You are on page 1of 1

කීලක යනු

යම් කිසි කරුනක් නිවේදනය කරන භාවය, අධිපති සහ කාරක ග්‍රහයා යන කරුනු සියල්ල එක් වර පීඩා වීම,
ජන්මියාගේ එම කාරකත්වය සම්පූර්නයෙන්ම අක්‍රිය වීමට හේතු වන අතර, මෙය පසුගිය භවයක සිට පැමිනෙන
ඉතාමත් බලවත් අකුසල කර්මයක ප්‍රතිඵලයක් ලෙස සැලකිය යුතු වේ. ග්‍රහ දෘෂ්ඨිය ඉච්ඡ ශක්තිය හෙවත් තද බල
තෘෂ්නාව නිවේදනය කරන හෙයින් ප්‍රතිඵල ලබා දීම සදහා අතිශයින්ම ප්‍රබල වේ. උදිහරනයක් වශයෙන් කුජ සෑම
විටකම කෝපයෙන් සිටින අතර, එකී කෝපය තමා දෘශ්ඨි ලබා දෙන භාවය වෙත එල්ල කරමින් සිටී, සෙනසුරු
අධික ලෙස සොවින් තැවෙන අතර, තමා දෘශ්ඨි ලබා දෙන භාවය තුලින් එම සෝකය ජන්මියා විදිය යුතු වේ. රාහු
තද බල තිගැස්වීම් මෙන්ම පලිගැනීමේ ආශාවන් නිවේදනය කරන අතර, එකී අරමුන රාහු ඉටු කරගන්නේ තමා
දෘශ්ඨි ලබා දෙන භාවයන් තුලිනි. මේ අනුව යම් ජන්මියෙක් පසුගිය භවයකදී කිසිවෙකුගේ කෝපයට, සෝකයට
හෝ ද්වේෂයට එල්ල වූයේ නම්, ඒ ඔස්සේ ජන්මියාගේ ජීවිතයේ එක් අංශයක් ක්‍රියාත්මක වීමෙන් වැලකී .තිබෙන
අතර, ඒ හේතුවෙන් ශාරීරික පීඩා, මානසික පීඩා පමනක් නොව, ඕනෑම ආකාරයක පීඩාවන් වලට යටත් වීමට
ජන්මියාට සිදු වනු ඇත. දෘශ්ඨියෙන් පීඩා විදින ග්‍රහයා විසින් ශාපය කරන ලද පාර්ශවය පෙන්වන අතර, එම ග්‍රහයා
ශුභයෙක් වු තරමට ලබන පීඩාවද විශාල වේ. පීඩා වු ග්‍රහයා ගුරු නම්, ජනමියා වෙතින් පෙර භවයේ පීඩාවට පත් වී
ඇත්තේ ගුරු විසින් නිවේදනය කරන ආකාරයේ අධික සාත්වික ගුනයෙන් හා දැනුමෙන් යුතු සාදුවරයෙක් වැනි
අයෙක් වන අතර, පීඩා වු ග්‍රහයා සිකුරු නම් ස්ත්‍රියක් හෝ පසුගිය භවයේ බිරිද හෝ සැමියා විය හැක. පීඩා වු ග්‍රහයා
සඳු නම්, එකී අප්‍රසාදය මවගේන් පැමිනේ. සඳු ජල තත්වය නිවේදනය කරන අතර, ජන්මියාගේ මානසික තෘප්තියට
සඳුගේ ප්‍රබල වීම අත්ත්‍යාවශය කරුනක් වේ. එන්සා සඳුගේ පීඩා වීම, මෙම භවයේ මවගේ ආශිර්වාදය අහිමි වීමට
හේතුවක් වනු ඇත. ප්‍රවෘජ්ජා යෝගයක් සදහා මූලිකම අවශ්‍යතාවයක් වන්නේ ජල ග්‍රහයන් පීඩා වීම වන අතර,
මෙම පදනම මත සඳු හා සෙනසුරුගේ සම්භන්ධතාවය ප්‍රවෘජ්ජා යෝග ලබා දේ.

සියලු සත්වයින් ජන්මය ලබනුයේ කරන ලද පාප කර්මයන් ගෙවීමට වන අතර, එම කෝනයෙන් පරීක්ෂා කරන
විට, කිසිම උපතක් වාසනා වන්ත නොවේ. අප සියලු දෙනා අති විශාල පාප කර්මයන් කර ඇති අතර, මෙම මනුෂ්‍ය
ජීවිතය, කරන ලද පාප කර්මයන් ආපසු ගෙවීමට අප හට ලැබුන අවස්තාවක් පමනක් වන බව අප දැන ගතයුතුය.
මේ අනුව, සෑම ජන්ම පත්‍රයක්ම පසු ගිය භවයේ කරන ලද පාප කර්මයන් නිවේදනය කරන බව අප හට අත්දැකිය
හැකි අතර, වීශේෂයෙන් සැමට සූදානම් එම නිසාය. කරූ හීන්කෙන්ද මහතා විසින් රචිත පොත පත ඇසුරින්

You might also like