Professional Documents
Culture Documents
Wikibooks
Wikibooks
Wikibooks වෙතින්
අන්වය :- එක් තැනින් නො තොර් වැ දවස් කණක් සෙය් වෙය්ද? බෙයන්ද්හි රන්වනුන් අතුරෙ
මෙය් රිසි සෙයි බල.
එක් තැනකින් ඉවත් නොවී1 සිටීම නිසා දවස මොහොතක් 2 සේ වෙයිද? බෙයදෙහි රන්වනුන්
අතර සිටි මේ (තැනැත්තිය) රිසිසේ බලව.3
1. නො තොර්වැ
2. කණක් - ක්ෂරණයක්. (සං. ක්ෂයණ. පා. ඛණ) 3. සිත්තම් දෙස බලා සිටින විට
දවස මොහොතක් මෙන් ගෙවී ගිය බව සඳහන් වූ ගීයකට පිළිතුරු වශයෙන් මේ ලියවුනු බව
කියවී ඇත.
සීගිරි ගී 263
විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂියේ අවසාන භාගය හෝ 9 වෙනි ශතවර්ෂ යේ මුල් භාගය
විය හැක.
වෘත්තය - යා ගී.
302. සඟමු වැසි ............ මෙ ගී, බණවත් ද නොබෙණෙත යු වි මල්වැහි රසැත්තක් බෙයන්ද්හි
රන්වනක් රත් අතනි ගත් වතින් මල්පත්
අන්වය :- බණවත් ද නො බෙණෙත බෙයන්ද්හි රන්වනක් රත් අතනි මල් පත් ගත් වතින්, මල්
වැහි රසැත්තක් යු වී.
1. මල් හා කොළ.
2. වනින්. ආකාරය යන අරුත දෙයි. (කව්සි. 22 පද්ය.ය)
3. යු √ ය. (සං.ආ +
√ඛ්යා2 - කීම) යෙ, යෙන්.යෙනි,යු, ඈ විසින් යෙදෙයි.
න් ර් ක් සේ ත්
වෘත්තය - සතරවන පාදයෙහි ‘අතනි’ යන්නෙහි ‘නි’ අකෂරය දීර්ඝයක් සේ ගත හොත් දුවඟ ගී
විරිතයි.
303. පොකර් පතින් මල් අත්නි ගත් බැලු තන තමා මහනෙල් වන් ගැහැනි අන්ත හය් යම්තම්
නො මෙ බෙණෙයි. අන්ත හය් යම්තම්. රජලා දෙවු ගී.
අන්වය :- පොකර් පතින් මල් අතිනි ගත් තන තමා බැලු මහනෙල් වන් ගැහැනි අන්ත හය්
යම්තම් නො මෙ බෙණෙයි.
264 සීගිරි ගී
අර්ථය :- නෙලුම් පත්1 සමග මල් අතින් ගත්, පියොවුරන් හරවා බැලූ, මහනෙල් වන්
ගැහැණිය,සැබවින්ම, අනුන් සමග යම්තමින් වත් නොබෙණෙයි.
දිගිලිපෙළි වජුර් (නැමැත්තාගේ) ගී යයි. දිගැසියෙනි! මා දැක,1 තාප සිත නොපහත් නොවේවා!
තොප ළය තද වත කල්හි, ප්රැසන්න වෙමි.
සීගිරි ගී 265
305. සිහිගිරී අග්නක් බ(ණ)වත් මෙ යන්නා වර් සෙර සෙ හොයම් දෙසෙකැ මා බැලි තොමො
අගන් මෙ නියා
අන්වය :- යන්නා වර් මෙ සිහිගිරී අග්නක් බණවත්; හො තොමො සෙර සෙ යම් දෙසෙකැ මා බැලි
අඟනන් මෙ නියා.
ර් මින් මේ ටි ඕ මෝ
අර්ථය :- (මා) යමින්1 මේ සිහිගිරි අඟනකට කථාකළ ටිට ඕ තොමෝ සෙරක සෙයින්, යම්
දෙසක මා(විද, එ දෙස) බැලුවාය ස්ත්රී න්ගේ 2 මේ ස්වභාවයෙකි.
වෘත්තය - පළමුවන පාදයෙහි එන සිහිගිරි යන්නෙහි ‘රි’ කාරය දීර්ඝයක්සේ සැලකුව හොත් යා
ගී විරිත ලැබේ. පෙළෙහි දීර්ඝයක්සේ දක්වා ඇත්තේ වියරණය හා විරිත රැකගැනීම සඳහාය.
කැටපත් පවුරෙහි එය ලියවී ඇත්තේ භ්රසස්ව යක් වශයෙනි.
අන්වය :- රුස්නා පැහැබර් සිනා තොස්නා කතක්හී ලැදී මන බන්ද්නා මිණිඅකුසු හිස්හි ලය්
ගන්නා (වැනි.)
266 සිගිරි ගී
රුචීය උපදවන පැහැබර සිනා ඇති, (සිත්) සතුටු කරවන කාන්තාවක (කෙරෙහි) ලැදිව සිත්
බැඳීම මණි අංකුශයක් හිස්හි ලා ගන්නා (වැන්න).
307. ස්වස්ති
පෙහෙජලමලන පිත් මිහිදල(මි) මෙ ගි බැන්දැ් ලිමි කිපී එයැ කිවැ යි මිනිසුන් දෙසෙ කරනෙය
නො මෙ මෙත්
අන්වය :- පෙහෙජල මලන පිත් මිහිදලමි. මෙ ගි බැන්දැි ලිමි. එයැ කිපි කිවැයි, මිනිසුන් දෙසෙ
මෙත් නො මෙ කරනෙය.
පෙහෙජලමලගේ පුත් මිහිදල (වන මම) මේ ගීය බැඳ ලිවෙමි. “ඈ කිපී සිටින්නීය” 1 යි කිව
හෙයින්,2 මිනිසුන් කෙරෙහි මෛත්රිකය නොම කළ යුතුය.
1. එයැ කිපි 2. කිවැ යි
වෘත්තය - සතර වැනි පාදයෙහි එන ‘සෙ’ අක්ෂ රය දීර්ඝයක් සේ ගත හොත් යාගි විරිතයි.
සීගිරි ගී 267
අන්වය :- නැගැ මෙහි ම සෙනෙහී හිමබියනැට තුප නො දහ. රුසිරු නො රුස්නා යතත් අසක්
අසරෙයට සෙර නො.
මෙහි නැගි මවිසින් ආදරය කරනු 1 ලබන කතුන්ට 2 තෝ රොස් නොවව 3 (ඔවුන්ගේ) රූසිරිය
රිසි නොවනු 4 ඇතැයි කියත හැකිමුත් 5 සුලු කලක් 6 ඇසුරු කීරීමට තරම් ඔවුහු සල්ලාල7
(ගැහැණු) නොවෙති.
වෘත්තය - ය ගී.
309. බලයි මඟ පියා වනවුහිමින් මෙන් හො (නැ)සී නො හි හිමි සමහර්හු වගුළො ගිරිබිතින්
අන්වය :- පියා හිමින් වනවූ මෙන් හො මඟ බලයි. ‘හිමි නැසි නො’යි සමහරු ගිරි බිතින්
වගුළො.
268 සීගිරි ගී
අන්වය :- යහ අයිහ දෙකහි අනන්ද සති පෙරෙටු විසි මහනෙල වනනි! තිපි මල බලගන කළ.
ර් ක් න් වි
අර්ථය :- යහපත අයහපත 1 යන දෙක්හි දී ආනන්දයද, (මනා) සිහියද පෙරටු කරගෙන විසූ
මහනෙල්වන් (කාන්තාවෙනි!) තොපි මලක් බලාගෙන (නිර්මාණය) කරනු ලැබුවාහුය. 2
සීගිරි ගී 269
අර්ථය :- මෙසේ මෙය ලියැවී නොතිබුණ ද, ඒ කී දෙය හදහමි. මෙතෙක් දෙනා අතර (සිටිය දී)
තම හිමිය ගැනම1 සතීම යෝග්යද2 ද?3
1. මෙ
2. උප ද. උප - (සං. උපාය.) ‘යෝග්යෙ’ යන අතිරේක අරුතක් ද දෙයි. උප ද? උපායෙක් ද?
යනු විසින් අරුත් කිව නොහැක්කේ නොවේ. 3. කතුන්ගේ දෘඪ භක්තිය පිළිබඳව සැක කළ
අයෙකුගේ කිමක් මෙයින් තහවුරු කෙරෙන බව පෙනේ.
312. වදැ වළ ලය් ගෙනැ කොළ්නා හව්දළෙනි (මෙ) බෙයදහි දුට්මො ඇප් මු(න්) අසරන් බ(ට)
පොළො එවු.
අන්වය :- හව්දළෙති වදැ වළ ලය් ගෙනැ (මෙ) කොළ්නා පොළො බව අයරන් එවු මුත් ඇප්
බෙයදහි දුට්මො.
අර්ථය :- දැඩි ආකර්ෂමණ1(ගුණය) නිසා (තමන්ගේ) කැලැල්2 (වැරදි) සඟවාගෙන3 (තමන් කරා
පැමිණියවුන්) විනාශ භාවයට පමුණුවන,4 පොළොවට බටුවාවූ 5 අප්සරාවන් වැනිවූ මොවුන්
බෙයදෙහිදී අපි දුටිමු.
1. හව් - දළෙනි.
හව් (සං. භාව) ආකර්ෂමණය. පෙලඹවිම.
දළ. (සං. දෘඪ) දැඩි.
270 සීගිරි ගී
313. අතට් (හො) අ මෙන් සුරත්අත්නි ගත් සපුමල් (කැ)නෙන් නහම් ගතහෙ ජ මන ගත්තී
මුළුල්ලෙන් අග්බො(යි සෙන්)මි.
අන්වය :- අතට් අ මෙන් සපුමල් සුරත් අත්නි හො ගත්. කැනෙන් නහම් ගතහෙ ජ මුළුල්ලෙන්
මන ගත්තී.
අර්ථය :- අතට (ඉබේ) පැමිණියාක් බඳු සපුමලක් සුරත් අතින් ඕතොමෝ ගෙන සිටින්නීය.
(ඇයට එය) (මල්) කැනෙන්1 ගැනීම නොහැකි2 වුවද. (ඕතොමෝ) මුළුමනින්ම (මාගේ) සිත
(පැහැර) ගත්තීය.
අග්බොයි සෙන් (නමැත්තා) වෙමි.
1. පොකුරෙන් (කැන. සං. කර්ණිකා. පා. කණ්ණිකා). 2. නහම් ගතහෙජ. නහම් යනු
ප්රමතිෂෙධාර්ථායෙහි නිපාතයයි.
වෘත්තය - යොන් ගී
සිගිරි ගී 271
අන්වය :- මියන රිසින් ගිරිබිතැවිත් හෙළිල්ලයබුයුත් පිළිබිබ් ඇජැ තබයි එක් නො වි තමා ගෙට්
තා ගිය.
අර්ථය :- මියයත අදහසින් පර්වතත භික්තිය වෙත අවුත්,1 රූමත් කතුන්ගේ පිළිබිඹු එහි ඇඳ
තබා, (ඔවුන් හා) එක් නොවී, තමාගේ ශෘහයට තෝ ප්රිවිෂ්ට වූයෙහි.2
1. ගිරි බිත් ඇවිත් ගිරිබිනැවිත්. 2. කතුන් හා එක්ව මියයන අදහසින් රජතුමා පර්වභත භික්තිය
දෙසට ආ නමුත්, ඔවුන්ගේ පිළිබිඹු එහි ඇඳ තබා, (ඔවුන් තනිකර දමා) ඔහු ගි ය බව මෙයින්
පැවසෙයි.
ක් ත් ක් සේ ච්
වෘත්තය - පළමුවන පාදයෙහි අවසාන අක්ෂබරය මාත්රා දෙකක් වන සේ උච්චාරණය කළ
හොත් යා ගී විරිතයි.
ඔයුත ලයු යෙත (තා අ) වෙ මෙ ද සිතුම උසස් ගියෙ නො(ම ය)ත (වෙත ෙ
)මය් මෙ නො දකිමි යි
දැකැ දනා.
අන්වය :- ලයු ඔයුත යෙත, තා අ. මෙ උසස් සිතුම වෙ ද? ම මය් වෙත යන, ‘මෙ නොදකිමි’ යි
දනා දැකැ නොම ගියෙ ?
272 සීගිරි ගී
අන්වය :- මහල! ඈ ළ තුබූ සෙය් තො නො ජන්හිද? එ සිහිගිරී ගිරි එය් නැගී බො ජනා මන
ගන්නි.
1. සීගිරි අඟනුන්ගේ සිත් තද බව කී අයකුට පිළිතුරකි. සීගිරිය දැකීම පවා සිත් සතුටු කරවන
හෙයින්, එහි ඇලී වසන ගැහැනුන්ට සිත් ඇති බව ඉන් අදහස් කරනු ලැබේ.
ත් ත් ට් ස් න්ද් ල් ට් මි ක්මි ස් මි ම් ක් න් ට්
අන්වය :- රතත්නි ගත් මලට් දිගැස්නි මන්ද් බැල්මට් මිනිසෙක්මි. ඔස්! හිමියම්බුයුක් මන්ද කට්
ගනුග. සීගිරි ගී 273
අර්ථය :- රත් අතින් ගත් මලට, දිගැසින් (හෙලූ) මඳ බැල්මට - මම මිනිසෙක් වෙමි. හා !1 මේ
රූමතියක සුලු කලකට ගන්න 2
318. (ස්වස්ති)
ඇති සෙයැ බලය් ගත් මහනෙල්වන ජැහැ (යමි) නිල්මහනෙල්වනක් බෙයන්දෙහි අ(ජ)වතුජ් මය්
(වෙත.)
අන්වය :- ඇති සෙයැ බලය් ගත්. බෙයන්දමහි නිල්මහනෙල්වනක් මය් වෙත අජවතුජ්
මහනෙල්වන ජැහැ යමි.
ඇති සැටි බලා ගතිමි. බෙයදෙහිවූ නිල් මහනෙල් වන් එකියක(විසින්) මා (ඇය) වෙත අදවන්නේ
1 වී නමුත්, නිල්මහනෙල්වන් තැනැත්තිය හැරදමා2 යමි.
1. අජවතුජ්. 2. ජැහැ.
18
274 සීගිරි ගී
319. ස්වස්ති
අන්වය :- අවුදු සසිනින්ද් බැලූයූ පග නො මෙ ලජුයු. හිමින් පිනින් ගලැ කළ තද ළ ඇත්තන් සෙය්
උපත.
ම් ර් ප් ග්
1. ආදර සහිත බැලුම්
2. පග. පගාව. ධෛර්ය ය (සං. ප්ර ග්රකහ)
විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂ යේ අවසාන භාගය හෝ 9 වෙනි ශතවර්ෂ යේ මුල් භාගය.
වෘත්තය - පළමුවන පාදයෙහි ‘ලු’ සහ ‘යු’ අක්ෂවරද, දෙවැනි පාදයෙහි අවසාන අක්ෂමරයද
දීර්ඝ සේ උච්චාරණය කළ හොත් යා ගී විරිතයි.
320. ස්වස්ති කසබල් ඇපාණන් ගේ පයමුල් ලෙය්දරු සගලු ගී. දෙවියනි මෙවැනි එක සුකක් ඇති
කරනු දෙ අත් වටැ පළ මය් රු සුක රුකුරුවනු තොල් (ජැ)හැ (යනු) කොට් මින්දිඅබිය කුරුර වනු
බොටුමල් බලය් සුකනු තය් යහපත් වනු.
අන්වය :- දෙවියනි! මෙවැනි එක සුකක් ඇතිකරනු. දෙ අත් වටැ පළ මය් රු සුක රුකුරුවනු.
තොල් ජැහැ යනු කොට් මින්දි බිය කුරුර වනු. බොටුමල් බලය් සුකනු තය් යහපත් වනු. සීගිරි ගී
275
“දෙ තොල් හැරදමා යෑමට (මා පෙලඹවූ) අහංකාර 5 ස්ත්රිිය කුරිරු 6 වන්නීය .”
1. පයමුල් ලෙය්දරු.
.i පය -මුල් (පා-මිලි.) ශි. සං. I. 213.
.ii ලෙය් - දරු (ලෙය් - සං. ලෙඛ. ලෙඛක.).
(අරු - පා. දාරක. හෝ දහර.) ලෙදරුවක් (ශි. සං. . I. 111.) 2. කවියා කතුන් ගැන දෙවියන්ට කියන
බවක් පෙනේ. ‘දෙවියනි’ යනු ‘දෙවතාවියෙනි’ යනුවෙන්ද ගත හැකිය. එසේනම්
ආමනත්රකණය කෙරෙන්නේ සීගිරි කතුන්ටමය. 3. සුකක් - සැපතක්. (සං. සුඛ). ‘සුක - සිත්’ යනු
විසින්ද යෙදී ඇත්තේය.
4. සුක රුකුරු වනු - සැපය විඳින්න. √ රුකුර - මේ නිෂ්පන්න ධාතු ප්රිකෘතියෙකැයි සිදත්
සඟරාවෙහි කියවී ඇත.
276 සීගිරි ගී
5. මින්දි බිය. පා. මීන්න - දුභි = මිදිමි. ධ.අ.ගැ.103. එහෙත් මෙහිදී මේ අරුත දේයයි සිතීම
අපහසුය.
සං. මාන + ධ්මාන = මන් + දිමි යන්න හා සමානකර බලනු. ‘දිමි’ යනු ‘ඉදිමී’ යන අරුත
ඇත්තේය.
ක්
6. සං. ක්රෑ(ර. සං. කුරුර, (කුරිරු.) 7. මේ කවෙහි පළමුවන හා තුන්වන පාද වලින් සීගිරිය
බැලීමට පැමිණි තැනැත්තකු තුළ කතුන් ගැන වහළවූ අදහස් ප්රදකාශ වෙයි. ඔවුන් හා විනෝද
වීමට ඔහු ආශා කරන බව කියවී ඇත. කතක විසින් ඊට දුන පිළිතුර එනම් සුළු දේවල්වලින්
තෘප්තියට පැමිණිය යුතු බව දෙවන හා සතරවන පාදවලින් අදහස් කෙරේ.
වෘත්තය - සමුදුරු ගොස් නම් විරිතින් බැඳි සිව් පදයෙකි. 1,2,3, පාදවල අවසාන අක්ෂසර දීර්ඝ
සේ උච්චාරණය කළ යුතුයි.
අයුත අවෙහිමින් පසින් ඇසිමෙන් බිණිමෙන් බෙයන්ද්හි රන්වනුන් බැලිමි සිත් සෙ මනා කොට්
සිගිරි ගී 277
1. අයුත.
2. අවෙහිමින් (සං. අපෙක්ෂය - මාන) බලමින්, සෝදිසි කරමින්, යන අරුත් දෙයි. 3.
පසින් (සං. ප්රයශ්න. පා. පසිත).
322. ....................(ගමි)යෙන් ආ දාපුළැ ගී. කෙ තම් තොප නෙ(බෙ)ණෙති දහම් ඇත්තන් අතුරෙ
ලයි නිරින්ද් - ඉසිර වියෙවැ පහයුන් නො තොර් කොට් හින්නන් 1
අන්වය :- නො බෙණෙති කෙ නම්, නිරින්ද් - ඉසිර වියෙවැ පහයුන් නොතොර් කොට් හින්නන්,
තොප දහම් ඇත්තන් අතුරෙ ලයි?
“ (ඔවුහු) නො බෙණෙති” (එසේවුවද), කවරෙක් නම්, නිරිඳා නමැති හිමියා ගෙන් 2 වියෝවුවද
පලඳනා 3 ඉවත් නොකොට 4 හිඳින 5 තොප ගුණවතුන් 6 අතරෙහි ලා (සලකයිද ?)
1. හුන්නන්, හින්ද්තත් යනුවෙන්ද කියවිය හැකිය. 2. නිරින්ද් - ඉසිර. 3. පහයුන්. (සං. ප්රවසාධන.
පා. පසාධන.) පලඳනා. 4. නො තොර් කොට්. 5. හින්නන්. 6. දහම් ඇත්තන් . 278 සීගිරි ගී
විස් ර්
විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂයය.
232. ම මෙතක් නො ජ
න්නෙ (ද) මග බලත්හොත් සියල්ලෙ
(සිත)රගත්නා ම(ය්) අසද ගලකළ
තද්ළ ඇත්තිය.
අර්ථය :- ගලින් කළාවු තද සිතක් ඇති ද්රෝතහි තැනැත්තිය 1 (විසින්) මගේ සිත් හැරගත් 2
හෙයින්, සියලු දෙනාම මාර්ගතය දෙස බලන කල්හි,3 මෙපමණවත්4 ම(විසින් නොදන්නා ලදද ?
විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂ්යේ අවසාන භාගය හෝ 9 වෙනි ශත වර්ෂතයේ මුල් භාගය
විය හැක
වෘත්තය - යා ගී.
අන්වය :- තට් සිතැගි ජන යම්තම සුවක දකමින් ආ ද, තමා අසරිනි ඔයුන් මන පියන්නෙ නො
වෙ ද?
සීගිරි ගී 279
අර්ථය :- තොප (කෙරෙහි) සිත් ඇදී, යම්තම් සැපයක් දකිමින් ජනයා මෙහි ආයේ වී නමුත්,
(තොපගේ හැසිරීමෙන්1 ඔවුන්ගේ සිත් අධෛර්යාමත් 2 වනු නො වේද ?
1. අසරිනි. (සං. ආචාර) 2. පියන්නෙ. √ පිය (සං. ප්ර් + √ හා. පා. පහියති) අනාථ කිරීම,අත්හැර
දැමීම, යනාදී අර්ථත ලැබේ. ‘මන පියන්නෙ’ යනු මෙහි ‘සිත් වෙනස් කිරීම්’ යන අර්ථැය දෙයි.
325. මහ(ගම) (මි)හින්ද්මි ලීමි. පෙසෙත වැළැන්දුෙණ සෙය් ගිළිහෙන සෙය් පිරික්සත් සිලිගි ගිය
(මු)ත්වෙළැ මෙ ඇස්හි සිට්මින් බලත්වය්.
අන්වය :- පෙසෙන වැළැන්දුවණ සෙය් ගිළිහෙත සෙය් පිරික්සත්, ඇස්හි සිලිහි ගිය මෙ මුත්වෙළැ
සිටිමින් බලත්වය්.
ර් මි න්ද් ත් මි මි
අර්ථය :- මහගම මිහින්ද් (නමැත්තා) වෙමි. (මෙය) ලීමි.
(මෙවුන්) පසක වැලඳී සිටි ආකාරයද 1 ගිළිහෙන ආකාරයද පරීක්ෂාුකරන 2 කල, ඇස් හමුයෙහි
ගැලවී විසිර යන 3 මේ මුතු වැළ, මෙහි සිටිමින් බලත්වා !
වෘත්තය - යා ගී.
280. සීගිරි ගී
326. මගුණ් අග්බොය්මි ලීමි. නො මෙ සැනැහැති බැවෙක් පෙ(නෙ)ය බැලු බැලු ඇස්හි
ඔහු මළ
කල්හි හයි නොහළහු. අත්හි ලු මල්දම්.
අන්වය :- බැලු බැලු ඇස්හි සැනැහැනි බැවෙක් නො මෙ පෙනෙය. හයි! ඔහු මළ කල්හි (තොපි)
අත්හි ලු මල්දම් නොහළහු
අර්ථය :- මගුණ් (නම් ස්ථානයෙන් පැමිණි) අග්බොය් නමැත්තා වෙමි. (මෙය) ලීමි.
බැලූ බැලූ ඇසකම සෙනෙහෙ ඇති බවක් නොම පෙනෙයි. හා! ඔහු මළ කල්හි (පවා තොපි)
අත්හි ලූ මල්දම් ඉවත නොදැමුවාහුය.
වෘත්තය - කව් ගී
තනපට් වෙළ සරග්මල් සිහිලස් කොට් ලූ දැකැ මන ම නියැළැ බෙයනද්හි රන්වනක් දිග්නෙත්.
අන්වය :- සිහිලස් සරග් මල් තනපට් වෙළ කොට් ලූ දිග් නෙත් රන්වනක් බෙයන්ද්හි දැකැ, ම
මන නියළැ.
සිහිල සඳහා සුවඳ මල්1 තන පටෙහි වෙළාගත් රන්වන් දිගැසියක බෙයදෙහි දැක මගේ සිත
දොම්නස් විය. 2
සීගිරි ගී 2813
ස් ල් වි න් න්ද්
ඇය හිසිනි ගු(ළු) කෙස්මල් සු(ළගැ ජි)වි බෙවෙන් (අතැ) බෙයන්ද්හි පිළිබිබ් කතු අම්බුයු ගත්
මල්දම්.
අන්වය :- කෙස්මල් ඇය හිසිනි ගුළු සුළගැ ජිවි බෙවෙන් බෙයන්ද්හි පිළිබිබ් කතු අම්බුයු මල්දම්
අතැ ගත්.
කෙශයෙහි (දැවටි) මල් ඇයගේ හිසින් පත්තව1 සුළඟෙහි දිව කිය බැවින්, බෙයදෙහිවූ චිත්ර
යෙහි (සිටි) රූමත් කාන්තාව2 මල් දමක් අතින් ගත්තාය.
1. ගුළු √ ගළ. (සං. √ ගල් - ‘ගිලිහීම්) අර්ථ යි.) 2. කතු අම්බුයු. කත් = සං. කාන්ත.
වෘත්තය - කව් ගී
329. ස්වස්ති
අන්වය :- බෙයන්ද්හි මි ලැසි අතින් ගෙනැ තුබු මහනෙල බලය් බසක් නො මෙ දුන් වෙයිදු, දුන්
සෙය්.
බෙයදෙහි මියුලැසිය, අතින් ගෙන තුබූ මහනෙල (දෙස) බලා බසක් නොම දුන්නේ වුවද, දුන්
සේම වෙයි. 282 සීගිරි ගී
වෘත්තය - යා ගි
330. නොගන්න වර් අනුන් නොහන්දු නනු කළා වෙනු ම නොසහනා අ(යෙ)කි එනු වනිනැන්දිුනි
ලද් වන තී
අන්වය :- අනුන් නොගන්න වර් නොහන්දුනනනු කළා වෙනු. ‘එනු ම නනොසහනා අයෙකි’ තී
වනිනි ඇන්දිදති ලද් වන.
අර්ථය :- අනුන් (පිළි) නොගන්නා කල, (ඔවුන්) නොහඳුනන සෙයින් (සිටිය යුතුය). 1 “එන
තැනැත්තා 2 මා නොකැමැති අයෙකි” යි (සිතමින් මෙන්) (මගේ) සැටියෙන්ම3 ති (මා) හඳුනාගත්
4 බඳුය.5
1. මින් අදහස් වන්නේ, යම් අයකු භාරගැනීමට අකමැති නම් ඒ තැනැත්තා ඔහුව
නොහඳුනන්නකු මෙන් සිටිය යුතු බවය. 2. එනු
3. වතින් (සං. වර්ණ ණ) ආකාරයෙන්ම,
සැටියෙන්ම 4. ඇන්දි. √ අඳුන. (සං. සං. + ජානිත). 5. තමන්ට රිසිනොවන අයකු බව දුටු සෙයින්,
ගීය ලියූ තැනැත්තා නොහඳුනන්නකු සෙයින් කාන්තාවන් නිසලව සිටි බව මෙයින් අදහස් වේ.
ක් ර් ක් සේ ච් ත්
වෘත්තරය - දෙවන පාදයෙහි අවසාන අක්ෂශරය දීර්ඝයක් සේ උච්චාරණය කළ හොත් යා ගී
විරිත ලැබේ.
අ(මඩ)ක් ලෙඩ් (සි)නොව් වරල් නිල්වලා සිහිල් ලබු ගැහැනි මය පෙලෙබු දී මන්ද්සිනා බැල්ම(ක්)
සීගිරි ගී 283
අන්වය :- අමඩක් ලෙඩ් සිනොව්, සිහිල් නිල්වලා ලබු වරල් ගැහැනි, මන්ද්සිනා බැල්මක් දී මය
පෙලෙබු. අර්ථය :- යහපතක් වේවා! සමන් (නමැත්තා) ගැයූ ගීයයි.
කොමඬු (ගෙඩියක1) බීජ පඞ්ක්තියට 2 බඳු සිනාවද,3 සිහිල් නිල්වලා බඳු එල්බෙත 4 වරලද
ඇති ගැහැනිය, මඳ සිනා සහිත බැල්මක් දී මා පෙලඹුවාය.
1. අමඩක්. (පා. ආමණ්ඩක) කොමඩු,
කැකිරි
2. ලෙඩ්. (සං. ලොෂ්ට්රක පා. ලෙඩ්ඩු)
3. සිනොව්. (සං. ස්මයන.) *සිනාව> *සිනොව >
සිනොව්. 4. ලබු. (සං. ලම්බිත)
අන්වය :- නුයුන් මහනෙල්, තොල් බන්දු වද, සිනා කොන්ද්, ගමන හසකත, තොප ගත මෙනි.
දිගැසිනි සිනා ලද වී .
අර්ථය :- නුවන්වලින් මහනෙල්ද, තොලින් බඳුවද (මල්) ද, සිනාවෙන් කොඳ (මල්)ද, ගමනින්
හංස ධෙනුවද, තොප (විසින්) ගත් බඳුය. තොප දිගු ඇසින් සිතාවක්ද ලබන ලද්දේ විය.
වෘත්තය - යා ගී.
333. මහවලවැසි දළසෙන් පැවිජන ගී. ඔයුන් පැති තමහට් නැත ජ හොත් අස්වැසිලි
මිනිස්අසරැය්1 මිනිසුන් දැක්මෙ ඇසරැය් ම හැදවෙය. 284 සීගිරි ගී
අන්වය :- ඔයුන් පැති හොත් තමහට් අස්වැසිලි තැනජ මිනිස් අසරැය් 2 මිනිසුන් දැක්මෙ ඇස්
අරැය් ම හැදවෙය.
ඔවුන් පැතු මාහට (තමහට) අස්වැසිලි නොමැති වුවද, මනුෂ්යපවාසයකැයි (සිතා) මිනිසුන්
දැකුමට ඇස් මෙහෙයූ මම ඔවුන් වෙතට අදිනු ලබයි.
වෘත්ත - දෙවැනි හා සතරවැනි පාදයන්හි අවසාන අක්ෂරර දීර්ඝඅ සේ ගතහොත් දුවඟ ගී විරිත
ලැබේ.
අන්වය :- මහනෙල් වන හය් හුන් රන්වන නිල්කට් රොළ මලෙකැ ඇවුණු වැට්කොළ මල සෙය්
සැන්දැනගැ සිහි වෙන්නෙය්.
අර්ථය :- මහනෙල් වන්(තැනැත්තිය ) සමග හුන් රන්වන් (තැනැත්තිය) නිල් කටරොළු මලෙක
ඇවිණි වැටකොළු මල මෙන් සන්යාෙ වේදී සිහිපත් වෙයි.
1. සැන්දැි + අග.
සීගිරි ගී 285
වෘත්ත්ය - 4 වැනි පාදයෙහි මාත්රාශවක් අධිකව ඇති හෙයින් යාගී විරිත නොලැබේ. දුවඟ ගී
විරිත සඳහා මාත්රා වක් අවශ්ය ව පවතී. ලෙඛකයාගේ ප්රාමාදයෙකින් අක්ෂයරයක්
නොලියවි ගියේ නම්, දුවග ගී විරිතින් රචනා වූවකැයි කිව හැක්කේය.
අන්වය :- ගල් බෙයන්දන වුසූ හිමබියැක අවුජු බලයු මින්දි බියෙන් ! ගැහැනිහු එත වටැ ගිය
සෙය්ති පැනෙයි.
අර්ථය :- ගල් බෙයද විසූ කාන්තාවක 1 දෙස බලන්න. උඩඟු තැනැත්තියෙනි!2 ගැහැනුන් (මෙහි)
එත කල්හි තොප වටයෙන් 3 ගිය සේ පෙනෙයි.
අනිකුත් ගැහැණුන් එන කල්හි ඔවුන් සමුවීටම නොකැමති හෙයින්දෝ ඔවුන් මග හරිමින් සීගිරි
කතුන් පව්ව වටා ගිය බවක් මින් අදහස් වෙයි.
අන්වය :- ලී කෙනෙක් දත් නො වෙ. තමන් මෙන් මෙ දෙඩි නියා! රනමොනර වන බිත අව එ පතු
කොස් ද නටයි ගියෙ.
(මෙය) ලී තැනැත්තා (කවරේදැයි) නොම දැනේ. තමන් (විසින් ලියූවක් මෙන්) ඔහු දෙඩු නියාව! රන
මොනරා වන පෙදෙසට පැමිණි කල, එතනට (පත්) කොවුලාද 1 නටා ගියේය.
1. කොස් - කැටපත් පවුරෙහි මේ වචනය කියවා ගෙන ඇති ආකාරය සැක සහිතයි.
වෘත්තය - යා ගී.
337. ස්වස්ති
කළ මෙ වරජක් නැතජ් මෙසෙ උනො හිමියම්බුයෙන් පලන්දු මෙ මල් කඬ් සිරිබර්නි ලබුයට් අත්
රුකුරයු
අනුරා ගී
අන්වය :- කළ වරජක නැතජ් මෙසෙ මෙ උනො. හිමි යම්බුයෙන්! පලන්දු මෙ මල් කඩ් සිර්බර්නි
අත් ලබුයට් රුකුරයු.
කළාවූ වරදක් නැතද මෙසේම (සිදු)වීය. කාන්තාවෙනි! (මව්සින්) (තොපට) පැලඳවු මේ මල්
කඩෙහි ශ්රිව භාරය (සඳහා) තොප අත්, පිපුණු මල් කිනිත්ත 1 දෙස දිගු කරවු 2 අනුරා
(නමැත්තාගේ) ගී යයි. සීගිරි ගී 287
338. .i බෙයදහි රන්වනින් තොප ජල උදහ මා කුමට් නොජත්තමහ මනා සෙ ඔරම කැරැ ඇසිරැස්
ආනට්
ය් න් මි බි ය් ය්
.ii නො මෙ බණත අ මා අයදි මෙසෙය් උගැන්වූ මිදිබි කරම ම(ය්) මෙසෙය් අවුජු අනුරා කියු
සෙය්නි
.ii මය් නො මෙ බණත මිදිබි කර මෙසෙය් අම අනුරා කියු සෙය්නි අවුජු අයදි උගැන්වු.
අර්ථය :- .i බෙයදෙහි රන්වන් (කතුනි!) තොපගේ උදහස කවර හෙයින් මා දවාදැයි1 මනාසේ
නොදත්තෙමු. (තොප) ඇසුර (පතා) ආ අයට (එසේ) නොකරවු 2
.ii මා සමග කථානොකරන අහංකාර තැනැත්තිය 3 වෙත මෙසේ පැමිණි මා (විසින්) අනුරා කියූ
සෙයින් මෙසේ අවුත් අයැදුමක් ඉදිරිපත් කැරිණි. 4
.ii සතරවන පාදයෙහි අවසාන අක්ෂබරය දීර්ඝයක්සේ ගත හොත් බමර ගී විරිත යි.
අන්වය :- තමහට ඇලුම නැති ගැහැනිනට නුබ කළ සෙනෙ කියවිටි අයුර ලියවන්නෙ. සිතවැටි
පහරවු.
සෙනුල (නමැත්තා ගේ) ගීයයි. තමහට ඇලුම් නැති ගැහැනුන්ට තොප කළ සෙනහය, කියවිය
යුතු අයුරින් ලියවන්නේය. (තොපගේ) චිත්ත ස්වභාවය පළකරවු.
සීගිරි ගී 289
අන්වය :- කැළැකිර්ලි ගමනැ, ළ සොව් තැව්ලි තුනුවත්, කත් ලි නුයුනින් අස්වැස්ලි කොට්,
බෙයන්ද් තොමො හළ්
ර් ත් න් ත් ගේ
අර්ථය :- පරත්තැ සෙන් (නමැත්තාගේ ) ගී යයි.
(සිත) කළකිරුණු සවභාවය ගමනින්ද, හෘදය ශොකය හා තැවලිය වැහැරැණු මුහුණින්ද 1 (පළ
කෙරෙන) ශොභන කාන්තාව 2 නෙතින් කඳලු 3 ධාරා වගුරුවා, 4 පර්වෙත ප්රාලන්තය
තොමෝම හැර දැමුවාය.
341. පෙරෙ කල්හි පින් නොකොට සිටියනහ(ට නො)මෙ(වු) රතගුරෙබු රන් ගිනියම් නො දත් (වි)
ද කා නො මුයු(න්)
අන්වය :- මෙ වු පෙරෙ කල්හි පින් නොකොට සිටියන හට නො? රත්ත අගුරෙ එබු රන් ගිනියම්
කා නො දත් වි ද? මුයුන් නො.
විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂහයේ අවසාන භාගය හෝ 9 වෙනි ශතවර්ෂ යේ මුල් භාගය
විය හැකිය.
වෘත්තය - පළමුවන පාදයෙහි අවසාන ‘නො’ අක්‍ෂරය දීරිඝයක් සේ උච්චාරණය කළහොත් යාගී
විරිත ලැබේ.
19
290 සීගිරි ගී
අන්වය :- උඩුහුරු ලත්, (ම)වෙත් නෙත් හැජ බලත නුර ලැබුයෙ දෙන ලබය, නෙත් අරතර්
කරවත, තොරො වි යනු.
අර්ථය :- වැලපෙන 1 (මා)වෙත (ඇය) නෙත් ඇද බලන කල්හි (ම විසින්) අනුරාගය ලබන
ලද්දේය. (ඇගේ ප්රේ(මය නමැති) දීමනාව 2 ලබා, (ඇය) තෙත් දැඩී කරන 3 සඳ, ඉවත් වි යන්න 4
1. උඩුහුරු.
2. දෙන ලබය දෙනු ලබා යනු අර්ථගයි 3. අරතර් කරවන 4. කාන්තාව දුටුවිට මොහු
හැඬු හෙයින් එවිට ඇය අනුරාගික බැල්මක් හෙලූ බව මේ පද්ය යේ පළමුවන කොටසින් අදහස්
වෙයි.
වෘත්තය - තුන්වැනි, සතරවැනි පාදයන්හි අවසාන අක්ෂ ර දීර්ඝසේ ගතහොත් යාගී විරිතයි.
ළ් ටි න්
343. හිසැනීලි මෙ ලී.
කනැපතැ පෙරැන සැජු යොහොමු දැන්
නන නිලි(තෙ)මෙ හෙළ්පටි(න්) අත
මල් දැමි තොමො (ඔ) මූකා වෙය් සිහිගිරි.
අන්වය :- කනැපතැ පෙරැන සැජු යොහොමු දැන් තෙමේ තන නිලි. හෙළ පටින් තොමො අත මල්
දැමි. ඔ සිහිගිරි මුකා වෙය්.
සීගිරි ගී 291
වෘත්තය - සතරවැනි පාදයේ අවසාන අක්ෂ රය දීර්ඝයක් සේ ගතහොත් දුවග ගී විරිත ලැබේ.
344. (ස්ව ස්ති) (බෙයන්ද්) ඔයුන් නැගී බලය් මෙයද් සිට්වය් නො මෙ බණනු කෙළ කෙසෙය
කසබුරජ් එදවස් මෙ(න්).
අන්වය :- ඔයුන් එදවස් කසුබු රජ් මෙන් බෙයන්ද් නැගී මෙයද් බලය්, සිට්වය්, නො මෙ බණනු
කෙසෙය කෙළෙ?
292. සීගිරි ගී
ඔව්හු, එ දවස කාශ්යතප රජු මෙන්, බෙයදට නැගී මැයද බලා, (එසේම) සිටුවා, කථා නොම
කරන අයුරින් (තැබීම) කෙසේ නම් කළාහුද ?
විස් ර්
විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂරය
වෘත්තය - කව් ගී
අන්වය :- වරතන! තොප නුයුන මහනෙලැ ගිජ, සසනින්දී බැලමෙ පුලුන්දුන, මයි මෙනෙ
කෙබන්දී හෙජි කෙළෙ, බැලමට ආ නු ?
අර්ථය :- උතුම්වූ මුහුණක් ඇත්තීය ! තොප නුවන් මහනෙල්හි ගිජුව, සසිනිඳු බැලුමෙහි ලෝභීවූ
1 (හෙයින්) මා සිත කෙබඳු (අයුරින්) ඇදුනේද (යතහොත්) (තොප) බැලීමට ආයේ නොවේද ?
පොය් (නමැත්තා) ලියූ ගීයයි )
වෘත්තය - එලු සඳැස් ලකුණෙහි නොලැබෙන විරිතකි. දෙවැනි පාදය එක් මාත්රාුවකින් ඌන වී
නම් යා ගී විරිතයි.
346. මෙහි (ජ)නා මෙ කරන පියවි ද (සි)රජුන් ඇරැ නුව නින්ද්නිල්මිණි තොප දකුන් නො මෙ
ඇසිරැ කළමො
අන්වය :- ‘සිරජුන් ඇරැ මෙහි මෙ ජනා කරන පියවිද’? ‘තොප ඉන්ද්තිල්මිණි නුවන් දකුත් නො
මෙ ඇසිරැ කළමො’.
සීගිරි ගී 293
අර්ථය :- ‘සිංහ රාජයා තබා,1 ජනයා (විත්) මෙහි මේ කරන (දේ) ස්වභාවිකද?’2 ‘තොප
ඉඳුනිල්මිණි නුවන් දකින කල, (ඔහු) නොම ඇසුරු කළෙමු.’ 3
වෘත්තය - කව් ගී
අන්වය :- ගිරිතෙලෙ සිට්මින් තමා පැහැන් පැහැයම්නි, කුම් සෙයින් වහමිද ? නො ජැනෙය්.
වර්වන් දිගැස !
අර්ථය :- සෙන් - පවු (නම් ස්ථානයෙන් පැමිණි) දෙව් (නම්) පැවිද්දාගේ ගීයයි. යහපතක් වේවා!
ගිරිතෙලෙහි සිටිමින් තම පැහැයෙන් (එය) පැහැපත් කරමින් (සිටින තොප දැකුමෙන්) කවර
අයුරින් වෑවෙම්ද ? (එය මට) නොදැනේ. උතුම් පැහැයක් ඇති දිගැසිය !
348. ස්වස්ති . රුහුණින් ආ උපතිස්පැවිජමි ගි(ය) ලීමි. කියත් බොහො ජෙන අන්ද්ව (මෙහි) ඇත
නොබණන්නන් බණ(ත සෙ)ය මැ කරමො ය යි බෙයන්දතහි අරත සෙයි කියයි.
294 සීගිරි ගී
අන්වය :- ‘බණත සෙයි මැ කරමො’ යයි බෙයන්දයහි අරන සෙයි කියයි ‘මෙහි නො බණන්නන්
අන්ද්ව ඇත’ බොහො ජෙත කියත්.
අර්ථය :- යහපතක් වේවා! රුහුණින් ආ උපතිස් (නම්) පැවිද්දා වෙමි. (මේ) ගීය ලීමි.
‘මැය කථා කරන (තැනැත්තියක) සේම කරමු’1 බෙයදට නැගෙන 2 අදහස 3 මෙසේ කියා ‘මෙහි
කථා නොකරන්නවුන් අඳවා ඇත’ යි බොහෝ ජනයා කියත්.
වෘත්තය - ප්රකථම පාදය ‘න්ද්’ යන්නෙන් කෙළවර වන සේ ගෙන, සතරවැනි පාදයෙහි අවසාන
මාත්රා ව දීරිඝයක් සේ උච්චාරණය කළහොත් දුවඟ ගී විරිත ලැබේ.
අන්වය :- අසද්දති! විල නො අසල වලු බර ලු මුකරුස් සිටින මෙන්, අසල ගෙය තිබිද මෙ
නටබිත ගතු වී (මෙ).
සීගිරි ගී 295
.i බෙයන්ද් හෙළිල්ලන් සිටි මන්ද්සිනා සොබ්නා බණය් ඇ විසි මල කෙළි සිහි නැ වහලට් කුම්
පිරික්සි
අන්වය :- .i මන්ද්සිනා සොබ්නා හෙළිල්ලන් බෙයන්ද් සිටි. ඇ විසි මල කෙළි බණය්. සිහි නැ.
වහලට් කුම් පිරික්සි ?
.ii බෙයන්ද් මල්දම් ගත් සොබි ගැහැනි ලියක් මත ගත්තෙයින් ම මත නමා අර්වත් අන්නට් නො
දින්මි.
296. සීගිරි ගී
.ii බෙයදෙහි මල්දම් ගත් ශොභන 7 ස්ත්රීි ලතාවක් 8 මා සිත ගත් නමුත් (ඔවුන්) මා සිත නමා
හැරගන්නා 9 කල (එය) අන් අයට නුදුන්නෙමි.