්ම දෙයක්
නොවේවියැයි මට විටක සිතුනේ නැවත මිතුරන් ඇති
කරගැනීමට නැවත ලෙන්ගතු හිතකට ආලකම් පෑමට මම
අකමැති වූ නිසාය. නැතිනම් මට ඒ පිළිබඳව ප්‍රියක්
නොතිබූ නිසාය.

"එහෙම හිතල හරියන්නෙ නැහැ දිනුක. මේ ඔයාගෙ


ජීවිතේ අවසානෙ නෙමේ. ඔයා ඉදිරියට යන්න ඕන.
නැතිනම් ඒක ඔයා ඔයාගෙ යාළුවො දෙන්නටත් කරන මදි
පුන්චිකමක් වෙනවා නේද"
"අනේ මන්දා සර්.. මට තේරෙන්නෙ නැහැ මොනව
කරන්නද කියලා. සම්පූර්ණ මගෙ ජීවිත කතාව නැවතිලා
තියෙන්නෙ"
"මට ඔයාව නොතේරෙනව නෙමේ දිනුක. මම දන්නවා
ඔයාට ආයෙමෙත් මෙතන්ට ඇවිල්ල වෙනද වගේ වැඩ
කරන්න බැහැ. ඔයාගෙ අහිමි වීම ගැනැ මට
නොතේරෙනව නෙමේ. මම මේ ඔයාට තේරුම් කරන්න
හදන්නෙ, ඔයා ඉදිරියට යන්න ඕන කියන එක. මොකද
ඔයා ටැලන්ටඩ් කොල්ලෙක්."
"හම්ම්ම්"
"හම්ම්ම් නෙමේ, මම කියන්නෙ ඔයාගෙ අම්ම ගෙනා
යෝජනාව ගොඩක් හොඳයි. ඔයා මොනව හරි ඉගෙන
ගන්න. ඔයාගෙ වයසෙ ළමයි එක්ක ටිකක් කාලය
ගතකරනකොට ඔයාගෙ දුක හිමිහිට තුනී වෙලා යාවි.
අනික තනියමත් ඉන්න ඕන නැහැනෙ එතකොට"

සරත් සර්ගේද මගේ අම්මා විසින් ගෙන ආ යෝජනාවට


එකඟ වූයේ ඔහුද මා හට ඔහුගේම පුතෙකුට මෙන්
ආදරය කල නිසාය. ඔහු මා හට ඕනැම වෙලාවක අපගේ
කාර්යාලයෙන් ඉවත් වී යාමට මා හට විෂේෂ අවසරයක්ද
ලබා දුන් අතරම නැවත ආ හට වැඩ කිරීමට කැමතිනම්
ලබන සතියේ ඒ ගැන ස්තීරවම වචනයක් දෙන ලෙසද
මට දන්වා සිටියේය. කෙසේ නමුත් මේ දිනවලදී මම
කාර්යාලයේ නොමැති වීම නිසා මා වෙනුවට කොළඹින්
කෙනෙකු තාවකාලිකව පැමින තිබුනි. එමෙන්ම ඔහුට
වැඩ කටයුතු නියමාකාරව කරගෙන ඉදිරියට යාමට
සම්පත්ගෙන්ද ලැබුනේ නොඅඩු සහයකි. සරත් සර් සමග
පැවති දීර්ග සාකච්චාව අවසාන වූයේ හදිසියේම නිවන්ති
පැමිනි නිසාය. ඇය අපගේ නිවසට ගොස් තිබූ අතර මම
කාර්යාලයට පැමිනි බව ඇය අපේ ගෙදරින් දැනගත් නිසා
ඇය කෙලින්ම කාර්යාලයට පැමිනියේ මා හමුවීමටය.

"ඇයි දිනුක ඔයාගෙ ෆෝන් එක වැඩ කරන් නැත්තෙ.


මම කොච්චර ට්‍රයි කලාද"
"ෆෝන් එක කොහෙද දන්නෙ නැහැ අනේ. හම්ම්.. මම
ඔයාලගෙ ගෙදර එන්න හිටියෙ. ඔයාට තාම සනීප මදි
නේද"
"ඔව්.. දිනුක මට යන්න ඕන බ්‍රයන්වයි ඉමාෂවයි බලන්න.
මට ඒ දෙන්නට අවසාන ගෞරව දක්වන්න ඕන"
"හම්ම්ම්.. යමු එහෙනම්. ඒ ලස්සන මතකයන් එක්ක ටික
වෙලාවක් තිනිවෙන්න යමු"

නිවන්තිගේ එම යෝජනාව පිළිගත් මම ඇය හා


සොහොන් පිටියට ගියෙමි. පසුගිය දවස් දෙකෙහිම මා එහි
නොගිය නිසා අප දෙදෙනා එහි තිබූ පරණ මල් ඉවත්
කර අතුගා පිරිසිදු කර ඉටිපන්දම් දැල්වුවේය. නිවන්ති
ඇයගේ වේදනාව මට හොරා සඟවාගෙන, ඇයගේ ඇසට
ආ කඳුළු බලෙන්ම සිරකරගෙන සිටිනා බව ඇගේ පැවති
දැඩි නිහඬ බව නිසා මම තේරුම් ගත්තෙමි. එමෙන්ම
ඇයට විවාහ යෝජනාව සඳහා බ්‍රයන් ගෙනා මුදුවද මාගේ
සාක්කුවේ තිබුනි. එය මට අයිති නොවන දෙයක් නිසා
මම ඇයට එය දීමට තීරනය කලෙමි. එය දීම සඳහා
හොඳම වෙලාවත් හොඳම ස්තානයත් මෙය බව මම
සිතුවෙමි.

"ඇයි නිවන්ති ඔයා නිහඬ"


"මේ වෙච්ච දේවල් මට හිතා ගන්න බැහැ දිනුක. බ්‍
රයන්.. ඒ වගෙම මේ දඟකාරී..මෙහෙම දෙයමට මූන
දෙන්න තරම් අපි කල පව මොකක්ද දිනුක"
"අඬන්න එපා නිවන්ති. ඔය කඳුළු තියාගන්න. මට ඔයාට
දෙයක් කියන්න තියනවා. ඒක ඇහුවහම අඩන්න ඕනි
උනොත් අඬන්න ඔය කඳුළු තියා ගන්න"
"මොකක්ද දිනුක ඒ .... ආ මේ මොකක්ද.. ලස්සන රින්
එකක් නේද.. ඉමාෂට ඔයා ප්‍රොපෝස් කරන්නද හිටියෙ"
"මේක මට අයිති එකක් නෙමේ නිවන්ති. ඔය සිදුවීම
වෙච්ච දා, ඒ කියන්නෙ ඔයාගෙ උපන්දිනේ දා අපි ඔයාට
සප්‍රයිස් පාර්ටි එකක් ලෑස්ති කරල තිබුනෙ. බ්‍රයන් ඔයාට
ගොඩක් ආදරේ කලා. ඔයාට ඒක දැනෙන්න ඇති. ඉතින්
ඔයාට බ්‍රයන්ගෙ ආදරේ ගැන කියල ප්‍රොපෝස් ...."

මට මගේ වචන ටික අවසන් කිරීමට නොහැකි විය. මා


බදා ඇය අඬන්න්ට් වූ යේ මෙතෙක් වෙලා නිහඬව තිබූ
පරිසරයද කම්පා කරමින්ය. ඇගේ වේදනාව අඩුවෙනකම්ම
මම ඇයට ඇඬීමට ඉඩ දී සිටියේ කඳුළු පිරුනු දෑසිනි.
මිතුදම සහෝදරත්වය ආදරය ඇගේ කඳුලින් ගලා ගියේ
මාගේ බැනියමද තෙත් කරමින්ය. මේ වැටෙනා වූ කඳුළු
වලට කතා කරගන්න පුලුවන්නම් යැයි මම නිහ්ඬව
සිතුවෙමි.

"ඔහොම අඬන්න එපා නිවන්ති. ඔයාට තාම් සනීපත් මදි


නේද"
"අනේ දිනුක .. කොහොමද මම එහෙම කරන්නෙ.."
"මේ ඇස් දෙකෙනුත් ඔයිට වඩා කඳුළු වැටුන කෙල්ලෙ.
ඔව් ඔයිට වඩා.. දැන් මට අඩන්න තේරෙන්නෙ නැහැ.
ඇඬුවත් කඳුළු වැටෙන් නැහැ. ඒ තරමටම මම අඬන්න
ඇති. මම දැන් ඒකට හුරු වෙලා නිවන්ති. දැන් කඳුළු
කියන්නෙ මගෙ හොඳ යාළුවෙක් නිවන්ති. බ්‍රයන් නැති
අඩුව දැනෙනකොට ඉමාෂගෙ ආදෙරේ අඩුව
දැනෙනකොට ඒ හැම වෙලේම කඳුළු මගේ ලඟට වෙලා
හිටියෙ මටත් හොරෙන් මටත් නොකියාම"
"අපි යමු දිනුක. පස්සෙ එමු ආයෙමත් මෙතන්ට. මට
මෙතන ඉන්නකොට දුක දැනෙනවා වැඩියි දිනුක"
"හම්ම්"
"තව එකක් දිනුක, මේ රින් එක ඔයාගාවම තියා ගන්න"
"ඒක මට අයිති දෙයක් නෙමේ නිවන්ති. ඒක ඔයාට
අයිති දෙයක්"
"මම දන්නවා දිනුක. ඒත් මේ කෙල්ලට මේක ලොකු
බරක් වේවි දිනුක. බ්‍රයන් කියන්නෙ පුදුමාකාර
කොල්ලෙක්. ඔයා මේක ඔයගෙ ඔය මාලෙ එල්ල ගන්න.
කෝ ඉන්න.. මගේ අත් දෙකෙන්ම දාන්නම්"
"ඒත් නිවන්ති .."
"බ්‍රයන්ගෙ ආදරේ මේ රින් එකේ තියනවා දිනුක. ඒ
ආදරේ මට වඩා ඔයාට වටීවි. ඔව් ගොඩාක් ඔයාට වටීවි.
ම්ම්ම්ම් දැන් හරි. ඔයා මැරෙනකම්ම ඔය මාලෙ ඔය මුද්ද
එක්කම කරේ තියාගන්න දිනුක. ඔයාට බ්‍රයන් ඔයාගෙ
ළඟ ඉන්නවා වගේ දැනේවි. මටත් ඔයාල දෙන්න ඉස්සර
වගේ එකට ඉන්නවා වගේ දැනේවි."

නිවන්තිගේ එම වචන කීපය නැවතත් මගෙ හිත


පාරන්නට විය. විනාඩි දෙකක් පමන නිහඬව සිට අපි
දෙදෙනාම අපේ යාළුවන් දෙදෙනාට සමුදුන්නෙමු.
නිවන්තිවද ඇගේ නිවසට දමා මම බ්‍රයන්ගේ අම්මා
දැකීමට ගියේ ඔවුන්ගේ සුව දුක් සොයා බැලීමටය. නමුත්
මා දුටු විගස ඔවුන් සිලලු දෙනාගේම ඇස් කඳුලින්
පිරීගියේ දුක් සෝ සුසුම් මැද්දේය. ඔවුන්ගේ සිත්
පෑරුවායැයි මගේ සිතට සිතුවිල්ලක් පැමිනි නිසා ඉතා
ඉක්මනින් ඔවුනටද සමු දුන් මම නිවසට පැමිනියේ පරණ
මතකයන් තුල කිමිදීමටය. නමුත් මා නිවසට යන විටත්
අමිල හා ඔහුගේ තාත්තා පැමින සිටියේ මාගේ සුවදුක්
බැලීමටය. එමෙන්ම මා මේ තත්වයට වැටීමට හේතුව
නැතිනම් සම්පූර්ණ විස්තරය අප අම්මා විසින් ඔවුනට
කියා තිබුනි.

"යාළුවා.. අපි දැනන් හිටියෙ නැහැ මෙච්චව දෙයක්.


මමයි තාත්තයි මේ ළඟකට ආව ගමන් ආවෙ මතක්
වෙලා ඔයාව බලන්න කියලා. ඒත් මේ ඇන්ටි කිව්ව
කතාව ඇහුවහම .. "
"වෙච්චදේවල් උනා අමිල. බොහොම ස්තූතියි ඔයාල මාව
බලන්න ආවට"
"එහෙනම් පුතේ ඔයා ටිකක් විවෙක ගන්න. අපි ගිහින්
එන්නම්"
"අනේ යන්න එපා දැන්මම. අම්මෙ මෙයාලට ඉන්න
කියන්න කාල යන්න"
"අනේ බැහැ යාළුවා.. අද අපිට පොඩි ඩිනර් ඉන්වයිට්
එකක් තියනවා. ඒ නිසා අද බැහැ. තරහ වෙන්න එපා.
වෙන වෙලාවක එන්නම්කො"

මාගේ ඉදිරි ගමන පිළිබඳව සිතමින් මා ඇඳ මතට වී


සිටියේ නිවන්ති මා ගෙල පැලඳූ බ්‍රයන්ගේ මුදුවද සමගය.
අද දිනයේදී මාගේ සිතට යම් සැහැල්ලුවක් දැනෙන්නට
විය. වෙනදා කල්පනා ලෝකයේ සැරිවසරමින් මතකයන්
අතරෙහි අතරමන් වෙමින් නිදියාමට වෙරදරන මා අද
දිනයේදී ඉතා ඉක්මනින්ම නින්දට වැටුනේ මටත්
නොදැනීමය.

"පුතේ, මාසයක්ම ඔයා හිටියනෙ නිකන්. මම ඉතින් ඔයාට


මොකුත් කිව්වෙ නැහැ. ඒත් ඉතින් මේ සෙල්ලම හැමදාම
කරන්න බැහැනෙ. ඔයා ගැන ටිකක් හිතන්න. ඔයාට
ලොකු නංගියෙකුත් ඉන්නවනෙ."
"හරි අම්මෙ. තව ටිකක් මෙහෙම ඉන්නම්."
"අනේ මන්දා ... දැන් ඔයා ඔය කොහෙද යන්න
ලෑස්තිවෙන්නෙ."
"මම ඉමාෂලගේ දිහා ගිහින් එන්නම්. අන්කල් මට කතා
කරල කිව්වා ඇවිල්ල යන්න කියලා"

ඉමාෂලගේ ගෙදර යාමට පෙර මම බ්‍රයන්ගේ ගෙදරටත්


යාමට අමතක නොකලෙමි. බ්‍රයන් අප අතරින් සමු ගත්
දා සිට ඔහුගේ කාමරය වසා තිබුනි. ඔහුගේ නිවසේ අයද
එය වසා තැබුවේ වෙන කෙනෙකු එම කාමරයට
ඇතුලුවීමට ඔවුන් මෙන්ම මාද අකමැතිවූ නිසාවෙනි. බ්‍
රයන්ගේ අම්මාගේ ඉල්ලීම මත මා එම කාමරයට සුද්ද
පවිත්‍ර කිරීමට ඇතුලු වූ අතර එම කාමරය තුලින් බ්‍රයන්ව
ජීව මානව විඳීමට මට හැකි විය. මගුල්ගෙදරකට
මළගෙදරකට පාර්ටියකට අඳින ඔහුගේ ඩෙනිම ද තවත්
ඇඳුම් කැබලි කීපයක් ඇඳ මත තුබුනි. ඒ සියල්ලම
පිළිවෙලකට තැබුව මා ඇඳද පිළිවෙලකට සකස්
කෙරුවෙමි. අතුගා පිරිසිදු කිරීමෙන් පසුව මා නැවත එම
කාමරය දෙස හැරී බැලුවේ ජීවිතයේ මා කාලය ගතකල
සුන්දරම ස්ථානයන්ගෙන් එකක් වූ නිසාය. ඔහුගේ
පරිඝනකය, සපත්තු රාක්කය මෙන්ම බ්‍රයන්ගේ අලන්කාර
වූ ටයි එකතුව නැවතත් පරණ මතකයන් අළුත් කරවූයේ
මගේ ඇස් කඳුලින් බොඳ කරන ගමන්මය.

මතකයන් හිතේ දරාගෙන බ්‍රයන්ගේ අම්මා ඇතුලු පිරිසට


සමුදුන් මම ඉමාෂාගේ නිවසට පැමිනියෙමි. ඉමාෂාගේ
නිවසට ඇතුලු වෙනවාත් සමගම දුටු දර්ශනයෙන් මාගේ
සිත නැවතත් කලබල විය. එනම් ඉමාෂාගේ තාත්තා
ටානියා සමග සාකච්චාවක යෙදී සිටීමය.මට ආපසු
හැරීමට නොහැකි වූ නිසා මම ඔහුන් අසලින්ම වාඩිවූයේ
ටානියා මා වෙත හෙලූ සරාගී බැල්මක්ද සමගය.

"දිනුක, මොකද පරක්කු උනේ.. කමක් නැහැ ඔයා


ආවනෙ මේ මැඩම් යන්න කලින්. දිනුක මේ ටානියා..
ටානියා මේ දිනුක. ඔයානම් ඉතින් මෙයා ගැන
දන්නවනෙ. අපේ දුව කියන්න ඇතිනෙ."
"මොකෝ නැත්තෙ මිස්ට වර්ණකුලසූරිය.. හායි දිනුක. ඈම්
සොරි ෆො යුවර් ලොස්ට්"
"ඉට්ස් ඕකේ .. මට ඒ නැතිවීම ගොඩක් දුරට දරාගන්න
පුලුවන් දැන්"
"දිනුක, මම ඔයාට එන්න කිව්වෙ කාරනාවක් ගැන කතා
කරන්න."
"එක්ස්කියුස් මී.. ඔයාල එහෙනම් කතාකරන්න. මම ගිහින්
එන්නම්. මට පොඩි වැඩක් තියනව. හවසට මම එන්නම්"
"ඕකේ ටානියා.. මගෙ වැඩෙත් බලාගෙනම එන්න"
"ඔකේ .. අයි විල්.. හැන්ඩ්සම් මම ගිහින් එන්නම්. පස්සෙ
අපි කතාකරමු"

ඇය එසේ පවසමින් අප අතරින් නැගිට ගියේය. එමෙන්ම


ඉමාෂාගේ තාත්තාද ඇය ඇරලවීමට ඇය සමග නැගිට
එළියට ගිය නිසා මොවුන් අතර කිසියම් වූ ලොකු
බැඳීමක් ඇතැයි මම සිතුවෙමි. ඉමාෂා හමුවීමෙන් පසුව මා
ටානියාව හමුවූයේ නැත. ඇයට කරුනු කාරනා පහදා දුන්
අයුරු මට මතකය. නමුත් ඇය මෙමෙ පවුල සමග ලඟම
සම්බන්දයක් ඇතැයි මට සිතුනි.

"සොරි පුතා.. ටානියා මගෙ හොඳම යාළුවගෙ වයිෆ්.


හම්ම්ම් එයාටත් හිතා ගන්න බැහැ මේ වෙච්චදේවල්"
"ඇයි අන්කල් මට එන්න කිව්වෙ"
"පුතා.. මම තීරනය කලා ලන්කාවෙන් යන්න. ඉමාෂත්
නැති එකේ මට මෙහෙ ඉඳල වැඩක් නැහැ."
"අනේ .. ඒත් අන්කල් .."
"මම ගියාට මාස හයෙන් හයට වගේ ඇවිල්ල යන්න
එන්නම්. මේ ගෙදර වැඩ කරන අය ඉන්නවනෙ. ඔයාට
ඕනම වෙලාවක මෙහෙ ඇවිල්ල යන්න. මෙන්න ඉමාෂගෙ
කාමරේ යතුර. ඒක ඔයාට අයිති දෙයක්. ඔයා ලඟතියා
ගන්න"
"හම්ම්ම්.. අන්කලුත් ගියාම.."
"මට මගෙ දුව නැති අඩුව ගොඩක දැනෙනවා පුතා. ඒ
කෙල්ල නැතිව මේ ගෙදරත් පාළුවට ගිහින්. හම්ම්ම්.. මම
ටික කාලයකට යනවා කැනඩාවට. මගේ නංගි ලඟට. මේ
තනිකම මකාගන්න ඒක ටිකක් හරි උදව්වක් වෙයි කියලා
මම හිතනවා"
"අන්කල්ට කැමති දෙයක් .."

ඔහුගේ කීම නිවැරදිය. ඉමාෂා නොමැතිව මෙම විෂාල


නිවස පාලු සොහොන් පිටියක් වැනිය. අන්කල් හා මා
නැවතන් පරන මතකයන් මතකයට ගෙනාවේ තේ
කෝප්පයක රස බලනා අතර තුරය. පරන මතකයන්
නැවත නැවත ඇලුත් කර නැවත නැවත හිත පාරා
ගැනීම ඵලක් නොවන දෙයක් බව මම අන්කල්ගේ
කතාවෙන් තේරුම් ගත්තෙමි. ඇත්තටම එය නිවැරදිය.
මාගේ ජීවිතයද නැවත ආරම්ඹ කල යුතුයැයි මම
සිතුවෙමි. එය කල යුත්තේද මාගේම විදිකකටය. හවස
තුනට පමන ඉමාෂාගේ තාත්තාට සමුදුන් මම නිවන්තිගේ
ආරාධනාව සමග කෙලින්ම හොහොන් පිටියට ගියෙමි. අප
දෙදෙනාම එක් වී පරන වූ මල් ඉවත් කර අලුත්මල් තබා
අප යාළුවන් වෙනුවෙන් ඉටිපන්දම් පත්තු කලේය. එම
සියලුම වැඩ අවසානයේ මම නිවන්තිව නිවසට ඇරලවා
මම මගේ නිවසට පැමිනියේ අළුත් බලාපොරොත්තු
රැසක්ද සමගය. නමුත් මා නිවසට පැමිනෙනවාත් සමගම
මගේ දුරකතනය නාද වූයේ නැවතත් මට අපගේ සුපුරුදු
ස්ථානයට පැමිනෙනලෙසය. ඒ වෙන කවුරුත් නොව,
අසීස්ය.

"අසීස් මේ වෙලාවෙ, හදිසියේම. මොහොමඩුත් ඉන්නෙ"


"කොහොමද පොඩි මහත්තයො. බ්‍රයන් මහත්තය නැති
අඩුව දැනෙනවා ඇති නේද ගොඩක්"
"වෙච්ච දේවල් උනා මොහොමඩ්. පරන දේවල් ආයෙ
ආයෙ මතක් කරගෙන් අපේ හිත් පාරගන්න ඕනි නැහැ.
අපි අපේ යුතුකම් ඉටුකරමු. ඉතින් අසිස් මේ හදිසියේම"
"බ්‍රයන් නැතිව අපි හමුවෙන පළමු දිනය නේද මේක"
"හම්ම්ම්.. ඒකනම් එහෙම තමා"
"හරි අපි කතාවට එමු. අපි ගොඩක් දේවල් කලා. ඒ
වගේම අපිට තව ගොඩක් දේවල් කරන්නත් තිබුනා. නමුත්
හදිසියේම ඩිමන්ත හා බ්‍රයන් අප අතරින් අයෙ
නොයන්නම ගියා. හම්ම්ම්.. ඒ අහිමි වීම අපිට ලොකු
පාඩුවක්"
"දැන් අසීස් කියන්නෙ, අපි ආපහු මේ වැඩ පටන් ගමු
කියලද. ඒක එහෙමනම් ඒ ගැන ටිකක් ආයෙමත් හිතමු.
මොකද බ්‍රයන් නැතිව..."
"නැහැ දිනුක.. මම ඒක නෙමේ කියන්න හැදුවෙ. මොකද
මම ආසත් නැහැ ඒ අතීතෙට මගෙ දුව ඉපදුන දා ඉඳන්"
"හරි එහනම් කෙලින්ම කියන්නකො කියන දේ කැටයම්
වචන නැතිව"
"මේකයි පොඩි මහත්තයා.. ඩිමන්තගෙ මරනෙ පරීක්ෂන
ආයෙමත් පටන් අරන්"
"මොනව.. ඒ කොහොමද"
"මේකයි දිනුක.. ඔයාට මතකයි නේද ඩිමන්තලගෙ ගෙදර
පහු කරගෙන ටිකක් දුර එනකොට මහ වීදියට වැටෙන
තැන ජුවලරි ෂොප් එකක් තියනවා."
"ඔව් .. මම දන්නවා.. ඒකෙ සම්බන්දය මොකක්ද ඉතින්
ඩිමන්ත එක්ක"
"ඒ කඩේ ගාවට එනකම්ම වෙන කිසිම අතුරු පාරක්
නැහැ ඩිමන්තලගේ ගේ ගාව ඉඳන්."
"ඉතින්"
"එතකොට අනික් පැත්තෙන් ඒ කියන්නෙ සුරුවම ගාවින්
තමා එන්න තියෙන්නෙ. එතන ඒටීම් මැෂින් එකක්
තියනවා නේද."
"ඔව් ඔව්.. අලුතින් හයිකරපු එකනෙ"
"හරියට හරි.. පොලිසීය ඒ ඒටීම් මැෂින් එකේ ඉස්සරහ
කැමරාවෙන් රෙකෝඩින් වගයක් අරන් තියනවා. ඒ
එක්කම අර කිව්ව ජුවලරි ෂොප් එකෙත් තියනවා පාරට
ඩිමන්තගේ ගෙවල් පාරට මූනලා කැමරාවක්. අන්න
එකෙන් රෙකෝඩින් එකක් අරන් තියනවා"
"ඉතින් දැන් ඔය කියන රෙකෝඩින් වලයි ඩිමන්තයි
අතරෙ තියන සම්බන්දය මොකක්ද"
"ඩිමන්තගෙ සිද්දිය වෙන වෙලාවෙ පොඩි බයික් එකක
දෙන්නෙක් යන එකක් හා සටහන් වෙලා තියනවා.
පොලිසීය කියන් විදිහට ඒ දෙන්න පාරෙ එහා පැත්තෙන්
මතු වෙලා නැහැ. මොකද අර ජුවලරි ෂොප් එකේ ගත්තු
රෙකෝඩින්වල එහෙම එකක් නැහැ. අතකොට අර කිව්ව
දෙන්නම ටිකක් වේගයෙන් අපහු යන එකක් සටහන්
වෙලා තියනවලු. ඉතින් පොලිසිය සැක කරනවා ඒ බයික්
එකෙන් යන දෙන්නා මේකට සම්බන්දයි කියලා"
"ඉතින් එහෙම සැක කරන්න කොහොමද අසීස්.. ඔය
කියන බයික් එක ඩිමන්තල්ගෙ ගෙඩ්දර පහුකරන් ගිහින්
වෙන ගෙදරකට ගියා වෙන්න බැරිද"
"ඔව් ඒක තාමත් එයාල හොයන්වලු. ඒ පාරෙ සියළුම
ගෙවල්වලින් කට උත්තර අරගෙන එදා රෑ ඒ සිද්දිය වෙන
වෙලාවෙ කව්ද හිටියෙ ආවෙ ගියෙ කියන්න"
"දැන් ඔඅ ඒටීම් එකෙන් ගත්තු රෙකෝඩින් එකෙන්
පූලුවන්නෙ සැක කාරයන්ව අඳුන් ගන්න"
"බැහැ.. ඒක ඒච්චරම පැහැදිලි නැහැ. යන්නතම් පේනව
විතරලු මෝටර් සයිකලයක දෙන්නෙක් යනවා."
"ඒ යන්නෙනම් ඉතින් මමයි බ්‍රයනුයි තමා. එයාලට
අදුනන්න පුලුවන්නම් මේ වෙනකොට මාව අල්ලලනෙ.
අවුලක් වෙන්නෙ නැහැ අසීස් බය වෙන්නේ එපා"
"එහෙම කියන්න එපා දිනුක. මේක අපි හිතනවට වඩා
දරුනුවට යයි වගේ. මම ඔයාට මේ වෙච්චදේවල් අස්සෙ
එන්න කිව්වෙ ඔයාටම තමා මේක ගැන විමසිල්ලෙන්
ඉන්න පුලුවන්"
"මම .. ඒ කොහොමද"
"මේක හැන්ඩල් කරන්නෙ මිස්ට වර්නකුලසූරියගෙ ප්‍
රදානත්වයෙන්. ඉතින් ඔයාට බැරි වෙන එකක් නැහැ .."
"හම්ම්ම්ම්.. ඒකත් එහෙමද.. හරි මම ටිකක් කල්පනාවෙන්
ඉන්නම් ඒ ගැන. තොරතුරක් ලැබුනොත් දන්වන්නම්"
"අනික දිනුක අපේ තියන ගබඩා සේරම විනාස කරන්න
ඕන. ඒ ගැනත් මම හිතල තියෙන්නෙ. ඔයයි මොහොමඩුයි
තමා ඒක කරන්න ඕන පුලුවන්තරම් ඉක්මනට"
"හරි ඒ වැඩ ටික් වෙලාවට වෙයි. මම ගැන බය වෙන්න
එපා. ඉස්සර උන්න වගේම තමා. එකම අඩුව බ්‍රයන් නැති
එක. අසීස් ඔයාගෙ ප්ලෑන් එකට අනුව සේරම වෙලාවට
වෙයි"

හදිසියේම මගේ ඔළුවට වැටුනු මේ ඩිමන්තගේ සිද්දිය


නිසා මා මදක් අවුල් ජාලයක සිටියෙමි. වෙනදා තොරතුරු
ලබා ගන්නා ආකරයටම අසීස් තොරතුරු ලබාගෙන තිබූ
නිසා එම තොරතුරු වල නිවරැදි බව කෙරෙහි මා හට
සැකයක් නොතිබූ තරම්ය. නමුත් අසීස් සදහන් කල ඒ
වීඩියෝ පට පිළිබඳව තවත් තොරතුරු සොයා බැලිය
යුතුයැයි මම සිතුවෙමි. මක් නිසාද යත් එම වීඩීයෝපට
වල පොලිසියට අඳුනන්න බැරි වූ අඳුරු සෙවනැලි දෙක
මා හා බ්‍රයන් බව මා ස්තීරවම දන්නා නිසාවෙනි.

ගෙවූ දින දෙක තුනම මා මොහොමඩ් හා එක්ව කාලය


ගත කලේ අපට හදිසියේම මූනපෑමට සිදුවූ ගැටලුව
නිරාකරනය කර ගැනීමටය. වෙනදා මෙන් මා ක්‍රියාෂීලීව
සිටි නිසා අප අම්මාද සතුටින් සිටියේ මා අඳුරු
මතකයන්ගෙන් මිදී නැවතත් සාමානයය ජීවිතයට පැමින
ඇතැයි ඇය සිතූ නිසාවෙනි. අසීස් පැවසූ පරිදි ඔහුගේ තිබූ
ගබඩා දෙකක් අප විනාස කිරීමය සැලසුම් කලේය. මෙය
සැලසුම් කීරීම සිතූ තරමටම මා හට ලෙහෙසි නොවූයේ
අප නොසීතූ ලෙස පොලීසිය ලබාගෙන තිබූ වීඩියෝපට
නිසා හා මා අසල බ්‍රයන් නොමැති වූ නිසාවෙනි. නමුත්
මොහොමඩ්ගෙන් ලැබූ අනගි සහය නිසා අපට එය
සාර්තකව නිමකිරීමට හැකිවු අතර එම දිනයේදී හා එම
වෙලාවේදී අප දෙදෙනාම අපගේ නිවස තුල රැඳී සිටීමට
කටයුතු කලෝය.

"මොකද පුතේ කල්පනාවක. අසනීපයක්වත්ද. අද කෑවෙත්


නැහැ නේද හරියට"
"එහෙම මොකුත් නැහැ අම්මෙ"
"ඔයා දැන් මොකද කරන්න යන්නෙ. ඉගෙන ගන්නවද
නැතිනම් තාත්ත කිව්ව විදිහට කොහෙ හරි රටකට
යනවද"
"ඒ ගැන තමා අම්මෙ මාත් කල්පනා කර කර හිටියෙ.
ඔය රට රටවල් වල යන්න ඕන නැහැ, මම මෙහෙ
මොනව හරි කරන්නම්.මන් හෙට යන්න කියල බැලුවෙ
පොඩ්ඩක් ඒ ගැනැ හොයල බලන්න"
"ඒක හොඳයි"
"අම්මේ අමේ.. විෂේශ පුවතක් බලාපොරොත්තු වෙන්නලු.
මෙන්න දැන් ටීවි එකේ දැම්මෙ. එන්න බලන්න"

"මෙන්න දැන් ලැබුනු විෂේශ පුවතක්, මීගමුව හා


පුත්තලම ප්‍රදේෂවල පිහිටි ස්ථාන දෙකකට නාදුනනා
පිරිසක් විසින් ගිනි තබා විනාස කර ඇත. පොලීසිය
පවසන ආකාරයට එම ස්ථානවල හොර රහසේ අවි
ජාවාරම් හා මත්ද්‍රවයය ජාවාරම පවත්වාගෙන ගිය බවට
සාක්ෂි ලැබී ඇත. මෙහේ ඇති තවත් කරුනක්නම් මෙම
ස්ථාන දෙකම එකම වෙලාවෙහි ගිනි තබා ඇති අතරම
මෙම ස්ථාන දෙමකම එකම පුද්ගලයෙකුට අයිති බවත්
මෙය ඉතා විදිමත්ව සැලසුම් කර කල දෙයක් බවත්
වැඩිදුර වාර්තාවේ. මෙහි මහ මොළකරු ඇල්ලීමට සියලු
පරීක්ෂන මේ වන විට ක්‍රියාත්මක කර ඇතිබව පොලීසිය
පවසයි. "

"අනේ දෙවියනේ, මේ අපේ පැත්තෙ නේද වෙලා


තියෙන්නෙ. මේ වගේ වෙලඳාම් මොනට මිනිස්සු
කරනවද මන්දා. "
"හරි හරි අම්මෙ.. ඔයා සද්ද නැතිව බලන්නකො ටිවි
එක.. කෝ අයියා එයා ආවෙ නැද්ද මේක බලන්න"
අප සැලසුම් කර ආකාරයටම සි‍
යලුම වැඩකටයුතු නිමවී
තිබුනි. රූපවාහිනියෙන් ලැබූ එම පුවතත් සමගම
මොහොමඩ්ගෙන් ලැබූ ඇමතුම මගින් සියළුම දේ සාර්ථක
වී ඇති බව නිගමනය කල හැකි විය. ජීවිතයට අලුත්
රිද්මයක් එක්කිරීමට නැතිනම් ජීවිතයේ අලුත් පරිච්චෙදයක්
ආරම්භ කිරීමට කාලය එළඹ ඇතැයි මම සිතුවෙමි. මගේ
මිතුරාගේ හා ඒ ආදරයේ මතක තමමත් මගේ හිතේ
කොනක ඉතිරි වී තිබූ නිසා මම නැවත කාර්යාලයට
නොයාමට තීරනය කලේ තවදුරටත් ඉගැනගැනීමේ
කටයුතුවල නිරතවීමටය.

"හෙලෝ දිනුක"
"කියන්න නිවන්ති, හොඳින් නේද. මම අර අද වැඩේ
ලෑස්තිකලා. බ්‍රයන් හා ඉමාෂ වෙනුවෙන් අපි ඒ දේ
කරමු. ඒ අසරණ ළමයින්ට දෙන්න පොත් පත් ටික මට
තව ටිකකින් ලැබෙයි. මම අපෙ නංගි එක්ක එකතු වෙලා
ඒක පැක් කරන්නම්"
"වෙරි ගුඩ්... ඒත් මම ඒ ගැන අහන්න නෙමේ කතා
කලේ ඔයාට"
"එහෙනම්"
"මම තීරනය කලා ටික කාලයකට ලංකාවෙන් යන්න
දිනුක. මම මලයාසියා යනවා යුනි එකකට."
"හදිසියේම මොකද ඒ වගේ තීරනයක් ගත්තෙ"
"ඒක හොඳයි කියල හිතුනා චේන්ජ් එකකටත් එක්ක
දිනුක. අනික මම කැමති නැහැ අමිහිරි මතකයන් මගෙ
මතකයට එනවට. "
"හම්ම්ම්.. මට ඉතින් මොකුත් කියන්න බැහැ. ඔයාගෙ
ජීවිතේ ඔයානෙ තීරන ගන්න ඕන. අරන දෙයක් ඉතින්
කල්පනාවෙන් කරන්න"
"මම බොහොම ඉක්මනටම යයි දිනුක.. ඔයා මන්
වෙනුවෙන් කරපු දේවල් වලට මම ණය ගැතියි ඔයාට"
"හරි හරි කෙල්ලෙ. මම එන්නම් අද හවසට ඔයලගෙ
ගෙවල් පැත්තෙ."
"ඔව් අද අර වැඩෙත් තියනවනෙ. අපි මීට් වෙලාම කතා
කරමු"

මේ ජීවන ගමන පුදුමා කාරය. කොතරන්නම් පිරිස අපට


හමුවෙනවාද. සමහරක් අපි ළඟම හැමදාම ඉන්නවා.
සමහරක් අපි වෙනුවෙන් හිටියට අපිට වඩා ගොඩාක්
ඈතින් ඉන්නවා, තවත් සමහරක් එයාලගෙ ලස්සන
මතකයන් විතරක් අපි ළඟ ඉතුරුකරල යන්නම යනවා
අයෙ නො එන්නම. එතකොට තවත් සමහරක් එදිනෙදා
වීරයො වෙනව අපේ ජීවිතවල. පීපල් ඔල්වේස් ලීව් කියන
මත නැවත සනාත කලේ නිවන්තිගෙන් මට ලැබුනු
ඇමතුමද සමගය. මා අසල සිටි සියලුම දෙනා මා අසලින්
මේ වනවිට වෙන් වී ගිහින්ය. මාගේ ලඟින්ම හිටි
අවසාන මිතුදම් පුරුකද මා දමා ඈතකට යාමට
සැරසෙනවා ඇත. මේ සියලුම නාටක මැද මා තනිවුනා
නොවේද, නැතිනම් මා ජෝකර් කෙනෙකු වූවාද යන්න
මම නිහඬව කල්පනා කලෙමි.

"ඔයාට දුක හිතුනද දිනුක මම යනව කිව්ව එකට."


"එහෙම දෙයක් නැහැ නිවන්ති. ඔයා ඔයාට හරි කියල
හිතෙන දේ කලේ"
"ඒ උනාට ඔයාගෙ ළඟින් උන්න අය ඔයා ගාවින් ඈත්
වෙනවා කියල දැනෙනෙකොට ..."
"හම්ම්ම්.. ඒක නම් ඉතින් එහෙමතමා නිවන්ති. ඒත් ඉතින්
එහෙමයි කියලා ඔයාගෙ ගමන මට නවත්වන්න අයිතියක්
නැහැ. මොකද ඔයා ඔයා ගැන බලන්න ඕන. අනික ඔයා
කෙල්ලෙක්. අපි වගේ නෙමෙ ඔයා දිහා බලාගෙන
ගොඩක් අය ඉන්නවා. ඔයා ගැන බලාපොරොත්තු
තියාගෙන ගොඩාක් අය ඉන්නවා"
"ඒක ඇත්ත දිනුක. බ්‍රයන් මට ආදරේ කලා තමා. මට ඒ
ආදරේ නොදැනුනා නෙමේ. ඒත් එහෙමයි කියල ඒ වගේ
මතකයකට මට මගේ ජීවිතය සීමා කරන්න බැහැ. මම
මගේ ගැන බලා ගන්න ඕන. අනික දිනුක කාලය තමා
මේ හැමදේටම තියන එකම විසඳුම. "
"ඔව්.. ඒත් ඉතින් අපි ඒ කාලයෙන් නිසි ප්‍රයෝජන ගන්න
ඕන නියම කලමණාකරනයක් එක්ක. නැතිනම් ඉතින්
හැමදේම කාලයට බාර දීල බලාගෙන ඉඳල තේරුමක්
නැහැ"
"ඒක ඇත්ත.. තව එකක් දිනුක. මම හෙට අක්කලගෙ
දිහා යනවා. ඉතින් ටික කාලයකට අපේ අන්තිම හමුවිම
මේක වේවි සමහරවිට. ඔයා මට හම්බුන හොඳම
කොල්ලෙක්. ඒ වගේම සහෝදරයෙක්. හොඳින් ඉන්න
දිනුක."
"මම ගැන දුන්න කොමෙන්ට්ස් වලට ගොඩක් ස්තූතියි.
ඔයත් හොඳින් ඉන්න. ඔයාත් හොඳ චරිතයක්. මගෙ
නම්බර් එක ලඟ තියාගන්න. මම ඕක මාරු කරන් නැහැ.
ඔයා ආව දවසක අයෙමත් අපි මීට් වෙමු. යන්න කලින්
අයේ මීට් නොවුනට කමක් නැහැ, යන්න කලින් මට
කෝල් එකක් දීල යන්න"
"ඕකේ දිනුක. අපි යමු දැන්."

කරුනු කාරානා මෙසේ සිදුවෙද්දී කාලය හිමිහිට ගෙවෙද්දී


මා ද මගේ ඉදිරි ගමන සැලසුම්කර තිබුනි. මටත් වඩා ඒ
පිලිබඳව සතුටු වූයේ අම්මාය. පරිඝනක උපාදියක් හැදෑරීම
සඳහා මම අප නගරයේම තිබූ ඩී.එම්.අයි ස්ථානයේ
ලියාපදින්චි සිසුවෙක් වුනෙමි. එමෙන්ම සරත් සර්ගේ
ආරාධනාව යටතේ මා අළුතින් බඳවාගත් කීප දෙනෙකුට
විෂේෂ පුහුණු සැසි කීපයකටද සහබාගී විය. ජීවිතයේ
සියලුම දේ නැවත යතාතත්වයකට පත්වුනා යැයි දැනුනද
බ්‍රයන් මා ළඟ නැති අඩුව දැනෙන්නට විය. එමෙන්ම
එකිනෙකා අත් අල්ලාගෙන එහා මෙහා ඇවිදින
පෙම්වතුන් නිසා මගේ සිත අතීත මතකයන් කෙරෙහි
දිවගියේ ඉමාෂාව සිහිකරමින්ය.

නැවත ඉගනීමේ කටයුතු වලට යොමුවීම නිසා අම්මා


සිටියේ මට වඩා සතුටින්ය. ඇය හැමවිටම පැවසුවේ
තරම්ක් අපහසූ වූ ඒ අතීතය, අතීතයක් ලෙසම පවතින්නට
ඉඩ දී වර්තමානය දෙස බලන ලෙසය. කෙසේ නමුත් මා
අම්මාගේ කීම ඇසුව නිසාදෝ වෙනදාට වඩා මා හට
සැලකිලිද වැඩිවිය. කාලය මෙසේ ගෙවී යද්දී මාගේ
පරිඝනක උපාධියේ පළමු දවස උදාවිය. පළමු දිනයේදීම
මා ප්‍රමාද වී පන්ති කාමරයට ඇතුලුවූ අතර පළමු දිනය
නිසාදෝ එහි කිසිම ගුරුභවතෙක් නොසිටීම මගේ හිතට
සහනයක් ගෙනදෙන්නට විය.

"හලෝ යාළුවා.. අපි ආයෙමත් හමු උනා එහෙනම්"


"අමිල.."
"මෙන්න ලඟින්ම ඉඳගන්නකො. කොහොමද ජීවිතේ
එහෙම. තාම පරණ දේවල් ගැන් හිතනවද"
"නැහ අමිල.. ඒ දේවල් අමතක කරන්න අමාරුයි තමා.
ඒත් මම උත්සහ කරනවා"
"ඒක තමා යාළුවා වෙන්න ඕන. මතකයන්, මතකයන්
විදිහටම තියෙන්න අරින්න. මොකද මම දන්න විදිහට
මතකයන් වලට පන දෙන්න උත්සහ කොලොත් අපි ඒ
මත්තෙම මැරෙනවා දවසක.. හරි හරි පස්සෙ ඕව කතා
කරන්න පුලුවන්නෙ"
"නැතුව නැතුව.. ඒත් මට සතුටුයි මම දන්න කියන
කෙනෙක් මාත් එක්ක මේ අවුරුදු තුන ගෙවන්න ඉන්න
එක ගැනැ"
"මටත් එහෙම තමා යාළුවා. අලුත් ෆිට් එකක් ආරම්ඹ
කරමු එහෙනම් අද ඉඳන්. ඊට කලින් අදුනගන්නකො
අපේ අනික් සෙට් එක. මමත් දැන් තමා මෙයාලව
දැක්කෙ. මේ රොෂෙන්, කසුන්, ලක්ෂිත, සන්ජය, ගයාන්,
ඉසුරු, එතකොට මේ පොඩ්ඩක් ඇඟපත එහෙම
තියෙන්නෙ ඩිල්ෂාන්. එතකොට මේ ඉන්න් දිනුක. අපි මීට
කලින් දවසක අමුතුම විදිහකට සෙට් වෙලා තමා
යාළුවො උනේ"
"හලෝ .. සුභ උදෑසනක් ඔක්කොටම"

මාස 18 කට පසු ....


"යාළුවා උඹ නම් මාර පොරක් බන්.. ෆස්ට් ඉයර් එක
ගොඩ දැම්මෙ කිසිම ගින්නක් නැතිව. උඹ විතරනෙ බන්
අපේ බැච් එකෙන් සබ්ජෙට් සේරම එකපාර ගොඩ
දැම්මෙ. ආඩම්භරයි බන් උඹේ යාළුවෙක් වෙච්ච එක.
අනික මචන් උඹේ ඔය මොළය සිරා බන්..
නාස්තිකරගන්න එපා හරි"
"හරි හරි අමිලයා.. ගනින් ඔය බියර් එක කඩලා. "
"අමිලය ඇත්ත කිව්වෙ දිනුක. මමත් උඹට කොච්චර
කිව්වද මන් එක්ක ප්‍රොග්‍රෑම් සඩිඩ් එක කරමු කියලා.
උඹේ ඔය මොළෙට එන ඇල්ගොරිදම්ස් අපිට එන්න
ටිකක් වෙලා යනවා බන්. කොහෙද ඉතින් ඇහුවෙ
නැහැනෙ උඹ."
"මම කැමති නැහැ රොෂෙන් මගෙ ලයිෆ් එක කොම්පිටුර්
එක ළඟ ඉඳගෙන පුටුවක ගෙවන්න"
"හම්ම්.. ඒක නෙමේ ආදරයක් ගැනැ හිතන්න කාලය හරි
නේද, උඹ වගේ එකේ තනිකඩව ඉන්නවා කියල
දැනෙනකොට අපේ හිතත් වාවන් නැහැ බන් .. ඒයි
මොකෝ බන් උඹ සයිලන්ට් උනේ. කෙල්ලො ඇලජික්ද
උඹට.. අම්මට සිරි ඒ කියන්නෙ උඹ කැමති .."
"ඩිලා ඕක නවත්තගනින්.. ඔන්න ඔය බියර් එක ඉවර
කරපන් කටවහගෙන.. යාළුවා මුන් කියන ඒව ගැන
එච්චර හිතන්න එපා"
"අවුලක් නැහැ අමිල.. තැන්ක්ස් උඹ මගේ ගාවින්
ඉන්නවට"
"ඔන්න ඔන්න.. මිතුදමකට අදාලම නැති වචනයක් තමා
තෑන්ක්ස් කියන එක හරි. මොකද උඹට කරන ඒවට උඹ
තෑන්ක්ස් කියන්න අපි නන්නාදුනන අය නෙමේනෙ.
උඹේ යාළුවො.. කව්ද අපි, උඹේ යාළුවො.. නැද්ද ඩිලා"
"අනිවා මචන්.. අපි යාළුවො. ගනින් අමිලය ඔය අන්තිම
බියර් බෝතල් තුනත් කඩල. කූල් බැස්සොත් අපරාදෙ.
ඉවරයක් කරල දාමු ඒ නිසා"

යාන්තමට ගෙදරට යා ගත හැකි අවස්තාව එලඹෙත්ම අපි


සියලුඅ දෙනා තානායමෙන් එලියට පැමිනියෙමු. රොෂෙන්
හා ගයාන් අපට සමු දී ගිය අතරම අමිල ඩිල්ෂාන්ව
රැගෙන ගියේ ඔහු තම සීමාව යන්තම් පසුකර තිබූ
නිසාය. බ්‍රයන් මා අසලින් වෙන්වගියාට පසු අමිල හා
ඩිල්ෂාන් මා අසල රැඳුනු හොඳ මිතුරන් දෙදෙන් විය.
ඔවුන් බ්‍රයන්ට සමාන කල නොහැකි උවද මගේ ජීවිතයේ
දුක සැප බෙදා ගන්න කදිම මිතුරන් දෙදෙනෙකු වූවෝය.
මිතුරන්ට සමුදුන් මමද කෙලින්ම පැමිනියේ සොහොන්
පිටියටය. පොතපතට නැවත හිරවීම නිසා දිනපතාම මෙහි
පැමින්නිමට නොහැකි උවත් සෑම සිකුරාදාවකම
සොහොන් පිටියට පැමින මගේ මතකයන් වෙනුවෙන්
ඉටිපන්දම්ක් දැල්වීමට මම මගේ කාලසටහන සකස්කර
තැබුවෙමි. ඔවුන හා ගතකල ඒ දවස් තවමත් මට අද
වගේ මතකය. වෙනාදා මෙන්ම සුද්ද පවිත්‍ර කර ඉටිපන්දම්
දල්වා මම ඒ ආදරය කල දඟකාරියගේ සොහොන දෙස
මදක් නිහඬව බලා සිටියෙමි. මටත් නොදැනීම නෙතගින්
ගිලිහූ කඳුලක් මගේ ඇල්කොහොල් මිශ්‍ර දෙතොල මත
වැටුනේ සැඟවී ගිය ඒ ආදරය තවමත් හිත රිද්දන බව
සනාතකරමින්ය.

ඉමාෂා ඔයා හොඳින් ඉන්නවා නේද. මම හොඳින්, එත් අද


ටිකක් බිව්වා, බිව්වා කියන්නෙ බියර් බෝතල් තුනක්
විතරයි. ඔයා තරහ නැහැනෙ. හම්ම්.. ඔයා තාමාත් මගේ
හිතේ ඉන්නවා කෙල්ලෙ. වෙනකාටවත් මට ආදරේ
කරන්න බැහැ. මට එයාලට දෙන්න ආදරේ නැහැ. ඔයා
ගාව තමා සේරම. සමහර කෙල්ලො මගෙන් අහනවා
ඇයි ඔයාට කෙල්ලෙක් නැත්තෙ කියලා, කෙල්ලො විතරක්
නෙමේ මගෙ යාලුවොත් අහනවා. මම කොහොමද
එයාලට කියන්නෙ ඔයා මෙතන කියලා ඉමාෂා. පිස්සුවෙන්
වගේ කරපු ඒ ආදරය අද මගේ ගාවින් ආයෙ නො
එන්නම් ගිහින් කියල කියන්න බැරි ඇයි දන්නවද,
එතකොට එයාල මට අනේ පව් ඔයා කියන නිසා. එයාල
මට අනුකම්පා කරන නිසා. ඔයාගෙ ආඩම්බරකාරයට
එහෙම වෙන්න බැහැනෙ. එහෙම නේද. කියන්න මට.
ඇගේ සොහොන ළඟ දනගසා පොඩි ළමයෙකු මෙන්
මම ඇඬුවෙමි. මගේ දුක තුනී වෙනකම් ඇඬුවෙමි. ඇයගේ
සොහොන අසලින් මා නැගිට්ටේ නැවතත් ඇය
වෙනුවෙන් අඬන් නැතැයි මම මා හටම වූ
පොරොන්දුවක් සමගය. ඇය මගේ අතීතය වී හමාරය.
ඇයව්නුවෙන් අඬා ඵලක් නැත. ඇය වෙනුවෙන් මා ජීවත්
විය යුතුය. ඇයට උවමනා වූ ආකාරයටම මම මගේ
ජීවිතය දියුණුව දක්වා ගෙනයන බව
පොරොන්දුවෙමින්,මම මගේ මිතුරාටද ආචාර කරමින්
සොහොන් පිටියෙන් ඉවතට යාමට සැරසූ විට එය මදක්
ප්‍රමාද වූයේ මාගේ දුරකථනය නාද වූ නිසාය.

"හලෝ .. මේ දිනුක නේද"


"නිවන්ති.."
"ඔයා අඳුනගත්ත එහෙනම් මාව"
"ඔයාව කොහොමද එහෙම අමතක වෙන්නෙ කෙල්ලෙ.
ඉතින් කොහොමද? ගොඩක් දවසකින් නේද මේ"
"හම්ම්ම්.. දිනුක ඔයා හොඳින් නේද. ඔයාගෙ කට හඬ
..."
"මම හොඳින්.. අද අපේ ක්ලාස් එකේ කොල්ලො ටික
සෙට් වෙලා බියර් එකක් ගැහුවා"
"ගුඩ් ගුඩ්.. ඒක නෙමේ දිනුක. මම මේ කතා කලේ
ලොකු දෙයක් කියන්න ඔයාට. ඒ එක්කම ලොකු
උදව්වකුත් ඕන ඔයාගෙන් මට"
"කියන්න.. මොකක්ද වෙන්න ඕන"
"ඔයා දැන් කොහෙද ඉන්නෙ, ගෙදරද"
"මම සොහොන් පිට්ටනියට ආව නිවන්ති. ඉටිපන්දමක්
පත්තුකරල අපේ බැඳීම් නැවත එලිය කරන්න"
"හම්ම්ම්.. ඔයා තාමත් ඒ මතකයන් එක්ක ඉන්නවා නේද"
"ඒව අමතක කරන්න බැහැ කෙල්ලෙ මට. හරි දැන්
මොකක්ද කියන්න තියෙන්නෙ"
"මම කියන්න හැදුවෙත් ඔයා ගෙදරනම් ඔතන්ට යන්න
කියල තමා. දැන් ඔයා ඔතන නිසා අවුලක් නැහැ"
"ඒ මොකෝ නිවන්ති හදිසියේම"
"කෝ අර රින් එක. තාම කරේ නේද ඔයාගෙ"
"ඔව් මේ තියෙන්නෙ.. මොකක්ද කාරනාව, කෙලින්ම
කියන්න හිතේ තියන එක"
"දිනුක, අනිද්දට ඒ කියන්නෙ ඉරිදට මම මැරි කරනවා.."
"වාව්.. ෆස්ට් ඔෆ් ඕල් කන්ග්‍රැට්ස්"
"තෑන්ක්ස් දිනුක. එයා ජර්මන් කෙනෙක්. මම මගේ ජීවිතේ
අලුතින් පටන් ගන්නවා දිනුක."
"ඒක හොඳයි ළමයො, ඒත් ඔයාට ඇයි මාව සොහොන්
පිටියට යවන්න ඕන උනේ"
"මට බ්‍රයන්ව මතක් උනා දිනුක. මගේ බෝයි මට ප්‍
රොපොස් කරපු රින් එකත් හරියටම ඔයාගෙ කරේ තියන
එදා බ්‍රයන් ගෙනාව එක වගේමයි. ඉතින් මට හිතුනා බ්‍
රයන්ට කියන්න. කියල එයාගෙන් ආශිර්වාද ගන්න.
මොකද එයා මට ගොඩක් ආදරේ කරපු හින්දා."
"පිස්සු කෙල්ල. බ්‍රයන්ගෙ ආශිර්වාදය හැමදාම තියනවා
ඔයා ලඟ. ඒ වගේම එයාගෙ ආදරෙත් එහෙමයි. ඔයා බ්‍
රයන් ගැන හිතන්න එපා. එයාව අමතක කරල ඔයා
ඔයාගෙ ගමන යන්න. එදා වගේම අපි ඉන්නවා කොහෙ
හරි ඔයා වැටුන දවසක අල්ලගන්න. ඔයාව
නැගිට්ටවන්න"
"මාව හැගීම්බර කරන්න එපා දිනුක. මට ඔයාලව අමතක
වෙන්නෙ නැහැ කවදාවත්ම. විෂේෂයෙන් ඔයාව. ඔයාගෙන්
මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා දිනුක. ආදරේ කරන
හැටි. තවකෙනෙකුට සවන්දෙන හැටි ...."
"හරි හරි නිවන්ති. ඕව ගැන අපි හම්බුනදවසක කතා
කරමු. ඔයා ඉන්න තැනක් හොඳින් ඉන්න. අළුත් තැනක
අළුත් විදිහට පටන් ගන්න යන ඔයාගෙ ජීවිතේට මම සුභ
පතනවා. මම විතරක් නෙමේ බ්‍රයන්ගෙ ඉමාෂගෙ
සුභපැතුනුත් ඔයාට තියනවා"
"හම්ම්.. එහෙනම් මම ආයෙත් දවසක කතා කරන්නම්
ඔයාට. මගෙ වෙඩින් ෆොටොස් ඔයාට මේල් එකක්
දාන්නම්. හැමදාම කතා නොකලට, දුරකින් හිටියට, ඔයා
ගැන හොයල නොබැලුවට මට ඔයාව අමතක වෙන්නෙ
නැහැ හරි. යාළුකම් පලදුවෙන්නෙ නැහැ හරි. හොඳින්
ඉන්න දිනුක. මේ කෙල්ල වෙනුවෙන් කරපුවට ආයෙමත්
ගොඩාක් පින් ඔයාලට"

නිවන්තිගේ දුරකථන ඇමතුමත් සමගම මා නිවසට


පැමිනියේ හිස් වූ මනසින්ය. ඇගේ අළුත් ජීවිතයට
සුභපතනවා ඇරෙන්න මට කීමට දෙයක් නොතිබුනි.
ආදරය කරන්නා හා ආදරය ලබන්නා අතර වෙනසක්
තිබෙනවායැයි මම සිතුවෙමි. ඒ වෙනස කුමක්දැයි
සෙවීමට මා උත්සහ නොකලේ මා ආදරය ලැබුවා වූ
අයෙකුද වූ නිසාය.

"පුතේ, මොකද මේ නිහඬ අද. කොල්ලො එක්ක මොකක්


හරි රන්ඩුවකවත් පැටලුනාද"
"අද නිවන්ති කතා කලා අම්මෙ .. "
"ගොඩක් දවසකින් නේද. මොනාද කිව්වෙ"
"එයා අනිද්දට මැරි කරනවලු.. ජර්මන් කාරයෙක්ව.."
"ඒකද මේ කල්පනා කරන්නෙ. ඒක ඒ ළමයගෙ ජීවිතේ
පුතේ. ඉතින් ඔයා මොනවද කිව්වෙ"
"මොනව කියන්නද අම්මෙ.. මම විෂ් කලා."
"හම්ම්ම් මම දන්නවා ඔයා තාමත් ඉමාෂා ගැන හිතනවා
කියලා. ඒ ඔයා ගොඩක් ඒ කෙල්ලට ආදරේ කරපු හින්දා.
ඒ වගේම ඒ කෙල්ලත් ඔයාගෙ ආදරයට හා සමාන
ආදරයකින්ම පිළිතුරු දුන්න හින්දා. ආදරේ කියන්නෙ
ලොකු බැඳීමක් පුතේ. ඒක හරි වචනයකින් විස්තරකරන්න
බැරි තරම්. මට සතුටුයි ඔයා අද ඉන්න තත්වය ගැන.
ඉමාෂා ඔයාගෙ අතීත වෙලා ඉවරයි. ඔයාගෙ ලස්සන
මතකයක් වෙලා ඉවරයි. ඔයා ඔයාගෙ ජීවිතේ ගැන
හිතන්න. වර්තමානයේ ජීවත්වෙන්න. ඔයාගෙ අතීතෙට ඒ
විදිහටම තියෙන්න අරින්න. ඔයාව රිදවන්න, ඔයාව
වට්ටන්න ඒ අතීතෙට කවමදාවත් ඉඩදෙන්න එපා"

අම්මාගේ ඒ වදන් කීපය හිත තුලම රැඳුනද මගේ මේ


කෝඩුකාරව්සිතට එය තරමක් බරවැඩියැයි මම සිතුවෙමි.
එම නිසා ආදරය කරන්නා හා ආදරය ලබන්නා පිළිබඳම
මම නැවතත් මගේ ඇඳ මතට වී කල්පනා කෙරුවෙමි.
නමුත් ඒ දෙදෙනා අතර වෙනසක් නැති බවද මම විටෙක
සිතුවෙමි. මක්නිසාදයත් ආදරය ලබන්නාද ආදරය
කරන්නෙකු වූ නිසාය. මගේ මනසට හදිසියේම ආ මේ
තේරුමක් නැති විකාර සිතුවිල්ල මගේ මුළු නින්දම
සොරාගත්තේය. කොතරම් නෙතු පියාගැනීමට උත්සහ
කලද මම අසාර්ත උනෙමි. පාන්දර තුනට පමන යාන්තමට
මගේ නෙතු පියවෙද්දී ආදරය යනු හිතුවක්කාර
සිතුවිල්ලක් බව මගේ සිත පිළිගෙන තුබුනි.
දිනෙන් දින එදිනෙදා ජීවිත කටයුතු තරමක් කාර්යයබහුල
වූයේ අපගේ දෙවන වසර අවසාන පරීක්ෂන ලන් වූ
නිසාත් නොයෙකුත් බාහිර වැඩකටයුතු නිසාය. අමිලගේ
අදහසක් මත ආරම්භ කෙරුනු අසරණ ළමයින්ට පාසල්
උපකරන බෙදා දීමේ වැඩසටහන නිසා අප තරමක්
කාර්යබහුල වූයේ එම අසරනයන්ගේ සතුට සිනහව
මැදය.

"යාළුවා, අපේ මේ සමාජ සේවය අපි ටික දවසකට


නවත්වමු. ටිකක් ආයෙ පොතපතට යොමු උනොත්
නරකද, විභාගෙත් ළඟ නිසා"
"ඒකනම් ඇත්ත අමිලයා. අපේ මේ වැඩේ හිතුවට වඩා
සාර්තකයි. බලහන්කො අපිට දැන් පිළිගැනීමකුත්
තියනවනෙ."
"පිළිගැනීම්නම් මොකටද ඩිලා. බලහන්කො ඒ ළමයින්ගෙ
සතුට. මටනම් මාර සතුටක් හිතට දැනෙන්නෙ බන්. ඒක
නෙමේ අමිලය කිව්ව වගේ කොහොමත් මේ සමාජ
සත්කාර නවත්වමු ටික දවසකට. මොකද අපේ අරමුදලත්
ඒ හැටි නැහැ මන් හිතන්නෙ"
"මාත් ඔය ගැන අමිලයයි උඹයි එක්ක කතා කරන්න
හිටියෙ. අපි අයෙමත් මොනව හරි කරමු සල්ලි ටිකක්
හොයන්න.. අයිඩියා එකක්නම් තියනවා, අපි අපේ අරමුදල
පරිත‍
ය්‍යාගෂීලින්ට ඕපන් කරමුද. එතකොට බන් සල්ලි
තියන උන් කීය කීය හරි දායිනෙ"
"ඒක නම් හොඳ අදහසක්තමා... ඒත් දිනුකගෙ කැමැත්තක්
නැහැ වගේ"
"එහෙම දෙයක් නැහැ අමිල. දැන් කාල සමහරු පින්දහම්
කරන්නෙ ස්ටයිල් එකට, තව අයට පේන්නනෙ බන්.
එහෙම එකේ අපේ එකවුන්ට් එක ඕපන්කොලොත් ප්‍රස්න
එයි බන්"
"ඒකත් ඇත්ත තමා. අරය කොච්චරක් දැම්මද, මම දුන්නු
සල්ලි වලට මොනවද කලේ, උඹල අසරනයන්ට පිහිට
වෙනව කියල සැප ගන්නව නේද, ඔය වගේ වදන්
අහන්න ඕන නැහැනෙ බන්. අපිම මොනව හරි කරමු.
කරල කීයක් හරි හොයමු"
"මොකද තුන්දෙනා බර කල්පනාවක"
"රොෂෙන්.. අපි මේ අපේ භාන්ඩාගාරය ගැන කල්පනා
කලේ"
"ඔන්න තවත් වැඩක් සෙට් වෙලා,"
"ඒ මොකක්ද"
"සොෆ්ට්වෙයා කම්පිටිෂන් එකක් තියනවලු. අපිතත්
මොනව හරි කරන්නලු බන්."
"ඉතින් අපි ප්‍රොග්‍රැමින් කරන් නැහැනෙ බන්."
"හරි හරි මම ඒක දන්නවා.. ඒ උනාට උඹලගෙ අයිඩියා
එකක් ගන්න ආවෙ බන්. දිනුක, නැද්ද අලුත් අදහසක්"

සි‍
යළු දෙනාම තමන්ගේ අදහස් ඉදිරිපත් කලත් අවසානයේ
අපි එම අදහස් වලින් දෙකක් තෝරා ගත්තෙමු. එයින්
එක් අදහස වූයේ ගයාන් විසින් ඉදිරිපත්කල මානව සම්පත්
කලමණාකරනය සඳහා වූ මෘදුකාන්ගයයි. අනෙක වූයේ
මා විසින් ඉදිරිපත්කල පාත් ෆයින්ඩර් නැත්හොත් මග
සොයන්නා නම් මෘදුකාන්ගයයි. මෙයින් එක් අදහසක්
තොරාපත් කරගතව තිබූ අතර, දීර්ග සාකච්චාවකින් පසුව
අප පන්තියේ සිටි අනාගත මෘදුකාන්ග ඉන්ජිනේරුවා විසින්
මගේ යෝජනාව සම්මත කලේ එය අලුත් දෙයක් වූ
නිසාත් අපට ලැබී තිබූ සීමිත කාල සීමාවට එය උචිත
අදහසක් වූ නිසාත්ය. අමිල හා මම මෘදුකාන්ග හැදෑරුව
නොමැති උවද අපි දෙදෙනා අපගේ මිතුරන්ට ජයග්‍රහනය
කරා ළඟාවීම සඳහා නොඅඩුව සහයක් ලබා දුන්නෙමු.

"රොෂෙන් මොකද වැඩේ. අවුලක් නැහැ නේද"


"වැඩේ යනවා බන්. කට්ටිය මහන්සි වෙලා වැඩ. ඒක
නෙමේ හෙට රෑට උඹයි අමිලයයි ඉන්නව නේද. මට
පොඩි උදව්වක් ඕන"
"කියන්න රොෂෙන්.. අපි වැඩ තුබුනත් ඔයාගෙ උදව්ව
කරල දෙන්නම්"
"ඔන්න ඔය ගතිය නිසා තමා බන් මම උඹට ආදරේ. උඹ
යාළුකමට ගරුකරනවා. සලකනවා"
"හරි හරි බන්.. දැන් කියපන්කො මොනවද වෙන්න ඕන
කියල"
"මේකයි, අපේ වැඩේ සීයට හැටක්ම ඉවරයි. දැන්
තියෙන්නෙ ටෙස්ටින් පාර්ට් එක. මම අපේ මැනේජර්
කාරයගෙන් හෙට රෑට ලැබ් එකේ නවතින්න අවසර
ගත්තා. මොකද මම හෙට අපේ මැෂින් දෙක තුනකට
ඉන්ස්ටෝල් කරල චෙක් කරනවා."
"ඒක හොඳයි. අපෙන් මොනවද වෙන්න ඕන ඉතින්"
"මම මේකට අළුත් අයිටම් ටිකකුත් දාල තියෙන්නෙ. ඒ
නිසා ටිකක් නෙට්වර්කින් සිකියුරිටි පැත්ත හොඳටම
හදන්න ඕන. ඒකට මට උඹලගෙ උදව් ඕන"
"අහ් ඒකද මේ උදව්ව. කරමු ඉතින්"
"ඊට වඩා ලොකු දෙයක් මට උඹෙන් ඕන. අපිලයට
කියමු නෙට්වර්කින් පැත්ත බලන්න කියලා. මට මේ සිටි
එකේ මැප් එක ඩිසයින් කරගන්න ඕන මගේ ස්කෙල්
වලට. උඹට විතරයි ඒක කරන්න පුළුවන්. මොකද ඒක
ටිකක් බැරෑරුම් වැඩක්. ඒ මැප් එක මත තමා අපේ මේ
සොෆ්ට්වෙයා එක දුවන්නෙ.ඒ නිසා ඇකියුරසි එක උපරිම
තියෙන්නෙ ඕනි"

අමමාටද කරුනු කාරනා පැහැදිලිකරදී මම අමිල සමග


රොෂෙන් පැවසූ වෙලාවටම අප ආයතනයට ගියෙමි. ඒ
වනවිටද අප මිතුරන් පිරිස තම තමන්ගේ වැඩ කටයුතු
ආරම්ඹකර තිබුනි. ගුරුබවතුන් හා අනෙකුත් සිසුන් අද
මෙහේ නොමැති වීම නිසා අපට මහත් සැනසිල්ලක්
දැනුනි. එමෙන්ම කළමනාකාර තුමාගේ කාමරය
ඇරුනුකොට අනෙක් සියළුම තැන් සඳහා ඇතුළුවීමට
අපට හැකියාව තුබුනද අප ආයතනය අප කෙරෙහි තැබූ
විස්වාසය අපි කඩනොකලෙමු. කෙසේවෙතත් ගුරුබවතුගේ
බෝජනාගාරයට ගිය අප දෙදෙනා අප මිතුරන්ටද තේ
රැගෙනවිත් අපගේ වැඩ ආරම්භකලෝය. රොෂෙන් පැවසූ
ආකාරයටම එය තරමක් අසීරුවූ කටයුක්තක් වූයේය. මාද
සිතූ තරම් එය පහසු නොවූයේ සියයට සියයක්ම අවශ‍
ය්‍ය
වූ නිවරැදි බව හා සමහර ස්ථාන කෙරෙහි ළඟාවීමට තිබූ
කෙටිම මාර්ගය ලකුනු කිරීමය. සමහර අවස්තාවල්දී
තරම්ක් අසීරු වූ ගණිත කර්මද මා හට යොදාගැනීමට
හැකිවිය. සියලු දෙනාම ඉතා උනන්දුවෙන් තමන්ගේ
රාජකාරිය කල නිසා ඔරලෝසුවේ රාත්‍රී දහය පසු වෙනවා
කවුරුත් නොදැන සිටියේය.

"මචන්ලා, දහයයි කාලයි බන් වෙලාව.. අපි කන්නෙ


නැද්ද"
"ගයාන්ට බඩගිනි වෙලා වගේ"
"ඔව් නේද. මම දැක්කෙත් නැහැ දිනුක. හරි දැන් කට්ටිය
සේරම වැඩ නවත්වන්නකො. අපි කාල ඉමු. වැඩේ හිතුවට
වඩා සාර්තකයි. අමිලගෙ වැඩේ හරි. අපි කාල ආයෙත්
ටෙස්ටින් පාරක් දාමු. කොහොමත් තව පැය තුනක්වත්
යයි දිනුකට වැඩේ ඉවරකරන්න. එතකම් අපිට රියල් මැප්
එක එක්ක ටෙස්ටින් වලට යන්න බැහැ"
"හරි හරි රොෂෙන්. දැන් කාල ඉමු"
"ඩිලාටත් බඩගිනී වගේ. යාළුවා අපි දෙන්න ගිහින් කෑම
ටික අරන් එමු."
"උඹල කොහෙන්ද කෑම ගේන්න යන්නෙ. මම
වෙලාසනම කට්ටියගෙන් මුදලක් එකතුකලා"
"හරි හරි රොෂෙන් ඒක තියාගන්නකො. අමිලලගෙ
දිහයින් නූඩ්ල්ස්, අපේ දිහයින් ඉඳි ආප්ප රෙඩි කරල
තියෙන්නෙ උඹලට"
"ඇයි බන් උඹලගෙ ..."
"හරි හරි රොෂෙන්.. උන් දෙන්න කැමැත්තෙන්නෙ
කරන්නෙ. ඔන්න ඔතනින් කීයක් හරි දීපන්."
"ඒ මොකටද"
"බෝතලයක්නම් වැඩිවේවි. මොකද වැඩ තියනවනෙ
අපිට. ගෙනෙන් බ්‍රැන්ඩි බාගයක්"
"හැබැයි උඹල මෙතන වන කරන්න බැහැ හරි. අපි මේ
මේන් ලැබ් එකේ ඉන්නෙ"
"හරි හරි රොෂෙන්. බාගෙනෙ බන්. එක ෂොට් එකයි.
බලහන් හතරක් ඉන්නවනෙ"

අමිලලගේ නිවසින් ආහාර රැගෙන අපි දෙදෙනාම අපගේ


නිවස ගියෙමු. අම්මා පිළියෙල කරතිබූ ඉඳිආප්ප කීපය හා
කොපි බෝතලයද රැගෙන අප ගියේ ඩිලාගේ ආසාව
ඉටුකිරීමටය. නමුත් රාත්‍රී දහය පහුවී තිබූ නිසා අපට එය
ලබා ගැනීමට කිසිම ස්ථානයක් නොමැති වූ නිසා බ්‍
රයන්ගේ හා මගේ පරණ මිතුරෙකු වූද අප ටවුමේ
නමගිය අරක්කු මුදලාලි කෙනෙකි වූ ප්‍රසන්නලගේ
නිවසට පැමිනියේය.

"අහ් පොඩි මහත්තය.. කාලෙකින් මේ පැත්තෙ. හොඳින්


ඉන්නවා නේද. හම්ම් බ්‍රයන් මහත්තය නැති අඩුව...."
"ප්‍රසන්න ..."
"අනේ සමාවෙන්න පොඩි මහත්තයො... මොනාද වෙන්න
ඕන. මොනාද ඉතින් බෝතලයක්නේද"
"ම්ම්ම්ම්.. අපි අද ලොකු වැඩක ඉන්නෙ ප්‍රසන්න. ඒ නිසා
මට බාගයක් ගන්න ආවෙ"
"ඒකත් එහෙමද. ඉන්නකො දෙන්නම් නියම පහරක්. "
"අනේ මේක වැඩියි අපිට. අනික ඕක ගන්න තරම්
සල්ලිත් නැහැ අතේ මේ වෙලාවෙ"
"කව්ද මහත්තයො සල්ලි ඉල්ලුවෙ. මහත්තයලට
කරන්නැති දෙයක් ..."
"හරි හරි ප්‍රසන්න. මම වෙලාවක එන්නම් මේ පැත්තෙ.
බොහොම ස්තූතියි මේකට. ගිහින් එන්නම්"

මා නොසිතූ ලෙස සිදුවූ ප්‍රසන්නගේ පිළිගැනීම නිසා අමිල


ඉදිරියේ මා අපහසුතාවයකට පත්වූයේ අමිල මගේ අතීතය
නොදන්නා කෙනෙකු වූ නිසාය. අමිලටද එම සන්වාදය
තරමක් පුදුමසහගත එකක් වූ අතර නැවත අප
පැමිනෙනතුරුම අප දෙදෙනා අතර පැවතියේ දැඩි
නිහඬතාවයකි. අමිලව ප්‍රසන්න ඉදිරියට රැගෙන ගිය එක
පිළිබඳව මම පසුතැවුනෙමි. මෙගේ ඒ නොසැලකිලිමත්කම
නිසා අමිලගේ සිතේ ප්‍රස්න රැසක් පැනනැගෙන්න ඇතැයි
මම අනුමාන කලෙමි.

අප සියළුදෙනාම රාත්‍රී ආහරය ගැනීම සඳහා, අප


ආයතනේ ගුරුබවතුන් ආහාර ගන්නා ස්ථානයට රැස් උවද
රොෂෙන්ගෙන් බැනුම් වරුසාවකට අසුවූයේ මාගේ අත්
වැරදීමකින් මා අතට ගත් පළමු වීදුරුවම එම මේසය මත
හැලීම නිසාය. එහි සුවඳ පිටතට නොදැන ලෙස සුද්ද
පවිත්‍ර කිරීමට විනාඩි විස්සක පමන කාලයක් යෙදවීමට
අපට සිදුවිය. කෙසේ වෙතත් හැකිතරම් ඉක්මනටම අප
රාත්‍රී අහාරය හා ප්‍රසන්නගේ ඒ ප්‍රසන්න වූ දියරය ඉවර
කෙරුවේ තවත් වැඩකටයුතු රැසක් අපට ඉතිරිව තිබූ
නිසාය. පාන්දර හතර පමන වන විට රොෂෙන් කියූ
පරිදිම මම නගරයේ සිතියම සකස්කර අවසන් කෙරුවෙමි.
ඒ වන විටද අමිල එම මෘදුකාන්ගය පරීක්ෂා කිරීමට අවෂ‍
ය්‍ය සියළුම කටයුතු සූදානම් කර දී තිබූ නිසා අප පැය
භාගයක පමන නින්දකට සැරසුනේ රොෂෙන්ගේද
අනුමැතිය ඇතිවය. අප ගෙනා ආහාර වලින් හරි අඩක්
අවසන් කල ඩිල්ෂාන් ඒ වනවිටද සුව නින්දක සිටියේය.

"අමිල, දිනුක නැගිටින්න.. නැගිටින්න හයයි වෙලාව"


"මොනව හයයි"
"ඔව් ඔව්.. ඔය දෙන්නට කතා කලේ නැහැ අපි."
"රියල් මැප් එක එක්ක ටෙස්ටින් එක කලාද"
"ඔව් වැඩේ ගොඩක් සාර්ථකයි. තව ඉන්ටර්ෆේස් එකේ
වැඩ ටිකක් විතරයි තියෙන්නෙ. ඊට පස්සෙ මේක අපේ
ලොක්කට පෙන්නෙමු. ආ.. තව ප්‍රසන්ටේෂන් එකක්
හදන්නත් ඕන"
"හරි ඒ වැඩේ මමයි අමිලයි කරන්නම්. ඔයා ඒකට දාන්න
ඕන ඩේට ටික අමිලට දෙන්නකො"
"කෝ රොෂෙන් කට්ටිය"
"ගයාන්නම් ඔය ඉන්නෙ. අනික් අය මූණ හෝදන්න
කියල ගියා. ඔයාල දෙන්නත් මූණ හෝදගන්නකො"
"ගුඩ් මොර්නිං දෙන්නටම.. අන්න අපිට තේ ගේන්න
කියල ඩිලයි සන්ජයයි ගියා උදෙන්ම."
"ගුඩ්මොර්නිං ලක්ෂිත.. උඹ මූණ හේදුවද"
"නැහැ. උඹල දෙන්නත් නැගිටිනකම් හිටියෙ. වරෙන් යමු.
හත වෙද්දි ඩිප්ලොමා ළමයි එයි ලැබ් එකට. ඒ නිසා අපි
ඉක්මන් කරමු"
"ඔව් ඔව්.. ලක්ෂිතයගෙ කතාව හරි. උඹල මූණ හෝදන්
වරෙල්ලා. මමයි ගයානුයි මේක ටිකක් පිළිවෙලකට අස්
කරල අතු ගාල දාන්නම්"
"ඕකේ.. එහෙනම් අපි හාඩ්වෙයා රූම් එකේ ඉන්නවා"

අප තිදෙනාගෙන් අවසන් වරට මූණ සෝදා ගත් මම


කතාකරගත් පරිදි ආහාර ගැනීම සඳහා වෙන්කර තිබූ ප්‍
රදේෂයට ගිය අතර ඒ වන විතත් සියලුම දෙනා ඊයේ
රාත්‍රියේ වූ සොඳුරු මතකයන් අවදි කරමින් ඩිලාගේ තේ
රසවිඳිමින් සිටියෝය.

"දිනුක වරෙන්කො මෙහෙට"


"මොකෝ ලක්ෂිතය හදිසියෙන් වගේ.."
"සද්ද නැතිව වරෙන්කො හාඩ්වෙයා රූම් එකට"
"යාළුවා ආවද. මෙක බලහන්කො. මම කැමරා අපේ
කැමරාටික ඇක්සස් කලා. බලහන්කො මේ සුදාරය
උගන්වන ගමන් කෙල්ලන්ට පෙරන පෙරිල්ල. බලහන්
මේ කෙල්ලන්ගෙ අතිනුත් අල්ලනවා."
"දිනුකය මොකෝ කියන්නෙ, ගහමුද මූට දකින දකින
කෙල්ලන්ට කකුල් අල්ලල වඳින මට්ටමට එන්න"
"පිස්සුද බොල.. එහෙම මිනිහෙකුට ගහන්න පුළුවන්ද
අපේ තියන විසේට. නැද්ද අමිල. අනික බලහන්කො
කෙල්ලත් ආතල් එකේ අත දීගෙන ඉන්න හැටි.
බලහන්කො අඟර දඟර දාන හැටි. "
"ඒක ඇත්ත යාළුවා. තනි අතකින් අත්පුඩි ගහන්න
බැහැනෙ බන් සුදාරයට"
"අමිල හරි. ගලන ගඟකින් මිනිහෙක් බැහැල නා ගත්තට
අවුලක් නැහැ බන්, ගඟට හානියන් නොකර තමනුත්
බේරිලා"
"අන්න ටෝක්ස්.. දවසේ කතාව මචන්. මේ ඔය
සුදාරයගෙ හුරතල් බලන් නැතිව ලැබ් එකේ කැම් එක
ඔන් කරපන් බලන්න, ලස්සන කෙල්ලෙක්වත් ඉන්නවද
බලන්න. ප්‍රැක්ටිකල් කරන්න ඇවිල්ල"
"මේ කරන දෙයක් කරපල්ල කවුරුත් එන්න කලින් හරි.
දන්නවනෙ අපි මෙතන චා උනොත් එහෙම රොෂෙනට
තමා කේස් වෙන්නෙ හරි"

අමිල ලැබ් එකෙහි කැමරාව විවෘත කරනවාත් සමගම මා


දුටු දසුනින් මගේ සිත කලබලවිය. මදකට මගේ හුස්ම
නැවතුනා මෙන් මට දැනුනි. එමෙන්ම මගේ දෙපයද පණ
නැතීවී යන බවක් දැනුනු නිසා මා ඒ අසල තිබූ බිත්තිය
මතට බර වූයේ මාගේ මිතුරන් දෙදෙනාම පුදුමකරවමින්ය.
ඔවුන් මගෙන් නොයෙකුත් ප්‍රස්න විමසුවත් මා හට හරි
ආකාරව ඔවුන්ගේ හඬ නොඇසුනු අතර මම නිසලව
නිහඬව පරිඝනක තිරය මත බලා සිටියේ බොඳවූ දෑසකින්
යුතුවය.

"දිනුක.. මොකෝ මචන්. උඹට අසනීපයක්වද්ද.. අමිලය


අඩේ ටිකක් බලහන්කො. රොෂෙනට කතාකරපන්"
"යාළුවා මොකෝ මේ. ඇයි මේ බය වෙලාවගේ.. ඇස්වල
කඳුළු"
"ඉමාෂා ... ඔ.... යා ..."

කිසිවක් කියාගත නොහැකිව මම නිසොල්ව සිටියෙමි.


පරිඝනක තිරයෙන් මගේ ඇස් ඉවතට නොගිය තරම්ය.
මම මේ දකිනා දේ විස්වාස නොකෙරු අතරම මගේ
මිතුරෙකු වූ ලක්ෂිතගෙන් කන හරහා ලැබුනු ඒ ආදරබර
පහරත් සමගම මම නැවත සිහියට පැමිනියෙමි.

"යාළුවා, ඉමාෂා ආයෙ එන්නෙ නැහැ කියල අපි දෙන්නම


දන්නවා. ඔයාව පාලනය කරගන්න. අපි බලමු මේ කව්ද
කියලා"
"කව්ද බන් මේ ඉමාෂා කියන්නෙ. සොරි මචන් මම උඹට
හැහුවට. මොකක්ද බන් මේ ඉමාෂගෙ කතාව."
"ඒක දිග කතාවක් ලක්ෂිත."
"යාළුවා ඔන්න ෆුල් ස්ක්‍රීන් දැම්මා. හොඳටම බලන්නකො
මේ එයාමද කියලා"

අමිල එසේ පවසනවාත් සමගම මම මා ගැනම


පසුතැවුනේ ඒ ඉමාෂා නොවන බව මා තේරුම්ගත්
නිසාවෙනි. ලැබ් එකෙහි ඇති කැමරාවෙන් ඇයව හරි
ආකාරව නොපෙනුනත් ඉමාෂාට සමාන රුවක් ඇය
සතුවිය. මදක් වෙලා මා නිහඬව පරිඝනක තිරය මත බලා
සිටියේ ඒ වැලලී තිබු අතීතයට නැවත පණක් ලැබීම
නිසාය. මා දුටු ඒ රුව නිසා මට ඉමාෂාව සිහිවන්නට
විය. අපගේ සොඳුරු මතකයන් එකිනෙක පිළිවෙලකට ට්
නැගුනේ නෙතු අග කඳුලින් බරකර උවත් මා එම කඳුළු
සැඟවූයේ නැවතත් ලක්ෂිතගෙන් පාරක් කෑමට අකමැති
වූ නිසාය. නමුත් ඉමාෂාව ජීවමානව දැකගත හැකි එකම
රුව ඇය බව මම සිතුවෙමි. මක්නිසාදයත් ඇයව දුටු
තප්පරයේදීම මගේ මතකයට ඉමාෂා පැමිනි නිසාවෙනි.
එම නිසා ඇය හා කතාකිරීමට ආසාවක් මා හිත තුල
ඉපදුනේ මටහ් හොරාවටය.

"මට පේන්නෙ මෙතන ලොකු ස්ටොරියක් තියනව වගේ.


ඒක තමා දිනුක උඹ තාම තනිකඩව ඉන්නෙ. හරි අපි
මෙහෙම වැඩක් කරමු. මම උඹේ ඉතිහාස කතාව
අහන්නෙ නැහැ. ඒත් මේ දැක්ක කෙල්ල හින්ද උඹේ
හිත ගැස්සුනා."
"හරියට හරි ලක්ෂිත. යාළුවා මොකද කියන්නෙ එයා
එක්ක කතාකරමුද"

අමිල එසේ පැවසුවේ මා සිතූ දේ ඔහුට තේරුනාක්


මෙන්ය. මගේත් හිතේ රැඳුනු ආසාව නිසා මම හිමින්
හිමින් ඇය සිටිනා ස්ථානය වෙත ගියේ මගේ ඇරඹුමට
පෙර අවසාන වූ ඒ ආදර කතාවේ සොඳුරු මතකයන් සිහි
කරමින්ය. මාගේ නිගමනය නිවැරදි විය ඇයටද ඉමාෂා
මෙන් කටකාරකම නොඅඩුව තිබුනි. ඔවුන් අසලට මා
ලන් වෙනවාත් සමගම ඇය හා ඇගේ මිතුරියන් නිහඬ
වූයේ මා ඔවුනට ආගන්තුකයෙකු වූ නිසාවෙනි. ඇගේ
දකුණුපස තිබූ පරිඝනකය හිස්ව තිබූ නිසා මා එතනින්
වාඩි වූයේ ඇයවද පුදුම කරවමිනි. එය අපගේ නෙතු
හමුවූ පළමු අවස්තාව විය. ඉමාෂා මේ ආගන්තුක
යුවතියට වඩා වෙනස් වූයේ නම් ඒ උසින් පමනි. අනෙක්
හැම දේකින්ම ඇය ඉමාෂාමය.

"එක්ස්කියුස් මී... ඔයාගෙ නම මොකක්ද"


"පියුමි .... පියුමි ඩි සිල්වා.. එක්ස්කියුස්මී ඔයා මේකෙ
නම් ලකුනු කරන කෙනාද"
ඇය එසේ අසනවාත් සමගම ඇගේ යාළුවන්
සිනාසෙන්නට විය. ඇයද සිනාසුනේ සමච්චලයට මෙන්ය.
නමුත් මා ඇයට සිහින් සිනහවකින් සන්ග්‍රහ කලේ මගේ
මතකයන් ඈත අතීතෙට දිවගිය නිසාය. ඉමාෂා හමුවූ පළමු
දවස මට සිහි විය. ඇයද මෙසේ කටකාර දඟකාරියක්
මෙන් හැසිරුනා මට මතකය. මේ සිදුවන දේ සිදුවීමට
යන දේ මා හට සිතාගත නොහැකි තරම්ය. අතීත
මතකයන් යටපත් කර මා සිත නිසල කරගත්තා පමනි.
ඉමාෂා හා මට හමුවූ මේ ආගන්තුක යුවතිය එකිනෙකට
වෙනස් දෙදෙනෙකු බව මා කෙතරම් සිතුවද එය මගේ
සිත නොපිලිගත්තේ ඇයිදැයි යන්න මම නොදැන
සිටියෙමි. ඇගේ සිනහව, ඇගේ කටකාරකම, තාලයකට
නැලවෙන ඇස් මට මගේ අතීතය නැවත සිකරන්නට
විය. මා නැවතත් ඉතා අසීරු තත්වයකට පත්ව ඇති නිසා
මම එම ස්ථානයෙන් නැගිට යාමට උත්සහ දැරූවද, මෙම
ආගන්තුක රුව නැවත හමුවන්නෙ කවදාද, නැවත
දකින්නේ කවදාද යන ප්‍රස්න රැසක් මගේ යටි සිතින්
මතුකල නිසා මගේ උත්සයය අසාර්තක විය. එනමුත් මට
මෙමෙ ස්තානයේ තවත් රැඳී සිටීමට අපහසු වූයේ මගේ
සිත මටම කීකරු නොවූ නිසාය. එහෙයින් මා ළඟ තිබූ
මගේ විසිටින් කාඩ්පත ඇය ඉදිරියේ තබා මා නිහඬව
නැගිට ගියේ මා ආදර මතකයන් හමුවේ ගොළුවෙකු වූ
නිසාය.

"කොහොමද මචන් කෙල්ල. ලස්සනයි නේද. උඹට


ගැලපෙනවා. ට්‍රයි එකක් දෙමු."
"යාළුවා අපි මෙතනින් යමු. දැන් වෙලාව හරි අදාල අය
මෙත්න්ට එන්න. මම උඹ ලැබ් එකේ ඉන්න ඒ වීඩියෝ
එක ඩිලීට් කලා."

අප තිදෙනා අපෙ අනෙකුත් යාළුවන් සිටිනා තැනට ගියද


මා තුල පැවතියේ දැඩි නිහඬතාවයකි. ලක්ෂිත දිගින්
දිගටම කියා සිටියේ ඇය මටම ගැලපෙන කෙල්ල කියාය.
එමෙන්ම ඔහු සිදුවූ සියළුම දේ කෙටියෙන් අනෙක්
පිරිසටද කීවේ රසකාරකද ඇතිවය. මා ගැහැණු ළමයෙකු
හා එසේ කතා කලායැයි දැනගත් විට මටත් වඩා මගේ
පන්තියේ පිරිස සතුටු වූයේ මෙතුවක් කාලයකට ම ඔවුන්
සමග ගැහැණු ළමයෙකු පිළිබඳව කතා නොකෙරූ නිසාය.

"මම ඒකතමා බැලුවෙ කෝ මේ තුන්දෙනා කියලා.


බලහල්ලකො ඒකෙත් හැටි. මම මෙතන මීටින් එකක්
තියන්න සෙට් එක හොයනවා. මුන් ටික කෙල්ලො
බලලා"
"අඩේ ඇයි බන් මට කතා කලේ නැත්තෙ"
"උඹේ සයිස් එකට උඹ ආවනම් ඒ රූම් එකේ ඉඩ නැති
වෙනවා ඩිලා"
"හරි හරි දැන් අපි ආවනෙ, රොෂෙන් මොනාද අද
ප්ලෑන්."
"අපි දහය වගේ වෙනකම් ටික්ක් ඉමු. ඉඳල මේක අපේ
සර්ට පෙන්නල අපි යමු ගෙදර. අද ලෙක්චර්ස් ඉන්න ඕන
නැහැ. පස්සෙ කෙල්ලෙක්ගෙ පොතක් ඉල්ලන් නෝට්
එක ලියාගමු. සේරටම කලින් යමු දිනුකට හිත ගිය ඒ
කෙල්ලව බලන්න. මේ සොෆ්ට්වෙයානම් කවද හදන්න
බැරිද. නැද්ද ගයාන්"
"ඒක ඇත්ත. යමු මුගෙ හිත හෙල්ලුව ඒ කුමාරිකාව
බලන්න."

රොෂෙන්ගේ ඒ කතාවට සියළුදෙනාම එකඟ වූයේ මාද


පුදුම කරවමින්ය. අපගේ සියළු වැඩ නවතා අප අපගේ
ලැබ් එක ඉදිරියට වී සිටියේ ඇය ඇගේ වැඩ අවසාන
කර පැමිනෙන තුරුය. අපට පැය භාගයක් පමන එසේ
සිටීමට සිදුවිය. ඒ පැය භාගය තුල සියලුම දෙනා මා හට
උපදෙස් දුන්නේ ගැහැණු ළමයෙක්ගේ හිත් දිනාගන්නා
අයුරුය. ඩිල්ෂාන්ගේ අදහස් සියලුදෙනාටම සිනහවක්
ගෙන දෙන්නා ඒවා වූ අතරම රොෂෙන්ගේ හා ගයාන්ගේ
සියලුම අදහස් ජාවා ආශ්‍රිත ඇල්ගොරිදම්ස් වූ නිසා මට
තේරුම්ගැනීමට තරමක් අපහසුවිය. අප කවුරුත් නොසිතූ
වෙලාවක ඇය ඇගේ මිතුරන් හා පැමින මා ඉදිරියට
පැමිනියේ අප සියළු දෙනාම නිහඬකවරමින්ය. ලා නිල්
පැහැති ඩෙනිමකින් හා ලා රෝස පැහැති ටී ෂර්ට්
එකකින් ඇය සැරසී තිබූ අතර අප නෙතු එකිනෙක හමු
වූ දෙවනි අවස්තාවද එය විය.

"මෙන්න ඔයාගෙ කාර්ඩ් එක. මට ඕනි නැහැ. කොල්ලො


හැමෝම එකයි. කෙල්ලෙක් දැක්ක ගමන් නම්බර් එක
දෙනවා."

මා තුල වූ නිහඬබව නිසාදෝ ඇය කීමට ගිය ගොඩක්


දේ ගිලගත්තායැයි මට සිතුනි. ක්සේ නමුත් මා දුන් මගේ
විසිටින් කාඩ්පත මා අත්ල මත තබා ඇය ඇගේ මිතුරියන්
හා නොපෙනී ගියේ ගැහැණු ළමයෙකුට උපතින්ම එන
ආඩම්බරකම පාමින්ය.

"යකෝ කෙල්ලගෙ ගනන්. හයි ක්ලාස් වගේ"


"එහෙම තමා ඩිලා ලස්සන කෙල්ලො. දිනුක තේරිමනම්
හොඳයි. ඒත් කෙල්ලගෙ ටිකක් වයස පාට පේනවා නේද."
"ඔන්න ඔන්න ඉතින් රොෂෙන කැපුවනෙ වල. අනෙ
අම්මප මූ .."
"රොෂෙන් හරි කියල මටත් හිතෙනවා ඩිලා. නමුත්
කෙල්ල ලස්සනයි.හැබැයි ටිකක් ආඩම්බරයි වගේ"
"කව්ද අනේ ආඩම්බර"
"ආ ඔය ආවෙ අපේ කුමරිය. මේ දිනුකට කෙල්ලෙක්
සෙට් උනා අනේ"
"බලන්නකො හසිනි. අපි මේ උදෙන්ම ක්ලාස් ආව මුන්
ටික මැරීගෙන වැඩ නේද කියල. සේරම කෙල්ලො
බලනවා"
"ඒක තමා සසා. අපරාදෙ උදෙන්ම අවෙ. අපි යමු අනේ
පන්තියට"

ඇයව දැකීමෙන් පසුව මගේ සිත කලබල ගතියකින් තිබූ


නිසා රොෂෙන්ගේ අවසරයද ඇතිව අමිල හා මම නිවස
බලා යාමට පැමිනියේ මා තුල තිබූ නිදිමත ගතිය නිසාත්
ඇඳ මතට වී කල්පනා ලෝකයේ මදක් තනිවීමට උවමනා
වූ නිසාත්ය.

"යාළුවා මොකද නිහඬ"


"එහෙම දෙයක් නැහැ අමිල"
"මට තේරෙනවා. උඹ ඒ කෙල්ලව මුලින්ම දැක්කහම
හැසිරුන විදිහෙන් මට හිතාගන්න පුලුවන් උඹ ඉමාෂාට
කොච්චර ආදරේ කලාද කියලා. ඒ අතීත මතකයන්
ආයෙමත් මොන විදිහකින් හරි අපිව රිදවද්දි අපි නිහඬ
වෙනවා තමා යාළුවා. යමුගෙදර් ගිහින් හොඳ නින්දක්
දැම්මට පස්සෙ ඔය සේරම ඇරිල යයි"

අමිලගේ ඔවදන් මා අසාසිටියේ ඔහුට කෙටි පිළිතුරු


සපයමින් වන අතර අප දෙදෙනා අප ආයතන්යෙන්
එලියට පැමිනෙනවාත් සමගම දුටු දර්ෂනයත් සමගම මා
නැවතත් ගල් පිළෛමයක් බඳු විය. ඒ වෙන කවුරුත්
නොව කෙවින් හා ඔහුගේ පිරිසය. ගැහැණු ළමයෙකු
මෙගේ ජීවිතයට පැමිනෙන්නේ නොගැලපෙන වෙලාවකද
නැතිනම් අනෙකුත් ප්රස්න මගේ ජීවිතයට පැමිනෙන්නේ
නොගැලපෙන වෙලාවදයැයි මම පිළිතුරු සෙවීමට උත්සහ
කලද එම පිළිතුරු ගැලපීමටත් මත්තෙන් අදහාගත
නොහැකි වූ අනෙක් කරුන වූයේ අමිල ඔවුන්ගේ
මිතුරෙකු වීමය.

" හලෝ කෙවින්. කොහොමද, කවද්ද ලන්කාවට ආවෙ"


"අමිල.. දැක්ක කල්.. අද උදේ ආවෙ. ටවුන් එකට ආව
සෙට් එක මීට් වෙන්න. අඳුරන යාළුවෙකුත් ඉන්නෙ"
"අහ්.. දිනුකව ඔයාල දන්නවද. ඒ ..."
"මට තමුසෙව අමතක වෙන්නෙ නැහැ දිනුක. උඹේ
අහිමිවීම අපිට ආරන්චි උනා. අපි කනගාටුවෙනවා ඒ
ගැන."
"ගිය දේවල් ගියා කෙවින්"
"ඒත් උඹේ මූණ මගේ මතකයෙන් යන්නෙ නැහැ. ඒ
වගේම අර කම්බුල්පාර මගේ මතක්යෙන් යන්නෙත්
නැහැ."
"කෙවින් මම උඹ එක්ක පැටලුනේ නැහැනෙ. උඹ ඒක
හොඳටම දන්නවා.අනික උඹල කරපු වැරැද්ද හින්ද තමා
.."
"නවත්ත ගනිල්ලා දෙන්නම. කෙවින් උඹ යමන්. මම
පස්සෙ එන්නම් උඹලගෙ දිහා. දිනුක වරෙන් යන්න"

කෙවින් මා හා තරහින් කතා කලද කෙවින්ගේ


සහෝදරයාගේ තරහක් නොතිබූ බව මට ඔහුගේ ඉරියව්
වලින් වැටහිනි. මොනදේ සිදු වුවත් කෙවින් නැවත මා
හා රන්ඩුවකට පැටලෙන්නේ නොමැති බව මම
හොඳාකාරවම දැනසිටියෙමි.මැදගිල්ල පෙන්වා මා අසලින්
කෙවින් ඇතුලු පිරිස පිටව ගියේ මට සිතීමට නොයෙකුත්
දේ ඉතිරි කරමින්ය. එමෙන්ම අමිල නිවසට නොයා මා
රැගෙන මුහුදුවෙරළට පැමිනියේ ඇයිද යන්න මම
ඔහුගෙන් නොඇසුවේ ටවුමේ සිට මෙම ස්ථානයට
පැමිනෙන තෙක්ම අප දෙදෙනා තුල තිබූ දැඩි
නිහඬතාවය නිසාය. අමිල තවමත් නිහඬය. ඔහු අත තුබූ
අඹ අච්චාරුව රස විඳිමින් නිසල මුහුද දෙස බලා සිටියේ
අප අතර තිබූ ඒ නිහඬබව තවදුරටත් ආරක්ෂා කරමින්ය.

"යාළුවා, උඹ කව්ද"
"අමිල, මම කව්ද කියල අහන්නෙ.. මොකෝ උඹට
නිදිමතේද. විකාර දොඩවන්නෙ"
"ඇත්තටම ඇහුවෙ යාළුවා, මට දැනගන්න හිතුන නිසා"
"ඇයි අමිල ඒ වගේ ප්‍රස්නයක් මගෙන් ඇහුවෙ"
"යාළුවා, මම ටිකක් අනෙක් අය ගැන විමසිල්ලෙන් ඉන්න
කෙනෙක්. ඒක උඹ දන්නවා ඇතිනෙ. මම ඒ ප්‍රස්නෙ
උඹෙන් ඇහුවෙ කාරනා දෙකක් නිසා"
"ඒ මොකක්ද අමිල"
"පළවෙනි එක තමා ඊයෙ සිද්දිය. රෑ අපි බෝතලේ
ගේන්න ගිය වෙලාව. දිනුක මම ප්‍රසන්න ගැන හොඳට
දන්නවා. ප්‍රසන්න කියන්නෙ අරක්කු ගන්ජ මාර්කට් එකේ
උඩින්ම ඉන්න කෙනෙක්. ඒ වගේම දේශපාලන බලය,
පොලීසිය හැමදේම වගේ මිනිහ ළඟ තියනවා. මේ
සමාජයේ අපි හිතනවාටත් වඩා ටිකක් එහයින් ඉන්න
කෙනෙක්.ඉතින් ඒ වගේ මිනිහෙක් ඊයෙ උඹට කතා
කලේ පොඩි මහත්තයා කියලා. ඒ කියන්නෙ උඹ ඒ
මිනිහ ඉන්න තැනටත් එහයින් ඉන්න කෙනෙක්. අනික
ඊයෙ ප්‍රසන්න කියන්න ගිය ගොඩක් දේවල් උඹ වැහුවා.
අනික ඒ වගේ වටින බෝතලයක් නිකන් දෙන්න තරම්
උඹගැන ලොකු ගෘරවයක් ඒ මිනිහගේ හිතේ තියෙන්නෙ
ඕන.ඒකයි මම ඇහුවෙ උඹ කව්ද කියලා"
"හම්ම්.. හොඳ විස්තරයක්.. එතකොට දෙවනි එක"
"දෙවනි එක කෙවින්.. මම දන්න්නෙ නැහැ කෙවින්
එක්ක උඹේ තියන හතුරුකම මොකක්ද කියල"
"කෙවින් මල්ලිව අරන් ලන්කවෙන් ගියෙ අපි එක්ක
පොඩි රණ්ඩුවකට පැටලුන නිසා"
"ඉතින් ඒකනෙ.. දැන් බලපන් අද උඹ තනියම හිටියෙ.
කෙවින්ගෙ ඇස් වල තිබ්බ තරහ උඹට පේන්න ඇතිනෙ.
ඒත් උඹට ටිකක් දුර ඉඳන් මිනිහ කතා කලේ. මිනිහගෙ
ගැන්සියේ කවුරුවක්වත් මොකුත් කීවෙත් නැහැ, උඹේ
ළඟට ආවෙත් නැහැ. ඉතින් මම හිතනවා යාළුවා, මම
උඹෙන් ඒ ප්‍රස්නෙ අහපු එක සාදාරණයි කියලා"
"ම්ම්ම්ම්.. මම ආදරේ කරපු ඒ කෙල්ලගෙ තාත්ත
ලන්කාවෙ උන්න බලවත්ම මිනිහෙක්. අපරාද
දෙපාර්තුමේන්තුවෙ"
"එතකොට උඹේ ඉමාෂා, වර්ණකුලසූරියගෙ දුවද"
"ඔව්.. ඉතින් මම හිතනවා උඹේ ප්‍රස්න වලට පිලිතුරු
ලැබෙන්න ඇති කියලා"
"ම්ම්ම් ඒත් සම්පූර්ණයෙන්ම නැහැ. උඹ මහ ගුප්ත
චරිතයක් යාළුවා. ඒත් හිත හොඳ එකෙක්"
"උඹත් මට හම්බුන හොඳ යාළුවෙක් අමිල. උඹට මම
ගැන සමහර විට දැනගන්න ලැබේවි. එහෙමත් නැතිනම්
මම වෙලාව ආවම උඹේ අසම්පූර්න පිළිතුර සම්පූර්ණ
කරන්නම්. ඒත් මතක තියාගනින් උඹ මගේ යාළුවා. මගේ
ජිවිතේ ළඟින්ම ඉන්න එකම යාළුවා."

මා තරමක් අසීරුවට පත්කල අමිලගේ එම ප්‍රස්න


කීපයෙන් අනතුරුව අපි දෙදෙනාම නිවස් බලා ගියේ
නිදිමත ගතිය අපට තදින්ම දැනුන නිසාය. පෙර දින හරි
ආකාරව නින්දක් නොලැබුන නිසාදෝ මා ඇඳ මතට
පැමින විගසම නින්දට වැටුනේ තප්පර කීපයක් ඇතුලතය.
ගෙවීගිය දිනයේ පැයක පමන කාල්යක් නිදාගත් නිසාත්
ඇඟට දනුන වෙහෙස නිසාත් මා අවදිවන විට පසුදින
පාන්දර පහ පමන වී තිබුනේය. රාත්‍රී ආහරය නොගෙන
සිටි නිසා තදින්ම දැනෙන්නට වූ බඩගින්න හෙතුවෙන්
තේ කොප්පයකුත් සාදාගෙන මම එළියේ බන්කුවක් මත
වාඩි වී සිටියේ අළුත් දවසක අළුත් බලාපොරොත්තු
සමගය. නමකින් විස්තර කිරීමට නොදැන සිටියත් පාන්දර
අහසේ දීප්තිමත්ව පායා තීබු එම තරුව දෙස මදක්
නිහඬව බලා සිටියේ, අනෙක් තරු කීපය අතර එය
ආඩම්බරව බැබලෙන අයුරුය. පාන්දර අහසට අමුතුම
අලන්කාරයක් ගාම්භීරත්වයක් එක් කිරීමට එයට හැකිවිය.

"පුතේ.. මොකද මේ, මෙතනට වෙලා කරන්නෙ.


අසනීපයක්වත්ද"
"නැහැ නැහැ අම්මෙ. මම මේ දැන් ටිකකට කලින්
ඇහැරියෙ. බඩගිනි දැනුන නිසා තේ එකක් හදාගෙන
මෙතන්ට ආවා. අම්ම නිදි නිසා කරදර කරන්න ගියෙ
නැහැ"
"මම ඊයෙ ඔයාව ඇහැරවන්න ගොඩක් උත්සහ කලා.
මොනවහරි කාල නිදියන්න කියලා. පස්සෙ ඔයාගෙ
තාත්ත මට කෑගැහුවා ඔයාට නිදියගන්න දෙන්න නැගිට්ට
වෙලාවට මොනව හරි කයි කියලා"
"හම්ම්.. අම්මෙ.. මම ඉමාෂව දැක්ක ඊයෙ"
"මොනවා.. ඒ කොහොමද"
"එයා නමින් පියුමි. නම විතරයි අම්මෙ වෙනස්. අනෙක්
හැමදේම ..."
"ඒක තමා එහෙනම් මේ කවදාවත් නැතිව තරුවක් දිහා
බලාගෙන භාවනා කරන්නෙ."
"එහෙම එකක් නැහැ අම්මෙ. ඒත් එයා මට ඉමාෂව
මතක් කරනවා. අනේ මන්දා ඒ මතකයන් අමතක කරල
ඉන්න හදනකොට ආයෙ ආයෙමත් මතක් කරන්නෙ ඇයි
කියලා"
"පිස්සා.. උන්න වගේම ඉන්න. ඉමාෂයි ඔය ළමයයි
දෙන්නෙක්. ඔච්චර හිතට වද දෙනවනම් ඉතින් ඒ ළමය
එක්ක කතා කරල බලන්න. යාළුවෙක් කරගන්න. හැබැයි
තමන්ව පාලනය කරගෙන තමන්ගෙ හැඟීම් පාලනය
කරගන්න. හැමදේම ලිමිට් එකක් තියාගන්න"
"ඒ ළමය ඉමාෂ වගේ උනාට අම්මෙ ඉමාෂව
බලාපොරුත්තුවෙන් මම එයාට ලන් උනොත් ඒක හොඳ
නැහැ නේද. ඒක ඒ ළමයට කරන අසාදාරණයක් නේද"
"අනේ මේ මට තේරෙන්නෙ නැහැ ඕව. මොනදේ කලත්
ඔය ඉගෙන ගන්න වැඩේ හරියට කරන්න."

පියුමි ගැන අම්මා සමග කතා කිරීමෙන් අනතුරුව මාගේ


සිතට යම් සහනයක් ලැබුනද එය මට නොදැනුනේ ඊයේ
දිනයේදී අමිල මාගෙන් ඇසූ පැනයන් නිසාය. මගෙ
ජීවිතයේ බ්‍රයන්ගේ අඩුව අමිල විසින් පුරවූවද අමිලගේ ප්‍
රස්න සඳහා මට පැහැදිලි උත්තරයක් ලබාදීමට
නොහැකිය. ඒ අමිලගේ මිතුදමට ද්‍රෝහිවීමක් නිසා නොව
එහ් ඇති බැරෑරුම් තත්වය නිසාය. කෙසේ නමුත් මට
අමිලට මුහුන දීමට සිදුවනවා ඇත. අමිලගේ ප්‍රස්නවලට
පිළිතුරුදීමට සිදුවෙනවා ඇත.

දුක,සතුට සමග දිනෙන් දින ජීවිතය ගෙවෙද්දී මා අසලට


පැමිනි මේ පියුමි නැමති නන්නාදුන චරිතය මගේ සිතට
මගේ සිහින වලට අභියෝගයක් කිරීමට සමත් විය. අම්මා
මට පැවසූ පරිදි ඇය හා කතාකල යුතුය. ඇයහා මිතුදමක්
ගොඩනැගිය යුතුය. නමුත් ඇය කොහේ සිටීද කාගෙ
කවුරුන්ද මා නොදන්නා නමුත් ඇය හා කතාකිරීමට තිබූ
ආසාව නිසාත් ඇයව දැකීමට මසිත තුල තිබූ දැඩි
කැමැත්ත නිසාත් මුල් දිනයේ ඇය දුටු ස්ථානයේ මදක්
වෙලා දවසක් දෙකක්ම කාලය ගතකලේ සාම්ප්‍රදායක
පෙම්වතෙකු ලෙසය.

"මම උඹට කිව්වනෙ යාළුවා, අපි රෑ වෙලා පනිමු


මේකට. පැනල ස්ටුඩන්ට් ඩීටේල්ස් ෆයිල් එක උස්සමු. ඊට
පස්සෙ කෙල්ල ගැන සම්පූර්ණ විස්තරේ බලාගන්න
පුලුවන්නෙ බන්. අනික ඒකෙ තියනවනෙ එයා ක්ලාස්
එන දවසත්."
"හොඳට උන්න උඹට මොකෝ මේ උනේ. විකාර අදහස්
දෙන් නැතිව හිටහන්"

ගත වූයේ තවත් තප්පර කීපයකි. ඈ මගේ නෙතු මානයේ


දිස් වන්නට විය. තාලයකට තබනා පියවරවල් ඒ
තාලයටම නැලවෙන ඇගේ හැඩැති ඉඟ නිසා මා මදකට
මියැදුනෙමි. පාට කර තිබූ ඇගේ තොල්, රිද්මයකට
නැලවෙන ඒ ආඩම්භරකාර ඇස්, මා මත් කල නිසාදෝ
සුහ උදෑසනක් යැයි මගේ මුවගින් පිටවූයේ මට
නොදැනිවමය. මා අසල මදකට නැවතී සිහින් සිනහවකින්
ආඩම්භර බැල්මක් හෙලූ ඇය ඇගේ පන්ති කාමරය වෙත
පිය නැගුවේ නිහඬවම. එම නිහඬ බව හිමිහිට මා හට
රිදුම් එක්කරන්නට විය.
"එක්ස්කියුස් මී අයියා.. සොරි ගුඩ් මොර්න්ං නොකිය
ගියාට... ගුඩ් මොර්නිං.. ආ තව එකක් ඊයෙ ටිකක් සැර
උනාට තරහ නැහැනෙ. ඔයා සීනියර් කෙනෙක් කියල මම
දැනගෙන හිටියෙ නැහැ"
"ඒකට කමක් නැහැ පියුමි"
"ආ ... නමත් මතකයි එහෙනම්.. ඔයාගෙ නම මොකක්ද"
"දිනූක ... සිනෙත් දිනූක"
"ම්ම්ම්ම්.. ඊයෙ ළඟට ඇවිල්ල නම්බර් එක දීල ගියාම
හිතුවෙ නැහැ මෙච්චර ඩීසන් කොල්ලෙක් කියලා.
පස්සෙතමා ඔයා ගැනැ දැනගත්තෙ"
"ඒ කියන්නෙ මම ගැනත් හොයල වගේ"
"අපෝ.. එහෙමමත් නෑ ඉතින්. මට නම්බර් එක දීල ගියාම
මගෙ යාළුොතමා ඔයාගෙ වතගොත හොයල
තියෙන්නෙ.හරි හරි පස්සෙ කතාකරමු විස්තර. මම දැන්
යනවා පන්තියට"

ඇය එසේ කියමින් මා අසලින් නොපෙනී ගියේ මා සිත


සතුටට පත්කරමින්ය. ඒ මා ආදරයකල ඉමාෂාව ජීවමානව
මා දකිනා නිසාය. නමුත් ඉමාෂා නිසා මා සිත ඇයට
ඇලුම් කිරීම පිළිබඳව මට දෙවරක් සිතිය යුතුව ඇත.
අමිලගේ මතය වූයේද එයමය.

"මොකෝ උනේ පියුමි.. මිනිහ එක්ක කතා කලාද."


"හම් "
"මොකෝ උඹ හම් හම් ගාන්නෙ. කොහොමද මිනිහ
පැණි හැලුවද"
"අනේ පව් බන්. ඒ කොල්ල අහින්සකයි මචන්. මාත්
එක්ක කතා කලෙත් ගොඩක් සන්වරශීලීව"
"ඔන්න ඔන්න.. මේකිගෙ හිතේ කැමැත්තක් තියනව වගේ
ඒ කොල්ලට"
"අනේ මේ මගෙන් මොකුත් අහගන් නැතිව ඉඳපන්"
"මම දන්නවනෙ පියුමි උඹ ගැන. අනේ පව් බන්
අහින්සක කොල්ල. මාත් එක්ක හරි සන්වරෂීලිව
කතාකලේ ... ඕව කොලු මායම් බන්"
"අනේ ඕක නවත්තමු දැන්"
"අහ් මෙයාට තියන අමාරුව බලාපල්ලකො. කොල්ලව
අල්ලල ගිහින් වගේ මේකිට"
"උඹල මට මොනව කිව්වත් ඒ කොල්ලගෙ ස්ටයිල් එකට
ආසයි මන්. සෝබන නැහැනෙ අනෙක් උන් වගේ.
කතාකරද්දි උනත් බලහන්.. මාර ගති"

රොෂෙන්ගෙන් ලැබුනු ඇමතුමත් සමගම මම අමිල සමග


ඔවුන් සිටිනා තැනට ගියේ ගැහැණු ළමයෙකුගේ සිත
දිනා ගන්නා අයුරු අමිල දුන් දේෂනයත් සමගය. හිහ දිනා
ගැනීම කෙසේ වෙතත් නොමැරී සිටීමට මහත් උත්සයයක්
දැරිය යුතුබව මම ඔහුගේ දේෂනා වලින් තේරුම්ගිය එකම
කාරනයවිය.

"මොකෝ මේ දෙන්නම සිනාමුසු මුහුණින්"


"කැමරා කෙල්ල සෙට් වේගන එන්නෙ දිනුකට"
"නෑ ... සමරමු මේ සතුට් අද හවසට, මොකෝ කියන්නෙ
අමිල"
"ඩිලා මේ.. එහෙම දෙයක් නැහැ බන්. අමිලයගෙ බොරු
ඔය. ඒක නෙමේ රොෂෙන් ඇයි ඔයා හදිසියෙන් වගේ
කතා කලේ"
"පොඩි අවුලක් තමා බන්. මැප් එක ආයෙ ටිකක් වෙනස්
කරන්න වෙනවා. එතකොට තව මට මේක අද
එකිනෙකට වෙනස් ඔපරේටින් සිස්ටම් එක්ක චෙක්
කරන්න ඕන. උඹල දෙන්නට තාමා පුළුවන් ඒකට සුදුසු
බැක්ග්‍රවුඩ් එකක් හදල දෙන්න. හැබැයි රියල් වගේ වැඩේ
ඕන. අනික අදත් අපිට නයිටක් ගහන්න වෙයි. උඹල
දෙන්නට එන්න පුළුවන් නේද"
"අපෝ ඕක මොකක්ද බන්. අපි දෙන්න එන්නම්"
"අද අපිට වර්ලස් නෙට්වර්ක් එකක් දාගන්න බැරි වෙයිද"
"බැරි වෙන එකක් නැහැ රොෂෙන්. අපි දෙන්න වැඩේ
සෙට් කරල දෙන්නම්."
"උඹල දෙන්න ඉන්න එක ලොකු දෙයක් බන් අපිට.
උඹල දෙන්නට බැරිද ටිකක් ලැබ් එක සෙට් කරන්න අද
රෑට ඕන විදිහට."
"ඒකට අවසර ගන්න වෙයි නේද යාළුවා. අනික ළමයි ප්‍
රැට්ටිකල් කරනවා ඇති."
"මම අවසර ගත්තා. ඉස්සරහම තියන මැෂින් හතර ගන්න
කිව්වා"
"හරි එහෙනම් මමයි දිනුකයි යන්නම් බලන්න. හවස හය
වෙනකොට සෙට් වෙමු. ඒ වෙද්දි අපි ලැබ් එක රෙඩි
කරල තියන්නම්"

ලැබ් එක වේලාසනින්ම සූදානම් කරන රාජකාරියට මා


එක වරම කැමති වූයේ රාතියේදී මට මගේ සම්පූර්ණ
සහයෝගය ලබාදිය හැකි නිසාත් ඉමාෂා එහි ඇති යන
සිතුවිල්ල මා තුල තුබූ නිසාත්ය. මාගේ ඒ සිතුවිල්ල
නිවරැදි කරමින් ඇය එහි සිටියේය. ඔවුනට අද දින පන්ති
සූදානම් කරතිබුනේ ලැබ් එක ඇතුලෙහිමය. ඇය අසල
රැඳීමට එය මට තවත් වාසියක් විය. නමුත් අපෙගේ
රාජකාරිය පැය භාගයකට පමන ප්‍රමාද කිරීමට සිදුවුයේ
ඔවුනට උගන්වමින් සිටි ප්‍රියන්ත ගුරුමහතාගේ ඉල්ලීමක්
සමගය.

"මේ ඉන්නෙ අපේ මේ ආයතනයෙ ඉන්න තරු දෙකක්


තමා. ටැලන්ටඩ් කොල්ලො දෙන්නෙක්. ඔයාලටත් මොනව
හරි තියනවනම් නොතේරෙන මේ අයියල දෙන්නගෙන්
අහගන්න."

ප්‍රියන්ත ගුරුමහතාගෙන් නොසිතූ වෙලාවක ලැබූ ඒ ප්‍


රසන්සාවට නිහතමානීව ස්තූති කල අප දෙදෙනා එම
ස්ථානයෙන් පිටව ඉයේ ඔවුනට ඔවුන්ගේ රාජකාරිය
නිමකිරීමට ඉඩ සලසවමින්ය. මෙමෙ සියලුම දේ සිදුවන
අතරතුරදී මාගේ නෙතු රැඳී තිබුනේ ඇය වෙතය. මාගේ
සිත තිබුනේ ඇය වෙතය. නමුත් මට නොතේරුනු කරුන
වූයේ මා එහි සිටිනා විට ඇගේ ඇස් දීප්තිමත්ව දිලිසුනේ
ඇයිදැයි යන්නය. ඇගේ ඇස් පැවසූ ඒ කතාව කුමක්ද
යන්නය.

"අර කොල්ල ගැන මතක් කරනකොට මේකිගෙ තියන


පෙම් පාට බලහන්කො"
"කව්ද බන් අර දිනුක නේද.. මෙයා ඒ කොල්ලට වහ
වැටිල වගේ. අනේ මේ බලහන්කො හැටි උගෙ.
හිඟන්නෙක් වගේ"
"හිරුණි මේ.. මිනිහෙකුට ටිකක් ගරුසරු ඇතිව
කතාකරන්න පුරුදු වෙනවා. තමුසෙගෙ ගෙදර ඉන්න
බල්ලො නෙමේ මිනිස්සු කියන්නෙ, තමුසෙගෙ කකුල්
ලෙවකන.."
"පියුමි නවත්ත ගන්නව ඕක.. දැන් තමුසෙම නේද ඔය
වැඩේ පටන් ගත්තෙ. ඒ කොල්ලව බයිට් කරමු කියලා"
"මම පටන් ගත්ත තමා, ඒත් ඒ කොල්ල අහින්සකයි බන්.
මාර ගති. මේකිගෙ තාත්තගෙ සල්ලි .."
"මම දැන් සැරයක් කිව්ව නේද උඹට ඕක නවත්වන්න
කියලා"
"හිරුනිටයි අනෙක් අයටයි මම මේ කියන්නෙ
හිඟන්නෙක් එක්ක මන් ඉන්නවට අකමැතිනම් මාව
යාළුවෙක් විදිහට තියා නොගත්තට කමක් නැහැ."
"ඈම් සොරි පියුමි.. මම ඒක හිතල කිව්වෙ නැහැ"
"පිස්සු කෙල්ල.. එනව යන්න පන්තියට. උඹ ඒ කොල්ලට
කැමතිනම් කියපන්. අපි සෙට් කරල දෙන්නම්. මෙතන මේ
යාළුවො එක්ක වලි දාගන්න ඕන නැහැනෙ බන්"
"එහෙම කැමැත්තක් නැහැ තිනුරි.. ඒත් ඒ කොල්ලට මන්
ආසයි. එයා මාරයි. ගති"
"හා හා ඇති ඇති.. වරෙන් යමු පන්තියට. පස්සෙ එමු
උඹේ කුමාරයව බලන්න"

අප සියලුදෙනාගේම උත්සහය හා කැපවීම නිසා අපගේ


මෘදුකාන්ගය අප සිතුවා ලෙසම නිම කිරීමට හැකි විය.
උදයේ හිරු එළිය වැටෙත්ම සියලුදෙනාගේම මුහුනුවල
සතුට මෙන්ම නිදිමත ගතියද රැඳී තිබුනි. පෙරදා මෙන්
නොව අද දිනයේ මාගේ හිසද බරව තිබුනේ රොෂෙන්ගේ
සමහර සමීකරණ විසඳීමට උදව් වූ නිසා විය යුතුය. අප
සියළු දෙනාටත් වඩා රොෂෙන් සතුටින් සිටියේ ඔහු
මෙමෙ රාජකාරිය සාර්තක කර ගැනීමට අප සියළු
දෙනාටම වඩා කැපවූ නිසාය.

"අමිල, දිනුක ගොඩක් තෑන්ක්ස් බන් උඹලගෙ උදව්


වලට."
"ඕක මොකක්ද බන්. ඕන වෙලාවක ඕනෑම දේකට අපි
දෙන්න ඇති"
"දිනුක ඒ වගේම උඹල ගොඩක් තෑන්ක්ස් මගෙ
ඇල්ගොරිදම්ස් ටික ගොඩදාගන්න සප් එක දුන්නට"
"අනේ මන්දා බන්. උඹට කොහොම ඒ අදහස් එනවද
කියන්න. උඹට කියන්න අමිලය, සමහර ඒවල අවුට්පුට්
එක රොෂෙන දන්නෙත් නැහැ. "
"ඒ ගැන හිතන්න එපා බන්. ඕව ඉතින් මම ඔය නාද්දි
එහෙම ඔළුවට එන අයිඩියාස් බන්"
"මොනවද මොනවද නාද්දි එන්නෙ.. දැන් කව්ද මෙතන
නාන්නෙ"
"ඩිලා මේ උඹට කොහොමත් මේක තේරෙන් නැහැ.
මොකද උඹ නාන්නෙ නැහැනෙ කොහොමත්. අනික දැන්
මෙතන නාන්නෙත් උඹම තමා"
"ආ ඒකත් එහෙමද"
"ඒක නෙමේ දිනුක උඹ වරෙන් බන් මාත් එක්ක ප්‍රොග්‍
රැමින් කරන්න. ඒක මටත් ලෙසියි. මම උඹට හෙල්ප්
කරන්නම්"
"අනේ බැහැ බන්. උඹ දන්නවනෙ මගෙ ලයිෆ් ස්ටයිල්
එක. ඒකට ඕක ගැලපෙන්නෙ නැහැ බන්."

අමිලට මෙන්ම මටද තදින්ම නිදිමත ගතිය දැනුනද


රොෂෙන්ගේ ඉල්ලීම පරිදි අපි තවත් හෝරා කීපයක්
රැඳීමට තීරනය කලෙමු. පියුමිව බලාගැනීමේ යටිසිතේ
තිබුනු ආසාවද රොෂෙන්ගේ යෝජනාවට කැමති වීමට
එක් හේතුවක් විය. රොෂෙන්ගේ හා ගයාන්ගේ ආරාධනාව
මත අප දෙදෙනා නැවතත් ප්‍රදාන ලැබ් එකට පැමිනියේ
අප කල මෘදුකාන්ගයේ ඉදිරිපත්කිරීම නැතහොත් ප්‍
රසන්ටේෂන් එක කරනා අයුරු සාකච්චාකිරීමටය. අප එහි
යනවිටද ඩිල්ෂාන් හා ලක්ෂිත එහි සිට් අතර සන්ජය හා
කසුන් නිවස් බලා ගොස් තිබුනි. එය අප සියළුදෙනාගෙම
අප්‍රසාදයට හේතුවක් උවත් අප අපගේ සාකච්චාව ආරම්භ
කෙරුනු අතර එහෙදී නොයෙකුත් අදහස් ඉදිරිපත් විය.
ලක්ෂිතගේ අදහස වූයේ වීඩියෝ පටයකින් අප මෙය
ඉදිරිපත් කරමු යන්නය. නමුත් එහි ඇති වාසි අවාසි
ගයාන් අප හට තේරුම්කර දුන්නේය. එමෙන්ම
රොෂෙන්ට අවශ‍
ය්‍ය වූයේ මෙම ඉදිරිපත්කිරීම වෙනස්ම
ආකාරයකට කිරීමටය. එනම් සාම්ප්‍රදායික ප්‍රසන්ටේෂන්
කලාවෙන් මිදී අළුත් දෙයක් කිරීමටය. ඒ සඳහා ඔහුගේ
හිතේ තිබූ අත්භූත අදහස් ඉදිරිපත්කරමින් සිටියේ
ඩිල්ෂාන්ගේද උදව්වෙන් වූ අතර හදිසියේම රොෂෙන්
නිහඬ වූයේ අලන්කාව වූත් මනමාලවූත් සිනහවක් සමග
අප මවිතකරමින්ය.

"දිනුක ..."
"එක්ස්කියුස්මී අයියා ඔයා බිසීද.. මම මේ .. "
"ම්ම්... දැන්නම් මේ අයියල එක්ක පොඩි වැඩක් පියුමි.
මොකද මේ හදිසියේම.."
"අනේ සොරි .. මම හිතුවෙ ඔයාල ෆ්‍රීඑකේ ඉන්නෙ
කියලා හිනාවෙවී හිටිය හින්දා.. මම පස්සෙ එන්නම්"
"නන්ගි ඉන්න ටිකක්. යාළුවා ඔයා බලන්න පියුමි ගැන.
අපි මෙතන වැඩ ටික හැන්ඩ්ල් කරන්නම්. අවුලක් නැහැ"
"ඔව් ඔව් දිනුක අවුලක් නැහැ"

මගේ මිතුරන් එසේ පැවසුවද මා හට මම සිටිනා


ස්ථානයෙන් නැගිට යාමට මදක් ලැජ්ජාවක් ඇතිඋනෙමි.
නමුත් අමිලට සිතින් පින් දෙමින් මා ඇය සමග ලැබ්
එකෙන් අලියට ආවේ අඩම්බර වූ සතුටකින් උවත්
ඇයගේ මිතුරියන් පිරිසද සිටිනා දුටු විට මා තුල වී ඒ
අහින්සක සතුට දියවී ගියේ මට නොදැනිවමය.
"දිනුක අයියෙ.. ඔයාව මෙතන්ට එක්කන් එන්න කියල
මෙයාට කිව්වෙ ..."
"මේ තිනුරි ඔයා කටවහ ගන්නවද.."
"හරි හරි මම එහෙම කරන්නම්කො. එහෙනම් දෙන්න
කතාකරන්නකො. ඔයාට මෙයා පිස්සු වැටිල අයියෙ"
"තිනු ...... රී ...."
"හරි හරි අපි ගියා. පැය භාගෙකින් වරෙන් පන්තියට හරි"

ඇගේ මිතුරියන් කියූ දේ මා හට සිතාගත නොහැකි වූ


නිසා මා මාවම කොනිත්තා බැලුවේ මා මේ දකින්නේ
සිහිනයක්දැයි මට සිතුනු නිසාය. ඇයව මෙතරම් ලන්ව
දුටු පළමු දිනය අද විය. ඇයගේ සමද රෝස පෙතිමෙන්
සිනිදු බව දැනුනේ අප දෙදෙනාටම හොරා අප අත්
ස්පර්ෂ වූ නිසාය. රාතියම වෙහෙසට පත්ව සිටි නිසා මා
අසලින් දහදිය ගඳක් එයිදෝ යැයි මගේ අහින්සක සිතට ප්‍
රාතමික සිතුවිල්ලක් පහල වූයේ ඈ අසලින් ආ පිච්චමල්
සුවඳ නිසාය. තවමත් අප දෙදෙනාම නිහඬය.

"දිනුක අයියා.. අනේ මගෙ යාළුවො කිව්ව ඒව ගැන


හිතන්න එපා හරි"
"හරි හරි පියුමි.. මොකද මට මේ හදිසියේම එන්න
කිව්වෙ"
"යාලුවො කිව්ව ඒව ගැන හිතන්න එපා කියල කිව්වට
ඉතින්... මයා මාර ගති අනේ. ඒ නිසා මට ආස හිතුන
ඔයා එක්ක කතා කරන්න. ඒකයි මේ හදිසියේම .."
"හම්ම්.. ඒකද මේ.. හරි එහෙනම් අපි ඔඩීලියා එකය
ගිහින් මොනව හරි බොනගමන්ම කතා කරමුකො"
"මොකද අනේ මෙච්චර උදේ ඉඳන් ඔය ලැබ් එකට
වෙලා කරන්නෙ"
"උදේ ඉඳන් නෙමේ කෙල්ලෙ.. ඊයෙ ඉඳන් ඉන්නෙ අපි"
"ඒ කිව්වෙ.. මොකෝ ගෙවල් වලින් එලවලද ඔයාලව"
"නැහැ එහෙම දෙයක් නෙමේ.. අපි මේ සොෆ්ට් වෙයර්
එකක් හදනවා සොෆ්ට් වෙයර් කම්පිටිෂන් එකකට. ඊළඟ
සඳුද ඒක අපි අපේ හෙඩ් ඔෆිස් එකට අරගෙන යන්න
ඕන. ඉතින් ඒකෙ වැඩ තමා කරන්නෙ"
" හම්ම්ම්ම්.. මට ටිකක් ආස හිතුනා ඔයා එක්ක කතා
කරන්න. අනේ මම ගැන වැරදියට හිතන්න එපා හරි"
"එහෙම වැරදියට හිතන්නෙ නැහැ. මොකද කොල්ලන්ට
විතරක් නෙමේනෙ තමන් ආස කෙල්ලො එක්ක කතා
කරන්න පුලුවන් පස්සෙන් ගිහින්"
"හරියට හරි.. ඉතින් දැන් ඔයාට නිදිමත නැද්ද අනේ"
"ම්ම්ම් නැතුවමත් නෙමේ.. ප්‍රසන්ටේෂන් එකේ වැඩේ
නිසා තමා නැවතුනේ"
"ඒ වැඩේට විතරමද... නැතින ...ම් ..."
"නැතිනම් මොනවද"
"හරි හරි මන් විහිළුවක් කලේ. දැන් අපි යමු. ඔයාට
මහන්සිත් ඇතිනෙ. ගෙදර ගිහින් හොඳට නිදාගන්න. අපි
අයෙත් දවසක මීට් වෙලා කතා කරමුකො. අහ්..
බොහොම ස්තූතියි බීම එකට"

සාමාන‍
ය්‍ය පෙල හදාරා අවසන් වී කර ඇති ඇය ප්‍රතිඵල
බලා පොරොත්තුවෙන් සිටි අතරතුර පරිගනක හැදෑරීමට
මෙහි පැමින ඇත. ඇගේ ලෝකයේ අතරමන් උවද,
ඈවෙනුවෙන් සිහින මැවුවද මා සිත තුල ඇති කැමැත්ත
පැවසීමට ඇය තවමත් කෝඩුකාරියක වූවාය. නමුත් ඇය
මා ජීවිතයේ ඊළඟ බලාපොරොත්තුවය. නැතිනම් මම
හොරාවට විඳිනා මගේ සිහිනයය.

ඇගේ ලෝකයෙන් අතරමන් වී සිටියද වල්මත් වී සිටියද


තදින්ම දැනුන නිදිමත ගතිය නිසා අමිලද සමග මම
මිතුරන්ටද සමුදුන්නෙමි. අම්මා සාදා තිබූ පොල්සම්බෝලය
හා කැකුළු හාලේ බත පිඟන් දෙකක් පමන හිස් කර මම
ඇඳට වැටුනෙමි. පියුමි පිළිබඳව මතකයන් සිහියට ගෙන
ඒමට උත්සහ දැරුවද මා අසමත් වූයේ නිදිඅත ගතිය
තදින්ම දැනුන නිසාවෙනි.

"අයියෙ .. නැගිට්න්න. ඔයාගෙ ෆොන් එක දැන් පැය


භාගෙක විතර ඉඳන් රින් වෙන්නෙ. කවුරු හරි හදිසියක්ද
දන්නෙ නැහැ"
"යනවා.. මෙතනින් .. මට නිදිමතයි.."

නන්ගිගේ බැනුම් වරුසාව මැද මා කොට්ටය තුල හිස


සඟවා ගත්තේ ඇයගේ හඬ නොඇසීමටය. හීනෙන් වගේ
දුරකතන තිරය දෙස බැලූ මා නැවත අවදි වූයේ එහි මිස්
කෝල්ස් විසි තුනක් ලෙස සටහන් වී තිබීම නිසාය.
දුරකථනය අතට ගෙන ඒ කවුරුන්දැයි බැලීමටත්
මත්තෙන්ම නැවතත් එය නාද වන්නට විය.

"හලෝ .."
"පොඩි මහත්තයා, මම මොහොමඩ්. ඇයි ෆෝන් එක
ආන්සර් කරන් නැත්තෙ"
"මම නිදියන් හිටියෙ මොහොමඩ්. මොකද මේ හදිසියෙම"
"මේක මෙහෙම කියන්න බැහැ. අපේ තැනට එනවද
පොඩි මහත්තයා.පුලුවන්තරම් ඉක්මනට එන්න"

දුරකථනය විසන්දි විය. තදින්ම තිබූ නිදිමත නිසා නැවතත්


කොට්ටය තුල ඔළුව සැඟවීමට සිතුවද නිදිමත සඟවාගෙන
අමාරුවෙන් නැගිට ටවුමට යාමට සූදානම් වූයේ එම
දුරකථන ඇමතුම නොසලකා හැරීමට නොහැකි නිසාය.
"මම බය උනා පොඩි මහත්තයට අසනීපයක්වද්ද කියලා,
මොකද මේ අවේලාවෙ නිදි"
"අනේ එහෙම දෙයක් නැහැ මොහොමඩ්, ඊයෙ මේ
ක්ලාස් එකේ පොජෙක්ට් එකක් කලා නිදි මරාගෙන.
ඒකයි ටිකක් තදටම නින්ද ගියෙ. ඉතින් මොකද්ද
කාරනාව"
"ඒ සේරටම කලින් කියන්නකො අර වීඩියෝ එකේ වැඩේ
මොකද උනේ කියලා"
"ඒක අවුලක් නැහැ මොහොමඩ්. එයාල ගාව ඒ වීඩියෝ
එක විතරනෙ තියෙන්නෙ. ඒකෙන් මහලොකු දෙයක්
කර්න්න බැහැ. පුළුන්නම් ඉතින් දැන් තත්වය මීට වඩා
වෙනස් වෙන්න තිබ්බනෙ. මොහොමඩ් බය වෙන්න එපා,
මට අවුලක් වෙන් නැහැ. ඉතින් දැන් අපු ආව කාරනාව
කිව්වනම්"
"මතකද අපි බ්‍රයන් මහත්තය නැති හින්දා අපට ආව
වැඩක් නැවැත්තුවා"
"ඔව් ඔව්.. ඉතින් ඒක දැන් කරන්නද යන්නෙ."
"එහෙම දෙයක් නැහැ. ඒ ජර්මන් පොර ආයෙත් ඇවිත්.
එයාට ඕනලු අපේ වැවෙන මල් එයාගෙ රටට
ගෙනියන්න."
"ඉතින් මොහොමඩ් කිව්වෙ නැද්ද අපිට වෙච්ච කරදර.
අපි දැන් ඩීල් කරන එක නවත්වල කිව්වෙ නැද්ද"
"කිව්වා. අසීසුත් කියල. ඒත් මිනිහ කියනව අපි තරම්
කවුරුත් එයාට විස්වාස නැහැලු."
"ඉතින් ඒක අමාරු වැඩක් නෙමේනෙ. අපි වෙනද දාන
තියරියම දාමු"
"ඒක නෙමේ තියන ප්‍රස්නෙ.. අපි පුත්තලමෙන් ඒ ටික
ගේන්නත් ඕන. අනික ඒ ටික කොළඹට ගෙනියනත් ඕන
පැකින් කරල. ලොකුම අවුල තමා එයා ඉල්ලන්නෙ
කිලෝ 4 ක්."
"කිලෝ 4 ක් "

මා මෙය කිරීමට අදිමදි කෙරුවද මොහොමඩ්ගේ ඉල්ලීම


මට අහක දැමීමට නොහැකි විය. අපට තිබූ විෂාලම
ගැටලුව වූයේ කිලෝ හතරක පමන මත්ද්‍රව්‍ය ප්‍රමානයක්
ලබා ගන්නේ කාගෙන්ද යන්නය. අවුරුදු තුනකට පමන
ආසන්න කාලයක් මෙම ඩීල් වලින් වැලකී සිටිය නිසා
මෙහි නිවරැදිතාවය පිළිබඳවද සීයට සීයක්ම වගකීමක්
තැබීමටද මට නොහැකි විය. මෙය ඔළුවට බරක්වීමට තුඩු
දුන් අනෙක් කරුන වූයේ අපට ලැබී තිබූ කාලයය. මන්ද
අපට දවස් පහක පමන කාලයකින් නිමකීරීමට සිදුව
තිබුනි.

"මොකද පුතේ ගෙදර ආව වෙලේ ඉඳන් කල්පනා


කරන්නෙ. කොහෙද හැන්දෑවෙ ගියෙ හදිසියේම"
"අවුලක් නෑ අම්මෙ. පරණ යාළුවෙක් හම්බෙන්න ගියෙ.
මිනිහට කැන්සර් එකක්ලු. ලඟදි දැනගෙන තියෙන්නෙ.
ඉතින් මාව බලන්න ඇවිල්ලා"
"හම්ම්.. පුදුමයි මේ මිනිස්සුන්ගෙ ජීවිත. අපිටත් මොනවා
වෙයිද දන්නෙ නැහැ"

අම්මාට බොරු කීමට අකමැති උවද සත‍


ය්‍ය පැවසීමට
නොහැකි නිසා සියුම් වූ සරල බොරුවකින් අම්මා සැනසූ
මා මාගේ රාජධානිය නැතහොත් මාගේ නිදන් කාමරයට
ගියේ නොයෙකුත් දෑ සිත තුල ප්‍රෂ්න නගමින් තිබියදීය.
ජාවාරම් කලාවෙන් ඉවත්වීමට උත්සහ දැරූවද, එම
සමාජයේ නමක් තැබූ පුද්ගලයන් නිසා අපට අප හිතන
තරම් ලෙහෙසියෙන් ඉවත්වීමට නොහැකිය. පසුගිය අවුරුදු
කීපය තුල මදක් ඈත් වී සිටියද අසීස්ට බොහෝ බලපෑම්
තර්ජන එල්ලවුන බව මට මොහොමඩ් කීවා මතකය.
එමෙන්ම මගේ පවුලේ උදවිය, යාළුවන්, පියුමිට මේ
පිළිබඳව යන්තම් හෝ ඉවක් වැටුනොතින් මගේ ජීවිත
කතාව මීටත් වඩා සන්කීර්නවන බව නොඅනුමානය.
අලුතින් හිතන්න කාලය එළබ ඇතැයි සිතමින් සුපුරුදු
ලෙස මම කොට්ටය තුල හිස සඟවා ගත්තෙමි.

"පියුමි, ඔයා වැඩකද"


"නැහැ නැහැ කියන්න"
"එනවද මන් එක්ක කොෆී එකක් බොන්න යන්න"
"ම්ම්ම්ම්.. කොහොමද මම ඉතින් බෑ කියන්නෙ"
"ඉතින් කොහොමද ස්ටඩීස් වැඩ එහෙම."
"හොඳින් කරනවා දිනුක අයියා.. ඒත් අර් කෙහෙල්මල්
ජාවාද මොකද්ද කියල කරනවා, මටනම්"
"හා හා හා ... ඒ ඔයාලට උගන්වන්නෙ බේසික් ටික
විතරයි. අනික මෝඩ ළමයින්ට බැහැ ඒක එකපාර තේරුම්
ගන්න"
"ආ ඇත්තද නුවණක්කාරයා.. හැබැයි ඉතින් මෝඩ ළමයි
එක්ක කොෆී බොන්නෙත් මෝඩ ළමයිම තමා."
"ඒකත් ඇත්ත තමා බලාගෙන යනකොට.. ඒක නෙමේ
කාට හරි ආදරේ කරල තියනවද, නැතිනම් කරන්වද"
"කොල්ලෙක් ඉන්නවද කියල කෙලින්ම ඇහුවනම් නෑ
කියල කියනවනෙ මම.. ඒක නෙමේ මාව හරියට
නොදැක මම ගැන හරියට නොදැන කොහොමද එදා එක
පාරටම ඇවිත් නම්බර් එක දීල ගියෙ"
"මම ඔයා දිහා ගොඩක් වෙලා බලාගෙන හිටියෙ. ලැබ්
එකේ කැමරාවෙන්"
"කැමරාවෙන්.. ඔයානම් ... ඉතින් ඔයා ඇයි මම දිහාම
බැලුවෙ. ඔය ඕන තරම් වෙන කෙල්ලො හිටියෙ.
ඉන්නකො මම ඔය කැමරාව ගලවනවා"
"මගේ ජීවිත කතාව ටිකක් සන්කීර්නයි. දවසක්
කියන්න්ම්කො හිමිහිට. මට ඔයාව දකිනකොට මගේ
ජීවිතේ මන් ගොඩක් අතීතෙට යනවා. ඒ අතීතෙ ලස්සන
මතකයන් තියන ආදරය රැඳුනු තැනක් පුයුමි."
"ඒ කියන්නෙ තව ගැහැණු ළමයෙක් හා බැඳුනු කතාවක්.
ඒ ගැහැණු ළමය මම වගේ නිසාද මගේ ළඟට ආවෙ"
"අවන්කවම කිව්වොත් ඔයා ළඟට ආවෙ ඒ නිසා තමා.
ඒත් ඔයාට ලෙන්ගතු උනේ ඒ නිසා නෙමේ"
"ම්ම්ම්ම්.. බුද්ධිමත් උත්තරයක්. මමත් මෙහෙම කොල්ලෙක්
එක්ක කොෆි එකක් හරි බොන්නෙ පළමු වතාවට තමා.
ඔයාව මටත් හිතට අල්ලල ගියා. දන්නෙ නැහැ ඇයි
කියන්න. දකිනකොට මම කවදාවත් හිතුවෙ නැහැ
මෙහෙම ඔයා එක්ක එකට ඉඳගෙන ඉන්නවත්"
"ඒ කියන්නෙ ළමයට මට ආදරේවත් හිතිලද දන්නෙ
නැහැ"
"ආදරේ ගැන නම් කියන්න මම දන්නෙ නැහැ. මොකද
මම තාම චූටි කෙල්ලෙක්නෙ. තාම ස්කූල් යනවනෙ. ඒත්
ඉතින් මටත් ඔයා එක්ක කතාකර කර ඉන්න ආසයි"
"එහෙනම් ඉතින් හැමදාම ඉන්න මගේ ලඟ"
"කපටිය.. ඒක ලොකු ආරාධනාවක් නේද දිනුක අයියා. ඒ
වගේ දෙයකට මුල පුරන්න තරම් මම තාමත් ලැස්ති
නැහැ කියල මට හිතෙනවා. කමක් නැහැ මෙහෙම
ඉමුකො. කාලය එක්ක යනකොට අපිට නොතේරෙන
තැන් විසඳෙයි. එතකොට බලමුකො"

මා හට ඇයගේ අකමැත්තක් නොතිබූ අතර ඇය තවමත්


කෝඩුකාරියක වූ නිසාවෙන් යොවුන් ආදරයකට සූදානම්ව
නොසිටියේය. ඇගේ අතින් ඇල්ලීමට ආසව තිබුනද මගේ
සිතේ ඇතිවූ චකිතය නිසා ඇගේ වමතේ පොඩි ඇඟිල්ල
මා සිනිදුව අල්ලන් සිටියේ අප කතාකරන අතරතුරය.
කටකොනකින් සිහින් ලස්සන සිනහවකින් මා හට සන්ග්‍
රහ කල ඈ ඇගේ දිලිසෙන ඇස් දෙකෙන් මා දෙස මදක්
වෙලා නිහඬව බලා සිටියේ අප අතර සිහින රාශියකට
මුලපුරමින්ය.

"ඔය ඇස්වලින් කිවවෙන ඒ ආදරේ, තාම ඉකූල් යන මේ


පුන්චි කෙල්ලට පිලිගන්න පුලුවන් වෙයිද දිනුක අයියා
....."
"ම්ම්ම්ම්... අපි අතරෙ නොගැලපෙන ගැලපෙන හේතු
දහසක් තියේවි. ඔයා තියන්න පළවෙනි අඩිය පියුමි. ඉතිරි
නවසිය අනූ නමයම මම තියන්නම් ඔයා වෙනුවෙන් ඔයා
ලඟට එන්න"

ඇය හා ගත කල ඒ මිනිත්තු කීපය තුල මම


සැහැල්ලුවෙන් සිටියෙමි. එතරම්ම සිතට සහනයක් ගෙන
දෙන මෙම මනුස්ස දුවව මගේම කරගන්නවායැයි සිතමින්
අපි දෙදෙනාම අප සිටි ස්ථානයෙන් නැගිට ගියෙමු. මා
ඇහේ අතින් ඇල්ලුවද ඇය එය වලකාලීමට උත්සහ
දැරූවේ නැත. එය මා ඇගේ අත ස්පර්ෂ කල පළමු
අවස්තාව විය. සාම්ප්‍රදායික පෙම්වතෙක් ලෙස දැනුටු ඒ
සතුට හා හැඟීම් මට වචනයෙන් විස්තර කිරීමට
නොහැකි තරම්ය. නමුත් නොසිතූ ලෙසම කෙවින් ඇතුලු
පිරිස අපි දෙදෙනාගේ ඉදිරියට හමුවුනේ ගැහැණු ළමයෙකු
මගේ ජීවිතයට පැමිනෙන්නේ තවත් කරදර රාෂියක් සමග
යන මතය නැවතත් සනාත කරමින්ය. කෙවින් ඉදිරියේ
වෙනදා මාගේ තිබූ තේජාන්විතය මදකට අඩුවූයේ මා
අසල පියුමි සිටි නිසාත් ඇය ඉදිරියේ කෙවින් හා එකට
එක යාමට තිබූ අකමැත්තත් නිසාය.

නමුත් සිදුවූයේ මා නොසිතූ දෙයකි. කෙවින් පියුමි දෙස


බලා සිටියේ පුදුමයෙන් මෙනි. ඔහුගේ පිරිසද එක පියවරක්
ආපස්සට ගැනීමෙන් ඔවුන්ගේ පසුබෑම පැහැදිලි විය. සිදුවූ
දේ කුමක්දැයි මට එකවරම සිතාගත නොහැකි උවද එක
වරම කෙවින් ඔහුගේ අත ඔහුගේ මුහුන මත තබා
ගැනීමෙ නිසා ගෙවූ තප්ප්පර කිපය තුල සිදුවූ දෙය මට
වැටහිනි. දුටු මුල් වරම කෙවින්ද, පියුමිට ඉමාෂා යැයි
රැවටෙන්නට ඇත. ඔහු ඔහුගේ කම්මුල මත අත තබා
ගැනීමෙන් එය මට තහවුරු විය. එදා ඉමාෂාගෙන් වැදුනු
ඒ පහර ඔහුට තවමත් මතකයේ ඇත.

"කව්ද දිනුක ඒ කට්ටිය. ඇයි එයාල මගේ දිහා බලාගෙන


හිටියෙ බයවෙලා වගේ. ඔයා එයාලව අඳුරනවද"
"මාත් එක්ක එයාල ටිකක් හිත හොඳ මදි"
"රස්තියාදු කාරයො එක්ක රන්ඩුවලට පැටලෙන්න එපා
දිනුක අයියා. මම කැමති නැහැ"
"මම රන්ඩු කරන්න ගියෙ නැහැනෙ. ඒක නෙමේ මට
දිනුක කියල කතා කරන්න. අයියා කෑල්ල ඕන නැහැ"
"එහෙනම් මම යනවා දැන් පන්තියට. පරක්කුත් උනා
මට. හවස හම්බෙමු එහෙනම් .. දිනුක .."

සුන්දර වූ ඇයට සමුදුන්නද මාගේ සිත රැඳී තිබුනේ


කෙවින් වෙතය. ඇය නොපෙනී ගිය විගසම මා නැවතත්
පාරට පැමිනියේ ඔවුන් සීටීද බැලීමටය. මාගේ සිතුවිල්ල
නිවරැදිය. කෙවින්ගේ සහෝදරයා වන නවීන් ද පැමින
සිටියේය. පියුමිගේ ජීවිතයට අනතුරක් වේවිදෝ යන
සැකය මුල්වරට මා සිත තුල බිහිවෙද්දී කෙවින්ගේ
සහෝදරයා මා වෙතට ආවේ ඇහිපිල්ලක වේගයෙනි.
අළුත්ම ජේඩ් වර්ගයේ මෝටර් බයිසිකලයකින් පැමින මා
ඉදිරියේ නැවතු ඔහු හා මා අතර පැවදියේ නිහඬතාවයකි.
නවීන් ඔහුගේ සහෝදරයා මෙන් මා හා තරහක් නොතිබූ
අතර මගේ සටන ඇත්තේ ඔහු හා නොව ඔහුගේ
සහෝදරයා හා සමග බවද නවීන් හොඳාකාරවම දැන
සිටියේය.

"දිනුක.. මොකක්ද මේ අපේ අයිය කියන්නෙ. ඉමාෂ


එක්ක ඔයා උන්න කියලා"
"ඒ ඉමාෂ නෙමේ නවීන්."
"ඒ කිව්වෙ"
"ඉමාෂාගෙ හැඩරුවට සමාන හැඩරුව තියන කෙනෙක්.
මමත් මුල් දවසෙ රැවටුනා. අයියට කියන්න ඒ කෙල්ල
කිසිම දේකට සම්බන්ද නැහැ කියලා. ගනුදෙනුවක්
තියනවනම් එයාට මන් එක්ක බේරගන්න කියන්න"
"දිනුක මම උඹ ගැන දන්නවා. ඊට වඩා මම මගේ අයිය
ගැන දන්නවා. මිනිහ හිතුවක්කාරයි තමා. ඒකයි මේ ගැන
කෙලින්ම මම උඹෙන් ඇහුවෙ. කෙල්ල ගැන ටිකක්
හොඳට බලාගනින්. දන්නවනෙ අයියගෙ හැටි"

ඔහු එසේ කියමින් මා අසලින් නොපෙනී ගියේ තවත්


හිතීමට දෙයක් මා තුල ඉතිරිකරමින්ය. ඔහු පැවසුවා
මෙන්ම කෙවින් යනු නරුමයෙකි. ඔහුගෙන් පියුමිට
කරදරයක් සිදුවීමට ඇති අවස්ථාව වැඩිය. ඉමාෂා මෙන්ම
පියුමිවද මා හට නැති කරගැනීමට නොහැකිය. ජීවිත
ගමනේදී කලාතුරකින් ලැබෙන දෙවනි අවස්තාව මා හට
මග හැරිය නොහැකිය. එහෙයින් කෙවින් පිළිබඳව ඉක්මන්
තීරනයක් ගැනීමට කාලය එලඹ ඇත. නැතිනම් ඔහු මා
නොමරා මරන බව නොඅනුමානය.

කාර්යය බහුල වූ දින කීපයක් ගත කෙරුවද කාර්යය


බහුල බව නොදැනුනේ පියුමි නිසා වියයුතුයැයි මම
කල්පනා කෙරුවෙමි. දිනෙන් දින ඈ මාහට ලෙන්ගතූවද
මා අසල දැවටුනද යොවුන් ආදරයකට මුල පීරීමට ඇය
තවමත් කෝඩුකාරියකැයි යන සිතුවිල්ල මාගේ සිත තුල
තිබුනි. තවද කෙවින්ගේ බැල්මද ඇය කෙරෙහි තිබූ
නිසාදෝ මගේ එදිනෙදා ජීවන රටාව මදක් සන්කීර්න වී
තිබුනි. කරුනු කාරනා මසේ සිදුවෙද්දී අප සියලුදෙනාටම
සතුට ගෙනදන්නා වූ කරුනක් වූයේ මෘදුකාන්ග
තරඟාවලියේ ජය අපට හිමිවී තිබීමය. නැතිනම් අපේ
නිර්මානයක් වූ පාර සොයන්නා නොහොත් පාත්
ෆයින්ඩර් අනෙක් සියළුම තරඟකරුවන් පරදා ජයගෙන
තිබීමය. ජයග්‍රාහී සතියක ආදරය පිරුණු මාවත් ඔස්සේ
මාගේ ජීවිතය ගෙවී යද්දී මගේ මනසට හිසරදයක් වූ
තවත් එක කරුනක් විය. එනම් මොහොමඩ් සමග මා
අතගසා තිබූ මත්ද්‍රව‍
ය්‍ය ව‍
ය්‍යාපෘතියය.

අපගේ ගැනුම්කරුගේ අවෂයයතාව වූ මත්ද්‍රවයය කිලෝග්‍


රෑම් හතරට අමතරව තවත් ගෑම් අටසීයක් වැඩිපුර
මොහොමඩ් රැගෙනවිත් තිබුනේ අප දෙදෙනාගේම
සැලසුමට අනුව හා ගනනය කිරීම් වලට අනුකූලවය.
මෙය ක්‍රමානුකූලව ඇසිරීමට අලුත් අදහසක් නොතිබූ
නිසාත් ආරක්ෂාකාරී පිළිවෙලක් අවශයය වූ නිසාත්
අපගේ සාම්ප්‍රදායික තේ පැකට් ක්‍රමය යොදා ගැනීමට මම
සැලසුම් කෙරුවෙමි. එමනිසා අපට අවෂයය බ්ලැක් ටී
වර්ගයේ තේකොල සැලකියයුතු ප්‍රමානයක්ද රැගෙන ඒමට
අපට සිදුවිය.

"මොහොමඩ් සේරම හරි නේද. ඉතුරු තේකොල ටික


ඔයා ගෙදර ගෙනියන්න. මටත් ඔය පොඩි පෙට්ටියක්
තියන්නකො"
"වැඩේ හිතුවට වඩා අමරු උනා නේද පොඩි මහත්තයා.
ඒක නෙමේ ඇයි මට තේකොල පැකට් ගේද්දි තැන්
හතරකින් විතර ගේන්න කිව්වෙ"
"අපි මේ ටික දෙන්නෙ ෆොරින කෙනෙක්ටනෙ
මොහොමඩ්. අනික තේ කොල පැකට් මෙච්චර ගොඩක්
එකම තැනින් ගන්නකොට කාට හරි සැක හිතෙන්න
පුලුවන්නෙ. ඒකයි මම් එහෙම කිව්වෙ"
"හරි අපි දැන් කොහොමද මේ ටික ගෙනියන්නෙ. ට්‍
රැවලින් බෑග් එකක දාමු නේද"
"ඔව් එහෙම කරමු. මම තේකොල පැකට් එකිනෙක
අඩුක්කරල තියෙන්නෙ රටාවකට. ඒ නිසා ඇත්ත
තේකොල පැකට් එක්ක වෙන්කරල අදුනගන්න පුළුවන්.
අනික මොහොමඩ් ඔයා ඔය ටික බෑග් වලට අසුරද්දි
කල්පනාවෙන්. යටම තට්ටුවයි උඩම එකයි ඔරිජිනල් තේ
කොල දාන්න හරි. එතකොට පැත්තට පේන පෙට්ටි
වලටත් සේරම ඔරිජිනල් දාන්න. මැද්ද අඩුක්කරද්දි මම
ඇඳල ඇති රටාවක්. අන්න ඒ රටාව බලාගෙන අඩුක්
කරන්න. මොකද මේච්චර තේ කොලගොඩක්
ෆොරිනකෙනෙක් ගෙනියනකොට අනිවාර්යයෙන්ම චෙක්
කරනවා. ඔය මගේ රටාවට අඩුක් කලාම අහුවෙන්න
තියන සම්භාවිතාව ගොඩාක් අඩු වෙනවා."
"වැඩේට ටිකක් වෙලායාවි නේද පොඩි මහත්තයා. ඔයා
යන්න ගෙදර දැන් රෑ වෙලානෙ. පොඩි මහත්තයට
ගෙදරට උත්තර බඳින්නත් වෙයිනෙ තවත් වෙලා ගියොත්.
මම මේ ටික පරිස්සමට කරල තියන්නම්."
"ඔව් ඔව් ඒක ඇත්ත. මොහොමඩ් එහෙනම් ඔය ටික
පරිස්සමෙන් තියන්න. මේ කාමරේට කාටවත් එන්න
දෙන්න එපා. තව දවස් දෙකයිනෙ තියෙන්නෙ ඩිලිව
කරන්න. මම ඒ ගැන හෙට කල්පනා කරන්නම්. අනික
බ්ලැක් ටී කොහෙන්ද කියල කවුරු හරි ඇහුවොත් අපේ
නුවර එළියෙ අමරෙ දුන්න කියන්න."
"ඒ ගැන බය වෙන්න එපා. මේ ගෙදරට කවුරුත් එන්නෙ
නැහැ. එහෙනම් ඉක්මනටම ආයේත් හමුවෙමු පොඩි
මහත්තයා"

මෙම බෑගයන් ප්‍රවාහනය කිරීමට පහසු උවද එය තරමක්


සන්කීර්න කටයුක්තක් බවට පත්වූයේ අප සියලුදෙනාම
ආරක්ෂාවිය යුතු නිසාත් ප්‍රමානය මදක් වැඩිවූ නිසාත්ය.
තේ කොල සුවඳ තිබූ මාගේ ඩෙනිම හා බැනියම
සේදීමට දමා මාද පිරීදුවූයේ මෙහි තිබෙනාවූ බරපතලකම
ගැන නැවතත් සිතන අතරතුරදීය. මා අසලින් හැමූ
තේකොල සුවඳ නිසා අම්මාගේ හා නන්ගීගේ නොයෙකුත්
ප්‍රස්නවලට සාර්තකව පිළිතුරුලබා දුන් මම සුපුරුදු පරිදි
කොට්ටය මත හිස සඟවාගත්තේ පියුමි ඇයගේ අම්මාගේ
දුරකථනයෙන් සුභ රාත්‍රියක්යැයි එවා තිබූ කෙටි
පනිවිඩයට පිළිතුරු දෙන ගමන්මය.

"කෝ ඩිලා මේ අමිලයයි දිනුකයි"


"අනේ මන්දා ගයාන්. මග කියලනම් කිව්වා. ඒත් ..."
"හරි අපි එයාල එනකම් වැඩේ පටන් ගනිමුකො. මම අද
කට්ටියට එන්න කිව්වෙ අපේ පාත්ෆයින්ඩර් නිසා අපට
සැලකිය යුතුමුදලක් ලැබෙන්න තියනවා. ඒක අපු කට්ටිය
බෙදාගමුද නැතිනම් අපේ ඊළඟ සෙමෙස්ටර් එකෙන් අඩු
කරන්න කියමුද"
"ඔන්න ඕක අපි පස් දෙනා බෙදා ගමු රොෂෙන්"
"මොකද්ද කසුව ඒ කතාවෙ තේරුම. පහක් නෙමේහතක්
ඉන්නවා. ඇයි අරුන් දෙන්නා. උන් දෙන්න මේකට
මහන්සි උනා අපිට වඩා."
"හරි හරි ලක්ෂිත ඕකට තරහ ගන්න එපා. කසුවට
වැරදිලා කිවවෙන්න ඇති"
"වරදින්න.. අනේ මේ."
"ගුඩ්මෝර්නින් සෙට් එකටම. මොකද මෙතන වෙන්නෙ.
උණුසුම් තත්වයක්ද"
"ඔය ආවෙ දෙන්නම. මොකෝ බන් පරක්කු උනේ"
"කොහෙද මම දිනුකල දිහා යනකොටත් යාළුවා නිදි.
ඇහැරවල දත් මද්දවල තමා අරන් ආවෙ"
"අපි මේ කිය කිය හිටියෙ, පාත්ෆයින්ඩර් එකෙන් ලැබන
සල්ලි අපි බෙදා ගනිමුද නැතිනම් ඊළඟ සෙමස්ටර්
එකෙන් අඩු කරන්න කියමුද කියලා"
"අනේ රොෂෙන්, ඕක මටයි අමිලයටයි ඕන නැහැ. උඹල
බෙදාගනිල්ලා"
"ඔව් බන්. අපි උඹලට හෙල්ප් කලාතමා. ඒත් උඹලනෙ
මහන්සි උනේ ගොඩක්. "
"දෙන්නම කටවහගන්නවද, මම අපේ මැනේජර්ට
කියන්නම් අපි හත් දෙනාගෙ ඊළඟ සෙමස්ටර් එකෙන් අඩු
කරන්න කියලා."
"හරි හරි රොෂෙන්ට ඕන දෙයක් කරන්නකො. "
අපි මෘදුකාන්ග තරඟාවලිය ජය ගැනීම නිසා සතුටින් සිටි
රොෂෙන් ඔහුගේ වියදමින්ම අප පන්තියේ සිටි සියලුම
දෙනාට තේ පැන් සන්ග්‍රහයක් සූදානම් කර තිබුනේ අප
කාගේත් හමුවීමේ තිප්පොල වු ඔඩීලියා උඩ ත්ට්ටුවේය.
තේ කොල සුවඳ පවා අප්‍රසන්නව සිටි මම එවගක්
නොපෙන්වා අමාරුවෙන් උගුරෙන් පහලට යවා ගත්තේ
තරමක් අසීරු වූ වෑයමකිනි.

"මම අද දිනුක අයිටට කැමතියි කියනවා, උඹල මොකද


කියන්නෙ"
"පියුමි.. උඹ සිරාද කියන්නෙ."
"ඔව් ඇයි.. "
"පියුමි උඹ ඔය ගත්ත තීරනයට මම සියයට සීයක්ම
එකඟ වෙන්නෙ නැහැ. ආයෙමත් හිතපන් ටිකක්"
"මම ඒ කොල්ල ඉන්න එක්ක උඹල තියන අමාරුව
මොකද්ද තිනුරි. ලිඟ මගේනම්, වතුරත් මගේනම්, ඇදගෙන
නාන්නෙත් මම නම් උඹට තියන අමාරුව මොකක්ද"
"මම අකමැත්තකට නෙමේ බන් කියන්නෙ. ඒ කොල්ල
උඹට ගැලපෙන්නෙ නැහැ. බලපන්කො උඹේ තත්වෙයි ඒ
කොල්ලගෙ තත්වෙයි. අනික පියුමි උඹ අද මට බනීවි.
ඒත් මතක තියාගනින් ඒ කොල්ල නිසා උඹට අඬන්න
වෙනව පුදුම විදිහකට කවදා හරි"
"මොකද්ද තිනුරි. පියිමිය ඒ කොල්ලට කැමතිනම් ඉතින්
අපිට මොකුත් කියන්න බැහැනෙ. අනික මේකි අපේ
යාළුවා."
"ඇයි තිනුරි උඹ එහෙම කිව්වෙ"
"නැහැ පියුමි මට හිතුනා ඒකයි කිව්වෙ. මම හිතනව
වැඩි නිසාද මන්දා"
"ඒ කොල්ලට මම ආසයි බන්. එයා මාර ගති."
"හරි හරි දැන් ඕව අමතක කරපල්ලා. කොහොම හරි
පියුමි දැන් ආදරවන්තියක් වෙලා. අපේ සෙට් එකේ පළමු
පෙම් කිරිල්ලිය. පාටි එකක් ඕන හරි"
"හරි හරි.. දෙන්නම් දෙන්නම්.. හැබැයි මම තාම පොඩි
වැඩිද මන්දා බන් ඔය ලොකු වැඩ කරන්න. අනික තාම
ඕලෙවල් ලිව්ව විතරනෙ"
"ඒ පාර මොකද උඹට උනේ පියුමි.."
"නෑ ඉතින් මම නිකමට කිව්වෙ .."
"ඕකනෙ ඉතින්. උඹෙත් එක වචනයක් නෑනෙ.
වැනෙනවනෙ. උඹමනෙ ඒ කොල්ලව තෝරගත්තෙ. අනික
උඹල දෙන්න මෙච්චර දවස් කතා බහ කලානෙ."
"ඒක තමා පියුමි මම කලින්ම කිව්වෙ උඹට. කොහෙද
ඉතින් උඹ මා එක්ක කොක්කටමනෙ එන්නෙ. අනික
පියුමි ආදරේ කියන්නෙ ලස්සන දෙයක්. ඒ වගේම
වගකීමක්. උඹ තාම පොඩි කෙල්ල. ටිකක් මෝරල
එනකොට උඹට තේරුනොත් ඒ කොල්ල නෙමේ උඹේ
වීරය කියල , එතකොට මොකද කරන්නෙ."
"තිනුරි .. පියුමියගෙ කැමැත්තනෙ බන්. අනික කෙල්ලො
අපිට ආදරේ තහනම් නැහැනෙ. උඹ බය වෙන්න එපා.
තිනුරිය ඔය උඹට තියන ආදරේට හැමවෙලේම
විපක්ෂෙවගේ ඇද කියන්නෙ. අපි ඉන්නවා බන් උඹ
එක්ක"
"මට උඹල කියන ඒව නොතේරෙනව නෙමේ. ඒ උනාට
ඒ කොල්ල මට විෂේෂයි බන්. හේතුවක් කියන්න දන්නෙ
නැහැ. එයාව දකින හැම වෙලේම මට හිතෙන්නෙ
එයාගාවටම වෙලා ඉන්න.. ඒ හැඟීම් පුදුමාකාරයි බන්. මට
විස්තර කරන්න තේරෙන්නෙ නැහැ"
"උඹල ලඟට වෙලා ඉන්නම විතරමද හිතෙන්නෙ"
"හිරු...නි ... තාම අපි පොඩි කෙල්ලෝ හරි..ද ... ඒව
පස්සෙ බලමුකො"
"ආ .. කෙල්ල ඒ ගැනත් හිතල ඉවරයි එහෙනම්.
බලපල්ලකො මූන රතු වෙච්චහැටි ලැජ්ජාවට"
"ඒක තමා තිනුරි.. මොකෝ උඹ ඇඹරෙන්නෙ. හරි දැන්
කියපන්කො බලන්න උඹ කැමතියි කියන්නෙ කොහොමද.
අනික උඹ ඉස්සර වෙන එක හරිද"
"එයා කිව්වා බන් දවසක් මට පළවෙනි අඩිය තියන්න,
එයා ඉතුරුව බලාගන්නම් කියලා"
"හම්ම්ම්.. දැන් මොකද්ද උඹේ ප්ලෑන් එක"
"ලස්සනට හිරු පායල තියන මේ උදෙයේ කුරුළු හඬ
ඇහෙනකොට, ඇඟ කිලිපොලා යන සීතල සුළඟක්
හමනකොට, මුලු පරිසරයම නිහඬ වූ වෙලාවක,
මොහොතකකට එයා එක්ක තනි වෙලා ඒ ආඩම්භර ඇස්
දිහා මොහොතක් බලාගෙන ඉඳල, රහසේම කනට කරල
කියනවා මම ඔයාට කැමතියි දිනුක අයියා කියලා"
"ඔ ..හ් ... මයි ගෝ....ඩ්..... පියුමි උඹ හොන්දින් නේද,
උඹේ ඔළුවවත් වැදුනද අද උදේන්ම කොහෙ හරි"
"ඉතින් ඕකනෙ උඹල එක්ක බැරි. කොහොමද මගෙ
රොමැන්ටික් සීන් එක"
"ඔය සීන් එකට තව දාන්න තිබ්බනෙ මොකක් හරි උස
තැනක උඹ අත් දෙක දෙපැත්තට දිගහැරන් ඉන්නකොට
කොල්ල පිටිපස්සෙන් ඇවිත් උඹව බදාගන්න එකකුත්"

රොෂෙන්ගේ තේ පැන් සංග්‍රහයෙන් පසුව අපි සියලු


දෙනාම අපගේ පන්ති කාමරය වෙත යාමට සූදානම්
උනෙමු. අද දින අප හට උගන්වනුයේ නැති උවත් පසුගිය
ප්‍රස්න පත්‍ර කරමුයැයි ගයාන්ගේ යෝජනාවට මා හා
අමිලද කැමැත්ත ප්‍රකාෂ කලේ අප හටද පසුගිය සතියේ
පන්තීන් කීපයක්ම මග හැරුනු නිසාය. නමුත් අප මිතුරන්
සමග යාම මට මදක් ප්‍රමාද කිරීමට සිදු වූයේ පියුමිගේ
පැමිනීම නිසාය. ඇය මදක් කලබල ගතියකින් සිටි නමුත්
වෙනාදාට වඩා ඇයගෙන් දිස් වූයේ අමුතුම දසුනකි.
ඇගේ මුළු වතම වෙනදාට වඩා එලිය වැටී තිබූ අතර
ඇය දෙතුන් පාරක්ම පසු පස හැරී බැලුවේ කවුරුන් හෝ
ඇය දෙස බලා සිටිනවාද යන හැඟීමකිනි. ඇගේ ඉරියව්
වලින් ඇගේ හිත කියවිමට මට හැකිවූ අතරම අමිලටඩ
එසේ හැකිවූයායැයි මා සිතුවේ කන කොනට කර මට
සුහ පතා ඔහු එතනින් වෙන්ව ගිය නිසාය.

"මොකෝ පියුමි.. මොකක්ද මේ ලැජ්ජාව අද"


"යමු අපි උඩට ගිහින් කතා කරමුකො, මොනව හරි
බොන ගමන්ම"

කෑමට බීමට කිසිම ප්‍රියක් නොතිබුනද ඇගේ යෝජනාව


මට නොසලකාහැරිය නොහැකි නිසා මා ඇය සමග මීට
මොහොතකින් මා මගේ මිතුරන් සිටි තැනම වාවි වූ
නමුත් ඇගේ නිහඬ බව මා හට තුල ප්‍රස්න රැසක්
ඉතිරිකරමින්ය. නමුත් ඒ ප්‍රස්න සියල්ලම ඇගේ පළමු
වචන කීපයෙන්ම බොල් වී යනු ඇතැයි මම
නොසිතිවෙමි.

"ඔයා කිව්වා වගේ දිනුක අයියා, අපේ කතාවෙ පළමු


අඩිය මම තියන්න කැමතියි. ඔන්න දැන් ඉඳන් ඉතුරු ටික
ඔයාට බාරයි. මේ පුන්ච් කෙල්ලව බලා ගන්න එක
ඔයාට බාරයි.... මොකද අනේ ගල් ගැහිල වගේ මගේ
දිහා බලාගෙන ඉන්නෙ"
"මට .. ම... ට.. කියන්න දේවල් එන්නෙ නැහැ පියුමි"
"මොකෝ ඒ පාර මට කැමති නැතිවද"
"එහෙම දෙයක් නැහැ පියුමි. මගේ කටින් මොකක් හරි
වැරදි දෙයක් නැතිනම් මෙතන්ට ගැලපෙන් නැති දෙයක්
පිටවෙයි කියල හිතල තමා නිහඬව හිටියෙ. මොකද මම
ආසනැහැ මේ ලස්සන මොහොත විනාස කරගන්න"
"ම්ම්ම් ... ඔයාව දැක්ක දවසෙ ඉඳන්ම මගෙ හිතට
මොකක්දෝ අමුත්තක් දැනුනා දිනුක අයියා. අනේ මන්දා
මට ඒක ඔයාට කියන්න තේරෙන් නැහැ. කාලට
ගෙවොල යනකොට මට ඔයා නැති තනිකම දැනුනා.
ඔයාව මේ ඇස් දෙකට හැම වෙලේම බලන්න ඕන උනා.
හරියට ඔයාගෙන් තොර ලෝකයක් තිබුනේම නැති තරම්
වගේ.. මොකද අනේ ඔයා මගේ මූණ දිහා බලාගෙන
ඉන්නෙ මම මෙච්චර කියලත්.. මොනව හරි කියන්නකො"
"මොනවත් නොකිය, අපි ඇවිදගෙන යමුද අර පේන පාර
දිගේ.."
"ඔයාට පිස්සුද අනේ.. කුනුකාණුව තියන පාර නේද ඒ..
කිසිම රොමැන්ටික් ගතියක් එන්නෙ නැහැනෙ.. ඔයානම්..
ආ ඔන්න දැන් ඒ පාරෙවත් යන්න හම්බෙන් නැහැ.
වැස්සක් එන්න නේද යන්නෙ. දිනුක අයියා අපි වැස්සෙ
ඇවිදිමුද. වැස්සෙ අයිස්ක්‍රීම් කමුද"

ඇය එසේ පවසනවාත් සමගම මම මගේ ඇගේ


ස්පර්ෂයෙන් මුදවා ගත්තේ ඇහිපිල්ලමක වේගයකිනි.
ඇයට එය ප්‍රස්නයක් නොවුනේ තාලයකට වැටෙනා වැහි
බිඳු දෙස ඇය බලා සිටි නිසාය. වැස්සේ අයිස්ක්‍රීම් කෑමට
ඉමාෂාද ඇලුම් කල හැටි මට සිහි විය. මේ ඉමාෂාමයැයි
මම නැවතත් කල්පනා කෙරුවෙමි. ඇරඹුමට පෙරම
අවසාන වූ ආදරයක මතකයක් සමග වර්තමානානයේ මා
විඳිනා ආදරයක් සමග මා මැදි වී ඇත.

"දිනුක අයියා.. මොකෝ මේ.."


"මුකුත් නැහැ පියුමි"
"හම්ම්ම්.. මම දන්නෙ නැහැ මේකද ආදරය කියන්නෙ
කියලා. මේ ආදරේනම් ඉස්සෙල්ලම මන් ඒක විඳින්නෙ
ඔයාගෙන්."
"ඒ කියන්නෙ ඔය ලස්සන දිලිසෙන ඇස්වල පළමු
අයිතිකාරයා මමයි එහෙනම්"
"පළමු... පළමු නෙමේ එකම අයිතිකාරයා ඔයා තමා"

ආදරනීය මොහොතක අපඉ දෙදෙනාම මදකට තනී වී


සිටියද මාගේ සිත පියුමි වෙතම නොරැඳුනේ ඉමාෂාගේ
මතකය්න් නිසාය. ඇගේ සමහර වචන මා හට ඉමාෂාව
මතකෙට ගෙනාවේය. නමුත් ඉමාෂා මගේ අතීතයය. පියුමි
මගේ අනාගතයය. මම මගේ හිතුවක්කාර සිතට එය තදින
ඒත්තුගන්වමින් අපගේ ආදරණීය මොහොතට සමු දුන්නේ
ඇයට පන්තියට යාම සඳහාය. ඇගේ පන්ති නිමවී මෙම
ස්ථානයේම නැවත අප හමුවෙමු යැයි පොරොන්දුව පිට
අප දෙදෙනාම වෙන්වගියේ අලුත් හීනයකට අලුත්
කතාවකට මුලපුරන ගමන්ය.

මගේ මිතුරන් හා එකට සිට වැඩකටයුතු කලද මගේ හිත


බරව තිබුනේ ඇයිද යන්න මට නොතේරුනි. මගේ
නිහඬබව නිසා කීපවතාවක්ම අමිල මා අසලට පැමින
නොයෙකුත් දේ මගෙන් ඇසුවද ඔහුටද ලැබුනේ කෙටි
පිළිතුරු නිසා නැවතත් ඔහු මගෙන් කිසිවක්
නොඇසුවේය.

"යාළුවා, මොකද නිහඬ.. මොකක් හරි අවුලක්ද"


"එහෙම එක්ක නෑ අමිල. ඒත්.."
"ආ .... මේ ඉන්නේ ආදර වන්තයා. රොෂෙන්, ගයාන් .
ලක්ෂිත වරෙන් තවත් පාටියක්. ඔන්න පුතේ ඔඩීලියා පටි
නම් බෑ හරි"
"ඒක තමයි ඩිලා. උඹ හරි.. දාමු ගින්දර පාටියක්. බ්ලැක්
ලේබල් එකක් එහෙම් ගෙනල්ල"
"ඔය තියෙන්නෙ අයිඩියාස්.. ලක්ෂිත උඹ නම් දෙවියෙක්.
දිනුක මේ වීක් එන්ඩ් එකේ සමරමු අපි"
"මොනාද අනේ.. ඔයාල හැම දාම පාටි දානවා. අපි
නැහැ."
"හරි හරි අම කෙල්ලො ටිකට මොනා හරි අරන්
දෙන්නම්කො. ලක්ෂිතය උඹ කිව්ව එක ඔර්ඩර් කරපන්.
ගහමු වැටෙන්නම"

යාලුවන්ගේ පාර්ටි ගැටලුව විසඳමින් මම ඇයව හමු වීමට


පොරොන්දු වූ පරිදිම නියමිත ස්තානයට ගියේ මා එනතුරු
අමිලට සීටීමට ආරාධනා කරනමිනි. උදය වරුවේ දුටුවාට
පසු ඇයව දුටුවේ දැන්ය. නමුති කලින් ඇගේ තිබූ ඒ
උද්යෝගය තරමක් අඩුවී තිබුනි. එමෙන්ම ඇය
කල්පනාලොවක අතරම්න් වී සිටියේය.

"මොකෝ මේ බැට්‍රි බැහැල වගේ.."


"දිනුක අයියා.. මම දෙයක් කිව්වොත් තරහ වෙන් නැහ්
නේද මන් එක්ක"
"කියන්නකො බලන්න ඉතින්."
"අපි ආදරේ නොකර ඉමු. යාළුවෝ වගේ ඉමු"
"මොකද පියුමි මේ එකපාරටම.. උදේ හොඳට හිටියනෙ"
"මේකයි.. මම ඔයා ගැන හරියට දන්නෙත් නැහැනෙ.
අනික මම තාම පොඩියි. ආදරයකට මුලපුරන්න තරම් මම
තාම සූදානම් නැහැ කියල මට හිතෙනවා. ඒකයි ඔයාට
මම කිව්වෙ යාළුවො වගේ ඉමු කියලා. අනේ ඔයා තරහ
නැහැ නේද"
"මම තරහ නැහැ පියුමි"
"චුට්ටක්වත්"
"නැහැ.. යාළුවෝ වෙමු අපි"
"වාව්.. ඔයා තමා හොඳම කොල්ල මේ ලෝකෙ ඉන්න.
තෑන්ක්ස් අයියා. එහෙනම් මම යනවා. අම්මි එනවා
කිව්වා අද ගන්න මාව. හෙට මීට් වෙමු"
"ඕකේ.. සීයූ"

ඇය එසේ පවසමින් මා අසලින් වෙන්වී ගියේය. ඇය


ඇගේ මව සමග නොපෙනී යන තෙක්ම මම ඔඩීලියා
එකේ උඩ සිට බලා සිටියෙමි. සිහින රැසක අතරමන්
වෙමින් මම සිදුවූ සියල්ලම අමිලට පැවසුවෙමි. ඔහුටද
සිදුවූ දේ කුමක්දැයි තේරුම් ගැනීමට නොහැකි වී සිටි බව
අප දෙදෙනා අතර තිබූ දැඩි නිහඬතාවයෙන් පැහැදිලි විය.

"උඹ ඕක ගැන හිතන්න එපා යාළුවා.. කෙල්ල උඹට


කැමතියි. තාම පොඩි කෙල්ලෙක්නෙ බන්. ඔන්න බලහන්
හෙට උදෙන්ම ඇවිල්ල උඹට ආයෙත් කැමතියි කියන්
නැද්ද කියලා"
"හම්ම්.. ඒක නෙමේ අමිල පියුමි හැම වෙලේම මට
ඉමාෂව මතක් කරවනවා බන්"
"උඹ පිස්සෙක්නෙ. මොකද ඉමාෂා ගැනැ කියන්න ගියෙ
පියුමිට"
"මම කිව්වෙ නැහැ බන්. එයාගෙ හැසිරීමෙන්, එයාගෙ
කතා බහින්"
"හරි හරි යාළුවා.. මම දන්නවා උඹ ඔය කෙල්ලට ලන්
උනේ ඉමාෂ නිසා කියලා. ඒත් මතක තියාගනින්. ඉමාෂ
කියන්නෙ උඹේ මතකයක් විතරයි. උඹේ අතීතයක් විතරයි.
ඒත් මේ කෙල්ල උඹ ගාව දැන් ඉන්නවා. ඉමාෂා නිසා
උඹ ඒකිට ආදරේ කරනවනම් උඹ දැන්ම පියුමිවත් හිතින්
අත ඇරපන්. මොකද කවදා හරි උඹේ ඔය ඉමාෂා නිසා
පියුමිව අතඇරියොත් ඒ පොඩි කෙල්ලට ඒක දරාගන්න
බැරිවෙයි බන්"
"එහෙම වෙන්නෙ නැහැ අමිල. පියුමි මට දවසක ආදෙරේ
කරාවි. ඒ දවස එනකම් ඉවසල ඉන්නව මම. ඒ ආදරේ
වෙනුවෙන් ඉන්නව මම අමිල"
"හරි පුදුමයි බන් මේ ආදරේ.. වරෙන් යමු ගෙදර. "

පියුමි ගැන කතා කරමින් අපි දෙදෙනාම ගියේ සොහොන්


පිටියටය. වෙනදා මෙන් මාගේ මිතුරන් දෙදෙනාගේ
සොහොන් අසල පිරිසිදු කර ඉටිපන්දම් දල්වා මල් වලින්
සැරසූයේ අමිලගේ උදව්වද සමගය. සොහොන් පිටියේ
වැඩකටයුතු වලින් අනතුරුව අමිලට සමුදුන් මම නිවසට
ගියේ පියුමි ගැන අම්මාට පවසනවායැයි සිතමින්ය. නමුත්
මා නිවසට ඇතුළුවෙත්ම අප නිවසේ සියලු දෙනාම
රූපවාහිනිය අසල සිටියේ නිහඬවය. මෙම දසුන මට
වෙනදාට වඩා වෙනස් දසුනක් වූයේ තාත්තාද එහි සිටි
නිසාය. මක්නිසාදයත් තාත්තා අම්මා හා නන්ගීගේ කතා
ලයිස්තුව නොබලන නිසාය.

"තාත්තෙ .. මොකද මේ කවදාවත් නැතිව මේ දෙන්න


එක්ක ටීවි එක ඉස්සරහ ඉඳගෙන ඉන්නෙ"
"මොකක්ද මේ විෂේශ පුවතක් බලාපොරොත්තු වෙන්න
කියලා දැම්මා. ඒකයි පුතේ"
"ආ ඒකත් එහෙමද.. මොකක්ද"
"අනේ මේ අයියෙ.. සද්ද නැතිව ඉඳගෙන බලාගෙන
ඉන්නකො. නැතිනම් යන්න කාමරේට. මම බලල
කියන්නම්"

මෙන්න විෂේෂ පුවතක් ..


එළඹෙන දින කීපය තුල මහා පරිමානයේ මත්කුඩු
ජාවාරමක් මීගමුව හා කොළඹ ආසන්නයේ සිදුවීමට ඇති
බව තොරතුරු හෙලිවී ඇත. ලැබෙනා තවත් තොරතුරු
අනුව විදේෂිකයන්ගේද සහ ඇතිව සිදුවන ගනුදෙනුවක්
බවද වාර්තා වේ. මෙම ගනුදෙනුවේ කුඩු ජාවාරමේ මහා
මොළකරුවන් සැඟවී ඇතිබව පොලීසිය සැක කරන නිසා
ඔවුන් කොටුකර ගැනීමට මහජනතාවගේද සහය පොලීසිය
බලාපොරොත්තු වනු ඇත. තම ප්‍රදේෂයන්හි සැකකටයුතු
පුද්ගලයෙක් දුටු විට හෝ සැක කටයුතු දෙයක් පිළිබඳව
තොරතුරු ලද වාහාම පහත තිරයේ දැක්වෙන දුරකථන
අන්කයන්ට දැනුම් දෙන බව පොලීසිය මහ ජනතාවගෙන්
ඉල්ලීමක් කරඇත....."

එම පුවත ඇසීමත් සමගම මම පුදුමයකට පත් උවද මා


එය අප නිවසේ සිටි අයට නොපෙන්වා එම පුවත
අවසාන වනතෙක්ම සාවදානව සවන්දුන්නෙමි. මට ඇති වූ
එකම ගැටලුව වූයේ මෙය එලිවූයේ කෙසේද යන්නය.
ගම් නගර පිළිබඳව නම් වෂයෙන් එලිකීරීමට තරම්ම
කුමක් හෝ බරපතල හෝඩුවාවක් ඔවුනට ලැබී ඇති බව
පැහැදිලිය. නමුත් එය සිදුවූයේ කෙසේද යන්න පැහැදිලි
පිලිතුරක් මා තුල නොවීය. එමෙන්ම මොහොමඩ්ගෙන්
දුරකථන ඇමතුමක් නොලැබීමද මා හිත කලබල කෙරූ
තවත් එක කරුනක් විය. මාද ඔහුට දුරකථන ඇමතුමක්
නොදුන්නේ අප සියලුදෙනාගේම ආරක්ෂාවට හා අප
අනුගමනය කල නීති රීතීන් නිසාවෙනි.

"මොකද පුතේ අද උදෙන්ම"


"ඉවරකරන්න බැරි උන වැඩ වගයක් තියනවා අම්මෙ. අද
උදේ නමයට කලින් දෙන්න ඕන. ඒකයි මේ උදෙන්ම
යන්න කියල බැලුවෙ"
"අහ් අයියෙ.. ගුඩ්මොර්නිං. මොකද මේ අද කුකුලත් අතේ
අරන්ම යන්න හදන්න්නෙ. අනේ මේ ඒක නෙමේ මට
ඇඳුම් වගයක් ගන්න තියනවා. කීයක් හරි දෙන්නකො.
ඔයා ඉතින් මගෙ සුදු අයියනෙ."
"ඔයාගෙ බටර් ඕන නැහැ. මගෙ මේසෙ උඩ ඇති
පන්දාහක්. ඒක එහෙම්මම් තියල ලාච්චුවේ තියන එක්දහස්
පන්සීය අරන් යනවා"
"ඒක්දහස් පන්සීයෙන් මොනා ගන්නද අනේ. ඔනේ නෑ
ඔයාගෙ සල්ලි. මම තාත්තගෙන් ඉල්ල ගන්නම්"

අම්මා සාදා දුන් තේ කෝප්පය උගුරට දෙකට ගිල දැමූ


මම පුළුවන් තරම් ඉක්මනින් අපගේ සුපුරුදු ස්ථානටට
පැමිනියෙමි. මා එන විටද මොහොමඩ් එම ස්තානයට
පැමින සිටියේය. ඔහුද තරමක් නොසන්සුන්තත්වයේ
සිටියේ ඊයේ රාත්‍රියේ පුවත නිසා විය යුතුය.

"කොහොමද වැඩේ ලීක් උනේ පොඩි මහත්තයා. මට


හිතාගන්න බැහැ"
"අපේ කස්ටමර්ගෙ පැත්තෙන් අවුලක් නැහැනෙ."
"එහෙම කිසිම දෙයක්නම් නැහැ"
"එහෙනම් මොහොමඩ් මේ නිවුස් එකට අපේ
සම්බන්දයක් නැතිව ඇති. සමහර විට මොකක් හරි
හෝඩුවාවක් ලැබුනද දන්නෙ නැහැ"
"මට තේරුන්නැහැ පොඩි මහත්තය"
"මෙකයි ඔය කියන විදිහට හෝඩුවාවක් ලැබුනන්ම් මම්
හිත්න් නැහැ ඔය විදිහට මාද්‍රයට දේවි කියලා."
"ඒත් පොඩි මහත්තය, මොනව හරි හෝඩුවාවක් ලැබුනෙ
නැතිනම් ඔහොම එකක් කියාවිද"
"ඔව්.. සමහර විට එයාලගෙ උපායක් වෙන්න ඇති.
කලබල වෙන්න ඕන නැහැ ඔහොමඩ්. අපි ප්ලෑන් කරපු
විදිහට වැඩේ කරමු. ටිකක් සැලකිල්ලෙන් ඉමු. "

අප දෙදෙනාගේ කතබහ හදිසියේම නැවතුනේ අප සිටිනා


ස්ථානයට නොසිතූ ලෙස පියුමිගේ පැමිනීම නිසාය. ඇය
මා හට අද උදෙන්ම පැමිනෙන්නයැයි කෙටි පනිවිඩයක්
එවා ඇතිබව ම තේරුම් ගත්තේ ඇය්ගේ කතාවෙනි. නමුත්
මම එය මේ මොහොත වනතුරුම නොදැක්කෙමි.

"ගුඩ්මෝර්නිං දිනුක අයියා. ළමය වෙලාවට වැඩ නේද.


මගෙ මැසේජ් එක ලැබුනනෙ.. ඒක නෙමේ කව්ද අනේ
මම එනකොට ඔයා එක්ක කතා කර කර ඉඳල මාව
දැක්ක ගමන් බය වෙලා වගේ ගියෙ"
"ගුඩ් මොර්නිං.. ප්‍රස්න ගොඩක් එකපාරම.. හරි දැන්
කියන්නකො මට මේ උදෙන්ම එන්න කිව්වෙ ඇයි
කියලා"
"දිනුක අයියා.. ඊයෙ හවස කිව්ව එකට මට ගොඩාක්
සොරි. අනේ මන් ගැන වැරදියට හිතන්න එපා. මන්
ඉතින් තාම පොඩි කෙල්ලනෙ"
"ම්ම්ම්. මම හිතුවෙ ඔයාව මට නැති උනා කියල"
"එහෙම වෙන්නෙ නැහැ. මම යන්නම් දැන්. පස්සෙ මීට්
වෙමු අපි"

හවස් වරුවේ මාගේ වෙබ් ඩිවලොපින් සම්ත්‍රන්යන්ට


සහභාගී නොවූයේ පියුමි සමග මුහුදු රළ පෑගීමට යාම
සඳහා යොදාගත් නිසාය. ගැහැණු ළමයෙකු නිසා මාගේ
අධා‍
ය්‍යාපන වැඩ කටයුතු මා අතපසු කරගන්නවායැයි
මගේ මිතුරන්ගේ නොයෙකුත් බැනුම් ඇසීමට සිදු උනද
අවසානයේ ඔවුන් මා හා එකඟ වූයේ දහසක් කරුනු
පහදා දිමෙන් අනතුරුවය. එක අවස්තාවක ජීවිතයේ තනිවී
අන්ත අසර්ණ වී සිටි මා හට මා ගැන සොයලා බලන
මම ගැන කැක්කුමක් ඇති යහළුවන් පිරිසක් මාගේ
ජීවිතයට එක් කරදුන්නාට දෙවියන් වහන්සේට ප්‍රථම
වතාවට තුති පුදකරමින් මම මගේ සිහිනයද රැගෙන මුහුදු
වෙරලට පැමිනියෙමි.

ආදරය කරන හදවත්වලට ආදරය දැනෙනෙ හිතකට


ගැලපෙන ආකාරයට වෙරළ සකසා තිබූ අයුරුනම්
පුදුමාකාරය. නිහඬව තාලයකට නැලවුන රැලි ද සැන්දෑ
යාමයේ වෙරළට එකතු කලේ ආදරණීය හැඟුමන්ය. ඇගේ
අතින් අල්ලා මම වෙරල දිගේ ඉදිරියට ඇවිද ගියේ
කිසිවක් නොපවසාය. ඇයද නිහඬව මා අතින් අල්ලා මා
සමග ආවේ පුන්චි දැරියක මෙන්ය. ඇය හා පැමින මගේ
පරණ මතකයන්ට මකාලන්න මා උත්සහ දැරුවද ඒ සෑම
අවස්තාවකම මම අසමත් උනෙමි. මීට අවුරුදු කීපයකට
පෙර මා ඉමාෂා සමග මෙලස අත්වැල් පටලා ඇවිද ගිය
හැටි මතකය. ඉස්සර වගේඅ තවමත් වඩ කඩ පේලිය හා
අයිස්ක්‍රීම් කඩ කීපය එලෙසමය. මූදු වැලි වලින් රටා මවා
තිබූ මුහුදු වෙරළ තවමත් එලෙසමය. වෙනස් වී තිබේ
නම් ඒ පියුමි මා අසලින් සිටීමය.

"ඇයි දිනුක අයියා ඔයා නිහඬ. ඔයා කැමති නැතිද මම


එක්ක මෙහෙම අත අල්ලාගෙන ඇවිද යන්න"
"එහෙම එකක් නැහැ පියුමි. ඔයත් නිහඬ නිසා මම ඉතින්
ටිකක් මේ වෙරලෙ සුන්දරත්වය වින්දා"
"ඊයෙ මම කිව්ව එකට ඔයා තරහ නැහැ නේද අයියා"
"ඒක ඉවරයිනෙ. ඒ ඊයෙනෙ. දැන් ඔයා මගේ ලඟ
ඉන්නවනෙ"
"මගෙ හිත එකතැනක නැහැ අයියා. වෙලාවකට
හිතෙනවා මම ආදරය කරන්න තාම සූදානම් නැහැ
කියලා. ඒත් ඔයාව දකිනකොට මට ඉන්න බැහැ. ඔයාව
මගේම කරගන්න හිතෙනවා. අනික මටත් පුදුමයි මේ
ගමන මම ඔයා එක්ක ආව එක ගැන"
"ඒ මොකද"
"මම එහෙම ගෙදරට බොරු කියල කොහෙවත් ගිහින්ම
නැහැ. අනික කොල්ලෙක් එක්ක. "
"මමත් කවදාවත් ආදරේ කරන්න හිතුවෙ නැහැ පියුමි.
ඒත් ඔයාව දැක්කහම .. හම්ම්"
"ඇයි හම්ම්ම්ම්ම්... "
"ඔයා මට ගොඩක් විෂේෂ කෙනෙක් පියුමි. ඔයාගෙ හැම
හුස්මත් එක්කම මගේ මුළු ජීවිතයම බැඳිල තියෙන්නෙ
මාර විදිහකට. මගේ අතීතය අනාගත අතර තියන පාලම
ඔයා. මම හිතන්වා ඔයා මම වෙනුවෙන්ම මේ ලෝකෙට
ආව පුන්චි කෙල්ලෙක් කියලා පියුමි. ඔයා ඔයාගෙ ඉගනීම
ඉවර කරන්න ඉස්සෙල්ලම. මම ඒ වෙනකම් ඉන්නම්. ඔයා
වෙනුවෙන්ම"
"අනේ .. දිනුක අයියා .. මෙච්චර ලොකු දෙයක් මේ
කෙල්ලට දෙන්න එපා. තාම පොඩි වැඩිනෙ මම. අනික
.."
"මොකද්ද අනික ..."
"අනේ මන්දා. හම්ම්ම්.. ආසයි හැමදාම ඔයා ගාවට වෙලා
ඉන්න. ඔයාගෙ උරහිසේ ඔලුව තියාගෙන ඉන්න. ඔයා
එක්ක එහෙ මෙහෙ යන්න. මගේ කොල්ල කියලා මුලු
ලොකෙටම කෑ ගහල කියන්න. මගෙඔ පළමු ආදරේ
ඔයා. ආගන්තුක හිතකට මෙච්චර ලන් උනේ කොහොමද
කියන්න මම දන්නෙ නැහැ. මගේ තාත්තාට මන් තුරුල්
වෙලා හිටියට පස්සෙ මම ඔයා එක්ක තමා මෙහෙම අත්
අල්ලගෙන ළඟට වෙලා ඉන්නෙ දිනුක අයියා. ඔයා මගේ
ළඟ ඉන්නකොට මට, මගේ මේ හිතට පුදුම හයියක්
තියෙන්නෙ. පුදුම එඩිතරකමක් එන්නෙ. මට දන්නෙ නැහැ
ඒ ඇයි කියන්න. අනේ මම එක්ක තරහ වෙන්න එපා
ඔයා. මම කියන ඒවට හිතරිද්ද ගන්නත් එපා. මේ පුන්ච්
කෙල්ලට හිතෙන ඒව තමා කියන්නෙ. ඒත් දිනුක අයියා
මම දන්නෙ නැහැ මේකද ආදරේ කියන්නෙ කියලා. මට
තේරෙන්නෙ නැහැ ..."
"ඔයා ඕව ගැන හිතන්න එපා පියුමි. කාලයට පුලුවන්
ගොඩක් දේවල් වෙනස් කරන්න. ඒක මම ප්‍රැක්ටිකලි අත්
විඳල තියන දෙයක්. මේ විදිහට අපි අපේ හැන්ගුමන්
එක්ක අපේ ජීවිත ගලාගෙන යන්න දෙමු."
"අපිට් කවදාවත් අපේම වෙන්න බැරි උනොත්.. "
"එහෙම නොවෙන්න අපි පතමු. ඒත් එහෙම උනොත්
ඔයාට ආදරේ කරපු මේ හිත, ඔයාට ලෙන්ගතු වුන මේ
හිත යන්නම යාවි ගොඩාක් ඈතකට ආයෙමත් නො
එන්නම"
"එහෙම වෙන්නෙ නැහැ දිනුක අයියා. මේ පියුමිගෙ
ආදරේ ඔයා ගාව තියේවි හැමදාම"

පියුමි ගෙදරයාමට හදිසි කල නිසා අපගේ සොඳුරුබර


සැන්දා වරුවට මම සමු දුන්නෙමි. ඉමාෂා ගැන පැවසීමට
මා අදිටන් කර ගත්තද මා එසේ නොකලේ ඒ සඳහා
තවමත් ගැලපෙන කාලය එලඹ නොමැති බව මට වැටහී
ගිය නිසාය. පියුමිගේ ඉල්ලීම මත මා ඇයව නැවතත්
පන්තිය අසලින්ම ගෙනැරලුවේ ඇයව රැගෙන යාමට
ඇගේ අම්මා පැමිනෙන නිසාය. එමන්ම මමද අමිල
ඩිල්ෂාන් හා ගයාන් සමග අපගේ සොඳුරු තානායමට
ගොඩ වූයේ බියරයකින් මේ සැඳෑ යාමය තවත් හැඩ
කරමුයැයි ඩිල්ෂාන්ගෙන් පැමිනි ආරාධනාවත් සමගය.
එමෙන්ම මම අද පියුමි හා යෙදුනු සන්වාදය වුනට
කෙටියෙන් පැවසූයේ ගයාන්ගෙන් මතුවූ ප්‍රස්නයක්
සමගමය. මගේ කතාව ඇසීමෙන් පසු සියලු දෙනාම
නිහඬ වූ අතරම පළම බෝතලයද හිස්ව ගියේ ඒ
නිහැන්ඩියාව අතර තුරදීමය.

"මචන්.. අපිට තව බියර් බෝත හතරක් ගේන්න. ස්ට්‍රෝන්


හරි"
"යාළුවා .. මොකක්ද බන් ඒ කෙල්ලගෙ කතාවෙ
තේරුම."
"ඒක තමා අමිල මමත් මේ කල්පනා කලේ. මම
හිතන්නෙ ඒකිට තියෙන්නෙ ආදරේ නෙමේ. ආකර්ෂනය.
ආසාව."
"යකෝ ගයියා උඹට වෙරිද.. මොනාද උඹ ඔය
කියවන්නෙ"
"යාළුවා ගයාන් කිව්ව එක හරි මමත් හිතන්නෙ. ආසාව,
ආදරය, කැමැත්ත කියන්නෙ තුනක්."
"මට නොතේරෙනව නෙමේ අමිල. තාම ඒකි පොඩි
කෙල්ලනෙ බන්"
"ඒ උනාට යාළුවා උඹට විනාස වෙන්න දෙන්න අපිට
බැහැ. මොකද උඹ ගැන අපි හොඳට දන්නවා"
"අමිල හරි දිනුක. අමිල කිව්ව එක ගැන අපි තව ටිකක්
බැලුවොත් දිනුක, ආසාව තියන තැන ආදරයක් නැහැ. ඒත්
කැමැත්තයි ආසාවයි තියනවනම් ඒක ආදර්යක් ඇති
වෙන්න පුලුවන්. හැබැයි එහෙම නොවෙන්නත් පුලුවන්.
ඒත් ඔය තුනම තිබිලත් සමහර විට ආදරය නොලැබෙන්න
පුලුවන්"
"ඔය තුනම එකට එන අවස්තාවක් තියනවා ගයියා.
කෙල්ල වෙන එකෙක්ගෙනම් අගේට ඔය තුනම
පිහිටනවා. නැද්ද මම කියන්නෙ"
"උඹ හරි ඩිලා. හරියට හරි"
"ඒකනේ.. අයියෙ තව බෝතල් හතරක් ගේන්න. උඹලගෙ
ඔය බහු භූත කතා අමතක වෙන්න ගහමු තව
බෝතලයක්"

ආදරය විඳිමින් කාලය කෙමෙන් ගෙවී යද්දී අතුරු


ආබාධයකින් තොරව අප සූදානම් කර තිබූ මත්ද්‍රව‍
ය්‍ය
අදාල පාර්ෂවය වෙත ලබා දීඅට අපට හැකි විය. මෙතරම්
තේ කොල ප්‍රමාණයක් ජර්මනියට ගෙනියන්නේ ඇයිදැයි
යන්න එකම එක පරික්ෂන ස්ථානයක්දී පමනක්
පරීක්ෂාවට ලක් කෙරී තිබූ අතර අප විදේශිකයාගේ
තැනට සුදුසු නුවණ නිසා එම අවස්ථාවද කරදරයකින්
තොරව ගොඩදාගැනීමට ඔහුට හැකි වී තිබුනි. මේ අතරම
මේ වෙළඳාම් ක්‍රමය දිගටම පවත්වාගෙන යමුයැයි
මොහොමඩ් විසින් කල යෝජනාවෙන් මා ඉවත් වූයේ මා
නිසා පියුමිගේ ආදරය විනාස කල නොහැකි නිසාය.
එමෙන්ම ඉමෂා මෙන්ම මට මැයවද නැති කර ගැනීම්ට
නොහැකි වූ නිසාය. එහෙත් මෙගේ මේ තීරනය කෙරෙහි
මොහොමඩ් ගේ එතරම්ම කැමැත්තක් නොතිබුනද ඔහුට
මෙමෙ ව්‍යාපාර කටයුතු ගැටළුවකින් තොරව කරගෙන
යාමට මට හැකි වෙලාවක උදව් දීමට මම පොරොන්දු වූ
නිසා අපට හිත් අමනාපයකින් තොරව සමුගෙන යාමට
හැකි විය.

ජීවිතයේ කොතරන්නම් නොහොබිනා වැඩ කර ඇත්දැයි


මම තනිව කල්පනා කලේ අම්මාගේ රස තේ කෝපයද
අතැතිවය. මම මාගේ ජීවිත ගමන වෙනස් කල යුතුව
ඇත. මාගේ මිතුරන් දෙදෙනා නැතිවීමත් සමගද මා එලසම
සිතුවා මට මතක ඇත. එනමුත් කාලයාගේ ඇවෑමෙන් මා
නැවතත් පරන දාවන පථයටම පැමිණ ඇත. වෙනස් වීමට
මා සිතන තරම් පහසු කාර්යයක් නොවුනද පියුමිගේ
ආදරේ වෙනුවෙන්වත් මා එලෙස කල යුතුයැයි මම
දැඩිවම සිතුවෙමි.

"දිනුක, මට ස්කූල් යන්න බැහැ"


"ඒ මොකද ඒ"
"ඒ ලෙවල්ස් පටන් ගත්තහම ඉතින් මේ වගේ ඔයාව
දකින්න හම්බෙන්නෙ නැහැනෙ. අනික කොහොමද මම
යුනිෆෝම් එක ඇඳන් ඔයාව මීට් වෙන්නෙ මේ විදිහට"
"ආ ඒකද මේ.. තාම ස්කූල් පටන් ගන්න කල්
තියනවනෙ. තාම රිසල්ට් ආවෙත් නැහැනෙ ඔයාගෙ. ඒ
ගැන අපි පස්සෙ බලමුකො"
"හම්ම්.. ඔයා ආස නැද්ද ඔස්ටේලියා වගේ යන්න"
"එහෙම කියා ලොකු ආසාවක් නැහැ ඉතින්.. ඇයි"
"ඔයා හොඳට ඉගෙන ගන්න. ඉන්ගිලිෂ් ටිකක් පොලිෂ්කර
ගන්න. ඔයා හොඳ තැනක ඉන්නවනම් මට තමා ඒකෙ
සතුට. අනික මට හිතෙනවා දිනුක අපේ මේ ආදරේට
ගොඩක් ප්‍රස්න ඒවි කියලා. මම කතොලික, ඔයා
බුදුසාදුගෙ. ඉතින් මම නැති උනොත් ඔයා හොඳින්
ඉන්නවා නේද"
"මොනාද පියුමි මේ කියවන්නෙ. මම නැතිව ඉන්න
බැහැලු. මාව නැතිවෙයිලු. මොකද්ද මේ වැනෙන කතා.
එක තීරනයක ඉන්න. යනවනම් යන්න මගේ ළඟින්
නැතිනම් ඉන්න."

මා එසේ පවසනවාත් සාමගම ඇයගේ දෙනෙත් කන්දුලින්


පිරී ගියේය. මා සැරවූවාට සමාව අ‍
යැද හිටියද ඇය එය ද
පිළිගත්තේ නැත. අපි මේ සම්බන්දය නවත්වමු යැයි ඇය
මා හට පැවසුවේ ඇගේ කඳුලු අතරින් යාන්තම් ගලපගත්
වචන කීපයකිනි. මෙවැනි තත්වයක් අප දෙදෙනා අතර
ඇතිවීමට මුල්ගල තැබුවේ ඇයමය. වෙන්ව යාම පිළිබඳව
අනාවැකි ඵල කලේ ඇයය. නමුත් සාම්ප්‍රදායික ලෙස
අවසානයේ වැරදිකරු වූයේ මාය.

පියුමි හා ඇති වූ ආරවුල නිසා මාගේ හවස් යාමය මා


හිතපු තරම් සුන්දර හා පහසු එකක් නොවීය. සිතේ ඇති
වී තිබූ දැඩි වේදනාව නිසාදෝ මා මාගේ නැගනිය සමගද
රන්ඩුකරන්නට විය. මා නිසා මාගේ නැගනියද කඳුලින්
ඇගේ දෙනෙත් පුරවාගෙන සිටි හෙයින් තවත් නිවසේ රැඳී
සිටීමට මා හට ශක්තියන් නොවීය. අමිලගේ නිවසට
යාමට සැලසුම් කලද මම එම අදහසද ඉවතට දමා
සොහොන් පිටියට ගියෙමි. වෙනදා මෙන්ම අදත් මා
එනතුරු මගේ පරන මිතුරා හා ඒ දඟකාරිය නිහඬව
බලාගෙන සිටියේය. ඇගේ සොහොන ළඟ දනින්වැටී
පොඩි ළමයෙකු මෙන් මා ඇඩීම ආරම්භ කලේ මෙතුවක්
වෙලා නිහඬව සිටි පරිසරද අවදිකරමින්ය. මා සිත තුල
තිබූ ඒ වේදනාව මාගේ කඳුලුවලින් සේදී යාම්ට මිනිත්තු
කීපයක් ගත වූ අතර අදරයකට මා උරුමක්කාරයෙක්
නොවේදෝ යැයි මම කල්පනා කෙරුවෙමි.

"යාළුවා මොකෝ මේ .. "


"අමිල, උඹ කොහොමද ..."
"මම උඹලගෙ ගෙදර ගියා. නන්ගි මට කිව්වා උඹ අපේ
දිහා යනවා කියලා ගියා කියලා. අපේ දිහා ආවෙ නැති
නිසා මම හිතුවා උඹ මෙතන ඇති කියලා. මොකෝ මේ.
පිස්සෙක් වගේ අඩාගෙන යාළුවා"
"ඒක ... හම්ම්ම්"

සිදු වූ සියල්ලම අමිලට මම පැහැදිලි කෙරුවෙමි. ඔහුද


කිසිදු පැනැයකින් තොරව මා පැවසූ දේ අසා සිටි අතරම
මගේ හිතටද යම්තාක් දුරකට සහනයක් ගෙනදෙන්නට
විය. අප දෙදෙනා සොහොන් පිටයට වී මගේ ආදර
කතාව පිළිබඳව බොහෝ දේ කතාබහ කල අතර අමිලගේ
මතය වූයේ ඊළන්ග දිනයේදී ඇයට සියලුම දේ අමතක වී
යනබවත් හා ඇය මා අසලට පැමින සිදුවූ දෙයට සමාව
අයැද සිටින බවත්ය.

පසුදා රාතියේ ඇගෙන් පනිවිඩයක් නොලැබුන නිසාත්


මෙගේ සිතට සැනසිල්ලක් නොතිබුන නිසාත් මා මේ
හිමිදිරි උදයේ මග බලා සිටියේ ඇයව හමු වී කතාබහ
කිරීමටය. වෙනදා මෙන්ම ඇය ඇගේ මිතුරියන් හා පැමිනි
අතර මා හට සුභ උදෑසනක්වත් නොපවසා ඇගේ
මිතුරියන්වත් පුදුමයකට පත් කරමින් මා අසලින් නොපෙනී
ගියේ මා දෙස තප්පරයකටවත් නොබලාය. මා ඒ පැවසූ
වචන කීපයට මෙතරම්ම මා රිදවන්නේ ඇයිදැයි මට සිතා
ගත නොහැකිව මා නැවතත් ඇය මා දෙසවට පැමිනේවි
යැයි හැන්ගීමෙන් මා සිටි තැනටම වී සිටියේ බොඳවූ
දෑසක්ද සමගය. ගෙවුනු හෝරා කීපය ඇතුලත දී ඇයට
පණමෙන් ආදරය කල මේ හිත අමතක කර ඒ හිතම
ඇය මෙතරම්ම රිදවන්නේ කෙලෙසදැයි මසිත මගෙන්
විමසුවද මගේ හිත සැනසීමට තරම් ප්‍රමානවත් වූ
පිළිතුරක් මා ළඟ නොතිබුනි.

සිත නොසන්සුන් තත්වයක තිබූ නිසාදෝ දේශන සඳහා


සහබාගි වීමට මා තුල කැමැත්තක් නොවීය. නමුත්
අමිලගේ හා ඩිල්ෂාන්ගේ දැඩි ඉල්ලීම මත මම ඔවුන් හා
පන්තියට ගියෙමි. නමුත් මා තුල කිසීම හැන්ගීමක්
දැනීමක් නොතුබුනි. මළමිනියක මෙන් මම මගේ මිතුරන්
දෙදෙනා අතර ඉඳගෙන සිටියෙමි. සුපුරුදුලෙස අද දිනයට
නියමිතව තිබූ දේශනය ආරම්භ කලද මට ඒ කිසිම දෙයක්
පැහැදිව ඇසුනේ නැත. මා ඉදිරියේ සිටි කිසිවෙකු
පිළිබඳවද මා හට හැඟීමක් නොවීය. පියුමි හා ඇගේ
මිතුරියන් මා හට සමච්චලය හිනා වෙන්නාක් මෙන් මට
දැනුනි.

"දිනුක ... ඕයි මම තමුසෙට කතා කරන්නෙ. මම ආව


වෙලේ ඉඳන් නෝට් කරන් හිටියෙ. තමුසෙ හිටියෙ වෙන
ලෝකෙක. බලන්න කියනවා මේ ෆොලෝ චාට් එකේ
තියන වැරැද්ද මොකක්ද කියල"
"සර් .. මේ .. සර් .."
"සර් .. මේ .. සර්.. තමුසෙට මෙතන ඉන්න බැරිනම්
නැගිටල යනව යන්න. මට පව් පුරවන්නෙ නැතිව.
තමුසෙට විතරක් නෙමේනෙ මම මේ උගන්වන්නෙ"

ඔහු එසේ පවසනවාත් සමගම මා නැගිට එම ශාලාවෙන්


ඉවතට ගියේ මගේ මිතුරන් දෙදෙනා මෙන්ම අනෙක්
සියලුම දෙනාව පුදුමයකට පත්කරවමින්ය. මා ඒසේ
කරාවියැයි මගේ සගයන් හා දේශකයාද නොසිතුවා විය
යුතු බව ඔවුන්ගේ විස්මය පිරි දෑස් තුලින් මට සිතුනි.
මගේ මේ හැසිරීම මටම අදහාගත නොහැකි විය.
ආදරයක් නිසා මගේ මුලු ජීවන රටාවම අවුල් ජාලයක්
බවට පත් වී ඇතැයි මොහොතකට සිතමින් මා අපගේ
සුපුරුදු ස්ථානය වූ ඔඩීලියා වෙත ඇදුනේ ඔවුන්ගේ
රසබර වූ ඉඟුරු තේ කෝප්පයක රස විඳීමටය.
නොසන්සුන් වූ මගේ සිතට මේ මොහොතේ මදක් හෝ
සැනසීම ගෙන දීමට හැකි එකම දේ එය යැයි සිතූවද මා
එහි යන විට පියුමි ද එම ස්ථානයේ සිටීම නිසා මට
දැනුනා වූ ඒ හැඟීම් තවත් සන්කීර්ණ වන්නට විය. ඇගේ
දෙනෙත්ද ලා රෝස පැහැ වී තුබුනි.

"පියුමි.. ඔයා මොකද මෙතන.."


"ඔයා ඒවි කියල හිතල හිටියෙ. අනේ මට සමාවෙන්න.
උදේ ඔයා දිහා බලන්නෙවත් නැතිව මම ගියා නේද. ඔය
හිත ගොඩක් රිදෙන්න ඇති නේද. අනේ මම නපුරු නැහැ
එච්චරටම මට පිස්සුවෙන් වගේ ආදරේ කරන ඔය හිත
රිද්දවන්න තරම්.."
"හරි හරි පියුමි. අඬන්න එපා. ඒ දේවල් සිදුවෙලා
ඉවරයිනෙ."
"ඊයෙ මන් හැසිරුන විදිහ වැරදියි තමා. ඔයා සැර උනේ
මන් නිසා. මට ඔයා නැතිව ඉන්න බැහැ දිනුක අයියා.
ඊයෙ දවසෙම මම කෑවෙ නැහැ. ඔයාට කොච්චර
ගනන්කාරකම් පෙන්නනව කියල හිතුවත් මට එහෙම
කරන්න බැහැ. ඒ තරම්ම මම ..."
"ඒ තරම්ම මම ... "
"ඒ තරම්ම මම .. ඔයාට ආදරෙයි දිනුක අයියා"

ඇය එසේ කියමින් මා වැලඳ ගත්තේ අප සිටිනා ස්ථානය


පිළිබඳවද මොහොතකට අමතක කරමින්ය. අප
දෙදෙනාගේ වාසනවාකටදෝ කවුරුවත්ම මෙමෙ ස්ථානයේ
නොසිටි අතර මම ද නිහඬව සිටියේ සිදුවන දේ පිළිබඳව
මට කිසිදු තේරුමක් නොතිබූ නිසාවෙනි.

එදිනෙදා වැඩකටයුතු සමග දිනෙන් දින ගෙවී යද්දී අප


දෙදෙනා අතර තිබූ බැඳීම තව තවත් ශක්තිමත් වූයේ අප
දෙදෙනාටම වෙන් වූ ලොවක් මවමින්ය. එමෙන්ම ගෙවී
ගිය දිනන්හි මාගේද වෙනසක් සිදුවී ඇති බව මා හට
වැටහුනද මට ඒ පිළිබඳව එතරම්ම වැටහීමක් නොතිබුනි.
නමුත් මම ඒ මා තුල ඇති වි තිබෙන වෙනසට ඇලුම්
කලේ පියුමිගේ ආදරය පිරී තිබූ නිසාය. ඇය එහි ජීවත්ව
සිටි නිසාය.

"දිනුක, මම උඹට දෙයක් කිව්වොත් මන් එක්ක අමනාප


වෙනවද"
"මොකද්ද රොෂෙන්.. උඹ එක්ක මන් තරහ වෙන්නෙ
මොකටද. කියහන්කො බලන්න හිතේ තියන දේ"
"අමිලයත් ඉන්න එක හොඳයි. මොකද මායි අපිලයි මේ
ගැනැ කතා කලා"
"අහ් .. උඹල දෙන්න මොක්ක්ද මේ කියන්න හදන්නෙ."
"රොෂෙන් උඹම කියහන්කො"
"හරි.. මම මේක කියන්න කලින් මේ කොලේ
බලහන්කො උඹ"
"ම්ම්ම්.. මේ මගෙ රිසල්ට් ෂීට් එකේ කොපියක්නෙ."
"ඔව්.. බලහන් උඹේ රිසල්ට්"
"මේ තියෙන්නෙ හොඳට, ඩවුන් නැහැනෙ එකක්වත්"
"ඒක අපිට පේනවා. ඒත් බලහන් සේරම පාස් විතරයි
තියෙන්නෙ. වෙනද උඹ ඔහොම නෙමේනෙ සබ්ජෙට්
ගොඩ දාන්නෙ. උඹට මොකද වෙලා තියෙන්නෙ කියහන්"
"දැන් උඹල කියන්නෙ පියුමි හින්දා ..."
"උඹ ආදරේ කරනවට මම තරහක් නැහැ බන්. ඒත් උඹ
ටිකක් උඹ ගැන හිතපන්. දිනුක උඹ දැන් ගොඩක්
වෙනස් වෙලා"
"ඔව් යාළුවා. මට මේක උඹට කියාගන්න බැරිව හිටියෙ.
ඒකයි මම රොෂෙන් එක්ක මේ ගැන උඹට කියන්න කතා
කලේ. දිනුක කියන චරිතය අපේ වීරයෙක් විදිහට
හිටියෙ. ඒත් දැන්"
"අමිලය කියන්න හදන්නෙ අපිට උඹව ගැලපෙන්නෙ
නැහැ කියල නෙමේ. දැන් බ්ලපන් උඹ එදා පන්තියෙන්
නැගිටල ගිය හැටි. ඒ වගේ දෙයක් උඹේ චරිතයෙන් අපි
බලාපොරොත්තු වෙන්නෙ නැහැ මචන්. මොකද උඹ දිහා
බලාගෙන ඉඳල ගොඩක් දේවල් මම ඉගෙන ගත්තා
යාළුවෙක් විදිහට. උඹේ තිබ්බ ආඩම්බරකම ඒ අභිමානය
දැන් උඹේ ළඟින් ටිකක් ඈත් වෙලා කියලා අපිට
හිතුනා. ඒකයි මේව කිව්වෙ. මොකද උඹ අනෙක් උන්
වගේ නෙමේ, උඹට වැරැද්දක් පෙන්නල දෙන්න කියල
දෙන්න පුලුවන්."
"මගෙන් වරදක් උනානම් සමාවෙයල්ල බන්. මටත් මගේ
වෙනස් කම නොතේරෙනව නෙමේ බන්. ගොඩාක්
ස්තූතියි උඹල දෙන්නටම මගේ වැරදි පෙන්නල දුන්නට.
ඒ වගේම හොඳ යාළුවෙක්ගෙ යුතුකම් ඉටුකලාට"
"අනික යාළුවා තව දෙයක් තියනවා, කියන්න උඹට"
"ඒ මොකක්ද.."
"උඹ හිතනවද පියුමි උඹේ ජීවිතයේ නවාතැන කියලා,
නැතිනම් පියුමි තමා උඹට ගැලපෙන එකම කෙල්ල
කියලා"
"ඇයි උඹල මේ වගේ දෙයක් මගෙන් අහන්නෙ"
"උඹේ ජීවිටයෙ තීරන ගන්න අපිට අයිතියක් නැහැ
මචන්. ඒත් අපිට හිතුනා එහෙම. මොන දේ උනත් අපි
උඹ එක්ක ඉන්නවා බන්. හැමදේම හොඳින් සිද්දවෙයි
මචෝ. මොකද උඹ හොඳ එකෙක්."
"අහිතක් හිතන්න එපා අපි ගැන යාලුවා, අපිට හිතුන දේ
ගැන උඹල කිව්වෙ කෙලින්ම තැන තැන කතා වෙන්නෙ
නැතිව"
"ඒක අවුලක් නැහැ අමිල. තැන්ක්ස් රොෂෙන්"

අමිල හා රොෂෙන් පැවසූ දේ පිළිබඳව මම කල්පනා


කෙරුවෙමි. ඔවුන් පවසනා දේ පිළිබඳ යම්තාක් දුරට සත්‍
යක් තිබුනද ඔවුන් පියුමි පිළිබඳව එවැනි අදහසක්
දැක්වූයේ ඇයිදැයි යන්න මට පිළිතුරු නොලැබුනු ප්‍
රෂ්නයක් විය. මා වෙනස් වූයේ මගේ ආදරේ නිසාය. මීට
වසර කීපයකට කලින් මා ගෙවූ ජීවිතයට ආපසු හැරී
බලනා කල මා අද සිටිනා තත්වය පිළිබඳව මා සතුටු වූ
නමුත් එකම එක තැනක යම් කිසි වරදක් සිදු වී ඇති
බව මාද සිතූ අවස්ථා අනන්තය, අප්‍රමානය. නමුත් ඒ
කොතනැදැයි ඒ කුමක්දැයි පිළිබඳවනම් මා තුල හැඟීමක්
නොමැති වීම පිළිබඳව මම සිතින් පසු තැවුනෙමි. ගැහැණු
ළමයෙක් නිසා මා ජීවිතයේ ගත් සමහර තීරන මට
නිවැරදි තීරන වූවා මෙන්ම තවකෙකුට එය ඒසේ
නොවනවා ඇත. නමුත් මා තවකෙනෙකු මත යැපෙමින්
තවකෙකු විස්වාස කරමින් මම මගේ ජීවිත කතාවේ
අත්තිවාරම බැන්දාදෝදැයි, මේ සිත තුල පැහැදිළි පිළිතුරක්
නොරැඳි තවත් එක් ප්‍රස්නයක් විය.

මම මගේ වෙනසට ආසා කලත් නොකලත් මගේ මිතුරන්


පැවසූ ආකාරයට මා තු වූ ඒ එඩිතරකම, ගාම්බීරත්වය
තිබුනත් නැතහ් වර්තමාන මම යන චරිතයට මා නිහඬව
පෙම් කලේ මා පැතූ ඒ ආදරය මා ලඟ තිබූ නිසාය. මා
මැවූ ඒ සිහිනය සිහිනයක්ම නොවූ නිසාය. මා වෙනස්
වූයේ ඇය වෙනුවෙනි. ඇගේ ආදරය වෙනුවෙනි. අප
දෙදෙනාම මැවූ ඒ ලෝකය වෙනුවෙනි. එම නිසා මම
මේ වෙනසේම ජීවත්වීමට තීරනය කෙරුවෙමි. මක් නිසාද
යත් මේ වෙනස මා තවමත් ජීවමානව තබනා නිසාය. මීට
අවූදු කීපයකට කලින් මෙන් චන්ඩිකම් නොකලාට,
පාතාලයේ ඇසුර නොතිබුනාට, ආඩම්බරකම් නොතිබුනාට,
ගාම්භීරකම් අඩු උනාට, අද මා ළඟ පියුමි සිටීම පිළිබඳව
මම සතුටු උනෙමි.

"හෙලෝ .. දිනුක අයියා .."


"පියුමි.. කොහෙද ඉන්නෙ. කාගෙද මේ නම්බර් එක"
"යාළුවෙක්ගෙ ෆොන් එකක්. ඔයාව මට දැන්මම මීට්
වෙන්න ඕන"
"මොකද පියුමි හදිසියෙම. මොකක්ද අවුල"
"බීච් එකට එන්නකො ඉක්මනින්ම. මීට් වෙලා කතා
කරමු"
හදිසියේම පියුමිගෙන් ලැබුන ඇමතුම නිසා මම මගේ
කල්පන්නා ලෝකයෙන් මිදුනු අතර ඇය පැවසූ ලෙස මා
ඇයව හමුවීමට ගියේ අසරණ අමිලව ඇපයට තබමින්ය.
මා එහි යන විටද ඇය ඇගේ මිතුරියෙකු වූ හිරුණි සමග
පැමින සිටියේය. වෙනදා ආදරවන්තයින්ට රිද්මයක් එක්
කල මුහුදු රළ අද කලබලෙන්ය. වෙනදා මෙන් ආදරණීය
බවක් අපට එක් නොකලද මම ඇය ඉදිරියට ගියෙමි.
ඇයගෙන් මෙන්ම ඇගේ මිතුරියගෙන්ද මට එතරම්ම
ආදරණීය පිළිගැනීමක් නොතිබූ නිසා ම නොදන්නා
කිසියම් හෝ දෙයක් සිදුවී ඇති බව මා හට පැහැදිළි විය,

"පියුමි.. මොකද මේ. හදිසියෙම මට එන්න කිව්වෙ"


"පියුමි . මොකෝ උඹ ගල් ගැහිල වගේ ඉන්නෙ. ඔන්න
ආව උඹේ කුමාරයා."
"මොකද පියුමි වෙලා තියෙන්නෙ මෙතන."
"ඉමා...ෂා .. කව්ද ඉමාෂා කියන්නෙ"

"කව්ද ඉමාෂා කියන්නෙ"

එක මොහොතකට මා සිටි තැනම ගල් පිළිමයක් බඳුවූයේ


ඇය ඇසූ ප්‍රස්නයත් සමගය. මම තප්පර කීපයක් නිහඬව
ඇගේ කඳුලින් පිරි දෙනෙත් දෙස බලා සිටියෙමි. එම
දෙනෙත් මගෙන් සඟවනා දෙය කුමක්දැයි මට
නොහැඟුනත් මගේ හිත කැලඹූ කරුන වූයේ මා කීමටත්
පෙර මොවුන් ඉමාෂා ගැන දැනගත්තේ කෙසේද යන්නය.
මම පියුමිට වැරැද්දක් නොකලද මා තවත් විනාඩි කීපයක්
නිහඬව සිටියේ මොවුන් දෙදෙනාට කෙසේ පිළිතුරු
දෙම්දයැයි සිතමින්ය.

"ඇයි දිනුක අයියා ඔයා නිහඬ. මන් අහපුදේට උත්තර


දෙන් නැත්තෙ ඇයි"
"පියුමි, මේ .."
"නිකන් බලු වැඩ කරන්න එපා මිනිහො. තමුසෙ මේ
කෙල්ලට මෙච්චර දුකක් දෙන්න මේ කෙල්ල කරපු
අපරාදෙ මොකක්ද. අපි කිව්වා නේද පියුමි උඹට. මේ
කොල්ලව උඹට ගැලපෙන්නෙ නැහැ කියලා. උඹ
විඳවපන් දැන් ඉතින්"
"ඔයාලට කවුරු හරි වැරදි දෙයක් කියල තියෙන්නෙ. මම
ඉමාෂ ගැන කියන්නම්. කලබල නොවී ඉන්නකො"
"හොඳ වෙලාවට මේක දැන්ම අපි හොයා ගත්තෙ. පියුමි
උඹ මර උගුලකින් බේරුනේ. මතක තියා ගනින් පියුමිව
අඬවපු තමුසෙට යහතින් ඉන්න වෙන්නෙ නැහැ. කියනව
බලන්න තමුසෙ මේ තවත් කෙල්ලෙක්ගෙ සැප
හොයාගෙන ගියෙ මේකි මොනව කලාටද"
"හිරුණි, ඔයා ටිකක් නිහඬ වෙන්නකො. ඇයි දිනුක
අයියා මට මෙහෙම දුකක් දුන්නෙ. කියන්න මට. මම
ඔයාට කරපු වැරැද්ද මොකක්ද. කවුද මේ ඉමාෂා.
කොහෙද ඔය කෙල්ල ඉන්නෙ. මට එයාව මීට් වෙන්න
ඕනි"

මාගේ හා පියුමිගේ සම්බඳයට අකමැති කවුරු හෝ හරි


අපූරු කතාවක් නිර්මාණය කර පියුමිට හා ඇගේ මිතුරියට
පවසා ඇති බව මම ඔවුන්ගේ කතා විලාශයෙන් තේරුම්
ගත්තෙමි. එවැනි දෙයක් කීරීමට හැකියාවක් ඇති
පුද්ගලයෙකු පිළිබඳව මේ මොහොතේ මාගේ මතකයට
නාවද මොවුන් දෙදෙනාටම ඇත්තම කතාව පහදා දීමට
මම තීරණය කලෙමි. ඔවුන් මා ඇමතූ සමහර
වචනයන්ගෙන් නැතිනම් මා සල්ලාලයෙකුයැයි සිතා
මාගේ චරිතය නිර්වචනය කල සමහර වචන මාගේ සිත
තුලටම කා වැදුනද ඒ සියල්ලම ඉවසා මා සිටියේ මා
වැරැද්දක් නොකල නිසාවෙනි. එමෙන්ම මොවුන්ගේ
සියලුම ප්‍රස්න වලට පිළිතුරු ඉමාෂාගේ සොහොන්
කොතෙන් ලැබීවියැයි ස්තූ නිසා මා මොවුන්ව එම
ස්තානයට රැගෙන යාමට සිතූවද එය ඉතා අසීරු කරුනක්
වූයේ පියුමිගේ මිතුරිය වූ හිරුණි නිසාවෙනි. නමුත්
අවසානයේ මා සමග ඒමට ඔවුන් කැමැත්ත ඵල කලේ
මාගේ උත්සහය සාර්ථක වී මිස නොව පියුමිට මා
පැවසීමට හදානා දෙය දැනගැනීමට තිබූ කුතුහලය නිසාය.
තවමත් ඇගේ ඇස් කඳුලින් තෙත් වී තිබූ අතර ඔවුන්
දෙදෙනා මා පිටුපසින් පැමිනියේ මා කොහේ යනවාදැයි
හරි අදහසක්ද නොමැතිවය.

"දිනුක අයියා, ඇයි මේ ඔයා අපිව සොහොන් පිට්ටනියක්


ළඟට එක්කන් ආවෙ"
"මෙයාගෙ වල කපන තැන කලින්ම තීරනය කරන්න
වගේ.. කියනව බලන්න තමු.."
"හිරුණි. ටිකක් කලබල නොවී ඉන්න. මට තේරෙනව
ඔයාගෙ තරහව සාදාරණයි. ඔයාල ගොඩක් දේවල් මට
කීව. දැන් මට අවස්තාවක් දෙන්න කතා කරන්න. ඒ
හින්දා ටිකක් නිහඬව එන්න මන් එක්ක"

මා ටිකක් සැර වූ නිසාදෝ ගැහැණු ළමුන් දෙදෙනාම


නිහඬ වූයේ එකිනෙකා දෙස බලමින්ය. ඔවුනට මා
කිරීමට යන දේ පිළිබඳව තේරුමක් නොතිබුනත් ඔවුන්
බියක් සැකක් නොමැතිව මා සමහ මේ පාළු සොහොන්
පිටියට පැමිනීම පිළිබඳව මම සිතින් ඔවුනට ගෞරව
කෙරුවෙමි. ඉමාෂාගේ සොහොන ඉදිරියට පැමින මා
නිහඬව මද වෙලාවක් එම සොහොන දෙස බලා සිටියේ
මෙතුවක් කල් පියුමිට මේ ගැන නොපැවසුවාට සමාව
යදිමින්ය. එමෙන්ම මා සමග පැමිනි පියුමි හා ඇගේ
මිතුරියද මා අනුගමනය කරමින් නිහඬව සිටියේ පුදුම වූ
දෙනෙතකින් යුක්තවය.

"ඉමාෂා පෙරේරා... කවුද මේ දිනුක අයියා. ඇයි ඔයා


මේක අපිට පෙන්නන්නෙ"
"මේ තමා ඔයාල කිව්ව ඒ ඉමාෂා. හිරුණි මේ තමා ඒ
ඔයා කිව්ව සැප ගන්න මම හොයාගත්තු කෙනා.
එතකොට පියුමේ මේ ඉන්නෙ ඔයාට මීට් වෙන්න ඕන
කිව්ව ඒ කෙල්ල. ඉමාෂා. ඔන්න මම එක්කන් ආවා. ඔයා
කැමති දෙයක් එයාගෙන් අහන්න. එයා කියාවි. මම
වැරද්දක් කලානම් ඔයාට එයා කියාවි."
"අ ... නේ ... "

මා එසේ පවසනාවාත් සමගම ඔවුන් දෙදෙනාම මා දෙස


බලා සිටියේ අසරණ වූවන් ලෙසය. පියුමි හා ඇගේ
මිතුරුය මාරුවෙන් මාරුවට ඇසූ ප්‍රස්න සියල්ලටම මම
පිලිතුරු ලබා දුන්නෙමි. ඔවුන් ඇසූ සමහරක් ප්‍රස්න වලට
මා හට පිළිතුරු ලබා දීමට තරමක් අපහසු උවද මා මට
හැකි අයුරින් ඔවුනට පැහැදිලිකර දුන් අතර මාගේ ලඟින්
සිටි මිතුරා වූ බ්‍රයන්ගේ කතාවද මම ඔවුනට පැවසුවේ ඒ
අසලම ඇති ඔහුගේද සොහොන ඔවුනට පෙන්වමින්ය.
ඔවුන් දෙදෙනා අතින් වැරැද්දක් වූ බව ඔවුනගෙන්
වෙන්වී ගිය එම කඳුලු කැට වලින් කියවූ අතරම මගෙන්
සමාව අයදිමින් මා දෙපතුල ලඟ වැඳ පියුමි වැඳ වැටුනේ
මා නොසිතූ වෙලාවක ඇගේ මිතුරියවද පුදුමයට පත්
කරවමින්ය. මා එය වලකාලීමට තැත් නොකලේ ඔවුන්
ඉමාෂාට පහත් කොට කතා කල නිසාද නැතහොත්
වෙනත් කාරනාවක් නිසාද යන්න මම නොදැන සිටියෙමි.
එමෙන්ම මා බදා ඇගෙන් සිදුවූ වරදට සමාව අයැදමින්
පියුමි අඬන්නට වූයේ පොඩි ළමයෙකු ලෙසිනි. පියුමිගේ
මිතුරිය වූ හිරුණිද නොසිත ඇගෙන් සිදුවූ වරදට හා ඇය
පැවසූ සමහර දේ වලට ඈ මගෙන් සමාව අයැද සිටි
අතර ඇගේ සමාව නොපිලිගන්න තරම් මා කුරිරු
නොවීය.

"අපිට සමාවෙන්න අයියා. කරුණු කාරනා හරියට


නොදැන අපි හැසිරුන විදිහ ගැන අපි ලැජ්ජ වෙනවා"
"කොහොමද දිනුක අයියා මේ වගේ දෙයක් ඔයා
දරාගෙන හිටියෙ. මට නම් හිතාගන්නවත් බැහැ. ඔයාගෙ
කතාව ඇහුවහම ඒ වගේ දෙයක් මට උනානම් එහෙම
මම එතනම මැරෙනවා. අනික ඇයි ඔයා මට මේ ගැන
නොකිව්වෙ"
"ඉමාෂා මගේ මතකයක් විතරයි පියුමි. ඔයා මගේ ජීවිතේ.
අපි මේ ගැන පස්සෙ දවසක කතා කරමු. දැන් ඔයාල
යන්න. කළුවර වැටෙයි තව ටිකකින්. ඒ නිසා යන්න. මම
තව ටිකක් වෙලා ඉඳල එන්නම්"

මගේ යෝජනාවට එකඟ වූ ඔවුන් දෙදෙනා මට සමු දී


එම ස්ථානයෙන් නොපෙනී ගිය නමුත් මේ ගැන ඔවුනට
පැවසුවේ කවුරුන්ද යන්න මා සිත තුල රැඳි නොවිසඳුනු
ප්‍රස්නයක් විය. මම ද ඒ පිළිබඳව ඔවුනගෙන් ඒ වෙලාවේ
නොඇසුවේ එය එම ප්‍රස්නය ඇසීමට නුසුදුසු වේලාවක්
වූ නිසාය. විනාඩි කීපයක් සොහොන් පිටියේ ගතකිරීමෙන්
පසුව මා අමිලව හමු වීමට ඔහුගේ නිවසට ගියේ හවස්
යාමයේ සිදුවූ දේ ඔහුට පැවසීමටය.

"යාළුවා, කොහොමද ඉතින් පියුමි ඉමාෂා ගැන දන්නෙ"


"ඒක මම දන්නෙත් නැහැ අමිල. මට හිතාගන්න බැහැ.
මම ඒ වෙලාවෙ කොහොමද දැනගත්තෙ කියල අහන්න
ගියෙත් නැහැ"
"ම්ම්ම්.. ඒ වෙලාවෙ ඇහුවෙ නැති එකනම් හොඳයි. ඒත්
උඹ පියුමිගෙන් අහල දැන ගනින් ඔය නිවුස් එක දැන
ගත්තෙ කොහොමද කියලා. ඊට පස්සෙ අපි තීරණය කරමු
අපි කරන්නෙ මොකක්ද කියලා"
"ඔව් ඔව් අමිල. මම ඒක පියුම්ගෙන් දැනගන්නම්. මන්
ගැන මේ විදිහට ප්‍රචාරයක් යවපු එකා ගැන මටත්
හොයාගන්න ඕන ඉක්මනටම"
ගැහැණු ළමයෙකුගෙන් ප්‍රථම වතාවට මා සල්ලාලයෙකු
ලෙස නම් පට බැඳීම නිසාදෝ මගේ සිත පිරී තුබුනේ
විස්තරාත්මකව ඉදිරිපත්කල නොහැකි හැඟුම් වලින්ය. මා
තරමක් සංවේදීව සිටි නිසාදෝ මම පියුමි ගැන සියලුම
විස්තර අම්මා ඉදිරියේ වැමැරුවේ ඇයගේ ඇකයේ හිසතබා
සිටිනා අතර තුරය. මාගේ සම්පූර්ණ කතාව අවසානය
තෙක්ම ඇය නිහඬව අසා සිටි අතර කල්පනාවෙන් මාගේ
ඉදිරි ගමන සැලසුම් කරන ලෙස කියා සිටියේ මා එක
වරක් යොවුන් ආදරය නිසා දුක් විඳි නිසා විය යුතුය. මා
විතරක් නොව මාගේ එම කාලයේ මටත් වඩා මා ගැන
අම්මා දුක් වූ නිසා විය යුතුය.

"ගැහැණු ළමයි ඔහොම තමා පුතේ. ඔයාට එහෙම කතා


කලාට එයාල පසු තැවෙනවා ඇති. ඔයා ඒ ගැන හිතන්න
එපා. ඔයා ඒ ළමයි නොදැන කල වරදට සමාව
දුන්නනෙ. අනික පුතේ හෑ වෙලේම ඔය හිත දැඩිව
තියාගන්න. කඳුළු එක්ක යාලු වෙන්න හදන්න එපා.
එහෙම උනොත් ඒවටත් අගයක් නැති වෙනවා"

දවසක් දෙකක් පියුමිව හමු උවද ඇය මා දකිනා සෑම


විටම ඇය අතින් සිදු වෙච්ච වරදට සමාව අයදිනවා මිස
ඇය ඉමාෂා ගැන දැන ගත්තේ කෙලෙසදැයි මට
නොපැවසීය. මා ඇයගෙන් එය වරක් දෙවරක් ඇසූවද
ඇය කුමක් හෝ පවසමින් ඇය එය මග හැරියේය.ඇගේ
මිතුරිය වන හිරුණිගෙනුත් මා එය නොවිසුවේ ඇය මා
හා එතරම්ම සම්බන්දයක් නොතිබූ නිසාත් ඇයට මා
එතරම්ම නොරුස්සන චරිතයක් නොවූ නිසාත්ය. පියුමිගේ
මිතුරියන්ද පියුමි මා හා පවත්නා සම්බන්දයට එතරම්ම
කැමැත්තක් නැති බව මම එදා ඇයගේ මිතුරිය වූ
හිරුණිගේ මුවින් පිට්වූ සමහර වචන වලින් තේරුම්
ගත්තෙමි. මගේ මිතුරන්ද එවැනි අදහසක් මා හිස තුල
බොහොම මෑතකදී තැම්පත් කල අයුරුද මට මතකය.
නමුත් ඒ ඇයිද යන්න මම නොදැන සිටියෙමි.

"ඔයා මට මෙච්චර ආදරේ කරලත් මම ඔයාව සැක කලා.


මම එහෙම කලේ කොහොමද කියල මතක් වෙනකොට
මට මාවම වාවන්නෙ නැහැ දිනුක අයියා"
"අයියෝ කෙල්ලෙ දැන් ඕක ඉවරයිනෙ. ඒක අමතක
කරල දාන්න."
"හම්.. මට කියන්නකො ඒ අක්කි ගැන ටිකක්. එයා
මොන වගේද. කොහොමද ඔයාල දෙන්න
ආදරවන්තොයො උනේ"
"ඒක ලස්සන අතීතයක් පියුමි. ඒ අතීතෙට පණ දෙන්න
මම ආයෙමත් කැමති නැහැ. ඒ මම ඔයාට ආදරේ කරන
හින්දා. ඒ හා සමාන ආදරයකින්ම මට පිළිතුරු ලබෙන
හින්දා"

මා එසේ පවසනවාත් සමගම ඇය ඇගේ ඇස් කඳුලින්


පිරීගියේ ඇයිද යන්න මට නොතේරුනි. නිහන්ඩව මා
දෙස ආදර බැල්මක් හෙලූ ඇය මට ආදරේයැයි පවසමින්
මා දෙතොල් සිප ගත්තේ මා නොසිතූ මොහොතකය.

"මාව දාල යන්න එපා. මොනදේ උනත් මගේ ලඟින්ම


ඉන්න. මේ කෙල්ල ඔයාගෙම තමා. ඔයාව
පළවෙනියෙන්ම දකිනකොට මම කවදාවත්ම තිතුවෙ
නැහැ ඔයාට මෙච්චර ආදරෙයි කියලා. ඇත්තමයි මේ
ජීවිතේ එකම උරුමක්කාරයා ඔයාම තමා."
"හම්ම්ම්..."
"මොනාද අනේ හම්ම් ගාන්නෙ."
"නැහැ මම ඔය ලස්සන දෙතොල් දිහා බලාගෙන
හිටියෙ"
"ආ... ඇයි ආයෙමත් ඕනිද .. ඉවසල ඉන්න
හිතුවක්කාරයා, මේ සේරම ඔයගෙම තමා. ඒක නෙමේ
ඔයා ඉමාෂ අක්කිටත් මේ වගේම ආදෙරේ කරන්න ඇති
නේද. මේ විදිහටම එයාව තුරුල් කරන් ඉන්න ඇති නේද.
මේ වාගේම ඔයා එයාව සිප ගන්න ඇති නේද.
වෙලාවකට ඉතින් මට ඊරිසියත් හිතෙනවා. මොකද ඉතින්
මට කලින් මේ තුරුලෙ වෙන කෙල්ලෙක් හිටියනෙ."
"මම කිව්ව වගේ.. ඒක ලස්සන අතීතයක් පියුමි. මම ඒ
.."
"හරි හරි මම දන්නවා.. මට ඉමාෂ ගැන කිව්වෙ හිරුණි
අක්කි. එයාට කව්ද කෙවින් කියල කොල්ලෙක් තමා
කියල තියෙන්නෙ එයාලගෙ ගෙදර ඩිනර් එකකට ආව
වෙලාවකදි."
"හිරුණි අක්කි... එයා ඔයාගෙ වයසෙ නෙමේද"
"අයියෝ නැහැ අනේ. එයා පොඩි වගේ පෙනුනට මට
වඩා අවුරුදු තුනක් විතර වැඩිමල්."

පියුමිට අනුව හිරුණි හා කෙවින් ගේ පවුල් අතර තිබුනේ


සමීපතම බැඳීමකි. හිරුණිගෙන් මා මේ දේ නොඇසීමට
ඇය මා පොරොන්දු කරගත් නිසා පියුමි වුන් ගැන දන්නා
සියලුම දේ මට පැවසුවේය. ඇය විස්තරකල ආකාරයට
කෙවින් නරක චරිතයක් වූ අතර ඇයගේ මිතුරිය වූ පියුමි
මීගමුවෙහි පදින්චියට පැමින තිබුනේ බොහොම
මෑතකදීය.මා සිතූ ආකාරයට නොව ඔවුන් දෙදෙනා හමුවී
තිබුනේ පර්ඝනක ඉගෙන ගැනීමට අප ආයතනයට පැමින
විටය. හිරුණිගේ පවුලේ තොරතුරු පිළිබඳව විස්තරයක්
කිරීමට තරම් පියුමි නොදැන සිටි අතර ඔවුන්ගේ බාප්පා
කෙනෙකු රටේ බලවත් පුද්ගලයෙකු බව පැවසුවේ හිරුණි
සමහර අවස්තාවලදී ඔහු ගැන තම මිතුරන්ට පුරසාරම්
දෙඩවීම නිසාය.
කරුනු කාරනා කෙසේ වෙතත් මේ සිද්දියටත් කෙවින්ගේ
සම්බන්දයක් ඇති නිසා ඔහුව මාගේ ඉදිරි ගමනට
බාධාවක් වනවා නොඅනුමානය. එදා ඒ සිදුවූ දෙයට ඔහු
මෙතරම්ම මගෙන් ප්ලි ගන්නේ ඇයිදැයි මට
සිතාගතනොහැකි විය. නමුත් ඔහු මාගේ ජීවිතයට නොව
පියුමිගේ ජීවිතයට අනතුරක් යැයි මගේ සිත පිළිගත් නිසා
කෙවින්ව මගේ කතාවෙන් ඉවත් කර දැමීමට මම
සිතුවෙමි. නමුත් එය මා තනිව කරන්නෙ කෙසේ ද යැයි
එකවරම අදහසක් මට නොතිබුනු නිසා මම මගේ පරන
මිතුරා වූ මොහොමඩ්ව ඇමතුවෙමි. මගෙන් ලද දුරකථන
ඇමතුම ඔහු බලාපොරොත්තුවෙන් සිටි එකක් බම මට
ඔහුගේ කතාවෙන් තේරුම් ගියේය. මා නැවතත් ඔහුට
කතා කල එක පිළිබඳව ඔහු සතුටු වූයේ රටක
ජනාධිපතිකම බාර දුන්නා සේය. සුපුරුදු පරිදි අප
දෙදෙනා හමු වීමට වෙලාවක් වෙන් කර ගත්තේ අප
සුපුරුදු ස්ථානයේදීමය.

"හිරුණි දුව කොහොමද අපේ වැඩේ.. දියුණුවක්


තියනවද"
"මම හිතන්නෙ නැහැ බාප්පෙ"
"ඒ මොකෝ ඒ.. මොක්ද අවුල"
"මම හිතන්නෙ නැහැ ඒ කොල්ල බාප්ප කියන තරම්
දරුණු චරිතයක් කියලා. දුක්බර අතිතයක් තියන ජීවිතේ
එක්ක ලොකු සටනක් කරන පොඩි කොල්ලෙක්. මම
හිතන් නැහැ බාප්ප මේ පාර ඇල්ලුවෙ හරි මිනිහ
කියලා. අනික තාම පොඩි වයසක් තියන කොල්ලෙක්. මම
හිතන් නැහැ ඒ කොල්ලා මේ රටේ කුඩු ජාවාරමේ
ලොකු මොළ කාරයෙක් කියලා"
"දුව දන්නෙ නැහැ දිනුක ගැන. මට හොඳටම විස්වාසයි
මිනිහ මේ ළඟදි උන සිද්දි සේරගෙම පිටිපස්සෙ ඉන්නවා
කියලා. ඒත් ඒක ඔප්පු කරන්න තරම් සක්ෂියක් තාම
අපිට නැහැ. අනික දිනුක කියන්නෙ මට මේ රටේ
හම්බුන මිනිසුන්ගෙන් සුපිරිම මොළයකට හිමිකම් කියන
කොල්ලෙක්"
"අනික බාප්පෙ, පියුමිත් ඒ කොල්ලට ඇත්තටම ආදරේ
කරන්න පටන් අරගෙන. අනික බාප්පෙ ඒ කොල්ල ආදරේ
කලේ ඔයාගෙ දුවට. නැතිනම් මගේ නංගිට. ඉමාෂට ඒ
තරම් ඔයයි මායිවත් ආදරේ කරල නැතිව ඇති."
"මම ඒක දන්නවා දුව. ඒත් දිනුක කියන්නෙ ගුප්ත
චරිතයක්. මොළකාරයෙක්. මට මිනිහ ගැන ඉව වැටුනෙ
ගොඩක් කාලෙකට කලින්. මම හිතුවෙ නැහැ මගේම
දුවට මිනිහ ආදරේ කරාවි කියලා. ඒ වගේම පිස්සුවෙන්
වගේ මගේ දුවත් ඒ කොල්ලට ආදරේ කරාවි කියලා"
"හම්ම්ම්.. ඒත් ඒ අහින්සක කෙල්ල වරදක් නොකරම අපි
අතරින් යන්න ගියා බාප්පෙ."
"අපි තව ටිකක් මේ විදිහට යන්න අරිමු. මේ
වර්ණකුලසූරියට ඉවක් වැටුනොත් ඒ ගැන සැකයක් නැහැ
කියල දුව දන්නවනෙ. මගේ මේ කෙස් සුදු උනේ
අකාලෙට නෙමේ කියලත් දුව දන්නවනෙ."
"හම්ම්ම්.. මට පියුමි ගැන ඊරිසියත් හිතුනා බාප්පෙ. ඒ
කෙල්ල එදා ඒ කොල්ලගෙ කකුල් ළඟ වැටුන විදිහට මට
හිතුනා ඒ ආදරේ තියන ගැඹුර. ඒ වගේ ආදරයක් මට
කවදා හිමිවේදෝ කියල මට හිතුන බාප්පෙ"

ඇගෙන් ලද ආදරය කොතරම් සුන්දර උවද කෙවින් අප


ආදරයට එක් කලේ අඳුරු මතකයන්ය. එක අවස්ථාඅකදී
මම ඔහුට කාරනා තේරුම් කර දුන්නද ඔහු මගේ කීම
කවදාවත්ම නොපිළිගත්තේය. මාගේ ඉවසීමේ සීමාව
ඉක්මවා ගොස් තිබුනද මොනදේ සිදුවුනත් ඔහු නිහඬව
සිටීම මගේ සිතට එක් කලේ ආගන්තුක හැඟීමකි.

"පොඩි මහත්තයා කොහොමද ඉතින්. ආයෙමත් මේ


මේසෙ එකට ඉඳගන්න ලැබුන එහෙනම්."
"කොහොමද මොහොමඩ්ගෙ වැඩ කටයුතු. තාමත්.."
"මමත් දැන් ඉස්සර වගේ නැහැ පොඩි මහත්තයා. ඒත්
ඉතින් ටික ටික ... දන්නැද්ද ඉතින්. ඒක නෙමේ මොකද
මේ හදිසියේම"
"කෙවින් නිසා.. මිහිහව මගේ පාරෙන් අයින් කරන්න
ඕන ඉක්මනටම."
"මම පොඩි මහත්තයට ඕක කලින්ම කිව්වා නේද. අපි
මිනිහට අපේ සීමා ළඟට එන්න දුන්න වැඩියි."

මොහොමඩ් සමග මේ ප්‍රස්නය පිළිබඳව කතාකලද


සාදාරණව මෙය විසඳීමට යෝජනාවක් දෙදෙනාගෙන්ම
ඉදිරිපත් නොවිනි. මොහොමඩ්ගේ අදහස වූයේ ඉක්මන්
තීරනයකට නොගොස් ත්ව ටිකක් කෙවින් පිළිබඳව
විස්තර ලබාගමු යන්නය. මක්නිසාද්යත් තවමත් ඔහුගෙන්
අපට කරදරක් නොවුනු නිසා හා ඔහුගේ ඇති නිහඬබව
නිසාය. විනාඩි හතළිහකින් පමන මොහොමඩ් මා හට
සමු දී ගියේ ඔහුට පැවරී තිබූ වැඩ කටයුක්තක් නිසාය.
නමුත් මා සිටි තැනටම වී ඉඟුරු තේ කෝප්පයක රස
බලමින් කල්පනා කලේ මෙතන කුමක් හෝ වැරදීමක් වී
ඇතිබවය. එසේත් නැතිනම් කුමක් හෝ පටලවිල්ලක්
ඇතිබවය. හදිසියේම අමිලගෙන් ලැබුනු දුරකතන ඇමතුම
නිසා මා කල්පනා ලොවෙන් මිදුනු අතර එම දුරකථන
ඇමතුම මා තව තවත් අවුල් ජාලයකට ඇද දාන්න විය.

"මොකෝ අමිල.. මොකක්ද මේ හදිසියෙම"


"යාළුවා, මම මේ ප්‍රස්නය කලිනුත් ඔයාගෙන් අහල
තියනවා. මම ඒක ආයෙමත් අහන්න යන්නෙ. මම
හිතනවා මට ඒ ප්‍රස්නෙට අවන්ක පිළිතුරක් මට අදවත්
ලැබේවි කියලා. මොකද මම හිතනවා මට ඒකට උරුමයක්
තියනවා කියලා."
"හරි හරි.. අටුවා ටිකා ඕනනැහැ. අහපන්කො ඔය
අහන්න තියන දේ"
"යාළුවා, ඔයා කව්ද? පතාලය එක්ක තියන උඹට තියන
ගනුදෙනුව මොකක්ද?"

අමිල එසේ ආසනවාත් සමග මාගේ හුස්ම මොහොතකට


නැවතුනි. නමුත් මම මගේ කිසිදු වෙනසක් නොපෙන්වා
ඔහු දෙස තප්පර කීපයක් නිහඬව බලා සිටියේ අමිල
බාවිතා කල ඒ පාතාලය යන වචනය නිසාය. ඔහුගේ ප්‍
රස්නයට පැහැදිලිව පිළිතුරක් ලබා දීමට මම නොදැන
සිටියෙමි.

"මොකද යාළුවා නිහඬ.."


"ඇයි අමිල ඒ වගේ දෙයක් මගෙන් ඇහුවෙ. අනික
පාතාලය වගේ වචනයක් බාවිතා කලේ"
"හරි මම අවන්ක වෙන්නම්. උඹත් එක්ක ගනුදෙනු කරන
සමහර චරිත නිසා තමා මම එහෙම ඇහුවෙ. දැන්
බලපන් එදා රෑ අපි බෝතලේ ගෙනාව සිද්දිය. ඒ මිනිහා
බොහොම බැගෑපත්ව උඹ එක්ක කතා කලේ. මම ඒ
මිනිහගෙ පොෆයිල් එක ටිකක් හොයල බලද්දි මිනිහ දහ
පාරකට වැඩිය හිරේ ඉඳල තියනවා. අනික කෙවින්,
දේෂපාලනය බලය සල්ලි බලය තියාගෙන එලිපිට
සෙල්ලම් දාන එකෙක්. ඒත් මිනිහ උඹ ඉස්සරහ ටිකක්
ඇඹරෙනව"
"හරි හරි අමිල.."
"හිටපන් තව තියනවා.. එතකොට මොහොමඩ්.. මිනිහ
ගැනැ කිසිම තොරතුරක් නැහැ. කිසිම ඩේට බේස්
එකකවත් නැහැ."
"උඹ ඒ කියන්නෙ මම ගැන ඔත්තු බැලුවා මෙච්චර දවස්"
"එහෙමම කියන්නත් බැහැ. නෑ කියන්නත් බැහැ. මම
එහෙම කලේ උඹට තියන ආදරේ හින්දයි. උඹ මගේ
යාළුවා නිසයි. අනික උඹ දන්නවද ලොකුම දේ. මම
මේක කිව්වට පස්සෙ උඹ කලබල වෙන්න බැහැ හරි. මම
උඹේ යාළුකම වෙනුවෙන් ඕන දෙයක් කරන්නම්.
හැබැයිමට ඇත්තදැනගන්න ඕන"
"හරි.. මොකද්ද ඒ දේ.. ඒකත් කියමුකො බලන්න"
"කවුරු හරි කට්ටියක් උඹව මොනිටර් කරනවා. උඹගෙ
ගෙදර අය පවා. අනික ගෙදර ෆොන් ලයින් එක, උඹේ
ෆොන් ලයින් එක ටැප් කරල තියෙන්නෙ"
"මොනවා ... උඹ කොහොමද එහෙම කියන්න"
"උඹ දන්නවනෙ මම හැකින් කරනවා කියලා. ඉතින් මට
හිතුනා උඹ ගැන ටිකක් හොයන්න. ඉතින් මම උඹව
මොනිටර් කලා. මට තාක්ෂනේ තිබුනට මට මොකුත්
ස්පෙෂල් දෙයක් හොයා ගත්තෙ නැහැ."

අමිලගේ සමහර තාක්ෂනික වදන් මට නොතේරුනද


කොට්ටෝරුව කෙසෙල් ගසට කොටන දවස වැඩි ඈතක
නොවන බව මම තේරුම් ගත්තෙමි. අමිලගෙන් ප්‍රස්න
රැසක් මට අසා විසඳා ගැනීමට තිබුනද ඊට මත්තෙන් මම
අමිලගේ ඉල්ලීම ඉටුකෙරුවෙමි. අමිල මා හට විස්වාසය
තැබිය හැකි පුද්ගලයෙක් නිසා මම මගේ සැඟවුනු ජීවිත
කතාව ඔහුට කෙටියෙන් කීවේ ඔහුද පුදුමයකට
පත්කරමින්ය. මා කියූදේ පිළිබඳව අමිල සාවදානව අසා
සිටියා මිසක ඔහු කිසිදු ප්‍රශ්නයක් මතු නොකලේය.
එමෙන්ම පියුමිගේ මිතුරිය වන හිරුණි ඉමාෂාගේ අම්මාගේ
නන්ගිගෙ දුව බව අමිල කල ප්‍රකාෂය නිසා මම
මොහොතකට මියදුනෙමි.

පසුගිය දවස් කීපය තුලදී සිදුවූ සිදුවීම් සියල්ල මා


එකිනෙක පිළිවෙලකට නැවතත් මෙනෙහි කලේ අමිල
ඉදිරිපත් කල තර්ක ද සමගය. ඔහුට අනුව පියුමි යනු
මිරිඟුවකි. මා එහි පසුපස දුවන මුවෙක් බඳු විය. මා එය
පිළිගැනීමට සූදානම්ව නොසිටියේ පියුමිගේ ආදරය
නිසාය. ඒ ආදරේ අවන්ක නිසාය. නමුත් පියුමිගේ යාළුවා
වන හිරුණිගේ රඟපෑම මගේ හිත සසල කරන්නට වූ
අතර ඇය එදා මා සල්ලාලයෙකු යැයි මට නම් පට
බැන්දේ ඈ ඇත්තම විස්තරය දැගගෙන බව මගේ මේ
සිතට දැනෙද්දී මගේ පළිගැනීමේ සිතුවිලි දළු ලන්නට
විය. නමුත් ඒ සියලුම සිතිවිලි මා යටපත් කර සිටියේ
අමිල මා හට කරුනු කාරනා එකිනෙක පැහැදිලිකර දුන්
නිසාය.

"යාළුවා, පියුමිට යන්න දීපන් උඹේ ජීවිතෙන්."


"මට ඒක කරන්න බැහැ අමිල. ඒ කෙල්ල ලඟ
නැතිඋනොත් මට මොනවා වෙයිද දන්නෙ නැහැ. අනික
මගේ හිත කියනවා මේ කිසිම දෙයකට පියුමිගේ
සම්බන්දයක් නැහැ කියල අමිල"
"හිතුවක්කාර වෙන්න හදන්න එපා යාළුවා. ජීවිතේ ඔට්ටු
අල්ලන්න එපා බන් කෙල්ලෙක් හින්දා"

අමිල කොතරම් කීවද මම ඔහුගේ කීමට එකඟ


නොවුනේ මම පියුමිට ආදරය කල නිසාවෙනි. අමිලගේ
තාක්ෂනයත්, මගේ මොළයත් සමග මොහොමඩ්ගේ
කැපවීමත් එකතු කර මේ සටන ගෙනියමුයැයි අප
අවසානයේ තීරනය කලද අප තුල කිසිදු සැලැස්මක්
නොතිබුනේ මා කෙසෙල් ගසට නොකෙටුවාට එහි වසා
සිටින කොට්ටෙරුවෙකු බඳු වූ නිසාය.
අමිල හා ගත කරපු පැය කීපය අවසානයේ මා නිවසට
පැමිනියේ ප්‍රශ්න රැසකට පිළිතුරු සොයමින්ය. පියුමි
වෙනුවෙන් කොතරන්නම් දේවල් මා කරන්න ඇත්ද. මගේ
සමහර ජීවන පුරුදු පවා ඇය වෙනුවෙන් වෙනස්කලේ
මා ඇයට ආදරය කල නිසාවෙනි. එනමුත් අමිලට අනුව
ඇය මා ප්‍රයෝජනයට ගත්තාදෝ යන්න මගේ සිතට
නැගෙද්දී මගේ මේ ආදරය කල හිතට සැනසීමක්
නොතිබුනු තරම්ය. සැනසීමක් නොතිබුනු තරම්ය.

"දිනුක අයියා.. මම මේ දවස් දෙකක ඉඳන් නෝට් කලේ.


ඔයා හොඳින් නේද. මොකක් හරි ප්‍රෂ්නෙකද ඉන්නෙ
ඔයා"
"අනේ එහෙම එකක් නැහැ පියුමි. ඇයි"
"නෑ. මට තේරුනා. ඒකයි ඇහුවෙ. ඔයාට ප්‍රස්නයක්
තියනවනම් කියන්න අයියා. මම පිට කෙනෙක්
නෙමේනෙ. ඔයාගෙ ජිවිතේ බෙදාගන්න ඉන්නෙ මමනෙ.
ඉතින් ප්‍රස්නයක් තියනවනම් මටත් කියන්න හරි. අපි එකතු
වෙලා විසඳමු"
"හරි හරි කෙල්ලෙ. මම හොඳින් ඉන්න්. මේ ටිකේ ටිකක්
නින්ද මදි උනා. පාඩම් කලානෙ එක්සෑම් එකට. ඒක
නිසා එහෙම තේරෙනව ඇති ඔයාට"
"ඒක තමා. මම දන්නවා ඔයා ගැන. එදා හිරුණි මට
ඔයාගැන එහෙම කියනකොට මම විස්වාස කලේම නැහැ
දිනුක අයියා. මම දන්නවා ඔච්චර ආදරේ කරන ඔය
හිතින් මට දුකක් දෙන්න බැහැ කියල මම දැනන් හිටියා.
මම හරි නේද"
"හම්ම්ම්.."
"ඒක නෙමේ අපේ ස්කූල් එකේ බ්ලඩ් ඩොනේෂන් එකක්
තියනවා. අනේ එන්න හරි ඔයා. ඔය ඇඟෙන් ලේ ටිකක්
දුන්නට මැරෙන් නැහැනෙ."
"අහ්.. ඒ කවද්ද.. තාඅ ස්කූල් පටන් අරන් සතියක්වත්
නැහැ නේද."
"ඔව් අනේ. මේ අපේ සීනියර්ස් කොමර්ස් කට්ටිය තමා
ඔර්ගනයිස් කරන්නෙ. අපි තමා ඉතින් මැරෙන්නෙ. ඔයා
එන්නකො. මෙතකොට මට මගේ යාළුවන්ටත් ඔයාව
පෙන්නන්න පුළුවන්. ඊලඟ සතියෙ බදාදා. එනව නේද"
"ඔයා එන්න කිව්වහම නෑවිත් ඉන්න බැහැබෙ මට"

ඇය සමග කාලා ගතකරනා විට මට කාලය පිළිබඳව


හැඟීමක් නොතිබුනද ගෙවුනු දවස් කීපයේ ඈ හා කාලය
ගත කිරීම මට තරමක් අපහසු වූයේ මා ඇය ඉදිරියේ
දෙබිඩි චරිතයක් රඟදැක්වූ නිසාවෙනි. මක්නිසාද යත්
හිරුණි පිළිබඳව තොරතුරු ලබාගැනීමට පහසුම මාර්ගය
ඈ වූ නිසා හා කවුරුන් හෝ මා හා කරන මේ
හැන්ගිමුත්තමට පියුමිගේ සම්බඳයක් තියනවාද නැද්ද යන්න
හරි ආකාරව දැන ගැනීමටය. නමුත් මා ඇය ගැන එසේ
සිතනා සෑම අවස්ථාවකදීම මගේ හිතින් මට ලැබුන
පිළිතුර වූයේ ඇය නිවරැදි බවය. සෑම විටම එය එසේ
වන්නේ මගේ ආදර හැඟීම් නිසාදෝ යන්නද මට
නොතේරූ කරුනක් විය.

ලේ දන්දීමේ වැඩසටහනට සහබාහි වීමට මා අමිලටද


ආරාධනා කලේ මෙය මාගේ පළමු ලේදන්දීම නිසාත්
අපේ අම්මාගේ කතා නිසා මගේ සිත තරමක් නොසන්සූ
වී තිබූ නිසාවෙනි. අමිල පැමිනි විගසම අප දෙදෙනා
නියමිත ස්තානයට යාඅට පිටත් වූ අතර අමිලගේ ඔත්තු
බැලීමේ වැඩකටයුතු පිළිබඳව අපි දෙදෙනා සාකච්චා
කලේ මෝටර් සයිකලයේ යන ගමන්මය. අමිලගේ අදහස
වූයේ පියුමිගෙන් ඈත් වෙන ලෙසය. ඔහු එසේ පැවසුවේ
මා නිසා පියුමිගේ ජී විතයට හනියක් වීමට ඉඩ ඇති
නිසාය. නමුත් මා එයට අකමැති වූ නිසා අප දෙදෙනාම
අප කතාව නැවතූ අතර ලේ දන්දීමේ ස්ථානයට
ඇතුලුවෙත්ම දුටු දසුනින් මා මදක් තිගැස්සුනි.

"මොකද යාළුවා බය වෙලා වගේ. මම කිව්වෙ මේක


හරියන වැඩක් නෙමේ කියලා. ලේ දන් දීඅ පැත්තකට
දාල යමු බන්"
"අමිල.. අර ඉන්නෙ ඉමාෂගෙ තාත්ත හිරුණිත් එක්ක"
"එහෙමද, තාම අපිව දැක්කෙ නැහැ. මොකද කියන්නෙ.
මොකුත් නොදන්නා ගානට ඉන්නවද. නැතිනම්..."
"අපි පටන්ගමු එහෙනම් සෙල්ලම් කරන්න. යමු එහෙනම්.
"

මා පැමින ඇති බව දැනගත් විගසම පියුමි මා දෙසට


දිව්විත් ආදරයෙන් පිළි ගත්තේ ඈ සිටින්නේ පාසලේ
යන්නද අමතක කරමිනි. ඇය හා කතා කලද මගේ ඇස්
රැඳී තුබුනේ හිරුනි හා වර්ණකුලසූරිය මහතා දෙසටය.
ඔවුන් දෙදෙනා මා නොදුටු නිසා මා ඔවුන් වෙත ගියේ
පියුමිට හා අමිලට මදකට සමු දෙමින්ය. මා ඔවුන් අසලට
ලන්වෙත්ම ඔවුන් දෙදෙනා මුහුනට මුහුන බලාගත් අතර
ඔවුන් මා බලාපොරොත්තුවෙන් සිටියාද නැද්ද යන්න
පිළිබඳව මා තුල අදහසක් නොතිබුනි.

"දිනුක පුතා.. හුඟ කාලෙකින් නේද. කොහොමද ඉතින්"


"මම හොඳින් ඉන්නවා අන්කල්. ඔයාලට කොහොමද"
"හොඳින් ඉන්නවා. අහ් මේ ඉන්නෙ මගේ කසින් දුවක්.
හිරුණි "
"දන්නවා අන්කල්.. මම අන්කල්ගෙන් දෙයක් අහන්නද.
ඇත්තම කියන්වනම් මේක ඉල්ලීමක්"
"මොකක්ද පුතා.. "
"මටයි පියුමිටයි නිදහසේ ඉන්න දෙන්න අන්කල්... ඉමාෂා
මගේ ගාවින් යන්නම ගියා. පියුටත් ඒ දේම කරන්න
හදන්න එපා. අනික මේ හිරුනියි අන්කලුයි එකතුවෙලා
කරන්න හදන දේ මොකක් උනත් ඒ දේ කරන්න
අන්කල්ට ටිකක් මහන්සි වෙන්න වෙයි. මම මගේ ජීවිතේ
ගොඩක් ඔයාට ගරු කලා අන්කල්. අන්කල් මම ගැන
දන්නවා ඇතිනෙ. මම මේ පාර සටන් කරන්නෙ පියුමි
වෙනුවෙන්. ඒ නිසා මම ලෑස්තියි මගේ ජීවිතේ ඔට්ටු
අල්ලන්න. හොඳින් ඉන්න අන්කල්. තව තවත් තරු ඔය
යුනිෆොම් එකට එන්න කියලා පතනවා, හදවතින්ම මම"

නොසිතූ වෙලාවක ඔවුන් දෙදෙනාවම පුදුමයට පත්


කරමින් මගේ මුවින් එවැනි වදනක් පිට උවද ඔවුන්
එවැනි දෙයක් මගෙන් බලාපොරොත්තුව සිටියාවත්දයැයි
මම සිතුවෙමි. ලේ දන්දීමේ වැඩසටහනට සමුදුන් මා
අමිල සමග අප සිටි ස්ථානයෙන් ඉවත්ව ගියේ පියුමිගේ
නොයෙකුත් ප්‍රස්නයන්ට මැදිව හවස ඇයව හමුවීමට දුන්
පොරොන්දුවක්ද සමගය. මා කලදේට අමිලගේද එතරම්ම
කැමැත්තක් නොතිබූ බව ඔහුගේ නිහඬ බවින මම තේරුම්
ගත්තෙමි.

"හිරුණි දුව, දැන්වත් ඔයා විස්වාස කරනවද මම මෙච්චර


දවස් මිරිඟුවක් පස්සෙ නෙමේ දිව්වෙ කියන එක"
"මටනම් මේක තවමත් ප්‍රෙහේලිකාවක් බාප්පෙ. ඔයාගෙ
නම ඇහුවහම ඕන කෙනෙක් බයවෙනකොට මේ පොඩි
කොල්ලෙක් එක්ක ඔයාට චැලෙන්ජ් කරනවා. මට පුදුමෙ
කියන්නෙ ඔයත් නිහඬ ඉන්න එකනෙ."
"දුව හරි. මමත් හැඬල් කරන ටිකක් සන්කීර්ණ කේස්
එකක් මේක. කොල්ල මොනව උනත් වැඩකාරයා. කරන
කිසිම දේක සාක්ෂියක් තියන්නෙ නැහැ. මට ඕන මිනිහව
විතරක් නෙමේ මිනිහගෙ වටේ ඉන්න කට්ටියත්
අල්ලන්න"
"අනේ මන්දා බාප්පෙ. මට තාමත් හිතාගන්න බැහැ. හොඳ
හිතක් තියන කොල්ලෙක් බාප්පෙ. පියුමි එදා ඒ
කොල්ලගෙ කකුල්දෙක අල්ලල වැඳල සමාව ඉල්ලන්න
තරම්..."
"ඔන්න ඔතනින්ම තමා මිනිහව කොටු කරනවනම්
කරන්න ඕන. මිනිහව වට්ටන්න තියන එකම තුරුම්පුව,
පියුමි"

මා සිතුවා සේම මාගේ හැසිරීම පිළිබඳව සතුටක් අමිලතුල


තිබුනේ නැත. ඔහුට අනුව මා වර්ණකුලසූරිය මහතාට
ඔහුගේ සැකය සාර්තක කර ගැනිමට කොනක් අල්ලා දී
ඇත. අමිලගේ මතයේද මා වැරැද්දක් නොදුටුවේ එවැනිම
හැඟීමක් මා සිත තුලද ඇතිවූ නිසාය.
සතිඅන්තය නිහඬව ගෙවී ගියද මාගේ සිත තරමක්
කලබලකාරී ගතියකින් පසු වූයේ මට දැනුනා වූ ඒ
නිහඬතාවය තුලම කිසියම් හෝ නපුරක ඉවක් මට දැනුන
නිසා විය යුතුය. මගේ සිත මෙතරම්ම සැක සහිත වී
කලබලකාරී ගතියකින් පසු වන්නේ පියුමි වෙනුවෙන්
විතරක්ම බව මට වැටහුනද මා ඇය පිළිබඳවද සැක
සහිතව සිතුවේ කෙලෙසද යන්න මම මෙගේ සිතින්ම ප්‍
රස්න නැගුවෙමි. හදිසියේම පැමිනි හිරුනි නැමති චරිතය
හා වර්නකුලසූරිය මහතා නිසා මාගේ අතීතය
එලිවුවහොත් මාගේ ජීවිත කතාවම කණපිට පෙරෙලනවා
නොඅනුමානය. ජාවාරම් කරුවෙකු මෙලොවට බිහි
කලායැයි මෙගේ අම්මා තාත්තා සමාජයේ නොයෙකුත්
තාඩන පීඩන වලට මුහුන දෙනවා ඇත. නන්ගීට හොඳ
තැනකින් විවාහයක්වත් කරගැනීමට නොහැකිවනවා සේම
මගේ යාළුවන්ටද මා ජාවාරම් කාරයෙක්, මිනීමරුවෙක්
වනවා නොඅනුමානය.

මාගේ දින චරියාව දෙස කවුරුන් හෝඉ බලා සිටීදැයි මා


සිතට සිතුනද මා යන එන තැන් කවුරුන්හෝ බලා
සිටීදැයි සිතුනද මා මදකට ඒ සිතුවිල්ල වසන්කර
මොහොමඩ්ව හමුවීමට ඔහුගේ නිවසට ගියේ කෙවින්
පිළිබඳව තීරනයක් ගැනීමටය. මක් නිසාදයත් ගෙවීගිය සති
අන්තයේ එක දිනයක ඔහු ඔහුගේ මිතුරන් සමග පියුමිගේ
නිවස අසල ගැවසෙනවා ඇය දැක ඇති අතර පියුමි
ඇය්ගේ මව හා වෙළඳපොලටද ගිය අවස්තාවේද ඔවුන්
ගැවසූ බව ඇය මට කීවා මතකය. මොහොමඩ්ටද කුමක්
කල යුතුද යන්න සුපැහැදිලි දසුනක් නොතිබූ අතර ඔවුන්ද
දේෂපාලන ආරක්ෂාව ඇතිව මත්ද්‍රවය බෙදාහැරීම පටන්
ගෙන ඇති බව මොහොමඩ් මා හට පැවසුවේ මෙතෙක්
වෙලා අප දෙදෙනා අතර දෝලනය වූ ප්‍රශ්න කීපයකට
පිළිතුරක් ලෙසය. අප පරනම මිතුරෙකු වූ ප්‍රසන්න
මාර්ගයෙන් මෙමෙ තොරතුර ඔහුට දැනගැනීමට ලැබී
තිබූනිසා එහි නිරවද්‍යය බාවය පිළිබඳව අප දෙදෙනාටම
සැකයක් නොතිබූ තරම්ය. කෙවින්ව මගේ ජීවිත
කතාවෙන් සැලකියයුතු කාලයකට ඈත්කර තිබීමට අපට
හමුවූ හොඳම අවස්තාව මෙය විය. අවස්තාවෙන් උපරිම
ප්‍රයෝජන ගැනීමට සිතූ අප දෙදෙනා සැලසුම් කලේ
කෙවින්ව මත්ද්‍රවයය සමගම පොලීසියට කොටුකර දීමය.

"එහෙනම් අපි කතාකරගත්ත විදිහට කරමු මොහොමඩ්.


අපේ පාර්සලේ මිනිහට දෙන්න. මිනිහ ගනුදෙනු කරන
වෙලාව දින ප්‍රසන්නගෙන් දැනගන්න. ඊට පස්සෙ අපේ
මිනිහව යවන්න. ගනුදෙනුව කරන්න. "
"මම හිතන්නෙ නැහැ පොඩි මහත්තයා කෙවින් අපේ
මිනිහ එක්ක ගනුදෙනු කරාවි කියලා. අලුත් සෙලර්
කෙනෙක් එක්ක ගනුදෙනුව කරයිද මිනිහා"
"බයවෙන්න එපා මොහොමඩ් මිනිහ ගනුදෙනුව කරනවා.
මොකද මේ ටිකේ බඩු අඩුයි. අනික අපි ගාව තියෙන්නෙ
එදා ජර්මන් කාරයට යැව්ව ඒවලින් කොටසක්. ඉතින්
අපේ බඩු හොඳයි. අනික ටිකක් වැඩිපුර තියනවා. ඒ නිසා
අනිවාර්යයෙන්ම කෙවින් මේ ගනුදෙනුව කරනවා.
මොකද මිනිහට බඩු ඕන"

අප නොසිතූ ලෙස ටික කාලයක් ගෙවීගියද අප දෙදෙනා


සැලසුම්කල ආකාරයටම ඉතා ලෙහෙසියෙන් කෙවින්
සමග අප යැවූ පුද්ගලයා ගනුදෙනුව කර තිබූ අතර
මොහොමඩ් මේ සඳහා යොදාගෙන තිබුනේ හලාවත ප්‍
රදේෂයේ පදින්චි කසුන් නැමති අයකුය. ඔහු
එන්ගලන්තයේ ඉගනීමට යාමට ආසාවෙන් හිටි අතර
නිවසේ වූ ආර්ථික අපහසුතා නිසා ඔහුට එම අවස්තාව
මගහැරී ඇත. මෙම අවස්තාවෙන් ප්‍රයෝජන ගත් මගේ
සගයා බලලුන්ලවා කොස් ඇට බා ඇත්තේ හරි
අපූරුවටය.

"පුතේ .. පුතේ .."


"මොකද තාතේතෙ.. මොකද අවුල"
"මේ අර එපාම කරපු එකෙක් ඉන්නෙ ටවුන් එකේ හැම
වෙලේම. කෙවින්. මිනිහ එක්ක ඔයාගෙ ගනුදෙනු එහෙම
නෑ නේද"
"කෙවින්ව මම දන්නවා. ඒත් ඉතින් ඔය තාත්ත කියන
ගනුදෙනු කරන්න තරම් මිනිහ එක්ක මම සම්බන්දකම්
නැහැ. ඔයා දන්නවනෙ මට ඒ දවස්වල ඉඳලම මිනිහව
දිරවන් නැහැ කියල. මොකෝ මේ හදිසියෙම කෙවින්ව
අල්ලගෙන"
"කෙවින්ව ඊයෙ පොලිසියෙන් අල්ලල, ගන්ජ පාර්සලයක්
එක්ක"
"නෑ ... තාත්ත කොහොමද දන්නෙ"
"මේ නිවුස් වලට කිව්වෙ. නිර්නාමික දුරකථන ඇමතුමක්
ලැබිල තමා පොලීසිය ඉවකරන් ගිහින් තියෙන්නෙ. බඩුත්
එක්කම අල්ලල තියෙන්නෙ. හොඳම වර්ගයේ ඒවලු.
සමහරවිට මිනිහ පිටරටකින් ගේන්න ඇති. එලියට එන්න
වෙන්නෙ නැතිවෙයි කාලෙකට"
"කෙවියත් මාර වැඩනෙ තාත්තෙ කරන්නෙ"
"මම මේ බයේ හිටියෙ තමුසෙත් එක්කත් යාළුකම්
පවත්වනව ඇති කියලා. ඇයි ඉතින් කොයි වෙලේ
බැලුවත් ටවුන් එකේ රස්තියාදුකාරයො එක්කමනෙ
ඉන්නෙ."

අප සැලසුම් කල ආකාරයටම සියලුදේ සිදුවී තිබුනද මට


එක හිසරදයක් වූ කෙවින්ගේ කරදරයෙන් මිදීමට හැකි
උවද මා තාත්තා ඉදිරියේ රඟපෑ අහින්සක බොරු චරිතය
මසිත රිද්දන්නට විය. නමුත් මේ ජීවන ගමනේ තවෙකුව
සතුටු කිරීමට නැතිනම් තම්න් සතුටුවීඅට එසේත් නැතිනම්
ජීවිතය ජීවත් කරවීමට ජීවිතය නැමති රඟ මඩලේ අප
කැමැත්තෙන් හෝ අකමැත්තෙන් නොයෙකුත් චරිත රඟපෑ
යුතුබව මා විස්වාසකල නිසාද මා ඒ දෙය අද්විඳ ඇති
නිසාද තාත්තා ඉදිරියේ මගේ සිතට ආ විස්තරාත්මකව
ඉදිරිපත් කල නොහැකි ඒ වේදනාකාරී සිතුවිල්ල මට
යටපත් කරගැනීමට හැකි විය.

සිතට නැගුනු නොයෙකුත් සිතිවිලි අතරේ මා මගේ


ස්කූටියට ගොඩ වූයේ පියුමිව හමුවීමට යාමටය.
තාවකාලිකව හෝ පියුමිට කෙවින්ගෙන් කරදරයක්
නොවන බව හැඟීම සිතට සැනසිල්ලක් ගෙනදෙන්නා වූ
කරුනක් විය. වෙනදා මෙන් නොව මගේ සිතට තරමක
සැහල්ලු බවක් දැනුනද හදිසියේම අප ප්‍රදේෂයේ නමගිය
රෙදි සාප්පුවකට ඇතුලු වූ හිරුනිව දැකීම නිසා මගේ
සිතට නැවතත් හිතුවක්කාර සිතුවිලි ගලා ආවේ මට
නොදැනිවමය.

"හායි හිරුණි.."
"දිනුක .. "
"කොහොමද ඉතින් ඔයාට.."
"මොකද මේ කවදාවත් නැති සොෆ්ට් මූඩ් එකක්. කියන්න
දෙයක් තියනවනම් කෙලින්ම කියන්න. අනික ඔයා
මොකද මේ ලේඩිස් සෙක්ෂන් එකේ කරන්නෙ"
"තහනම් නැහැනෙ ඉතින් අපිට මේ සෙක්ෂන් එකට
එන්න.. ආ තව ටිකෙන් අමතක වෙනවා. ඔයාගෙ බාප්පට
පනිවිඩයක් තියනවා මගේ ළඟ"
"මගේ බාප්පට.. ඒ මොකක්ද"
"ඉමාෂ තාමත් මගේ හිතේ කොනක ඉන්නවා කියන්න. ඒ
වගේම ඉමාෂා එයාගෙ තාත්තට වඩා මට ආදරේ කලා
කියල කියන්න"

මා හිරුණිට පැවසීම්ට සූදානම්ව සිටියේ කෙවින් පිළිබඳ


උවද අවසාන මොහොතේ මා මගේ අදහස වෙනස් කර
වෙනස්ම දෙබස් කීපයක් ඈ හා දෙඩුවේ මගේ
හිතුවක්කාර සිතුවිලි මදකට පාලනය කරමින්ය. කෙසේ
නමුත් මා එම ස්තානයෙන් ඈත්ව යන තුරුම හිරුනිගේ
දෙනෙත් මා වෙතම යොමු වී තිබූ අතර කුතුහලයෙන් පිරි
ඇගේ දෙනෙත් කී කතාව මා හටද තේරුම් ගැනීමට
අපහසු විය.

"මොනාද දිනුක අයියා. මම් ඇවිල්ල විනාඩි විස්සක් විතර


වෙනවා. මාව මෙහෙම මෙතන තනිවම තියන්න ඔයාට
පව් නැද්ද අනේ"
"හරි හරි කෙල්ලෙ. විනාඩි විස්සනෙ. ඔයාගෙ යාළුවා
හිරුණිව මීට් උනා ෆැෂන් බග් එක ගාවදි. ඒකයි පරක්කු
උනේ"
"ම්ම්ම් .. මේ ඒක නෙමේ කෙවින්ව පොලිසියෙන්
අල්ලල නේද. බලන්න අනේ කොල්ලො කරන ඒව.
මොකටද අනේ ඔය ජරා බිස්නස් කරන්නෙ. අනික ඒ
කොල්ලට මොනවගෙන්ද අඩු"

පියුමි සමග ගතකිරිමට ලැබූ එම විනාඩි කීපය තුලත්


කෙවින් කතානායක බවට පත් වීම මගේ හිතට වාවන්
නැති උවද ඇගේ හිත රිද්දීමට අකමැති වූ නිසා ඇගේ
තුබුනා වූ සියලුම ප්‍රස්න මම හැකි අයුරින් නිරාකරණය
කර දුන්නෙමි. පියුමිට තිබූ ප්‍රස්න සියල්ලම කෙවින්ට
තිබුනානම් කෙවින් අද මේ වන විට ස්වාමින් වහන්සේ
නමක් හෝ පූජකයෙක් වනවා නොඅනුමානය. වෙනදා
මෙන් නොව අද පියිමිගේ තොර තෝන්චියන් නැතිව
කියවීම මට හිස රදයක් වූයේ එහි වැඩි හරියක්ම
කෙවින් පිළිබඳද මත්ද්‍රවය වලින් මිනිස් ජීවිත වලට වන
හානිය පිළිබඳවද අඩන්ගු වූ නිසාය. එම නිසා බොරු
හිසේ කැක්කුමක් මවා ගත් මා ඇයව නිවසට ඇරලවා
මම ද නිවසට ගියේ සුවනින්දක් බලාපොරොත්තුවෙනි.
නමුත් මා නිවස අසලට පැමිනෙනවාත් සමගම පොලිස්
නිල රථය අප නිවස අසල නවතා තිබීම නිසා මා
විමතියට පත් වූ අතර එය වර්ණකුලසූරිය මහතාගේ නිල
රථය බව හඳුනාගැනීමට මට එතරම්ම වෙලාවක් ගත
නොවුනි.

"අම්මෙ.. මොකද මේ පොලීසියෙන්. ඇයි මේ ඔයාලගෙ


ඇස් වල කඳුලු. මොකද උනේ මෙතන"
"බය වෙන්න එපා පුතේ. මොකුත් උනේ නැහැ. මේ
වර්ණකුලසූරිය මහත්ත්ය ඇවිල්ලා ඔයාව බලන්න. ඉතින්
අපිට ඉමාෂව මතක් උනා."
"ඒකද මේ කඳුළු.. ඉතින් කොහොමද අන්කල්...
කොහොමද වැඩකටයුතු"
"මම හොඳින් ඉන්නවා පුතා. ඔයාට කොහොමද"

නොසිතූ මොහොතක වර්ණකුලසූරිය මහතා අප නිවසට


පැමිනීම මගේ හිතට එතරම්ම දිරවූයේ නැතත් ඔහු
ඉබේම මෙහි නොපැනි බව මම හොඳාකාරවම දැන
සිටියෙමි. මක්නිසාද යත් ගෙවුනු අවුරුදු කීපයටම ඔහු
අම්මා සමග දුරකථනයෙන් කීපවරක් කතා කලා මට
මතකය. ඒ හැම මොහොතකදීම අම්මාගේ දෙනෙත්
කන්දුලු වලින් පිරී ගියේ ඉමාෂාගේ මතකයන් නිසාය. මා
හැරුනුකොට ඉමාෂාට මටත් වඩා ආදරය දැක්වූ අයෙකු
සිටීනම් ඒ අපේ අම්මාය.

"ඉතින් පුතා. මොනවද තොරතුරු.. ඔයාගෙ පණිවිඩය මට


ලැබුනා. ඒකයි ටිකක් ඇවිල්ල යන්න හිතුවෙ"
"මම දන්නවා අන්කල්. නැතිනම් ඉතින් ඔයා හදිසියේම
එන්නෙ නැහැනෙ අපේ ගෙවල් පැත්තෙ"
"ම්ම්ම්ම්.. සමහර විට පුතා මාත් එක්ක තරහ ඇති. ඔයා
මගෙ දුවට ආදරේ කරපු බව ඇත්ත. ඒත් මට ඔයා ගැන
තියන සැකය නැතිවෙන්නෙ නැහැ. මම දන්නවා ඔයා අපි
මේ සේරටම වඩා ඉස්සරහින් ඉන්න චරිතයක් කියලා.
හැබැයි සමහර විට මගේ සැකය වරදින්නත් පුලුවන්"
"මම දන්නෙ නැහැ අන්කල් ඔයා මේ මොනවා කියනවද
කියලා. හැබයි එකක් ඇත්ත අන්කල් කිව්ව ඒවලින්. මම
ආදරය කරුණාව මනුස්සකම අතින් ඔයාල හැමදේකටම
වඩා ඉස්සරහින් ඉන්නවා"
"මමමොකක්ද කියන්නෙ කියල දිනුකගෙ හිත දන්නවා
ඇතිනෙ. මට තාමත් හිතා ගන්න බැහැ ඇයි මම ඔයාව
අත් .... ඕන නැහැ ඒ කතා. මම අද පියුමි දුවව දැක්කා.
"
"පියුමි.. ඒ කොහෙදිද"
"මම අද තමා එයාව හරියට දැක්කෙත්. එයා ඉමාෂා
වගේමයි නේද. මම එයාගෙන් ඉමාෂව දැක්කා. මම
හිතනවා ඔයා ඒ නිසා වෙන්න ඇති කියලා ඒ කෙල්ලට
ඔච්චරම ආදරේ. ඉතින් ඒ නිසා තමා මම ආවෙ ඔයාට
පණිවිඩයක් දීල යන්න"
"ඒ මොකක්ද අන්කල් .."
"මගේ මේ යුනිෆොම් එකේ මේ එල්ලෙන කෑලි ලැබුනෙ
අකාලෙට නෙමේ දිනුක. ඒ නිසා මම දන්නවා මම මේ
දුවන්නෙ මිරිඟුවක් පස්සෙ නෙමේ කියලා."
"මට තේරෙන් නැහැ අන්කල් ඔයා මේ මොනවද
කියන්නෙ කියලා"
"මම අද ඒ පියුමි දුවගෙන් මගේ දුව ඉමාෂව දැක්ක් නිසා
කියන්නෙ, දිනුක ඔයා මේ යන්න හදන ගමනට ආයුෂ
අඩුයි. ඒ නිසා අලුත් මාර්ගෙක යන්න. නැතිනම් පියුමිට
යන්න දෙන්න"

මා හට එසේ පැවසු ඔහු සුළුමොහොතකදී අප නිවසේ


සියලු දෙනාටද සමු දී ඔහුගේ නිල රථයට නැගී න්පෙනී
ගියේ මා හට නැවතත් හිතන්නට යමක් ඉතිරි කරමින්ය.
සුපුරුදු ලෙස මා මාගේ ඇඳ මතට වී නිදා ගැනීමට
උත්සහ කලද මට එය තරමක් අපහසු කාර්යයක් වූයේ
'මම පියුමි දුවගෙන් ඉමාෂව දකිනවා, ඔයා අලුත්
මාර්ගයයක යන්න නැතිනම් පියුමිට යන්න දෙන්න' ඔහු
පැවසූ මෙම වචන කීපය මගේ සිතතුල රැව් දුන් නිසාය.
"දිනුක අයියා.. අනේ මේ බලන්නකො ලස්සන
සමනළයෙක්. අනේ මටත් ආසයි ඒ වගේ ලස්සන අත්තටු
දෙකකට. ම්ම්ම් අපේ පැත්තට කොහෙන්ද මෙච්චර
ලස්සන සමනළයෙක්. පාර වැරදිලා අතරමන්
වෙලාවත්ද.අනේ එහෙම උනොතින් පව් නේද"
"හම්ම්ම්"
"මොකද අනේ හම් හම් ගාන්නෙ. ඔයාගෙනම් කිසිම
රොමැන්ටික් ගතියක් නැහැ දිනුක අයියා. බලන්න නිල්
අහස ඈත මුහුද එක්ක ලස්සනට කතාකරන හැටි, මුහුදු
රළ තාලයකට නැලවෙන හැටි, ඒ විතරක්ද අපි දෙන්නව
බලන්න ආව මේ ලස්සන සමනළයෙකුත් ඉන්න්කොට
ඔයා ඔහේ ඉන්නවා. ආදරේ කරන්න රොමැන්ටික් බැක්ග්‍
රවුන්ඩ් එකක් තියෙද්දි ඔයා දුෂ්ටයෙක්ගෙ චරිතයක්
කරන්න හදනවා. ඔයාගෙනම් කිසිම රොමැන්ටික් එකක්
නැහැ අනේ"
"මම දුෂ්ටයෙක් වෙමි. මොකද කියන්නෙ ඒ අදහස ගැන
මගෙ රොමැන්ටික් කෙල්ලෙ"
"ආ..ඇත්තද.. අර කෙවින් වගේ වෙන්නද කල්පනාව"
"ඔව්. ඔයා කැමතිද"
"ඔයා දන්නවද එහෙම උනොත් මම ඔයාට කරන දේ.
ඔයාව මම පොලිසියට අල්ලල දෙනවා. දීල ඔයාව හිරේ
තියනවා අවුරුදු ගානක්. හැබැයි ඔන්න මම ඔයා එනකම්
ඉන්නවා බලාගෙන හරි."

අසම්මත වූ රිද්මයකට හා සමාජ මූලධර්ම වලින් මදකට


එහා ගිය පදනමක් තුල මා ජීවිතය හැඩගැහැද්දී ඒ සියලුම
දේ සම්මත තත්වයකට ගෙන ඒමට කොතරම් උත්සහ
දැරූවද මා හට එය එතරම්ම පසසු නොවූයේ මා ඒ සියලු
සම්මතයන් හා මූලධර්මයන් මේ වනවිටද බිඳතබා තිබූ
නිසාවෙනි. එම නිසා ඉතා ලෙහෙසියෙන් කිසිවක් නොවූ
ගානකට මට මගේ ජීවන ගමන ඉදිරියට ගෙනයාමට
අපහසුය. වර්ණකුලසූරිය මහතා පැවසූ ආකාරයට මා හට
අලුත් මාර්ගයක යාමට අපහසු වූයේ ඒ නිසාවෙනි.
එමෙන්ම ඔහු පැවසූ පරිදි ඉතිරිව ඇත්තේ එකම එක
දෙයකි, එනම් පියුමිට යන්න දෙන්න පුලුවන් තරමට
ආදරය කිරීමය.

"මොකද දිනුක අයියා ඔයා අද නිහඬ.. අසනීපයක්වත් ද..


නැත්නම් මම කියවනව වැඩියිද"
"අනේ එහම දෙයක් නැහැ පියුමි. මම ඉතින් ඔයා කියවන
දේ අහගෙන හිටියා."
"සමහර වෙලාවට මම මේ කියන දේවල් ඔයාට විකාර
වගේ ඇති. ඒත් ඉතින් කරන්න දෙයක් නැහ්. ඔයාට
අහගෙන ඉන්න වෙනවා. මොකද මට ඔයා විතරනෙ
ඉන්නෙ මේව කියන්න. අනික මම ඔයා ගාවට වෙලා
ඉන්නකොට මගේ හිතට පුදුම සැහැල්ලුවක් දැනෙනවා."
"මටත් එහෙම තමා පියුමි. ඒක නෙමේ මම පොඩි දෙයක්
අහන්නද. මම මේ නිකමට වගේ අහන්නෙ. වැඩිය සීරියස්
ගන්න එපා හරි"
"මොකද්ද අයියා.. අහන්නකො බලන්න"
"මම ඔයාගාවින් යන්නම යන්න ගියොත්...."
"මොකද අනේ ඔයාට මේ අද වෙලාතියෙන්නෙ. විකාර
දොඩවන්නෙ. ඔයාට මගේ ගාව ඉන්න බැරිනම් යන්න.
හැබැයි මේ කෙල්ලව රිද්දපු පව ඔයාට ආත්ම ගනනාවක්
යනකම්වත් ගෙවල ඉවරකරන්න බැරිවෙයි හරි"

ඇය එසේ පවසා අවසන් වීමට කලියෙන්ම ඇගේ


දෙනෙතින් කඳුලු කැට වැටුනේ මගේ හිත තව තවත්
පාරමින්ය. මා කියූදේට ඇගෙන් සමාව ඉල්ලූ මා ඇයව
මගේ තුරුලෙහි සඟවාගෙන නිහඬව සිටිය අතර මගෙ
දෙනෙතින් ගිලීහී ගිය කඳුලු බිඳු කීපයක් මාගේ දෙකොපුල
මත වැටුනද ඒ කඳුලු බිඳු කීපය ඇයගෙන් සැඟවීමට මට
හැකිවිය. සෑම රජවරයෙකුගේ කාලය අවසන් වනවා සේ
මගේ කාලයේද අවාසානයට ලඟාවී ඇති බව මා දැනුනද
එයට හෙතුව මම නොදැන සිටියෙමි. නමුත් මා ආදරය
කල මේ දඟකාරිය මා නිසා විනාසවනවා දැකීමට මා
අකමැතිවූයේ මා මෙන් නොව ඇයට පැහැදිලි ගමනක්
තිබූනිසාය. මා සිටිනා තත්වය තුල ඇගෙන් වෙන්වයාම
හොඳම විසඳුම වූයේ ඇය ආදරයකරනුයේ ජාවාරම්
ලෝකයේ කිරුල හිමි කුමරෙකුට බව ඇය දැනගැනීමට
මා අකමැති වූ නිසාවෙනි. මක්නිසාද යත් එය එසේ
සිදූඋවහොත් ඇය ඇගේ ජීවිතයට මෙන්ම මුළු පිරිමි
ජාතියටම සාප කරනවා නොඅනුමානය.

"ඇයි දිනුක අයියා ඔයා නිහඬ. කවදාවත්ම ඔයා මේ


විදිහට නිහඬව ඉඳල නැහැ. අනේ මට බයත් හිතෙනවා.
ඔයා මොකක් හරි ප්‍රස්නෙක නේද ඉන්නෙ"
"එහෙම දෙයක් නැහැ පියුමි."
"ඒ උනාට මගේ හිතට හරි අමුත්තක් දැනෙනෙවා
අයියෙ. ඔයාගෙ නිහඬබව මෙගේ හිතට ආගන්තුක
හැඟීමක් එකතු කරනවා. මොකක් හරි ප්‍රස්නයක්නම්
කියන්න. මම පිට කෙනෙක් නෙමේනෙ දිනුක අයියා.
ජීවිතේ අපට ලැබෙන හැම දෙයක්ම දැන්ම ඉඳලම බෙදා
ගමු. මේ බලන්න, බලන්න මගේ ඇස් දිහා, මගෙ පපුවට
අත තියල බලන්න. මේ කෙල්ලගෙ පණ ඔයාගෙ තාලයට
ගැහේවි."
"පියුමි .. මම ... ම...ම.. හම්ම්ම්.. මම ඔයාට ආදරෙයි"
"ඉතින් ඒක මම දන්නවනෙ.. අනේ මේ මොකද මේ
දිනුක අයියා. ඇයි මේ ඔයාගෙ ඇස්වල කඳුලු"
මටත් හොරා මගේ දෙනතට ආ කඳුලු බිඳු කීපය මෙවර
මට සඟවාගත නොහැකි වූයේ ඇගේ දෙතොල් අතරින්
පිටවූ එම වචන කීමය මගේ මුළු ආත්මයම සසල කල
නිසාවෙනි. මගේ ඇස් කඳුලින් පිරීමට හේතුව ඇය
කීපවතාවක්ම මගෙන් විමසා සිටියද මම නිහඬව සිටියේ
ඇයට ලබාදීමට ඇයව සැනසීමට මා තුල පිළිතුරක්
නොතිබූ නිසාය. එමන්ම මගේ දෙනෙතේ තිබූ කඳුලු බිඳු
කීපය පිස දැමූ ඇය සමාව අයදමින් මා හට තවත්
තුරුළුවූයේ ඇගෙන් වරදක් උනා යැයි ඇය සිතූ නිසාවිය
යුතුය. අප ගෙවනා මේ සවස් යාමයේ කාලය හිමින්
හිමින් ගෙවෙද්දීත්, පිළිතුරු නොරැඳි ගැටලුන් රැසක් ඇය
තුල ඉතිරිවෙද්දී, අප මුව තුලට සිනහව රැගෙන ආවේ මිට
හෝරාවකට පමණ පෙර අප අසල රැඳි අලන්කාර වූ
පියාපත් යුගලක් හිමි ඒ සමනළයා නැවත අප අසලට
පැමීනිම නිසාය. සම්මතයන්ට අභියෝග කල අයෙකු ලෙස
මා හට සමනළයාගේ නැවත පැමීනීම විෂේශ නොවුනද,
අප දෙදෙනාම දුකින් සිටි නිසා හා දෙදෙනාගේම ඇස්
කඳුලින් පිරී තිබූ නිසා අප සිත් සැනසීමට දේවදූතියක්
විසින් එවන ලද සමනළයෙකු බව පියුමිගේ මතය විය.

නොයෙකුත් දේ සිදුවූ හා කියාගත නොහැකි ගොඩක් දේ


සිතතුල හිරවී තිබූ සවස් යාමයක අවසානයේ පියුමිට
සමුදුන් මා කලපුව දෙසට ගියේ අමිලටද එම ස්ථානයට
ඒමට ආරාධනාවක් දෙමින්ය. මා එම ස්තානයට ලඟාවන
විටද අමිල එහි සිටියේ මා දුරකථන ඇමතුම දෙන
මොහොතේ ඔහු කලපුව අසල රැඳි සිටි නිසාය. නවතාතිබූ
දිරාපත් වූ බෝට්ටුවකට හේත්තු වී පරිප්පු වඩ කීපයකද
රස බලමින් මම අද හවස් යාමය පිලිබඳව හා මගේ හිත
තුල තිබූ ප්‍රස්න රැසක් අමිලට කීවෙමි.

"ඒ කියන්නෙ යාළුවා, ඔයා පියුමිත් එක්ක තියන


සම්බන්දය නවත්වන්නද හදන්නෙ"
"එහෙම නැතිව මට වෙන කරන්න දෙයක් නැහැ අමිල.
මම කැමති නැහැ මම නිසා මොනව හරි අනතුරක්
වෙනවට එයාගෙ ජීවිතේට"
"ඒත් යාළුවා, මම හිතන්නෙ නැහැ ඒක හොඳ විසඳුමක්
කියලා"
"මම දන්නවා අමිල. ඒත් ආදරේ කියන එක මට
ගැලපෙන්නෙ නැහැ අමිල. මට ආදරේ කරන අයට
ඉතිරිවෙන්නෙ දුක විතරයි. ඉතින් ඒ නිසා තමා මම
හිතුවෙ මේ තීරනේ ගන්න. ඊට පස්සෙ රටින් ටික
කාලයකට ඈත් වෙලා ඉන්න"
"ඉතින් එහෙම උනා කියල මේ දේවල් වල වෙනසක්
වෙයිද, අනික් යාළුවා, උඹ මෙච්චර දවසක් හිටියා මේ
රටේ. අවුලක් උනේ නැහැනෙ. ඉතින් ඒ විදිහටම අපි
මේක විසඳන්න බලමු"
"වර්ණකුලසූරිය කියන්නෙ පොළඟෙක් අමිල. මගෙ පවුලෙ
අයවයි පියුමිවයි කොයි වෙලේ හරි මගෙන් ඈත්
කරනවා. මම කැමති නැහැ ඒකට."
"ඉතින් දැන් උඹ ගියා කියලා, යාළුවා හිතන්නෙ
වර්ණකුලසූරිය ගහන තුරුම්පුව නොගහ ඉඳියි කියලද"
"මිනිහව මම මෙල්ල කරනවා අමිල. හැබෙයි මේ රටේදි
නෙමේ. රටින් පිටදි"
"මට තේරුනේ නැහැ යාළුවා. ඒත් මේ අහපන්, උඹ ඔය
කරන්න හදන වැඩෙන් උඹට ගොඩක් දේවල්
නැතිවෙනවා."
"කිසිම දෙයක් නැතිවෙන් නැහැ අමිල. නැති උනොත් ඒ
පියුමිව විතරයි. මම ඒ චැලෙන්ජ් එකත් බාරගන්න
ලෑස්තියි"
"මට උඹව තේරෙන්නෙ නැහැ යාළුවා. කරන දෙයක්
පරිස්සමට."

දවසක් දෙකක් පියුමි අසල ගැවසුනද මා සිත තුල තිබූ දේ


මාහට පවසා ගැනීමට නොහැකි වූයේ ඇගේ දඟකාරකම්
නිසාය. මේ ආදරේ නැතිව ජීවිතයක් නැති තරම්ය. ඒ
තරමටම ඇය මගේ මුලු හදවතම සොරගෙන තිබුනි.
නමුත් මට මේ ආදරයේ හිමිකාරයා වීමට සුදුසුකම් මදි
වූයේ මා කර ඇති පාප කර්මයන් වැඩි වූ නිසා අතර
ඇය මා සමග නොමැති හෙට දිනයක් සිතනා හැම
මොහතකදීම මගේ හුස්ම මදකට නැවතුන වාර ගනන
අනන්තය, අප්‍රමානය. නමුත් ඇය අසලින් යාමට මට සිදුවී
ඇත. නැතිනම මා මෙතුවක් කාලයකට කල සියලළුම දේ
ගඟට ඉනි කැපුවා වැනිය. එමෙන්ම මට ආදර කල මා
විස්වාෂ කල ගොඩක් දෙනා මට අහිමිවනවා
නොඅනුමානය.

කරුනු කාරනා මෙසේ සිදුවෙද්දී මොහොමඩ් මට


ලන්කාවෙන් පිටවීමට සියලුම දේ සූදානම් කලේ අප
දෙදෙනාගේ සැලසුමට අනුවය. ජීවිත රක්ෂන සමාගමේ
වැඩකරන කාල සීමාවේදී අඳුන ගත් යාලුවෙක් විසින් මට
ලබා දුන් රැකියා අවස්තාවකට මා රටින් පිටවෙන බව
මම අම්මාට කියු නමුත් ඇය එයට අකමැති වූයේ
නන්නාදුනක රටක මා තනිවන නිසාත් මා තවමත් ඇගේ
පොඩි පුතාත් නිසාවෙනි. නමුත් නන්ගීගේ හා
තාත්තාගෙන් ලැබුනු සහයෝගය නිසා අම්මාගේ කැමැත්ත
ලැබුනු අතර මා යනකම් කාටවත්ම නොපවසන ලෙස
අම්මාගේ මුවින්ම පිට වූ නිසා මගේ වැඩකටයුතු තවත්
සරල විය.
"පොඩි මහත්තයා, ඔයාව ඩුබායි වලදි අසීස් ගනීවි.
ඔයාගෙ ජොබ් වීස එකත් තව සතියකින් දෙකකින්
ලැබේවි."
"මට යන්න හිතෙන්නෙ නැහැ මොහොමඩ්.."
"මම දන්නවා පොඩි මහත්තයා. ඒ ගෑණු ළමය පොඩි
මහත්තයව ගොඩක් වෙනස් කලා."
"හම්ම්ම්.. මොහොමඩ් අපේ ප්ලෑන් එකට අනුව වැඩේ
කෙරෙයි නේද"
"එහෙම හිතමු පොඩි මහත්තයා. බය වෙන්න එපා. අසීස්
ඉන්නවා ඔයා එක්ක එහෙදි. මම මෙහෙන් මගෙ වැඩ
ටික කරන්නම් ගානට. බ්‍රයන් අද පොඩි මහත්ත්ය එක්ක
හිටියනම් ..."
"ඒ ගැන මතක් කරල මගේ හිත පාරගන්න කැමති නැහැ
මොහොමඩ්. වර්ණකුලසූරියවත් අයින්ම කරල දැම්මට
පස්සෙ අපි හැමදාටම වෙන්වෙමු මොහොමඩ්. අපේම
කියල ලස්සන හීනයක් එක්ක ජීවත් වෙමු. ජීවිතේ සමහර
හීන වලට යන්න අපි කැමතිම හීනයක් අමතක කරන්න
වෙනවා මොහොමඩ්"
"ඒ උනාට පොඩි මහත්තයා ඒ ගෑණු ළමය වෙනුවෙන්
ආපහු එන්න. පොඩි මහත්තය යන්න කලින් ඒ ළමයගෙ
හිත පුලුවන්තරම් හදන්න බලන්න. මම හිතන්නෙ නැහැ
ඒක ලේසි වෙයි කියල. පොඩිම හරි බලාපොරොත්තුවක්
ඒ ගෑණු ළමයට දීල යන්න. පොඩි මහත්තයට ඒ තරම්
ආදරේ කරල නැතුව ඇති කවුරුවත්ම"
"හැඟීම්බර කරන්න එපා මොහොමඩ් මාව. මටත් එයා
නැති දවසක් ගැන හිතන්න බැරි තරම් මොහොමඩ්. ඒත්
මට ඒකට හුරු වෙන්න වෙනවා. එහෙම නොවුනොත්
අපිට හිතාගන්න බැරිවෙන ප්‍රස්න රැසකට මූනදෙන්න
වෙනවා, ඒ ගැන ඉතින් මොහොමඩ්ට අමුතුවෙන්
පැහැදිලිකරන්න ඔන නැහැනෙ. හම්ම්ම්ම්ම්.. මම එයාට
යන්න දෙන්න පුළුවන් තරමට ආදරේ කරන්නම්,
මොහොමඩ්"
"යන්න දෙන්න පුළුන් තරමට .. හොඩක් ලොකු දෙයක්
කියවෙන වචන ටිකක් පොඩිමහත්තයා"

කාලය හෙමින් හෙමින් ගෙවී යද්දී අපේ ගෙදරද


නොදැනීම නිහඬ බවෙන් පිරී ගියේ මගේ විදේෂ ගතවීම
නිසා අම්මා කනගාටුවෙන්සිටි නිසා විය යුතුය. මගේ
ඇඳුම් පැලදුන් පිලිවෙලකට නමා බෑගයකට අසුරා තිබුනේ
ඇයම වූ අතර ගෙවුනු දවස් කීපයේම අම්මා මගේ ළඟට
විත් මට නිදිමත එනතුරු මගේ හිස අතගෑවේ ඇගේ
දෙනෙති කඳුලු මට නොපෙනෙන ලෙස පිසදමමින්ය.

"මම නම් උඹ යනවට කැමති නැහැ දිනුක..මම


කියන්නෙ උඹ ෆයිනල් ඉයර් එකක් ඉවරම කරල යන්න
කියල බන්."
"ම්ම්ම් මටත් නොතේරෙනව නෙමේ රොෂෙන්. ඒත් මේ
ගමන මට යන්න වෙනනවා මචං."
"උඹ ගියාම අපිට තමා බන් පාළු. බියර් එකක්වත් ගහන්න
හවසට කවුරුත් නැති වෙනවා. අනික බන් උඹ ඉන්නකම්
අපේ උන්ටික එකට හිටියා."
"ඒකනම් ඇත්ත ඩිලා, දිනුක ඉන්නකම් කට්ටිය එකට
හිටියා. දැන් දිනුකය ගියාට පස්සෙ මුන්ව හොයන්න දැල්
දාන්න වෙයි"
"එහෙම හිතන්න එපා බන්. මන් මේ යන්නම යන්න
හදන ගමනක් නෙමේනෙබන්. උඹල සේරම ඩිග්‍රි එක
ගොඩදාල ටයි කෝට් දාල ලොකු තැන්වල ඉඳපල්ල මම
ආයෙ එනකොට"

මගේ මේ හිටිහැටියේම නික්මයාම නිසා මගේ පවුලේ


සමාජිකයන්ටත් වඩා මගේ මිතුරන් පිරිස දැඩි
කනස්සල්ලෙන් පසුවූයේ මා ඔවුනට ඉතා හොඳ මිතුරෙකු
වූ නිසා විය යුතුය. ඔවුනට බොරු හේතු මවා දුන්නාට
මගේ මේ ගමනේ නියම අරමුණ ඔවුන් දැන සිටියානම්
ඔවුන්ගේ ප්‍රතිචාරය වෙනස්වනවා නොඅනුමානය.

"ඒක නෙමේ දිනුක, දැන් පියුමි මොකද කියන්නෙ"


"පියුමි තාම දන්නෙ නැහැ රොෂෙන්"
"මොනවා.. උඹ විහිලු කරනවද.."
"මට එයාට කියාගන්න බැරිව හිටියෙ. අද මම කියනවා
කොහොම හරි"
"අනේ මන්දා බන්. උඹට මම අර දවසක් කිව්ව වගේ උඹ
මාර විදිහට ලයිෆ් එකේ තීරනගන්නවා බන්. ඒ ගන්න
හැම තීරනයකටම සාධාරණයක් කරන්න උඹට තියෙන්නෙ
මාර කන්ෆිඩන්ස් එකක්. හැබැයි ඒ තීරන ගොඩක්
දෙනෙක්ගෙ හිත පාරවනව"

මට උඹලගෙන් යන්න ඕනකමක් නැහැ රොෂෙන්, මම


තනිවෙලා ඉන්නකොට මගේ ජීවිතේට ලන් වෙලා
ආලෝකයක් දුන්න යාළුවො සෙට් එක තමා උඹල. අනික
උඹල කියන තරම් මට කන්ෆිඩන්ස් තියනවද දන්නෙ
නැහැ, ඒත් මම මේ යන්නෙ උඹල එක්ක තිබ්බ ඒ
යාලුකම රැකගන්න, යැයි මට ඔවුනට පැවසීමට සිතුවද
කිසිවක් නොපවසා මද වේලාවක් නිහඬව සිටියේ ඔවුනට
දියහැකි හොඬම පිළිතුර මගේ නිහඬබවයැයි මා සිතූ
නිසාවෙනි.

මගේ නිහඬ බව මගේ මිතුරන්ට ගැලපෙන්නා වූ පිළිතුර


යැයි මා සිතූවද පියුමිට එය එසේ නොවන නිසා ගෙවුනු
දවස් කීපයතුල මට කියාගැනීමට අපහසු වූ දේ මම
පියුමිට කීවේ ඇයවද පුදුම කරවමින්ය. ඇය හදාරා
අවසාන කල පාඨමාලාවේ අවසාන ඇගයීම් කීපය බාරදීම
සඳහා ඇය පාසල් නොගොස් අප ආයතනයට පැමින
ඇත. මා ඇය හා කතාකල අවස්තාවේ සමහර වචන මගේ
මුවට නොපැමිනියේ ඇයිදැයි මම නොදැන සිටියෙමි.
මගේ මුවගින් වචන එක පිට එක පිටවී යනවිට ඇය
නිහඬව අසා සිටියමුත් ඇගේ දෙනෙතින් කඳුලැලි
ගලාගියේ ඇයටද පාලනයකින් තොරවය. වරක් දෙවරක්
ඇගේ අතින් අල්ලා මා ඇයව සැනසීමට උත්සහ දැරූවද
එයද නිෂ්ඵල කාර්යයක් වූයේ ඇය එය වැලකූ නිසාය.
ඇයව ඇල්ලීම ඇය ප්‍රතික්ෂේප කරනාවිට මගේ හුස්ම
මොහොතකට නැවතුනා මෙන් මට දැනුනු අතර ඇය
ඉදිරියේ කඳුලක්වත් නොහෙලා දැඩි සිතකින් මා සිටියේ
කෙලෙසදැයි මම නොදැනසිටියෙමි.

"ඇයි මේ.. ඇයි ඔයා මාව දාල යන්නෙ. ඇයි මේ


කෙල්ලට මෙච්චර ගින්දරක් දෙන්නෙ. මොකද්ද මම
ඔයාට කල වැරැද්ද.. කියන්න ... මට කියන්න දිනුක
අයියා"

වරක් දෙවරක් මගේ පපුවමතට වැරෙන් පහරවල් කීපය


එල්ල කල ඇය ඒ පපුවටා තුරුළු වී පොඩි ළමයෙකු
මෙන් ඇඬුවේ ඇය සිටිනා ස්තානය පිළිබඳවද
අවබෝධයකින් තොරවය. අප ආයතන්යේ දෙමාපියන්
සඳහා වෙන්කර තිබූ ස්ථානයේ අප සිටි අතර අප
දෙදෙනාව දර්ෂනය වූයේ මගේ මිතුරන්ට පමනක් විය.
කවුරුන්හෝ පැමිනේවිදෝයැයි මගේ මිතුරන්
සැලකිලිමත්ව සිටි අතරම මම ඇගේ දුක තුනීවන තෙක්
මා ලඟට වී ඇඬීමට අවසර දුන්නේ මා තුල තිබුනාවූ
එම නිහඬතාවය මා තවදුරටත් ආරක්ෂා කරමින්ය.

"අඬන්න එපා පියුමි.. හොඳ ළමය වගේ අහන්නකො මම


කියන දේ"
"මම හොඳ නැහැ.. මට ඔයාගෙ ඔය කතා අහන්න ඕන
නැහැ. යන දිහාවකට මාවත් අරගෙනම යන්න.. අනේ
මාව දාල යන්න එපා අයියා. මාව තනිකරල යන්න එපා.
කොහොමද මම ඉන්නෙ. මම මැරේවි"

එසේ පවසමින් නැවතත් ඇය හඩා වැලපෙන්නට වූ අතර


මගේ දෙනෙතද කඳුලින් තෙත්කරමින්ය. ඇගේ මේ
ඇඬියාව නිසා මම මහත් අපහසුතත්වයකට පත් වී සිටි
අතර අප පන්තියේ අප හා සිටි ගැහැණු ළමයින්
දෙදෙනෙක් වන සසන්කා හා හසිනි පියුමිව සැනසීමට
ඇය අසලට පැමීනියද මා ඔවුන්ට නැවත යාන්නයැයි
පැවසූවේ පියුමි මගේ පපුවට තුරුලු වී සිටිනා අවසාන
මිනිත්තු කීපය නිසාවෙනි. මගේ මිතුරියන් දෙදෙනාගේද
ඇස් කඳුලින් පිරී තිබූ ඇතර ඔවුන් මා හා තිබූ තරහව
ඔවුන්ගේ ඇස් වලින්ම මට වටහාගත හැකිවිය.

"හොඳ ළමය වගේ අඬන් නැතිව මෙතනින් ඉඳගන්න. අපි


කතාකරමු.. "
"ඔයා කොහොමද දිනුක අයියා මගෙන් යන්න හිතුවෙ.
මෙහෙම තනිකරල දාල යන්නද මට ඔච්චරටම ආදරේ
කලේ. මාව තුරුල්කරන් මට බත් කැව්වෙ, තුරුල්කරන්
මාව සිපගත්තෙ මේ විදිහට මාව දාල යන්නද දිනුක
අයියා.. කියන්න මට. කතාකරන්න ඉතින් නිහඬව ඉන්න
එපා.. ඔයාමනෙ කිව්වෙ දැන් කතාකරමු කියලා. මන
හොඳ ළමයෙක් වෙලා අඬ්න්නැතිව ඉන්නම්. කියන්න
ඉතින්, මේ පුංචි කෙල්ලව රිද්දන්න හිතුවෙ කොහොමද
කියලා"
"මම ඔයාව රිද්දවන්න හිතුවෙ නැහැ පියුමි. ඒත් මට
යන්න වෙනවා. මට සමාවෙන්න ඒකට"
"ඔයා මට යන්න දෙන්න බලාගෙනද ඒ කියන්නෙ ආදරේ
කලේ.. කියන්න"
"මට තේරෙන්නෙ නැහැ ඔයාට කියන්න පියුමි. මම ඔයාට
ආදරේ නැතුව නොවේ. ඔයාට හොඳින් ඉන්නනම් මට
ඔයාගෙන් යන්න වෙනවා පියුමි. ගොඩක් ඈතකට යන්න
වෙනවා"
"ඔයා නැතිව මම කොහොමද හොඳින් ඉන්නෙ දිනුක
අයියා. අනික ඔයාට කවුරු හරි වෙනකෙනෙක් හම්බුනාද.
අනේ එහෙමනම් කියන්න, මම එයාගෙ කකුල් අල්ලල
වඳින්නම්, වැඳල ඔයාව ඉල්ලන්නම්. ඔයාව මගෙන්
උදුරගන්න එපා කියන්නම්"
"එහෙම දෙයක් නැහැ පියුමි. මේ හිත ඔයා එනකම්
ගොඩක් තනියෙන් හිටියා. තවමත් මේ හිත ඔයාට
ආදරෙයි."
"ඉතින් එහෙනම් ඇයි මේ. ආදරේනම් ඇයි මෙහෙම මාව
තනිකරන්නෙ"
"ජීවිතේ අපි දකින හැම හීනයක්ම අපිට ඕන විදිහට පාට
කරන්න බැහැ පියුමි. ඒ වගෙම සමහර හීන තියනවා
තමන් ආදරේ කරන අය වෙනුවෙන් අමතක කරන්න
වෙන ඒවත්."
"එතකොට ඒ අමතක කරන හීනයක්ද මම"
"එහෙම කියන්නෙ නැහැ පියුමි. ඔයාව මට අමතක
කරන්න බැරි වේවි මගේ මේ ජීවිතේටම. මට සමාවෙන්න
කියල කියන්නම් ඔයාට මම. ඒ වගේම හොඳින් ඉන්න
කියලත් ඉල්ලන්නම් මම. ඔයා හොඳ ජීවිතයකයට
උරුමක්කාරියක් පියුමි. ඒක ඔයාට ලැබිය යුතුම දෙයක්.
ඔයාගෙ ජීවිතේ දැකපු ලස්සනම හීනයක් කියල හිතන්න
මාව, ඔයාට කවදාවත්ම ලස්සනට පාටකරන්න
නොලැබුනු."
"අනේ ... ඔහො .. ම ....."
"මම යන්නම් පියුමි. මට ඒකට අවසර දෙන්න. මම
දන්නවා ඔයා හිත හදාගනීවි. කවදාහරි දවසක ඔයාට
සමහරවිට වැටහේවි මම ඔයාගෙන් ඈතට ගිය එක
හොඳයි කියලා. අන්න එදාට මට තප්පරයක්වත් වෛර
කරන්න එපා. ඒ වගේම අවසායේ එකම එක දෙයක්
ඉල්ලන්නම් මට එහෙම ඉල්ලන්න අවසර නැතත්. හොඳින්
ඉන්න්. කවදාවත් ඔයාට වරදින් නැහැ. ඒ වගේම ඔයා
ඔයාගෙ ගමන යන්න, මම වෙනුවෙන් ඉන්න එපා
බලාන."

නැවතීමක් නොමැතිව ඇගේ දෙනෙතින් කඳුලැලි ගලා


යද්දී ඇයව සැනසීමට හා ඇගේ ඇඬියාව නැවතීමට මගේ
මිතුරියන් දෙදෙනාටම මහත් උත්සහයක් දරන්නට විය.
මගේ සියළුම මිතුරන් මා නපුරෙකු ලෙස මා දෙස
නෙත්යොමා සිටියෙදී අඩියට දෙකට මම එම ස්ථානයෙන්
පිටත්ව ගියේ ඇය දෙස නොබලාමය. මගේ පණිවිඩය මත
මොහොමඩ් මා රැගෙනයාමට ඔහුගේ කාරයෙන් පැමින
සිටි අතර අප දෙදෙනාම එම ස්ථානයෙන් ඉතා
ඉක්මනටම නොපෙනී ගියේ මතකයන් රැසකට උරුමකම්
කියමිනි. එමෙන්ම සියලුම දෙනාගේ සිත තුල පිළිතුරු
නොලැබෙනා වූ ගැටලු රාෂියක් ඉතිරි කරමිනි.
"මොකද උනේ පොඩි මහත්තයා.."
"ඒක මම හිතපු තරම් පහසු උනේ නැහැ මොහොමඩ් ..
මම ඒ කෙල්ලට .."

නොසිතූ වෙලාවක මගේ දෙනෙත කඳුලින් බරවූ නිසා


මට මගේ මුවින් පිට වූ ඒ වචන කීපය හරි ආකාරව
සම්පූර්ණ කිරීමට නොහැකි විය. පියුමිගේ මතකයන් රැඳි
හැම පාරකම, හැම ස්ථානයකටම මොහොමඩ් මා රැගෙන
ගියේ මගේ ඉල්ලීම නිසාය. එමෙන්ම මොහොතකට මුහුදු
තීරයෙහි අප කාරය නවතා මා තනිවම විනාඩි කීපයක්
එහි ඇවිද ගියේ පියුමිගේ ලස්සන මතකයන් පිරි
ස්ථානයක් නිසාත් අප අවසාන වරට හමුවී පෙම්බස් දෙඩූ
ස්ථානය මෙය නිසාත් මා නැවත මෙම ස්ථානයට
නොපැමිනේසිදෝ යන සිතුවිල්ලත් මා සිත තුල තිබූ
නිසාත්ය.

"පොඩි මහත්තයා, ඔයා එන්න ආයෙමත්. පොඩි මහත්තයට


බැරි විවි ඒ ගෑණු ළමය නැතිව ඉන්න"
"ඒකනම් ඇත්ත තමා මොහොමඩ්. ඒ තරමටම මම
ආදරෙයි ඒ කෙල්ලට. හම්ම්ම්ම්.. ඒත් මට බැහැ
මොහොමඩ් අපේ ජීවිත අවදානමක දාන්න. අපි ප්ලෑන්
කරපු වැඩේ ඉවර කරල දාමු. නැතිනම් මට කවමදාවත්
ආයෙ ආදෙරේ කරන්න බැරි වෙයි"
මට විදෙස්ගත වීමට තවත් දවස් හතරක් පමණ තිබුනද,
මා හට කලින් පැමිනීමට ඉල්ලා විද්යුත් තැපෑලෙන්
පනිවිඩයක් එවා ඇතැයි මම මගේ නිවසේ අයට පැවසූ
අතර මාගේ ගුවන් ගමන අනිද්දා පාන්දරට සකසා දීමට
මොහොමඩ් වෙහෙසූයේ මාගේ දැඩි ඉල්ලීම නිසාය.
අමිලට පමනක් මගේ පිටව යාම මා පැවසූ අතර ඉතා
සුලු කාලයකින් ඔහු අප නිවසට පැමිනියේ මගේ ගමනට
අවෂයය දේ සකසාදීමටමුත් අම්මා විසින් ඒ සියලුම වැඩ
පිලිවෙලකට නිමකරතිබුනේය.

"යාළුවා ඔයා ගියාට පස්සෙ පියුමි මාර විදිකකට ඇඬුවා


බන්. මම හිතුවෙ නැහැ උඹ එහෙම එක පාරටම යයි
කියලා"
"මට තවත් එතන ඉන්න තරම් ශක්තියක් තිබුනෙ නැහැ
අමිල. ඒකයි මම ඉක්මනටම ආවෙ. ඒ කෙල්ල හිත
හදාගනීවි බන්. එහෙම නැති උනොත් කවදා හරි මම ඒ
කෙල්ල වෙනුවෙන් එන්නම්"
"යාලුවා මට තේරෙන් නැහැ උඹව. ඒ කෙල්ල අඬල
අඬල හෙම්බත් උනා බන්. මම තමා ගෙදරට ගිහින්
දැම්මෙ පියුමිව. මම යනගමන් පුලුවන් තරම් හිත හැදුවා.
මම හිතුවෙ නැහැ බන් ඒ කෙල්ල එච්චරටම උඹට
ආදරේ කරාවි කියලා."
"මටත් ඔය දුක නොදැනෙනවාම නෙමේ අමිල,
නොදැනුනාවගේ ඉන්නවා. හම්ම්"
"යාළුවා, පරිස්සමට ගිහින් වරෙන් එහෙනම්. මමයි
මොහොමඩුයි මෙහෙ වැඩ බලාගන්නම්. කරන දෙයක්
පරිස්සමෙන්. යාළුවා, ඔයාගේ රහස් හැමදාම මගේ ලඟ
රැකිල තියේවි. අනික ආපහු වරෙන් මේ යාළුවා
වෙනුවෙන්වත්. හැමදේම හොඳින් උඹ හිතපු විදිහටම
වෙන්න ඕන කියල මම පතන්නම්."

හිතට දැනෙන්නාවූ සාන්කාව නිසාත් හරිහැටි නින්දක්


නොලැබීමෙන් මා වෙහෙසට පත්ව සිටි නිසාත් ගුවන්
ගමන අතරතුර මම සුව නින්දක පහස විඳගත්තෙමි.
මොහොමඩ් විසින් ව්‍යාපාරික පන්තියේ ටිකට්පතක්
වෙන්කිරීම නිසා සුවපහසු තෙහෙට්ටුවක් නැති ගුවන්
ගමනක් නිම කිරීමට මට හැකිවිය. මොහොමඩ් පැවසුවා
පරිදිම අසීස් මා රැගෙනයාමට එහි පැමින සිටියේ ඔහුගේ
සොහොයුරාද සමගය. වෙනදාට වඩා ඔහු සුවෙන්
සිටිනාබව ඔහුව දුටු විගසම මා හට තේරුම්ගියා සේම
තරමක් දිගට වවා තුබූ ඔහුගේ රැවුල පමනක් වෙනස් වී
තුබුනේ එය තඹ පැහ වර්ණයකින් වර්ණ ගන්වා තිබූ
නිසාය.

"වෙල්කම් ටු ඩුබායි පුතා.. පොඩ්ඩක් ඇදිල ගිහිල්ලද


මන්දා. මොහොමඩ් මට සේරම විස්තරේ කිව්වා.
ඉස්සෙල්ල්ම යමුකො ගෙදර."
"කොහොමද නසීම්"
"හොන්දින් ඉන්නවා දිනුක.. ගෙදර ගිහින් මොනව හරි
කාලම කතාකරමුකො විස්තර"

ගුවන්තොටුපලින් එලියට පැමිනි විගසම මගේ ඇඟ


පිච්චෙනවා මෙන් දැනුන අතර ගුවන්තොටුපල අසල
දැන්වීම් පුවරුවක දැන් පවතින උෂ්නත්වය සෙල්සියස්
අන්සක හතලිස් දෙක ලෙස සටහන් වී තිබුනි. දැනුනු
රස්නය ඉවසාගත නොහැකි නිසා ඉතා ඉක්මනඉන්ම මා
අසීස් පැමිනි වාහනයට ඇතුලු වූයේ එහි සිටිනා සියලු
දෙනාගේම මුව තුලට සිනහහවක් එක් කරමින්ය.
එකිනෙකා පරදවමින් අහස ජයගැනීමට සැරසෙන්නා වූ
නොයෙකුත් ආකාරයේ ගොඩනැගිලි කීපයක් මාගේ නෙත
ගැටුනු නිසා මම වාහනයේ වීදුරුව තුලින් එලිය
බැලුවෙමි. සමහර දර්ෂන මට අදාහා ගැනීමට පවා අපහසු
විය. මක්නිසාද යත් සමහර උස් වූ ගොඩනැගිලි වැටෙන්න
ඔන්න මෙන්නය, සමහරක් මලක් පිපී මෙන් හැඩයකය
තිබුනි. නිර්මානශීලිත්වය උපරිමයෙන්ම තිබූ අතරම මගේ
නෙත් පුදුම කෙරවූ අනෙක් දසුන වූයේ නගර
අලන්කරනය කර තිබූ අයුරුය. මෙවැනි උෂ්නත්වයක් හිමි
රටක පාට කීපයකින් පල් වවා නගර අලන්කරනය කර
තිබූ අයුරුනම් හරිම අපූරුය. එමෙන්ම මා සිනමා වල
පමනක් දැක තිබූ වාහන මගේ ඇස් දෙකෙන්ම දැක
ගැනීමටද මට හැකි විය.

විනාඩි හතලිස්පහක පමන ගමනකින් පසුව අසීස්ගේ


නිවසට අප පැමිනියේය. එයද ඉතා අලන්කාරව සරසා
තිබූ නිවසක් වූ අතරම ඔහුගේ බිරිඳගෙන් මට ලැබූ
අගන්තුක සත්කාර මා සිතුවාටත් හොඳින් තිබුනි. ගුවන්
යානයේදී සුව නින්දක් දැමූවද මගේ හිතට දැනුනු තනිකම
නිසා, මා සඳහා සූදානම් කරතිබූ කාමරයට ගියේ නැවතත්
නිදාගැනීම සඳහාය. අම්මා ලඟ නැති අඩුව මෙන්ම පියුමි
හිත තුල සක්මන් කල නිසා මා හට නිදා ගැනීමට
තරමක් අපහසු වුවද මගේ කාමරයේ ක්‍රියාත්මක කර තිබූ
වායුසමීකරණය මගේ දෙනෙත් පියවීමට මගපෙන්වා
දුන්නේය.

"මොකද හිරුණි දුව කලබලෙන් වගේ.. මොකක්ද අවුල"


"දිනුක, පියුමි එක්ක තිබ්බ සම්බන්දෙ නවත්වල බාප්පෙ. ඒ
කෙල්ල පිස්සු හැදිල වගේ ඉන්නෙ. ඒ කෙල්ලගෙ කඳුලු
වලට මමත වග කියන්න ඕන කියල දැනගත්තොත් .."
"දුව බය වෙන්න එපා, එහෙම වෙන්නෙ නැහැ. ඒ
කියන්නෙ දිනුක කෙල්ලට යන්න දුන්නා. මිනිහ ලැස්ති
නැහැ වගේ මිනිහගෙ ගමන වෙනස්කරගන්න"
"තව එකක් බාප්පෙ. දිනුක ලන්කාවෙන් ගිහින්"
"මොනවා.. කොහොමද එහෙම උනේ"
"මම දන්නෙ නැහැ. දිනුකගෙ යාලුවට පියුමි කෝල්
කරද්දි තමා කියල තියෙන්නෙ."
"වැඩේ කෑව.. මෙච්චර කල් කරපු සේරම ඉවරද ඒ
කියන්නෙ. මම කොහොමද දැන් ... හම්ම්ම්ම් මම කිව්වෙ
මිනිහ මොළකාරය කියලා. මේක ගොඩක් දවස් ඉඳන්
ප්ලෑන් කරල තියෙන්නෙ. නැතිනම් කොළඹ යන්ව වගේ
ඔහොම හදිසියේ රටින් පිටවෙන්න බැහැනෙ."

වායුසමීකරණය නිසා දැනෙන්නා වූ සීතල තරමක් වැඩි වූ


හෙයින් මම මගේ කමරයෙන් පිටත පැමිනියෙමි.
වටපිටාව තරමක් අඳුරු වූ තිබූ නිසා මම පැය හතරක්
පහක් පමන නිදා ගන්නට ඇතැයි මම අනුමාන කලෙමි.
කොතරම් සැපපහසුකම් තිබුනද සාලයේ තාත්තා පත්තරය
බලන්නේ නැත. අම්මා හා නන්ගී රූපවාහිනිය
නරඹන්නේද නැති නිසා මගේ හිතට නැවතත් කියා
විස්තර කල නොහැකි තිනිකමක් දැනෙන්නට වූ නිසා
අසල තුබූ සුවපහසු සෝෆාවෙහි මා හිඳ ගත්තේ දිගු
සුසුමක් සලමින්ය.

"අහ්.. දිනුක නැගිට්ටද. දැන් ගොඩක් වෙලාද"


"අනේ නැහැ අසිස්. මම මේ දැන් තමා කාමරෙන් එලියට
ආවෙ. ගෙදර මතක් උනා අසීස්"
"ඔව ගනන් ගන්න එපා දිනුක. තාම ආව විතරනෙ. දවස්
දෙක තුනක් යනකම් ඔය හෝම් සික් එක තියේවි"
"හම්ම්ම්.. "
"දිනුක ඔයා වාසනාවන්තයි. ඔයාට හොඳ ජොබ් එකක්
ලැබුනෙ. මගෙ යාලුවෙක් තමා සෙට් කලේ. පඩිත්
හොඳයි. මමනම් කියන්නෙ මෙහෙට වෙලා ලයිෆ් එක
අලුතින් පටන් ගන්න කියලා. අනික දිනුක ඔයාට
හම්බුනේ මෙහෙ රජයේ තැනක ජොබ් එකක්. හැමදේම
අමතක කරල අලුත් ජීවිතයක් පටන් ගන්න"
"හැමදේම අමතක කරන්න අමාරුවෙයි අසීස්.."
"හරි හරි ඒක අමතක කරන්නකො. ඔයාට ඔයාගෙ ඔෆිස්
එකෙන් කෝල් කලා නේද"
"ඔව් ඔව්.. මට ලබන සතියෙ ඉරිද වැඩ බාරගන්න
තියෙන්නෙ. මම ඉතින් කලියෙන් ආවනෙ"
"ඒකට කමක් නැහැ. මට මොහොමඩ් සේරම විස්තරේ
කිව්වා. සතියක් තියනවනෙ තව වැඩ පටන් ගන්න. ඒ
සතිය ඇතුලත ඔයා මෙහෙ ලයිෆ් එකට හැඩ ගැහේවි"

දවසක් දෙකක් පමන ගතවන විට මෙහි ජීවන ක්‍රමය හා


නීති රීතීන් සැලකිය යුතු මට්ටමකට අවබෝධ කරගැනීමට
මට හැකිවිය. නමුත් මෙහි තිබෙනා වූ රස්නයට හුරු
විමටනම් මට තවත් කාලයක් යනවා නොඅනුමානය. මට
ලැබී තිබූ සතිය පුරාවටම අසීස් හා ඔහුගේ සොහොයුරා
වන නසීම් සමග ඩුබායි අවට මම සිරි නැරඹුවෙමි. බලන
බලන තැන් කොන්ක්‍රීට් වනන්තරයක් උවද ඔවුන් ගස්වැල්
වලට දක්වන ආදරය පුදුමාකාරය, අගයකල යුතුය. සිදුවූ
නොයෙකුත් සිදුවීම් අත තරමක් මතක්යේ රැඳුනු සීද්දීන්
කීපයක් වූයේ ලොව උසම ගොඩ නැගිල්ල වූ බර්ජ්
කලීෆා තරනය කිරීම හා අසීස්ගේ යාලුවන් කීපදෙනෙකු
මුනගැසීමය. මා බ්‍රයන් හා සමග සිටියෙදී ඔවුන් පිළිබඳව
තරමක් දුරට අසා තිබුනද ඔවුන්ව මගේ දෑසින් දැක
ගත්තේ අසීස් ඔවුන් මා හට අදුන්වා දුන් පසු වූ අතරම
ඔවුන් මා පිළිබඳව මටත් වඩා හොන්දින් කරුනු දැනගෙන
සිටීම මා පුදුමයකට පත්කරවන කරුනක් වූවේය. එමෙන්ම
ඔවුන් සියලු දෙනාම ජාවාරම් කලාවේ රජවරුන් ලෙස
කාලය ගතකල අයවිය. ඔවුන් සමග කල කතාවෙන් මට
වැටහුනේ ඔවුන් සියලුදෙනාම ජාවාරම් වැඩ නවතා අලුත්
ජීවිතයක් පටන්ගත් බවය. නමුත් මා එක එක හෙලාම
විස්වාස නොකලේ මමද ඔවුනට නොදැවෙනි තැනක සිටි
නිසාවෙනි.

"හෙලෝ අම්මෙ.. කොහොමද? ඔයාල හොඳින් ඉන්නවා


නේද?"
"ඔයා නැතිව පාළුයි පුතේ.ඔයා හොඳින් ඉන්නවා නේද"
"ඔව් අම්මෙ. මම හොඳින්. හෙට මම වැඩට යන පළමු
දවස. ඒක කියන්න මම කතා කලේ"
"ඔව් ඔව්. මට නන්ගිත් මතක් කලා ඒ ගැන. මයෙ පුතාට
බුදුසරණයි"

අම්මාගේ හා තාත්තාගේ දෙපා වැඳ පලමු දිනයේ වැඩට


යාඅට නොහැකි නිසාදෝ මගේ හිත මට නොතේරෙන
දුකකින් පිරී තිබූ අතරම නන්ගිගේ මොනවා හරි ඇනුම්
පදයක් ඇසීමට නොමැති වීම හා දුකට සැපට සැමදා මා
හා ගිය මගේ ස්කූටිය නොමැතිකමද මගේ හිත තරමක්
හැඟුම්බර කරන්නට විය.

පළමු දිනයේ දැඩි චකිතයකින් යුතුව මම කාර්යාලයට


ගියද ඉතා සුලු කාලයකින් මගේ සිත තුල තිබූ චකිතය
නැත්තටම නැතිව ගියේ එහිසිටි පිරිසගේ තිබූ මනා
සුහදශීලීබව නිසාය. ඔවුන්ගේ ක්‍රමවේදයන්ට අනුව කඩදාසි
කොල කීපයකම අත්සන් තැබූ මම නිල වෂයෙන්
පරිඝනක තාක්ෂනික අන්ශයේ වැඩබාර ගත්තෙමි. මා හා
සිටි පිරිසට අනුව පළමු මාසය තුල මා හට එතරම්ම
රාජකාරියක් කිරීමට නොතිබිනි. එමෙන්ම අප ආයතනයේ
ලෝකයේ විවිධ රටවල් වලින් පැමිනි පිරිස සේවය කල
අතර එයින් වැඩිහරියක්ම සිටියේ ඉන්දීය ජාතිකයන් විය.

"මචන් කොහොමද, මම තාරක. මෙතන සොෆ්ට්වෙයා


ඩිවලපර් කෙනෙක්. ඔයාගෙ නම මොකද්ද"
"දිනුක.."
"උඹ මෙතන බය නැතිව ඉඳපන්. වැඩ ටික අල්ලගන්න
අමාරු වෙන්නෙ නැහැ. උඹට මොනා හරි අපහසුතාවයක්
ඇති උනොත් සෙවන් ෆෝ ෆෝ ඩයල් කරල මාට කතා
කරපන් හරි. ඒක නෙමේ උඹ කොහෙද ලංකාවෙ"
"මීගමුවෙ"
"නෑ.. මම ජා-ඇල. මටත් හිතට සෙට්වෙන එකෙක් නැතිව
හිටියෙ. උඹ බොනවද"
"ම්ම්ම්.. ඉඳල හිටල"
"අන්න ඒ වචන දෙක මට හොඳට තේරෙනවා. මේ එන
බ්‍රහස්පතින්ද රෑට මොකුත් වැඩ දාගන්න එපා හරි. ඔන්න
කලින්ම මම කිව්වා. උඹට නියම සෙට් එකක් අඳුන්වල
දෙන්නම්කො එදාට. බොමු කරටි කැඩෙන්න. උඹට මගෙ
රූම් එකේ නැවතිල පහුවදාට යන්න පුලුවන්"

නන්නාදුනන රටක නන්නාදුනන පිරිසකට ආගන්තුකයෙක්


සේ සිටි මට තාරකගේ හමුවීම හිතට ලොකු සහනයක්
ගෙනදෙන්නක් විය. එමෙන්ම ඔහු හා කාලය ගත
කිරීමේදී ඔහු ඇසුරට සුදුසු පුද්ගලයෙක් ලෙස හඳුනා
ගැනීමට මට එතරම්ම වෙලාවක් ගත නොවීය. කරුනු
කාරනා කෙසේ වෙතත් මා කුමන අරමුනකින් මෙහි
පැමිනියත් මගේ ජීවිතය නැවත ලිවීමට හොඳම කාලය
හා සුදුසුම තැන මෙය බව මම මටම කියාගත්තෙමි.

"උඹ ඔය අඬන එක නවත්තපන් පියුමි. ඒ කොල්ල ගියා."


"අනේ මට තවමත් හිතාගන්න බැහැ තිනුරි. දිනුක අයියා
කොහොමද මාව මෙහෙම තනිකලේ කියලා."
"උඹට වඩා මම කොල්ලොගැන දන්නවා බන්. අන්න ඒ
නිසා තමා උඹ ඔය මගුල පටන් ගන්න හැදුව දවසෙම
මම එපා කිව්වෙ. කොහෙද උඹට එතකොට මාව
පෙනුනෙ හැපින්නක් විදිහටනෙ. කොල්ලො ඔහොම තමා
පියුමි. ආදරෙයි කියලා ලන් වෙනවා. ඊට පස්සෙ අපේ
ඇඟට තමා ආස. එකක රස බලල මදි උනාම තව .."
"කටවහගනින් තිනුරි. කට තිබ්බපලියට කියවන්න හදන්න
එපා. මම ආදරේ කල මගෙ දිනුක අයියා එහෙම නැහැ.
උඹ ඔය කියන ජාතියේ කොල්ලෙක් නෙමේ දිනුක
කියන්නෙ"
"ආ.. මේකිට මෙච්චර දෙයක් වෙලත් බලපල්ලකො ඒ
කොල්ලව සුද්ද කරන හැටි"
"නවත්තගනිල්ල බන් දෙන්නම ඕක. පියුමි වෙච්චදේවල්
උනා. අපි දන්නවා උඹ ඒ කොල්ලට ඇත්තටම ආදරේ
කලා කියලා. අපි තව ටික දවසක් බලමු. ඊටපස්සෙ
තීරනේකට එමු. මොකද උඹ ඔහොම ඉන්නවා බලන්න
යාලුවෝ විදිහට අපි කැමති නැහැ. හිතුවක්කාර ආදරයකට
උඹේ ජීවිතේ සීමා කරන්න හදන්න එපා. මොකද උඹට
යන්න තව ගොඩක් දුර තියනවා පියුමි"

කාර්යාලයට මා තවමත් නවකයෙකු වූ නිසාදෝ මම


නොසිතූ තරම් කාර්යය බහුල වූ දින කීපයක්
ගතකෙරුවෙමි. පළවෙනි සති කීපයේ ඔය කාර්යබහුල බව
සාමාන්යය දෙයක් බව මට අලුති හමු වූ මිතුරා වූ
තාරකගේ අදහස වූ අතර එම කාර්යබහුලබව මගේ හිතේ
තිබූ සියලුම දේ තාවකාලිකව අමතක කිරීමට සමත් විය.
එනමුත් මගතොටදී දකිනා සමහර සිදුවීම් හා මට ඇසීමට
ලැබූ සමහරක් වචන කීපයන් නිසා පියුමිගේ මතකයන්
මගේ හිත පෑරුව අතරම එම හැම අවස්තාවකදීම මා
ඇයට දුරකථන ඇමතුමක් දීමට කල උත්සහයද
මගහැරවීමට තරම් මගේ මේ සිත නපුරු වූයේ ඇයිද
යන්න මම මගෙන්ම විමසුවෙමි. වර්ණකුලසූරිය
මහතාගෙන් පළිගැනීමේ චේතනාව මා සිත තුල දැඩිව
තැම්පත් වී තිබීම පියුමිගේ මතකයන් මගේ හිත කොනක
හිරවීමට බලපෑ එකම සාධකයයැයි මම සිතුවෙමි.
කොතරම් කාර්යය බහුල උවද, කාලය වේගයෙන් ගෙවී
ගියද, මම මගේ මිතුරා වූ අමිලව හා මගේ සගයා වූ
මොහොමඩ් සමග සබඳතාවයන් පවත්වාගෙන ගියේ
වර්ණකුලසූරිය ගැන මම මනාව දැන සිටි නිසාය.

මා රටෙන් පිටවීම පිළිබඳව දැනගත් වර්ණකුලසූරිය මහතා


විටක කෙවින් ලවා අසත්‍ය චෝදනා ගොනුකිරීමට
උත්සහක් දරා ඇති බව මට අමිලගෙන් දැනගැනීමට
ලැබුනි. එනමුත් කෙවින් මට විරුද්දව කිසිදු වචනයක්
නොපැවසීම මා මෙන්ම මගේ මිතුරාද පුදුමයකට
පත්කරන්නා වූ කරුනක් විය. එමෙන්ම කෙවින් ඔහුගේ
රහස් පණිවිඩ කරුවෙකු යොදාගනිමින් අමිලට
පණිවිඩයයක් එවා තුබුනේ තාවකාලිකව හෝ මට
පියුමිගෙන් ඈත් වී සිටින ලෙසත් ඇයගේ මෙන්ම මගේ
පවුලේ අය පිළිබඳවද තරමක් දැඩි විමසිල්ලකින් සිටිනා
ලෙසය. එම පුවත මා සිත සසල කරන්නා වූ පුවතක්
වුවද එහි වගකීම මොහොමඩ් විසින් භාරගත් නිසා මට
සැහැල්ලුවෙන් හුස්මක් ගැනීමට හැකි විය.

"කොහොමද දිනුක වැඩ කටයුතු, ඔෆිස් එකේ වැඩ


එහෙම කොහොමද"
"අවුලක් නැහැ අසීස්, කරගෙන යනවා. තාම මම ප්‍
රොබේෂන් ඉන්න නිසා ටිකක් වැඩ වැඩියි"
"ඒක නෙමේ, අද නිවාඩු දවසනෙ යමුකො මාත් එක්ක
පොඩි ගමනක්"

අසීස් මා හට එසේ පවසනවාත් සමගම සිටි තැනින්


නැගිට ගිය අතර මම ද කිසිදු ප්‍රස්නයක් නොඅසා ඔහුව
අනුගමනය කලෙමි. විනාඩි කීපයග ගමනකින් පසුව අප
පැනරෝමා නැමති හෝටලයක් අසල අසීස්ගේ වාහනය
නතර වූ අතර එහි ඇතුලත තිබෙනා වූ ශ්‍රී ලාංකීය
බොජුන් හල වෙත ඇදුනේ පුරුදුකාරයෙක් සේය. මාද ඔහු
අනුගමනය කරමින් ඔහු පසු පසින්ම ගමන් කල අතරම
අප දෙදෙනා අසුන් ගත් මේසයට බියර් බෝතල් දෙකක්
පැමිනියේ විනාඩියකටත් අඩු කාලයකිනි. කළු පැහැති
කොට ඇඳුමකින් සැරසූ ය්වතියන් දෙදෙනෙක්ද අප
අසලට පැමිනියද අසීස් ලබාදුන් ඉඟිය නිසා ඔවුන් වෙනත්
තැනකට ගියේ අසීස්ට මොන මොනවදෝ මුමුනන
ගමින්ය.

"දිනුක ඒ කෙල්ල ඔයාට කැමතිලු. ඒක තමා ඒ හින්දි


භාෂාවෙන් මට කියල ගියෙ"
"හම්ම්ම්.. ඒකත් එහෙමද. ඒක නෙමේ හදිසියේම ඇයි අපි
මෙතන්ට ආවෙ"
"මට මොහොමඩ් කතා කලා ඊ‍
යෙ. වර්ණකුලසූරිය
නාඩගමක් නටන්න හැදුවලු නේද"
"ඔව් ඒකනම් ඇත්ත තමා. මොහොමඩ් ඒ ගැන
බලාගන්නම් කිව්ව නිසා මම ටිකක් නිදහසේ ඉන්නවා"
"දිනුක, මම ඔයාව මෙහෙට ගත්තෙ අලුත් ලයිෆ් එකක්
හදා ගන්න ඔයාට පාර පෙන්වන්න. මොකද මම ඉස්සර
ඉඳම්ම ආදරේ කරපු චරිත දෙකක් තමා ඔයයි බ්‍රයනුයි.
අනික මට ඕන උනේ නැහැ ඔයාව ආයෙමත් නරකාදියට
ඇදල ගන්න. ඒත් අපිට වර්ණකුලවූරියට මොනව හරි
කරන්න වෙනව නේද"
"ඒකනම් ඇත්ත තමා."
"මිනිහට ගේමක් දෙනවනම් අපි ඉක්මන් වෙන්න ඕන.
ඔයාගෙ ප්ලෑන් එක හොඳයි. ඒත් මිනිහව මෙහට
ගෙන්නල වැඩේ කරන්න ගියොත් ඔයා පරක්කු වැඩිවෙයි
කියල හිතන්නෙ නැද්ද"
"අසීස්ගෙ පොයින්ට් එක කෙලින්ම කියන්නකො"
"මේකයි මේක අපි ලංකාවෙදිම ඉවරයක් කරමු. වැඩේ මට
භාර දෙන්න. මම ඔයාගෙ ප්ලෑන් එකම ලංකාවට
ගැලපෙන විදියහ ටිකක් එහෙට මෙහෙට කරල වැඩේ
කරන්නම්. මොහොමඩ් ඉන්නවනෙ. හැබැයි මටත්
උදව්වක් ඕන ඔයාගෙන්"
"උදව්වක් .. ඒ මොකද්ද"
"අයෙ මම කවදාවත් ඔයාට මේ නරකාදි වැඩ වලට
ගාවගන් නැහැ. පොඩි ඩීල එකක් ගොඩදාගන්න ඔයගෙන්
උදව්වක් ඕන. මම පස්සෙ විස්තර කියන්නම්කො"
"මේ නරකාදියෙන් ගැලවීමක් නැහැ අසිස්. මම එක
දවසකුත් කිව්ව වගේ කැලේ මාරු උනාට කොටියගෙ
පුල්ලි මාරු වෙයිද අසිස්. මම ඔයාගෙ වැඩේ කරල
දෙන්නම්."
"එහෙනම් වර්ණකුලසූරියගෙ අවසාන කැමැත්ම මම
ලියන්නම්. අනික මට සමා වෙන්න . ඔයා ආදරේ කරපු
කෙල්ලගෙ.."
"ඒව අතීතයට එකතු වෙලා ඉවරයි අසිස්. මම
මොහොමඩ්ට කතා කරන්නම්. ඔයාගෙ වැඩේ ගැන මට
ෆුල් ඩීටේල්ස් ටික දෙන්න. ගෙම් ප්ලෑන් එක හදල
දෙන්නම්"
"ඔයාගෙ ඔය චරිතෙට මම ඉස්සර ඉඳන්ම ආදරේ කලා
දිනුක. අපේ ඒ අතීතය වෙනුවෙන්.. චියර්ස්"
"චියර්ස්.."
"අර කෙල්ල එකසිය හතරෙ රූම් එකේ ඇති. කැමතිනම්
විනෝද වෙලා එන්න."
"එපා අසීස්.. මම තාමත් පියුමිට ආදරෙයි. පිස්සියක් වගේ
දාල යන්න එපා කියල අඬද්දි හිතක් පපුවක් නැති
මිනිහෙක් වගේ මම ඒ කෙල්ලව තනි කරල ආව. තාමත්
ඒ හඬ රැව් දෙනවා අසීස්.. ලැබුනා හෝ නොලැබුනා ඒ
කෙල්ල වෙනුමෙන්ම ඉන්නවා මම ජීවත්වෙලා"
වැඩරාජකාරීන් සමග දවසින් දවස තප්පරයෙන් තප්පරය
ගෙවී යද්දී දින සති මාස පිළිබඳව අදහසක් නොතිබූ තරම්
උවද පියුමි මගේ සිත තුල වැඩි වැඩියෙන් සක්මන් කලේ
මටත් හොරාවටමය. ඇගේ ආදරය ඇගේ සුවඳ මෙන්ම
ඇගේ මතකයන්ම මා හට තදින්ම දැනෙන්නට වූයේ මා
මෙහි තනී වි සිටි නිසා විය යුතුය. මගේ හිතට
දැනෙන්නා වූ දුක කියන්න අම්මාවත් ළඟ සිටියානම් යන
සිතිවිල්ල මගේ සිතේ දළුලා තුබුනේ ඇය සිටියානම් ඇගේ
ඔඩුක්කුවට වී හිස තබා ගෙන සිටිය හැකි නිසාය.
එසේනම් ඇය මගේ හිස අතගාමින් මට අවවාද කරනවා
නොඅනුමානය.

පියුමි, වර්ණකුලසූරිය හා ඩුබාහි ජීවිතය යන තුනම සමබර


කිරීමට අපහසු වූයේ පියුමිගේ මතකයන් තවමත් මගේ
හිත කොනක ඉතිරි වී මා නොසිතූ ලෙස මසිත රිදවූ
නිසාවෙනි. අවස්තා කීපයකදීම මේ රැකියාව අමතක කර
නැවත යාමට අදහසක් මසිත තුල පැන නැගුනද මා ඒ
සියලුම සිතිවිලි පාලනය කර ගත්තේ මේ රැකියාව නිසා
මා ලබාගත් දේ බොහොමයක් නිසාය. නමුත් මා ඇයට
පිටුපා ඇයව රිදවා ඇගෙන් වෙන්වී යාම මගේ යටි සිත
කවදාවත්ම නොපිළිගත් නිසාදෝ ඇයව ඇමතීමට මම
කීපවරක්ම උත්සහ කලද සියලුම අවස්තා සාර්ථක
නොවුනේ ඇයිද යන්න මම නොදැනසිටියෙමි. මම ඇයට
කොතරම් පෙම් කලත් ඇගේ ජීවිතයෙන් ඈත්ව සිටීම
ඇයට කරනා සාධාරනයක් බව මම දැන සිටියෙමි.
මක්නිසාද යත් ඇයට සැප සම්පත් පිරි ලස්සන පිරිසිදු
ජීවිතයක් උරුම වූ නිසාය.

මා ඩුබායි ජීවිතය පැමින සිව්මසක් ගෙවී ගියේ මටත්


නොදැනීමය. වැඩරාජකාරී බහුල වූ නිසා ගෙවෙනා දින
ගනනය කීරීමට මතකයේ නොතිබූ තරම්ය. ගෙවුනු කාලය
තුල තවත් මසිට කලබල කල එක කරුනක් වූයේ
ගෙවුනු කාලය පුරාවටම වර්ණකුලසූරිය නිහඬව සිටීමත්
මගේ සගයා වූ මොහොමඩ්ගේ ඇතිවූ දැඩි නිහඬ
තාවයත්ය. අමිලගෙන්ද දුරකථන ඇමතුමක් ලබුනේ
එකවතාවක් හෝ දෙවතාවක් පමණි. වැඩරාජකාරී බහුල වූ
නිසාත් දෙසැම්බර් දෙවෙනිදාට යෙදී තිබෙන්නා වූ
අරාබියන්ගේ නිදහස් දවස නිසා සන්විදානයකර තිබූ බාහිර
වැඩකටයුතු නිසාත් ගෙවී ගිය කාලය තුල මා නිවසට
කතාකල කාලය කතා නොකල තරම්ම වූ නිසා අමිල
පිළිබඳ වැඩි තොරතුරක් අම්මාගෙන්ද අසා දැනගැනීමට
මට නොහැකිවිය. මා නිවසේ නැති දා සිට අමිල දවසකට
එක් වතාවක් හෝ මා නිවසට ගොස් අම්මා හා අනෙකුත්
පිරිස සමග කතාබහ කල නිසා ඔවුනට මා නැති අඩුව
එතරම්ම නොදැනෙන්නට ඇත. අමිලගේ තිබූ හොඳ
ගතිගුන නිසාදෝ අම්මා අමිලට සැලකුවේ ඇයගේම
පුතෙකු ලෙසය.

"හෙලෝ පොඩිමහත්තයා.. කොහොමද ඉතින්"


"මොහොමඩ්.. ඔයා මෙහෙ. කවද්ද ආවෙ. අසිස් දන්නවද"
"අසිස් දන්නවා. මම දැන් එහෙ තමා ඉන්නෙ. පොඩි
මහත්තය එක්ක මට ටිකක් කතා කරන්න ඕන, තනියම"
"කොහෙද මනුස්සයෝ පහුගිය ටිකේ අතුරුදහන් වෙලා
හිටියෙ"
"අපි ඒ ගැන කතා කරමු හමුවෙලාම පොඩි මහත්තයා"
"මම මේ පොඩි වැඩකට දේර වලට ආව. මම එනගමන්
ඉන්නෙ. මෙටො එකේ එන්නෙ. ඒ නිසා ඉක්මනටම
එන්න පුලුවන් ඔහෙට"
"අපි දෙන්න විතරක් කතා කලොත් හොඳයි නේද. අසීසුත්
අද නිවාඩු දවස නිසා වයිෆ් එක්ක එලියට යන්න
හදන්නෙ"
"හම්ම්.. ඒකත් එහෙමද. එහෙනම් මෙහෙම කරන්න, ඔයා
අසීස්ට කියල පැනරෝම එකට ඩොප් කරගන්න. බියර්
එකක් බොනගමන්ම කතාකරමු"

මොහොමඩ්ගේ හදිසියේ පැමීනීම මට ගැටලුවක් උවත්


කුමක් හෝ ලොකු කලබලයක් සිදු වී තිබෙනා බව මට
ඔහුගේ හඬින් තේරුම් ගැනීමට අපහසු නොවීය. මා
ඔහුටද පැනරෝමාවට ඒමටයැයි පැවසුවේ අප දෙදෙනාට
කතාකිරීමට සුදුසුම ස්ථානය එයයැයි මා සිතූ නිසාත් මගේ
හිතේ විඩාව නිවා ගැනීමට මා යාමට පුරුදුවී සිටි එකම
නිදහස් ස්ථානයද එය වූ නිසාය.

"කොහොමද මොහොමඩ් ඉතින්. සොරි ටිකක් වෙලා


ගියාට. ඔතන ස්ටේෂන් එකෙන් බැහැල පයින් ආවෙ
මෙතන්ට"
"ඒකට කමක් නැහැ පොඩි මහත්තයා. මම ඉතින් මේ
ලස්සන කෙල්ලො ටික බල බල හිටියා"
"ඉතින් මොකද මේ හදිසියේම. කොහෙද පහුගිය ටිකේ
ගිහින් හිටියෙ. මටත් කෝල් එකක්වත් දෙන්න බැරි උනා
මොහොමඩ් මේ වැඩ හින්දා."
"ඒකට කමක් නැහැ පොඩි මහත්තයා. මම මේ
හම්බෙලාම කතාකරන්න ආවෙ ෆෝන් වලින් මේව
කතාකරන්න බැරි නිසා. අනික මට ගන්න පොඩි පොඩි
බඩු වගයකුත් තියනවා. ඒකයි මේ හදිසියෙම ආවෙ,
දැනුම්දීමක් නොකරම"
"හරි හරි.. මොකද අලුත්ම තොරතුරු. අපේ ප්ලෑන් එක
වැඩ කලාද"
"ඒව හරියටම හරි පොඩි මහත්තය. අවසාන කොටසත්
සැලැස්මට අනුව වෙයි. ඒත් පොඩි පොඩි වෙනස්කම්
කීපයක් කරන්න වෙයි. මොකද අපි හිතුවට වඩා තත්වය
ටිකක් අවුල්."
"හම්ම්ම්. පියුමි හොඳින් ඉන්නවද මොහොමඩ්"
"පොඩි මහත්තය තවමත් හිතනව එහෙනම් ඒ ගෑණු
ළමය ගැන"
"ආදරේ හැටී මොහොමඩ්.. ආදරේ හැටී"
"අමිලයි මමයි පියුමි ගැන හොයල බලනවා පොඩි
මහත්තයා. එයා ගොඩාක් දුරට හොඳින් ඉන්නවා. ඒත්
ඉතින් ඉස්සර වගේ හුරතල් පාට නැහැ. ටිකක් සුදුමැලි
වෙලා ඇදිල ගිහිල්ලා. දඟකාරකම් නැහැ දැන්. එයා
එයාගෙ පාඩුවේ වැඩටික කරගෙන ඉන්නවා. අයෙ එන්න
පොඩි මහත්තයා. දැන් අවුලක්ම නැහැනෙ. දෙන්නම
දෙපැත්තකට වෙලා දුක් විඳිනවට වඩා හොඳ නැද්ද ආයෙ
ආදරෙන් ඉන්න එක. ඒ ගෑණු ළමය තරම් පොඩි
මහත්තයට කවුරුත් ආදරේ කරන්නෙ නැති වෙයි"
"හම්ම්ම්.. අපි ඔය ගැන කලින් කතා කලා මොහොමඩ්.
එයාට ලස්සන ජීවිතයක් උරුමයි. මම වගේ ජාවාරම්
කාරයෙක් එයාට ... හම්ම්ම්ම්ම්"

වර්ණකුලසූරියගේ කතාවට තිත තිබීමට අසීස් මා හට


පොරොන්දු වුවද එය මාගේ සැලැස්මකට අනුව මා මගේ
සගයා වූ මොහොමඩ් සමග සිදු කලේ අසීස්ට වඩා
ලෙන්ගතුකමක් හා විස්වාසයක් මා මොහොමඩ් කෙරෙහි
තිබූ නිසාය. එය එසේ සිදුවූයේ කෙසේදයන්න මා
නොදැන සිටි අතරම අපගේ සැලසුම සාර්තක කර
ගැනීමට මගේ මිතුරා වූ අමිලගෙන්ද ලැබී තිබුනේ
නොඅඩු සහයකි. මගේ පළමු ආදරය් වූ ඉමාෂා
මෙලොවින් සමු ගත් මොහොතේ ඇගේ තාත්තා, එනම්
වර්නකුලසූරිය මහතා මා හට ඔහුගේ නිවසේ යතුරක් ලබ
දුන්නේ ඔහුගේ නිවස රැකබලාගන්නා ලෙස ඔහු මෙරටින්
පිටවෙන අවස්ථාවේදීය. මා එහි තවත් යතුරක් කපා මගේ
අල්මාරියේ තැම්පත් කලේ වැරදි සිතකින් නොව මාගේ
අතින් බැරිවෙලා හෝ වර්නකුලසූරිය මහතා දුන් යතුර
නැතිඋනොතින් ප්‍රයෝජනයට ගැනීමටය. නමුත් එදා ඒ
යතුරු දෙකෙන්ම මා ප්‍රයෝජන නොහත්තත් මා නැවත
ඔහුට ඔහුගේ යතුර බාරදුන්නේ ප්‍රධාන යතුරෙහි අනුරුව
මා නිවස තුලම සඟවාගනිමින්ය.

අපගේ සැලසුමට අනුව අමිල මාගේ නිවසේ මගේ


කාමරයට ඇතුලුවන්නේ මා පෙර සඳහන් කල යතුර
ගැනීමට සටහන් පොත් කීපයක් සොයා ගැණීමේ
අරමුනින් වූ අතරම එදා මා එලෙස සඟවා තිබූ යතුර අද
වර්ණකුලසූරිය මහාතාටම විරුද්ධව යොදා ගැනීමට මම
කවමදාවත් තප්පරයකදිවත් නොසිතුවෙමි. එලෙස යතුර
ලබා ගැනීමෙන් පසු සැලැස්මට අනුව අමිල හා
මොහොමඩ් දෙදෙනාම එම නිවසට ඇතුලුවනුයේ කිලෝ
ග්‍රෑම් දොළහක් පමන වූ මත්ද්‍රව්‍ය ක්‍රමානුකූලව එහි සඟවා
තැබීමටය. එයද ඔවුන් සාර්තකව නිම කර තිබූ අතර
සැලැස්මේ ඊළඟ පියවරට අනුව මොහොම්ඩ් විසින් මත්ද්‍
රව්‍ය වැටලීම් අන්ශයට ඔත්තුවක් ලබා දෙන්නේ
වර්ණකුලසූරිය මහතා මෙතෙක් ගොඩ නැගූ ඔහුගේ
නාමයට කැලලක් එකතුකර ඔහුව බන්දනාගාර ගත
කරමින්ය. නමුත් ඔහුව අප උපකල්පනය කල ස්ථානටය
නොදැමූ නිසා අපගේ සැලසුමේ අවසානය සනිටුවහන්
කිරීමට තරමක් අසීරු වී ඇත. නමුත් මොහොමඩ් පැවසූ
පරිදි ඔහු එයටද පිළියමක් යොදා තිබූ අතරම
බන්දනාගාරය ඇතුලතදීම ව්‍යාජ කලබලයක් ඇතිකරමින්
එම කලබලය අතරතුර ඔහුව මරා දැමීමට සැලසුම් කර
තිබුනි.

මොහොම්ඩ් පියුමි පිළිබඳව පැවසූ දේ නිසා මගේ හිත


නැවතත් පෑරූ අතර මා තවමත් ඇයට පෙරසේම ආදරේ
කරනවායැයි මට ඒත්තු ගැන්විය. හිතට දැනුනු ඒ ආදර
සිතිවිලි සමග මා මොහොතකට පියුමිගේ මතකයන් තුල
කිමිදුනේ ඇගේ මතකයන් තවමත් මගේ මේ අවිවේකී
සිතට භාවනාවක් වූ නිසාවෙනි. මා හා ඈ අත් පටලන්
එහේ මෙහේ ඇවිදගිය හැටි, ඇගේ දඟකාරකම්, නැවතීමක්
නැති කියවිල්ල හා ඇගේ දෙතොල් එකිනෙක සිහිය
නැගෙද්දී මා නෙතඟට මටත් හොරාට නැගුන කඳුල බිම
වැටීමට ඉඩ නොදී පිස දා හැරීම මිසක, මා හට කීරීමට
දෙයක් නොතිබුනු තරම්ය. එමෙන්ම බොහෝ
අවස්තාවන්හි ඇගේ මතකයන් මකාදැමුවේ හැමදාමත්
මගේ තනියට මගේ ළඟ සිටි ජැක් ඩැනියල් මිත්‍රයා
පමනි. නන්නාදුනක රටක තනිවූ වෙලාවක ඇගේ ආදර
මතකයන් පෙරලා මා රිදවනවිට ජැක් ඩැනියල් මිත්‍රයාට
මාගේ සියලුම වේදනාව හා ජීවිතය ම බැර කරද්දී ඔහුටද
හැකිවූයේ මා හට තාවකාලිකව විසඳුමක් දීමට පමනි.

"හෙලෝ.. කව්ද මේ.. හෙලෝ කව්ද මේ, ඇයි කතා කරන්


නැත්තෙ"
"හම්ම්ම් .."
"පියුමි .. පියුමි ඔ.. යා"
"කොහොමද දිනුක අයියා. අනේ ඔයාට මාව මතක්
වෙන්නෙම නැද්ද. මෙච්චර ආදරේ කරලත් ඔයාට දැනෙන්
නැද්ද දිනුක අයියා"
"ඔහොම කතා කරන්න එපා පියුමි. කොහොමද මගෙ
නම්බර් එක හම්බුනේ"
"මට සමාවෙන්න දිනුක අයියා. අමිල අයියගෙන් මම ඉල්ල
ගත්තෙ. ඔයාට ටිකක් කතා කරන්න හිතුන හින්දා. මොකද
මම හිත හදාගන්නම් ඔයා හොඳින් ඉන්න කියන්න. ඒත්
ඔයාගෙ හඬ අහපුවහම මට .. හම්ම්ම්ම්..."

නොසිතු මොහොතක නොසිතූ දවසක ඇගෙන් ලැබුනු


දුරකථන ඇමතුම නිසා මගේ හුස්ම පොද පවා
මොහොතකට නැවතුනේ මාගේ අවසරය නොමැතිවමය.
ඒ දුරකථන ඇමතුමත් සමග නොයෙකුත් දේ මා සිතු තුල
ඇතිවුවද මා ඒ ඇමතුම වචන කිපයකට සීමා කලේ මා
තවදුරකට නොයා යුතුයැයි සිතූ නිසාය. විනාඩි කීපයක්
පමන මා මගේ කාමරයට වී කල්පනා ලොවක
තනිවීමෙන් අනතුරුව සුපුරුදු නවාතැන වූ පැනරෝමාව
පසුකරමින් යොර්ක් රාත්‍රී සමාජ ශාලාව වෙත ඇදුනේ
මගේ හිත වෙනසකට ඇලුම් කල නිසාය.

වෙනදා මෙන් නොව තරමක් රෑ වනතුරු මා යොර්ක් හි


කාලය ගතකල නිසා උදයේ මා අවදිවන විටද හිසට
බරගතියක් දැනෙන්නට වූ අතර මා ඊයෙ නැවත
පැමිනියෙ කෙලෙසදැයි යන්නද මගේ පැහැදිලි මතකයක්
මා තුල නොවීය. ඇඟට දැනුනු අමාරුව මැකීයන්නත්
එක්කම උණුවතුරින් නා ගත් මම අසීස්ගේ බිරිඳ පිළියල
කර තිබූ උදේ ආහාරය රූපවාහිනිය නරඹන අතරතුර
නිහඬව රස වින්දේ මට අද දින නිවාඩු දිනයක් වූ
නිසාය.

"මේ නැගිටල ඉන්නෙ. අමාරුවක් නැහැනෙ. ඊයෙ


හොඳටම සිහියක් නැහැ දිනුකට. ඔයා එක්කන් ගිය ඩ්‍
රයිවර් මට කෝල් කලා. පස්සෙ මම ගිහින් තමා ඔයාව
අරන් ආවෙ. මම දැකලම නැහැ දිනුක ඒ වගේ ඉන්නවා"
"මට සමාවෙන්න අසීස්. අලුතින් අඩියක් තියනව කියල
හිතාගෙන තමා ඊයෙ යොර්ක් එකට ගියෙ. ඒත් ටිකක්"
"ඒකට කමක් නැහැ දිනුක. ඒත් ආයෙ යනවනම් රාමදා
එකේ තියන රූමස් එකට යන්න. මගෙ යාළුවො ඉන්නෙ.
ඔයාට ආරක්ෂාවකුත් තියනවනෙ. ඒක නෙමේ මොකද
මිනොහො ඔය ජීවිතෙන් පලිගන්න හදන්නෙ. මොකද්ද
අවුල. පියුමිද"
"ඒ කෙල්ලව අමතක කරන්න බැහැ අසීස්. හම්ම්ම්. මගෙ
ජීවිතේම බෙට් කරල මන් ආදරේ කලේ ඒ කෙල්ලට. ඒත්
අන්තිමේදි .. හම්ම්ම්"
"පියුමි ගැන පස්සෙ අපි කතා කරමුකො. ඉස්සෙල්ල
මෙන්න මේ පත්තරේ බලල ඉන්නකො"

ඔහු එසේ පවසමින් ඔහු අතැතිව තිබූ සින්හල පත්තරය


මා අත මත තබමින් සෝෆාව මත හිඳ ගත්තේ තරමක
ආඩම්බර ගතියකිනි. එහි තිබූ සිරස්තලය දැකීමෙන් මමද
විස්මයකට අ පත් උනෙමි. මක්නිසාදයත් එහි සටහන්ව
තිබුනේ වර්ණකුලසූරිය මහතාගේ මරණය පිළිබඳ වූ පුවත
නිසාවෙනි. රටක ආදරය දිනාගත් වීර සෙබලෙකු වූ ඔහු
මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමට වරදකරුවෙකු වූ නිසා ඉකුත්
දා බන්දනාගාර ගතකල තිබූ ඔහු බන්දනාගාරයේදී
සිරකරුවන් අතර ඇතිවූ හදිසි ගැටුමකදී සිදුවූ පිහි
ඇනුමකින් මිය ගිය බව එම විස්තරයෙහි තවදුරටත්
සඳහන් විය.

අපගේ සැලසුම අනුව සියලුමදේ හරි ආකාරව සිදුවී ඇති


නිසා ජයග්‍රහනයේ සතුට නිහඬව මම වින්දේ එය මට
උරුම දෙයක් වූ නිසාවෙනි. පියුමිගේ මතකයන්ගෙන් පීඩා
විඳි සමයක ලැබුනු මෙම ආරන්චිය නිසා තරමක්
සැල්ලුබවක් දැනුනමුත් හිතට සැලකිය යුතු තරමට දුකක්
දැනුනේ වර්ණකුලසූරිය මහතා පෙර දිනකදී මා ආදරය
කල ඉමාෂාගේ පියා වූ නිසාය. මක් නිසාදයත් ආදරයක්
නොදැනුනු සෙල්ලක්කාර ජීවිතයකට ඉමාෂාගෙන් ලැබුනු
දේ බොහෝ නිසාය. එමෙන්ම ආදරයේ අයන්න කියා
දුන්නේ ඇය වූ නිසාය.

කරුණු කාරානා මෙසේ සිදුවෙද්දී මගේ සිත කැලඹූ


අනෙක් කරුන වූයේ මා හට අසීස් ගෙනා යෝජනාව
විය. එනම් පියුමිව මෙහි රැගෙන එන ලෙසය. සැලකිය
යුතු මාසික වැටුපක් සහිත රැකියාවක් මා සතුව තිබූ නිසා
ඇයව ගෙනවිත් රැක බලා ගැනීම මට අපහසු කාර්යයක්
නොවීය. දිනෙන් දින මා සුරාවට ඇලුම් කිරීම නිසාත්
ඇගේ ආදරෙයේ මතකයන් සමග ගෙවන ජීවිතය නිසාත්
අසීස් මෙමෙ යෝජනාවම මා වෙත ගෙන ආ බව ඔහු
පැවසුවේය. මමද එම යෝජනාව පිළිබඳව සැලකිලිමත්ව
සිතා බැලුවේ ඇයව මගේ මතකයන්ගෙන් ඉවත්කල
නොහැකි නිසා හා මොනදේ පැවසුවත් මොනදේ කලත්
මා තවමත් ඇයට ආදරය කල නිසාය. එමනිසා නැවතත්
ඇයව බැලීමට යාමට අදහස්කල මා, අසීස් පැවසූ පරිදිම
මා මගේ ආයතනයට කාරනා පැහැදිලි කර දුන් පසුව
හදිසි නිවාඩු නොගොස් වැඩකරන දිනයන්ගෙන් දින විසි
එකක නිවාඩුවක් මට ලබා ගැනීමට අපහසු නොවූයේ මා
මගේ කාර්යාලය තුල හොඳ නාමයක් ගොඩනගා තිබූ
නිසාවෙනි.

මා හදිසියේම නැවත ලංකාව බලා පිටත් වීමේ ගමනට


අවෂය සියලුම දේ අසිස් හා ඔහුගේ සොහොයුරා එකතුවී
මා හට සූදානම් කර දුන්නේ අවසාන මොහොත දක්වාම
මා මගේ කාර්යාලයේ රාජකාරීන් සමග හිරවූ නිසාවෙනි.
අළුත් බලාපොරොත්තුවක් ඇතිව අලුත්ම හීනයකට පෙම්
බඳිමින් මා මේ ගමන ගියද මගේ හිත තරමක සැකයෙන්
යුක්ත වූයේ පියුමි ගැන සිතනා විටය. ඇයගේ පිළිගැනීම
කුමක් වේද, නැතිනම් ඇය මට බනීවිද, මගේ යෝජනාවට
ඇය කැමති වේදෝ යන පිළිතුරක් නිගමනය කල
නොහැකි ප්‍රස්න රැසක් මා සිත තුල විය.

"පුතේ.. ඔ..යා.. අනේ කවද්ද ආවෙ. ඇයි මට කිව්වෙ


නැත්තෙ එනව කියලා"
"අයියෙ.. ඔයානම හරි නපුරුයි. නොකියම ආව නේද"
"අනේ මගෙ පුතා ඇදිල ගිහිල්ලා. කෑමක් බීමක් නැද්ද
හරියට."
"එහෙම දෙයක් නැහැ අම්මෙ. ටිකක් වැඩ වැඩියි එහෙ.
විස්තර කතාකරමුකො. මම ටිකක් ඇඟපත සෝදගෙන
එන්නම්කො."

ගෙවී ගිය මාස කීපය තුල මා නිවසෙහි කිසිදු වෙනසක්


නොතිබූ තරම්ය. අම්මා හා නන්ගීට මගෙන් ඇසීමට
නොයෙකුත් ප්‍රස්න තිබූ අතර ඒ සියළුම ප්‍රස්න වලට මා
පිළිතුරු සපයන විට ඔවුන් දෙදෙනාම නිහඬව අසා
සිටියේ දැඩි ආසාවකිනි. දවසක ඔවුන්වත් රැගෙන ගොස්
මා සිටිනා රටේ සුන්දරත්වය විඳීමට ඉඩසලස්වාදීමට මම
මේ මොහොතේ සිතුවෙමි. එමෙන්ම මාගේ පැමිනීම
මාගේ සහෝදරිය විසින් තාත්තාට පවසා තිබූ නිසා ඔහුද
අද කලින් නිවසට පැමිනියේය. මා දුන් දුරකථන
ඇමතුමත් සමගම අමිලද අප නිවසට පැමිනි අතර ඔවුන්
සියලුම දෙනා සමග නැවතත් විස්තර කතා කලේ
කාලකට පසුව ලැබූ අම්මාගේ තේ කෝප්පයක රස බලන
ගමන්ය.

සියළු දෙනාගේම නොයෙකුත් ප්‍රස්න වලට පිළිතුරු දුන් මා


පැයක පමන නින්දකට මගේ සුපුරුදු, මෙතුවක් කාලයකට
මට මග හැරී තිබූ මගේ ඇඳ හා කොට්ට්ය වෙත ගියේ
මාගේ ඇඟට දැනුනු වෙහෙස නිසාය. හුඟ දවසකින්
මාගේ ඇඳ මත සිටි නිසාදෝ මා ඇහැරෙන විට හවස
හය පසු වී තිබුනි. අම්මාට කියා නැවතත් තේ
කෝප්පයක් සාදා ගත් මා එය උගුරට දෙකට ඉවර කර
මාගේ සුපුරුදු ස්කූටිය වෙත ගොඩ වූයේ මොහොමඩ්ව
හමුවීම යාම සඳහාය.

"ඉතින් කොහොමද මොහොමඩ්, අපි ආයෙමත් හමුවුනා


එහෙනම්"
"මන් හොඳින් ඉන්නවා පොඩි මහත්තයා. පොඩි මහත්තය
හොඳින් නේද"
"මමත් ඉන්නව ඉතින්. ගොඩක් ස්තූතියි මොහොමඩ් මගේ
උදව්වක් නැතිවම වර්ණකුලසූරියගෙ වැඩේ ගොඩ දැම්මට"
"ස්තූති ඕන නැහැ පොඩි මහත්තයා. පොඩි මහත්තය
දන්නවනෙ මම පොඩිමහත්තය වෙනුවෙන් ඕනම දෙයක්
කරනවා කියලා. අනික මට අමිල ගොඩක් උදව් කලා
මේ වැඩේ සාර්තක කරගන්න. ඒක නෙමේ පොඩි
මහත්තය මේ නොකියම හදිසියේම ආවේ.."
"පියුමිව අමතක කරන්න අමාරුයි මොහොමඩ්"
"මම දැනගෙන හිටියා. ඔය ගෑණු ළමයව බලන්න
ඉක්මනින්ම පොඩි මහත්තයා ආයෙමත් එනවා කියලා.
පොඩි මහත්තය නිසාම මම ඒ ගෑණු ළමය ගැන
විමසිල්ලෙන් හිටියෙ."
"හම්ම්ම්.. ඉතින් අපිමොකද අපි කරන්නෙ ඉස්සරහට. මම
කිව්ව වගේම.."
"ඔව් පොඩි මහත්තයා. අපි වෙන්වෙලා යන එක හොඳයි
ටික කාලෙකට. මමත් ෆාතිමාවත් අරගෙන යනවා ස්වීඩන්.
ගිහින් එහෙ ටික කාලයක් ඉන්නවා."
"ඒ අදහස හොඳයි මොහොමඩ්. නැතිනම් ඔයයි මමයි මේ
නරකාදියෙන් කවමදාවත් ගොඩ එන්නෙ නැහැ"

කාලෙකට පසුව හමුහුනු මගේ සගයා වන මොහොමඩ්


සමග මම පැය එකහමාරකටත් වඩා කාලයක්
ගතකෙරුවෙමි. අප දෙදෙනාට කතා කිරීමට නොයෙකුත්
දේ තිබුනද අපගේ ප්‍රධානම සිරස්තලය වූයේ
වර්ණකුලසූරිය මහතාගේ මරණය ගැනය. අප සැලසුම්
කල ආකාරයටම එය සිදු නොවුනද මොහොමඩ් එය
අවසාන කර ඇති අයුරුනම් වෙනදාමෙන්ම පුදුමාකාරය.
එමෙන්ම මගේ හිතට දැනුනු අනෙක් කරුන වූයේ
මොහොමඩ් කෙවින් පිළිබඳව පැවසූ කරුනු අතරම ඔහු
මා ආරක්ෂාකලේ ඇයිද යන්න අප දෙදෙනාටම ඇති වූ
ගැටලුවක් විය. වර්ණකුලසූරිය මහතා කෙවින් ලවා බොරු
සාක්ෂි ගොනු කිරීමට තැත්කල නිසා පොලීවිය විසින්
කෙවින්ව නිදහහ් කර තිබුනේ ඔහු නිවරැදිකරුවෙකුයැයි
සිතූ නිසාවෙනි. එමෙන්ම මා හමුවීමට කෙවින් දැඩි
ඕනාකමින් සිටිනා බව මා පුදුමයකට පත් කල තවත් එක
කරුනක් විය.

"පියුමි"
"දිනුක අයියා.. ඔයා. අනේ කවද්ද ආවෙ. ඇයි මට කිව්වෙ
නැත්තෙ. ඔයා කොහෙද ඉන්නෙ. අනේ ඔයා හොන්දින්
නේද"
"පියුමි හුස්මක් ගන්න ඉස්සෙල්ලම. අද හවසට අපි බීච්
එකේදි හම්බවෙමු."
"හරි දිනුක අයියා. මම එන්නම්."

පියුමිට මා හවසට පැමිනෙන්නයැයි ආරාධනා කලද ඇයව


හමුවීමට යාමට තරමක පසුබෑමක් මසිත තුල හට
නැගුනේ මා එක දවසක ඇයව තනිකර දමා ගිය නිසාය.
නමුත් මා එදා එලෙස ගත් තීරනය මෙතරම්ම මාව
රිදවාවියැයි මා හට තප්පරයක්වත් සිතුනානම් මා එසේ
ඇය තනිනොකරනවා නොඅනුමානය. අසිස් මා හට කල
යෝජනාව මම අම්මාට පැවසුවෙමි. එය ඇසීමෙන් පසුව
ඇය පුදුමට පත්වූ අතර මදක් නිහඬව සිටියේ මාගේ හද
ගැස්ම තරමක් වැඩි කරමින්ය.

"තාම ඒ ළමය පුංචි වැඩියි නේද පුතේ, ඔයා එක්ක එන්න


තරම්"
"හම්ම්"
"දුක් වෙන්න එපා ඔයා මම මෙහෙම කියනවට. ඔයා ඔය
ගැන ඒ ළමයට කියන්න යන්න එපා"
"ඒ මොකද අම්මෙ"
"ඒ ළමයට ඉගනීම ඉවරකරන්න දෙන්න. ඒ ගෑණු ලමය
නරකමත් නැහැ. ඒත් ඉතින් ඔය වගේ යෝජනාවක්
කරන්න තරම් ඒ ළමය පුංචි වැඩියි. මම හිතන්නෙ නැහැ
ඒයාලගෙ අම්මල උනත් කැමති වෙයි කියල. මොකද
එයාල නූගත් මිනිස්සු නෙමේනෙ."
"ඒකත් ඇත්ත තමා අම්මෙ. මම එහෙනම් නොකිය
ඉන්නම්කො"
"ඒක හොඳයි. අනික ඔච්චර බලාපොරොත්තු තියාගන්න
එපා ඒ කෙල්ල ගැන. සීමාවකට ඉන්න"
"අම්ම ඇයි එහෙම කියන්නෙ"
"මම මේ අකමැත්තකට කිව්ව නෙමේ. ඔයා හිත අවුල්
කරගන්න එපා. තාම ඉස්කෝලෙ යන පොඩි
කෙල්ලෙක්නෙ පුතේ. දන්නවනෙ ඉතින් ඔය වයසෙ
කෙල්ලො ගැන"

අම්මා කියූ දේ ඇත්ත උවද පියුමි එසේ නොවනා බම මම


හොඳාකාරවම දැන සිටියෙමි. නමුත් ඇයව හමු වී සියලුම
දේ මා පවසනවා යයි සිතා මම වේලාසනින්ම මාගේ
ස්කූටියට ගොඩ වූයේ වර්ණකුලසුරිය මහතාගේ නිවසට
යාමටය. මක් නිසාද යත් ඔහුගේ මරණ සිදුවී ඇති
මෙවැනි වෙලාවක මා එක ස්ථානයේ නොසිටියහොත්
එය අඩුවක් වූ නිසා හා මා ඒ පවුල සමග සමීප සබඳතා
පැවැත්වූ නිසාය. එමෙන්ම මා ඔහුගේ මරණය ආරන්චි වී
ඔහු වෙනුවෙන්ම මා ලංකාවට පැමිනි බව ඔවුනට
ඇඟවීමට මට අවශය වූ අතර වර්තමාන තොරතුරු මා
හට දැන ගැනීමට අවශය වූ නිසාය.

පාර දෙපස දමා තිබූ සුදු කොඩි වැල් තවමත් එලසමය.


වර්ණකුලසූරිය මහතාගේ රුව ඇඳි බැනර් තවමත්
එලෙසම තිබූ අතර වෙනදා මෙන්ම මගේ සිත කැලබූ
කරුන වූයේ ඔහුගේ මිදුලෙහි නවතා තිබූ රතු පැහැති
ස්කූටියය. මීට අවුරුදු කීපයකට පෙර මා එය
අදුනාගත්සේම අද දිනයේදීද මට එය ටානියාගේ බව
අඳුනා ගැනීමට එතරම්ම කාලයක් ගත නොවීය. මා
නොසිතූ ලෙස තරමක් සැලකිය යුතු පිරිසක් එම නිවස
තුල සිටිය අතර මා දුටු විගසම ඔවුන් නැවතත් පරන
මතකයන් අවදිකරමින් ඇඬීමට පටන් ගත්තේ මා තරමක
අපහසුතාවයකට පත්කරමින්ය. නිවස තුල සිටි පිරිස
ඔහුගේ නෑදෑ පිරිස බව මා අඳුනාගත්තේ ඔවුන්ව
ඉමාෂාගේ අවසන් කටයුතු වලදී මා දැක තිබූ නිසා අතරම
ටානියා හා හිරුනි ඔවුන් අතර සිටි මා දැනසිටි චරිත
කීපයකි. ඔවුන් සමග මද වේලාවක සුහද පිළිසඳරක
යෙදුනු මා ඉමාෂාගේ කාමරය වෙත ඇදුනේ මටත්
හොරාවටමය. එය තවමත් එදා තිබූ ආකාරටමය. එම
කාමරට ඇතුල් වෙද්දිම දැනුනු ඇගේ සුවඳ මගේ
මතකයන් නැවත අවදිකලද මම ඒ සියල්ලම පාලනය කර
ගත්තෙමි. පිළිවෙලකට තබා තිබූ ඇගේ ඇදුම් රාක්කය
දෙස මදක් නිහඬව බලා සිටි මා ඇය කැම්තිම සාරිය වූ
කහපැහැති සාරිය ලඟ මාගේ දෙනෙත් මොහොතකට
නතර විය. සිතේ ඇති වූ ආසාව නිසාම එය මම අතට
ගත් අතර එම ස්පර්ෂය මගේ නෙතට කඳුළු ගෙනාවේ
මටත් නොදැනිමය.

"තාමත් එයාව අමතක නැහැ නේද දිනුක"


"ටානියා.. නෑ.. මේ.. මම.. ම..ම"
"මට තේරෙනව කොල්ලො. හම්ම්ම්.. මගේ ලඟ
දඟකාරකම් කරද්දි මම දැනගෙන හිටියෙ නැහැ ඔයා
ඉමාෂගෙ බෝයි කියලා"
"එතකොට මට ඉමාෂව හම්බෙලා තිබුනෙ නැහැ ටානියා"
"ඒකත් එහෙමද.. මතකයන් වලට හිත පාරන්න දෙන්න
එපා දිනුක. එහෙම උනොත් ඔයාට නොදැනිම ඔයාව
විනාස වේවි. ඉස්සර වගේ ඉන්න දිනුක. මම ආසයි ඒ
දඟකාර කොල්ලට"
"මමත් ආසයි ටානියා ඉස්සර වගේ ඉන්න. ඒත් මට මගෙ
ජීවිතේ ගොඩක් දේවල් අහිමි උනා. මම ආදරය කරපු
ගොඩක් දේවල් මට නැති උනා. ඉතින් මම කොහොමද
ඉස්සර වගේ ඉන්නෙ"
"හරි හරි. ඒ ගැන පස්සෙ අපි කතාකරමු. මම ඔයාව මීට්
වෙන්න එන්නම්. මම ඔයාට පනිවිඩයක් කියන්න
හදිසියේම ආවෙ මෙතන්ට. ඔයාගෙ ඇස්වල කඳුලු
තියනවා දැක්කහම මගෙ හිතත් වාවන් නැතිව ගියා
දිනුක"
"මොකද්ද කාරනේ"
"ඔයා ඉක්මනටම මෙතනින් යන්න. වර්ණකුලසූරියගෙ
නැන්ද කෙනෙක් ආරූඩ වෙලා ඔයා ආව කියල
දැනගෙන"
"ඒ මොකෝ ඒ"
"ඔයා මේ ෆැමිලි එකට ආව දා ඉඳන්ලු මේ කරදර. අන්න
එහෙම කියකිය මරලතෝනි දෙනවා. බොහොම
අමරුවෙන් ෂේප් කරල කාමරයකට දැම්මෙ. ඒ නිසා ඔය
ඉක්මනටම මෙතනින් යන්න. දන්නවනෙ ඔය ගෑණුන්ගෙ
හැටි. මම පස්සෙ එන්නම් ඔයාව මීට් වෙන්න"

ටානියා එසේ පවසනවාත් සමගම මා එම ස්තානයෙන්


නොපෙනි ගියේ තරමක හිත් රිදවීමක් ඇතිව උවද ඔවුන්
පැවසූ කාරනය සාදාරණ වූයේ මේ සියලුම දේ පසුපස මා
සිටි නිසාය. සිදුවූ සියල්ලම මා මොහොතකට අමතක කර
මම පියුමිව හමුවීම සඳහා නියමිත ස්තානයට ගියෙමි. මා
තරමක් වේලාසනින් පැමිනි නිසා අප සුපුරුදු ස්ථානයට් වී
නිසල මුද දෙස බලා සිටියේ හිස් වූ සිතකිනි. මා කුමක්
කරම්ද කුමක් කියම්ද යැයි මසිත තුල අදහසක් නොතිබූ
තරම් වූ අතරම මා එකවරම තිගැස්සුනේ පිටුපසින් පැමින
කවුරුන්හෝ මා බදාගත් නිසාය. ඒ වෙන කවුරුත් නොව
පියුමිය.

"මාව දාල ගියෙ ඇයි දිනුක අයියා.. මන් කොච්චර


ඇඬුවද"
"මම ආයෙමත් ආවනෙ ඉතින්"
"ආවට මන් ගොඩක් ඇඬුවනෙ. සොරි කිව්වෙත් නැහැ.
මව දාල ගියාට මාව මෙච්චර ඇඬෙව්වට සොරි කියන්න"
"සොරි.. දැන් හරිනෙ"
"මම හිත හදාගත්තා විතරමයි දිනුක අයියා ඔයා නැතිව
ඉන්න. හම්ම්ම්.. එතකොටම ඔයා ආයෙමත් ආවා."
"ඒ කියන්නෙ ඔයාට මාව එපාද, පියුමි"
"එහෙම එකක් නැහැ දිනුක අයියා. ඔයාව දකිනකොට
මට ඉන්න බැහැ. තුරුල්කරගන්නමයි හිතෙන්නෙ. ඒත් .."
"ඒත් ... ඇයි නිහඬ"
"ඔයා හින්ද මම ගොඩක් දුක් වින්දා දිනුක අයියා. මේ
පුංචි කෙල්ල ඔයා හින්දා ගොඩක් විඳෙව්වා. මම ඔයා
නිසා අඬපු තරම් ඔයා දන්නෙවත් නැතිව ඇති"
"මම දන්නවා පියුමි. මම වැරැද්දක් කලා. එත් එහෙම
කලේ ඒ දේ ඒ විදිහට වෙන්න ඕනි නිසා. හම්ම්ම්.. මට
නොතේරෙනව නෙමේ ඔයා ඉන්න තත්වය. ඒක මටත්
දැනුන නිසා තමා ඔයා වෙනුවෙන් ආයෙමත් ආවෙ"
"ඔයා එනව කියල මම දන්නවා දිනුක අයියා. එහෙම
නොවුනනම් මම මේ ඔයාට දුන්නු ආදරෙන් ඵලක් නැහැ.
ඒත් ඔයා ආපහු එන්න මෙච්චර කාලයක් ගනීවි කියල
මම හිතුවෙ නැහැ. ඉතින් මම පුරුදු උනා ඔයා නැතිව
ඉන්න."
"හම්ම්.. "
"තරහ වෙන්නෙ නැතිනම් මම දෙයක් කියන්නද"
"කියන්න පියුමි"
"මම මෙහෙම කියන්නෙ ඔයාට ආදරේ නැතුවාම නෙමේ
දිනුක අයියා. අපි ටික කාලයකට යාළුවෝ වගේ ඉමු."
"පියුමි ... ඔ.. යාට..."
"මම දන්නවා අයියා, ආදරේ කරපු හිත් දෙකකට බැහැ
යාළුවො වෙන්න. ඒත් ඔයා මගේ ලඟින් ගියාම මම
ගොඩක් දුක් වින්දා දිනූක අයියා. මෙච්චර ආදරේ කරලත්
ඒ ආදරේ මදි උනාද කියල මට හිතුනා. ඉතින් මට බයයි
ආයෙමත් ඒ වගේ ආදරේ කරන්න. මොකද මම බයයි මම
ආයෙමත් පිස්සියක් වගේ අඬන්න උනොත් කියලා"
"හම්ම්.. ඒක එහෙම වෙන්නෙ නැහැ පියුමි. මේ දිනුක
අයියා හැමදාමත් ඔයා වෙනුවෙන්ම ඉඳීවි මේ ලෝකෙ
කොහේ හරි. අපි යාළුවො වගේ ඉමු. මම කැමතියි
ඔයාගෙ ඒ යෝජනාවට"
"ඔයා කිව්ව වගේ අපි දකින හැම හීනයක්ම අපිට ඕනි
විදිහට පාට කරන්න බැහැ අයියා. ඒත් එකක එකක්
මතකෙ තියාගන්න මේ කෙල්ල ඔයාට ගොඩක් ආදරෙයි.
මට ටිකක් කාලයක් දෙන්න මේ හැම දේටම."
"ඒ කියන්නෙ අපි මේ වෙරළ තීරයෙ හමුවෙන අන්තිම
දවසද පියුමි"
"අනේ එහෙම කියන්න එපා දිනුක අයියා. මම
ඉල්ලන්නෙ ඔයාගෙන් ටික කාලයක් විතරයි. මට මගේ
ස්ටඩීස් ඉවරකරගන්න දෙන්න. ඔයා මට කතාකරන්න
ඕන වෙලාවක මම එන්නම්. වෙනදා වගේම අත් අල්ලන්
එකට ඇවිදිමු. අයිස්ක්‍රීම් කමු. හැබැයි ඒ තාවකාලික
යාලුවන් විදිහට."
"හම්ම්ම්.. මේ හිතුවක්කාර ආදරේ හරිම වේදනාකාරීයි
පියුමි"
"ඒක ඔයාමයි උරුමකර ගත්තෙ දිනුක අයියා."
"මට තේරෙනවා පියුමි. ඒත් .."

මා කතාකිරීමට උත්ස කලද ඇය මා වැලක්වූයේ ඇගේ


දෙනෙතේ කඳුලු සඟවාගෙන වූ අතර මා නොසිතූ
වෙලාවක සියුම්ම මාගේ දෙතොල් මත හාදුවක් තැබූ ඇය
මගේ දෑසින් නොපෙනී ගියේ හරිම ඉක්මනටය. හිතුවෙවත්
නැති විදිහකට ඇගෙන් පිටවූ එම වචන කීපය දරාගත
නොහැකි තරමට වේදනාවක් මා තුල ඉතිරිකල අතර
මගේ දෙනෙතින් කඳුලැලි කඩා වැටුනේ මටද
අකීකරුවමය. මා එදා ඔයාගෙන් වෙන්වෙලා ගියේ
ඔයාගේම හොන්දටමැයි කෑගසා කීමට සිතුවද මා නිහඬව
සිටියේ මා ලද දඬුවම මා බාරගත් නිවාසෙනි. මගේ ලඟ
නොරැඳුනාට ලඟ සිටි දා දුන්න සෙනෙහෙට ස්තූතිකරමින්
මා කඳුලු පිරි දෑසින්ම මගේ ස්කූටිය මතට ගොඩ වූයේ
මාද මට අයිති නැති මොහොතකදීය.

"ඔහොම ඉන්න එපා පොඩි මහත්තයා.. මටත් දුකයි.


අනික ඒ ළමය යන්නම ගියා නෙමේනෙ."
"කොහොමද මොහොමඩ් මම මොකුත් නොවුන ගානට
ඉන්නෙ. හම්ම්ම්. මම ප්ලෑන්ස් ගොඩක් හිතේ තියාගෙන
ආවෙ ලංකාවට. ඒත් .."
"ඒ ගෑණු ළමය ටික කාලයක් ඉල්ලුවෙ. ඉතින් පොඩි
මහත්තය ඒක එයාට දෙන්න. මොකද පොඩි මහත්තය ඒ
ගෑණු ළමයගෙන් ගිය දා ඔයිට වඩා ඒ ළමය විඳින්න
ඇති. අඬන්න ඇති."
"හම්ම්.. මොහොමඩ් හරි. මේ දේ මට ලැබෙන්න තිබුන
දෙයක්. කාලයට බාර දීල බලාගෙන ඉන්න තියෙන්නෙ"
"ඒක තමා පොඩි මහත්තයා.. මේ ආව නිවාඩුව යාළුවො
එක්ක ටිකක් විනෝදෙන් ඉන්න. අනික පොඩි මහත්තයම්
නේද මට කිව්වෙ, ඒ ගෑණු ළමයට යන්න දෙන්න පුලුවන්
තරමට ආදරේ කරනවා කියලා."

මොහොමඩ් සමග කල කතා බහින් තරමක් හිත සැහැල්ලු


උවද මගේ දෙනෙත් තුල කඳුළු රැඳී තිබුනේ ඇගේ
මතකයන් විටෙන් විට මසිත පෑරූ නිසාය. ඇය එවැනි
තීරනයකට එළෑඹෙතැයි මම එක තප්පරයකටවත්
නොසිතූවද ඇය ගත් එම තීරනයට මා හට බලපෑමක්
කල නොහැක්කේ ඇයට එවැනි තීරනයකට යාමට
අයිතියක් තිබූ නිසාය. මක්නිසාදයත් මා මෙලෙස අද දින
ඇය වෙනුවෙන් දුක් වෙනවා සේම ඇය වෙනුවෙන්
ඇගේ ආදරය වෙනුවෙන් මෙලෙස යදිනවා සේම පෙර
දිනයක ඈ මා ඉදිරියේ ආදරයේ යාචකයෙකු වූ
නිසාවෙනි.

වෙනදා මෙන් නොව මාගේ දුරකථ ඇමතුම් වලටද ඇය


පිළිතුරු දුන්නේ ඉතා කලාතුරකින්වූ අතර ඇය පිළිතුරු දුන්
එම ඇමතුම කීපයද වචන කීපයකට සීමා වූයේ අප
දෙදෙනා අතර ඇති පරතරය තව තවත් වැඩිකරමින්ය.
අපට අයිති නැති අපේම අතීතයකට, ආදරයකට මං
සලකුණු විවර කරමින්ය. ඇය නැවතත් මගේම වී මගේ
ලඟම සිටිවියැයි මා හට බලාපොරොත්තුක් තිබුනද එම
බලාපොරොත්තුවට මා ජීවයක් නොදුන්නේ, මිනිස් සිත්
මුලා කරන සතුටු කරන හා සනසන වචනයක් වූ
බලාපොරොත්තුව කියනා දේට මා අකමැති වූ නිසාවෙනි.
එනමුත් මා හට ඉතිරිව ඇති එකම දෙය එය වූ නිසා
ඇගේ මතකයන්ගෙන්ම පමනක් මා දවසක් දෙකක් මගේ
නිවසේ කාලය ගත කලේ අම්මා ඇතුලු අනෙක් සියලු
දෙනාටම ප්රස්න රැසක් ඔවුන්ගේ මනසතුල ඉතිරි
කරමින්ය. එමන්ම ඇගේ මේ වෙන්වීම මට දරාගත
නොහැකි වීම මට මාවම පුදුමයට පත් කරන්නා වූ
දෙයක් උවද ඇය නැති පාළුව හා ඇය මා හට නැතිවී
ඇතැයි යන හැඟීමක් එන හැම මොහොතකම එම
වේදනාකාරී වූ හැඟීම් පෑන් තුඩකින් පිට කලේ එය මා
හට තාවකලික හෝ සැනසීමක් ගෙනදුන් නිසාය.

"මොකද අවුල පුතා. මම මේ දවස් දෙකක ඉඳන්


බලාගෙන හිටියෙ. කන්නෙත් නැහැ හරියට, බොන්නෙත්
නැහැ"
"මොකුත් නැහැ අම්මා. ටිකක් තනි වෙලා ඉන්න හිතුනා"
"හම්ම්ම්.. පියුමි දුවගෙ මොකක් හරි ප්රස්නයක් නේද"
"හම්ම්ම්.. "
"මට හිතුනා. ඕව ගැන හිතන්න එපා ළමයො. ඒ ළමයට
ඇත්තටම ඔයාව ඕනෙ නම් ඔයාගෙ ගාවට ඒවි. මම
කිව්වනෙ ඔය ඉස්කෝලෙ යන ගැහැණු ළමයිව විස්වාස
කරන්න එපා කියලා."
"පියුමි එහෙම නැහැ අම්මෙ. හරි වෙනස් කෙල්ලෙක්.
එයාව දාල ගිය එක මම කරපු ලොකු වැරැද්දක්"
"ඕව හිතන්න එපා. මේ නිවාඩු ඉන්න ටිකේ යාළුවො
එක්ක ටිකක් විනෝද වෙලා ඉන්න. මයෙ පුතාව මට
නැති කරගන්න බැහැ. ඉවසල ඉන්න පුතේ. හැමදේම
හොඳින් සිද්ද වේවි"

අම්මා පැවසූ පරිදි සියලු දේම හොඳින් සිදුවෙනවානම්


මමද කැමැත්තෙන් සිටියේ එවිට පියුමි මගේ ළඟ රැඳෙන
නිසාය. නමුත් එය අම්මා පවසන අයුරින්ම ඉතා
ලෙහෙසියෙන් සිදු නොවනා බව මම හොඳාකාරව දැන
සිටියෙමි. මගේ නොවුනට ඉන්නා තැනක හොඳින් ඉන්න
යැයි ඇයට සිතින් ආශිර්වාද කල මා සුපුරුදු ලෙස මගේ
ස්කූටියට ගොඩවූයේ පරණ මිතුරන් පිරිස සමග සැඳෑ
යාමය ගත කිරීම සඳහාය. මා සිතුවා සේම ඔවුන්ව
එකතුකර ගැනීමට මට අපහසුවක් නොවූයේ ඔවුන්
උපාදියේ අවසාන අදියර හදාරමින් සිටි නිසාය.

"පිස්සු හැදෙයි මචන්.. මම හිතුවෙ නැහැ කවදාවත් මේ


රෙස්ටුරන්ට් එකේ අපි ආයෙමත් එකට ඉඳගනීවි කියල.
අනික මේව උඹ නැතිව පාලුවෙන් තිබුනෙ දිනුක"
"එහෙම කියන්න එපා ඩිලා. හැමදාම මම ඔයාල එක්ක
ඉන්නවා.. ඒක නෙමේ කොහොමද ලයිෆ් එක උඹලගෙ.
කෝ රොෂෙන්"
"මිනිහා මේ ටිකේ ටිකක් බිසී යාළුවා. අපේ පන්තියේ
ඉන්න අක්කල සේරම එකිනෙකාට හොරෙන් රොෂෙනට
ලව්. ඒත් අපි දන්නවා"
"නෑ.. ඉතින්.. රොෂෙනත් ඉන්නෙ හරියට දහයට ගනින්න
බැහැ වගේනෙ."
"ඒක තමා දිනුක. අමිල කිව්ව කතාව සහතික ඇත්ත.
රොෂෙන් හිතාගෙන ඉන්නෙ අපි දන්නෙ නැහැ කියලා"
"ඒ උනාට අපි දන්නවා.. දන්නවනෙ අපේ ගයියගෙ වැඩ.
ඇන්ටනාව දාල ගානට චැනල් ටියුන් කරල තියෙන්නෙ.
හරි හරි ඕවලින් වැඩක් නැහැ.දිනුක කියන්නකො ඉතින්
එහෙ විස්තර ටිකක්. ජොබ් එක එහෙම කොහොමද,
එතකොට අරාබි කෙල්ලො එහෙම .."

මිතුරන් සමහ කාලය ගත කලද මාගේ හිත තරමක


නොසන්සුන්ව තිබූ නිසාදෝ මා හට හිස් බවක්
දැනෙන්නට විය. වෙනදා මෙන් නොව ඩිල්ෂාන් සමග
තරඟෙට බීර බෝතල් හිස් කිරීමද මා අද ප්‍රතික්ෂේප
කලේ ඒ නිසා විය යුතුය. මාගේ වෙනස ඔවුනට තේරූ
නිසාදෝ නැවතත් මා හට තරමක අමාරු වූ ප්‍රස්න
කීපයකට පිළිතුරු සැපයීමට සිදුවිය. ඔවුන් ඇසූ සෑම ප්‍
රස්නයකටම අවන්කෑඅම පිළිතුරු ලබා දුන්නේ මා හට
ඔවුනට සැඟවීමට තරම් දෙයක් නොතිබූ නිසාය.

කාලය හෙමිහිට ගෙවී ගියේ මාගේ නිවාඩු කාලය


අවසාන බව මා හට අඟවමින්ය. මාගේ හිතේ ඉටුකර
ගැනීමට නොහැකි වූ සිහින රැසක් ඉතිරිව තිබුනද ආපසු
යාමට මට කාලය එළඹ තිබුනි. ජීවිතයේ ලස්සන හීනයක්
හා තවත් එක බලාපොරොත්තුවකින් මා පැමිනි මේ
ගමන හිස් අතිනම් ආපසු යාමට මා හට සිදු උවද හිත
හදා ගන්නවා ඇරෙන්න මට කිරීමට දෙයක් නොතිබුනේ
ඇගේ ආදරය බලහත්කාරයෙන් ලබා ගැනීමට මා අකමැති
වූ නිසාවෙනි. එමෙන්ම මේ වේදනාව මා හට ලැබීමට
තිබූ දෙයක් බව මම විෂ්වාස කලෙමි.

"සේරම ලෑස්තිද පුතේ.. කෑම මොනව හරි හදල දෙන්නද


ගෙනියන්න"
"ඕන නැහැ අම්මෙ. ලෑස්ති කරන්ව කියල මේ ඇඳුම් ටික
විතරනෙ තියෙන්නෙ"
"ඔයා හොඳින් නේද"
"ඔව් අම්මෙ මම හොඳින්. ඇයි එහෙම ඇහුවෙ"
"මට මේ කොල වගයක් හම්බුනා ඊයෙ ඔයාගෙ කාමරේ
අස් කරනකොට. පියුමි ගැන ගොඩක් දේ ලියල තිබුනා ඒ
කොලවල."
"ඒ.. මේ.. ඒ .. හම්ම්ම්ම්"
"අමතක කරන්න උත්සහ කරන්න පුතේ. යනතැන රස්සාව
හරියට කරල දියුණු වෙලා එන්න. ඒ ළමයට පෙන්නන්න
ඔයාව දාල හියාට ඔයා සැලුනෙ නැහැ කියලා."
"පියුමිව අමතක කරන එක ලේසි වෙන එකක් නැහැ
අම්මෙ. ඒත් මම උත්සහ කරන්නම් මගේ උපරිමයෙන්ම"

මා එසේ පවසනවාත් සමගම අම්මා හා මා අතර තප්පර


කීපයක නිහඬතාවයක් ඇති වූයේ අප දෙදෙනාගේ
දෙනෙත් එකිනෙකට මුනගස්වමින්ය. මම මගේම සිත
රවටමින් මා කියූ දේ බොරුවක් බව අම්මා දැන සිටි බව
මම ඇගේ සුසුම් තුලින් තේරුම් ගත්තෙමි. එමෙන්ම කඳුලු
පිරිනු මගේ දෑස් දෙස මොහොතක් බලා සිටි අප අම්මා
මා සිටිනා තැනින් නොපෙනී ගියේ නිහඬවම වූ අතර
ඇය අතැති වූ පොඩිවුණු කඩදාසියක් මගේ මේසය මත
තබමින්ය. එය මට අයිති දෙයක් බව අඳුනාගැනීමට මට
එතරම්ම වෙලාවක් ගත නොවූයේ පසුගිය දින කීපයන්හි
මගේ හිතට දැනුන වේදනාව මා පෑන් තුඩකින් හැඩ දැමූ
කීපයකින් එකක් වූ නිසාය.
"හිතට දැනුන හැම හැඟුමන් කීවේ
නුඹටම නේදෝ මා රහසින් ..
හදවත සරසා දඟකාරියෙ නුඹ
අහගෙන උන්නා සිනාසෙමින් ..
මේ දිවි ගමනට නුඹගේ සෙනෙහස
මල් වැස්සක් වී නොසැලුනොතින් ..
තනිකම පාළුව නුඹගේ මතකය
මේ මගෙ දිවියෙන් නොමැකුනොතින් ..
ඔබ ලබනට මා කල පිං
නොසෑහුනොත් මතුයම් හෙයකින්..
දෙනෙත් පියාගමි යලි නාරින්නට
මතු බවයක හෝ නුඹ පතමින් .."

තප්පර කීපයක නිහැඬියාවකින් අනතුරුව මා ඇතැති වූ


එම කොල කැබැල්ල ගුලිකර කාමරය තුල වූ කුණු
කූඩයට විසි කලේ එය නැවතත් මා සිතුවිලි පෑරූ නිසාය.
මගේම නොවූ මගේම සිහිනයක අතරමන් වෙමින්
කල්පන්න ලොවක අතරමන් වූයේ අම්මා සාදා දුන් තේ
කෝප්පය තොලගාන අතරවාරයේය. කොතරම්ම මා
කල්පනා ලොවක සිටියාද කියනවනම් අමිල අප නිවසට
පැමිනෙනවාද මම නොදැන සිටියෙමි. මාගේ එම
හැසිරීමට අමිලගෙන් සමාව අයැදීමෙන් අනතුරුව අප
දෙදෙනාම සොහොන් පිටියට ගියේ මගේ අතීත මිතුරන්
දෙදෙනාව බැලීමටය. පසුගිය මාස කීපය තුල මා
නොසිටියද මගේ මිතුරා වූ අමිල විසින් එම ස්ථානය
සුද්දපවිත්‍ර කර මල් තබා ඉටිපන්දම් දල්වා තිබුනි. මගේ
මුලු හදවතින්ම මම නැවතත් අමිලට ස්තූති කලේ අප
ගෙනා ඉටිපන්දම් දල්වන අතර වාරයේදීය. වෙනදාමෙන්
නොව අද දිනයේ අප දෙදෙනාටම එම ස්තානයෙන් ඉතා
ඉක්මනින් ඉවත්ව යාමට සිදු වූයේ නොසීතූ මොහොතක
මා හට පියුමිගෙන් ලැබූ දුරකථන ඇමතුම නිසාය. මට
එය අදහාගත් නොහැකි උවද ඇයව හමු වීමට ඉතා
ඉක්මනඉනම අපගේ මතකන්ගෙන් පිරි ස්ථානයක් වූ
වෙරළ තීරයට පැමිනෙනෙ ලෙස ඇය පවසා සිටි අතර
මගේ මිතුරා වූ අමිල මා එම ස්ථානයට දමා ඔහු වෙන්වී
ගියේ මට ගෙනයාමට අවෂ‍
ය්‍යව තිබූ භාන්ඩ කීපයක් මිලදී
ගැනීමටත් හා අප දෙදෙනාට නිදහසේ අදහස් හුවමාරු
කර ගැනීමට අවස්ථාව උදාකරදීමටත්ය.

"ඔයා මම එක්ක තරහ නැහැ නේද දිනුක අයියා"


"අනේ මම කොහොමද ඔයා එක්ක තරහ වෙන්නෙ.
අනික මම ඇයි එහෙම කරන්නෙ.ඔයා වැරැද්දක් කලේ
නැහැනෙ මට"
"මම කිව්ව ඒවටත් මම එක්ක තරහ නැනැ නේද.
පොඩ්ඩක්වත්. මට ආදරේ අඩුවෙලත් නෑනෙ චුට්ටක්වත්"
"නැහැ .."

මා හට වැඩි යමක් පැවසීමට නොහැකි වූයේ නොසිතූ


මොහොතක ඇය මා තුරුළුකරගත් නිසාය. කඳුලු පිරුනු
දෙනතකින් යුතුව ඈ සියුමව මා දෙතොල් සිප ගත්තේ
අපගේ ආදර කතාවට නව ජීවයක් එක් කරමින්ය. මගේ
නොවූ මගේ සිහිනයට මගේම වන්නට
බලාපොරොත්තුවක් දල්වාලමින්ය.

"මට සමාවෙන්න දිනුක අයියා. මම ඔයාට ආදරෙයි. මට


බැහැ ඔයා නැතිව ඉන්න."
"එහෙනම් ඇයි එදා කිව්වෙ අපි ටිකකට් වෙන් වෙලා ඉමු
කියලා"
"අනේ මම එහෙම කිව්ව තමා දිනුක අයියා. ඇත්තටම
මම දන්නෙ නැහැ මම එහෙම කිව්වෙ ඇයි කියලා. ඒත්
මම මාර විදිහකට දුක් වින්දෙ මේ දවස් වල. අනික ඔයා
හෙට අයෙමත් යනව කියල මට මතක් වෙනකොට මම
ඒ ඔයාගෙන් හන්ගපු අදරේ මට හන්ගගෙන ඉන්න බැරි
උනා. අනේ මෙ කෙල්ලට වෛරකරන්න එපා"
"ම්ම්ම්.. මම හෙට යනව කියල කොහොමද දන්නෙ"
"මම දන්නවා. ඔයාට තවමත් මම ආදරෙයි. ඔයාව මට
දැනෙනවා තවමත්, හැඟෙනවා තවමත්. අනේ යන්න එපා.
මාවදාල යන්න එපා. ඉන්න මගේ ළඟට වෙලා. නැතිනම්
මාවත් එක්කන් යන්න ඔයා ඉන්න තැනට"
"අනේ පියුමි ඔහොම කතාකරන්න එපා. මගේ මේ හිත
වාවන්නෙ නැහැ"

ඇය නැවතත් මා වෙතට තුරුලුවෙමින් ඇගෙන් සිදුවූ


වරදට සමාව අයැද සිටි අතර කීමට බොහෝ දේ තිබුනද
ඇගෙන් ඇසීමට බොහෝ දේ තිබුනද එම කිසිවක් මගේ
මනස තුලට නොපැමිනීම නිසා මමද නිහඬව සිටියෙමි.
නිහඬව ඇගේ ස්පර්ෂය වින්දෙමි. එමෙන්ම මා නැවත
පැමිනියේ ඇයව මා හා රැගෙන යාමට බව ඇයට
පවනවාද නැද්ද යන චකිතයක් හදිසියේම මසිත තුළ
දෝලනය වුවත් මා නැවත නොයා සිටීමට ක්ෂනික
තීරනයක් ගනුලැබුවේ නැවත ඇයව මා අහිමිකර ගැනීමට
අකමැති වූ නිසාය.

"දිනුක අයියා.. හෙට ඔයා යන්න. කමක් නැහැ, මම ඔයා


එනකම් ඉන්නම් මේ හිත තියාගෙන."
"කමක් නැහැ පියුමි. ආයෙ යන්න ඕන නැහැ මට.
ආයෙමත් බැහැ ඔයාව නැතිකරගන්න මට. අනික එක
පාරක් විඳෙව්වා මන්. ඒ නිසා .."
"අහන්නකො දිනුක අයියා.. ඔයා ගිහින් එන්න. ඔයා
එනකොට මගෙ එක්සෑම් ඉවරයිනෙ. ඊට පස්සෙ මාව
එක්කගෙන යන්න. ඔයාගෙ ගාවින්ම තුරුල් කරගෙනම
තියාගන්න මාව"

පියුමිගේ මෙම හැසීරීම මා හට අගන්තුක උවත් මා පැතූ


ආදරේ මෙන්ම මා අදරය කල ඒ පුංච් දඟකාරිය නැවත
මා ළඟට පැමිනීම මගේ සිතට ගෙන ආවේ පුදුමාකාර
සහනයකි. එය මා හට වචනයකින් විස්තරකල නොහැකි
දෙයක් වූයේ මාගේ මුළු ජීවිතයම එම හැඟීම් තුල තිබූ
නිසා විය යුතුය. කරුනු කාරනා මෙසේ සිදුවෙද්දී මටත්
වඩා සතුටින් සිටියේ මගේ අම්මා හා මගේ මිතුරා වූ
අමිලය. මක් නිසාද යත් නැවත මගේ සුපුරුදු සිනහව
ඔවුනට දැක ගැනීමට ලැබීම හා මම නැවතත් සුපුරුදු
ජීවන රටාවට පැමිනි නිසාවෙනි. එමෙන්ම මා හටද
පෙවුනු මාස කීපයටම වඩා දැනුනේ පුදුමාකාර
සැහැල්ලුවක් වූවත් නැවටහ් ඇගෙන් වෙන්වී දුර රටකට
යාම මගේ සිත අනුමත නොකලේය. නමුත් ඇගේ ඉල්ලීම
නිසා හා මගේ අනාගත සැලසුම් නිසා මා නැවතත්
පැමිනියේ බලාපොරොත්තු හා සිහින රාෂියක් පොදි
බැඳගෙනය.

"කොල්ල හියාට වඩා සතුටින්නෙ. මේ වගේ හිනාවක්


මෙහෙ හිටිය මාස ගානටම මම දැක්කෙ නැහැ ඔය
මුහුනෙ"
"අසිස් දන්නවනෙ ඉතින් විස්තරේ."
"මම විහිළුවක් කලේ දිනුක. මම කිව්වෙ හැමදේම හොඳින්
වෙයි කියලා. ඒ ළමය කැමති උනාද එන්න"
"මම ඒ ගැනනම් කිව්වෙ නැහැ අසිසි එයාට. එයාම
කිව්වා එයාගෙ විභහගෙ ඉවර උනාම එයාව එක්කන්
යන්න කියලා"
"හම්ම්ම් ඒක හොඳයි. ඔයා බය වෙන්න එපා දිනුක, මම
සේරම ලෑස්ති කරන්නම්. දැන්වත් ඔය බීම ටිකක් අඩු
කරල අලුතින් ජීවිතය පටන් ගන්න බලන්න. තාම පරක්කු
නැහැ"
"හම්ම්ම් .. ඒක නෙමේ අසිස් අර ඔයාගෙ යාළුවගෙ
වැඩක් තියනවා කිව්වා නේද"
"ඒක ටිකක් කල් දැම්මා දිනුක. පකිස්තාන් කාරයෙක්
එක්ක තමා ගනුදෙනුව කරන්න තියෙන්නෙ. ඒත් මිනිහව
මට ෂුවර් නැහැ. ඒ නිසා වැඩේ ටිකක් කල් දාල
තියෙන්නෙ. අනික ඔයා මෙවට පැටලෙන්න එපා දිනුක.
දැන් ඇති. සීමාවක් තියෙන්නත් ඕනනෙ. ඔයා දැන්
ඔයාගෙ ලයිෆ් එක හදාගන්න බලන්න"
"ඒක ඇත්තනම් තමා. ඒත් එහෙම කියල මට ඔයාව
හලන්න බැහැ අසීස්. ඕනම උදව්වක් තියනවනම් කියන්න
හරි."
"බලමුකො .. බලමුකො .."
පළමු වතාවට නිදහස් මනසකින් හා නිදහස් සිතුවලි
වලින් යුතුව මම මාගේ කාර්යාලයේ වැඩ කෙරුවෙමි.
මගේ සිතෙහි තිබූ නිදහස් බව නිසාදෝ වෙනදා මෙන්
කාර්යාලීය රාජකාරියන්ගේ තෙහෙට්ටු බවක් මට
නොදැනුනි. එමෙන්ම සුරාවෙන් සැලකියයුතු දුරකට ඈත්
වීමටද මට හැකිවිය. වෙනදා සතියේ දවස් හතම
පැනරෝමාවෙහි ගතකල මම එය මාසයකට එක දවසකට
දෙකකට සීමාකෙරුවෙමි. මාගේ මේ වෙනස්වීම මාගේ
කාර්යාලයේ මිතුරන්ට හා අසීස්ටද අදහා ගත නොහැකි
උවත් ඔවුන් සියලුදෙනාම මගේ එම වෙනසට ආදරය
කලේ එම වෙනස තුල මම, මා ලෙසින්ම ජීවත් වූ
නිසාය.

මස තුනක හතරක පමන කාලයක් ඉතා ඉක්මනින්ම


ගෙවී ගියේ මටද හොරාවටමය. පියුමි මගේ ජීවිතය
කොතරම්නම් දුරකට වෙනස්කලාදැයි මම අනන්තවාරයක්
කල්පනා කලේ මීට මාස කිපයකට කලින් සිටිය මම හා
දැන් සිටිනා මම අතර තිබූ වෙනස සසඳා බැලූ නිසාය.
එමෙන්ම කොතරම් වැඩ රාජකාරීන් තිබුනද මම ගෙවුනු
හැම දවසකදීම පියුමිට කතා කිරීමට අමතක නොකෙරුවේ
ඒ නිසාවෙනි. ගෙවෙනා මේ ජීවිතය කොතරම් සුන්දරදැයි
සිතූවද පියුමි ලඟ නැතිබව දැනෙනා විට, ඇගේ අතින්
අල්ලන් එහේ මෙහේ ඇවිදීමට නොහැකි බව දැනෙනා
විට, එමෙන්ම ඇගේ දෙතොල් සිප ගැනිමට නොහැකි
නිසා වරින් වර මගේ සිතට වේදනාකාරි සිතුවිලි පහල
උවද මා ඒ සියලුම දේ සඟවාගෙන සිටියේ ඇගේ ආදරේ
මගේ ළඟ තිබූ නිසාය. ඇගේ සුවඳ මගේ ලඟ රැඳී තුබූ
නිසාය.

"දිනුක අයියා.. ඔයා කොහෙද ඉන්නෙ"


"අනේ පියුමි මම තාම ඔෆිස් එකේ ඉන්නෙ. අද ටිකක් රෑ
වෙයි වගේ ගෙදර යනකොට. ඉන්න මම ඔයාට කෝල්
එකක් ගන්නම්"
"නෑ නෑ.. ඕනි නැහැ. දිනුක අයියා .. මේ ..."
"මොකද පියුමි. මොකද අවුල. ඔයා හොඳින් නේද"
"මම කෙලින්ම කියන්නම්කො. අපි මේ සම්බන්දය නතර
කරමු. මොකද මට මේක කරගෙන යන්න බැහැ. අනික
මට ඕනත් නැහැ"
"පියුමි.. ඔයා මේ මොනවද කියවන්නෙ. ඇයි මේ.."
"සමාවෙන්න මට බලාපොරොත්තු දුන්නට. අනික මම
හිතාගෙන හිටියෙ ඔයා මට ආදරේ කරන්නෙ ටයිම් පාස්
කරන්න කියල. අනික ඔයාට මට වඩා හොඳ කෙල්ලෙක්
ලැබෙයි ආදරේ කරන්න. මාව අමතක කරල දාන්න."
"ඔයා මොනවද මේ කියවන්නෙ පියුමි. ඇයි ඔයා මට
මෙහෙම කරන්නෙ පියුමි"
"එක පාරක් මාව එප කියල ගියානෙ. අනික මම වෙන
කෙනෙකුට ආදරේ කරනවා."
"එතකොට ඔයා මේ කරපු හැමදේම බොරුවක්ද"
"ප්ලීස් මට මගේ පාඩුවේ ඉන්න දෙන්න දිනුක අයියා.
ආයෙ මට කෝල් කරන්න ට්‍රයි කරන්න එපා. හොඳින්
ඉන්න ඔයා"

නොසිතූලෙස ඇගේ දුරකථනය විසන්ධි විය. මා අසල තිබූ


පුටුවක මා ඉබේම ඉඳගත්තේ මගේ දෙපයට පණ
නොමැති බවක් දැනුනු නිසාය. එමෙන්ම මගේ හිතට
දැනුනු වෙදනාව මදකට හිර කරගෙන මා එම පුටුවේම
වාඩි වී විනාඩි කීපයක් නිහඬව සිටියේ මගේ
කාර්යාලයේ මිතුරන්වද පුදුමයකට පත්කරමිනි. 'මම්
හිතුවෙ ඔයා මට ආදරේ කලේ ටයිම් පාස් කරන්න
කියලා' 'මම වෙන කෙනෙකුට ආදරේ කරනවා' 'ප්ලීස්
මට මගේ පාඩුවේ ඉන්න දෙන්න' යන වදන් කීපය මගේ
මනසේ දෝන්කාර දෙන්නට විය. මොහොතකට
ගල්පිලිමයක් බඳු වූ මගේ සිරුර ගිනිගන්නා ගැඟීමක් මට
දැනුනු අතර මෙතෙක් වෙලා මා දරාගෙන සිටි ඒ
වේදනාව දෙනෙතේ කඳුළුවලින් පිටව ගියේ මගේ
කාර්යාලයද මොහොතකට නිහඬකරමින්ය.
විනාඩි කීපයකට පමන මා හොළුවෙකු විය. බිහිරෙකු විය.
ඊළගට කල යුත්තේ කුමක්දැයි මා හට නිවරැදි
කල්පනාවක් නොතිබුනි. කාර්යාලයේ මා සමග වැඩ
කරනා පිරිස නොයෙකුත් දේ මගෙන් විමසුවද ඔවුනට
කෙටි පිළිතුරු ලබා දෙමින් මා කාර්යාලයෙන් පිටව ගියේ
තවත් එහි රැඳී සිට සේවයේ නිරත වීමට තරම් මා තුල
ජවයක් හා මානසික තත්වයක් නොතිබූ නිසාය. හදිසි
අසනීප තත්වයක් යැයි පවසා ලොක්කාගෙන් අමාරුවෙන්
නිවාඩුවක් රැගෙන මා පැමිණියද මම කල යුත්තේ
කුමක්දැයි මම නොදැන සිටියෙමි. ඝන අන්දකාරයේ තනිවී
මංමුලා වූ එකෙකු සේ මට දැනුනි.

කාලය වෙනදාට වඩා වේගයෙන් ගෙවෙන්නට වූයේ


මාගේ ජීවිතය තව තවත් අඳුරු අගාදයකට ඇද දමමින්ය.
ගෙවුනු විනාඩියක් විනාඩියක් පාසා ඇගේ දුරකථනයට
ඇමතුමක් ලබා ගැනීමට මා උත්සහ කලද එම
උත්සහයන් සියල්ල අසාර්තක විය. මගේ මිතුරා වූ අමිල
ඇයව මුනගැසිමට ගොස්තුබූ අතර ඔහුටද ඇය පවසා
තිබුනේ ඇයව අමතක කරනා ලෙසය. අමිල එයට හේතූන්
පවසා සිටියද ඇය ඔහුට කිසිවක් නොපසවා තිබූ අතර
අමිලටද බැන තුබුනේ ඇගේ ජීවිතේ තීරන ඇයට අයිති
බව පවසාය.
"දිනුක, මොකද මේ පිස්සෙක් වගේ. කල්පනාවෙන් වැඩ
කරන්න. ඔයා හොඳින් හිටියෙ නැතිනම් කොහොමද
මොකද උනේ කියල අපි හොයා ගන්නෙ"
"අනේ මට තේරෙන්නෙ නැහැ අසීස්. මට තේරෙන්නෙ
නැහැ. මම ඒ කෙල්ලට ගොඩක් ආදරේ කලා"
"හරි හරි ළමයො, මට නොතේරෙනව නෙමේ.. "
"එයාට මොකද උනේ එක පාරටම. එයාට මට වඩා
ආදෙරේ කරන්න කව්ද හම්බුනේ. කොහොමද එයා මගේ
ළඟ තුරුලුවෙලා හිටිය විදිහටම තව කෙනෙක් ළඟ
ඉන්නෙ"
"ඔය කියපු සේරම කෙල්ලෙකුට හරි ලේසියෙන්ම කරන්න
පුළුවන් දිනුක. පිස්සෙක් වගේ හැසිරෙන්න එපා. තමන්ව
පාලනය කරගන්න බලන්න. මෙඩිකල් ලීව් දෙකක් දාල
ඉන්න මේ දවස් දෙකත් ගෙදර"
"මම කොහොමද අසීස් එමොනවත් නොවුන ගානට
ඉන්නෙ. මම කරපු වැරැද්ද මොකද්ද. අනික මාව මෙහෙම
තනි කරල යන්නනම් ඇයි මගේ ළඟට ආවෙ ආයෙමත්.
මට ජීවයක් දුන්නෙ ඇයි"
"ඔය ප්‍රස්න සේරටම උත්තර තියෙන්නෙ ඒ ළමය ළඟ
විතරයි දිනුක. හම්ම්ම් මට තේරෙන්නෙ නැහැ ඔයාව
දිනුක"
අසීස්ට නොව මටද මාව තේරුම් ගැනීමට නොහැකි වී
තිබුනි. මගේ මිතුරා අසීස් පැවසූ පරිදි මගේ හිතේ
තිබෙනා වූ ප්‍රස්න සියල්ලටම පිළිතුරු ඇත්තේ ඇය ළඟය.
මා නැවත ඇය වෙතට යා යුතුය. මාව මෙතරම්ම
තනිකර හැරයන්න මෙතරම්ම මා වෙතට ළන්වුනේ
ඇයිදැයි මට ඇගෙන්ම ඇසිය යුතුය. ඇගේ මතකයන්
සිහිවනා විට මා සිතින් දැවී දැවී මැරුනද එම වේදනාව
වෛරයකට නොපෙරලුනේ ආදරය කරපු හිතින්ම ඇයට
වෛර කිරීමට මම අපොහොසත් වූ නිසාය.

සිතට දැනෙන්නා වූ වේදනාවට මා ටිකෙන් ටික හුරු


උවද වෙනදා මෙන් නොව මාගේ ජීවන රටාව
සම්පූර්ණයෙන්ම අවුල් වියවුල් එකක් විය. මාගේ
කාර්යාලීය වැඩ පවා මට අතපසු වී මගහැරී ගිය අවස්ථා
අනන්ත අප්‍රමාන වූ නමුත් මා සමග සේවය කල මගේ
මිතුරන් පිරිස ඒ සෑම අවස්තාවකදීම මාව කරදරවලින්
බේරාගනු ලැබුවේ ඔවුන් සියලු දෙනාම මා සිටිනා තත්වය
තේරුම්ගත් නිසාවෙනි. නමුත් මගේ තත්වය දිනෙන් දින
අවාසනාවන්ත වූ නිසා, දින දෙකක පමණ දීර්ග
කල්පනාවකින් අනතුරුව කාර්යාලයට මුසාවක් පවසමින්
මගේ විදේෂ ගමන් බලප්‍රත්‍රය අතට ගත් මා ගුවන් ටිකට්
පතක්ද රැගෙන කාර්යාලයනෙ කෙලින්ම ගුවන් තොටුපලට
ගියේ කිසිවෙකුට නොදන්වා ඇයව හමුවීමට යාමටය.

"අසීස්, මම ෆලයිට් එකේ ඉන්නෙ. සොරි නොකිව්වට."


"මොනව. ඔයා මොනවද මේ කියන්නෙ දිනුක. ඇඳුම්
සේරම මෙහෙනෙ"
"ඇඳුම් වලින් මට වැඩක් නැහැ අසීස්. මට තවත් ඉන්න
බැහැ මේ විදිහට. ඒකයි මම මේ තීරනේ ගත්තෙ. කවුරුත්
දන්නෙ නැහැ. අඩුම තරමෙ ඔෆිස් එකට කිව්වෙත් නැහැ"
"මට තේරෙන්නෙ නැහැ දිනුක. හම්ම්ම්.. ඒ කියන්නෙ
ආයෙමත් මේ ජොබ් එකට ඔයාට එන්න බැරි වෙයි"
"මට ජොබ් ඕනි නැහැ අසීස්. ගොඩක් ස්තූතියි මම
වෙනුවෙන් කරපු හැම දේටම."
"කරන දෙයක් පරිස්සමට කරන්න දිනුක. මොහොමඩ්
ඉන්නවනෙ උදව්වට. කෙල්ලෙක් හින්දා ජීවිතේ අමාරුවෙ
වැටෙන්න එපා. අනික ඔයා කව්ද කියන එක අමතක
කරන්නත් එපා. පරිස්සමෙන් යන්න"

අසීස් කොතරම් දේ පැවසුවද ඒ කිසිම දෙයක් මසිත තුල


නොරැඳුනේ මගේ සිත වේදනාවෙන් පිරී තිබූ නිසාවෙනි.
මා මේ ගත් හිතුවක්කාර තීරනය නිසා ජිවිතයේ ගොඩක්
දේ මා හට අහිමි වනවා මෙන්ම තවත් බොහෝ දේවල්
මා හට අහිමිවනවා නොඅනුමානය. ඇයව හමුවු පසු මා
කුමක් කරම්දැයි මගේ සිත තුල ස්තීර සැලැස්මක්
නොතිබුනද මෙම අවස්තාවේ මට උවමනා වූයේ ඇයව
මගේ මේ දෙනෙතින් දැක ගැනීමටය. ඇය වෙනුවෙන් මා
තවමත් සිටිනවා බව ඇඟවීමටත් මා ඇයට දුන් ආදරය
බාල්දු හිස් ආදරයක් නොවන බවත් ඇයට තේරුම්
කරදීමටත්ය.

පැය හතරක ගුවන් ගමනක් උවත් මට එය දවස්


ගනනාවක් ලෙස දැනුනේ මගේ සිත කලබලයෙන් තිබූ
නිසා විය යුතුය. එමෙන්ම මා පැවසූ ලෙසම අමිල මා
රැගෙන යාමට ගුවන් තොටුපලට පැමින තිබුනද මට
අදහාගත් නොහැකි දසුන වූයේ අමිල අපේ අම්මා හා
නංගී සමග පැමින තිබීමය. අම්මා දුටු විගසම අම්මාට
තුරුලු වී පොඩි ළමයෙකු මෙන් කඳුලු සැලුවේ මා අසල
සිටි සියලුම දෙනා පුදුමයකට පත් කරමින්ය. මගේ දෑසින්
පිටවීගිය කඳුලු නිසාත් අවශ‍
ය්‍යම මොහොතක අම්මාගේ
උණුසුම ලැබූ නිසාත් මෙතුවක් දවසකට වේදානාවෙන්
හා පිරී තිබූ මගේ සිතට සිසිලසක් ගෙනදෙන්නට වූ
අතරම, අප සිලළු දෙනාම ඉතා ඉක්මනින්ම නිවස බලා
පිටත්ව ගියේ අම්මාව මෙමෙ ස්ථානයට ගෙන ආවාට මා
මගේ මිතුරා වූ අමිලට ස්තූතිය පුද කරන අතර වාරයේය.

මුලු රාතිය පුරාවටම නින්දක් නොතිබුනද මම අම්මාගේ


තුරුලේ සිටි නිසා පැය කීපයකට පමන ඇස පියවා
ගැනීමට මට හැකි වූ අතර එම පැය කීපය දින
කීපයකින් මා ලද එකම සුවපහසු පැය කීපයක් විය.
එමෙන්ම අම්මාගේ ඉල්ලීම මත අද තාත්තාද නිවාඩුවක්
දමා නිවසේ නතර වී සිටි අතර නංගීද අමතර පන්තියට
නොගොස් හිටියේ ඔවුන් සියලු දෙනාම සිදුවූ දෙය
දැනගෙන සිටි නිසාවෙනි. අමිලද උදෙන්ම අප නිවසට
පැමිනි අතර සියලු දෙනාම නිහඬව වාඩි වී එකිනෙකා
දෙස බලමින් සිටියේ අම්මාගේ තේ කෝප්පයක රස විඳින
අතරතුරදීය.

"දැන් ඔයා ආව කියල ඔයාලගෙ ඔෆිස් එකෙන් දන්නවද"


"නැහැ තාත්තෙ. මම වැඩකට කියල පාස්පොර්ට් එක
ඉල්ලගෙන එහෙම්ම ටිකට් එකක් දාගෙන ආව."
"පොඩ්ඩක් ඉවසන්න තිබුනෙ නැද්ද ඔයාට. එක පාරකුත්
කෙල්ලෙක් හින්දා මැරෙන්න ගිහින් හරි අමාරුවෙන්
ගොඩ ආවෙ. දැන් ආයෙමත්.."
"ඒ ළමයට කෑගහන්න එපා අනේ.. වෙච්චදේ උනා. පුතා
අපි ගාව ඉන්න එක හොඳයි."
"ඒකනම් ඇත්ත තමා ඇන්ටි. දිනුක අපි එක්ක ඉන්න එක
හොඳයි. තනියම ඉන්නවට වඩා. නැතිනම් මොනවයින්
මොනව වෙයිද දන්නෙ නැහැ"

අප සියලුදෙනාම නිවස තුල සිටි නමුත් සියලුම දෙනාගේ


සන්වාදා ඉතා කෙටි සන්වාද වූයේ මා කනස්සල්ලෙන්
සිටි නිසා විය යුතුය. මාගේ නැවත පැමිනීම පිළිබඳව
අම්මා තරමක් සතුටු උවද තාත්තා තරමක් මා සමග
තරහින් සිටියේ මා හිතුවක්කාර තීරණයක් ගත් නිසාය.
පියුමිව හමුවීමට තිබූ දැඩි ඕනෑකම නිසා සියලු දෙනාටම
සමු දුන් මා අමිල සමග ටවුමට ගියේ බලාපොරොත්තු
රැසක් සහිතවය. අද සෙනසුරාදා දිනයක් වූ නිසා මීගමුවේ
ටවුමේදී ඇයව හමුවීමට පුලුවන් බව අප දෙදෙනාම දැන
සිටියේ ඇයට අද දවස පුරාවටම අමතර පන්ති තිබූ
නිසාය. උදේ වරුව තුල කොතරම් උත්සහ කලද ඇයව
හමුවීමට නොහැකි වූ අතර ඇය අද පන්ති නොපැමින
ඇතැයි අප දෙදෙනාම අනුමාන කලේ ඇගේ මිතුරියන්
අතර ඇය නොසිටි නිසාය. ඇගේ නිවවසට යාමට වරක්
දෙවවරක්ම අමිල යෝජනා කලද මා එයට අකමැති වූයේ
ඇගේ ගෞරවය ආරක්ෂා කල යුතු නිසාය.

අමිල හා මම දවස් කීපයක්ම ඇයව හමුවීමට උත්සහ


කලද ඒ සියලුම උත්සහයන් අසාර්තක වූයේ අප
දෙදෙනාම නොසිතූ ආකාරයටය. මගේ මිතුරා වූ අමිල
පවසන ආකාරයට මා නැවත පැමින ඇති බව ඇයගේ
යාලුවන් ඇය දැනගෙන මාව මග හැරීමට ඇය උත්සහ
දරනවා ඇත. නමුත් මා තුල ඇති වූ එකම ගැටලුවනම්
ඇය මෙලෙස මා මග හරින්නේ ඇයිදැයි යන්නය. මා
තුරුලුකර මගේ දෙතොල් සිපගෙන මට ආදරේ යැයි
පැවසූ ඇයම මෙලස මා මග හරින්නේ කුමන හේතුවකටද
යන්න මට ප්‍රස්නයක් විය.

"පොඩි මහත්තයා, මට බැහැ මෙහෙම පොඩි මහත්තයා


විඳින දුක බලාගෙන ඉන්න. මොඩි මහත්තය විතරක්
නෙමේ මටත් වැරදුනා. "
"ඒ මොකද මොහොමඩ්"
"මතකද මම කිව්වා පොඩි මහත්තයට ගැලපෙනම ගෑනු
ළමය මෙයා කියලා. ඒ වගේම මේ ගෑණු ළමය
වෙනුවෙන් අපහු එන්නත් කියල කිව්ව මම පොඩි
මහත්තයට. බලගෙන යනකොට මේ .."
"හම්ම්ම්.. මටත් වඩා ආදරේ කලා ඒ ළමයට මොහොමඩ්.
මට එයාගෙන් තොර ලෝකයක් තිබුනේම නැතිතරම්.."
"අමතක කරල දාන්න පොඩි මහත්තයා. ඒ ළමය හින්දා
මොඩි මහත්තයා විඳ කරදර ඇති. පොඩි මහත්තය අවසර
දෙනවනම් .."
"එපා.. මොහොමඩ්. මොනවත් කරන්න එපා. මම ආදරෙයි
ඒ කෙල්ලට තවමත්. මාට ඕන ඇයි මට මෙහෙම කලේ
කියල දැනගන්න විතරයි. එයාට එයාගෙ පාඩුවේ ඉන්න
දෙන්න මොහොමඩ්. එයා හොඳින් ඉන්නවනම් ඉන්න
තැනක මට ඒ ඇති"
"පොඩි මහත්තයා හොඳ වැඩියි"

අප දෙදෙනා බොහෝ වෙලාවක් අතීත මතකයන් ගැන


සිහිකරමින් සිටියේ මගේ මිතුරා වූ අමිල
පැමිනෙනෙතුරුය. එම මතකයන් මසිත පාරන සුලු උවද
ඒ දැනෙන වේදනාමට මම හුරු වී සිටි නිසා මට මසිත
පාලනය කරගන්න හැකි විය. ආදරය කරපු හිතක්
මෙච්චර තනි කරන්නේ කොහොමද, ඒ ආදරේ කරපු
හිතකට මෙතරම්ම දුකක් දෙන්නේ කෙලෙසින්ද යන්නම
මා තුල රැඳි පැහැදිලි පිලිතුරක් නොරැඳි තවත් එක
ගැටලුවක් විය.

කරුණු කාරනා මෙසේ සිදුවන විට මා හා මොහොමඩ්ව


පුදුම කරවූ කරුන වූයේ අප සිටිනා තැනට හදිසියේම
අමිල විසින් ගෙන ආ පුවත විය. එනම් ඔහුට පියුමිව
මීගමුව ආපිකෝ එකතුලදී ඇගේ මව හා හමු වී ඇති
අතර තවත් නන්නාදුනන පිරිමි චරිතයක් ඔවුන් සමග සිට
ඇති අතර අමිලට ඇය සමග වචන කීපයක් කතා කීරීමටද
අවස්තාල උදා වී ඇත. මේ දවස් කීපයේ කම්බුල් ගාය
නැමති රෝගය වැලඳී තිබීම නිසා ඇය නිවසින් එලියට
නොපැමිනි බවත් ඇයව අමතක කරන ලෙස හා ඇයට
සමාවදෙන ලෙස ඇය ඉල්ලීමක් කර තිබූ අතර අනිද්දා
ඇය පන්ති පැමිනන බව අමිල අතේ දන්වා ඒවා තිබුනි.
ඇයට එසේ දන්වා තිබුනේ ඇයට මා හමුවීමට
උවමනාවෙන් බව අප සියලු දෙනාම වටහාගත් අතරමුත්
ඇයව අමතක කිරීමටයැයි පැවසුවේ ඇයිද යන්න අප
සියලුදෙනාටම ප්‍රෙහෙලිකාවක් විය.

"පියුමි, දිනුක ලංකාවට ඇවිත් කියල ඇයි මට උඹ කිව්වෙ


නැත්තෙ."
"මම දැන ගත්තෙත් ඊයෙ හිරුණි. මට තිනුරි කෝල්
කරල කිව්වා"
"ඉතින් උඹට මට කියන්න තිබුනනෙ. උඹට තවමත් මාව
විස්වාස නැහැ නේද. දිනුක කියන්නෙ ජාවවාරම් ලෝකෙ
උඩින්ම ඉන්න මොළ කාරයෙක් කියල උඹ තවමත් පිලි
ගන්නෙ නැහැ නේද"
"අනේ ඕක නවත්වන්න හිරුණි. මම ඔයාගෙ කීම අහල
තමා ඒ අසරන කොල්ලට දුකක් දුන්නෙ. මට කවදාවත්
හොඳක් වෙන්නෙ නැහැ"
"නවත්වගනින් බන් උඹේ ඔය බොලඳ ආදරේ. මමත් දිනුක
ගැන මුලින්ම හිතුවෙ එහෙම තමා. මෙන්න මේකත්
මතක තියා ගනින්. බාප්පගෙ මරණයටත් දිනුක කොහොම
හරි සම්බන්දයි"
"අනේ මන්දා හිරුණි. ඒ ආදරේ බොලඳ උනාට ඒ ආදරේ
අවන්කයි. මම හැමදාමත් ආදරේ කල ඒ බොලඳ කමට"
"මට උඹේ ඔය බයිල තේරෙන්නෙ නැහැ පියුමි. මට
උඹෙන් පොඩි දෙයක් වෙන්න ඕන"
"ඒ මොකද්ද, අනේ මම උඹේ කකුල් දෙක අල්ලල
වඳින්නම් එයාට එයාගෙ පාඩුවෙ ඉන්න දෙන්න. මම
දුන්න දුකම ඇති ඒ කොල්ලට මැරි මැරි ඉපදෙන්න"
"හරි හරි.. මම ඒ ගැන බලාගන්නම්. උඹ හෙට ආපිකෝ
එක අයිනෙ පාරෙ දිනුකට එන්න කියන්න ඕන තනියම"
"ඒ මොකටද. "
"ඒ මොකටද කියල උඹට බලාගන්න පුළුවන් වෙයි. උඹත්
එතනට ආවොත්. ඒත් ඔයා එන තරමටම තමා හොඳ."
"හම්ම්ම්.. මම ඔයා කියන විදිහට කරන්නම් පියුමි. මට
සමාවෙන්න මුල්ම දවසෙ ඔයාල මට එයාව ගැලපෙන්
නැහැ කිව්ව එක ඇහුවෙ නැති උනාට."
"ඒ වලින් වැඩක් නැහැ. උඹට දැන් රත්තරන් වගේ
කොල්ලෙක් ඉන්නවනෙ. මම ආයෙ උඹෙන් උදව්වක්
ඉල්ලනෙ නැහැ. මේක විතරක් කරල දියන් මට. අනික
මතක තියා ගනින් මේ රටේ තියන හොඳම මොළවලින්
එකක් තමා මිනිහට තියෙන්නෙ. ඒ නිසා කිසිම සැක
සහිත වැඩක් කරන්න එපා හරි."

පියුමිව දැක ගැනීමේ ආසාවෙන් මම ඇය පන්ති


පැමිනෙනා දිනය වෙනුවෙන් නොඉවසිල්ලෙන් සිටියෙමි.
වෙනදා මෙන් නොව අද දිනයේ වෙලාවද ඉතා හිමින්
ගමන් කරන්නාක් මෙන් මට දැනුනි. අම්මාට කියා දෙතුම්
පාරක්ම තේ සාදා ගත් මා රූපවාහිනියේ චැනලයන් එහා
මෙහා මාරු කලේ කිසිම අරමුණක් නොමැතිවය. පුරුද්දට
මෙන් පියුමිගේ දුරකතනයට ඇමතුමක් ලබා ගැනීමට
උත්සහ කලද ඇගේ දුරකථනය ප්‍රතිචාර නොදැක්වු අතර
නොසිතූ මොහොතක ඇගේ දුරකථනය නාද වූයේ මගේ
හද ගැස්ම මොහොතකට නතර කරමින්ය. නමුත් එම
ඇමතුමටද ඇය ප්‍රතිචාර නොදැක්වූ අතර නැවතත් ඇගේ
දුරකථනය ක්‍රියා විරහිත කෙරුනි.

"හෙලෝ ගනේෂ්"
"ඔව් මැඩම් කියන්න."
"මොකද මිනොහෝ මෙච්චර වෙලා ගත්තෙ ෆොන් එක
ආන්සර් කරන්න"
"අනේ හිරුණි මැඩම් මම බාත් රූම් එකේ හිටියෙ.
සමාවෙන්න. මැඩම් හදිසියේම"
"හරි හරි ඒකට කමක් නැහැ. ගනේෂ් අපේ වැඩේ අද
හවස කරමු. කල් දාන්න ඕන නැහැ. ප්ලෑන් කරපු විදිහට
නියම තැනට මිනිහ වෙලාවට එයි. බැරි වෙලා හරි අපේ
පාරෙන් මිනිහා ආවෙ නැතිනම් වැඩේ අත ඇරල දාන්න
හරි."
" ඒ කියන්නෙ අපි රැකල ඉන්න පාරෙ එන එකක් නැද්ද"
" මට සීයට සීයක් විස්වාසයි මිනිහ එනවා. මොකද ඒක
තමා මිනිහගෙ පුරුදු පාර. අනික හවස් වෙලා ස්ටේෂන්
එක පැත්තෙන් එන්න බැහැ ටැෆික් වැඩි නිසා. ඒ නිසා
මිනිහා අනිවාර්යයෙන්ම ඔය පාරෙ තමා එන්නෙ"
"මැඩම් මිනිහව ඉවරයක්ම කරල දාන්නද"
"ම්ම්ම්.. එපා. අවුරුද්දක් දෙකක් එකම තැන ඉන්න විදිහට
වැඩේ කරන්න. හැබැයි ගනේෂ් මතක තියාගන්න. මිනිහ
අමාරු කාරයා. කව්ද මේක කලේ මට මොකද උනේ
කියල මිනිහට හිතාගන්න බැරි වෙන්න වැඩේ කරන්න
හරි"
"මැඩම් බය වෙන්න එපා. අපි ගානට වැඩේ දෙන්නම්."
"බොහොම හොඳයි. මම ගනේෂ්ටම මේ වැඩේ බාරදුන්නෙ
ඒ නිසානෙ. අහ් තව එකක්, මිනිහට සිහිය එන්න කලින්
කොහෙ හරි ඈතකට ගිහින් දාල එන්න."
"හිරුණි මැඩම් ඒ ගැන කරදර වෙන්න එපා. අපි ඒව
දැනටමත් හිතල් ඉවරයි. වැඩේ ඉවර වෙලා මැඩම්ට අපි
කෝල් එකක් දෙන්නම්"

නොසිතූමොහොතක ඇගේ දුරකථනය නාද වීම නිසා


මාගේ හිත මදක් කැලඹී තිබුනි. මා දුකින් කල්පනාකාරීව
සිටි නිසාදෝ අම්මා මා අසලින් වාඩි වී මගේ හිස පිරි
මදිමින් සිටියේය. මේ මොහොතේ එය මා හට විෂාල
සහනයක් ගෙනදුන් නිසා මා අතැති තිබූ දුරකථනය
මදකට පසෙකින් තබා අම්මාගේ ඔඩොක්කුවේ හිස
තබාගෙන සිටියේ ඇය මාගේ හිස පිරිමදිනා අතරතුරදීය.
හදිසියේම මාගේ දුරකථනයට ලැබූ කෙටි පනිවිඩයක්
නිසා මා අම්මාගේ උණුසුමින් මොහොතකට මිදුනු අතර
එය පියුමිගෙන් පැමින ඇති නිසා මා නැවතත් කලබල
විය. එම කෙටි පණිවිඩයෙහි මට සාමාවෙන්න යනුවෙන්
පමනක් සටහන් කර තිබූ අතර මාම් එයට පිළිතුරු
නොයවා ඇයගේ දුරකතනයට ඇමතුක් ගත්තෙමි.

"පියුමි"
"දිනුක අයියා.."
"අනේ ඇයි ඔයා මාව මේ විදියට අයින් කලේ. මම
ඔයාට කරපු වැරැද්ද මොකද්ද.. මට ඔයාව මීට් වෙන්න
ඕන. එකම එක පාරක්."
"අනේ මට සමාවෙන්න දිනුක අයියා.මේ දේවල් මේ
විදියට සිද්ද උනාට. මම හිතුවෙ ඔයා හොඳ කෙනෙක්
කියලා. ඔයා මොකටද ඔයයි මමයි බීච් එකේ ගත්තු
ෆොටොස් මගෙ බෝයිට සෙන්ඩ් කලේ"
"මොනව.. ඔයා මොනවද මේ කියවන්නෙ. ෆොටෝ..
ඔයාගෙ බෝයි.. මට තේරෙන්නෙ නැහැ මොනවද මේ
කියන්නෙ කියලා"
"ඔව් මම වෙන කෙනෙකුට ආදරේ කරනවා දිනුක අයියා.
අනික මම හිතුවෙ නැහැ ඔයා ඔච්චර පහත් වැඩක්
කරයි කියලා."
"සමාවෙන්න පියුමි. මම දන්නෙ නැහැ ඔයා මොනවද
මේ කියවන්නෙ කියලා . මම ඔයාට පිස්සුවෙන් වගේ
ආදරේ කලා තමයි. ඒත් මගේ ආදරේ ඔය විදිහට සත
පනහකට දාල කතා කරයි කියල මම කවදාවත්ම හිතුවෙ
නැහැ."
"හරි සමහර විට මට වැරදීමක් වෙන්න පුලුවන් දිනුක
අයියා. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. මම දැන් වෙන
කෙනෙකුට ආදරේ කරනවා"
"හම්ම්.. මට පළමු වතාවට ලැජ්ජා හිතුනා පියුමි මම මේ
ඔයාටද මෙච්චර ආදරේ කලේ කියලා. මෙන්න මේකත්
ඔයා මතකෙ තියා ගන්න. මම කවමදාවත් ඔයාගෙ
ලෝකෙට එන්නෙ නැහැ. ඔය ඔයා ආදරේ කරනව කියන
කොල්ල මට පාරක බල්ලෙකුට වගේ ගැහුවත් මම
අතක්වත් උස්සන් නැහැ. පුලුවන් උපරිමයෙන් විඳදරාගෙන
ඉන්නවා. ඒ ඔයා නිසා. මොකද මම කැමති නැහැ ඔයාට
වරදක් වෙනවට. ඔයා දුක් වෙනවට. ඒ තරම්ම මම ඔයාට
ආදරේ කලා. උමතුවක් තිබ්බෙ.හැබැයි ඔයා ඔය ආදරේ
කරනව කියන කොල්ල කවදා හරි ඔයාව අත ඇරියොත්
මිනිහට එදාට බෝනසුත් එක්කම ලැබේවි"
"හම්ම්ම්ම්"
"මට ඇත්තටම පුදුමයි පියුමි, ඔයාගෙ මේ වෙනස් වීම..
මම ආදරේ කලේ ඔයාටද කියල හිතෙනවා"
"මට සමාවෙන්න. හිත හදාගෙන හොඳින් ඉන්න බලන්න
අයියා"
"මට එකම එක පාරක් ඔයාව මීට් වෙන්න ඕන"
"හැබැයි ටික වෙලාවකට. මොකද අපි අපේ ලෝකයෙනෙ
ගොඩාක් ඈත් වෙලා ඉන්නෙ. මම කැමති නැහැ අනවෂ‍
ය්‍ය ප්‍රස්න දාගන්න. මම අද නෝ ලිමිට් එකට එනවා.
ඔයාට පුලුවන් මාව එතනදි මීට් වෙන්න."
"කීයටද"
"තව පැයකින් විතර.. ඒ කියන්නෙ හයයි හතලිස්පහට
විතර"
"ඕකේ මම එන්නම්"

ඇගේ දුරකථනය විසන්දි වෙනවාත් සමගම මට දුකට වඩා


ඇතිවූයේ කණගාටුවකි. මක්නිසාද යත් මා මටත් වඩා
ආදෙරේ කරපු ඒ දඟකාරියගේ මුවින් පිටවූ සමහර වචන
නිසාය. මාගේ දැඩි නිහඬබාවය අම්මාට ප්‍රස්නයක් උවද
ඇය මගෙන් කිසිවෙක් නොඇසුවේ මා කියූ දේ වලින්
ඇය අප දෙදෙනා අතර සන්වාදය තේරුම්ගත් නිසා විය
යුතුය. මා හටද අම්මාට පැවසීමය දෙයක් නොතිබූ නිසා
නැවතත් අම්මාගේ ඔඩොක්කුව මත හිසතැබුවේ
ඔරලෝසුවේ වේලාව තවමත් පහයි පනහ ලෙස සටහන්
වී තිබූ නිසාය. කීපවරක්ම හිස ඔසවා ඔරලෝසුව දෙස
බැලුවේ ඇය පැමිනෙන විලාව ලන්වී ඇත්දයැයි බැලීමට
මුත් ඇයව බැලීමට තිබූ ආසාව මදකට අඩු වී තිබුනි.
නමුත් ඇයව දැකීමට යටි සිතෙහි සැඟවී තිබූ ආසාව
නිසා හා ඇය සමග බොහෝ දේවල් කතා කිරීමට තිබූ
නිසා ඇය කියූ වේලාවට විනාඩි පහක් පමන ප්‍රමාද වී
මම යාමට සූදානම් උනෙමි.

"පුතේ ඒ ළමය එක්ක එකට එක කියන්න යන්න එපා.


වෙච්චදේවල් වෙලා ඉවරනෙ. අනික මම අහගෙන
හිටියනෙ ඔය දෙන්නගෙ කතාව"
"හරි අම්මෙ. මටත් ලොකු ආසාවක් නැහැ දැන්. ඒත් මම
තාමත් ඒ කෙල්ලට ආදරෙයි. මම එයාව විනාඩි පහකට
මීට් වෙලා ඉක්මනටම එන්නම්"
"කරන දෙයක් පරිස්සමට. කතා කරද්දි උනත් හොඳට
හිතල බලල කතා කරන්න"

අම්මාගේ කීමට කීකරු වූ මා මගේ ස්කීටිය වෙත


ගොඩවූයේ මා ආදරය කල ඒ යුවතියව, පියුමිව
මුනගැසීමට උවද ඇය හමු වී කුමක් කියම්දැයි මසිත තුල
පැහැදිලි අදහසක් නොවූයේ ඇය හා දුරකථනයේ යෙදුනු
සන්වාදයෙන් අනතුරුව මා තරමක කලකිරීමකට පත් වී
තිබූ නිසාවෙනි. වෙනදේකට මුහුන දෙමියැයි සිතා මා ඇ‍

මුණගැසීමට ඇය පැවසූ ස්තානයට ගියේ මාගේ සුපුරුදු
ගමන් මගෙහි උවත් හදිසියේම ඉදිරියේ නවතා තිබූ සුදු
පැහැති වෑන් රියක් නිසා මාගේ ස්කූටියේ තිරින්ග තද
වූයේ මටද හොරාවටමය. මිනිසුන් කීප දෙනෙක්ද එම
ස්තානයේ සිටි නමුත් ඔවුන් සිනා වෙමින් දුම්වැටියක්
උරමින් සිටි නිසා මා නැවතත් මගේ ස්කූටිය පන
ගැන්වූයේ මා පැමිනි ගමන යාමටය. නමුත් හදිසියේම දුම්
වැටිය උරමින් සිටි පුද්ගලයා මාගේ පාර අවහිර කිරීමට
පාර මැදට පැමිනියේ විෂාල පොල්ලක්ද අතැතිවය.
අනතුරක ඉවක් දැනුන නිසා මා ඉතා ඉක්මනඉන්ම මාගේ
ස්කූටිය නැවත හැරෙව්වත් මාගේ හිසට වැදුනු තද
පහරක් නිසා මා බිම ඇදවැටුනි. හිස් ආවරණය පැලැඳ
සිටි නිසා එම පහරින් හිසට අනතුරක් නොවූවද මා හට
නැගිටීමට නොහැකි වූයේ නොසීතූ වෙලාවක එකපිට
එක වැදූ පොලු පහරවල් නිසාය.

"හෙලෝ අමිල පුතාද"


"ඔව් ඇන්ටි අමිල තමා."
"අනේ පුතේ අපෙ පුතා දිනුක ඉන්නවද ඔයාලගෙ දිහා"
"නැහැ ඇන්ටි. මම මේ දැනුයි ගෙදර ආවෙ. එයාගෙම
වැඩකට ගිහින්. මොකද අවුල"
"අනේ පුතේ හයා මාරට විතර ගියා පියුමි දුව හම්බෙන්න
යනවා කියලා. තාම ආවෙ නැහැ. පුතත් ටිකක්
කලබලන්නෙ හිටියෙ. අනික එයාගෙ ෆෝන් එක වැඩ
කරන්නෙත් නැහැ"
"හරි හරි.. ඇන්ටි බය නොවී ඉන්නකො. මම ටිකක්
බලන්නම්."

අපේ අම්මාගෙන් ලැබූ දුරකථන ඇමතුමත් සමගම අමිල


පියුමිට දුරකථන ඇමතුමක් ලබා දී ඇති අතර, ඇයව මුන
ගැසීමට පැමිනෙන බව පැවසූවද මා පැමිනියේ නැති බව
ඇය අමිලට දන්වා තිබුනි. ඇගේ වචන කීපය ඇසීමෙන්
පසුව මගේ මිතුරා මා සෙවීමට අප සුපුරුදු ස්ථාන වලට
ගියද මා එම ස්ථානයන්ගෙන්ද සොයාගත නොහැකි වූ
නිසා අමිල මොහොමඩ්ගේ නිවසට ගියේ මා ඔහු සමග
ඇතැයි යන බලාපොරොත්තුවෙන්ය. නමුත් මා එහි
නොසිටීම නිසා, කලබලයට පත් වූ ඔවුන්දෙදෙනා මා
සෙවීමට පිටත්ව ගියේ ප්රස්න රැසක් ඔවුන්ගේ මනස තුල
සිරකරගෙනය.

"හෙලෝ.. හිරුණි මැඩම්"


"ඔව් කියන්න ගනේෂ්.. මොකද වැඩේ"
"වැඩේනම් ප්ලෑන් කරපු විදිහටම කෙරුනා. ඒත්.."
"ඒත්.. මොකද ඒත්"
"මැඩම්, වැදුනු පාරවල් නිසා මිනිහ මැරුණද දන්නෙ
නැහැ. කිසිම ප්රතිචාරයක් තිබුනෙ නැහැ"
"හම්.. එතකොට කෝ දැන් බොඩි එක"
"අපේ දෙන්නෙක් අරගෙන යනවා. එයාල කෝකිලායි
හරියෙ තියෙන කුරුළු අභය භූමිය පැත්තට යන්නෙ. යන
ගමන් පදවිය වැව හරියෙ තියන කැලේකට අතාරින්නම්
කිව්වා"
"හම්ම්.. මැරිලනම් ඉතින් කරන්න දෙයක් නැහැ ගනේෂ්.
ඒත් මැරිල නැතිනම් ඔයාගෙ මිනිස්සුන්ට කියන්න
මරන්න එපා කියලා. බොඩි එක දාන තැනකින් දාල
යන්න කියලා. ගනේෂෙ ඔයා දන්නවනෙ, පොඩි හරි ලීක්
එකක් තිබ්බොත් අපි සේරම ඉවරයි හරි"
"ඒ ගැන බය වෙන්න එපා හිරුණි මැඩම්. මේ අපි
පුරුදුවෙන්න කරපු වැඩක් නෙමේනෙ. මම වැඩේ
කම්ප්ලීට් උන ගමන් ආයෙත් මැඩම්ට කෝල් එකක්
දෙන්නම්"
"ආයෙ කතා කරන්න ඕන නැහැ. මම ගනේෂ් ගැන
දන්නවනෙ හොඳට. හෙට අපි කතාකරගත්තු තැනට
එන්න. මම ඉතුරු සල්ලි ටික දෙන්නම්"
"ඔකේ මැඩම්"
හැකි සෑම තැනකම විපරම් කෙරුවද, දන්න අදුනනා සෑම
දෙනාගෙන් විමසුවද මා ගැන තොරතුරක් නොලැබීම
නිසා මගේ මිතුරන් වූ අමිල හා මොහොමඩ් හැසිරුනේ
මදක් කලබල ගතියකින් හා බියකින් යුක්තවය. ඔවුන්
දන්නා තරමට මා හට අනතුරක් කිරීමට කිසිවෙකු
නොසිටිය නිසා ඔවුනටද සිදුවී ඇත්තේ කුමක්දැයි
නිගමනය කිරීමට නොහැකි වූ අතර අවසානයේ ඔවුන්
දෙදෙනාම තීරනය කලේ පොලීසිය වෙත ගොස් ඔවුන්ගේ
සහය පැතීමට උවත් තී රෝද රියදුරෙක් ගෙන් හදිසියේම
ඇසීමට ලැබූ කට කතාවක් නිසා ඔවුන් දෙදෙනාම මා
පැහැරගත් ස්ථානයට ලඟා වූයේ එහි කිසිවක්
නොදැනමය. ඔවුන් එම ස්ථානයට ලඟා වෙන්තම මිනිසුන්
රැසක් හා පොලීසියෙන් එම ස්ථානයේ රැඳී සිටි අතර
මගේ මිතුරන් දෙදෙනාගේ හද කම්පා වූ දසුන වූයේ
පොලීස් ලේබලයක් සහිතව පසෙක නවතා තිබූ මාගේ
ස්කූටිය දැකීමෙන්ය. මගේ මිතුරන් වූ අමිල හා
මොහොමඩ් ඉතා ඉක්මනින්ම සිදුවී ඇති දෙය තේරුම් ගත්
අතර ඔවුන් දෙදෙනාම කඳුලු පිරි දෑසින් නිහඬව
එකිනෙකා දෙස බැලුවේ ඔවුන් දෙදෙනාටම කතා කිරීමට
පවා මොහොතකට අමතක වී ගිය නිසාය.

"මොහොමඩ්, දිනුකගෙ බයික් එක නේද මේ. මොකද


මෙත උනේ දෙවියනේ."
"මොනව උනත් හිත හයියට තියා ගන්න අමිල. අපි හිතන
තරම් දෙයක් මෙතන වෙලා නැතුව ඇති. පොඩි මහත්තය
කියන්නෙ පණ හතක් තියන මිනිහෙක්. හිත හයියට තියා
ගන්න අමිල, මොකද අපි දෙන්නට කරන්න ගොඩක් වැඩ
තියනවා. අනික අපි දෙන්නත් වැටුනොත් පොඩි මහත්තය
හැමදාටම තනි වේවි"
"සමාවෙන්න මහත්වරුනි. ඔයාලා මේ බයික් එක අඳුන
ගත්ත වගේ"
"ඔව් සර්.. මේ අපේ යාළුවගෙ, එයාගෙ නම දිනුක. හවස
එයා එයාගෙ ගර්ල්ව මීට් වෙන්න ඇවිලා ආපහු ගෙදර
ආවෙ නැති නිසා අපි මේ හොයන්න ආවෙ"
"මොකද වෙලා තියෙන්නෙ සර්.."
"අපිත් හරියටම දන්නෙ නැහැ. හැබැයි සිද්දිය පොඩි
ළමයෙක් දැකල තියනවා. එයා කියන් විදිහට මෙතන
කට්ටියක් රැකල ඉඳල තියනවා. ඔයාලගෙ යාළුව ආව
ගමන් හිටපු අය එයාට ගහල වෑන් එකක දාගෙන ගිහින්
තියනවා"
"මොනවා.. අනේ සර් අපේ යාළුවට එහෙම හතුරෙක්
හිටියෙ නැහැ. හරි හොඳ මනුස්සයා. මේ ළඟදි තමා
නිවාඩුවකට ලංකාවට ආවෙත්"
"හම්ම්ම්.. මේක පැහැර ගැනීමක් වගේ පේන්නෙ. සැලසුම්
කරල කරපු එකක්. අතන ඉන්නවා කොස්ත මහත්තයා.
එයාට ගිහින් ඔයාල දන්න දේ කියන්න. වැදගත් වේවි
ඔයාලගෙ යාළුවව ඉක්මනටම හොයා ගන්න. තව එකක්
එයාලගෙ ගෙදරට දැනුම් දෙන්න. කලබල වෙන්න එපා
කියන්න. අපි මෙතන වැඩ ඉවර කරල එන්නම් කට
උත්තර ගන්න හැමෝගෙන්ම"
"හොඳමයි සර්"
"අහ් තව එකක්.. ඔයාලගෙ යාළුවා අර මීට් වෙන්න ආව
කියන ගැහැණු ළමයගෙ විස්තර ටිකත් අපිට දෙන්න"

පොලීසියේ මහත්වරුන් පැවසූ පරිදි අප දන්නා සියලුම


දේ ඔවුනට පැවසූවද අප මේ සිටින්නේ සිහිනයකැයි
හැඟුනේ අප මිතුරාට වී ඇති දේ අපදෙදෙනාට තවමත්
විස්වාෂ කල නොහැකි වූ නිසාය. පොලීසියට කට උත්තර
දීමෙන් අනතුරුව මාමිතුරා වූ අමිල අප නිවසට් ගියේ
සිදුවී ඇති දෙය අප අම්මාට පැවසීමට වූ අතර
මොහොම්ඩ් අමිලට සමු දෙන්නේ හෙට දිනයේ උදෙය
වරුවේ අප සුපුරුදු ස්ථානයේදී හමුවන ලෙස අමිලට
දන්වමින්ය. අමිලටද සිදුවූ දේ අදහාගත නොහැකි උවත්
අමිලට ඇතිවූ අනෙක් ගැටලුව වූයේ මේ පිළිබඳව අප
අම්මාට පවසන්නේ කෙසේද යන්නය.

අමිල අප නිවස්ට ගොඩ වෙනවාත් සමග අප් නිවසේ


සියලු දෙනාම ඔහුව වට කරගෙන ඇත්තේ කිසිඅම් හෝ
තොරතුරක් දැන ගැනීමටය. අප පවුලේ සියලු දෙනාගේම
ඇස් වල තිබූ බය හා කුතුහලය නිසාදෝ අමිලට සිදූවූ
ඇති දේ පැහැදිලි කර දීමට තරමක් අපහසු උවද,
යමෙකුට දෙයක් පැහැදිලි කර දීමට ඔහු තුල වූ මනා
හැකියව නිසා එම අවස්ථාව අමිල විසින් සාර්ථකව
ජයගෙන තිබුනි. නමුත් ඔහුගේ කතාව ඇසීමෙන් පසු
කලබල වූ අම්මාව නැවත යතාතත්වයට පත් කිරීමට
ඔවුන් සියලු දෙනාටම නොසිතූ වෙහෙසක් දැරීමට සිදු වී
ඇත. සියලු දෙනාගේම දුක් සෝ සුසුම් මැද කාලය
ගෙවෙද්දී අසල් වැසි සියළුම දෙනාම පුදුමයකට පත්
කරමින් හා අප අහල පහල සිටිනා රොයිටර් නැන්දලාවද
පුදුමයකට පත් කරමින් පොලීසියෙන්ද අප නිවසට
පැමිනෙන්නේ ඔවුන් පැවසූ ආකාරයට අප නිවසේ සියලු
දෙනාගෙන් කට උත්තර ලබා ගැනීම සඳහාය.

"මොකද්ද අමිල පුතේ මේ උනේ. අනේ මයෙ කොල්ල


කාටවත් නරකක් කරපු එකෙක් නෙමේ. අමිල පුතා
කියන්න මට ඔයාල මොකක් හරි ප්‍රස්නයක්වත් ඇතිකර
ගත්තද කා එක්ක හරි"
"අනේ එහෙම දෙයක් නැහැ නැන්දෙ. මටත් හිතා ගන්න
බැහැ මේ එක පාරටම මොකද උනේ කියලා. නැන්ද
කලබල නොවී ඉන්නකො. පොලීසියෙ අයත් මේ ගැන
හොයල බලනවනෙ"
"මොකද අමිල අයියෙ මේ උනේ අපේ අයියට. අනේ මට
බයයි"
"බය වෙන්න එපා දුවේ. අමිල, අපේ කොල්ල පියුමිව
හම්බවෙන්න යනව කියල නේද ගිහින් තියෙන්නෙ. ඔයා
ඒ ළමයට කතා කරල බැලුවෙ නැද්ද"
"මට මේ කලබල අස්සෙ ඒකත් අමත උනානෙ අන්කල්.
ඉන්නකො මන් ගන්නම් කෝල් එකක් එයාට දැන්"
"හෙලෝ.."
"පියුමි, මම මේ අමිල අයියා කතා කරන්නෙ"
"කියන්න අමිල අයියෙ. දිනුක අයිය කතා කලාද ඔයාට."
"පියුමි මම මේ ඔයාගෙන් වැදගත් දෙයක් කියන්න
හදන්නෙ. කලබල නොවී අහගෙන ඉන්න. දිනුක ගැන"
"අනේ අමිල අයියෙ. මට එයා ගැන අහන්න ඕන නැහැ.
මොකද අපි දෙන්න ඉන්නෙ දැන් පාරවල් දෙකක.
අනික.."
"දිනුකව කිඩ්නැප් කරලා"
"මොනවා.. මොක..ද්.. ද අමිල අයියෙ ඔයා කිව්වෙ"
"දිනුකව කිඩ්නැප් කරලා"
"අනේ.. මගෙ දිනුක අයියාට මොකද උනේ. අනේ එයා
හොඳින් නේද. එයාට කරදරයක් නැහැ නේද.. ඇයි අමිල
අයියෙ කතා කරන්නෙ නැත්තෙ. මොනව හරි කියන්න
මට"
"දිනුකට කරදරයක් නොවෙන්න කියල තමා අපි
හැමෝගෙම පැතුම පියුමි. අද හවස වෙලා තියෙන්නෙ.
ඔයාව මීට් වෙන්න නේද දිනුක ආවෙ"
"ඔව් අයියා. දිනුක අයියට මම කිව්වා නෝ ලිමිට් එකට
එන්න කියලා. එයා මාව මීට් වෙන්න ඔනිම කිව්ව නිසා
මම එහෙම කිව්වෙ. මොකද මම ඇඳුම් වගයක් ගන්න
ගියා"
"ඉතින් ඔයාට දිනුකව හම්බුනාද.. ඔයා තනියමද ගියෙ"
"ඔව් අයියෙ මම තනියම ගියෙ. ඒත් දිනුක අයියා ආවෙ
නැහැ. මම ඉතින් මගේ ඇඳුම් ටික අරගෙන ආවා"
"හම්ම්ම්. ඔයාව මීට් වෙන්න එන අතරතුරදි තමා මේක
වෙලා තියෙන්නෙ. තෑන්ක්ස් පියුමි. අහ් තව එකක්, සමහර
විට පොලිසියෙන් ඒවි ඔයාගෙන් කට උත්තරයකට"
"පොලීසියෙන්.. අපේ ගෙදරට"
"බය වෙන්න එපා පියුමි. ඔයාට කරදරයක් වෙන්නෙ
නැහැ. ඔයා සිදු උන දේ එයාලට කියන්න. හොඳින්
ඉන්න,."
"දිනුක අයියට කරදරයක් වෙන්නෙ නැති වෙයි නේද
අමිල අයියා"
"එහෙම හිතමු පියුමි. මම ඔයාට දෙයක් කියන්නද, මම
මෙච්චර දවස් මේක හිතේ හිර කරන් හිටියෙ"
"මොකද්ද අමිල අයියා"
"ඔයාට ගොඩක් දිනුක ආදරේ කලා පියුමි. එයාගෙ
ජීවිතෙටත් වඩා. ඒත් ඔයා ඒ ආදරේට උත්තර බැඳපු හැටි
අපිටත් පුදුමයි. ඔයා නිසා ඒ කොල්ල විඳ දුක හොඳට
ඇති. දිනුකගෙන් ඈත් වෙලා ඉන්න. දිනුක ගැන
ආරන්චියක් ආවොත් මම ඔයාට පණිවිඩයක් දෙන්නම්"
"අනේ ඇයි ඔයා එහෙම කියන්නෙ අයියා. දිනුක අයියා
මගෙ .."
"බායි පියුමි"

පියුමිගෙන්ද හිත සැනසෙන පිළිතුරක් නොලැබීම නිසා


සියලු දෙනාම මදක් නිහඬව කල්පනා කලේ සිදුවූ දේ
පිළිබඳවය. කිසිවෙකුටත් හිතා ගත් නොහැකි දෙයක් වූ
අතරම, අප අහල පහල පිරිසද අප නිවසට පැමින
තිබුනේ සිදු වී ඇති දේ පිළිබඳව ඔවුනට ඉතා ඉක්මනට
දැන ගැනීමට හැකි වූ නිසාය. සියලු දෙනාගේම දෙනෙත්
කඳුලින් පිරී තිබූ අතර මගේ මිතුරා වූ අමිල සියලු
දෙනාටම සමු දී ඔහුගේ නිවස බලා ගියේ දිනුකව
කොහොම හරි හොයා ගන්නවැයැයි අප අම්මාට දුන්
පොරොන්දුවක් සහිතවය.

"උඹ හොඳට වැඩේ කලා පියුමි"


"අනේ මන්දා හිරුණි. මම ආත්ම ගානකට විඳවන පවක්
කලාදෝ කියල හිතෙනව"
"එහෙම වෙන්නෙ නැහැ. මට ගොඩක් දෙනා අහිමි උනා
බන් මේ අපේ බාප්පගෙ සැකයක් නිසා. වැඩේ සාර්තකව
මට ඉවර කරන්න බැරි උනත් උඹ මට දුන්න සප් එකට
ගොඩක් තැන්ක්ස්"
"මම එයාව අමතක කලේ උඹ මට ජාවාරම් ගැන කිව්ව
දවස් වලමයි. අනික මට ඔයිට වඩා හොඳ කොල්ලෙක්
හොයාගන්න බැරිද බන්, හොඳට සල්ලි තියන
කොල්ලෙක්"
"ඔය ඉන්නෙ මගෙ කෙල්ල. තව එකක් මතක තියා
ගනින්. ගෑනු අපි රහස් රකින්න හරි දුර්වල්යි. ඒ නිසා මේ
ගැන කාටවත් නොකිය ඉන්න හරි. දන්නවනෙ එහෙම
උනොත් අපි දෙන්නටම වෙන දේ. අමිල කිව්ව වගේ
පොලීසියෙන් ඒවි උඹෙන් කට උත්තරයක් ගන්න. බය
නොවී දෙබස් ටික කියල දාපන්. මම ඉතුරු ටික හැඬ්ල්
කරන්නම්"
"ඔකේ හිරුණි"
"අනික මට කෝල් කරල කවදාවත් මේ ගැන අහන්න
එපා. අපි මේ ගැන කතා කරන්වනම් මීට් වෙලාම විතරයි
හරි. බය නොවී ඉඳපන් මම තාමත් රටේ හිටපු හොඳම
නායකයෙක්ගෙ දුවක්."
"ඒක දන්න නිසා තමා හිරුණි මම මේ වැඩේට ඔයාට
උදව් කලේ"

දිනෙන් දින කාලය ගත වී ගියේ අප නිවස මෙන්ම මුලු


මීගමු නගරයම දුක් සෝ සුසුම් මැද්දේය. මක්නිසාද යත්
හැම පුවත් පතක වාගේම මේ පැහැර ගැනීම පිළිබඳව
විස්තර පල වී තිබූ අතර හැම කණුවක්, ගහක් ගලක්
පාසාම සොයා දෙන්නයැයි කියමින් මාගේ පෝස්ටර් අලවා
තිබූ නිසාවෙනි. එමෙන්ම පොලීසියටද මෙමෙ සිද්දිය
තරමක අවුල් වියවුල් සහගත වූයේ මෙය පැහැර
ගැනීමක් නම් පැහැරගන්නන් විසින් කිසිදු කප්පමක්
නොඉල්ලූ නිසා හෝ කිසිදු පනිවිඩයක් නොතිබූ
නිසාවෙනි. එම නිසා මෙය පෞද්ගලික තරහකට සිදු කර
ඇති බව සැක කල පොලීසිය ඔහුන්ගේ සැකය ඔස්සේ
ගමන් කිරීමට උත්සහ දැරුවේ මෙම සිද්දියේ සුල මුල
සොයාගැනීමටය.

වන සිවුපාවන්ගෙන් බහුල වූ ඝන කැලයක මාගේ සිරුර


ගහක එල්ලා තිබුනේ වන සිවුපවකෙගුගේ ගොදුරකට
විය. ඔවුන් මා හට එල්ල කල ප්‍රහාර වලින් මා මියගොස්
ඇතැයි ඔවුන් සිතුවද එය එසේ නොවී තිබූ අතර ඔවුන්
මාව ගසක එල්ලා ගියද දවස් දෙකක් පුරාවට ඇද හැලුන
දාරාණිපාත වර්ෂාව නිසා මසිරුර එලා තිබූ ගසද එම
වර්ෂාවෙන් කඩා වැටුනේ මගේ ෂරීර කූඩුවටද බරපතල
හානි සිදුකරවමින්ය.

කරුනු කාරනා මෙසේ සිදුවනකොට මාගේ මිතුරා වූ


අමිලා හා මාගේ සගයා වූ මොහොමඩ්ද කනස්සල්ලෙන්
සිටියේ මේ සිදුවීම් පෙල විසඳීමට ඔවුන් ගත් උත්සහයද
අසාර්ථක වූ නිසාවෙනි. එමෙන්ම මේ වන විට මේ
පැහැර ගැනිම්ම පිළිබඳව මුලු රටම දැනුවත් වී තිබූ අතර
මා ගැන නිවරැදි තොරතුරක් ලබා දෙන්නෙකුට වටිනා
තෑගි බෝග ලබා දෙන බවද ගම් නියම් ගම් පුරා දන්වා
තිබුනි. එමෙන්ම සෑම දෙදිනකට වරක්ම මා වෙනුවෙන්
බෝධි පූජාවන් පැවැත්වීමටද කටයුතු කර තිබුනේ මාගේ
මිතුරන් වු අමිල හා මොහොමඩ්ගේ මූලිකත්වයෙනි. මේ
සිදුවූ සිදුවීම් නිසා අම්මාද ලෙඩ වූයේ මා ගැන සිතමින්
කල්පනාකරමින් වූ අතර තාත්තාටද ඒ දුක දරාගත
නොහැකි වූ නිසා ඔහුද තම රැකියාවෙන් අස් වී තිබුනේ
අම්මාව රැකබලා ගැනීමටය. මාගේ මුළු පවුලම අනාත වී
සිටි මොහොතක මගේ මිතුරා වූ අමිල හා ඔහුගේ පවුලේ
උදවියගෙන් ලැබුනු උදව් අනන්තය අප්‍රමාණය. සෑම
දිනකම තුන් වේලම අමිලගේ නිවසින අප නිවසට කෑම
බීම ලැබූ අතර මාගේ සහෝදරියගේ ඉගනීමේ වැඩකටයුතු
සඳහා වියදම් දරා ඇත්තේ මොහොමඩ් විසිනි.
"පොඩි හාමුදුරුවනේ.. පොඩි හාමුදුරුවනේ.. පොඩි
හාමුදුරුවනේ.."
"මොකද රූපෙ මේ මහ දවල් බෙරිහන් දෙන්නෙ. මොකද
මේ දාඩිය දාගෙන. හති නේද, මෙන්න මේ වතුර ටික
බීල ඉන්න"
"පොඩි හාමුදුරුවනේ.. මම පොඩි හාමුදුරුවො හොයන්
එන්න කිව්ව බෙහෙත් හොයන්න මම එහා ගම් මායිමේ
තියන ඝන කැලයට ගියා"
"ඉතින් මොකද උනේ රූපෙ. ඒ කැලෑව බයානකයි. සත්තු
සිව්පාවො ඉන්නවා."
"අහන්නකො පොඩි හාමුදුරුවනේ.. මම කැලේට ගියෙ
පොඩි හාමුදුරුවො ලියල දුන්න අර මොකද්ද මල් ජාතිය
හොයන්න. මම දැක්කනෙ මල සිරුරක් පොඩි
කොල්ලෙක්ගෙ. පඩු ගිය දවස් දෙකේ මහ වැස්සට ගහක්
කඩා වැටිල ඇඟ උඩට."
"මොනවද රූපෙ කියන්නෙ. මල සිරුරක්. ඉතින් රූපෙ
බැලුවෙ නැද්ද ලන් වෙලා"
"අනේ පොඩි හාමුදුරුවො දන්නවනෙ මම බයයි කියලා.
මම ඒක දැක්ක ගමන් බය වෙලා දුවගෙන ආව පොඩි
හාමුදුරුවො ළඟට. එකතු කරගත්තු බේත් ටිකත් එතන"
"හම්ම්ම්.. රූපෙට තියෙන්නෙ මාර බයක්නෙ. සෝමිර
පොඩි හාමුදුරුවන්ටත් ගිහින් එන්න කියන්න, නායක
හාමුදුරුවො දානෙකට වැඩලා. ඒ නිසා අපි තුන්දෙනා
ගිහින් බලමු"

දවස් තුනකට පසුව මා පිලිබඳව දැනගත් එකම පුද්ගලයා


වූයේ රූපෙ නැමැති තැනැත්තාය. ඔහු මෙ අසල තිබූ
කුඩා පන්සලක ජීවත් වූයෙකි. මා හට ජීවත් වීමට කිසියම්
හෝ අයිතියක් තිබුනානම් ඒ ඔවුන් සතුවිය. මාගේ සිරුර
දුටු ස්ථානයට රූපෙ නැමැති තැනත්තා පොඩි හාමුදුරුවන්
දෙනම සමග පැමිනියේ දැඩි නිහඬතාවයකින් හා දැඩි
කුතුහලයකිනි. ඔවුන් මා අසලට පැමිනි විගසම මා යට
කරගෙන වැටී තිබූ විසාල අතු කීපය ඉවත් කල අතර
පොඩි හාමුදුරු දෙනමට මා අඳුන ගැනීමට එතරම්
වෙලාවක් ගත් නොවුනේ මාගේ රූපය මේ දිනවල ප්‍රසිද්ද
රූපයක් වී තිබූ නිසාය.

"මේ අර අතුරුදහ් වෙලා කියල හොයන ළමය නේද


සාමිර"
"ඒක තමා රාහුල සාදු. මෙයා මැරිල නැහැ. මෙයාට
කට්ටියක් පහර දීල තියනවා. පව්. අපි මෙයාව පන්සලට
අරගෙන යමු. ගිහින් අපිට කරන්න පුලුවන් දෙයක් කරමු"
"ඒ ක හොඳයි. රූපෙ බය නොවී එන්න මෙහෙට. මෙයාට
තවම පණ තියනවා. අපි මෙයාව පන්සලට අරගෙන යමු.
මතක තියාගන්න රූපෙ, මේ ගැන කිසිම කෙනෙකුට
දැනගන්න තියනව නෙමේ ඔන්න. නායක හාමුදුරුවො
වැඩියම අපි කියන්නම් මේ ගැන."
"එහෙමයි පොඩි හාමුදුරුවනේ"

ස්වාමින්වහන්සේලා වැඩ සිටි මෙමෙ ආරාමයේ විසේසය


වූයේ නවීන උපකරණවලින් සමන්විත වෛද‍
ය්‍ය විද‍
ය්‍
යාගාරයක් තිබීම්ය. එහි එක්ස් කිරණ පිටපත් ගැනීමට
හැකි යන්තයක්ද පිහිටා තිබීම පුදුමයකට කරුනක් උවද
එය මා ලද වාසානවක් විය. මක් නිසාද යත් මා හට
ජීවත් වීමට තවත් බලාපොරොත්තිවක් තබාගත හැකි
නිසාවෙනි. රැජිනගේ දේෂය වූ එන්ගලන්ත්යේ යුවලකට
වෛද‍
ය්‍යවරු සුවකිරීමට නොහැකියැයි රෝගයකින්
ඔවුන්ව බේරාගත් නිසා මෙම විද්‍යාගාරය එම විදේෂ යුවල
විසින් මෙම ආරාමය සාදා දී ඇති අතර එදා සිය අද වන
තුරුම ඔවුන් ගමේ අසරණ පුද්ගයන්ව නොයෙකුත්
රෝගවලින් සුව කර තිබුනි. එමෙන්ම මෙම ආරමයේ වැඩ
විසූ සෝමිත හිමියන් බටහිර වෛද‍
ය්‍ය විද‍
ය්‍යාවේ හිණි
පෙත්තටම ළඟා වී සිටි අතරම, මෙම ආරාමයේම වැඩ
විසූ අනෙක් භික්ෂුව වූ රාහුල හිමියන්ද දේෂීය වෙද
කලාවේ ඉහලින්ම සිටි අයෙකු වූවෝය. ප්‍රසිද්දියට මොවුන්
අකැමැති වූයේ මුදල් පසු පස යන සමාජයක මිනිසාට
තමන් කවුරුද යන්න අමතක වී තිබීම නිසාය. එනමුත්
ඔවුනට සෑම අවස්ථාවකදීම ලංකාවේ ගම් නියම්ගම් පීරා
ගොස් අසරණ මිනිසුන්ට පිහිට වූයේ දෙවියන් ලෙසය.

රූපේ හා පොඩි හාමුදුරු දෙනම එකතු වී ලේ තැවරුනු


සිරුර ක්‍රමාණුකූලව පිරිසිදු කලේ වුන්ගේම ආකාරයකටය.
මා හට අවෂයව තිබූ මූලික වෙද දෙහකම් ඉතා
ඉක්මනින්ම ඉටු කලේ පීඩාවෙන් වල්මත් වී තිබූ මගේ
සිරුරට මෙන්ම මගේ ආත්මයටද සහනයක් එක් කරමින්ය.
දානයකට වැඩම කර සිටි නායක හාමුදුරුවන් පැමිනි
විගසම පොඩි හාමුදුරුවෝ දෙනම මා පිළිබඳව විස්තර
උන්වහන්සේට පැහැදිලිකර දුන්නේය. උන්වහන්සේගේද
අදහව වූයේ මා හට සනීපවනතෙක් මා පිළිබඳව
කිසිවෙකුට නොපැවසීමට වූ අතර වෙදහෙදකම් කිරීමට
ඔවුන් මා රඳවා තිබුනේද ආරාමයට තරමක් ඈතින් පිහිටා
තිබූ විශේෂ වූ වෙද කුටියකය.

"ගොඩක් බරපතලයි නේද පොඩි හාමුදුරුවනේ. යතා


තත්වයකට ගේන්න පුලුවන් වෙයිද"
"ඒකනම් එහෙම තමා නායක හාමුදුරුවනේ. සෝමිර
තාක්ෂනික දේ උපයෝගී කරගෙන මෙයාව ටිකක් පරීක්ෂා
කලා. ඒත් තත්වය ටිකක් බරපතලයි කියල තමා
උන්වහන්සේ කියන්නෙත්"
"හොඳ කරන්න බැරිවෙයිද ඒ කියන්නෙ"
"එහෙම දෙයක් නෙමේ නායක හාමුදුරුවනේ.. අපි මේ
ඔබ වහන්සේට කියන්න හැදුවෙ.."
"මම දන්නවා කියන්න හදන දේ. මගේ අවසර ලැබෙනවා
ඒකට. මොනව හරි කරල මේ ඇත්තව සුව කරන්න
බලන්නකො. පෙනුමෙන්නම් වැදගත් පවුලක කෙනෙක්
වගේ"
"අපිට මෙයාගෙ හැඳුනුම්පත හම්බුනා. මේ තියෙන්නෙ."
"හම්ම්ම්.. සිනෙත් දිනූක.."

මා සිටිනා තත්වය ඉතා බරපතල නිසා මා පිළිබඳව


තොරතුරු හෙලි කිරීම මදකට සැඟවූ අතර මා හට ප්‍
රතිකාර කිරීමට යොදා ගනු ලැබූයේ තවමෙත් අත්හදා
බැලීම් කරන්නා වූ සුව කිරීමේ ක්‍රමයයකි. එනම් දැනට
මාස කීපයක සියම රාහුල හා සෝමිර යන පොඩි
හාමුදුරුවන් දෙනම උත්සහ දරනුයේ සිංහල වෙදකම හා
බටහිර වෙදකම එකට මිශ්‍රකර ඔවුනට ආවීනික වූ ක්‍
රමයක් හඳුන්වා දීමටය. ඒ සහඳා අවෂය්‍ය සියලුම දැනුම
තාක්ෂනය ඔවුන් සතුව තිබූ නමුත් මාගේ ජීවත් වීම
පිළිබඳවද ඔවුනට ප්‍රස්නයක් වී තිබුනේ යම්හෙයකින්
ඔවුන්ගේ වෙදකම වැරදුනොතින් මාහට සහදටම
මෙලොවින් සමුගැනීමට සිදුවන නිසාවෙනි.

"රාහුල සාදු, අපි හිතුවට වඩා මේ කොල්ල ශක්තිමත්.


මෙයාව සුව කරන්න පුළුවන්. දැන් දවස් පහක්ම අප කරපු
වෙදකම් දාරාගෙන හිටිය කියන්නෙ අපි ගොඩක් දුරට
සාර්ථකයි කියන එක"

කාලය ගෙවීයත්ම ටිකෙන් ටික සමහරක් දෙනාගේ


මතකයෙන් දිනුක යන නාමය ඈත්ව ගියද අම්මා ඇතුලු
මාගේ පවුලේ උදවිය මෙන්ම මගේ මිතුරන් පිරිසද තවමත්
මා කොහේ හෝ ජීවත්ව සිටිනවායැයි
බලාපොරොත්තුවකින් සිටියේය. දිනපතාම පොලීය වෙත
ගියද ඔවුන්ගෙන්ද හැම දිනකම එකම උත්තරය ලැබුනු
අතර මා මිතුරා හා උරණ වූ එක පොලිස් නිළදාරියෙක්
පැවසූ වදනක් වූ 'මෙතන අපට වද දෙන් නැතිව ඔය
කොල්ල මැරුන කියල හිතල දානයක් දීල පිං දෙනව ඕයි'
නිසා මා මිතුරන් ප්‍රදේශ වාසීන් හා පොලීසිය අතර ඇතිවූ
ගැටුමද නිරාකරනය කිරීමට මහත් වෙහෙසක් දැරීමට
සිදුවිය.

අසීස්, මොහොමඩ්, අමිල මෙන්ම කෙවින් ද මා හෙවීමේ


වැඩකටයුතු වලින් හෙම්බත් වී තුබුනේ ඔවුන් ගත් සියලුම
උත්සහන් අසාර්තක වූ නිසය. මා හට සිදුවූ දේ අසීස්ටද
දරාගත නොහැකි වූ නිසා ඔහුද සියලු වැඩ අතහැර දමා
ලංකාවට පැමින සිටියේ මා වෙනුවෙන්මය. එමෙන්ම
මාගේ අම්මාගේ අසනීප මදකට සුව වී තිබ්බූ නමුත් ඇය
සුදුමැලි වී තිබුනේ මගේ මතකය හා සමග ජීවිතය
ගතකල නිසාවෙනි. මගේ අම්මේ සිහිනෙන් හෝ පැමින
මා තවමත් ජීවත් වනවායැයි පැවසීමට හැකිනම් මා එසේ
කරනවා නොඅනුමානය.

ජීවිතය පවා ඔට්ටු ඇල්ලූ මා ආදරය කල ඒ යුවතිය වූ


පියුමි, ඇයගේ අලුත් ආදරවන්තයා සමගම එකිනෙකා
අත්වැල් පටලා මා හා හිය මගම ඇවිද ගියේ කෙසේද
යන්න විමසීමට අද මා ඇය අසල සිටියේ නැත.
නළඟනන් මා ඉදිරියේ ඔවුන්ගේ ඇඳුම් අකිනෙක ගලවා
දමද්දී මා ඒ අසලඉන් නැගිට ආවේ මා පියුමිට ආදරය
කල නිසාවෙනි. මාගේ ජීවිතය ඇය පමනක් යැයි සිතූ
නිසාවෙනි. මා කවමදාවත් මා ඇයට කල ඒ ආදරය
හෑල්ලු කලේ නැත. පාගා දැමුවේ නැත. ඒ තවමත් මා
ඇයට ආදරේ කල නිසාවෙනි. නමුත් ඇය මා හා හිඳ
එකට සිටි තැනම වෙනකෙකු හා සමගම මට දෙඩූ
පෙම්බස්ම ඔහු හා දොඩමින්, ඔහුගේ පපුවට තුරුල් වෙද්දී
මට නොතේරුනේ ආදරයේ අරුතද නැතිනම් මගේ
ආදරයද යන්න මා හට පැහැදිලි අදහසක් නොතිබුනු
තරම්ය. සිහිනෙන් හෝ ඇවිදින් ඇයටද හොඳින්
ඉන්නයැයි කීමට හැකිනම් මා එසේ කරනවා
නොඅනුමානය. මක් නිසාද යත් ඇගේ සිනහව ඇගේ
සතුට මට එක හුස්මක් වූ නිසාවෙනි. ඇය සතුටින්නම්
ඇය සිනාවෙනවානම් මා ජීවත්වන නිසාවෙනි.

"පොඩි හාමුදුරුවනේ.. පොඩි හාමුදුරුවනේ.. "


"මොකද මොකද රූපෙ මේ බෙරිහන් දෙන්නෙ. නායක
හාමුදුරුවො භාවනා කරනවා"
"අනේ සමා වෙන්න පොඩි හාමුදුරුවනේ. දිනුකට සිහිය
ඇවිත්.. අතපය හෙල්ලුවා.. වතුර වතුර කියල කතා කලා.
මම වතුර ටිකක් දුන්නා"
"මොනවා.. යමු යමු ඉක්මනටම"

මාහට සිහිය එන විටද සිදුවූ කිසිදු දෙයක් පිළිබඳව මා


හට මතක නොතිබූ අතර මා කවුරුද යන්නය මා හට
එතරම්ම මතකයක් තිබුනේම නැතිතරම්ය. මා සිටිනා
ස්ථානය පිළිබඳව පිලිබඳව දැන්ගැනීමට උත්සහයක් දැරූ
මා අසල තිබූ ජනේලයෙන් එළිය බැලීමට සූදානම්
වනවාත් සමගම කවුරුන් හෝ මා දෙසට පැමිනෙනවා
ඇසූ නිසා මා මදක් කලබල වූ අතර අසල තිබූ මේසයක්
අසල මා හැන්ගුනේ අනේ මට ගහන්න එපා.. අනේ මට
ගන්න එපා.. අනේ මට ගහන්න එපා යැයි කියමින්ය.

"අපි ඔයාට කරදරයක් කරන් නැහැ දිනුක. බය වෙන්න


එපා. එන්න ඔතනින් එළියට"
මා හට දැනුනු කාරුණික වදන් නිසා මම මෙතෙක්
වෙලා වසා සිටි දෙනෙත් ඇර බැලුවෙමි. හදවත සිසිලක්
ගෙන දෙන්නා වූ කහ පැහැති ඇඳුමකින් සැරසී සිටි හා
මනරම් සිනහවකින් යුක්තව මා ඉදිරියේ සිටි නන්නාදුන
පුද්ගලයා නිසා ඉතා ඉකමනින්ම සිතට දැනුනු සහනය
නිසා මම සැඟව සිටි ස්ථානයෙන් එලියට ආවෙමි.

මා ඉදිරියේ සිටිනා වූ පිරිස මා අඳුනන්නේ නැති උවද


ඔවුන්ගෙන් මාහට කරදරයක් නොවන බව මා සිතූ නිසා
ඔවුන් අසලට ගියේ හිසට දැන්නෙන්නා වූ දැඩි
වේදනාවත් සමගමය. ඔවුන් මා අසලට පැමින
මොනමොනවදෝ මිමිනුවද මා හට ඒ කිසි දෙයන්
නොතේරූ තරම්ය. නමුත් ඔවුන්ගේ තිබූ ශාන්ත ගමන හා
ආදරණීය වචන මගේ සිතට එකතු කලේ පුදුමාකාර
සහනයකි. මා සිටිනා අවස්තාව අනුව මට එය මහමෙරක්
වූ අතර ඔවුන් හා මා වචන කීපයක් කතා කිරීමට උත්ස
දැරූවද එම උත්සහයද අසාර්ථක වූයේ එක වරම
වටපිටාව අඳුරු වී ගොස් මගේ ඇඟට පන නැති ගතියක්
දැනුන නිසාය.

"මේ ඇත්තාට දැන් කොහොමද පොඩි හාමුදුරුවනේ"


"අපි හිතුවට වඩා හොඳයි නායක හාමුදුරුවනේ. ඒත් මම
දුන්න සින්හල බේත් ටිකක් සැර වැඩිද කොහෙද"
"ඒ මොකද?, පොඩි නම ඇයි එහෙම කියන්නෙ"
"මෙයාගෙ ඇඟට පණ නැහැ. අද දවල් මෙයා අඩියක්
දෙකක් ඇවිදල යන්න උත්සහ කලා. ඒත් ඇදගෙන
වැටුනා. දැන් ආයෙමත් සිහිය නැහැ"
"සේරම හොඳින් සිද්දවෙයි පොඩි නම. සෝමිර පොඩි
නමත් මේ වෙලාවෙ හිටියනම් හොඳයි නේද"
"ඒක නම් ඇත්ත අපෙ හාමුදුරුවනේ. ඒත් සෝමිර පොඩි
නම එන්න තව සති දෙකක්වත් යාවි. ඊයෙ මට ස්කයිප්
වලින් කතාකරල දිනුක ගැන විස්තර ඇහුවා. සෝමිර
පොඩි නමටත් සතුටුයි දිනුක නැගිට්ටා කිව්වහම"
"හම්ම්ම්.. පොඩි නමට පුලුවන්නෙ මෙ ඇත්තොගැන
බලාගන්න"
"ඔව් හාමුදුරුවනේ.. රූපෙත් ඉන්නවනෙ උදව්වට. ඇයි
එහෙම ඇහුවෙ නායක හාමුදුරුවනේ"
"නැහැ නැහැ පොඩි නම. එහෙම විෂේස දේකට නෙමේ..
සෝමිර පොඩි නමට කියන්න ඔය එක්සෑම් ටික හොඳට
කරගන්න කියලා."

කාලය වේගයෙන් ගෙවී ගියද මාගේ මතකයන් ගොඩාක්


දෙනාගේ මතකයන්ගෙන් ඉවත්ව ගියද මොහොමඩ් හා
මහේ මිතුරා වූ අමිල මා සෙවීමේ වැඩකටයුතු නවතා
තිබුනේ නැත. එමෙන්ම මා ආදරය කල ඒ දඟකාරිය,
පියුමි ගේ නිවසට දෙතුම්පාරක්ම පොලීසිය ගොස් තිබුනේ
මාගේ මේ පැහැර ගැනීමේ සිද්දියට ඇයගේ කුමක් හෝ
සබඳතාවයක් ඇතැයි ඔවුන් සැක කල නිසාය. එමෙන්ම
දිගින් දිගටම පොලීසිය පැමිනීම නිසා, මම ඇයට කරදර
කලා යැයි ඇය පොලීසියට පවසා තිබුනේ සාලිය
අෂෝකමලා හා රෝමියෝ ජුලියට්ගේද හද කම්පා
කරමින්ය. ඇයගේ පැමිනිල්ලට අනුව මා ඇගෙන් ආදරය
ඉල්ලා කරදර කර ඇත. මා හට ඇය කැමැත්තක් නොතිබූ
නිසා මා ඇයට මරණ තර්ජන මෙන්ම අයුතු යෝජනාද
එල්ල කර ඇත. ඇයව හමුවීමට අවස්තාවක් මා අයැද සිටි
නිසාද ඇයට දුක හිතුන නිසාද මා හට ඇය එන්න කියා
තිබුනේ මා හට කරුනු පැහැදිලි කිරීමට දීමට වූ අතර
එම එන අවස්තාවේදී මෙම සිද්දිය වී ඇති බවත්, ඇගේ
කිසිම සබඳතාවයක් නොමැති බවත් තව දුරටත් ඇගේ
පැමිනිල්ලේ සටහන් වී ඇත. මෙය දැන ගැනීමෙන් පසු
උරණ වූ මගේ මිතුරා ඇගේ නිවසට යාමට සැරසුනද
මොහොමඩ් විසින් ඔහුව නවතා තිබුනේය.

අරමුණක් නොමැතිව කොලුකමෙන් ගලා ගිය මගේ


ජීවිතය පලමුවෙන්ම හැඩ ගැන්වූයේ ඉමාෂාය. ඇයව
හමුවීමත් සමගම මගේ ජීවන රටාව සියට සීටක් තරමටම
වෙනස් උවද ඇගේ වෙන්වයාම හා මගේ මිතුරා වූ බ්‍
රයන්ගේ වෙන්වයාම නිසා මා නැවතත් ජීවිතයේ පහලටම
ඇද වැටුනේය. යන එනමන් නොදැන සිටි හෙට දවසක්
පිළෛබඳව සිහිනයන් නොතිබුනු මා හට නැවත ජීවයක්
ලැබුනේ පියුමි නිසාය. මට හමු වූ මිතුරා අමිල නිසාය.
බොඳවෙලා ගිය සිහින එකිනෙක නැවත එකතු කර
ජීවිතයේ අරමුනු කරා යාමට ඇගෙන් ලැබූ ආදරය හා
ඔහුගෙන් ලැබූ මිතුදම මහා රුකුලක් විය. නමුත්, මා
එකිනෙක සිහින එකතුකර හැදූ මගේ ජීවිතය හිහියක්
නොමැතිව අන්ගවිකලයෙකු සේ නන්නාදුනන තැනක
ලෑල්ලක් උඩ මල සිරුරුක් සේ තැබීමට ද ඒ ආදරයට
හැකි විය.

"ඇයි නැන්දෙ මට මේ හදිසියේම එන්න කිව්වෙ.


කවදාවත් නැතිව අද නැන්දගෙ මූණ එලිය වැටිලා. දිනුක
ගැන ආරන්චියක්වත් .."
"අමිල පුතාට දෙයක් කියන්න එන්න කිව්වෙ. ම..ට .."
"අම්ම ඔතනින් වාඩි වෙන්නකො. මම අමිල අයියට
විස්තරේ කියන්නම්. "
"මොකද්ද නන්ගි කියන්න හදන්නෙ. ඔයාල මාවත් බය
කරනවනෙ."
"නැහැ අමිල අයියෙ මේකයි උනේ, අද මමයි අම්මයි ගියා
කඩොල්කැලේ පන්සලට නිමිත්තක් බලන්න අයිය ගැන.
එතනින් කිව්වා අයිය තාමත් ඉන්නවා කියලා ජීවත්
වෙලා. මොකද්ද බලවේගයක් අයියව රකිනවලු"
"බලවේගයක්.. ඔයා ඕව විස්වාස කරනවද නන්ගි..
හම්ම්ම්ම්.. මට නම් ඔව ගැන එච්චර විෂ්වාස නැහැ. ඒත්
මම එක දෙයක් දන්නවා"
"මොකද්ද අමිල අයියෙ"
"මම එදා ඉඳන් කිව්ව වගේ දිනුක ඉන්නවා කොහේ හරි
හොඳින්. මිනිහට මොකුත් කරන්න කාටවත් බැහැ. පණ
හතක් තියන කොල්ලෙක්. මොකද මම මගේ යාළුවා කව්ද
කියන්න හොඳට දන්නවා නන්ගි."
"මගේ හිතත් කියනවා අයිය හොඳින් ඇති කියලා අමිල
අයියෙ"
"ඉතින් ඔය, අඬන්න එපා.. මම යාලුවෙක් එක්ක අයියව
හෙවීමේ වැඩ පටන් අරගෙන තියෙන්නෙ. මේ
වෙනකොට දකුණ, ඌව, බස්නාහිර, සබරගමුව, මද්‍යම
පලාත් වල අස්සක් මුල්ලක් නෑරම, ගෙයින් ගෙට ගිහින්
අපි දිනුකව හෙව්වා. නෙක්ස්ට් වීක් ඉඳන් පටන් ගන්නවා
නැගෙනහිර, උතුර, උතුරු මැද, වයඹ"
"මම දන්නවා අයියෙ, ඔයාල ගොඩක් වෙහෙසෙනව
කියලා. ඒත් ඉතින්"
"බලාපොරොත්තුවක් තියාගන්න නන්ගි. බය වෙන්න එපා
දිනුක ඉන්නවා හොඳින්.. මට ඒක දැනෙනවා"

නොයෙකුත් හැල හැප්පීම්, එකිනෙකට නොගැලපෙනා


මත හා බලාපොරොත්තූන් සමග කාලය ගෙවී යද්දී සාමීර
හා රාහුල පොඩි හාමුදුරුවන්ගේ හීනට තවත් එක හීනයක්
සේ බොඳවී නොගියේ මා හට නැවත සිහිය පැමිනි
නිසාය. එමෙන්ම පොඩිහාමුදුරුවන්ගේ සහයට් උන් රූපෙ
නැමැති තැතැත්තාත් අවන්කවම සතුටු වූයේ මා
වෙනුවෙන් ඔහුද දැරූ වෙහෙස අනන්ත අප්‍රමාන නිසාය.
කෙසේ නමුත් මා හට සිහිය තිබුනද වචන කීපයක්
කතාකර ගැනිමට හැකි උවද මා සිටි තැනටම වී තවත්
දවස් දෙක තුනක්ම සිටීමට හැකි වූයේ පය තබා ඇවිදීමට
තරම්ම මා හට ශක්තියක් නොතිබූ නිසාය. නමුත් ඔවුන්
සිතුවාටත් වඩා ඉක්මනින් මා නැවතත් දුව පැන ඇවීදීමට
හැකි තත්වයකට පත් වූයේ ඔවුනද පුදුමයකට පත්
කරමින්ය.

මා මේ රැඳී සිටින්නේ ආරාමයක බව මා හට තේරුම්


ගැනීමට එතරම්ම වෙලාවක් ගත නොවිනි. මා අසල සිටි
පොඩි හාමුදුරුවන් දෙනම හා ආරාමයේ නායක
හාමුදුරුවෝද මා බැහැ දැකීමට පැමින සුව දුක් විමසා
සිටියද ඔවුන්ව මෙන්ම මාවද පුදුම කරනා වූ කරුන වූයේ
මට මා ගැන මතකයක් නොතිබීමය. මගේ අතීතයක් ගැන
මතකයක් නොතිබීමය. එය මගේ හිතට වද දුන් නිසා
පොඩි හාමුදුරුවන් දෙනමගේම අවසරය ගෙන ආරාමයේ
මදක් ඇවිදීමට ගියේ රූපෙ මමාවත් සමගමය. රටාවකට
අතුගා තිබූ මිදුල මල් පිරුනු අරලිය මල්ගස් මගේ සිතට
ඉතා ඉක්මන් සහනයක් ගෙනදෙන්නට සමත් විය. අරාමය
පහල ගලනා වූ මනරම් ඇල පහරින් මුහුන අතපය සෝදා
ගත් අප දෙදෙනා එහි තිබූ විෂාල බෝ ගස සෙවනට
පැමිනියේ එහි ඇති සිසිල විඳීමටය. එයනම් පුදුමාකාර වූත්
සුන්දර වූත් මොහොතක් වූ අතර විනාඩි කීපයක් භාවනා
කිරීමට අප සැරසුනේ රූපෙ මාමාගේ බල කිරීම හා
ඔහුගේ මගපෙන්වීම මතය. පොඩි හාමුදුරුවෝ දෙනම
ඔහුට භාවනාව පිළිබඳව මනා අවබෝධයක් හා දැනුමක්
ලබා දී ඇති බව මම රූපෙ මාමාගේ කතාවෙන් තේරුම්
ගත්තෙමි.

කාලය ගෙවී යත්ම පොඩි හාමුදුවන්ගේ වෙදකම් නිසා


මාහට ඉක්මන් සුවය ලැබූවද මාගේ අතීතය පිළිබඳව
පැහැදිලි මතකයක් මා තුල නොතිබූ තරම්ය. තවද පොඩි
හාමුදුරුවන්ගේ වෙදකම් වලින් මගේ මතකය නැවත
ලබාදිය හැකි උවද එය නැවතත් මගේ ජීවිතය අවදානම්
තත්වයකට පත්කීරීමේ වැඩි සම්බාවිතාවක් තිබූ නිසා
නායක හාමුදුරුවන්ගේද අනුසාසනා මැද ඔවුන් එම අදහස
අතහැර තිබුනි. එමෙන්ම මේ වන විට බුදු දහම පිළිබඳව
සැලකිය යුතු ගැඹුරකට මාහට දැන ගැනීමට හැකි වූ
අතර සිංහල හා බටහිර වෙදකම පිළිබඳවද ‍
යාන්තම්
දැනුමක් මා හට තිබුනේ පොඩි හාමුදුරුවන් දෙදෙනාගේ
මගපෙන්වීමේ ප්‍රතිඵලයක් නිසාය.

මා ආරාමයේ ගතකල් ජීවිතය මට දැනුනේ වෙනම


ලොවක ජීවත්වනවා සේය. එය එතරම්ය පිරිසිදුය.
ශාන්තය. රූස්ස ගස්කොලන් වලින් වටවූ පරිසරය හිතට
එකතු කලේ අමුතුම හැන්ගීමකි. එමෙන්ම නොයෙකුත්
වර්ගයේ කුරුල්ලන් හා ආරාම වත්තට පියඹා එන
වර්ණවත් සමනලුන් නිසා මගේ ජීවිතය තව තවත් සුන්දර
විය. නමුත් සමහර වෙලාවට කුමක් හෝ හැඟීමක් මා
හිත පාරන්නට විය. එය කුමක්දයැයි මා නොදැන සිටි
අතර එය පැහැදිලි කිරීමටද අපහසු එකක් විය. එමෙන්ම
එම අමුතු දෙය මා හිතට දැනෙනා සෑම මොහොතකම
මගේ දෙනෙත් කඳුලින් පිරී ගියේය. නමුත් එය එසේ වනේ
ඇයිද යන්න මම නොදැන සිටියෙමි.

"අම්මේ.. අම්මේ.. "


"මොකද කෙල්ලෙ මේ බෙරිහන් දෙන්නෙ."
"පොඩි හාමුදුරුවො දෙනමක් වැඩිය අපේ ගෙදරට"
"මගේ අප්පේ.. පින්ඩපාතෙ වැඩියද දන්නෙ නැහැ. අනේ
අමිල පුතේ සුදු රෙදි දෙකක් දාන්න කෙල්ලගෙන්
ඉල්ලගෙන"
"සුවපත් වේවා .. සුවපත් වේවා .."
"පොඩි හාමුදුරුවන් අපේ පන්සලේ නම් නෙමේ මයෙ
හිතේ."
"ඔව් ඔව් උපාසක අම්මෙ. අපි මේ ආවෙ ගොඩක් දුර
ඉඳල, උපාසක අම්මව හම්බවෙන්නමයි"
"අනේ ඒ මොකද හාමුදුරුවනේ"
"ඔතනින් සුවපහසුව ඈඬි ගත්තනම් සේරම, ගෙදර
උත්සවක්වත්ද"
"එහෙමයි හාමුදුරුවනේ. මෙ මගේ පොඩි දුව. මේ ඉන්නෙ
එයා බඳින්න ඉන්න කෙනා. මහත්තයනම් ටිකක් එලිය
ගිහින්. දුවගෙ එන්ගේජ්මන්ට් එක ගන්න කියල අනිද්දට"
"ඒකත් එහෙමද.. පොඩි දුව කිව්වෙ.. තව කවුරු හරි
ඉන්නවද උපාසක අම්මට"
"පුතා හිටියා හාමුදුරුවනේ"

අම්මා එසේ පවසනවාත් සමගම අම්මාගේ දෙනෙත්


කඳුළුවලින් පිරී ගියේ සියලු දෙනාම නොසිතූ ලෙස
නොසිතූ වෙලාවකය. මා සහෝදරිය විසින් අම්මාව ඉතා
ඉක්මනින්ම සැනසූමට හැකි උවද නොසිතූ මොහොතක
හාමුදුරුවන් දෙනමක් තම නිවසට වැඩියේ ඇයිද යන්න
සියලු දෙනාගේම සිත තුල රැඳි සරල ගැටලුවක් විය.
එමෙන්ම අම්මාගේ පුතා යැයි සඳහන් කල තැනැත්තාට
සිදු වූ දේ, එනම් මා හට සිදුවූ දේ පිළිබඳව කෙටියෙන්
මගේ මිතුරා වූ අමිල පොඩි හාමුදුරුවෝ දෙනමට
පැහැදිලි කරදුන්නේය.

"අනේ සමාවෙන්න අපිට පොඩි සාදු. අයියා ගැන මතක්


වෙන හැම වෙලාවෙම අම්මා ඔහොම තමා. පහුගිය
අවුරුදු ගානටම .. හම්ම්ම්ම්ම්"
"ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් තමා, උපාසක අම්මෙ.
හදවතට ලන්වෙලා තියන බැඳීම් තියනකොට ගිහියො
හැම වෙලේම දුකින් ඉන්නෙ"
"එහෙමයි හාමුදුරුවනේ.. හාමුදුරුවනේ මම මේ
අහන්නමයි හිටියෙ. ඔබ වහන්සේලා මව සොයාගෙන
වැඩියයි කිව්වෙ.."
"හම්ම්ම්.. සෝමිර.. ඔයාම ඒ ගැන කියන්නකො"
"අම්ම කලබල වෙන්න එපා. අපි මේ හදිසියේම වැඩියෙ
ඔයාගෙ පුතා දිනුක නිසා"
"මොනවා.. සාදු අයියා.. මේ අපේ අයියා..අනේ සාදු එයා
ඉන්නවද කෝ එයා. අනේ කියන්න"
"කලබල වෙන්න එපා පොඩි උපාසිකාව. සන්සුන්ව
වාඩිවෙලා ඉන්නකො. අපි කියන් දේ අහගෙන"
සෝමිර හාමුදුරුවන් එසේ පවසනවාත් සමගම සියලු
දෙනාම මුහුනට මුහුන බලා ගත්තේ උන්වහන්සේ
පැවසීමට යන දේ පිළිබඳව මනා අවබෝදයක් ඔවුන් තුල
නොතිබූ නිසා අතර උන්වහන්සේ පැවසීමට යන දෙය
කුමක් උවද එය සහන දායී දෙයක් වේවායි සියලු
දෙනාගේම පැතුම විය. හාමුදුරන්ගේ වෙද හෙදකම් වලට
බෙහෙත් සොයා ගිය රූපෙට මා හමුවූ ආකාරයද ඔවුන්
වියලු දෙනාම මා සුව කිරීමට දැරූ උත්සහය හා මා දැන්
සිටිනා තත්වය පිළිබඳව සෝමිර හාමුදුරුවන් කරුනු
එකිනෙක පැහැදිලි කලේ සියලු දෙනාගේම දෙනෙතින්
කඳුලු කඩා හැලෙනා අතරතුරදීය. කතාව අතර මගදී මගේ
තාත්තාද පැමිනි අත ඔහුටද මේ දේ අදහාගත නොහැකි
අතර ඔහුගේ මුහුනෙන් ආදරනීය සිනහවක් දිස්වූයේ 'මම
දැනගෙන සිටියා මගේ පුතා හොඳින් ඉන්නවා කියලා' යැයි
පවසමින්ය.

"ඔව් උපාසක අම්මෙ. අපි දිනුකට අවුරුද්දයි මාස අටක්


බේත් කලා. ගොඩක්ම වෙහෙසුනේ මේ සෝමිර පොඩි
නම තමා."
"ඔබ වහන්සේලා අපේ ගෙදර හොයාගත්තෙ කොහොමද"
"දිනුකගෙ හැදුනුම්පත අපි ගාව තියනවා. මේ තියෙන්නෙ
ඒක."
"අනේ ඇයි හාමුදුරුවනේ මේක අපිට කලින් දැනුම් දුන්
නැත්තෙ"
"දිනුකව මුලින්ම දකිද්දි අපි හිතුවෙ නැහැ සනීප කරන්න
පුලුවන් කියලා. අනික අපි දැක්කා දිනුක ගැන පත්තරවල
ටීවී වල"
"ඔව් රාහුල හාමුදුරුවො කිව්ව හරි. අපිට ඕන උනේ
දිනුකව සනීප කරලම එයා ගැන දැනුම් දෙන්න"
"අනේ කෝ දැන් එයා. මට එයාව බලන්න ඕන. අනේ
හාමුදුරුවනේ මට මගේ පුතාව බලන්න ඕන"

අම්මා පැවසූ දෙයට පොඩිනම දෙනමගෙන්ම අවසරය


ලැබුනු මොහොතේම මගේ මිතුරා වූ අමිල සිදුවූ දෙය
කෙටියෙන් මොහොමඩ්ට පැවසු අතර ඔහු ඔහුගේ
වාහනයද සමග ඉතා ඉක්මනින් පැමිනියේය.
උන්වහන්සේලා පැමිනි වාහනය පසුපසින් මොහොමඩ්
වාහනය පැද වූවද ඔහු යන තැන පිළිබඳව හැහැදිලි
අදහසක් නොතිබූ අතර අදහසක් තිබුනානම ඒ මගේ
මිතුරා වූ අමිලට පමනි. ඔවුන් පැමිනි වෑන් රථය දැඩි
නිහඬතාවයකින් යුක්ත වූයේ මේ සිදුවූ දෙය කාටවත්ම
අදහාගත නොහැකි දෙයක් වූ නිසාත් මා හමිවන
මොහොත පිළිබඳව ඔවුනට වැටහීමක් නොතිබූ නිසාත්ය.
කෙසේ නමුත් හාමුදුරුවන් පැවවූ ආකරයටම එය තරමක
වෙහෙසකර ගමනක්, දිගු ගමනක් උවත් සියලු දෙනාම
ඇසිපිය නොහෙලා නොඉවසිල්ලෙන් සිටියේ මා දැක
ගැනීමටය. ඉතා දිගු ගමනකින් පසුව ඔවුන් පැමිනි වෑන්
රථය මනරම් වූ ආරාමයක් අසල නතර වූයේ සියලු
දෙනාගේම හුස්ම පොද මොහොතකට නතරකරමින්ය.
නායක හාමුදුරුවන්ද තරමක් නොසන්සුන් තත්වයක්
සිටියේ ඔවුන් පැමිනීමට තරමක් රෑ බෝ වූ නිසා වූ අතර
රූපෙ මාමා විසින් ඔවුනට නවාතැන් පහසුකම් සියල්ල
සූදානම් කර තිබුනේ අරාමයේ පසකට වන්නට ඉදිකර
තිබූ දායකයන් සඳහා වූ නවාතැන්පලෙහිය.

"සුවපත්වේවා .. සුවපත්වේවා!!"
"අපෙ හාමුදුරුවනේ කෝ මගෙ පුතා"
"උපාසක මහත්තයලටයි මේ උපාසක නෝනලටයි මට
දෙයක් කියන්න තියනවා, ඔයාලගෙ පුතාව දකින්න
කලින්"
"මොකද්ද අපෙ හාමුදුරුවනේ"
"මම හිතන්නෙ පොඩි දෙනම විස්තර කරන්න ඇති දිනුක
දැන් ඉන්න තත්වය ගැන. මට ඔයලා ඉන්න තත්වයත්
නොතේරෙනව නෙමේ. ඒත් එක පාරටම එයාව දැක්කම
ඔයාල එයා ගවට යන්න හදන්න එපා. එයාට ඔයාල
ගාවට එන්න දෙන්න"
"ඔව් ලොකු හාමුදුරුවො කිව්ව හරි. ඔයාල කලබල
කරොත් එයාට එක මානසිකව බලපාන්න පුලුවන්. එයා
ඉන්න තත්වය අපි කාටවත් හරියටම කියන්න බැරි තරම්.
දිනුකට ඔයාල ගාවට එන්න දෙන්න. බලමු ඔයාලව
එයාට දැනේවිද කියලා"
"රූපෙ.. ගිහින් දිනුකව එක්කගෙන එන්න"

රාහුල පොඩි හාමුදුරුවම් මා හට කියවීමට දුන් පොත්


කීපයක ගිලී සිටිනා විට රූපෙ මාමා මා අසලට පැමින
මා ලොකු හාමුදුරුවෝ මට කතාකරනවායැයි කියූ නිසා
මම රූපෙ මාම සමග ගියෙමි. භාවනාව පිළිබඳව මා සිත
තුල තිබූ ප්‍රස්න කීපයක් මා රූපෙ මාමාගෙන් විමසුවද ඔහු
නිහඬව සිටියේ මා තරමක් අවුල් කරමිනි. නායක
හාමුදුරුවන් අසලට යන විට උන්වහන්සේගේ අසල සිටි
පිරිස මාදෙස පුදුමයෙන් මෙන් බලා සිටිනවා දැකීමෙන්
මා එක වරම ගල් පිලිමයක් බඳු වූයේ ඔවුන් මා හට
කරදරයක් කරාවියැයි බියෙනි. මා රැගෙනයාවියැයි යන
සිතුවිල්ලක් මගේ මනසට එකවරම පැමිනි නිසාය. 'ඔයාට
කරදරයක් කරන් නැඇ දිනුක, ඔයාව බලන්න මෙයාල
ඇවිල්ල ඉන්නෙ, මේ ඔයාගෙ යාලුවෝ ටිකක්' යැයි
නැවතත් කරුනාවන්ත හඬකින් රාහුල පොඩි හාමුදුරුවන්
පැවසූ නිසා මම ඔවුන් අසලට ගියෙමි. මගේ ජීවිතයට
සමිපතයැයි එම පිරිසව මට හැඟුනද ඔවුනව මා හට
අඳුනා ගැනීමට නොහැකි වූ නිසා මම අඩියක් පමන්
ඔවුන් සිටි තැනින් පසුපසට පැමිනියෙමි.

"මට සමාවෙන්න, පොඩි හාමුදුරුවනේ. මෙයාලව මට


මතක නැහැ"

මා එසේ පවසනවාත් සමගම අම්මා හඬමින් මා


බදාගත්තේ මාගේ මුලු ශරීරයම උණුසුම් කරමිනි. තාත්තාද
මා අසලට පැමිනි අතර පිලිවෙලින් මාගේ නැගිනිය හා
මාගේ මිතුරන් දෙදෙනාද මා වට කර ගත්තේ
මොහොතකට මා අපහසුතාවයකට පත් කරමින්ය. කෙසේ
නමුත් මා බදාගත් අම්මාගේ උණුසුම මට පුරුදු යැයි
දැනුනි. ඇගේ දෙනෙතින් වැටූ කඳුලු මට හුරු යැයි
දැනුනි. එමෙන්ම තාත්තාගේ ස්පර්ෂය, නැගනියගේ ස්පර්ෂය
මා අසල සිටි තරුන පෙනුමැති පුද්ගලයන් දෙදෙනාගේ
හැඩරුව මා හට පුරුදුයැයි දැනුනද ඒ සියලුම මතකයන්
නැවත ගැනීමට මට නොහැකි විය. සියලුදෙනාගේම
දෙනෙත් කඳුලින් පිරී තිබූ නිසාද මා නොසිතූ ආකාරයට
සිදුවූ ඔවුන්ගේ හැසිරීම් රටාව නිසාද මට තරමක
අපහසුතාවයක් දැනෙන්නට වූ නිසා මම පොඩි
හාමුදුරුවන් දෙනම දෙස බැලුවේ අසරණ වූ දෑසකින්
යුක්තවය. මාගේ තත්වය ඉතා ඉක්මනට තේරුම් ගත්
රාහුල හාමුදුරුවෝ ඔවුනගෙන් මා මදකට ඈත් කලෝය.
රාහුල හාමුදුරුවන් මා සිටිනා තත්වය මට පැහැදිලි කර
දුන් අයුරු මට සිහි විය. මට මෙගේ අතීතය කිසිවක්
මතක නැති බව උන්වහන්සේ වදාලා මට මතකය. මෙහි
සිටින්නේ, මා දෙස බලා දුක් සුසුම් සලන්නේ මගේ
අම්මා තාත්තා සහෝදරයන් හා සහෝදරියයැයි දෝ මම
මොහොතකට සිතුවෙමි. එය එසේනම් ඔවුනට කොතරම්
නම් වේදනාවක් දැනෙනවා ඇත්දැයි මම මොහොතකට
කල්පනා කෙරුවෙමි. එම නිසා ඔවුන් සමග වචන
කීපයක් කතා කිරීමට මම තීරනය කලෙමි.

"මට සමාවෙන්න ඔය උපාසක උපාසිකාවො. රාහුල


පොඩි හාමුදුරුවො කිව්ව විදිහට මට මගේ ගැන මතක
නැහැ මොකුත්. සමහර විට ඔයාල මගේ පවුලෙ අය
වෙන්න ඇති. මට සමීපව ඉන්න ඇති. මම ඔයාලව
අදුනගත්තෙ නැති උනාට මට ඔයාලව දැනුනා. මට
සමාවෙන්න ආයෙමත්. අනේ මාව ගෙනියන්න එපා. මම
ආසයි මෙහෙ ඉන්න. මෙහෙ ඉන්න අය ඔය වගේ
අඬන්නෙ නැහැ. අනික මට පොඩි හාමුදුරුවන්
දෙනමගෙන් ගොඩක් දේවල් තියනවා ඉගෙන ගන්න. මට
ආසයි රූපෙ මාම එක්ක පල්ලැහැ තියන දොල පාරෙ
නාන්න. ලොකු හාමුදුරුවන්ගෙ බණ අහගෙන ඉන්න. බෝ
ගහ යට භාවනා කරන්න. සත්තු එක්ක සෙල්ලම්
කරන්න. ඒ නිසා ඔයාල මාව ගෙනියන්න එපා. මට
මහන්සියි ටිකක්. අපි හෙට කතා කරමු. ඔයාල නවතින්න
මෙහෙ අදට. බුදුසරණයි"

මා පැවසූ දේ නිසා සියලු දෙනාම සන්සුන්ව සිටීමට


උත්සහ දැරූවද ඔවුන්ගේ දෙනෙතින් ගලා ගිය කඳුලැලි
නතර නොවූ නිසා මම පොඩි හාමුදුරුවන් දෙස
බැලුවෙමි. ඔවුන් දෙදෙනාදා මා දෙස පුදුමයෙන් මෙන්
බලා සිටි අතර නායක හාමුදුරුවන් පමනක් සිනාසෙමින්
මා දෙස බලා සිටියෝය. නායක හාමුදුරුවන්ට හා පොඩි
හමුදුරුවන්ට වැඳ සිටිනා පිරිසගෙන්ද සමුගෙන මා මාගේ
කුටිය වෙත ගියේ සුව නින්දක් දැමීමටය. නිහඬව මගේ
පසුපස ආ රූපෙ මාමාද වෙනදා මෙන්ම මා අසල රැඳුනේ
මා නෙතු පියාගන්නාතුරුය.

"හම්ම්.. දිනුක හරි ඉක්මනට ඉගෙන ගන්නවනෙ පොඩි


දෙනම. එයා දෙයක් තේරුම් ගන්නා හැටි හරිම
පුදුමාකාරයි."
"අපිටත් හිතාගන්න බැරිව ගියා ඒ කතා කලේ දිනුකමද
කියලා නායක හාමුදුරුවනේ"
"අනේ අපෙ පුතාගෙ මතකය ගන්න බැරිද හාමුදුරුවනේ"
"ඒක ටිකක් අමාරු දෙයක් උපාසක අම්මෙ. උත්සහ
කරන්න පුලුවන්. ඒත් ඒ උත්සහය අසාර්ත උනොත් එයා
යන්නම යාවි අපි හැමදෙනාගෙන්ම"
"හම්ම්ම්.. තේරුනා හාමුදුරුවනේ. මගේ පුතා මොන
වරදක් කලාටද මෙහෙම දෙයක් උනේ. අනේ මගෙ පුතාට
මෙහෙම දෙයක් කරපු අයට හොඳක් වෙන්න එපා."
"තමන්ව පාලනය කරගන්න බලන්න උපාසිකාව. සමහර
විට පහුගිය භවයක දිනුක ලොකු පවක් කරල තියෙන්න්
ඇති. නැතිනම් මේ භවයෙදිම කරන්න ඇති. මොන දේ
ලැබුනත් දිනුකට එය බාරගන්න තරම් ෂක්තියක් තිබුනා.
තේරුම්ගන්න තරම් මොළයක් තිබුනා."
"නායක හාමුදුරුවනේ අපි උදේට කතාකරමු. මම
මෙයාලට නවතින තැන් පෙන්වන්නම්. ගමන් වෙහෙසයි
හිතේ විඩාවයි දෙකම තියන නිසා ටිකක් විවික ගන්න."
"එහෙමයි පොඩි හාමුදුරුවනේ"
"සුවපත් වේවා!! .. සුවපත් වේවා!! "

ගෙවුනු දිනය සිද්දීන් රාෂියකින් නිම උවද උදා වූ අද


දවස මම ඔවුන් සමග සුහදව ගත කෙරුවෙමි. ඔවුන්
සියලු දෙනා හ සිනා සී කතාබහ කිරිම්මට මට හැක්විය.
එමෙන්ම අවසානයේ ලොකු හාමුදුරුවන් විසින් දේෂනා
කල කෙටි ධර්ම දේෂනාද ඉතා රසවත් වැදගත් එකක්
වූයේ එහි හිහියෙකු ලෙස අප සියලු දෙනාටම ගතයුතු
දේ බොහෝ තිබූ නිසාය. මා ඔවුන් සමග දවසකට
දෙකකට එවන ලෙසට කරන ලද යෝජනාවට එකවරම
පොඩි හාමුදුරුවන් දෙදෙනාගේම අකමැත්ත ඵල විය. මා
පරන ආගිය තැන් පරණ යාලුවන් මා ආදරය කල දේවල්
සමග සිටිනා විට මගේ මතකය නැවත ඒවි යැයි
ඔවුන්ගේ මතය උවද නායක හාමුදුරුවන් හා පොඩි
හාමුදුරුවන් දෙදෙනාගේම මතය වූයේ මා තවමත් එවැනි
අවස්තාවකට මුහුන දීමට සූදානම් නොමැති බවත් හා
එසේ සූදානම් වූ විට ඔවුන් දැනුවත් කරනවායැයි
පොරොන්දුවක්ද සහිතවය. උදේ ආහාරය ගැනීමෙන් පසුව
පැමින සියලු දෙනාම පිටත්ව ගිය අතර පොඩි
හාමුදුරුවන්ගේ ඉල්ලීම මත මා ඔවුන් සියලුම දෙනාගේ
දෙපා වැන්දෙමි. එමන්ම ඔවුන් වෙන් වී යන මොහොතේ
මගේ හිතට තරමක වේදනාකාරී සිතුවිල්ලක් පහල උවද
රාහුල හාමුදුරුවන් ඉගැන්වූ ධර්මය නිසා එම වේදනාකාරී
සිතුවිල්ල පාලනය කර ගැනීමට මට හැකි විය.

කාලය ගත වෙත්ම මා ධර්මය ඇසුරෙහි සිටීමට වැඩි


කැමැත්තක් දැක්වුවෙමි. එමෙන්ම බොහෝ බෙහෙත්
පැලෑටි වර්ගද මාහට අඳුනාගත හැකි වූයේ මා බටහිර
වෙදකමට වඩා සිංහල වෙදකමට ඇලුම්කල නිසාවෙනි.
පොඩි හාමුදුරුවන් දාන හා බණ සඳහ වඩින අවස්තාවලදී
මම ද ඔවුන්ව අනුගමනය කලෙමි. එමෙන්ම කෑම බීම
පිසීමටද රූපෙ මාමාට මා උදව් වූ අතර මේ වන විට මා
හොඳ කෝකියෙකුද වී තිබුනේ රූපෙ මාමාගේ මනා
මගපෙන්වීම නිසාය.

"රාහුල පොඩි හාමුදුරුවනේ. මම දෙයක් අහන්නද"


"ම්ම්ම්ම්.. මොකද්ද දිනුක. මොකටද මේ ඉව අල්ලන්නේ"
"මටත් ආසයි පොඩි හාමුදුරුවො වගේ සිවුර ඇඳගෙන
රුවන්වැලි සෑය වටේ රවුමක් යන්න"
"ඉතින් දිනුකත් මහන වෙන්නකො. මම වගේම"
"බැහැ"
"ඒ මොකද"
"මහණ වෙලා මමත් පොඩි හාමුදුරුවො වගේ
උනොත්මම කොහොමද රූපෙ මාම එක්ක ඇලේ
නාන්නෙ. බෙහෙත් හොයන්න යන්නෙ. අනික.. කිතුල් රා
ටිකක් එහෙම.."
"මොනවා.. රූපෙව මම අල්ලගන්නම්කො. දිනුකටත් පුරුදු
කලාද."
"අනේ රූපෙ මාමට බනින්න එපා. මගෙ ආසාවට තමා
දවසක් බීල බැලුවෙ. ආයෙ කරන් නැහැ මාගේ ඉල්ලීම
ඉටු කලොත්"
"නායක හාමුදුරුවො දැනගත්තොත් එහෙම."
"මම නායක හාමුදුරුවන්ට කිව්වා. පොඩි හාමුදුරුවන්
එක්ක කතා කරල බලන්න කිව්වා"
"හම්ම්ම්. එහෙනම් යමුකො. ගීහින් ඉක්මනට එමු. ඔන්න
ගිහියෙක් වගේ හැසිරෙන්න එපා හරි. දන්නවනෙ එහෙම
උනොත්, දෙන්නම ගස්"

අනෙක් සියලුම දෙනාට වඩා රාහුල පොඩි හාමුදුරුවන් මා


හට සමීප්ව සිටි නිසා මගේ හිතේ ඇති වූ අශාව
ඉටුකරගැනීමට මා හට එතරම්ම අපහසු තාවයක් නොවීය.
රාහුල පොඩි හාමුදුරුවන් පැවසූ ආකාරයටම මම
උන්වහන්සේගේ පාද සලකුනු ඔස්සේම ගමන් කලෙමි.
කහ පැහැති සිරුර මගේ ශරීරය වසාගෙන සිටිනා විට
දැනුන හැඟීම මා හට වචනයකින් විස්තර කිරීමට මම
නොදැන සිටියෙමි. එවැනි පැහැදිලි හැඟීමක් මා හට
කවදාවත්ම ඇතිවී නොමැති තරම්ය. රුවන්වැලි සෑය වටා
රාහුල පොඩි හාමුදුරුවන්ගේ තාලයට පය තබා මම
ඇවිද්දෙමි. එමෙන්ම රාහුල හාමුදුරුවන්ට මෙන්ම මා හටද
උපාසක උපාසිකාවන් වඳිනා විට රාහුල පොඩි
හමුදුරුවන්ව අනුගමනය කිරීමට මම අමතක
නොකෙරුවෙමි.

"දිනු..ක .. දිනුක අයියා"


මාගේ නමින් කවුරුන් හෝ ඇමතීම නිසා මා මෙන්ම
රාහුල පොඩි හාමුදුරුවෝද නැවතී හිස ඔවසා බැලුවේය.
මා හට අඩි කීපයක් ඉදිරියේ සිටිනා රූමත් තරුණිය දුටු
විගසම මා හට කැස්සක් ඇතිවිනි. එය එසේ සිදුවූයේ
කෙසේද යන්න මා හට තේරුමක් නොමැති උවත් පොඩි
හාමුදුරුවන්ගේ ක්ෂනික ප්‍රතිකාරය නිසා මම නැවතත්
යතා තත්වයට පැමිනියෙමි. ඇය දෙස නිහඬව තප්පර
කීපයක් මා නිහඬව බලා සිටියද ඇය කවුරුන්ද යන්න
මගේ මතක්යන් මතක් කර දුන්නේ නැත. මීට ටික
දවසකට කලින් මා හමුවූමට පැමිනි පිරිස මෙන්ම තව
කෙනෙකුයැයි මා නිගමනය කලේ එම රූමත් තරුණිය මා
දෙස කඳුලු පිරි දෑසින් යුතුව බලා සිටි නිසාය. සිදුවූ දෙය
අප දෙදෙනාටම අදහා ගත නොහැකි වූ අතර මා මෙන්ම
රාහුල පොඩි හාමුදුරුවෝද එම රූමත් තරුණිය හා ඇය
අසලින් සිටි පැහැපත් තරුණයා දෙස නිහඬව බලා සිටි
අතර එම තරුනිය ගැබ් ගෙන ඇති බවද මම දුටුවෙමි.
එමෙන්ම ඇයව මා අඳුනාගත්තේ නැති බව ඇයට තේරූ
බව මම ඇගේ හැසිරීමෙන් තේරුම්ගත්තෙමි.

"අනේ මට සමා වෙන්න හාමුදුරුවනේ.. වැරදීමක් උනේ"


"ඒකට කමක් නැහැ උපාසිකාව.. සුවපත් වේවා!!"
"සුවපත් වේවා!!"
ඇගෙන් සිදුවූ වරදට ඇය සමාව අයැද අප දෙපා නැමදූ
අතර රාහුල පොඩි හාමුදුරුවන් අනුගමනය කරමින් මා
උන්වහන්සේ පසුපස ගිය අතරම මා හට නැවත වරක්
හැරී එම රූමත් තරුනිය දෙස බැලීමට සිතුනද මා එසේ
නොකලේ රාහුල පොඩි හාමුදුරුවන් මා හට දුන් උපදෙස්
මගේ මතකයේ තිබූ නිසාය.

"පියුමි, මොකෝ මේ එක පාරටම අඬන්න පටන් ගත්තෙ.


හාමුදුරුවන් ඉස්සරහ හැසිරෙන්නෙ ඔහොමද පියුමි. කතා
කරන්නවත් දන්නෙ නැද්ද එයාලට"
"අනේ මට බනින්න එපා සුපුන්. මම ඒ කතා කරපු
හාමුදුරුවො තමා .."
"මොකද මේ පොඩි ළමයෙක් වගේ අඬන්නෙ. කව්ද ඒ
හාමුදුරුවො.. කොහොමහ ඔයා දන්නෙ ඒ පොඩි සාදුව"
"ඒ තමා මට ආදරේ කරපු, දිනුක. හම්ම්ම්.. එයාගෙ
පණටත් වඩා මට ආදරේ කලා. අනේ මට සමාවෙන්න
ආයෙමත් දිනුක අයියා"

You might also like